යෙදුමෙන් කියවන්න

33. සුන්‍දරසමුද‍්දත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

33. සුන්‍දරසමුද‍්දත්‍ථෙරවත්‍ථු

33. සුන්දර සමුද්ද තෙරුන්ගේ කථා පුවත

යොධ කාමෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සුන්‍දරසමුද‍්දත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“යොධ කාමෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනයේ වැඩ සිටියදී සුන්දර සමුද්ද තෙරුන් නිමිති කර ගෙන දේශනා කළහ.

සාවත්‍ථියං කිරෙකො කුලපුත‍්තො සුන්‍දරසමුද‍්දකුමාරො නාම චත‍්තාලීසකොටිවිභවෙ මහාකුලෙ නිබ‍්බත‍්තො. සො එකදිවසං පච‍්ඡාභත‍්තං ගන්‍ධමාලාදිහත්‍ථං මහාජනං ධම‍්මස‍්සවනත්‍ථාය ජෙතවනං ගච‍්ඡන‍්තං දිස‍්වා “කහං ගච‍්ඡථා”ති පුච‍්ඡිත්‍වා “සත්‍ථු සන‍්තිකං ධම‍්මස‍්සවනත්‍ථායා”ති වුත‍්තෙ “අහම‍්පි ගමිස‍්සාමී”ති වත්‍වා තෙන සද‍්ධිං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ නිසීදි. සත්‍ථා තස‍්ස ආසයං විදිත්‍වා අනුපුබ‍්බිං කථං කථෙසි. සො “න සක‍්කා අගාරං අජ‍්ඣාවසන‍්තෙන සඞ‍්ඛලිඛිතං බ්‍රහ‍්මචරියං චරිතු”න‍්ති සත්‍ථු ධම‍්මකථං නිස‍්සාය පබ‍්බජ‍්ජාය ජාතුස‍්සාහො පරිසාය පක‍්කන‍්තාය සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචිත්‍වා “මාතාපිතූහි අනනුඤ‍්ඤාතං තථාගතා න පබ‍්බාජෙන‍්තී”ති සුත්‍වා ගෙහං ගන‍්ත්‍වා රට‍්ඨපාලකුලපුත‍්තාදයො විය මහන‍්තෙන වායාමෙන මාතාපිතරො අනුජානාපෙත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදො “කිං මෙ ඉධ වාසෙනා”ති තතො නික‍්ඛමිත්‍වා රාජගහං ගන‍්ත්‍වා පිණ‍්ඩාය චරන‍්තො වීතිනාමෙසි.

සැවැත් නුවරවාසී එක් කුල පුත්‍රයෙක් සුන්දර සමුද්ද නම් විය. සතළිස් කෙළක් ධන සම්පත් ඇති මහා කුලයක උපන් හේ එක් දිනක් සවස්වරුවේ ගඳමල් ආදිය ගෙන මහජනයා ධර්ම ශ්‍රවණය සඳහා දෙව්රමට යනු බලා කොහේ යන්නෙදැයි විමසා බුදුන් වෙත ධර්ම ශ්‍රවණය සඳහා යයි පැවසූ විට මම ද යන්නෙමියි කියා ඔවුන් සමග ගොස් පිරිස් කෙළවර වාඩි වූයේය. බුදුහු ඔහුගේ අදහස් විමසා අනුපිළිවෙළ කථාව දේශනා කළහ. ඔහු ගිහිගෙයි වසමින් පිරිසිදු බ්‍රහ්මචරියාව හැසිරිමට නොහැකියයි වදාළ බුද්ධ දේශනය අසා පැවිදි වීම සඳහා හටගත් උනන්දුව නිසා පිරිස විසිරි ගිය පසු බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. මවුපියන්ගේ අනුමැතියෙන් තොරව පැවිදි නො කරන්නේයයි අසා ගෙදර ගොස් රට්ඨපාලි කුල පුත්‍රයා සේ මහත් උත්සාහයෙන් දෙමාපිය අනුමැතිය ගෙන බුදුන් වෙත පැවිදි වී උපසම්පදාව ලැබ මෙහි විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි ඉන් නික්මී රජගහ නුවරට ගොස් පිඩුපිණිස හැසිරෙමින් කල්ගත කරමින් සිටියදී

