යෙදුමෙන් කියවන්න

24. සාමණෙරානං වත්‍ථු අට‍්ඨකථා

24. සාමණෙරානං වත්‍ථු

24. විසිතුන් වැනි වු සතර සාමණේරයන් පිළිබඳ වූ කථා පුවත

අවිරුද‍්ධන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චත‍්තාරො සාමණෙරෙ ආරබ‍්භ කථෙසි.

“අවිරුද්ධං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සාමණේරවරුන් සිව් නමක් පිළිබඳව දේශනා කළහ.

එකා කිර බ්‍රාහ‍්මණී චතුන‍්නං භික‍්ඛූනං උද‍්දෙසභත‍්තං සජ‍්ජෙත්‍වා බ්‍රාහ‍්මණං ආහ – “විහාරං ගන‍්ත්‍වා චත‍්තාරො මහල‍්ලකබ්‍රාහ‍්මණෙ උද‍්දිසාපෙත්‍වා ආනෙහී”ති. සො විහාරං ගන‍්ත්‍වා “චත‍්තාරො මෙ බ්‍රාහ‍්මණෙ උද‍්දිසිත්‍වා දෙථා”ති ආහ. තස‍්ස සංකිච‍්චො පණ‍්ඩිතො සොපාකො රෙවතොති සත‍්තවස‍්සිකා චත‍්තාරො ඛීණාසවසාමණෙරා පාපුණිංසු. බ්‍රාහ‍්මණී මහාරහානි ආසනානි පඤ‍්ඤාපෙත්‍වා ඨිතා සාමණෙරෙ දිස‍්වාව කුපිතා උද‍්ධනෙ පක‍්ඛිත‍්තලොණං විය තටතටායමානා “ත්‍වං විහාරං ගන‍්ත්‍වා අත‍්තනො නත‍්තුමත‍්තෙපි අප‍්පහොන‍්තෙ චත‍්තාරො කුමාරකෙ ගහෙත්‍වා ආගතොසී”ති වත්‍වා තෙසං තෙසු ආසනෙසු නිසීදිතුං අදත්‍වා නීචපීඨකානි අත්‍ථරිත්‍වා “එතෙසු නිසීදථා”ති වත්‍වා “ගච‍්ඡ, බ්‍රාහ‍්මණ, මහල‍්ලකෙ ඔලොකෙත්‍වා ආනෙහී”ති ආහ. බ්‍රාහ‍්මණො විහාරං ගන‍්ත්‍වා සාරිපුත‍්තත්‍ථෙරං දිස‍්වා “එථ, අම‍්හාකං ගෙහං ගමිස‍්සාමා”ති ආනෙසි. ථෙරො ආගන‍්ත්‍වා සාමණෙරෙ දිස‍්වා “ඉමෙහි බ්‍රාහ‍්මණෙහි භත‍්තං ලද‍්ධ”න‍්ති පුච‍්ඡිත්‍වා “න ලද‍්ධ”න‍්ති වුත‍්තෙ චතුන‍්නමෙව භත‍්තස‍්ස පටියත‍්තභාවං ඤත්‍වා “ආහර මෙ පත‍්ත”න‍්ති පත‍්තං ගහෙත්‍වා පක‍්කාමි. බ්‍රාහ‍්මණීපි “කිං ඉමිනා වුත‍්ත”න‍්ති පුච‍්ඡිත්‍වා “එතෙසං නිසින‍්නානං බ්‍රාහ‍්මණානං ලද‍්ධුං වට‍්ටති, ආහර මෙ පත‍්ත”න‍්ති අත‍්තනො පත‍්තං ගහෙත්‍වා ගතො, න භුඤ‍්ජිතුකාමො භවිස‍්සති, සීඝං ගන‍්ත්‍වා අඤ‍්ඤං ඔලොකෙත්‍වා ආනෙහීති. බ්‍රාහ‍්මණො ගන‍්ත්‍වා මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරං දිස‍්වා තථෙව වත්‍වා ආනෙසි. සොපි සාමණෙරෙ දිස‍්වා තථෙව වත්‍වා පත‍්තං ගහෙත්‍වා පක‍්කාමි. අථ නං බ්‍රාහ‍්මණී ආහ – “එතෙ න භුඤ‍්ජිතුකාමා, බ්‍රාහ‍්මණවාදකං ගන‍්ත්‍වා එකං මහල‍්ලකබ්‍රාහ‍්මණං ආනෙහී”ති.

