යෙදුමෙන් කියවන්න

28. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

28. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

28. සැරියුත් තෙරුන් පිළිබඳ වූ කතා පුවත

ආසා යස‍්සාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“ආසා යස්සා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කර ගෙන දේශනා කළහ.

ථෙරො කිර පඤ‍්චභික‍්ඛුසතපරිවාරො ජනපදෙ එකං විහාරං ගන‍්ත්‍වා වස‍්සං උපගඤ‍්ඡි. මනුස‍්සා ථෙරං දිස‍්වා බහුං වස‍්සාවාසිකං පටිස‍්සුණිංසු. ථෙරො පවාරෙත්‍වා සබ‍්බස‍්මිං වස‍්සාවාසිකෙ අසම‍්පත‍්තෙයෙව සත්‍ථු සන‍්තිකං ගච‍්ඡන‍්තො භික‍්ඛූ ආහ – “දහරානඤ‍්චෙව සාමණෙරානඤ‍්ච මනුස‍්සෙහි වස‍්සාවාසිකෙ ආහටෙ ගහෙත්‍වා පෙසෙය්‍යාථ, ඨපෙත්‍වා වා සාසනං පහිණෙය්‍යාථා”ති. එවං වත්‍වා ච පන සත්‍ථු සන‍්තිකං අගමාසි. භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං “අජ‍්ජාපි මඤ‍්ඤෙ සාරිපුත‍්තත්‍ථෙරස‍්ස තණ‍්හා අත්‍ථියෙව. තථා හි මනුස‍්සෙහි වස‍්සාවාසිකෙ දින‍්නෙ අත‍්තනො සද‍්ධිවිහාරිකානං ‘වස‍්සාවාසිකං පෙසෙය්‍යාථ, ඨපෙත්‍වා වා සාසනං පහිණෙය්‍යාථා’ති භික‍්ඛූනං වත්‍වා ආගතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, මම පුත‍්තස‍්ස තණ‍්හා අත්‍ථි, මනුස‍්සානං පන පුඤ‍්ඤතො දහරසාමණෙරානඤ‍්ච ධම‍්මිකලාභතො පරිහානි මා අහොසීති තෙනෙවං කථිත”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා ජනපදයේ එක් විහාරයකට ගොස් වස් සමාදන් වුහ. මිනිස්සු තෙරුන් දැක බොහෝ වස්සාවාසික පිළියෙළ කළහ. තෙරුන් වහන්සේ වස් පවරා සියළුම වස්සාවාසිකය ලැබෙන්නට පෙරම බුදුන් වෙත යන්නේ. එහි රැදී සිටි භික්ෂූන්ට මෙසේ කීහ. මිනිසුන් විසින් වස්සාවාසික ගෙන ආවොත් ඒවා පිළිගෙන කොටස් කොට බෙදා අප ගිය තැනට එවන්න. එසේ නැතිනම් තැන්පත් කොට තබා පණිවුඩයක් එවන්නැයි කියා බුදුන් වෙතට ගියේය. භික්ෂූන් වහන්සේලා කථාවක් ඇති කළහ. අදත් සැරියුත් තෙරුන්ට තෘෂ්ණාව ඇත. සැරියුත් තෙරුන් මිනිසුන් විසින් වස්සාවාසික දුන් විට තමන්ගේ අන්තේවාසික සද්ධිවිහාරික භික්ෂූන්ට වස් සිවුරු යවන්නැයි කියා තබා තමන්ටද පණිවිඩයක් යවන්නැයි භික්ෂූන්ට පවසා පැමිණියේය. යයි කථාවක් ඉපිද වුහ. බුදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා භික්ෂූන්ගෙන්ම කරුණ දැනගත්පසු නැත. මහණෙනි මගේ පුතුට තෘෂ්ණාවක් නැත. මිනිසුන්ට පුණ්‍යයෙන්ද දහර සාමණේරයන්ට ධාර්මික ලාභයෙන් ද පරිහානියක් වේයයි මෙසේ පවසා තිබේ.

“ආසා යස‍්ස න විජ‍්ජන‍්ති, අස‍්මිං ලොකෙ පරම‍්හි ච; නිරාසාසං විසංයුත‍්තං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

බව විබව තන් හා දුරු කොට කෙලෙස් පන්නා ඇති රහත් උතුමෝ බමුණු වේ මැයි දන්නා.

යමෙකුට මෙලොව පරලොවද ආසාවෝ නොමැතිද තෘෂ්ණා රහිත වූ කෙලෙස් වලින් තොරවු උන්වහන්සේම මම බ්‍රාහ්මණයයි කියමි.

තත්‍ථ ආසාති තණ‍්හා. නිරාසාසන‍්ති නිත‍්තණ‍්හං. විසංයුත‍්තන‍්ති සබ‍්බකිලෙසෙහි විසංයුත‍්තං තමහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි ආසා නම් තෘෂ්ණාවයි. නිරාසයං තෘෂ්ණා නොමැති බවයි. විසංයුත්තං සියළු කෙලෙසුන්ගෙන් තොර බවයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාව අවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵල අවබෝධ කර ගත්හ.

සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු සත‍්තවීසතිමං.