34. ජටිලත්ථෙරවත්ථු අට්ඨකථා
34. ජටිලත්ථෙරවත්ථු
34. ජටිල සිටුවරයා පිළිබඳ කථා පුවත
යොධ තණ්හන්ති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො ජටිලත්ථෙරං ආරබ්භ කථෙසි.
“යොධ තණහං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී ජෝතිය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
තත්රායං අනුපුබ්බී කථා – අතීතෙ කිර බාරාණසියං ද්වෙ භාතරො කුටුම්බිකා මහන්තං උච්ඡුඛෙත්තං කාරෙසුං. අථෙකදිවසං කනිට්ඨභාතා උච්ඡුඛෙත්තං ගන්ත්වා “එකං ජෙට්ඨභාතිකස්ස දස්සාමි, එකං මය්හං භවිස්සතී”ති ද්වෙ උච්ඡුයට්ඨියො රසස්ස අනික්ඛමනත්ථාය ඡින්නට්ඨානෙ බන්ධිත්වා ගණ්හි. තදා කිර උච්ඡූනං යන්තෙන පීළනකිච්චං නත්ථි, අග්ගෙ වා මූලෙ වා ඡින්දිත්වා උක්ඛිත්තකාලෙ ධම්මකරණතො උදකං විය සයමෙව රසො නික්ඛමති.
මේ එහි පිළිවෙළ කථාවයි. පෙර බරණැස් නුවර සහෝදරවරු දෙදෙනෙක් මහත් උක් කුඹුරක් කළාහුය. අනතුරුව බාල සහෝදරයා උක් කුඹුරට ගොස් එකක් වැඩිමල් සහෝදරයාට දෙන්නෙමි. එකක් මටයයි සිතා උක්ගස් දෙකක් ගෙන රසය බැහැර නොයනු සඳහා කැපු තැන් බැඳ ගත්තේය. ඒ කාලයේදී උක්ගස් යන්ත්‍රයෙන් මැඩීමක් නැත. අග හෝ මුල සිඳීමෙන් පෙරහනෙන් දිය වැගිරෙන ලෙසට පැණි වැගිරේ.
තස්ස පන ඛෙත්තතො උච්ඡුයට්ඨියො ගහෙත්වා ආගමනකාලෙ ගන්ධමාදනෙ පච්චෙකබුද්ධො සමාපත්තිතො වුට්ඨාය “කස්ස නු ඛො අජ්ජ අනුග්ගහං කරිස්සාමී”ති උපධාරෙන්තො තං අත්තනො ඤාණජාලෙ පවිට්ඨං දිස්වා සඞ්ගහං කාතුං සමත්ථභාවඤ්ච ඤත්වා පත්තචීවරං ආදාය ඉද්ධියා ආගන්ත්වා තස්ස පුරතො අට්ඨාසි. සො තං දිස්වාව පසන්නචිත්තො උත්තරසාටකං උච්චතරෙ භූමිපදෙසෙ අත්ථරිත්වා, “භන්තෙ, ඉධ නිසීදථා”ති පච්චෙකබුද්ධං නිසීදාපෙත්වා “පත්තං උපනාමෙථා”ති උච්ඡුයට්ඨියා බන්ධනට්ඨානං මොචෙත්වා පත්තස්ස උපරි අකාසි, රසො ඔතරිත්වා පත්තං පූරෙසි. පච්චෙකබුද්ධෙන තස්මිං රසෙ පීතෙ “සාධුකං වත මෙ අය්යෙන රසො පීතො. සචෙ මෙ ජෙට්ඨභාතිකො මූලං ආහරාපෙස්සති, මූලං දස්සාමි. සචෙ පත්තිං ආහරාපෙස්සති, පත්තිං දස්සාමී”ති චින්තෙත්වා, “භන්තෙ, පත්තං මෙ උපනාමෙථා”ති දුතියම්පි උච්ඡුයට්ඨිං මොචෙත්වා රසං අදාසි. “භාතා මෙ උච්ඡුඛෙත්තතො අඤ්ඤං උච්ඡුං ආහරිත්වා ඛාදිස්සතී”ති එත්තකම්පි කිරස්ස වඤ්චනචිත්තං නාහොසි. පච්චෙකබුද්ධො පන පඨමං උච්ඡුරසස්ස පීතත්තා තං උච්ඡුරසං අඤ්ඤෙහිපි සද්ධිං සංවිභජිතුකාමො හුත්වා ගහෙත්වාව නිසීදි. සො තස්ස ආකාරං ඤත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා, “භන්තෙ, යො අයං මයා දින්නො අග්ගරසො, ඉමස්ස නිස්සන්දෙන දෙවමනුස්සෙසු සම්පත්තිං අනුභවිත්වා පරියොසානෙ තුම්හෙහි පත්තධම්මමෙව පාපුණෙය්ය”න්ති පත්ථනං පට්ඨපෙසි. පච්චෙකබුද්ධොපිස්ස “එවං හොතූ”ති වත්වා “ඉච්ඡිතං පත්ථිතං තුය්හ”න්ති ද්වීහි ගාථාහි අනුමොදනං කත්වා යථා සො පස්සති, එවං අධිට්ඨහිත්වා ආකාසෙන ගන්ධමාදනං ගන්ත්වා පඤ්චන්නං පච්චෙකබුද්ධසතානං තං රසං අදාසි.
මොහු කුඹුරෙන් උක් ගස් ගෙන ආපසු එන අවස්ථාවේ දී - ගන්ධමාදන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් නැගිට අද කාටනම් අනුග්‍රහ කරමිදැයි විමසා බලන්නේ මේ සොහොයුරු තම ඤාණ ජාලයට හසුවිය. සංග්‍රහ කිරීමට සමර්ථ භාවය දැන පා සිවුරු ගෙන ඍද්ධියෙන් පැමිණ ඔහු ඉදිරියේ සිටියහ. බාල සොහොයුරු බුදුරජාණන් වහන්සේ දැක පැහැදුන සිත් ඇතිව උතුරු සළුව උස් වූ බිම් පෙදෙසක අතුරා ස්වාමීනි මෙහි වාඩි වන්නැයි පසේ බුදුන් වාඩි කරවා පාත්‍රය එළවන්නැයි ඉල්ලා උක් ගසේ බැමිලිහීය උග් ගසින් පැණි වැගිරි පාත්‍රයට වැටුනි. පසේ බුදුන් උල්පැණි පානය කළහ. ස්වාමීනි ඔබවහන්සේ උක්රස පානය කිරීම යහපති ඉදින් මගේ වැඩිමල් සොහොයුරා ද උග්ගස දුන්විට ඔහුද දන් දෙනු ඇතැයි සිතා ස්වාමීනි පාත්‍රය මේ දෙසට යොමුකරණු මැනව දෙවනුව ද උග්ගසේ බැඳ තුබු තැන ලිහා රසය පාත්‍රයට පෙරෙන්නට හැරියේය. පළමු උග්ගසේ පැණි වැළදු නිසා දෙවැනි උග්ගසේ පැණි පාත්‍රයේ පුරවා අනෙක් අය හා බෙදා ගැනීමට වාඩිවී සිටියහ. ඔහු බුදුන්ගේ ආකාරය දැනගෙන පසඟ පිහිටුවා වැද ස්වාමීනි මම දෙන ලද අග්ග රසය නිසා නිසැකවම මේ විපාකයෙන් දෙමිනිස් සම්පත් අනුභව කොට කෙළවර ඔබ විසින් පැතූ සම්පත් පැමිණෙන්නේ යයි ප්‍රාර්ථනා තැබුහ පසේ බුදුන්ද එසේ වේවායි පවසා ඉවජිතං පත්ථිතං ආදී දෙගාථාවෙන් අනුමෝදනා කර ඔහු ප්‍රාර්ථනා කරන ලෙසට අදිටන් කර අහසින් ගන්ධමාදන පර්වතයට වැඩම කරවා පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලාට එම රසය දුන්හ.
සො තං පාටිහාරියං දිස්වා භාතු සන්තිකං ගන්ත්වා “කහං ගතොසී”ති වුත්තෙ “උච්ඡුඛෙත්තං ඔලොකෙතුං ගතොම්හී”ති. “කිං තාදිසෙන උච්ඡුඛෙත්තං ගතෙන, නනු නාම එකං වා ද්වෙ වා උච්ඡුයට්ඨියො ආදාය ආගන්තබ්බං භවෙය්යා”ති භාතරා වුත්තො – “ආම, භාතික, ද්වෙ මෙ උච්ඡුයට්ඨියො ගහිතා, එකං පන පච්චෙකබුද්ධං දිස්වා මම උච්ඡුයට්ඨිතො රසං දත්වා ‘මූලං වා පත්තිං වා දස්සාමී’ති තුම්හාකම්පි මෙ උච්ඡුයට්ඨිතො රසො දින්නො, කිං නු ඛො තස්ස මූලං ගණ්හිස්සථ, උදාහු පත්ති”න්ති ආහ. “කිං පන පච්චෙකබුද්ධෙන කත”න්ති? “මම උච්ඡුයට්ඨිතො රසං පිවිත්වා තුම්හාකං උච්ඡුයට්ඨිතො රසං ආදාය ආකාසෙන ගන්ධමාදනං ගන්ත්වා පඤ්චසතානං පච්චෙකබුද්ධානං අදාසී”ති. සො තස්මිං කථෙන්තෙයෙව නිරන්තරං පීතියා ඵුට්ඨසරීරො හුත්වා “තෙන මෙ පච්චෙකබුද්ධෙන දිට්ඨධම්මස්සෙව අධිගමො භවෙය්යා”ති පත්ථනං අකාසි. එවං කනිට්ඨෙන තිස්සො සම්පත්තියො පත්ථිතා, ජෙට්ඨෙන පන එකපදෙනෙව අරහත්තං පත්ථිතන්ති ඉදං තෙසං පුබ්බකම්මං.
ඔහු මේ ප්‍රතිභාර්යය දැක සහෝදරයා ළඟට ගිය කල්හි කොහි ගියේ දැයි විමසු විට උක් කුඹුර බලන්ට යයි පැවසූ විට ඔබ වැනි කෙනෙකුන් කුඹුර බැලීමට යාමෙන් කවර ප්‍රයෝජනයක්ද එකක් හෝ දෙකක් ගෙන ආයුතු නො වන්නේද? සහෝදරයා පැවසු විට එය සොහොයුර මවිසින් උක්ගස් දෙකක් ගෙන ආමි. එකක් පසේ බුදුන් දැක රස දන් දුනිමි. කිම මුලින් ද අගින් ද රස දුන්නේ පසේ බුදුරදුන් කුමක් කළාහුද මගේ උක්ගසේ රසය පානය කර ඔබ සඳහා වූ උක්ගසේ රස පාත්‍රයට ගෙන ගන්ධමාදන පර්වතයට වැඩමවා පන්සියයක් පසේ බුදුවරුන්ට දන් දුන්හ. මේ සියළු කථා විස්තර අසමින් සිටින අතර මහත් ප්‍රීතියට පත්ව සතුට පැතිරි උන්වහන්සේට පිදීමෙන් මෙලොවදීම සම්පත් ලැබේයයි ප්‍රාර්ථනා තැබීය. බාලයා ත්‍රිවිධ සම්පත් පැතීය දෙවැන්නා රහත්බවකින්ම පැතීය. පත්විය.
තෙ යාවතායුකං ඨත්වා තතො චුතා දෙවලොකෙ නිබ්බත්තිත්වා එකං බුද්ධන්තරං ඛෙපයිංසු. තෙසං දෙවලොකෙ ඨිතකාලෙයෙව විපස්සී සම්මාසම්බුද්ධො ලොකෙ උප්පජ්ජි. තෙපි දෙවලොකතො චවිත්වා බන්ධුමතියා එකස්මිං කුලගෙහෙ ජෙට්ඨො ජෙට්ඨොව, කනිට්ඨො කනිට්ඨොව හුත්වා පටිසන්ධිං ගණ්හිංසු. තෙසු ජෙට්ඨස්ස සෙනොති නාමං අකංසු, කනිට්ඨස්ස අපරාජිතොති. තෙසු වයප්පත්තකාලෙ කුටුම්බං සණ්ඨාපෙත්වා විහරන්තෙසු “බුද්ධරතනං ලොකෙ උප්පන්නං, ධම්මරතනං, සඞ්ඝරතනං, දානානි දෙථ, පුඤ්ඤානි කරොථ, අජ්ජ අට්ඨමී, අජ්ජ චාතුද්දසී, අජ්ජ පන්නරසී, උපොසථං කරොථ, ධම්මං සුණාථා”ති ධම්මඝොසකස්ස බන්ධුමතීනගරෙ ඝොසනං සුත්වා මහාජනං පුරෙභත්තං දානං දත්වා පච්ඡාභත්තං ධම්මස්සවනාය ගච්ඡන්තං දිස්වා සෙනකුටුම්බිකො “කහං ගච්ඡථා”ති පුච්ඡිත්වා “සත්ථු සන්තිකං ධම්මස්සවනායා”ති වුත්තෙ “අහම්පි ගමිස්සාමී”ති තෙහි සද්ධිංයෙව ගන්ත්වා පරිසපරියන්තෙ නිසීදි.