එක් බැමිණියක් භික්ෂූන් සතර නමක් උදෙසා බත් උයා මහල්ලක බ්‍රාහ්මණයින් සිව් දෙනෙක් උදෙසීම පිණිස වඩමවා ගෙන එන්නයි තවත් බමුණෙකුට කීය. ඒ බමුණා විහාරයට ගොස් මට බ්‍රාහ්මණයන් සතර නමක් දෙන්නැයි පැවසුවේය. එහි සංකිච්ච පණ්ඩිත සෝපාක - රේවත යන සත්ත්වයන් ඇති සාමණේර රහතන් වහන්සේලා පැමිණියාවුහ. බැමිණිය මහ උසස් අසුන් පනවා බලා සිට සාමණේර තෙරවරු දැක කෝපයට පත්ව ලිපට දැමු ලුණු සේ කටකට ගා වෙවුලුවේ විහාරයට ගොස් තමන්ගේ මුණුබුරන් තරම්වත් නැති පොඩිවුන් සතර දෙනෙක් ගෙන ආවේයයි ඔවුන්ට ඒ ආසනවල වාඩි වීමට ඉඩ නොදී පහත් පුටු අතුරා මේ අසුන්වල වාඩිවෙන්නැයි කියා බ්‍රාහ්මණය යන්න මහළු භික්ෂූන් බලා ගෙන එන්නැයි පිටත් කළාය. බමුණා ගොස් සැරියුත් තෙරුන් දැක වඩින්න අපේ නිවසට වඩින්නැයි කැඳවාගෙන ආවේය. තෙරුන් පැමිණ සාමණේර භික් ෂූන් දැක මේ බ්‍රාහ්මණයින් විසින් දානය ලබන්නට ඇතැයි විමසා නො ලද බව අසා සතර නමකට ආහාර පිළියෙළ කළ බව අසා මගේ පාත්‍රය ගෙන එන්නැයි ඉල්ලාගෙන ආපසු වැඩම කළහ. බැමිණිය ද මෙසේ වූයේ කිමදැයි විචාරා, සතර දෙනකුට පිළියෙළ කළ දානය බැවින් ආපසු ගිය බව දැන, වහා ගොස් වෙනත් මහළු භික්ෂූන් සතර නමක් වඩමවාගෙන එන්නයි යැවීය. එහිගිය බමුණා මුගලන් තෙරුන් දැක එලෙසට කියා කැඳවාගෙන ආවේය. උන්වහන්සේ ද සාමණේරවරු දැක එලෙසටම කියා පාත්‍රය ගෙන වැඩම කළේය. අනතුරුව ඇය බමුණාට මෙසේ කීවාය. බ්‍රාහ්මණ බමුණු අරමකට ගොස් එක් මහළු බමුණෙක් කැඳවාගෙන එන්නැයි

සාමණෙරාපි පාතොව පට‍්ඨාය කිඤ‍්චි අලභමානා ජිඝච‍්ඡාය පීළිතා නිසීදිංසු. අථ නෙසං ගුණතෙජෙන සක‍්කස‍්ස ආසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො ආවජ‍්ජෙන‍්තො තෙසං පාතොව පට‍්ඨාය නිසින‍්නානං කිලන‍්තභාවං ඤත්‍වා “මයා තත්‍ථ ගන‍්තුං වට‍්ටතී”ති ජරාජිණ‍්ණො මහල‍්ලකබ්‍රාහ‍්මණො හුත්‍වා තස‍්මිං බ්‍රාහ‍්මණවාදකෙ බ්‍රාහ‍්මණානං අග‍්ගාසනෙ නිසීදි. බ්‍රාහ‍්මණො තං දිස‍්වා “ඉදානි මෙ බ්‍රාහ‍්මණී අත‍්තමනා භවිස‍්සතී”ති එහි ගෙහං ගමිස‍්සාමා”ති තං ආදාය ගෙහං අගමාසි. බ්‍රාහ‍්මණී තං දිස‍්වාව තුට‍්ඨචිත‍්තා ද‍්වීසු ආසනෙසු අත්‍ථරණං එකස‍්මිංයෙව අත්‍ථරිත්‍වා, “අය්‍ය, ඉධ නිසීදාහී”ති ආහ. සක‍්කො ගෙහං පවිසිත්‍වා චත‍්තාරො සාමණෙරෙ පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා තෙසං ආසනපරියන‍්තෙ භූමියං පල‍්ලඞ‍්කෙන නිසීදි. අථ නං දිස‍්වා බ්‍රාහ‍්මණී බ්‍රාහ‍්මණං ආහ – “අහො තෙ ආනීතො බ්‍රාහ‍්මණො, එතම‍්පි උම‍්මත‍්තකං ගහෙත්‍වා ආගතොසි, අත‍්තනො නත‍්තුමත‍්තෙ වන්‍දන‍්තො විචරති, කිං ඉමිනා, නීහරාහි න”න‍්ති. සො ඛන්‍ධෙපි හත්‍ථෙපි කච‍්ඡායපි ගහෙත්‍වා නික‍්කඩ‍්ඪියමානො උට‍්ඨාතුම‍්පි න ඉච‍්ඡති.