අථෙකදිවසං සාවත්‍ථියං තස‍්ස මාතාපිතරො එකස‍්මිං ඡණදිවසෙ මහන‍්තෙන සිරිසොභග‍්ගෙන තස‍්ස සහායකකුමාරකෙ කීළමානෙ දිස‍්වා “අම‍්හාකං පුත‍්තස‍්ස ඉදං දුල‍්ලභං ජාත”න‍්ති පරිදෙවිංසු. තස‍්මිං ඛණෙ එකා ගණිකා තං කුලං ගන‍්ත්‍වා තස‍්ස මාතරං රොදමානං නිසින‍්නං දිස‍්වා “අම‍්ම, කිං කාරණා රොදසී”ති පුච‍්ඡි. “පුත‍්තං අනුස‍්සරිත්‍වා රොදාමී”ති. “කහං පන සො, අම‍්මා”ති? “භික‍්ඛූසු පබ‍්බජිතො”ති. “කිං උප‍්පබ‍්බාජෙතුං න වට‍්ටතී”ති? “වට‍්ටති, න පන ඉච‍්ඡති, ඉතො නික‍්ඛමිත්‍වා රාජගහං ගතො”ති. “සචාහං තං උප‍්පබ‍්බාජෙය්‍යං, කිං මෙ කරෙය්‍යාථා”ති? “ඉමස‍්ස තෙ කුලස‍්ස කුටුම‍්බසාමිනිං කරෙය්‍යාමා”ති. තෙන හි මෙ පරිබ‍්බයං දෙථාති පරිබ‍්බයං ගහෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන රාජගහං ගන‍්ත්‍වා තස‍්ස පිණ‍්ඩාය චරණවීථිං සල‍්ලක‍්ඛෙත්‍වා තත්‍ථෙකං නිවාසගෙහං ගහෙත්‍වා පාතොව පණීතං ආහාරං පටියාදෙත්‍වා ථෙරස‍්ස පිණ‍්ඩාය පවිට‍්ඨකාලෙ භික‍්ඛං දත්‍වා කතිපාහච‍්චයෙන, “භන‍්තෙ, ඉධෙව නිසීදිත්‍වා භත‍්තකිච‍්චං කරොථා”ති පත‍්තං ගණ‍්හි. සො පත‍්තමදාසි.

අතර දිනක් සැවැත් නුවර උන්වහන්සේගේ දෙමාපියන් එක් උත්සව දිනයක මහත් සිරිසෝභාවෙන් ඔහුගේ සහායක කුමාරවරු ක්‍රීඩා කරනු දැක අපේ පුතුට මෙය දුර්ලභ විය. එසේ සිතා හැඩුන මේ අවස්ථාවේ දී එක් ගණිකාවක් එම කුලයට නිවසට ගොස් ඔහුගේ මව සිටිනු දැක මෑණියන් කුමක් නිසා හඩත්දැයි විමසුවාය. පුතා සිහි පත්වී අඩමි. මෑණියනි දැන් ඔහු කොහේද? භික්ෂූන් අතර පැවිදි විය. ඇයි උපහැදි කිරීම නොවටීද? වටී නමුත් කැමති නැත. මේ නගරයෙන් රජගහ නගරයට ගියේය. හොඳයි මම ඔහු උපැවිදි කරන්නම් මට කුමක් කරන්නේද? මේ මගේ කුලයට ස්වාමී කරවන්නෙමි. එසේනම් මට මග වියදමි දෙන්න මග වියදම් ගෙන මහත් පිරිවරින් රජගහ නුවරට ගොස් උන්වහන්සේ පිඬු සිඟා යන වීථියේ නිවසක් ගෙන උදේම ප්‍රණිත ආහාර පිළියෙළ කොට තෙරුන් පිඩු සිඟා වඩින විට භික්ෂාදී දින කීපයකට පසුව ස්වාමීනි මෙහිම සිට දන් වැළදීම කරන්නැයි පාත්‍රය ගත්තාය. උන්වහන්සේ පාත්‍රය දුන්නාහ.