ඔවුහු දිවි ඇතිතෙක් සිට ඉන් චුතව දෙලොව ඉපිද බුද්ධාන්තරයක් ගෙවුහ. ඔවුන් දෙලොව සිටි කාලයේදීම විපස්සී බුදුන් ලොව පහළ වුහ. ඔවුද දෙලොවින් චුතවී බන්ධුමතී නුවර එකම කුල ගෙයක ජ්‍යෙෂ්ඨයා ජ්‍යෙෂ්ඨ සහෝදරයා ලෙසටද බාලයා බාල සොහොයුරා ලෙසටද උපත ලැබුහ. ජ්‍යෙෂ්ඨයා සේන වීය. කණිෂ්ඨයා අපරාජිත නම් විය. ඔවුන් වයසට පත් වූ විට කුටුම්බය පිහිටුවා වාසය කරන අතර බුද්ධ රත්නය ලොව පහළ විය. ධර්ම රත්නය සංඝරත්නය ද පහළ විය. දන් දෙව් පින්කරවු අද අටවක, අද අමාවක - උපෝසථ සමාදන්වමු. ධර්මය අසවු මේ ආදී ධර්මඝෝෂා බන්ධුමතී නුවර ඝෝෂා අසා මහජනයා පෙරවරු දන් දී සවස බණ ඇසීමට යනු දැක කුටුම්බක ඔබ කොහේ යන්නේදැයි විමසා බුදුන් වෙත ධර්මය ඇසීමට යයි දැනගත්විට මමද යමියි ඔවුන් සමග ගොස් පිරිස කෙළවර වාඩිවිය.
සත්ථා තස්ස අජ්ඣාසයං විදිත්වා අනුපුබ්බිං කථං කථෙසි. සො සත්ථු ධම්මං සුත්වා පබ්බජ්ජාය උස්සාහජාතො සත්ථාරං පබ්බජ්ජං යාචි. අථ නං සත්ථා “අත්ථි පන තෙ අපලොකෙතබ්බා ඤාතකා”ති පුච්ඡි. අත්ථි, භන්තෙති. තෙන හි අපලොකෙත්වා එහීති. සො කනිට්ඨස්ස සන්තිකං ගන්ත්වා “යං ඉමස්මිං කුලෙ සාපතෙය්යං, තං සබ්බං තව හොතූ”ති ආහ. තුම්හෙ පන, සාමීති. අහං සත්ථු සන්තිකෙ පබ්බජිස්සාමීති. සාමි කිං වදෙථ, අහං මාතරි මතාය මාතරං විය, පිතරි මතෙ පිතරං විය තුම්හෙ අලත්ථං, ඉදං කුලං මහාභොගං, ගෙහෙ ඨිතෙනෙව සක්කා පුඤ්ඤානි කාතුං, මා එවං කරිත්ථාති. මයා සත්ථු සන්තිකෙ ධම්මො සුතො, න සක්කා තං අගාරමජ්ඣෙ ඨිතෙන පූරෙතුං, පබ්බජිස්සාමෙවාහං, ත්වං නිවත්තාහීති. එවං සො කනිට්ඨං නිවත්තාපෙත්වා සත්ථු සන්තිකෙ පබ්බජිත්වා ලද්ධූපසම්පදො න චිරස්සෙව අරහත්තං පාපුණි. කනිට්ඨොපි “භාතු පබ්බජිතසක්කාරං කරිස්සාමී”ති සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං දත්වා භාතරං වන්දිත්වා ආහ – “භන්තෙ, තුම්හෙහි අත්තනො භවනිස්සරණං කතං, අහං පන පඤ්චහි කාමගුණෙහි බද්ධො නික්ඛමිත්වා පබ්බජිතුං න සක්කොමි, මය්හං ගෙහෙ ඨිතස්සෙව අනුච්ඡවිකං මහන්තං පුඤ්ඤකම්මං ආචික්ඛථා”ති. අථ නං ථෙරො “සාධු සාධු, පණ්ඩිත, සත්ථු ගන්ධකුටිං කරොහී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා නානාදාරූනි ආහරාපෙත්වා ථම්භාදීනං අත්ථාය තච්ඡාපෙත්වා එකං සුවණ්ණඛචිතං, එකං රජතඛචිතං, එකං මණිඛචිතන්ති සබ්බානි සත්තරතනඛචිතානි කාරෙත්වා තෙහි ගන්ධකුටිං කාරෙත්වා සත්තරතනඛචිතාහෙව ඡදනිට්ඨකාහි ඡාදාපෙසි. ගන්ධකුටියා කරණකාලෙයෙව පන තං අත්තනා සමානනාමකො අපරාජිතොයෙව නාම භාගිනෙය්යො උපසඞ්කමිත්වා “අහම්පි කරිස්සාමි, මය්හම්පි පත්තිං දෙථ මාතුලා”ති ආහ. න දෙමි, තාත, අඤ්ඤෙහි අසාධාරණං කරිස්සාමීති. සො බහුම්පි යාචිත්වා පත්තිං අලභමානො “ගන්ධකුටියා පුරතො කුඤ්ජරසාලං ලද්ධුං වට්ටතී”ති සත්තරතනමයං කුඤ්ජරසාලං කාරෙසි. සො ඉමස්මිං බුද්ධුප්පාදෙ මෙණ්ඩකසෙට්ඨි හුත්වා නිබ්බත්ති.
බුදුහු ඔහුගේ අදහස දැනගෙන අනුපිළිවෙළ කථාව කළහ. ඔහු බුදුන්ගේ ධර්මය අසා උත්සාහවත් වුයේ බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලුවේය. අනතුරුව බුදුහු ඔබට දැන්විය යුතු ඥාතීන් සිටීදැයි විමසුහ. ඔහු බාල සොහොයුරා වෙත ගොස් මේ කුලයේ යම් ධන සම්පතක් තිබේ ද ඒ සියලු දේ ඔබට අයත් වේවායි පැවසුවේය. ඔබ ස්වාමි යැයි විමසුවිට මම බුදුන් වෙත පැවිදි වන්නෙමි. ස්වාමියා කුමක් කියන්නේ ද මව මිය ගියවිට මෑණියන් වැනි විය. පියා මිය ගියවිට පියා වැනි විය. ඔබ මෙහි සිටියදීම සම්පත් ඇති නිසා මෙහිදීම පිං කළ හැකිය. මෙලෙස පැවිදි නො වන්නැයි ඉල්ලා සිටියේය. මවිසින් බුදුන් සමීපයේ ධර්මය අසන ලදී එය ගිහි ගෙයි සිටිය දී සපුරන්නට නොහැකිය. ඔබ නවතින්න මම පැවිදි වන්නෙමි. මෙලෙස බාල සොහොයුරා ගෙදර නවතා බුදුන් වෙත පැවිදිවී ලබන ලද උපසම්පදා? ඇත්තේ නොබෝ දිනකින් රහත්ඵලයට පත්වූහ. බාලයාද පැවිදි වූ සොහොයුරාට සත්කාර කරමියි දින හතරක් බුද්ධ ප්රමුඛ සංඝයාට දන් දී සහෝදරයාට වැඳ මෙලෙස කීවේ. ස්වාමීනි ඔබ විසින් භව නිස්සරණය කරන ලදී. මට පස්කම් ගුණයේ බැදී නික්මී පැවිදි වීමටද නො හැක්කෙමි. මම ගෙයි සිටියදීම සුදුසු වූ මහත් පිංකම් කියා දෙන්නැයි පැවසුවේය. එහි දී තෙරුන් වහන්සේ යහපත නුවණැත්ත බුදුන්ට ගඳකිළියක් කරන්නැයි පැවසුවේය. ඔහු යහපතැයි පිළිගෙන නොයෙක් දැව වර්ග ගෙන්වා ගෙන කුළුණු ආදිය එකක් රත්න ඔබ්බවා තවෙකක් රිදී ඔබ්බවා තව එකක මැණික් ඔබ්බවා සියල්ලම සියළු රන් ජාති යොදා කරවා ඒවායෙන් ගඳකිළිය කරන කාලයේ වනාහි තමන්ට සමාන නම් ඇති අපරාජිත නම් බෑනා පැමිණ මම ද කරමි. මට ද ප්‍රාප්තිය දෙන්න. මාමණ්ඩිය යනුවෙන් ඉල්ලා සිටි විට දරුව නොදෙමි අන්‍යයන්ට අසාධාරණ වුවක් කරන්නෙමි ඔහු බොහෝ කොට ඉල්ලු පිං නොලැබුන විට ගඳකිළිය ඉදිරියේ ඇති ශාලාවක් කිරීම වටීයයි සරුවන්නේමය හත්ථි ශාලාවක් කළේය. ඔහු මේ බුද්ධොත්පාද කාලයේ මෙණ්ඩක සිටුවරයා වී උපන්නේය.
ගන්ධකුටියං පන සත්තරතනමයානි තීණි මහාවාතපානානි අහෙසුං. තෙසං අභිමුඛෙ හෙට්ඨා සුධාපරිකම්මකතා තිස්සො පොක්ඛරණියො කාරෙත්වා චතුජ්ජාතිකගන්ධොදකස්ස පූරෙත්වා අපරාජිතො, ගහපති, පඤ්චවණ්ණානි කුසුමානි රොපාපෙසි තථාගතස්ස අන්තො නිසින්නකාලෙ වාතවෙගෙන සමුට්ඨිතාහි රෙණුවට්ටීහි සරීරස්ස ඔකිරණත්ථං. ගන්ධකුටිථූපිකාය කපල්ලං රත්තසුවණ්ණමයං අහොසි, පවාළමයා සිඛරා, හෙට්ඨා මණිමයා ඡදනිට්ඨකා. ඉති සා නච්චන්තො විය මොරො සොභමානා අට්ඨාසි. සත්තසු පන රතනෙසු කොට්ටෙතබ්බයුත්තකං කොට්ටෙත්වා ඉතරං සකලමෙව ගහෙත්වා ජණ්ණුමත්තෙන ඔධිනා ගන්ධකුටිං පරික්ඛිපිත්වා පරිවෙණං පූරෙසි.
ගඳකිළිය සත් රුවන්මය විය. මහා ජනෙල් තුනක් විය. ඒවා ඉදිරියේ යට සුදුපැහැ ගැන් වූ පොකුණු තුනක් විය. සුවඳ වර්ග හතරක් ඇති ජලය පුරවා අපරාජිත ගෘහපති පස්වනක් පියුම් රෝපණය කළේය. බුදුරජාණන් වහන්සේ ඇතුළත වැඩ සිටින විට සුළඟින් නැගෙන මල්රේණු සිරුරට වැටීම සඳහා ගන්ධ කුටි මුදුනේ කපලු භාජනයක රත්න ස්වර්ණමය සුණු තිබුණි. පලුමය මුදුන් පත්යට මැණික්මය උළු කැට විය. නටන මොනරෙකුගේ රුව එහි වීය. සත් රුවන්වලින් කැටයම් කළයුතු දෑ කැටයම් කර ඉතිරි සියල්ලම ගෙන දණක් පමණ දුරට ගඳකිළිය වටකොට පිරිවෙණ පිරවීය
එවං ගන්ධකුටිං නිට්ඨාපෙත්වා අපරාජිතො, ගහපති, භාතිකත්ථෙරං උපසඞ්කමිත්වා ආහ – “භන්තෙ, නිට්ඨිතා ගන්ධකුටි, පරිභොගමස්සා පච්චාසීසාමි, පරිභොගෙන කිර මහන්තං පුඤ්ඤං හොතී”ති. සො සත්ථාරං උපසඞ්කමිත්වා, “භන්තෙ, ඉමිනා කිර වො කුටුම්බිකෙන ගන්ධකුටි කාරිතා, ඉදානි පන පරිභොගං පච්චාසීසතී”ති ආහ. සත්ථා උට්ඨායාසනා ගන්ධකුටිඅභිමුඛං ගන්ත්වා ගන්ධකුටිං පරික්ඛිපිත්වා පරික්ඛිත්තරතනරාසිං ඔලොකෙන්තො ද්වාරකොට්ඨකෙ අට්ඨාසි. අථ නං කුටුම්බිකො “පවිසථ, භන්තෙ”ති ආහ. සත්ථා තත්ථෙව ඨත්වා තතියවාරෙ තස්ස භාතිකත්ථෙරං ඔලොකෙසි. සො ඔලොකිතාකාරෙනෙව ඤත්වා කනිට්ඨභාතරං ආහ – “එහි, තාත, ‘මමෙව රක්ඛා භවිස්සති, තුම්හෙ යථාසුඛං වසථා’ති සත්ථාරං වදෙහී”ති. සො තස්ස වචනං සුත්වා සත්ථාරං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා, “භන්තෙ, යථා මනුස්සා රුක්ඛමූලෙ පවිසිත්වා අනපෙක්ඛා පක්කමන්ති, යථා වා නදිං තරිත්වා උළුම්පං අනපෙක්ඛා පරිච්චජන්ති, එවං අනපෙක්ඛා හුත්වා තුම්හෙ වසථා”ති ආහ. කිමත්ථං පන සත්ථා අට්ඨාසි? එවං කිරස්ස අහොසි – “බුද්ධානං සන්තිකං පුරෙභත්තම්පි පච්ඡාභත්තම්පි බහූ ආගච්ඡන්ති, තෙසු රතනානි ආදාය පක්කමන්තෙසු න සක්කා අම්හෙහි වාරෙතුං, පරිවෙණම්හි එත්තකෙ රතනෙ වොකිණ්ණෙ අත්තනො උපට්ඨාකෙ හරන්තෙපි න වාරෙතීති කුටුම්බිකො මයි ආඝාතං කත්වා අපායූපගො භවෙය්යා”ති ඉමිනා කාරණෙන අට්ඨාසි. තෙන පන, “භන්තෙ, මමෙව රක්ඛා භවිස්සති, තුම්හෙ වසථා”ති වුත්තෙ පාවිසි.
