25. මහාපන්ථකත්ථෙරවත්ථු අට්ඨකථා
25. මහාපන්ථකත්ථෙරවත්ථු
25. මහා පන්ථක තෙරුන්ගේ කථා පුවත
යස්ස රාගො චාති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො මහාපන්ථකං ආරබ්භ කථෙසි.
“යස්ස රාගො” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටිය දී මහාපන්ථක තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සො හායස්මා චූළපන්ථකං චතූහි මාසෙහි එකං ගාථං පගුණං කාතුං අසක්කොන්තං “ත්වං සාසනෙ අභබ්බො, ගිහිභොගාපි පරිහීනො, කිං තෙ ඉධ වාසෙන, ඉතො නික්ඛමා”ති විහාරා නික්කඩ්ඪිත්වා ද්වාරං ථකෙසි.
උන් වහන්සේ ආයුෂ්මත් චුල්ල පන්ථක තෙරුන්ට සිව්මසකින් එක් ගාථාවක් ප්‍රගුණ කිරිමට නොහැකිවන්නේ නුඹ සසුනේ පිරිහුන කෙනෙකි. ගිහි සම්පත් ද පිරිහුන කෙනෙකි. මෙහි වාසය කිරිමෙන් කවර ප්‍රයෝජනයක් ද මෙයින් පිටවී යන්නැයි විහාරයෙන් එළියට දමා දොර වැසුවේය.
භික්ඛූ කථං සමුට්ඨාපෙසුං, “ආවුසො, මහාපන්ථකත්ථෙරෙන ඉදං නාම කතං, ඛීණාසවානම්පි මඤ්ඤෙ කොධො උප්පජ්ජතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඛීණාසවානං රාගාදයො කිලෙසා අත්ථි, මම පුත්තෙන අත්ථපුරෙක්ඛාරතාය චෙව ධම්මපුරෙක්ඛාරතාය ච කත”න්ති වත්වා ඉමං ගාථමාහ –
භික්ෂූන් වහන්සේලා කථාවක් ඉපදවූහ. ආයුෂ්මත් මහා පන්ථක තෙරුන් විසින් මෙබඳු දෙයක් කළේය. රහතන් වහන්සේලාට ද ක්‍රෝධ ඇති වේ. තථාගතයන් වහන්සේ පැමිණ මහණෙනි. කිනම් කතාවකින් යුතුව සිටියෝදැයි විමසා භික්ෂූන්ගෙන්ම එම කරුණ දැනගෙන රහතන් වහන්සේලාට ක්‍රෝධය ඇති නොවේ. මගේ පුතු විසින් අනාගත අභිවෘද්ධිය පෙරටුගෙන හා ධර්මය පෙරදැරි කිරීම මුල්කරගෙන මෙය කරන ලදැයි පවසා මේ ගාථාව දෙසුහ.
“යස්ස රාගො ච දොසො ච, මානො මක්ඛො ච පාතිතො; සාසපොරිව ආරග්ගා, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
ඉදිකටු මුණක අබැටක් නොරඳන ලෙස ට රා දොස් මාන මද අව ගුණ සට කප ට දුරුකොට හිතින් දැහැමින් නිවසන අය ට බමුණෙකි කියා නම් කළ හැකිමය අප ට
යම් කිසිවකු විසින් රාගය ද දෝසයද මෝහයද මානයන් ඉදිකටු අතින් ගිලිහෙන්නා වූ අබ ඇටයක් මෙන්ම හෙලන ලදද ඔහුට බ්‍රාහ්මණයයි මම පවසයි.
තත්ථ ආරග්ගාති යස්සෙතෙ රාගාදයො කිලෙසා, අයඤ්ච පරගුණමක්ඛනලක්ඛණො මක්ඛො ආරග්ගා සාසපො විය පාතිතො, යථා සාසපො ආරග්ගෙ න සන්තිට්ඨති, එවං චිත්තෙ න සන්තිට්ඨති, තමහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි ආරග්ගා යමෙකු තුළ ඇති රාගාදී කෙලෙස්, මක්ඛො අනුන්ගේ ගුණ මකන. යටපත් කරන සගවන ස්වභාව ඇති, ආරග්ගා සාසපො පතිතො ඉදිකටු මුණකින් අබ ඇටයක් වැටෙන්නාක් මෙන් නො පිහිටයි. මෙසේ සිතෙහි ද ක්‍රෝධය නො පිහිටයි. තමහං බ්රාහ්මණං ඔහුට බ්‍රාහ්මණ යයි කියමි යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලවල පිහිටියහ.
මහාපන්ථකත්ථෙරවත්ථු චතුවීසතිමං.