අථ නං පණීතෙන ආහාරෙන පරිවිසිත්‍වා, “භන‍්තෙ, ඉධෙව පිණ‍්ඩාය චරිතුං ඵාසුක”න‍්ති වත්‍වා කතිපාහං ආලින්‍දෙ නිසීදාපෙත්‍වා භොජෙත්‍වා දාරකෙ පූවෙහි සඞ‍්ගණ‍්හිත්‍වා “එථ තුම‍්හෙ ථෙරස‍්ස ආගතකාලෙ මයි වාරෙන‍්තියාපි ඉධාගන‍්ත්‍වා රජං උට‍්ඨාපෙය්‍යාථා”ති ආහ. තෙ පුනදිවසෙ ථෙරස‍්ස භොජනවෙලාය තාය වාරියමානාපි රජං උට‍්ඨාපෙසුං. සා පුනදිවසෙ, “භන‍්තෙ, දාරකා වාරියමානාපි මම වචනං අසුණිත්‍වා ඉධ රජං උට‍්ඨාපෙන‍්ති, අන‍්තොගෙහෙ නිසීදථා”ති අන‍්තො නිසීදාපෙත්‍වා කතිපාහං භොජෙසි. පුන දාරකෙ සඞ‍්ගණ‍්හිත්‍වා “තුම‍්හෙ මයා වාරියමානාපි ථෙරස‍්ස භොජනකාලෙ මහාසද‍්දං කරෙය්‍යාථා”ති ආහ. තෙ තථා කරිංසු. සා පුනදිවසෙ, “භන‍්තෙ, ඉමස‍්මිං ඨානෙ අතිවිය මහාසද‍්දො හොති, දාරකා මයා වාරියමානාපි වචනං න ගණ‍්හන‍්ති, උපරිපාසාදෙයෙව නිසීදථා”ති වත්‍වා ථෙරෙන අධිවාසිතෙ ථෙරං පුරතො කත්‍වා පාසාදං අභිරුහන‍්තී ද‍්වාරානි පිදහමානාව පාසාදං අභිරුහි. ථෙරො උක‍්කට‍්ඨසපදානචාරිකො සමානොපි රසතණ‍්හාය බද‍්ධො තස‍්සා වචනෙන සත‍්තභූමිකං පාසාදං අභිරුහි.

අනතුරුව ප්‍රණීත ආහාරවලින් අනුභව කරවා ස්වාමීනි මෙහාටම පිණ්ඩපාතයේ වැඩිම සුදුසු නො වන්නේද දින කීපයක් ආලින්දයේ වාඩි කරවා දානය වළදවා පසුව දරුවන්ට කැවුම් දී සංග්‍රහ කර තෙරුන් වැඩිය විට එන්න මට වළකද්දී මෙහි පැමිණ දුවිලි නංවා ලන්නැයි පැවසුවාය. දානය අවස්ථාවේ දී ඇය වළක්වදීම දුවිලි නැංවුහ. ඇය දෙවැනි දිනයේ දී ස්වාමීනි දරුවන් වළක්වද්දීත් දුවිලි නංවන නිසා ගෙතුළ වාඩිවී වළදනු මැනව. දින කීපයක් මේ ලෙසට ගෙය තුළදී දන් වැළඳවුවාය. නැවත ඇය තෙරුන් වළදන විට මහා ශබ්ද ඇතිකර වුවාය. ඊට පසුදින ඇය ස්වාමීනි මෙහි අතිශයින් ශබ්ද සහිතය මම වළක්වා සිටියද මේ ළමයි වචනය නොගනී මතු මහලෙහිම වාඩි වී වළදන්නැයි පැවසුවිට තෙරුන් පෙරටු කොට ප්‍රාසාදයට නගින්න දොරවල් ආදිය වසමින්ම ප්‍රාසාදයට නැගුනි ගෙපිළිවෙළින් යාමට කළකිරුණ අතරට භෝජන රස තෘෂ්ණාවේ බැදුනේ ඇගේ වචනය නිසා සත් බුමුපහයට නැංගාහ.