මෙලෙස ගඳකිළිය නිමාකොට අපරාජිත ගෘහපති සහෝදර තෙරුන් වෙත එළඹ මෙසේ පැවසුවේය. “ස්වාමීනි ගඳකිළියේ කටයුතු නිමා විය. එය පරිභෝග කිරීම අපේක්ෂා කරමි. පරිභෝග කිරීමෙන් මහත් පිනක් සිදුවේ. තෙරුන් වහන්සේ බුදුන් වෙත එළඹ ස්වාමීනි මේ කෙළඹියා විසින් ගඳ කිළිය නිමවන ලදී. දැන් එය පරිභෝග කිරීම අපේක්ෂා කරයි. යනුවෙන් පැවසුහ. බුදුරජාණන් වහන්සේ අසුනින් නැගී සිට ගඳකිළිය දෙසට ගොස් ගඳකිළිය වටා තබන ලද මැණික් රාශිය බලා දොරටු කොටුවෙහි වැඩසිටියහ. අනතුරුව කෙළෙඹියා ස්වාමීනි පිවිසෙන්නැයි පැවසුවේය. තථාගතයන් වහන්සේ එලෙසටම සිට තෙවැනි වර ඒ සහෝදර තෙරුන්දෙස බැලුහ. උන්වහන්සේ බැලු ආකාරයෙන්ම දැනගෙන කණිටු සොහොයුරාට (කෙළෙඹියාට) මෙසේ පැවසුවේය. එන්න දරුව මවිසින් ආරක්ෂාව සිදුකරනු ලැබේ. නුඹ වහන්සේ සුවසේ වාසය කරන සේක්වා යයි තථාගතයන් වහන්සේට කියන ලෙසට පැවසූහ. කෙළෙඹියා උන්වහන්සේගේ වචනය අසා බුදුන්ට පසඟ පිහිටුවා වැඳ ස්වවාමිනි යම් සේ මිනිස්සු ගස් මුල සිට අපේක්ෂාවක් නැතිවම ආපසු යන්නේද යම්සේ ගඟක් තරණය කර ඔරුව අතහැර බැහැ රයන්නේද එලෙසට අපේක්ෂාවක් නොමැතිවම ඔබ වහන්සේ වසන සේක්වායි පැවසුහ. කුමක් නිසා බුදුහු සිටගෙන සිටීද උන්වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. බුදුන් වෙතට පෙරවරුවේ ද සවස් කාලයේද බොහෝ දෙන පැමිණෙති. ඔවුන් මැණික් අරගෙන යනවිට වළක්වන්නට නොහැකිය. පිරිවෙන්හි මෙපමණ මැණික් විසුරුවා ඇතිවිට තව උපස්ථායකයින් ගෙනයනවිට වැළකිය නොහැකිය. කෙළෙඹියා මා කෙරෙහි වෛර බැඳ අපායගාමි වන්නේය. මේ කරුණ නිසා පළමුව ඇතුල් නොවී බලා සිටියහ. ඒවා මවිසින් රැකේ ඔබ වහන්සේ වාසය කරන්නැයි පැවසුවට පිවිසුනාහුය.
කුටුම්බිකො සමන්තා රක්ඛං ඨපෙත්වා මනුස්සෙ ආහ – “තාතා, උච්ඡඞ්ගෙන වා පච්ඡිපසිබ්බකෙහි වා ආදාය ගච්ඡන්තෙ වාරෙය්යාථ, හත්ථෙන ගහෙත්වා ගච්ඡන්තෙ පන මා වාරයිත්ථා”ති. අන්තොනගරෙපි ආරොචාපෙසි “මයා ගන්ධකුටිපරිවෙණෙ සත්ත රතනානි ඔකිණ්ණානි, සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා ගච්ඡන්තා දුග්ගතමනුස්සා උභො හත්ථෙ පූරෙත්වා ගණ්හන්තු, සුඛිතාපි එකෙන ගණ්හන්තූ”ති. එවං කිරස්ස අහොසි “සද්ධා තාව ධම්මං සොතුකාමා ගමිස්සන්තියෙව, අස්සද්ධාපි පන ධනලොභෙන ගන්ත්වා ධම්මං සුත්වා දුක්ඛතො මුච්චිස්සන්තී”ති. තස්මා ජනසඞ්ගහත්ථාය එවං ආරොචාපෙසි. මහාජනො තෙන වුත්තනියාමෙනෙව රතනානි ගණ්හි. සකිං ඔකිණ්ණරතනෙසු ඛීණෙසු යාවතතියං ජණ්ණුමත්තෙන ඔධිනා ඔකිරාපෙසියෙව. සත්ථු පන පාදමූලෙ තිපුසමත්තං අනග්ඝං මණිරතනං ඨපෙසි. එවං කිරස්ස අහොසි – “සත්ථු සරීරතො සුවණ්ණවණ්ණාය පභාය සද්ධිං මණිපභං ඔලොකෙන්තානං තිත්ති නාම න භවිස්සතී”ති. තස්මා එවමකාසි. මහාජනොපි අතිත්තොව ඔලොකෙසි.
කෙළෙඹියාද හාත්පස ආරක්ෂාව තබා මිනිසුන්ට කීහ. දරුවනි උකුලේ හෝ සෙම්බුවල හා ගෙනයන්නන් වළක්වවු අතින් ගෙන යන්නන් නො වළක්වමු. නගරය තුළ ද දැනුම් දුනි. මවිසින් ගන්ධකූට පිරික්වෙනේ සරුවන් විසුරුවා ඇත. බුදුන්ගෙන් ධර්මය අසා යන්නවුන් දුගී අය දෙඅත් පුරවා ගනිත්වා - සුවපත් අය එක් අතකින් පමණක් ගෙනයමු. ඔහු මෙසේ සිතා මේ ලෙසට අණදුනි. සැදැහැවත්හු ධර්මය ඇසීමට පැමිණෙති. ශ්‍රද්ධා නැති අය ධන ආශාවෙන් ගොස් බණ අසා දුකින් මිදෙති. මේ නිසා ජනතාවට සංග්‍රහ වශයෙන් මෙලෙස දැනුම් දුන්නේය. මහජනයා ඔහු විසින් කියන ලද පරිදිම මැණික් ගත්තේහ. වරක් අඩුවූ විට පිරවීය මේ ලෙසට තුන්වතාවක් පිරවීය. දණක් පමණට සප්තරත්න පුරවාලීය. බුදුරදුන්ගේ පා තබන තැන පුහුල් ගෙඩියක් තරම් වූ මැණිකක් තබා තිබුණි. ඔහු මෙසේ තබන ලද්දේ බුද්ධ ශරීරයෙන් රන්වන් වූ ප්රභාශ්වෙන් යුත් මැණික් ප්‍රභාව බලන අයට තෘප්තියක් ඇති නොවේ. එනිසා එම මැණික තබන ලදී. මහ ජනතාව ද තෘප්තියක් නොමැතිවම බලා සිටියහ.
අථෙකදිවසං එකො මිච්ඡාදිට්ඨිකබ්රාහ්මණො “සත්ථු කිර පාදමූලෙ මහග්ඝං මණිරතනං නික්ඛිත්තං, හරිස්සාමි න”න්ති විහාරං ගන්ත්වා සත්ථාරං වන්දිතුං ආගතස්ස මහාජනස්ස අන්තරෙන පාවිසි. කුටුම්බිකො තස්ස පවිසනාකාරෙනෙව “මණිං ගණ්හිතුකාමො”ති සල්ලක්ඛෙත්වා “අහො වත න ගණ්හෙය්යා”ති චින්තෙසි. සොපි සත්ථාරං වන්දන්තො විය පාදමූලෙ හත්ථං උපනාමෙත්වා මණිං ගහෙත්වා ඔවට්ටිකාය කත්වා පක්කාමි. කුටුම්බිකො තස්මිං චිත්තං පසාදෙතුං නාසක්ඛි. සො ධම්මකථාවසානෙ සත්ථාරං උපසඞ්කමිත්වා ආහ – “භන්තෙ, මයා තික්ඛත්තුං ගන්ධකුටිං පරික්ඛිපිත්වා ජණ්ණුමත්තෙන ඔධිනා සත්ත රතනානි ඔකිණ්ණානි, තානි මෙ ගණ්හන්තෙසු ආඝාතො නාම නාහොසි, චිත්තං භිය්යො භිය්යො පසීදියෙව. අජ්ජ පන ‘අහො වතායං බ්රාහ්මණො මණිං න ගණ්හෙය්යා’ති චින්තෙත්වා තස්මිං මණිං ආදාය ගතෙ චිත්තං පසාදෙතුං නාසක්ඛි”න්ති. සත්ථා තස්ස වචනං සුත්වා “නනු, උපාසක, අත්තනො සන්තකං පරෙහි අනාහරණීයං කාතුං සක්කොසී”ති නයං අදාසි. සො සත්ථාරා දින්නනයෙ ඨත්වා සත්ථාරං වන්දිත්වා “අජ්ජ ආදිං කත්වා මම සන්තකං දසිකසුත්තමත්තම්පි මං අභිභවිත්වා අනෙකසතාපි රාජානො වා චොරා වා ගණ්හිතුං සමත්ථා නාම මා හොන්තු, අග්ගිනාපි මම සන්තකං මා ඩය්හතු, උදකෙනපි මා වුය්හතූ”ති පත්ථනං අකාසි. සත්ථාපිස්ස “එවං හොතූ”ති අනුමොදනං අකාසි. සො ගන්ධකුටිමහං කරොන්තො අට්ඨසට්ඨියා භික්ඛුසතසහස්සානං අන්තොවිහාරෙයෙව නව මාසෙ මහාදානං දත්වා දානපරියොසානෙ සබ්බෙසං තිචීවරං අදාසි. සඞ්ඝනවකස්ස චීවරසාටකා සහස්සග්ඝනකා අහෙසුං.
මේ අතර එක් මිථ්‍යාදෘෂ්ටික බමුණෙක් බුදුන් පාමුල අතර මැණික ගන්නෙමියි බුදුන් වන්දනා වට පැමිණි පිරිස අතරින් රිංගා ගොස් කෙළෙඹියා ඔහු ඇතුල්වුන ආකාරයෙන්ම මැණික ගනීයයි සිතා එය නොගනිවායි සිතු වේ. බ්‍රාහ්මණයාද බුදුන් පා වඳින ලෙසට පාද මුලයට අතයවා මැණික ගෙන ඔඩොක්කුවේ තබාගෙන ගියේය. කෙළෙඹියාට සිත ප්‍රසාදයට පත්කර ගැනීම පහසු නොවීය. හේ ධර්ම දේශනය අවසන බුදුන් වෙත එළඹ ස්වාමීනි මම ගඳකිළිය වටා තුන්වතාවක්ම සත් රුවන් පුරවාලීමි. ඒවා ගැනීමේදී මට අවසානයක් ඇති නොවීය. සිත බහුලව බහුලව පැහැදුණේ විය. අද බ්‍රාහ්මණයා මැණික වෙත එනවිට අහෝ නොගනීවායි සිතුවෙමි. එහෙත් එය රැගෙන යන විට මගේ සිත ප්‍රසාදයට පත්කර ගැනීමට නොහැකිවිය බුදුරදුන් ඔහුගේ කථාව අසා උපාසකය තමන් සතු දේ අන් අය විසින් නොගෙන යන්නට කටයුතු කිරිම කළ නොහැකියයි න්‍යායක් දුන්නේය. හේ බුදුන් විසින් දෙන ලද න්‍යාය අනුව සිට බුදුන් වැඳ ස්වාමීනි අද පටන් මා සතු ඇදි වතක නූලක් පමණවත් මා අභිභවා නොයෙක් සියගණන් රජවරුද - සොරුන්ද ගැනීමට සමත් අය නොවේවායි ප්‍රාර්ථනයක් කළේය. බුදුරදුන්ද එලෙස වේවායි අනුමෝදනා කළහ. ඔහු ගඳකිළි මහ උත්සවය කරද්දී හැට අට දහසක් භික්ෂූන් වහන්සේලාට මහදන් පිරිනමා කෙළවර තුන් සිවුරු පුජා කළේය. නවක භික්ෂූන්ට සිවුරු රෙදි ලක්ෂයක් අගනා ඒවා පරිත්‍යාග කෙරුණි.
