යෙදුමෙන් කියවන්න

31. චන්‍දාභත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

31. චන්‍දාභත්‍ථෙරවත්‍ථු

31. චන්ද්‍රාභ තෙරුන්ගේ පුවත

චන්‍දං වාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චන්‍දාභත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“චන්දංවාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී චන්දාභ තෙරුන් පිළිබඳව මෙම දේශනය කළහ.

තත්‍රායං අනුපුබ‍්බී කථා – අතීතෙ එකො බාරාණසිවාසී වාණිජො “පච‍්චන‍්තං ගන‍්ත්‍වා චන්‍දනං ආහරිස‍්සාමී”ති බහූනි වත්‍ථාභරණාදීනි ගහෙත්‍වා පඤ‍්චහි සකටසතෙහි පච‍්චන‍්තං ගන‍්ත්‍වා ගාමද‍්වාරෙ නිවාසං ගහෙත්‍වා අටවියං ගොපාලදාරකෙ පුච‍්ඡි – “ඉමස‍්මිං ගාමෙ පබ‍්බතපාදකම‍්මිකො කොචි මනුස‍්සො අත්‍ථී”ති? “ආම, අත්‍ථී”ති. “කො නාමෙසො”ති? “අසුකො නාමා”ති. “භරියාය පනස‍්ස පුත‍්තානං වා කිංනාම”න‍්ති? “ඉදඤ‍්චිදඤ‍්චා”ති. “කහං පනස‍්ස ඨානෙ ගෙහ”න‍්ති? “අසුකට‍්ඨානෙ නාමා”ති. සො තෙහි දින‍්නසඤ‍්ඤාය සුඛයානකෙ නිසීදිත්‍වා තස‍්ස ගෙහද‍්වාරං ගන‍්ත්‍වා යානා ඔරුය‍්හ ගෙහං පවිසිත්‍වා “අසුකනාමෙ”ති තං ඉත්‍ථිං පක‍්කොසි. සා “එකො නො ඤාතකො භවිස‍්සතී”ති වෙගෙනාගන‍්ත්‍වා ආසනං පඤ‍්ඤාපෙසි. සො තත්‍ථ නිසීදිත්‍වා නාමං වත්‍වා “මම සහායො කහ”න‍්ති පුච‍්ඡි. “අරඤ‍්ඤං ගතො, සාමී”ති. “මම පුත‍්තො අසුකො නාම, මම ධීතා අසුකා නාම කහ”න‍්ති සබ‍්බෙසං නාමං කිත‍්තෙන‍්තොව පුච‍්ඡිත්‍වා “ඉමානි නෙසං වත්‍ථාභරණානි දදෙය්‍යාසි, සහායස‍්සාපි මෙ අටවිතො ආගතකාලෙ ඉදං වත්‍ථාභරණං දදෙය්‍යාසී”ති අදාසි. සා තස‍්ස උළාරං සක‍්කාරං කත්‍වා සාමිකස‍්ස ආගතකාලෙ “සාමි, ඉමිනා ආගතකාලතො පට‍්ඨාය සබ‍්බෙසං නාමං වත්‍වා ඉදඤ‍්චිදඤ‍්ච දින‍්න”න‍්ති ආහ. සොපිස‍්ස කත‍්තබ‍්බයුත‍්තකං කරි.

එහි අනුපිළිවෙල කථාව මෙසේය. පෙර බරණැසවාසී එක් වෙළෙන්දෙක් ප්‍රාන්ත දේශයකට ගොස් ගම්දොර නිවසක් හදාගෙන කැලෑවේ ගොපලු දරුවන්ගෙන් විමසීය. මේ ගමේ පබ්බතපාද කාර්මික මිනිසෙක් සිටීද? ... ඔහුගේ නම කුමක්ද අසවල් නමයි භාර්යාවගේ හා ඇගේ දරුවන්ගේ නම් මොනවාද? මේ මේ යයි කීවාහුය. ඔහුගේ නිවස තිබෙන්නේ කොහේද? අසවල් තැනයි. හෙතෙම දරුවන් විසින් දෙන ලද සලකුණු අනුව යහපත් රථයක වාඩිවී ඔහුගේ නිවසට ගොස් රථයෙන් බැස ගෙට පිවිස නම කියා ස්ත්‍රීය කැඳවීය. ඇය අපේ එක් ඥාතීයෙකු වන්නේ යයි වේගයෙන් අවුත් අසුනක් පැනවීය. ඔහු එහි වාඩි වී නම කියා මගේ මිතුරා කොහේදැයි විමසුවේය. ස්වාමියා ඔහු වනයට ගියේය. මගේ අසවල් පුතා අසවල් දුව කොයිද සියල්ලන්ගේ නම් කියන විට විමසා මේ ඔවුන්ගේ ඇදුම් හා පැළදුම්ද දුන්නේය. මගේ මිතුරා වනයෙන් පැමිණි විට මේ වස්ත්‍ර ආභරණ දෙන්නැයි පැවරුවේය. ඇය ඔහුට උදාර ලෙස සත්කාර ස්වාමියා පැමිණිවිට මොහු පැමිණි බව හා සියල්ලන්ගේ නම් කියා මේ මේ දේ දෙන ලදයි පැවසුවාය. ඔහු ද කළ යුතු දැ කළේය.