සා ථෙරං නිසීදාපෙත්‍වා “චත‍්තාලීසාය ඛලු, සම‍්ම, පුණ‍්ණමුඛ ඨානෙහි ඉත්‍ථී පුරිසං අච‍්චාවදති විජම‍්භති විනමති ගිලසති විලජ‍්ජති නඛෙන නඛං ඝට‍්ටෙති, පාදෙන පාදං අක‍්කමති, කට‍්ඨෙන පථවිං විලිඛති, දාරකං උල‍්ලඞ‍්ඝෙති ඔලඞ‍්ඝෙති, කීළති කීළාපෙති, චුම‍්බති චුම‍්බාපෙති, භුඤ‍්ජති භුඤ‍්ජාපෙති, දදාති ආයාචති, කතමනුකරොති, උච‍්චං භාසති, නීචං භාසති, අවිච‍්චං භාසති, විවිච‍්චං භාසති, නච‍්චෙන ගීතෙන වාදිතෙන රොදිතෙන විලසිතෙන විභූසිතෙන ජග‍්ඝති, පෙක‍්ඛති, කටිං චාලෙති, ගුය‍්හභණ‍්ඩකං චාලෙති, ඌරුං විවරති, ඌරුං පිදහති, ථනං දස‍්සෙති, කච‍්ඡං දස‍්සෙති, නාභිං දස‍්සෙති, අක‍්ඛිං නිඛණති, භමුකං උක‍්ඛිපති, ඔට‍්ඨං පලිඛති, ජිව‍්හං නිල‍්ලාලෙති, දුස‍්සං මුඤ‍්චති, දුස‍්සං බන්‍ධති, සිරසං මුඤ‍්චති, සිරසං බන්‍ධතී”ති (ජා· 2.21.300) එවං ආගතං ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථිලීලං දස‍්සෙත්‍වා තස‍්ස පුරතො ඨිතා ඉමං ගාථමාහ –

ඇය තෙරුන් වාඩි කරවා “වචනය සමීපව සිටි ස්ථානයන්හි ගැහැණු මිනිස්සුන්ට ආදරයෙන් කියයි. විජම්බනය කරයි. හැමෙයි, බබලවයි, ලජ්ජාව දක්වයි. නියෙන් නිය ගටයි. පයින් පය පාගයි කටුවකින් පොළොවේ ලියයි. දරුවන් උසවති පහතට එල්ලයි. ක්‍රීඩා කරයි ක්‍රීඩා කරවයි. සිඹියි. සිබවයි කයි කවයි දෙයි ඉල්ලයි කරන දේ කරයි. උස්හඩින් කථාකරයි. පහත් හඩින් කියවයි. සඟවා කියයි. විවෘතව කියයි නැටීමෙන් - ගායනයෙන් - වාදනයෙන් ඇඹිමෙන් විලාශ දැක්වීමෙන් අලංකාර කිරිමෙන් හඩ නගා සිනාසෙයි. බලයි. කටී ප්‍රදේශය සොලවයි සැඟවුණු තැන් සොලවයි. කළවා විවර කරයි කළවා වසයි. පියවුරු දක්වයි හඬ දක්වයි. ඇස පිසදමයි, ඇහි බැම ඔසවයි. තොල ලෙවකයි. දිව සොලවයි. රෙද්ද ලිහයි රෙද්ද ඇදගනී. කෙස් මුදාහරියි කෙස් බඳියි මේ ආදී ස්ත්‍රී ලක්‍ෂණ ස්ත්‍රී ලීලා පෙන්වා ඔහු ඉදිරියේ සිට මේ ගාථාව කීවාය.