සො එවං යාවතායුකං පුඤ්ඤානි කරිත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්වා එත්තකං කාලං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ එකස්මිං සෙට්ඨිකුලෙ පටිසන්ධිං ගහෙත්වා අඩ්ඪමාසාධිකෙ නව මාසෙ මාතුකුච්ඡියං වසි. ජාතදිවසෙ පනස්ස සකලනගරෙ සබ්බාවුධානි පජ්ජලිංසු, සබ්බෙසං කායරූළ්හානි ආභරණානිපි පජ්ජලිතානි විය ඔභාසං මුඤ්චිංසු, නගරං එකපජ්ජොතං අහොසි. සෙට්ඨිපි පාතොව රාජූපට්ඨානං අගමාසි. අථ නං රාජා පුච්ඡි – “අජ්ජ සබ්බාවුධානි පජ්ජලිංසු, නගරං එකපජ්ජොතං ජාතං, ජානාසි නු ඛො එත්ථ කාරණ”න්ති? “ජානාමි, දෙවා”ති. “කිං, සෙට්ඨී”ති? “මම ගෙහෙ තුම්හාකං දාසො ජාතො, තස්ස පුඤ්ඤතෙජෙනෙවං අහොසී”ති. “කිං නු ඛො චොරො භවිස්සතී”ති? “නත්ථෙතං, දෙව, පුඤ්ඤවා සත්තො කතාභිනීහාරො”ති. “තෙන හි නං සම්මා පොසෙතුං වට්ටති, ඉදමස්ස ඛීරමූලං හොතූ”ති දෙවසිකං සහස්සං පට්ඨපෙසි. අථස්ස නාමගහණදිවසෙ සකලනගරස්ස එකපජ්ජොතභූතත්තා ජොතිකොත්වෙව නාමං කරිංසු.
ඔහු මෙසේ දිවි ඇතිතෙක් පිංකර ඉන් චුතවුයේ දෙලොව ඉපදුණේ මෙපමණ කල් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාද කාලයේදී රජගහනුවර එක් සිටුකුලයක ප්රතිසන්ධි ගෙන දස එකඩ මසක් මවුකුස සිටියේය. ඔහු උපන්දින නගරයේ සියළු ආභරණ ද දිළිසුනි. ආලෝකයක් නිකුත් වුනි. නගරයම එකම ප්රභාවක් පැවතුනි. සිටාණෝ ද අළුයම රාජ්‍ය උපාස්ථානයට ගියේය. අනතුරුව රජු විසින් විමසන ලදී. අපේ සියළු ආයුධ දිළිසුණි. නගරයට එකම ආලෝකයක් විය. ඔබ මෙයට හේතු කාරණ දන්නේද? රජතුමන් දනිමි. කුමක්ද හේතුව මගේ ගෙයි ඔබේ දාසයෙක් උපන්නේය. ඔහුගේ පුතෙදින් මෙය සිදුවිය. කුමක්ද ඔහු හොරෙක් වන්නේද? නැත දේවයනි, කරන ලද අධිකාර ඇති පිංවතෙකි. එනිසා ඔහු වෑයමින් පෝෂණය කිරීම වටී. මෙය කිරි සඳහා වේවායි. දෛනිකව දහයක් නියම කර පැනවීය. මොහුට නම් තබන දින මුළු නගරයම බැබළුන නිසා ජෝතිය යනුවෙන් නම් කෙරුණි.
අථස්ස වයප්පත්තකාලෙ ගෙහකරණත්ථාය භූමිතලෙ සොධියමානෙ සක්කස්ස භවනං උණ්හාකාරං දස්සෙසි. සක්කො “කිං නු ඛො ඉද”න්ති උපධාරයමානො “ජොතිකස්ස ගෙහට්ඨානං ගණ්හන්තී”ති ඤත්වා “නායං එතෙහි කතගෙහෙ වසිස්සති, මයාපෙත්ථ ගන්තුං වට්ටතී”ති වඩ්ඪකීවෙසෙන තත්ථ ගන්ත්වා “කිං කරොථා”ති ආහ. “ජොතිකස්ස ගෙහට්ඨානං ගණ්හාමා”ති. “අපෙථ, නායං තුම්හෙහි කතගෙහෙ වසිස්සතී”ති වත්වා සොළසකරීසමත්තං භූමිපදෙසං ඔලොකෙසි, සො තාවදෙව කසිණමණ්ඩලං විය සමො අහොසි. පුන “ඉමස්මිං ඨානෙ පථවිං භින්දිත්වා සත්තරතනමයො සත්තභූමිකපාසාදො උට්ඨහතූ”ති චින්තෙත්වා ඔලොකෙසි, තාවදෙව තථාරූපො පාසාදො උට්ඨහි. පුන “ඉමං පරික්ඛිපිත්වා සත්තරතනමයා සත්ත පාකාරා උට්ඨහන්තූ”ති චින්තෙත්වා ඔලොකෙසි, තථාරූපා පාකාරා උට්ඨහිංසු. අථ “නෙසං පරියන්තෙ කප්පරුක්ඛා උට්ඨහන්තූ”ති චින්තෙත්වා ඔලොකෙසි, තථාරූපා කප්පරුක්ඛා උට්ඨහිංසු. “පාසාදස්ස චතූසු කණ්ණෙසු චතස්සො නිධිකුම්භියො උට්ඨහන්තූ”ති චින්තෙත්වා ඔලොකෙසි, සබ්බං තථෙව අහොසි. නිධිකුම්භීසු පන එකා යොජනිකා අහොසි, එකා තිගාවුතිකා, එකා අඩ්ඪයොජනිකා, එකා ගාවුතප්පමාණා. බොධිසත්තස්ස නිබ්බත්තනිධිකුම්භීනං පන එකමුඛප්පමාණං අහොසි, හෙට්ඨා පථවීපරියන්තාව අහෙසුං. ජොතිකස්ස නිබ්බත්තනිධිකුම්භීනං මුඛපරිමාණං න කථිතං, සබ්බා මුඛඡින්නතාලඵලං විය පරිපුණ්ණාව උට්ඨහිංසු. පාසාදස්ස චතූසු කණ්ණෙසු තරුණතාලක්ඛන්ධප්පමාණා චතස්සො සුවණ්ණමයා උච්ඡුයට්ඨියො නිබ්බත්තිංසු. තාසං මණිමයානි පත්තානි, සොවණ්ණමයානි ඛන්ධානි අහෙසුං. පුබ්බකම්මස්ස දස්සනත්ථං කිරෙතානි, නිබ්බත්තිංසු.
අනතුරුව ඔහු වැඩිවියට පත්කල නිවසක් සැදීම සඳහා බිම සකස් කරන විට සක්දෙවිදු භවන උණුසුම් විය. සක්දෙවිදු මේ කුමක්දැයි සොයා බලන්නේ ජෝතියට ගෙයක් ගන්නේ යයි දැන මෙබඳු ගෙයක ඔහු නොවටීයයි මා විසින් එහි යායුතු යයි වඩුවෙකුගේ වේෂයෙන් එහි ගොස් කුමක් කරන්නේදැයි විමසා ජෝතියන්ගේ ගෙය හදන තැන ගන්නෙමුයි. පහවයවු මොහු තොප විසින් කරන ගෙයි නොවසයි කියා සොළොස් කරියක් පමණ භූමි ප්‍රදේශය බැලුවේය. එකෙණෙහිම එම ප්‍රදේශ කසිණ මණ්ඩලයක් ලෙස සමාන විය. නැවත මෙතැන පොළව බිඳ සප්ත රතනමය ප්‍රාකාර සහිත සත්මහල් පහයක් ඇතිවේයි සිතා බැලු වේ. එවෙලෙහිම සත්මහල් ප්‍රාසාදයක් පැන නැගුනි. නැවත මේ මන්දිරය වටකොට සප්ත රත්නමය ප්‍රාකාර හතක් වේවායි සිතා බැලුවේය. එබඳු වූ ප්‍රාකාර පැන නැගුනි. මේ මා අතර කල්පවෘක්ෂ හටගනිත්වායි ප්‍රාසාදයේ සතර කොන්හි ප්‍රාසාද හතරක් නැතැයි සිතා බැලුවේය. සියල්ල එසේම ඇතිවිය. එසේ සතර කොනෙහි සතර නිධිකුම්භ (නිධාන් පිරවූ මහතළ) ඇති වේවායි සිතා බැලුවිට එකක් යොදුනක් දිගවිය. එකක් ගවු තුනක්විය එකක් අඩයොදුනක් දුරට පිහිටියේය, එකක්ගවු පමණ දුරවිය. බෝසතුන්ට පහළ වු නිධිකුම්භ මේවාගේ කටටම සමානවිය. යටට පොළොව අවසානයට පැතුරුනි. ජෝතිය සිටුවරයාට පහළ වු නිධිකුම්භයන්ගේ මුඛ පරිමාව කියා නැත සියල්ලම කට කැපු තන්ගෙඩි සේ පිරිතිබුණි. සතර මුළුවල තරුණ තල් කඳක් ප්‍රමාණ වූ සතර රන්මය උක් යෂ්ඨි ඇතිවිය. ඒවායේ මැණික්මය කොළ ස්වර්ණමය උක් යෂ්ටි ඇතිවිය. පෙර කරන ලද කර්ම දැක්වීම මේ සියල්ල පහළ විය.
සත්තසු ද්වාරකොට්ඨකෙසු සත්ත යක්ඛා ආරක්ඛං ගණ්හිංසු. පඨමෙ ද්වාරකොට්ඨකෙ යමකොළී නාම යක්ඛො අත්තනො පරිවාරෙන යක්ඛසහස්සෙන සද්ධිං ආරක්ඛං ගණ්හි, දුතියෙ උප්පලො නාම අත්තනො පරිවාරයක්ඛානං ද්වීහි සහස්සෙහි සද්ධිං, තතියෙ වජිරො නාම තීහි සහස්සෙහි සද්ධිං, චතුත්ථෙ වජිරබාහු නාම චතූහි සහස්සෙහි සද්ධිං, පඤ්චමෙ කසකන්දො නාම පඤ්චහි සහස්සෙහි සද්ධිං, ඡට්ඨෙ කටත්ථො නාම ඡහි සහස්සෙහි සද්ධිං, සත්තමෙ දිසාමුඛො නාම සත්තහි සහස්සෙහි සද්ධිං ආරක්ඛං ගණ්හි. එවං පාසාදස්ස අන්තො ච බහි ච ගාළ්හරක්ඛා අහොසි. “ජොතිකස්ස කිර සත්තරතනමයො සත්තභූමිකපාසාදො උට්ඨිතො, සත්ත පාකාරා සත්තද්වාරකොට්ඨකා චතස්සො නිධිකුම්භියො උට්ඨිතා”ති සුත්වා බිම්බිසාරො රාජා සෙට්ඨිච්ඡත්තං පහිණි. සො ජොතිකසෙට්ඨි නාම අහොසි.
දොරවල් හතේ යක්ෂයෝ සත් දෙනෙක් ආරක්ෂාව ගත්හ. පළමු දොර කොටුවේ යමකවෝලි නම් යක්ෂයා පිරිවර යකුන් දහයක් සමග ආරක්ෂාව ගත්තේය. දෙවැනි දොරටුවේ “උප්පල” නම් යක්ෂයා තම යක්ෂ පිරිස දෙදහසක් සමග ආරක්ෂාව ගත්හ. තුන්වැනි දොරටුවේ “වජිර” නම් යක්ෂයා තුන් දහසක් පිරිස සමග ආරක්ෂාව ගත්තේය. හතර වැනි දොරටුවේ “වජිර බාහු” යක්ෂයා හාර දහසක් සමග ආරක්ෂාව ගත්තේය. පස්වැන්නේ පන්දහසක් සමග ද සයවැනෙහි කටත්ථ නම් යක්ෂයා සයදහසක් යක්ෂයන් ද සමගද හත් වැන්නේ දිසා මුඛ නම් යක්ෂයා හත් දහසක් සමග ආරක්ෂාව ගත්තේය මේ ලෙසට ප්‍රාසාදයේ ඇතුළත ද පිටතද දැඩි ආරක්ෂාවක් විය. මේ තොරතුරු අසා බිම්බිසාර රජු සෙට්ඨි ඡත්රය යැවීය. ඔහු ජෝතිය සිටු නමින් ප්‍රසිද්ධ විය.
තෙන පන සද්ධිං කතපුඤ්ඤකම්මා ඉත්ථී උත්තරකුරූසු නිබ්බත්ති. අථ නං දෙවතා තතො ආනෙත්වා සිරිගබ්භෙ නිසීදාපෙසුං. සා ආගච්ඡමානා එකං තණ්ඩුලනාළිං තයො ච ජොතිපාසාණෙ ගණ්හි. තෙසං යාවජීවං තායෙව තණ්ඩුලනාළියා භත්තං අහොසි. සචෙ කිර තෙ සකටසතම්පි තණ්ඩුලානං පූරෙතුකාමා හොන්ති, සා තණ්ඩුලනාළි නාළියෙව හුත්වා තිට්ඨති. භත්තපචනකාලෙ තණ්ඩුලෙ උක්ඛලියං පක්ඛිපිත්වා තෙසං පාසාණානං උපරි ඨපෙති, පාසාණා තාවදෙව පජ්ජලිත්වා භත්තෙ පක්කමත්තෙ නිබ්බායන්ති. තෙනෙව සඤ්ඤාණෙන භත්තස්ස පක්කභාවං ජානන්ති. සූපෙය්යාදිපචනකාලෙපි එසෙව නයො. එවං තෙසං ජොතිපාසාණෙහි ආහාරො පච්චති. මණිආලොකෙන ච වසන්ති, අග්ගිස්ස වා දීපස්ස වා ඔභාසං නෙව ජානිංසු. “ජොතිකස්ස කිර එවරූපා සම්පත්තී”ති සකලජම්බුදීපෙ පාකටො අහොසි. මහාජනො යානාදීනි යොජෙත්වා දස්සනත්ථාය ආගච්ඡති. ජොතිකසෙට්ඨි ආගතාගතානං උත්තරකුරුතණ්ඩුලානං භත්තං පචාපෙත්වා දාපෙසි. “කප්පරුක්ඛෙහි වත්ථානි ගණ්හන්තු, ආභරණානි ගණ්හන්තූ”ති ආණාපෙසි. “ගාවුතිකනිධිකුම්භියා මුඛං විවරාපෙත්වා යාපනමත්තං ධනං ගණ්හන්තූ”ති ආණාපෙසි. සකලජම්බුදීපවාසිකෙසු ධනං ගහෙත්වා ගච්ඡන්තෙසු නිධිකුම්භියා අඞ්ගුලිමත්තම්පි ඌනං නාහොසි. ගන්ධකුටිපරිවෙණෙ වාලුකං කත්වා ඔකිණ්ණරතනානං කිරස්ස එසො නිස්සන්දො.