අථ නං සායං සයනෙ නිසින‍්නො පුච‍්ඡි – “සම‍්ම, පබ‍්බතපාදෙ චරන‍්තෙන තෙ කිං බහුං දිට‍්ඨපුබ‍්බ”න‍්ති? “අඤ‍්ඤං න පස‍්සාමි, රත‍්තසාඛා පන මෙ බහූ රුක‍්ඛා දිට‍්ඨා”ති. “බහූ රුක‍්ඛා”ති? “ආම, බහූ”ති. තෙන හි තෙ අම‍්හාකං දස‍්සෙහීති තෙන සද‍්ධිං ගන‍්ත්‍වා රත‍්තචන්‍දනරුක‍්ඛෙ ඡින්‍දිත්‍වා පඤ‍්ච සකටසතානි පූරෙත්‍වා ආගච‍්ඡන‍්තො තං ආහ – “සම‍්ම, බාරාණසියං අසුකට‍්ඨානෙ නාම මම ගෙහං, කාලෙන කාලං මම සන‍්තිකං ආගච‍්ඡෙය්‍යාසි, අඤ‍්ඤෙන ච මෙ පණ‍්ණාකාරෙන අත්‍ථො නත්‍ථි, රත‍්තසාඛරුක‍්ඛෙ එව ආහරෙය්‍යාසී”ති. සො “සාධූ”ති වත්‍වා කාලෙන කාලං තස‍්ස සන‍්තිකං ආගච‍්ඡන‍්තො රත‍්තචන්‍දනමෙව ආහරති, සොපිස‍්ස බහුධනං දෙති.

අනතුරුව ඔහු සවස් භාගයේ ඇදෙහි සිටියදීම විමසුවේය. යහළුව පර්වත පාදයේ හැසිරෙන විට ඔබ බොහෝසෙයින් කුමක් දැක්කේද? අනෙකක් නොදුටුවෙමි රතු සඳුන් ගස් ඇති බොහෝ ගස් දුටුවෙමි. එසේය ඔහු එසේය එසේ නම් මටත් පෙන්වන්න. ඔහු සමග ගොස් රත් සඳුන් ගස් සිඳ ගැල් පන්සියයක් පුරවා එන අතර කීවේය. යහළුව බරණැස අසවල් තැන මගේ නිවසයි. කලින් කල මගේ නිවසට එන්න. අනෙක් පඩුරු අවශ්‍ය නැත. රත් සඳුන්ම අරගෙන එන්න ඔහු යහපතැයි කියා කලින් කල ඔහු ළඟට යන්නේ රත් සඳුන්ම රැගෙන යයි. ඔහු ද බොහෝ ධනය දෙයි.

තතො අපරෙන සමයෙන පරිනිබ‍්බුතෙ කස‍්සපදසබලෙ පතිට‍්ඨිතෙ කඤ‍්චනථූපෙ සො පුරිසො බහුං චන්‍දනං ආදාය බාරාණසිං අගමාසි. අථස‍්ස සො සහායකො වාණිජො බහුං චන්‍දනං පිසාපෙත්‍වා පාතිං පූරෙත්‍වා “එහි, සම‍්ම, යාව භත‍්තං පචති, තාව චෙතියකරණට‍්ඨානං ගන‍්ත්‍වා ආගමිස‍්සාමා”ති තං ආදාය තත්‍ථ ගන‍්ත්‍වා චන්‍දනපූජං අකාසි. සොපිස‍්ස පච‍්චන‍්තවාසී සහායකො චෙතියකුච‍්ඡියං චන්‍දනෙන චන්‍දමණ‍්ඩලං අකාසි. එත‍්තකමෙවස‍්ස පුබ‍්බකම‍්මං.