මේ අතර සාමණේරවරු ද උදේ අළුයම සිට කිසිවක් නොලැබ කුසගින්නෙන් පෙළී වාඩිවී සිටියහ. උන්වහන්සේලාගේ ගුණ තෙදින් සක් දෙවිදුන්ගේ අසුන උණුවිය. ඔහු බලන්නේ ඔවුන් අළුයම සිට ක්ලාන්ත බව දැන මවිසින් එහි යාම කළ යුතුයයි ජරා ජීර්ණ මහළු බමුණෙකු ලෙසට වෙස්වලාගෙන එම බමුණන්ගේ උතුම් ආසනයේ වාඩි වුයේය. බ්‍රාහ්මණයා ඔහු දැක දැන් බැමිණිය සතුටුවේයයි සිතා නිවසට කැඳවාගෙන ගියේය. බැමිණිය ඔහු දැක සතුටුවී ආසන දෙකක ඇතිරිලි එක අසුනකට දමා ආර්යය මෙහි වාඩිවෙන්නයි පැවසුවේය. සක් දෙවිඳු ගෙට පිවිස සාමණේරවරු සිව්නමට පසඟ පිහිටුවා වැඳ ඔවුන්ගේ ආසන කෙළවර බද්ධ පර්යංකයෙන් වාඩි විය. මෙහිදි බැමිණිය බමුණාට ඔබ බ්‍රාහ්මණයෙක් නමුත් මොවුන්ගේ පියා සමාන කෙල්ලෙක් ගෙන ආවේය. නමුත් ඔහු තම මුණුබුරන් සමාන පොඩි අයට වඳියි. මට මොහුගෙන් වැඩක් නැත. බැහැර කරන්නැයි කීවාය. ඔහු කඳින්ද අතින්ද කිහිල්ලෙන්ද අල්ලාගෙන ඇද දමන්නට හැදුවත් නැගිටින්නට ද කැමති නොවීය.

අථ නං බ්‍රාහ‍්මණී “එහි, බ්‍රාහ‍්මණ, ත්‍වං එකස‍්මිං හත්‍ථෙ ගණ‍්හ, අහං එකස‍්මිං හත්‍ථෙ ගණ‍්හිස‍්සාමී”ති උභොපි ද‍්වීසු හත්‍ථෙසු ගහෙත්‍වා පිට‍්ඨියං පොථෙන‍්තා ගෙහද‍්වාරතො බහි අකංසු. සක‍්කොපි නිසින‍්නට‍්ඨානෙයෙව නිසින‍්නො හත්‍ථං පරිවත‍්තෙසි. තෙ නිවත‍්තිත්‍වා තං නිසින‍්නමෙව දිස‍්වා භීතරවං රවන‍්තා විස‍්සජ‍්ජෙසුං. තස‍්මිං ඛණෙ සක‍්කො අත‍්තනො සක‍්කභාවං ජානාපෙසි. අථ නෙසං ආහාරං අදංසු. පඤ‍්චපි ජනා ආහාරං ගහෙත්‍වා එකො කණ‍්ණිකාමණ‍්ඩලං විනිවිජ‍්ඣිත්‍වා, එකො ඡදනස‍්ස පුරිමභාගං, එකො පච‍්ඡිමභාගං, එකො පථවියං නිමුජ‍්ජිත්‍වා, සක‍්කොපි එකෙන ඨානෙන නික‍්ඛමීති එවං පඤ‍්චධා අගමංසු. තතො පට‍්ඨාය ච පන තං ගෙහං පඤ‍්චඡිද‍්දගෙහං කිර නාම ජාතං.