ඔහු සමග කරන ලද කුශල කර්ම නිසා ස්ත්‍රිය උතුරුකුරු ප්‍රදේශයේ උපන්නාය. අනතුරුව දෙවියෝ ඇය ගෙනවුත් ශ්‍රීයහන් ගබඩාවේ නිදිකර තැබුහ. ඇය එන විට එක් සහල් නැලියක් දිලිසෙන ගල් තුනක් ගත්තේය. ඔහුගේ දිවි ඇතිතෙක් ඒ සහල් නැලියේ බත්ම විය ඉදින් අවශ්‍යනම් ගැල් සියයක් මුව පිරීමට කැමතිවේ නම් එය නැලියක් ලෙසටම පවතී. බත් උයන විට සහල් සැළියේ තබා ඒ ගල්උඩ තබයි. ගල් ඒ වේලාවේ දිලිසී ඇවිල බත් උයන විට පැසී නිවීයයි මේ සංඥාවෙන් බත පැසීබව ඇති දනී. සුප ආදීය උයන විටද මේ ලෙසටම ඉදේ. ගෘහයේ මැණික් ආලෝකයෙන්ම වසන්නී ගින්නේ හෝ පහසේ හෝ ආලෝකය නො දන්නීය. ජෝතිය සිටුවරයාගේ මේ සම්පත් පිළිබඳව මුළු දඹදිවම ප්‍රසිද්ධවිය. මහජනයා යාන වාහන යොදාගෙන මන්දිරය බැලීමට එති. ජෝතිය සිටුවරයා පැමිණි සැමට උතුරු කුරු දේශයේ බත් පිසදෙයි කල්ප වෘක්ෂයෙන් වස්ත්‍ර ගනීවා ආභරණ ගනීවායි අණ කරයි. තුන්ගව් පමණ වූ නිධානවලින් කට විවෘත කරවා යැවීමට අවශ්‍ය මුදල්) ධනය ගන්නැයි නියෝග දුනි. මුළු දඹදිවවාසීන් ධනය ගත්තේ පමණක් දැගුලෙත් ගත් නොවීය. එය අඩු නොවේ. ගඳකිළියේ පිරිවෙනේ වැලි අතුරුවා විසිරුවන ලද මැණික් නිසා ලද සම්පත්තියයි.
එවං මහාජනෙ වත්ථාභරණානි චෙව ධනඤ්ච යදිච්ඡකං ආදාය ගච්ඡන්තෙ බිම්බිසාරො තස්ස පාසාදං දට්ඨුකාමොපි මහාජනෙ ආගච්ඡන්තෙ ඔකාසං නාලත්ථ. අපරභාගෙ යදිච්ඡකං ආදාය ගතත්තා මනුස්සෙසු මන්දීභූතෙසු රාජා ජොතිකස්ස පිතරං ආහ – “තව පුත්තස්ස පාසාදං දට්ඨුකාමම්හා”ති. සො “සාධු, දෙවා”ති වත්වා ගන්ත්වා පුත්තස්ස කථෙසි – “තාත, රාජා තෙ පාසාදං දට්ඨුකාමො”ති. “සාධු, තාත, ආගච්ඡතූ”ති. රාජා මහන්තෙන පරිවාරෙන තත්ථ අගමාසි. පඨමද්වාරකොට්ඨකෙ සම්මජ්ජිත්වා කචවරඡඩ්ඩිකා දාසී රඤ්ඤො හත්ථං අදාසි, රාජා “සෙට්ඨිජායා”ති සඤ්ඤාය ලජ්ජමානො තස්සා බාහාය හත්ථං න ඨපෙසි. එවං සෙසද්වාරකොට්ඨකෙසුපි දාසියො “සෙට්ඨිභරියායො”ති මඤ්ඤමානො තාසං බාහාය හත්ථං න ඨපෙසි. ජොතිකො ආගන්ත්වා රාජානං පච්චුග්ගන්ත්වා වන්දිත්වා පච්ඡතො හුත්වා “පුරතො යාථ, දෙවා”ති ආහ. රඤ්ඤො මණිපථවී සතපොරිසපපාතො විය හුත්වා උපට්ඨහි. සො “ඉමිනා මම ගහණත්ථාය ඔපාතො ඛණිතො”ති මඤ්ඤමානො පාදං නික්ඛිපිතුං න විසහි. ජොතිකො “නායං, දෙව, ඔපාතො, මම පච්ඡතො ආගච්ඡථා”ති පුරතො අහොසි. රාජා තෙන අක්කන්තකාලෙ භූමිං අක්කමිත්වා හෙට්ඨිමතලතො පට්ඨාය පාසාදං ඔලොකෙන්තො විචරි. තදා අජාතසත්තුකුමාරොපි පිතු අඞ්ගුලිං ගහෙත්වා විචරන්තො චින්තෙසි – “අහො අන්ධබාලො මම පිතා, ගහපතිකෙ නාම සත්තරතනමයෙ පාසාදෙ වසන්තෙ එස රාජා හුත්වා දාරුමයෙ ගෙහෙ වසති, අහං දානි රාජා හුත්වා ඉමස්ස ඉමස්මිං පාසාදෙ වසිතුං න දස්සාමී”ති.
මෙලෙස මහජනයා පැමිණ කැමති දැ අරගෙන යන විට බිම්බිසාර රජුටද මෙය බලන්නට සිතක් ඇතිවිය. ජෝතිය සිටුවරයාගේ පියාට මෙසේ කීවේය. ඔබේ පුතුගේ ප්‍රාසාදය දකිනු කැමැත්තෙමි. ඔහු දේවයන් යහපතැයි කියා ගොස් පුතුට පැවසුවේය. දරුව රජු ඔබේ ප්‍රාසාදය දකිනු කැමතිය. යහපත පැමිණෙයි දැන්වුවිට රජු මහත් පිරිවර සමග එහි ගියේය. පළමු දොරකොටුවේ දී අතුගා කසළ බැහැර කරන දාසිය රජුට අත දුන්නාය. රජු සිටුවරයාගේ බිරිඳ යයි සිතා ඇගේ බාහුවේ අත නොතැබුවේය. මේ ලෙසට අනෙක් දොරටුවල දාසීන් සිටු බිරිය යයි සිතමින් ඇගේ බාහුවේ අත නොතැබුවේ. ජෝතිය පැමිණ ඉදිරියට පෙර ගමන්කර නමස්කාර කර පසුපසින් සිට දේවයන් පෙරට යන්නැයි පැවසුවේය. රජු මැණික් ඇල්ලු පොළොවේ මිනිසුන් සියයක් මෙන් පෙනේ ඔහු මම ගැනීම සඳහා අවධානයක් කරන ලද්දේයයි සිතුවේ පා එසවීමට නොහැකි විය ජෝතිය දේවයනි මෙය අවමානයක් නොවේ. මා පසුපස එන්නැයි පෙරට ගියේය. රජු ඔහු නැගුපසු රජු පා තබා ඉහළම තලයේ සිට ප්‍රාසාදය බලන්නේ හැසිරුනේය. එදින අජාසත්ත කුමරුද පියාගේ ඇගිල්ලේ එල්ලී හැසිරෙන්නේ මෙසේ සිතුවේය. හෝ මගේ පියා කෙතරම් අද බාලයෙක්ද? පියාගේ සිටුවරයා සත්රුවන්මය ප්‍රාසාදයක වාසයකරයි. මම රජ වී මෙන් පසුව මොහුට මෙම මන්දිරයේ වාසය කිරිමට නොදෙමි.
රඤ්ඤොපි උපරිමතලානි අභිරුහන්තස්සෙව පාතරාසවෙලා ජාතා. සො සෙට්ඨිං ආමන්තෙත්වා, “මහාසෙට්ඨි, ඉධෙව පාතරාසං භුඤ්ජිස්සාමා”ති. ජානාමි, දෙව, සජ්ජිතො දෙවස්සාහාරොති. සො සොළසහි ගන්ධොදකඝටෙහි න්හත්වා රතනමයෙ සෙට්ඨිස්ස නිසීදනමණ්ඩපෙ පඤ්ඤත්තෙ තස්සෙව නිසීදනපල්ලඞ්කෙ නිසීදි. අථස්ස හත්ථධොවනූදකං දත්වා සතසහස්සග්ඝනිකාය සුවණ්ණපාතියා කිලින්නපායාසං වඩ්ඪෙත්වා පුරතො ඨපයිංසු. රාජා “භොජන”න්ති සඤ්ඤාය භුඤ්ජිතුං ආරභි. සෙට්ඨි “නයිදං, දෙව, භොජනං, කිලින්නපායාසො එසො”ති අඤ්ඤිස්සා සුවණ්ණපාතියා භොජනං වඩ්ඪෙත්වා පුරිමපාතියං ඨපයිංසු. තතො උට්ඨිතඋතුනා කිර තං භුඤ්ජිතුං සුඛං හොති. රාජා මධුරභොජනං භුඤ්ජන්තො පමාණං න අඤ්ඤාසි. අථ නං සෙට්ඨි වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ “අලං, දෙව, එත්තකමෙව හොතු, ඉතො උත්තරිං ජිරාපෙතුං න සක්කා”ති ආහ. අථ නං රාජා ආහ – “කිං, ගහපති, ගරුකං කත්වා කථෙසි අත්තනො භත්ත”න්ති? දෙව, නත්ථෙතං, තුම්හාකං සබ්බස්සාපි හි බලකායස්ස ඉදමෙව භත්තං ඉදං සුපෙය්යං. අපි ච ඛො අහං අයසස්ස භායාමීති. කිං කාරණාති? සචෙ දෙවස්ස කායාලසියමත්තං භවෙය්ය, “හිය්යො රඤ්ඤා සෙට්ඨිස්ස ගෙහෙ භත්තං භුත්තං, සෙට්ඨිනා කිඤ්චි කතං භවිස්සතී”ති වචනස්ස භායාමි, දෙවාති. තෙන හි භත්තං හර, උදකං ආහරාති. රඤ්ඤො භත්තකිච්චාවසානෙ සබ්බො රාජපරිවාරො තදෙව භත්තං පරිභුඤ්ජි.
රජුද උපරිම තලයට නගින විට උදේ ආහාර ගන්නා වේලාව ළඟාවිය. රජු සිටුවරයාට කථා කොට මහ සිටුතුමනි මෙහිම ආහාර ගනිමු. දනිමි දේවයන් රජතුමාට ආහාර පිළියෙළ කර ඇත. ඔහු සොළොස් සුවඳ කළයකින් ස්නානය කර රන්මය වු සිටුවරයාගේ වාඩිවන මණ්ඩපයේ පනවා තිබු අසුනේ වාඩි වුයේය. අනතුරුව රජුට අතසෝදන ජලය දී ලක්ෂයක් වටිනා රන් බඳුනක තෙත් කිරිබත් බෙදා රජු ඉදිරියේ තැබුවේය. රජු භෝජනයකැයි හැගීමෙන් කන්නට පටන් ගති. සිටුවරයා දේවයෙනි, මෙය භෝජනයක් නොවේ. කිලින්න පයාස නම් අනෙක් රන් බඳුනක භෝජන වඩා මුල් භාජනය තැබුහ. උඩ තැබු බදුනේ උණු නිසා වැළදීම පහසුය. රජු මධුර ආහාර අනුභව කරන්නේ ප්‍රමාණයක් නො දන්නේය. අනතුරුව සිටුවරයා එයද ඇඳිලිබැඳ ඇත දේවයනි මෙය ප්‍රමාණවත් වේ. මෙයට වඩා ගැනීමෙන් දිරවිමට අපහසු වනු ඇතැයි පැවසුවේය. අනතුරුව රජු මෙසේ කීවේය. ඇයි ගෘහපතිය ගරුකොට කියන්නේ තමන්ගේ බත දේවයනි මේවා අපේ නොවේ. සියළුම බලකායට මෙයම බත මේ ව්‍යඤ්ජන ද මට අපකීර්තියට ද බිය වෙමි. ඇයි ඒ ඉදින් දේවයන් වහන්සේට කායික අලසවත්බවක් ඇතිවේ නම් ඊයේ රජතුමා සිටුවරයා බත අනුභව කරන ලදී. සිටුවරයා විසින් කිසිවක් කරන ලද්දේ යයි යන වචනවලට මට බියවෙමි. එසේ නම් බත් ගෙන යන්න. ජලය ගෙන එන්න. රජු බත්කිස අවසානයේ ඒ සියළු රජ පිරිවර රජු බත්කිස අවසානයේ ඒ සියළු රජ පිරිවර ද ඒ බත අනුභව කළහ.