ඉන් පසුකලෙක කාශ්‍යප බුදුන් වහන්සේ පිරිණිවන් පෑවිට පිහිටවූ රන් ථුපය කළ කල්හි ද එම පුරුෂයා බොහෝ රත් සඳුන් ගෙන බරණැසට ගියේය. අනතුරුව ඒ මිතුරා බොහෝ සඳුන් ගල ගා කුඩු කර පාත්‍රය පුරවා එන්න යහළුව බත් පිසයිද ඒතාක් චෛත්‍යය කරන ස්ථානයට ගොස් එන්නෙමුයි, ඔහු ද රැගෙන එහි ගොස් චන්දන පුජා කළේය. ඒ ප්‍රත්‍යන්තවාසී මිතුරා චෛත්‍ය ගැබ සඳුන්වලින් සඳ මඩල (ආකෘතිය කළේය) ඔහුගේ පුර්ව කර්මය මෙයයි.

සො තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා එකං බුද‍්ධන‍්තරං තත්‍ථ ඛෙපෙත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහනගරෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස නාභිමණ‍්ඩලතො චන්‍දමණ‍්ඩලසදිසා පභා උට‍්ඨහි, තෙනස‍්ස චන්‍දාභොත්‍වෙව නාමං කරිංසු. චෙතියෙ කිරස‍්ස චන්‍දමණ‍්ඩලකරණනිස‍්සන්‍දො එස. බ්‍රාහ‍්මණා චින‍්තයිංසු – “සක‍්කා අම‍්හෙහි ඉමං ගහෙත්‍වා ලොකං ඛාදිතු”න‍්ති. තං යානෙ නිසීදාපෙත්‍වා “යො ඉමස‍්ස සරීරං හත්‍ථෙන පරාමසති, සො එවරූපං නාම ඉස‍්සරියසම‍්පත‍්තිං ලභතී”ති වත්‍වා විචරිංසු. සතං වා සහස‍්සං වා දදමානා එව තස‍්ස සරීරං හත්‍ථෙන ඵුසිතුං ලභන‍්ති. තෙ එවං අනුවිචරන‍්තා සාවත්‍ථිං අනුප‍්පත‍්තා නගරස‍්ස ච විහාරස‍්ස ච අන‍්තරා නිවාසං ගණ‍්හිංසු. සාවත්‍ථියම‍්පි පඤ‍්චකොටිමත‍්තා අරියසාවකා පුරෙභත‍්තං දානං දත්‍වා පච‍්ඡාභත‍්තං ගන්‍ධමාලවත්‍ථභෙසජ‍්ජාදිහත්‍ථා ධම‍්මස‍්සවනාය ගච‍්ඡන‍්ති. බ්‍රාහ‍්මණා තෙ දිස‍්වා “කහං ගච‍්ඡථා”ති පුච‍්ඡිංසු. සත්‍ථු සන‍්තිකං ධම‍්මස‍්සවනායාති. එථ තත්‍ථ ගන‍්ත්‍වා කිං කරිස‍්සථ, අම‍්හාකං චන්‍දාභස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ආනුභාවසදිසො ආනුභාවො නත්‍ථි. එතස‍්ස හි සරීරං ඵුසන‍්තා ඉදං නාම ලභන‍්ති, එථ පස‍්සථ නන‍්ති. තුම‍්හාකං චන්‍දාභස‍්ස බ්‍රාහ‍්මණස‍්ස කො ආනුභාවො නාම, අම‍්හාකං සත්‍ථායෙව මහානුභාවොති. තෙ අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ඤාපෙතුං අසක‍්කොන‍්තා “විහාරං ගන‍්ත්‍වා චන්‍දාභස‍්ස වා අම‍්හාකං වා සත්‍ථු ආනුභාවං ජානිස‍්සාමා”ති තං ගහෙත්‍වා විහාරං අගමංසු.

