29. මහාමොග්ගල්ලානත්ථෙරවත්ථු අට්ඨකථා
29. මහාමොග්ගල්ලානත්ථෙරවත්ථු
29. මහා මොග්ගල්ලාන තෙරුන් පිළිබඳ වූ කථා පුවත
යස්සාලයාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො මහාමොග්ගල්ලානත්ථෙරං ආරබ්භ කථෙසි.
“යස්සාලයා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මහමුගලන් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
වත්ථු පුරිමසදිසමෙව. ඉධ පන සත්ථා මොග්ගල්ලානත්ථෙරස්ස නිත්තණ්හභාවං වත්වා ඉමං ගාථමාහ –
කථා පුවත පෙරයි. මෙහි දී බුදුහු මුගලන් තෙරුන්ට තෘෂ්ණා නොමැතිව බව පෙන්වා දී මේ ගාථාව දේශනා කළහ.
“යස්සාලයා න විජ්ජන්ති, අඤ්ඤාය අකථංකථී; අමතොගධමනුප්පත්තං, තමහං බ්රූමි බ්රාහ්මණ”න්ති.
තණ්හාවෙන් තොරව සැක රහිත නැණ ඇතිවම නිවණට පැමිණි දන බමුණු උතුමෝම වෙති නිබඳව
යම් කෙනෙකුට තෘෂ්ණාව නැත්ද අට තැන දැන සැක නැතිව නිවනට බැස එයට පිළිවෙළින් පැමිණ තැනැත්තාට මම බ්රාහ්මණ යයි කියමි.
තත්ථ ආලයාති තණ්හා. අඤ්ඤාය අකථංකථීති අට්ඨ වත්ථූනි යථාභූතං ජානිත්වා අට්ඨවත්ථුකාය විචිකිච්ඡාය නිබ්බිචිකිච්ඡො. අමතොගධමනුප්පත්තන්ති අමතං නිබ්බානං ඔගාහෙත්වා අනුප්පත්තං තමහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
“තත්ථ ආලයන්ති”- එහි ආලය තෘෂ්ණාවයි. අඤ්ඤාය අකථංකථි අෂ්ඨවිධ යථාස්වභාවයෙන් දැන සැකය අත් හරින ලද, අමතොගධ අනු පපත්තං නිවණට බැස පිළිවෙලින් පැමිණි තැනැත්තා බ්රාහ්මණයායි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාව අවසානයේ බොහෝ දෙනෙකුට මාර්ග ඵල ලැබුණි.
මහාමොග්ගල්ලානත්ථෙරවත්ථු අට්ඨවීසතිමං.