රාජා සුඛකථාය නිසින්නො සෙට්ඨිං ආමන්තෙත්වා, “කිං ඉමස්මිං ගෙහෙ සෙට්ඨිභරියා නත්ථී”ති ආහ? “ආම අත්ථි, දෙවා”ති. “කහං සා”ති? “සිරිගබ්භෙ නිසින්නා, දෙවස්ස ආගතභාවං න ජානාතී”ති. කිඤ්චාපි හි පාතොව රාජා සපරිවාරො ආගතො, සා පනස්ස ආගතභාවං න ජානාතෙව. තතො සෙට්ඨි “රාජා මෙ භරියං දට්ඨුකාමො”ති තස්සා සන්තිකං ගන්ත්වා “රාජා ආගතො, කිං තව රාජානං දට්ඨුං න වට්ටතී”ති ආහ. සා නිපන්නකාව “කො එස, සාමි, රාජා නාමා”ති වත්වා “රාජා නාම අම්හාකං ඉස්සරො”ති වුත්තෙ අනත්තමනතං පවෙදෙන්තී “දුක්කටානි වත නො පුඤ්ඤකම්මානි, යෙසං නො ඉස්සරොපි අත්ථි. අස්සද්ධාය නාම පුඤ්ඤකම්මානි කත්වා මයං සම්පත්තිං පාපුණිත්වා අඤ්ඤස්ස ඉස්සරියට්ඨානෙ නිබ්බත්තම්හා. අද්ධා අම්හෙහි අසද්දහිත්වා දානං දින්නං භවිස්සති, තස්සෙතං ඵල”න්ති වත්වා “කිං දානි කරොමි, සාමී”ති ආහ. තාලවණ්ටං ආදාය ආගන්ත්වා රාජානං බීජාහීති. තස්සා තාලවණ්ටං ආදාය ආගන්ත්වා රාජානං බීජෙන්තියා රඤ්ඤො වෙඨනස්ස ගන්ධවාතො අක්ඛීනි පහරි, අථස්සා අක්ඛීහි අස්සුධාරා පවත්තිංසු. තං දිස්වා රාජා සෙට්ඨිං ආහ – “මහාසෙට්ඨි, මාතුගාමො නාම අප්පබුද්ධිකො, ‘රාජා මෙ සාමිකස්ස සම්පත්තිං ගණ්හෙය්යා’ති භයෙන රොදති මඤ්ඤෙ, අස්සාසෙහි නං ‘න මෙ තව සම්පත්තියා අත්ථො’”ති. න එසා, දෙව, රොදතීති. අථ කිං එතන්ති? තුම්හාකං වෙඨනගන්ධෙනස්සා අස්සූනි පවත්තිංසු. අයඤ්හි දීපොභාසං වා අග්ගිඔභාසං වා අදිස්වා මණිආලොකෙනෙව භුඤ්ජති ච නිසීදති ච නිපජ්ජති ච, දෙවො පන දීපාලොකෙන නිසින්නො භවිස්සතීති? ආම, සෙට්ඨීති. තෙන හි, දෙව, අජ්ජ පට්ඨාය මණිආලොකෙන නිසීදථාති මහන්තං තිපුසමත්තං අනග්ඝං මණිරතනං අදාසි. රාජා ගෙහං ඔලොකෙත්වා “මහතී වත ජොතිකස්ස සම්පත්තී”ති වත්වා අගමාසි. අයං තාව ජොතිකස්ස උප්පත්ති.
රජ සුබ කථාවෙන් සිටියේ සිටුවරයා අමතා කිම මේ සිටු මැදුරේ බිරිඳක් නැත්දැයි විමසුවේය. දේවයෙහි ඇත. ඇය කොහේද සිරියහන් ගබඩාවේ සිටී දේවයන් පැමිණිබව නොදනී. රජු පිරිවර සහිතව පැමිණි බව නො දනී. රජතෙමේ ඔබ දකිනු කැමතිවේ. රජු දැකීමට නොවටින්නේදැයි සිටු බිරිඳට කීවේය. ඇය නිදාගෙන ගෙන ස්වාමීනි රජු කවුරුද ? රජු නම් අපේ ප්රධානියායි පැවසුවාට අකමැත්ත පවසමින් අපේ පිං දුබලය අපට වඩා ඉසුරෙන් නොසිටීමට ශ්‍රද්ධාවෙන් පිං නොකිරීම නිසා සිදුවිය. ඒකාන්තයෙන් නො අදහා දන් දෙන ලද්දේය මේ එහි ඵලයකි. ස්වාමීනි දැන් කුමක් කරන්නද - පවන් සැලිය යුතුය සොඳුර ඇය තල්වැට ගෙන අවුත් රජුට පවන්සලා සිටිය දී රජුගේ හිස් වෙළුමේ ගඳ මිශ්‍ර සුළඟ වේදනා විය. අනතුරුව ඇසේ කඳුළු ධාරා ඇතිවිය. මේ දැක රජු සිටුවරයාගෙන් විමසුවේය. ගැහැනුනම් අඩු නුවණ ඇති අයයි. රජු මගේ ස්වාමියාගේ සම්පත් ගනී යයි බියෙන් අඩනු ඇත. ඔබේ බිරිද අසන්න ඔබේ සම්පත්වලින් මට වැඩක් නැති බව කියන්න. නැහැ රජතුමනි. ඇය එනිසා අඩන්නේ නැත. එසේ නම් කුමක් නිසා ඇය අඩන්නේද? ඔබ වහන්සේගේ හිස් වෙළුමේ ගඳ ඇගේ ඇස පහරයි. ඇය ඉර එළිය පහන් එළිය නො ගනී. ඇය මැණික් ආලෝකයෙන් ආහාර ගනී. නිදා ගනී. රජ තුමා පහන් එළියෙන් සිටියේ වෙයි. එසේය සිටුවරය එසේම් දේවයනි අදින් පසු මැණික් එළියෙන් සිටින්නැයි මහත්වු පුහුල්ගෙඩියක් සමාන උතුම් මැණිකක් පිරිනැමීය. රජ ගෙය බලා ජෝතිය සිටුවරයාගේ සම්පත් ඉතා මහත් යයි කියා පිටත්ව ගියේය. මේ ජෝතිය සිටුවරයාගේ කථාවයි.
ඉදානි ජටිලස්ස උප්පත්ති වෙදිතබ්බා – බාරාණසියඤ්හි එකා සෙට්ඨිධීතා අභිරූපා අහොසි, තං පන්නරසසොළසවස්සුද්දෙසිකකාලෙ රක්ඛණත්ථාය එකං දාසිං දත්වා සත්තභූමිකස්ස පාසාදස්ස උපරිමතලෙ සිරිගබ්භෙ වාසයිංසු. තං එකදිවසං වාතපානං විවරිත්වා බහි ඔලොකයමානං ආකාසෙන ගච්ඡන්තො එකො විජ්ජාධරො දිස්වා උප්පන්නසිනෙහො වාතපානෙන පවිසිත්වා තාය සද්ධිං සන්ථවමකාසි. සා තෙන සද්ධිං සංවාසමන්වාය න චිරස්සෙව ගබ්භං පටිලභි. අථ නං සා දාසී දිස්වා, “අම්ම, කිං ඉද”න්ති වත්වා “හොතු මා කස්සචි ආචික්ඛී”ති තාය වුත්තා භයෙන තුණ්හී අහොසි. සාපි දසමාසච්චයෙන පුත්තං විජායිත්වා නවභාජනං ආහරාපෙත්වා තත්ථ තං දාරකං නිපජ්ජාපෙත්වා තං භාජනං පිදහිත්වා උපරි පුප්ඵදාමානි ඨපෙත්වා “ඉමං සීසෙන උක්ඛිපිත්වා ගඞ්ගාය විස්සජ්ජෙහි, ‘කිං ඉද’න්ති ච පුට්ඨා ‘අය්යාය මෙ බලිකම්ම’න්ති වදෙය්යාසී”ති දාසිං ආණාපෙසි. සා තථා අකාසි.
දැන් ජටිලගේ උප්පත්ති කථාව දැනගත යුතුය. බරණැස එක් සිටුදුවක් රූමත් වුවාය. ඇය පහළොව දාසය වසර අතර කාලයේ ආරක්ෂාව සඳහා එක් දාසියක් දී සම්බුමු ප්‍රාසාදයක උපරිම තලයේ සිට යහනේ වාසය කරවීය. ඇය එක් දිනක් ජනේලය විවරකර පිටත බලන්නේ අහසින් යන එක් විද්යාධරයෙකු විසින් දැක උපන් ස්නේහ ඇතිව ජනේලයෙන් ඇතුළු වී ඇය සමග සන්ථවය කළේය. ඇය ඔහු හා සංවාසය කිරීම නිසා නොබෝ දිනකින් ගැබ් ගත්තාය. අනතුරුව ඇය දාසිය දැක මැණියෙනි මේ කුමක් නිසාදැයි විමසා සිටිවිට එසේ වේවා ඔබ කිසිත්වෙකුටත් මෙය නොකියන්න. කුමරිය මෙසේ කීම නිසා ඇය බියෙන් නිහඩ වුවාය. කුමරිය දසමසකින් දරුවෙකු බිහි කළාය. අළුත් භාජනයක් ගෙන්වාගෙන එහි ඒ දරුවා නිදිකරවා එම භාජනය වසා ඒ මත මල් දාමයක් තබා මෙය හිසෙන් ගෙන ගොස් ගඟට දමන්නැයි කියා මේ කුමක්ද විමසූවිට ආර්යාවගේ බලිකර්මයක් යයි කියන ලෙස පැවසුවාය. ඇය එසේ කළාය.
හෙට්ඨාගඞ්ගායම්පි ද්වෙ ඉත්ථියො න්හායමානා තං භාජනං උදකෙනාහරියමානං දිස්වා එකා “මය්හෙතං භාජන”න්ති ආහ. එකා “යං එතස්ස අන්තො, තං මය්හ”න්ති වත්වා භාජනෙ සම්පත්තෙ තං ආදාය ථලෙ ඨපෙත්වා විවරිත්වා දාරකං දිස්වා එකා “මම භාජනන්ති වුත්තතාය දාරකො මමෙව හොතී”ති ආහ. එකා “යං භාජනස්ස අන්තො, තං මමෙව හොතූති වුත්තතාය මම දාරකො”ති ආහ. තා විවදමානා විනිච්ඡයට්ඨානං ගන්ත්වා තමත්ථං ආරොචෙත්වා අමච්චෙසු විනිච්ඡිතුං අසක්කොන්තෙසු රඤ්ඤො සන්තිකං අගමංසු. රාජා තාසං වචනං සුත්වා “ත්වං දාරකං ගණ්හ, ත්වං භාජනං ගණ්හා”ති ආහ. යාය පන දාරකො ලද්ධො, සා මහාකච්චානත්ථෙරස්ස උපට්ඨායිකා අහොසි. තස්මා සා දාරකං “ඉමං ථෙරස්ස සන්තිකෙ පබ්බාජෙස්සාමී”ති පොසෙසි. තස්ස ජාතදිවසෙ ගබ්භමලස්ස ධොවිත්වා අනපනීතතාය කෙසා ජටිතා හුත්වා අට්ඨංසු, තෙනස්ස ජටිලොත්වෙව නාමං කරිංසු. තස්ස පදසා විචරණකාලෙ ථෙරො තං ගෙහං පිණ්ඩාය පාවිසි. උපාසිකා ථෙරං නිසීදාපෙත්වා ආහාරමදාසි. ථෙරො දාරකං දිස්වා “කිං උපාසිකෙ දාරකො ලද්ධො”ති පුච්ඡි. “ආම, භන්තෙ, ඉමාහං දාරකං තුම්හාකං සන්තිකෙ පබ්බාජෙස්සාමීති පොසෙසිං, පබ්බාජෙථ න”න්ති අදාසි. ථෙරො “සාධූ”ති ආදාය තං ගච්ඡන්තො “අත්ථි නු ඛො ඉමස්ස ගිහිසම්පත්තිං අනුභවිතුං පුඤ්ඤකම්ම”න්ති ඔලොකෙන්තො “මහාපුඤ්ඤො සත්තො මහාසම්පත්තිං අනුභවිස්සති, දහරො එස තාව, ඤාණම්පිස්ස පරිපාකං න ගච්ඡතී”ති චින්තෙත්වා තං ආදාය තක්කසිලායං එකස්ස උපට්ඨාකස්ස ගෙහං අගමාසි.