ඔහු ඉන් චුත වූයේ දෙලොව ඉපිද එක් බුද්ධාන්තරයක් එහි ගතකොට මේ බුද්ධෝත්පාදයේදී රජගහ නුවර බ්‍රාහ්මණ මහාසාල කුලයේ උපන් ඔහුගේ පෙකනියේ සඳමඩල සමාන ප්‍රභාවක් ඇතිවුනි. මේ නිසා ඔහුව චන්ද්‍රභා යන නම ලැබුනි. චෛත්‍යයේ චලමණ්ඩල කිරිමේ පිනෙන් මේ බමුණා සිතුවේය. අප විසින් මෙය ගෙන ලෝකයා රැවටීමට හැකිය. ඔහු යහනේ වාඩි කරවා යමෙක් මේ ශරීරයට අතින් ස්පර්ශ කරයිද ඔහු මෙතරම් ඉසුරු සම්පත් ලබන්නේයයි කියා හැසිරුනි. සියයක් හෝ දහසක් දී ඔහුගේ අතින් ස්පර්ශ කිරිමට ලබති. ඔවුන් මේ ලෙසට හැසිරෙමින් පිළිවෙලින් සැවැත් නුවරට පිවිසියහ. නගරයට ද විහාරයට ද අතර පදිංචියට පැමිණියහ. සැවැත් නුවර කෝටි පහක් ජනතාව ආර්ය ශ්‍රාවකයන්ට පෙරබත් කළ දන්දෙති. සවස සුවඳ මල් වස්ත්‍ර බෙහෙත් ආදිය ගත් අත් ඇතිව ධර්ම ශ්‍රවණය සඳහා යති. බ්‍රාහ්මණයා ඒ දැක කොහි යන්නේදැයි විමසුහ. බණ ඇසීම සඳහා බුදුන් වෙතට යයි පැවසුහ. එන්න එහි ගොස් කුමක් කරන්නද? අපේ වන්ද්‍රභා බ්‍රාහ්මණයාගේ ආනුභාව මෙන් ආනුභාවයක් එහි නැත. මොහුගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් මේ මේ දේ ලබත් එන්න බලන්න තොපගේ බ්‍රාහ්මණයාගේ කවර ආනුභාවයක්ද අපේ තථාගතයන් වහන්සේ ම මහත් ආනුභාව සහිතය. ඔවුන් එකිනෙකා දැන ගැනීමට නොහැකිව විහාරයට ගොස් චන්ද්‍රභා බ්‍රාහ්මණයාගේ ද බුදුරජාණන් වහන්සේගේ ද ආනුභාව දැනගනිමුයි ඔවුන් ගෙන විහාරයට ගියාහුය.

සත්‍ථා තස‍්මිං අත‍්තනො සන‍්තිකං උපසඞ‍්කමන‍්තෙයෙව චන්‍දාභාය අන‍්තරධානං අකාසි. සො සත්‍ථු සන‍්තිකෙ අඞ‍්ගාරපච‍්ඡියං කාකො විය අහොසි. අථ නං එකමන‍්තං නයිංසු, ආභා පටිපාකතිකා අහොසි. පුන සත්‍ථු සන‍්තිකං ආනයිංසු, ආභා තථෙව අන‍්තරධායි. එවං තික‍්ඛත‍්තුං ගන‍්ත්‍වා අන‍්තරධායමානං ආභං දිස‍්වා චන්‍දාභො චින‍්තෙසි – “අයං ආභාය අන‍්තරධානමන‍්තං ජානාති මඤ‍්ඤෙ”ති. සො සත්‍ථාරං පුච‍්ඡි – “කිං නු ඛො ආභාය අන‍්තරධානමන‍්තං ජානාථා”ති? ආම, ජානාමීති. තෙන හි මෙ දෙථාති. න සක‍්කා අපබ‍්බජිතස‍්ස දාතුන‍්ති.

බුදුරජාණන් වහන්සේ වෙත ඔහු සමීපවත් වෙත්ම චන්ද්‍රභාගේ ආනුභාවය, අන්තර්ධාන විය. දුරුවිය. ඔහු එහිදී බුදුන් ඉදිරියේ අඟුරු කූඩයක කපුටෙක් මෙන් විය. අනතුරුව එකක් පසකට ගෙන ගියහ. ප්‍රභාව ප්‍රකෘතිමත් විය. නැවත බුදුන් වෙත ගෙන ගියහ. ප්‍රභාව එලෙසම අතුරුදන්විය. මේ ලෙසට තුන්වතාවක් ගොස් අතුරුදන්වන ආලෝකය දැක වන්ද්‍රභා සිතුවේය. මේ බුදුහු ප්‍රභාව නැතිකිරිමේ මන්ත්‍රයක් දනී යයි සිතමි. ඔහු බුදුන්ගෙන් විමසුවේය. මගේ ප්‍රභාව නැතිකරන මන්ත්‍රයක් දන්නේද? ඔව් දනිමි. එසේ නම් එය මට දෙන්න. පැවිදි නොවුවෙකුට දෙන්නට නොහැකිය.