අනතුරුව බැමිණිය එන්න බ්‍රාහ්මණය නුඹ එක අතකින් ගන්න මම අනිකෙන් ගනිමියි දෙදෙනාම අත්දෙක අල්ලාගෙන පිටට තලමින් දොරින් එළියට කළහ. සක් දෙවිදුද හුන් තැනම සිටියේ අත පෙරලුවේ ඔවුන් නැවතී වාඩිවී සිටිනු දැක කෑගසමින් එළවා දැමුහ. එකෙනෙහි ශක්‍රයා තමන් සක් දෙවිදුබව පෙන්වීය. අනතුරුව ඔවුන්ට ආහාර දුන්නාහුය. සාමණේරවරු පනවන ලද ආහාර ගෙන එක් නමක් කැනිමඩල බිඳ වැඩියේය. එක් නමක් පියම් සේ උඩ කොටසද අනෙක් නම පසු භාගය ද එක් නමක් පොළවට කිමිදී සක් දෙවිඳු ද තවත් තැනකින් නික්ම ගොස් පස් ආකාරයකින් නික්ම ගියාහුය. එතැන් පටන් එම නිවස සිදුරු පහේ ගෙදර ලෙසට නම් කෙරුණි.

සාමණෙරෙපි විහාරං ගතකාලෙ භික‍්ඛූ, “ආවුසො, කීදිස”න‍්ති පුච‍්ඡිංසු. මා නො පුච‍්ඡිත්‍ථ, අම‍්හාකං දිට‍්ඨකාලතො පට‍්ඨාය බ්‍රාහ‍්මණී කොධාභිභූතා පඤ‍්ඤත‍්තාසනෙසු නො නිසීදිතුම‍්පි අදත්‍වා “සීඝං සීඝං මහල‍්ලකබ්‍රාහ‍්මණං ආනෙහී”ති ආහ. අම‍්හාකං උපජ‍්ඣායො ආගන‍්ත්‍වා අම‍්හෙ දිස‍්වා “ඉමෙසං නිසින‍්නබ්‍රාහ‍්මණානං ලද‍්ධුං වට‍්ටතී”ති පත‍්තං ආහරාපෙත්‍වා නික‍්ඛමි. “අඤ‍්ඤං මහල‍්ලකං බ්‍රාහ‍්මණං ආනෙසී”ති වුත‍්තෙ බ්‍රාහ‍්මණො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරං ආනෙසි, සොපි අම‍්හෙ දිස‍්වා තථෙව වත්‍වා පක‍්කාමි. අථ බ්‍රාහ‍්මණී “න එතෙ භුඤ‍්ජිතුකාමා, ගච‍්ඡ බ්‍රාහ‍්මණවාදකතො එකං මහල‍්ලකබ්‍රාහ‍්මණං ආනෙහී”ති බ්‍රාහ‍්මණං පහිණි. සො තත්‍ථ ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණවෙසෙන ආගතං සක‍්කං ආනෙසි, තස‍්ස ආගතකාලෙ අම‍්හාකං ආහාරං අදංසූති. එවං කරොන‍්තානං පන තෙසං තුම‍්හෙ න කුජ‍්ඣිත්‍ථාති? න කුජ‍්ඣිම‍්හාති. භික‍්ඛූ තං සුත්‍වා සත්‍ථු ආරොචෙසුං – “භන‍්තෙ, ඉමෙ ‘න කුජ‍්ඣිම‍්හා’ති අභූතං වත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තී”ති. සත්‍ථා, “භික‍්ඛවෙ, ඛීණාසවා නාම විරුද‍්ධෙසුපි න විරුජ‍්ඣන‍්තියෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