ගඟ පහළ කොටසේ නාමින් සිටිය කාන්තාවන් දෙදෙනෙක් භාජනය දියේ පාවනු බලා එක් ස්ත්‍රියක් භාජනය මටයි කීවාය. අනෙක් ස්ත්‍රිය එහි තිබෙන දෙය මට යයි පැවසුවාය. භාජනය පැමිණිවිට දරුවා මට යයි කීවාය. ඔවුන් දෙදෙනා විවාද කරමින් විනිශ්චය ස්ථානයට ගොස් මේ කරුණ දැනුම් දී ඇමතියන්ටද විනිශ්චය කිරීමට අපහසුව රජු ළඟට ගියාහුය. රජතුමා ඔවුන්ගේ වචනය ගෙන නුඹ භාජනය ගන්න, නුඹ දරුවා ගන්නැයි පැවසුවේය. යම් ස්ත්‍රීයක් දරුවා ලැබුවාද ඇය මහා කච්චාන තෙරුන් වහන්සේගේ උපස්ථායිකාවක් වෙයි. එනිසා ඇය මේ දරුවා තෙරුන් ළඟ පැවිදිකරවමින් පෝෂණය කළාය. ඔහු උපන්දින ගම්වල සෝධා පිරිසිදු නොකළ හෙයින් කෙස් කැටිවී තිබුනි. එනිසා ඔහුට ජටිල යන නම ඇතිවුනි. පයින් හැසිරෙන කාලයේ දී තෙරුන් එම නිවසට පිණ්ඩපාතයේ වැඩම කළහ. උපාසිකාව තෙරුන් වාඩි කරවා ආහාර පිරිනැමීම කළාය. තෙරුන් දරුවා දැක කිම උපාසිකාව දරුවෙක් ලැබුවාදැයි විමසුහ. එසේය ස්වාමීනි මේ දරුවා ඔබවහන්සේ වෙත පැවිදි කරවන්නෙමියි පෝෂණය කළෙමි මොහු පැවිදි කරවන්නැයි දුන්නාය. තෙරුන් යහපතැයි ඔහු රැගෙන යන්නේ මොහුට ගිහි සම්පත් තිබේදැයි බලන්නේ මහා පින්වත් සත්ත්වයෙකැයි ද මහා සම්පත් අනුභව කරත්යයි දැන දහර කාලයේදීම ඥාණයද මුහුකුරා යන්නේ යයි සිතා ඔහු ගෙන ගොස් තක්ෂිලාවේ එක් උපස්ථායක ගෙයකට වැඩම කළහ.
සො ථෙරං වන්දිත්වා ඨිතො තං දාරකං දිස්වා “දාරකො වො, භන්තෙ, ලද්ධො”ති පුච්ඡි. ආම, උපාසක, පබ්බජිස්සති, දහරො තාව, තවෙව සන්තිකෙ හොතූති. සො “සාධු, භන්තෙ”ති තං පුත්තට්ඨානෙ ඨපෙත්වා පටිජග්ගි. තස්ස පන ගෙහෙ ද්වාදස වස්සානි භණ්ඩකං උස්සන්නං හොති. සො ගාමන්තරං ගච්ඡන්තො සබ්බම්පි තං භණ්ඩං ආපණං හරිත්වා දාරකං ආපණෙ නිසීදාපෙත්වා තස්ස තස්ස භණ්ඩකස්ස මූලං ආචික්ඛිත්වා “ඉදඤ්ච ඉදඤ්ච එත්තකං නාම ධනං ගහෙත්වා දදෙය්යාසී”ති වත්වා පක්කාමි. තංදිවසං නගරපරිග්ගාහිකා දෙවතා අන්තමසො මරිචජීරකමත්තෙනාපි අත්ථිකෙ තස්සෙව ආපණාභිමුඛෙ කරිංසු. සො ද්වාදස වස්සානි උස්සන්නං භණ්ඩකං එකදිවසෙනෙව වික්කිණි. කුටුම්බිකො ආගන්ත්වා ආපණෙ කිඤ්චි අදිස්වා “සබ්බං තෙ, තාත, භණ්ඩකං නාසිත”න්ති ආහ. න නාසෙමි, සබ්බං තුම්හෙහි වුත්තනයෙනෙව වික්කිණිං, ඉදං අසුකස්ස මූලං, ඉදං අසුකස්සාති. කුටුම්බිකො පසීදිත්වා “අනග්ඝො පුරිසො, යත්ථ කත්ථචි ජීවිතුං සමත්ථො”ති අත්තනො ගෙහෙ වයප්පත්තං ධීතරං තස්ස දත්වා “ගෙහමස්ස කරොථා”ති පුරිසෙ ආණාපෙත්වා නිට්ඨිතෙ ගෙහෙ “ගච්ඡථ, තුම්හෙ අත්තනො ගෙහෙ වසථා”ති ආහ.
ඔහු තෙරුන්ට වැද දරුවා දැක ස්වාමීනි ඔබ වහන්සේ දරුවෙක් ලබන ලදදැයි විමසුවේය. එසේය උපාසක ඔහු පැවිදිකරවන තුරු ඔබ ළඟම සිටිවායි පැවසුහ. ඔහු යහපතැයි දරුවා පුතු තනතුරේ තබා පෝෂණය කළේය. ඔහුගේ ගෙදර වසර දොළහක් වටිනා භාණ්ඩ විය. ඔහු වෙනත් ගමකට යනවිට කඩයට ගෙන ගොස් වෙළඳපළේ දරුවා තබා ඒ ඒ භාණ්ඩවල මුදල කියා මේ මේ භාණ්ඩ මෙතරම් වටිනේයයි ද මෙපමණ අයකර දෙන්න යයිද පවසා ගියේය. එදවස නගර ආරක්ෂක දෙවියා යටත් පිරිසයින් මිරිස් දිරවන පමණක්වත් අවශ්‍ය අය එම කඩය දෙසටම යැවුහ. ඔහු වසර දොළහක් වටිනා භාණ්ඩ එකම දවසින් විකුණා අවසන් විය. කෙළෙඹියා පැමිණ කඩයේ කිසිවක් නොදක දරුව සියල්ල විනාශ වූවේදැයි විමසුවේය. නැත විනාශ නො කළෙමි. සියල්ලම ඔබ කීව ආකාරයට විකුණුවෙමි. මේ අසවල් භාණ්ඩයට මුදල මේ අසවල් භාණ්ඩයට මිල යයි දුන්නේය. කෙළෙඹියා පැහැදී අනර්ඝ පුරුෂයෙකි කොහේ වුවත් ජීවත් විය හැකි දක්ෂයෙකි. තම නිවසේ වැඩ සිටි දුවණිය ඔහුට දී ඔවුන්ට නිවසක් ද සාදා දෙන ලෙසට මිනිසුන්ට අණ දී එය සාදවා ඔවුන්ගේ නිවසට යන ලෙසට කියා එහි වාසය කරවීය.
අථස්ස ගෙහපවිසනකාලෙ එකෙන පාදෙන උම්මාරෙ අක්කන්තමත්තෙ ගෙහස්ස පච්ඡිමභාගෙ භූමිං භින්දිත්වා අසීතිහත්ථො සුවණ්ණපබ්බතො උට්ඨහි. රාජා “ජටිලකුමාරස්ස කිර ගෙහෙ භූමිං භින්දිත්වා සුවණ්ණපබ්බතො උට්ඨිතො”ති සුත්වාව තස්ස සෙට්ඨිච්ඡත්තං පෙසෙසි. සො ජටිලසෙට්ඨි නාම අහොසි. තස්ස තයො පුත්තා අහෙසුං. සො තෙසං වයප්පත්තකාලෙ පබ්බජ්ජාය චිත්තං උප්පාදෙත්වා “සචෙ අම්හෙහි සමානභොගං සෙට්ඨිකුලං භවිස්සති, පබ්බජිතුං දස්සන්ති. නො චෙ, න දස්සන්ති. අත්ථි නු ඛො ජම්බුදීපෙ අම්හෙහි සමානභොගං කුල”න්ති වීමංසනත්ථාය සුවණ්ණමයං ඉට්ඨකං සුවණ්ණමයං පතොදලට්ඨිං සුවණ්ණමයං පාදුකඤ්ච කාරාපෙත්වා පුරිසානං හත්ථෙ දත්වා “ගච්ඡථ, ඉමානි ආදාය කිඤ්චිදෙව ඔලොකයමානා විය ජම්බුදීපතලෙ විචරිත්වා අම්හෙහි සමානභොගස්ස සෙට්ඨිකුලස්ස අත්ථිභාවං වා නත්ථිභාවං වා ඤත්වා ආගච්ඡථා”ති පහිණි.
අනතුරුව ගෙට පිවිසෙන අවස්ථාවේ දී එක පාදයකින් දොර පඩියේ පියවර තුබු විගස ගෙය පසුපස බිම බිඳී රියන් අසුවක් වූ රන් පර්වතයක් මැවුනි. රජතුමා සිටුවරයාගේ නිවස රන් පර්වතයක් පැන නැංගේයයි අසා සිටුතනතුරට දෙන ඡත්රයක් යැවීය. ඔහු ජටිල සිටුතුමා විය. ඔහුට පුතුන් තිදෙනෙක් වුහ. ඔහු ඔවුන් වයසට පත්කළ පැවිද්දට සිත උපදවා ඉදින් අපගේ සමාන සිටුකුලයක් වන්නේ නම් පැවිදි වීමට දෙන්නේය. එසේ නොවේනම් නොදෙන්නේය. දඹදිව අප සමාන භෝග සම්පත් ඇති කුලයක් තිබේදැයි ණය උළුකැටයක් රත්මය කෙවිටක් රන්මය හවඩියක් කරවා පුරුෂයන්ගේ අතට දී යවු මේවා ගෙන කිසිවක් සොයන ලෙසට දඹදිව් තලයේ හැසිරි, අපට සමාන භෝග ඇති සිටුබලයක් ඇතිබව හෝ නොමැති බව දැන පැමිණෙව් යැවේය.
තෙ චාරිකං චරන්තා භද්දියනගරං පාපුණිංසු. අථ නෙ මෙණ්ඩකසෙට්ඨි දිස්වා, “තාතා, කිං කරොන්තා විචරථා”ති පුච්ඡිත්වා “එකං ඔලොකෙන්තා විචරාමා”ති වුත්තෙ “ඉමෙසං ඉමානි ගහෙත්වා කිඤ්චිදෙව ඔලොකෙතුං විචරණකිච්චං නත්ථි, රට්ඨං පරිග්ගණ්හමානා විචරන්තී”ති ඤත්වා, “තාතා, අම්හාකං පච්ඡිමගෙහං පවිසිත්වා ඔලොකෙථා”ති ආහ. තෙ තත්ථ අට්ඨකරීසමත්තෙ ඨානෙ හත්ථිඅස්සඋසභප්පමාණෙ පිට්ඨියා පිට්ඨිං ආහච්ච පථවිං භින්දිත්වා උට්ඨිතෙ හෙට්ඨා වුත්තප්පකාරෙ සුවණ්ණමෙණ්ඩකෙ දිස්වා තෙසං අන්තරන්තරා විචරිත්වා නික්ඛමිංසු. අථ නෙ සෙට්ඨි, “තාතා, යං ඔලොකෙන්තා විචරථ, දිට්ඨො වො සො”ති පුච්ඡිත්වා “පස්සාම, සාමී”ති වුත්තෙ “තෙන හි ගච්ඡථා”ති උය්යොජෙසි. තෙ තතොව ගන්ත්වා අත්තනො සෙට්ඨිනා “කිං, තාතා, දිට්ඨං වො අම්හාකං සමානභොගං සෙට්ඨිකුල”න්ති වුත්තෙ, “සාමි, තුම්හාකං කිං අත්ථි, භද්දියනගරෙ මෙණ්ඩකසෙට්ඨිනො එවරූපො නාම විභවො”ති සබ්බං තං පවත්තිං ආචික්ඛිංසු. තං සුත්වා සෙට්ඨි අත්තමනො හුත්වා “එකං තාව සෙට්ඨිකුලං ලද්ධං, අපරම්පි නු ඛො අත්ථී”ති සතසහස්සග්ඝනිකං කම්බලං දත්වා “ගච්ඡථ, තාතා, අඤ්ඤම්පි. සෙට්ඨිකුලං විචිනථා”ති පහිණි.
ඔවුහු චාරිකාවේ යෙදෙමින් භද්දිය නගරයට පැමිණියාහුය. ඔවුන් මෙණ්ඩක සිටුවරයා දැක දරුවන් කුමක් කරම්දැයි විමසා එක් දෙයක් සොයමින් හැසිරෙන්නාවුයි පැවසූවිට මේවාට මේවා ගෙන කිසිවක් ගෙන බලමින් හැසිරීමෙන් වැඩක් නැත. රට පරීක්ෂා කරමින් හැසිරේයයි දැන දරුව අපේ පසුපස ගෙයි පරික්ෂාකර බලන්නැයි කීවේය. ඔවුහු එහි අවහිරියක් පමණ තැන ඇත්, අශ්ව. ගව ප්‍රමාණ පිටින් පිට ගැටී පොළව බිඳ නැගීසිටි යට කියන ලද පරිදි රන් බැටලුවන් දැක ඒ අතර හැසිරි නික්මුනාහුය. අනතුරුව සිටුවරයා ඔවුන්ගෙන් දරුවන් විමසා යන දෙය හමුවීදැයි විමසුවේය නොදන්නා ලදී කීවිට එසේනම් යන්නැයි පිටත් කළේය. ඔවුන් ඉන් පිටත්ව ගොස් තම සිටුවරයාට දරුවෙනි අපට සමාන සම්පත් ඇති සිටුවරයෙක් දැක්කේදැයි විමසා ස්වාමීනි ඔබට කුමක් කිවේද මෙණ්ඩක සිටුවරයාට මෙහෙව් සම්පත් ඇතැයි පැවසුවේය. එම සියළු පුවත් අසා සිටුතුමා සතුටුව එකක් හමුවිය. තව ද එබඳු සිටු මැඳුරු ඇතැයි සිතා ලක්ෂයක් වටිනා පලසක් දී දරුවනි යනු තවත් සිටුකුලයක් සොයමි කියා පිටත්කර යැව්වේය.