සො බ්‍රාහ‍්මණෙ ආහ – “එතස‍්මිං මන‍්තෙ ගහිතෙ අහං සකලජම‍්බුදීපෙ ජෙට‍්ඨකො භවිස‍්සාමි, තුම‍්හෙ එත්‍ථෙව හොථ, අහං පබ‍්බජිත්‍වා කතිපාහෙනෙව මන‍්තං ගණ‍්හිස‍්සාමී”ති. සො සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචිත්‍වා උපසම‍්පජ‍්ජි. අථස‍්ස ද‍්වත‍්තිංසාකාරං ආචික‍්ඛි. සො “කිං ඉද”න‍්ති පුච‍්ඡි. ඉදං මන‍්තස‍්ස පරිකම‍්මං සජ‍්ඣායිතුං වට‍්ටතීති. බ්‍රාහ‍්මණාපි අන‍්තරන‍්තරා ආගන‍්ත්‍වා “ගහිතො තෙ මන‍්තො”ති පුච‍්ඡන‍්ති. න තාව ගණ‍්හාමීති. සො කතිපාහෙනෙව අරහත‍්තං පත්‍වා බ්‍රාහ‍්මණෙහි ආගන‍්ත්‍වා පුච‍්ඡිතකාලෙ “යාථ තුම‍්හෙ, ඉදානාහං අනාගමනධම‍්මො ජාතො”ති ආහ. භික‍්ඛූ තථාගතස‍්ස ආරොචෙසුං – “අයං, භන‍්තෙ, අභූතං වත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොතී”ති. සත්‍ථා “ඛීණාසවො ඉදානි, භික‍්ඛවෙ, මම පුත‍්තො චන්‍දාභො, භූතමෙවෙස කථෙතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඒ බ්‍රාහ්මණයා කීවේය. මේ මන්ත්‍රය ගත් පසු මම මුළු දඹදිව ජ්‍යෙෂ්ඨයා වන්නෙමි තෙපි මෙහිම සිටිමු. මම පැවිදිවී දින කීපයකින් මන්ත්‍රය ගන්නෙමි. ඔහු බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලා ගෙන උපසම්පදාවද ලැබුවේය. පසුව ද්වත්තිංසා පැවසුවේය. ඔහු මේ කුමක්දැයි විමසුවේය. මෙය මන්ත්‍රයට පරිකර්මයයි. වඩන්නට වටී. බ්‍රාහ්මණයෝ වරින් වර පැමිණ මන්ත්‍රය ගත්තේදැයි විමසති. තවම නොහැකිවිය. ඔහු දින කීපයකින් ම අරහත්වයට පත්විය. බ්‍රාහ්මණයින් පැමිණ විමසුවිට තෙපි යමු දැන් මම නොපැමිණෙන ධර්මයට පැමිණුනේ වෙමි. භික්ෂුහු බුදුන්ට දැනුම් දුන්හ. ස්වාමීනි මොහු අභූතයක් කියා අනෙකක් විස්තර කරයි. මහණෙනි. දැන් මගේ පුතුගේ නදිය ශීරාවිය. කිය යුතු දෙයක්ම වු දෙයක්ම දැන් කියයි. පවසා මේ ගාථාව පැවසුහ.

“චන්‍දංව විමලං සුද‍්ධං, විප‍්පසන‍්නමනාවිලං; නන්‍දීභවපරික‍්ඛීණං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

නිමල සුදු සඳ සේ නො කැළඹුණු ගති මනසේ ඇති බමුණු සුවසේ සිටියි තන්හා දුරැර සිතුසේ

සඳමෙන් විමල වූ පිරිසිදු වූ වෙසෙසින් පහන් වූ නොකැලඹුණ භවයේ සතුටුවන තෘෂ්ණාව ක්‍ෂය කළ භව ආශාව ගෙවා ලූ තැනැත්තා බ්‍රාහ්මණ යයි කියමි.

තත්‍ථ විමලන‍්ති අබ‍්භාදිමලරහිතං. සුද‍්ධන‍්ති නිරුපක‍්කිලෙසං. විප‍්පසන‍්නන‍්ති පසන‍්නචිත‍්තං. අනාවිලන‍්ති කිලෙසාවිලත‍්තරහිතං. නන්‍දීභවපරික‍්ඛීණන‍්ති තීසු භවෙසු පරික‍්ඛීණතණ‍්හං තමහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි විමලං යනු සඳ සේ නිර්මල බව. සුද්ධං - උපක්ලේශ නැතිබව විප්පසන්නං - ප්‍රසන්න වූ සිත, අනාවිලං - නො කැළඹුණු බව, (කෙලෙස් නමැති මඩ හා බොර නැති බැවින්) නන්දීභව පරික්ඛිණ - භවය පිළිබඳ ආශාව සහමුලින් සිඳ දැමීම, තමහං බ්‍රාහ්මණං - ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි කියමි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාව අවසානයේ බොහෝදෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය.

චන්‍දාභත්‍ථෙරවත්‍ථු තිංසතිමං.