යෙදුමෙන් කියවන්න

32. සීවලිත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

32. සීවලිත්‍ථෙරවත්‍ථු

32. සීවලී තෙරුන්ගේ කථා පුවත

යො ඉමන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා කුණ‍්ඩකොලියං නිස‍්සාය කුණ‍්ඩධානවනෙ විහරන‍්තො සීවලිත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“යො ඉමං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කුණ්ඩ කෝලිය ඇසුරු කොට කුන්ඩධාන වනයේ වාසය කරද්දී සීවලී තෙරුන් පිළිබඳව දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ සුප‍්පවාසා නාම කොලියධීතා සත‍්තවස‍්සානි ගබ‍්භං ධාරෙත්‍වා සත‍්තාහං මූළ‍්හගබ‍්භා දුක‍්ඛාහි තිබ‍්බාහි කටුකාහි වෙදනාහි ඵුට‍්ඨා “සම‍්මාසම‍්බුද‍්ධො වත සො භගවා, යො ඉමස‍්ස එවරූපස‍්ස දුක‍්ඛස‍්ස පහානාය ධම‍්මං දෙසෙති. සුප‍්පටිපන‍්නො වත තස‍්ස භගවතො සාවකසඞ‍්ඝො, යො ඉමස‍්ස එවරූපස‍්ස දුක‍්ඛස‍්ස පහානාය පටිපන‍්නො. සුසුඛං වත තං නිබ‍්බානං, යථිදං එවරූපං දුක‍්ඛං න සංවිජ‍්ජතී”ති (උදා· 18) ඉමෙහි තීහි විතක‍්කෙහි තං දුක‍්ඛං අධිවාසෙන‍්තී සාමිකං සත්‍ථු සන‍්තිකං පෙසෙත්‍වා තෙන තස‍්සා වචනෙන සත්‍ථු වන්‍දනාය ආරොචිතාය “සුඛිනී හොතු සුප‍්පවාසා කොලියධීතා, අරොගා අරොගං පුත‍්තං විජායතූ”ති සත්‍ථාරා වුත‍්තක‍්ඛණෙයෙව සුඛිනී අරොගා අරොගං පුත‍්තං විජායිත්‍වා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා සත‍්තාහං මහාදානං අදාසි. පුත‍්තොපිස‍්සා ජාතදිවසතො පට‍්ඨාය ධම‍්මකරණං ආදාය සඞ‍්ඝස‍්ස උදකං පරිස‍්සාවෙසි. සො අපරභාගෙ නික‍්ඛමිත්‍වා පබ‍්බජිතො අරහත‍්තං පාපුණි.

එක් සමයක කෝලිය දියණියක් වූ සුප්පවාසා සත්වසක් දරුගැබක් දරා දින හතක් මුළු ගර්භණීව තියුණු කටුක දුක් වේදනාවන්ගෙන් පෙළුනේ සම්මා සම්බුදුන් වහන්සේ යමෙකුට මෙබඳු දුක් ප්‍රභාණය සඳහාම ධර්මය දේශනා කරති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටි පන්නය. මෙබඳු දුක් ප්‍රභාණය සඳහා පිළිපන්නේය. නිවන පරම සුවයකි. මෙබඳු දුකක් නොපවතී මේ තුන් විතර්කවලින් ඒ දුක ඉවසන්නී, ස්වාමියා බුදුන් වෙතට යවා ඇගේ වචනයෙන් බුදුන් වන්දනා කිරීමට ආරාධනා කිරීමෙන් සුප්පවාසා කෝලිය ධීතා සුවපත්වේවා, සුවපත් නිරෝගී දරුවෙක් බිහිකෙරේවා” මෙලෙස බුදුන් පැවසු කෙනෙහි සුවපත්ව නිරෝගි දරුවෙක් බිහිකළාය. අනතුරුව බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කර දින හතක් මහදන් දුන්නාය. ඇගේ පුතා ද උපන්දින සිටම ජල පෙරණයක් ගෙන පැන් පෙරා දුන්නේය. ඔහු පසුකලෙක ගිහිගෙයින් නික්මී පැවිදි වුයේ අර්හත්වයට පත්වුණි.

අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “පස‍්සථාවුසො, එවරූපො නාම අරහත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නො භික‍්ඛු එත‍්තකං කාලං මාතුකුච‍්ඡිස‍්මිං දුක‍්ඛං අනුභොසි, කිමඞ‍්ගං පන අඤ‍්ඤෙ, බහුං වත ඉමිනා දුක‍්ඛං නිත්‍ථිණ‍්ණ”න‍්ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “ආම, භික‍්ඛවෙ, මම පුත‍්තො එත‍්තකා දුක‍්ඛා මුච‍්චිත්‍වා ඉදානි නිබ‍්බානං සච‍්ඡිකත්‍වා විහරතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

මේ අතර දිනක් භික්ෂූන් වහන්සේලා ධර්ම සභාමණ්ඩපයේ කථාවක් ඇතිකළහ. බලන්න ඇවැත්නි මෙබඳු රහතන් වහන්සේ නමකට උපතිස්ස සම්පත් ඇතිව මෙපමණ කලක් මව්කුස දුක් අනුභව කළේය. කොපමණ බහුල වූ දුකක් මොහු විසින් විද්ද. මෙහි දී බුදුන් පැමිණ කළ කථා පිළිබඳව විමසා දැන එසේය මහණෙනි මගේ පුත් සීවලී මෙපමණ දුකක් විඳ ඉන් මිදී පැමිණ අවබෝධ කරගෙන වාසය කරන්නේ යයි මේ ගාථාව පැවසුහ.

“යොමං පලිපථං දුග‍්ගං, සංසාරං මොහමච‍්චගා; තිණ‍්ණො පාරඞ‍්ගතො ඣායී, අනෙජො අකථංකථී; අනුපාදාය නිබ‍්බුතො, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

කෙලෙස් මඩ නම් මහා දුර්ගෙන් එතරවී ගිය අමා නිවනට සැකය ආසා මාන දුරුකළ කිසිම අයුරින් සසර බැමි නැති පහන් සිත් ඇති රහත් උතුමා බමුණු නාමය ලබයි නිතැතින්

යමෙක් මේ කෙලෙස් මඩ සහිත මගද ක්ලේශ නැමති දුර්ගයද සසරවටද මෝහයද ඉක්මවුයේ ද ඕඝයෙන් එතරවීද නිවන් නැමති පරතෙරට ගියේද ධ්‍යාන කරන්නේද තෘෂ්ණ රහිත ද සැක සහිත ප්‍රශ්න නොමැත්තේද කිසිවක් දැඩි ලෙසට නොගෙන කෙලෙස් ප්‍රහාණයෙන් නිවුණේද ඔහු බ්‍රාහ්මණයෙකි මම කියමි.

තස‍්සත්‍ථො – යො භික‍්ඛු ඉමං රාගපලිපථඤ‍්චෙව කිලෙසදුග‍්ගඤ‍්ච සංසාරවට‍්ටඤ‍්ච චතුන‍්නං අරියසච‍්චානං අප‍්පටිවිජ‍්ඣනකමොහඤ‍්ච අතීතො, චත‍්තාරො ඔඝෙ තිණ‍්ණො හුත්‍වා පාරං අනුප‍්පත‍්තො, දුවිධෙන ඣානෙන ඣායී, තණ‍්හාය අභාවෙන අනෙජො, කථංකථාය අභාවෙන අකථංකථී, උපාදානානං අභාවෙන අනුපාදියිත්‍වා කිලෙසනිබ‍්බානෙන නිබ‍්බුතො, තමහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි අර්ථය - යො යම් භික්ෂුවක්, මේ රාගාදී පලිපථං කෙලෙස් දුග්ගං ච සංසාර දුරු වූ සංසාර වෘත්තය චතුරාර්ය සත්‍යය අවබෝධ කර නො ගැනීම මොහං, (ඉක්මගිය) සතර ඕඝයන් තරණය කර පරතෙරට නො ගියාහු දෙවදෑරුම් ධ්‍යානයන්ගෙන්, ඣායී. තෘෂ්ණාව දුරු කිරීම නිසා අනෙජො - අටතැන්හි සැක නැත්තේ අකථං කථි - උපාදානයන් දුරු කිරීම නිසා අනුපාදයත්වා, කෙලෙස් දුරු කිරිමෙන් නම්බුතො. තමහං බ්‍රාහමණං ඒ තැනැත්තා බමුණකුයි කියමි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵල ලදහ.

සීවලිත්‍ථෙරවත්‍ථු එකතිංසතිමං.