“අලත‍්තකකතා පාදා, පාදුකාරුය‍්හ වෙසියා; තුවම‍්පි දහරො මම, අහම‍්පි දහරා තව; උභොපි පබ‍්බජිස‍්සාම, ජිණ‍්ණා දණ‍්ඩපරායණා”ති. (ථෙරගා· 459, 462);

ලා තඹ වැනි රතු පා ඇති වේසියගේ මිරිවැඩි සඟලට නැග ඔබද තවම තරුණය ඔබේ මම ද තවම තරුණය එබැවින් අප දෙදෙනම සැපත් විඳ ගිහිව සැරයටි වාරුවෙන් සිටින විට පසුව පැවිදි වන්නෙමු.

ථෙරස‍්ස “අහො වත මෙ භාරියං අනුපධාරෙත්‍වා කතකම‍්ම”න‍්ති මහාසංවෙගො උදපාදි. තස‍්මිං ඛණෙ සත්‍ථා පඤ‍්චචත‍්තාලීසයොජනමත්‍ථකෙ ජෙතවනෙ නිසින‍්නොව තං කාරණං දිස‍්වා සිතං පාත්‍වාකාසි. අථ නං ආනන්‍දත්‍ථෙරො පුච‍්ඡි – “භන‍්තෙ, කො නු ඛො හෙතු, කො පච‍්චයො සිතස‍්ස පාතුකම‍්මායා”ති. ආනන්‍ද, රාජගහනගරෙ සත‍්තභූමිකපාසාදතලෙ සුන්‍දරසමුද‍්දස‍්ස ච භික‍්ඛුනො ගණිකාය ච සඞ‍්ගාමො වත‍්තතීති. කස‍්ස නු ඛො, භන‍්තෙ, ජයො භවිස‍්සති, කස‍්ස පරාජයොති? සත්‍ථා, “ආනන්‍ද, සුන්‍දරසමුද‍්දස‍්ස ජයො භවිස‍්සති, ගණිකාය පරාජයො”ති ථෙරස‍්ස ජයං පකාසෙත්‍වා තත්‍ථ නිසින‍්නකොව ඔභාසං ඵරිත්‍වා “භික‍්ඛු උභොපි කාමෙ නිරපෙක‍්ඛො පජහා”ති වත්‍වා ඉමං ගාථමාහ –

තෙරුන් වහන්සේට අහෝ මේ බැරෑරුම් දෙයකි. සිහිනොකර කරන ලද ක්‍රියාවක හැටි මහත් සංවේගයක් ඇති විය. මේ අවස්ථාවේදී බුදුහු යොදුන් හතළිස් පහක් දුර දෙව්රම සිටියදීම මේ කරුණ දැක සිනා පහළ කළහ. මේ නිසා ආනන්ද තෙරණුවෝ ස්වාමීනි කුමක් නිසා කවර හේතුවකින් සිතා පහළ කිරීමට ආනන්ද රජගහ නුවර පත්බුමු පහයක සුන්දර සමුද්ද තෙරුන් හා ගණිකාවක සමඟ සංග්‍රාමයක් පවතී. ස්වාමීනි කාට නම් ජය අත්වේ. කාට පරාජය සිදුවේද? ආනන්ද සුන්දර සමුද්දට ජය අත්වේ. ගණිකාව පරාජයට පත්වේ. තෙරුන්ට ජය පවසා එහි වැඩසිටියදීම ආලෝකයක් පතුරුවා භික්ෂුව කාම දෙකම අපේක්ෂා රහිතව අරින්න යයි පවසා මේ ගාථාව දෙසුහ.

“යොධ කාමෙ පහන‍්ත්‍වාන, අනාගාරො පරිබ‍්බජෙ; කාමභවපරික‍්ඛීණං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

ගිහිගෙයින් නික්මී අනගාරිකව වෙසෙනා පස්කම් දුරැලු ඔහු උතුම් බමුණෙක් වේමැයි

මෙලොව යම් පුද්ගලයෙක් කාමයන් පහකොට ගිහිගෙය හැර පැවිදිවේද, කාමයන් භවයන් ක්ෂය කළ ඔහුට මට බ්‍රාහ්මණයයි කියමි.