සාමණේරවරු ද ගිය විට භික්ෂූන් වහන්සේලා ඈත කුමක්වීදැයි විමසූහ. අපෙන් නො අසන්න අප දුටුතැන් සිට බැමිණිය ක්‍රෝධයෙන් පෙළුනේ පනවන ලද අසුන්වල අපට වාඩිවීමට ද ඉඩ නො දී වහවහා මහළු බ්‍රාහ්මණයින් ගෙන එන ලෙසට කීවාය. අපේ උපාධ්‍යායන් වහන්සේ පැමිණ ආපසු වැඩම කළහ. අනෙක් මහළු බ්‍රාහ්මණයෙක් ගෙන එන ලෙසට පැවසු නිසා මුගලන් තෙරුණුවෝ ගෙන්වූහ. උන්වහන්සේ ද අපට දැක නික්මී ගියහ. පසුව බ්‍රාහ්මණ ආරාමයෙන් මහළු බමුණෙක් ගෙන්වීය. ඔහු බ්‍රාහ්මණ වේශයෙන් ආ සක් දෙවිඳු විය. ඔහු ගිය විට අපට ආහාර දුන්හ. මෙසේ කරන අයට ඔබ නො කිපුණේද නැත නො කිපුණෙමු. භික්ෂූන් මෙය අසා තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. ස්වාමීනි මේ අය නො කිපුණේයයි අභූත බොරුවක් කියති. තථාගතයන් වහන්සේ රහතුන් වහන්සේලා නම් විරුද්ධවන්නවුන්ට ද විරුද්ධ නොවෙතියි පවසා මෙම ගාථාව පැවසුහ.

“අවිරුද‍්ධං විරුද‍්ධෙසු, අත‍්තදණ‍්ඩෙසු නිබ‍්බුතං; සාදානෙසු අනාදානං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

විරුදු ජන ඇති සබා මැද්දේ සාමයෙන් සිටිනා යමෙක් වෙද දඬු මුගුරු ගත් දනන් මැද්දේ නිරා යුද වී යමෙක් වේවිද කෙලෙස් ගහණවු පිරිස් මැද්දේ කෙලෙස් රහිතව යමෙක් වේවිද ඔහුම රහතෙකි ඔහුම බමුණෙකි නිසරු සසරින් එතර වූ

විරුද්ධ වූවන් අතර විරුද්ධ නොවුවද ගන්නා ලද දඬු ඇත්තවුන් අතරෙහි නිවුනු සිතැති, පඤ්චස්කන්ධය මමය මාගේයයි ගැනුම් ඇත්තන් අතර එබඳු ගැනීම් නැති අය බ්‍රාහ්මණ යයි මම කියමි.

තත්‍ථ අවිරුද‍්ධන‍්ති ආඝාතවසෙන විරුද‍්ධෙසුපි ලොකියමහාජනෙසු ආඝාතාභාවෙන අවිරුද‍්ධං. හත්‍ථගතෙ දණ‍්ඩෙ වා සත්‍ථෙ වා අවිජ‍්ජමානෙපි පරෙසං පහාරදානතො අවිරතත‍්තා අත‍්තදණ‍්ඩෙසු ජනෙසු නිබ‍්බුතං නික‍්ඛිත‍්තදණ‍්ඩං, පඤ‍්චන‍්නං ඛන්‍ධානං අහං මමන‍්ති ගහිතත‍්තා සාදානෙසු තස‍්ස ගහණස‍්ස අභාවෙන අනාදානං තං එවරූපං අහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි අවිරුද්ධං ආඝාත වශයෙන් විරුද්ධෙසුපි ලෞකික මහජනයන් අතර ක්‍රෝධ කිරීමෙන් විරුද්ධ නොවූ, අතින් හෝ දණ්ඩකින් හෝ, ආයුධයකින් අනුන්ට පහර දීමෙහි නො ඇලුණු - වෙන්වූ, අත්තදණෙඩසු ජනයන් කෙරෙහි, තිබ්බුතං දඩුමුගුරු ගැනීමෙන් නික්මුණු, පස් කඳ තමාගේ යයි ගන්නා, සාදානෙසු එසේ ගැනීමෙන් වෙන් වූ, අනාදානං තං එබඳු වූ, අහං බ්‍රාහ්මණට බ්‍රාහ්මණයයි කියමි යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසන බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ම පැමිණියහ.

සාමණෙරානං වත්‍ථු තෙවීසතිමං.