යෙදුමෙන් කියවන්න

30. රෙවතත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

30. රෙවතත්‍ථෙරවත්‍ථු

30. රේවත තෙරුන්ගේ කථා පුවත

යොධ පුඤ‍්ඤඤ‍්චාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා පුබ‍්බාරාමෙ විහරන‍්තො රෙවතත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“යොධ පුඤ්ඤවා ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පුර්වාරාමයේ වැඩ සිටියදී රේවත තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

වත්‍ථු “ගාමෙ වා යදි වාරඤ‍්ඤෙ”ති (ධ· ප· 98) ගාථාවණ‍්ණනාය විත්‍ථාරිතමෙව. වුත‍්තඤ‍්හි තත්‍ථ (ධ· ප· අට‍්ඨ· 1.98) –

කථා පුවත “ගාමෙවා යදිවා රඤඤෙ” යන ගාථා වර්ණනයෙන්ද විස්තර කෙරෙයි.

පුන එකදිවසං භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං “අහො සාමණෙරස‍්ස ලාභො, අහො පුඤ‍්ඤං, යෙන එකකෙන පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං පඤ‍්චකූටාගාරසතානි කතානී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, මය‍්හං පුත‍්තස‍්ස නෙව පුඤ‍්ඤං අත්‍ථි, න පාපං, උභයමස‍්ස පහීන”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

එක් දිනක් භික්ෂූන් වහන්සේලා ධම් සභා මණ්ඩපයේ දී කථාවක් ඇති කළහ. අහෝ සාමණේරයන්ගේ ලාභය, අහෝ පින, එක් අයෙක් විසින් පන්සියයක් භික්ෂූන් සඳහා පන්සියයක් කුළු ගෙවල් කරන ලදී ශාස්තෲන් වහන්සේ වැඩමවා කළ කථාව ගැන භික්ෂූන්ගෙන් විමසා දැනගත් පසු මහණෙනි මගේ පුතුට පින් ද පව් ද නැත. මේ කර්ම දෙකම ප්‍රහීණ කර තිබේ. යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“යොධ පුඤ‍්ඤඤ‍්ච පාපඤ‍්ච, උභො සඞ‍්ගමුපච‍්චගා; අසොකං විරජං සුද‍්ධං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

පින් පව් දෙක නසා සෝ රජස් හැම වනසා කෙලෙස් වැනසු නිසා වර ඔහුද බමුණෙකි කියමි නොලසා

යම් කෙනෙක් පින ද පව ද යන දෙකම දුරුකළේ ද ඉක්මවූයේ ද ශෝක කිරිම් නැති, රජ සේ නැති පිරිසිදු වූ ඔහු බ්‍රාහ්මණයෙකි.

තත්‍ථ උභොති ද‍්වෙපි පුඤ‍්ඤානි ච පාපානි ච ඡඩ‍්ඩෙත්‍වාති අත්‍ථො. සඞ‍්ගන‍්ති රාගාදිභෙදං සඞ‍්ගං. උපච‍්චගාති අතික‍්කන‍්තො. වට‍්ටමූලකසොකාභාවෙන අසොකං අබ‍්භන‍්තරෙ රාගරජාදීනං අභාවෙන විරජං නිරුපක‍්කිලෙසතාය සුද‍්ධං තමහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි උභො යනු පින් ද පව් ද යන දෙකම දුරුකළ යන අර්ථයි. සඞගං යනු රාගාදී වෙනස්කම්, උපච්චගා ඉක්මවා, තමහං සංසාර වෘත්ත මූල සෝකයෙන්, අසොකං - අභ්‍යන්තරයේ රාග රජස් ආදීන්ගේ අභාවයෙන්, විරජං උපක්ලේශ රහිතව. සුද්ධං තමහං බ්‍රාහ්මණං පිරිසිදු වූ තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි කියමි යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.

රෙවතත්‍ථෙරවත්‍ථු එකූනතිංසතිමං.