තස‍්සත්‍ථො – යො පුග‍්ගලො ඉධ ලොකෙ උභොපි කාමෙ හිත්‍වා අනාගාරො හුත්‍වා පරිබ‍්බජති, තං පරික‍්ඛීණකාමඤ‍්චෙව පරික‍්ඛීණභවඤ‍්ච අහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි අර්ථය යො - යම් පුද්ගලයෙක් ඉධ - මෙලොව උහොපි කාමෙ, හිත්ථා දෙවැදැරුම් කාමයන් අත්හැර අනාගාරො හුත්ථා - ගිහිගෙන් නික්ම පැවිදිව, කාමයන්ද භවයන්ද, නැති නැති කරයිද ඔහු බ්‍රාහ්මණ වේ.

දෙසනාවසානෙ සො ථෙරො අරහත‍්තං පත්‍වා ඉද‍්ධිබලෙන වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා කණ‍්ණිකාමණ‍්ඩලං විනිවිජ‍්ඣිත්‍වා සත්‍ථු සරීරං ථොමෙන‍්තොයෙව ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දි. ධම‍්මසභායම‍්පි කථං සමුට‍්ඨාපෙසුං, “ආවුසො, ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රසං නිස‍්සාය මනං නට‍්ඨො සුන්‍දරසමුද‍්දත්‍ථෙරො, සත්‍ථා පනස‍්ස අවස‍්සයො ජාතො”ති. සත්‍ථා තං කථං සුත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපාහං එතස‍්ස රසතණ‍්හාය බද‍්ධමනස‍්ස අවස‍්සයො ජාතොයෙවා”ති වත්‍වා තෙහි යාචිතො තස‍්සත්‍ථස‍්ස පකාසනත්‍ථං අතීතං ආහරිත්‍වා –

දේශනය අවසානයේ තෙරුන් රහත්වී සෘද්ධි බලයෙන් අහසට නැගී කැණිමඩල බිදදමා පැමිණ බුදුන් වැන්දේය. ධම් සභාවේ කථාවක් ඇතිකළහ. ඇවැත්නි ! දිව පිනවන රසය නිසා මනස නැසුනි. සුන්දර සමුද්ද තෙරුන්ට තථාගතයන් අවශ්‍යවිය බුදුහු එම කථාව අසා මහණෙනි දැන් පමණක් නොව පෙරද ඔහු රස තෘෂ්ණාවේ බැදී මාව අවශ්‍යවීයයි පවසා අතීතය ගෙනහැර දැක්වුහ.

“න කිරත්‍ථි රසෙහි පාපියො, ආවාසෙහි වා සන්‍ථවෙහි වා; වාතමිගං ගහනනිස‍්සිතං, වසමානෙසි රසෙහි සඤ‍්ජයො”ති. (ජා· 1.1.14) –

නිරන්තර වාසස්ථාන වූ, ආවාසයෙහි ද, මිත්‍ර සත්ථවයෙහිද ඡන්දරාගය ලාමකය. දිවට දැනෙන රසයෙහි ඡන්දරාගය යට කී දෙකරුණෙහි ඇල්මට වඩා ලාමකය. ඊට වඩා අධික ඡන්ද රාගයක් නැත්තේමය. සඤ්ජය නම් උයපලු තෙමේ වාත මෘගයා රසයෙන් පොළඹවා තමාගේ වසඟයට ගත්තේය.

එකකනිපාතෙ ඉමං වාතමිගජාතකං විත්‍ථාරෙත්‍වා “තදා සුන්‍දරසමුද‍්දො වාතමිගො අහොසි, ඉමං පන ගාථං වත්‍වා තස‍්ස විස‍්සජ‍්ජාපෙතා රඤ‍්ඤො මහාමච‍්චො අහමෙවා”ති ජාතකං සමොධානෙසීති.

ඒකක නිපාතයේ එන මෙම වාතමිග ජාතකය විස්තර කොට එදා වාත මෘගයා (අද) සුන්දර සමුද්ද නම් වුයේය. මෙම ගාථාව වදාරා එය විසඳු රජුගේ මහා මාත්‍ය මම වී මැයි ජාතක ය ගළපා වදාළ සේක.

සුන්‍දරසමුද‍්දත්‍ථෙරවත්‍ථු බත‍්තිංසතිමං.