යෙදුමෙන් කියවන්න

27. අඤ‍්ඤතරත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

27. අඤ‍්ඤතරත්‍ථෙරවත්‍ථු

27. එක්තරා තෙරණමක් පිළිබඳ වූ කථා පුවත

යොධ දීඝන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“යොධ දීඝං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී එක්තරා තෙර නමක් නිමිති කරගෙන දේශනා කළහ.

සාවත්‍ථියං කිරෙකො මිච‍්ඡාදිට‍්ඨිකො බ්‍රාහ‍්මණො සරීරගන්‍ධගහණභයෙන උත‍්තරසාටකං අපනෙත්‍වා එකමන‍්තෙ ඨපෙත්‍වා ගෙහද‍්වාරාභිමුඛො නිසීදි. අථෙකො ඛීණාසවො භත‍්තකිච‍්චං කත්‍වා විහාරං ගච‍්ඡන‍්තො තං සාටකං දිස‍්වා ඉතො චිතො ච ඔලොකෙත්‍වා කඤ‍්චි අපස‍්සන‍්තො “නිස‍්සාමිකො අය”න‍්ති පංසුකූලං අධිට‍්ඨහිත්‍වා ගණ‍්හි. අථ නං බ්‍රාහ‍්මණො දිස‍්වා අක‍්කොසන‍්තො උපසඞ‍්කමිත්‍වා “මුණ‍්ඩක, සමණ, මම සාටකං ගණ‍්හසී”ති ආහ. තවෙසො, බ්‍රාහ‍්මණාති. ආම, සමණාති. “මයා කඤ‍්චි අපස‍්සන‍්තෙන පංසුකූලසඤ‍්ඤාය ගහිතො, ගණ‍්හ න”න‍්ති තස‍්ස දත්‍වා විහාරං ගන‍්ත්‍වා භික‍්ඛූනං තමත්‍ථං ආරොචෙසි. අථස‍්ස වචනං සුත්‍වා භික‍්ඛූ තෙන සද‍්ධිං කෙළිං කරොන‍්තා “කිං නු ඛො, ආවුසො, සාටකො දීඝො රස‍්සො ථූලො සණ‍්හො”ති. ආවුසො, දීඝො වා හොතු රස‍්සො වා ථූලො වා සණ‍්හො වා, නත්‍ථි මය‍්හං තස‍්මිං ආලයො, පංසුකූලසඤ‍්ඤාය නං ගණ‍්හින‍්ති. තං සුත්‍වා භික‍්ඛූ තථාගතස‍්ස ආරොචෙසුං – “එස, භන‍්තෙ, භික‍්ඛු අභූතං වත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොතී”ති. සත්‍ථා “භූතං, භික‍්ඛවෙ, එස කථෙති, ඛීණාසවා නාම පරෙසං සන‍්තකං න ගණ‍්හන‍්තී”ති වත්‍වා ඉමං ගාථමාහ –

සැවැත් නුවර එක් මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයෙක් සිරුරේ දුගඳ පැතිරෙන හෙයින් උතුරු සළුව බැහැර කොට එකත් පසෙක තබා ගෙයි දොරටුව අභිමුඛයේ වාඩි වී සිටියේය. මේ අතර රහතන් වහන්සේ නමක් දන් වැළදීමෙන් අනතුරුව විහාරය දෙසට වැඩමකරද්දී එම සළුව දැක ඔබ මොබ බලා කිසිවෙක් නොදන්නේ මෙයට ස්වාමියෙක් නැතැයි පංශකූල ප්‍රඥාවෙන් ගන්නා ලදී. අනතුරුව එය බමුණා දැක ආක්‍රෝෂ කරමින්ම අවුත් මුඩු මහණ මගේ සළුව ගන්නේද? පැවසීය. බ්‍රාහ්මණය මෙය ඔබගේද එසේය අයිතිකරු කිසිවෙක් මට නොපෙනුණ නිසා පාංශුකූල සංඥාවෙන් ගතිමි. දැන් මෙය ඔබේ නම් ගන්නැයි ඔහුට දී විහාරයට ගොස් මෙම කරුණ භික්ෂූන්ට දන්වා සිටියහ. මොහුගේ වචනය අසා භික්ෂූන් උන්වහන්සේ සමග කවටකම් කරමින් කිම ඇවැත්නි සාටකය දිගද - කොටද මෘදුද ආදිය විමසන්නේ මට එබඳු සංඥාවක් නැත. මට එබඳු හැගීමක් නැත. දිග - පළල - රළු - සුමුදු ආදී ලෙසට මට ඒ පිළිබඳව ඇලීමක් නැත. මම පාංශුකූල සඥාවෙන් ගතිමි මෙය අසා භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට අභූතය කියා අනෙකක් කියතියි දැනුම් දුන්හ.

“යොධ දීඝං ව රස‍්සං වා, අණුං ථූලං සුභාසුභං; ලොකෙ අදින‍්නං නාදියති, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

අනුන් සතු දේපල තමනට නුදුන්නා කල සොරෙන් ගත් නැති අය බමුණකු වේ නිකසල

මේ ලෝකයේ යම් දෙයක් දික් වූ, කොට වු. කුඩා වූ, හෝ මහත් වූ, යහපත් වූ හෝ නපුරු වූ, නුදුන් දෙයක් නො ගනීද, ඒ තැනැත්තා බ්‍රාහ්මණ යැයි මම කියමි.

තස‍්සත්‍ථො – සාටකාභරණාදීසු දීඝං වා රස‍්සං වා මණිමුත‍්තාදීසු අණුං වා ථූලං වා මහග‍්ඝඅප‍්පග‍්ඝවසෙන සුභං වා අසුභං වා යො පුග‍්ගලො ඉමස‍්මිං ලොකෙ පරපරිග‍්ගහිතං නාදියති, තමහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි අර්ථය සළුපිළි ආභරණ ආදිය දීඝංවා රස්සංවා දිගයි. කෙටියි කියා හෝ මුතු මැණික් ආදිය අණු වා ථූලං වා කියා හෝ මහාර්ඝ අල්ප අර්ඝයයි කියාහෝ සුභං වා අසුභං වා යහපත්ය අයහපත්ය කියා හෝ අන් අයගේ දෙයක් නොගනීද ඔහු බ්‍රාහ්මණ යයි කියමි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පත්වූහ.

අඤ‍්ඤතරත්‍ථෙරවත්‍ථු ඡබ‍්බීසතිමං.