තෙ රාජගහං ගන්ත්වා ජොතිකසෙට්ඨිස්ස ගෙහතො අවිදූරෙ දාරුරාසිං කත්වා අග්ගිං දත්වා අට්ඨංසු. “කිං ඉද”න්ති පුට්ඨකාලෙ ච “එකං නො මහග්ඝකම්බලං වික්කිණන්තානං කයිකො නත්ථි, ගහෙත්වා විචරන්තාපි චොරානං භායාම, තෙන තං ඣාපෙත්වා ගමිස්සාමා”ති වදිංසු. අථ නෙ ජොතිකසෙට්ඨි දිස්වා “ඉමෙ කිං කරොන්තී”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා පක්කොසාපෙත්වා “කිං අග්ඝනකො කම්බලො”ති පුච්ඡි. “සතසහස්සග්ඝනකො”ති වුත්තෙ සතසහස්සං දාපෙත්වා “ද්වාරකොට්ඨකං සම්මජ්ජිත්වා කචවරඡඩ්ඩිකාය දාසියා දෙථා”ති තෙසංයෙව හත්ථෙ පහිණි. සා කම්බලං ගහෙත්වා රොදමානා සාමිකස්ස සන්තිකං ආගන්ත්වා “කිං මං, සාමි, අපරාධෙ සති පහරිතුං න වට්ටති, කස්මා මෙ එවරූපං ථූලකම්බලං පහිණිත්ථ, කථාහං ඉමං නිවාසෙස්සාමි වා පාරුපිස්සාමි වා”ති. නාහං තව එතදත්ථාය පහිණිං, එතං පන පලිවෙඨෙත්වා තව සයනපාදමූලෙ ඨපෙත්වා නිපජ්ජනකාලෙ ගන්ධොදකෙන ධොතානං පාදානං පුඤ්ඡනත්ථාය තෙ පහිණිං, කිං එතම්පි කාතුං න සක්කොසීති. සා “එතං පන කාතුං සක්ඛිස්සාමී”ති ගහෙත්වා අගමාසි. තෙ ච පුරිසා තං කාරණං දිස්වා අත්තනො සෙට්ඨිස්ස සන්තිකං ගන්ත්වා “කිං, තාතා, දිට්ඨං වො සෙට්ඨිකුල”න්ති වුත්තෙ, “සාමි, කිං තුම්හාකං අත්ථි, රාජගහනගරෙ ජොතිකසෙට්ඨිස්ස එවරූපා නාම සම්පත්තී”ති සබ්බං ගෙහසම්පත්තිං ආරොචෙත්වා තං පවත්තිං ආචික්ඛිංසු. සෙට්ඨි තෙසං වචනං සුත්වා තුට්ඨමානසො “ඉදානි පබ්බජිතුං ලභිස්සාමී”ති රඤ්ඤො සන්තිකං ගන්ත්වා “පබ්බජිතුකාමොම්හි, දෙවා”ති ආහ. සාධු, මහාසෙට්ඨි, පබ්බජාහීති. සො ගෙහං ගන්ත්වා පුත්තෙ පක්කොසාපෙත්වා සුවණ්ණදණ්ඩං වජිරකුද්දාලං ජෙට්ඨපුත්තස්ස හත්ථෙ ඨපෙත්වා, “තාත, පච්ඡිමගෙහෙ සුවණ්ණපබ්බතතො සුවණ්ණපිණ්ඩං උද්ධරාහී”ති ආහ. සො කුද්දාලං ආදාය ගන්ත්වා සුවණ්ණපබ්බතං පහරි, පිට්ඨිපාසාණෙ පහටකාලො විය අහොසි. තස්ස හත්ථතො කුද්දාලං ගහෙත්වා මජ්ඣිමපුත්තස්ස හත්ථෙ දත්වා පහිණි, තස්සපි සුවණ්ණපබ්බතං පහරන්තස්ස පිට්ඨිපාසාණෙ පහටකාලො විය අහොසි. අථ නං කනිට්ඨපුත්තස්ස හත්ථෙ දත්වා පහිණි, තස්ස තං ගහෙත්වා පහරන්තස්ස කොට්ටෙත්වා රාසිකතාය මත්තිකාය පහටකාලො විය අහොසි. අථ නං සෙට්ඨි “එහි, තාත, අලං එත්තකෙනා”ති වත්වා ඉතරෙ ද්වෙ ජෙට්ඨභාතිකෙ පක්කොසාපෙත්වා “අයං සුවණ්ණපබ්බතො න තුම්හාකං නිබ්බත්තො, මය්හඤ්ච කනිට්ඨස්ස ච නිබ්බත්තො, ඉමිනා සද්ධිං එකතො හුත්වා පරිභුඤ්ජථා”ති ආහ. කස්මා පන සො තෙසමෙව නිබ්බත්තති, කස්මා ච ජටිලො ජාතකාලෙ උදකෙ පාතිතොති? අත්තනො කතකම්මෙනෙව.
ඔවුහු රජගහ නුවරට ගොස් ජෝතිය සිටුවරයාගේ ගෙය අසල දර ගොඩක් රැස්කර ගිනි අවුලුවා සිටියාහුය මේ කුමක්දැයි විමසුවිටද අපි මහාර්ඝ වූ එක් කම්බලයක් ගෙන විකුණන්නේ මිලට ගන්නෙක් නැතැයි පැවසුහ. ඔවුන් කැඳවා මේ කම්බිලිය කොපමණ වටීදැයි විමසුවේය. ලක්ෂයකැයි පැවසුවිට ලක්ෂයක් දී දොර කොටුවට පැමිණ කසළ ශුද්ධ කරන දාසියට දෙන්නැයි ඔවුන්ගේ අත යැව්වේය. ඇය කම්බලය ගෙන අඩමින් ස්වාමියා වෙතට ගොස් ඇය ස්වාමීනි අපරාධයක් ඇතිවිට මට පහර දෙන්න නොවටිද කෑමක් නිසා මෙබඳු නොවටිනා කම්බිලියක් එව්වේද? කෙසේනම් මම අදිමිද නැතහොත් පොරවමිද? නැත මෙය එව්වේ ඔබේ නිදන ඇඳ කෙළවර තබා නිදන විට සුවඳ ජලයෙන් සෝධන පා පිස දැමිම සඳහාය. ඇය එය කිරීමටවත් නොවටීද? එය කිරීමට හැකියයි පවසා පිටත්ව ගියේය. එම පුරුෂයෝ මේ කරුණු දැක තම සිටුවරයාගේ සමීපයට ගොස් දරුව දුටුවේදැයි විමසුවිට “ස්වාමීනි ඔබට කුමක් කිවේද රජගහ නුවර ජෝතිය සිටුවරයාට මේ තරම් සම්පත් තිබේ. ගෙදර සියළු සම්පත් දැනුම් දී මේ පුවත් පැවසුහ. සිටුවරයා මේ තොරතුරු අසා සතුටුව දැන් පැවිදිවීම ලබන්නේයයි රජු වෙතට ගොස් මහරජ පැවිදිවීමට කැමතියයි පැවසු විට හොඳය මහ සිටුතුමණි පැවිදි වන්නැයි අනුමත කළේය. ඔහු ගෙට ගොස් පුතුන් අමතා රන්දණ්ඩ වජිරනලය උදැල්ල දෙටු පුතුට භාරදී දරුව ... පසුපස රන් පර්වතයකි. රන් පර්වතයක් ඇත. ගලවන්නැයි පැවසුවේය. ඔහු උදැල්ල ගෙන රන් පර්වතයට පහර දුනි. පිහිටි ගලක් උඩට ගැසුවාක් මෙන් විය. ඔහුගේ අතින් උදැල්ල ගෙන මධ්යමයාගේ අතට දී යැව්වේය. ඔහු පහර දෙනවිටද ගලමතට පහර දුන්නා සේ විය. පසුව බාල පුතුට දුනි ඔහු පහර දෙනවිට එකම එකකුලක මැටි ගොඩකට පහර දෙන්නාක් සේ විය. අනතුරුව සිටුවරයා එන්න දරුවන් මෙයින් වැඩක් නැත. පවසා අනෙක් ජ්‍යෙෂ්ඨ සහෝදරයන් කැඳවා මේ රන් පර්වතය ඔබට ඇතිවුයේ නොවේ. මට ද බාලයාටද ඇතිවිය. මොහු සමග එකට එකතුවී පාරිභෝග කරන්නැයි පැවසුවේය. කුමක් නිසා ඔවුන් සඳහාම පහළ වී ද කුමක් නිසා ජටිල උපත් කල ජලයේ වැටුණේද? තමන් කළ කර්මය නිසාමය.
කස්සපසම්මාසම්බුද්ධස්ස හි චෙතියෙ කරියමානෙ එකො ඛීණාසවො චෙතියට්ඨානං ගන්ත්වා ඔලොකෙත්වා, “තාතා, කස්මා චෙතියස්ස උත්තරෙන මුඛං න උට්ඨහතී”ති පුච්ඡි. “සුවණ්ණං නප්පහොතී”ති ආහංසු. අහං අන්තොගාමං පවිසිත්වා සමාදපෙස්සාමි, තුම්හෙ ආදරෙන කම්මං කරොථාති. සො එවං වත්වා නගරං පවිසිත්වා, “අම්මා, තාතා, තුම්හාකං චෙතියස්ස එකස්මිං මුඛෙ සුවණ්ණං නප්පහොති, සුවණ්ණං ජානාථා”ති මහාජනං සමාදපෙන්තො සුවණ්ණකාරකුලං අගමාසි. සුවණ්ණකාරොපි තඞ්ඛණෙයෙව භරියාය සද්ධිං කලහං කරොන්තො නිසින්නො හොති. අථ නං ථෙරො “චෙතියෙ තුම්හෙහි ගහිතමුඛස්ස සුවණ්ණං නප්පහොති, තං ජානිතුං වට්ටතී”ති ආහ. සො භරියාය කොපෙන “තව සත්ථාරං උදකෙ ඛිපිත්වා ගච්ඡා”ති ආහ. අථ නං සා “අතිසාහසිකකම්මං තෙ කතං, මම කුද්ධෙන තෙ අහමෙව අක්කොසිතබ්බා වා පහරිතබ්බා වා, කස්මා අතීතානාගතපච්චුප්පන්නෙසු බුද්ධෙසු වෙරමකාසී”ති ආහ. සුවණ්ණකාරො තාවදෙව සංවෙගප්පත්තො හුත්වා “ඛමථ මෙ, භන්තෙ”ති වත්වා ථෙරස්ස පාදමූලෙ නිපජ්ජි. තාත, අහං තයා න කිඤ්චි වුත්තො, සත්ථාරං ඛමාපෙහීති. කින්ති කත්වා ඛමාපෙමි, භන්තෙති. සුවණ්ණපුප්ඵානං තයො කුම්භෙ කත්වා අන්තොධාතුනිධානෙ පක්ඛිපිත්වා අල්ලවත්ථො අල්ලකෙසො හුත්වා ඛමාපෙහි, තාතාති.
කාශ්‍යප බුදුන්ගේ සෑය කරන කාලයේදී එක් රහතන් වහන්සේ නමක් චෛත්‍ය කරන තැනට ගොස් බලා දරුවනි චෛත්‍යයේ උතුරු දිග මූණ නොනැගේ කුමක් නිසාද? විමසුහ. රන් ප්‍රමාණවත් නැතැයි පැවසුවේය. මම ඇතුළු ගමට පිවිසී ඔබ සම්මාදන් කරවන්නෙමි. තෙපි සම්මාදන් කරවන්නෙමියි තෙපි ආදරයෙන් කර්මාන්තය කරන්නැයි ඔහු මෙසේ කියා නගරයට පිවිස මෑණිවරුනි පියවරුනි. තොපගේ චෛත්‍යයට එක් දොරටුවකට රන් සෑහෙන්නේ නැත. රන් දෙන්නැයි මහජනයා සම්මාදන් කරවමින් රන් කුලයකට ගියේය. ස්වර්ණාභරණ හදන්නා ද එකෙනෙහිම භාර්යාව සමග කලහ කොට සිටියේ වෙයි. මේ අනුව තෙරුන් වහන්සේ චෛත්‍යයේ ඔබ විසින් ගන්නා ලද කොටස රන් ප්‍රමාණවත් නොවේ. එය දැනගැනීම වැදගත් වේ. පැවසුහ. ඔහු භාර්යාවට කෝපයෙන් ඔබේ ශාස්තෘවරයා ජලයට විසිකර යන්නැයි පැවසුවේය. අනතුරුව ඇය ඔහුට ඉතා සැහැසි දෙයක් නුඹ විසින් කරන ලදී මා කෙරෙහි කෝපයෙන් නුඹ මට දොස් නැසිය යුතුය. නැතහොත් පහර දිය යුතුය කුමක් නිසා අතීත, අනාගත, වර්තමාන, බුදුවරුන්ට වෛර කළේදැයි විමසුවේය. රන්කරු එකෙනෙහි සංවේගයට පත්වුයේ ස්වාමීනි මට සමාවන්නැයි කියා තෙරුන්ගේ පාමුල වැටුණි. දරුව ඔබ මට කිසිවක් නොකිවේය. බුදුන්ගෙන් සමාව ගන්න. ස්වාමීනි කුමක් කර මම සමාව ගන්නේද? රන් මල් තුනක් කර කළයේ තබා ඇතුල් නිධානයේ තබන්න. එසේ තබා තෙත වස්ත්‍රයෙන් තෙත කෙසින් සිට සමාව ඉල්ලන්න.
සො “සාධු, භන්තෙ”ති වත්වා සුවණ්ණපුප්ඵානි කරොන්තො තීසු පුත්තෙසු ජෙට්ඨපුත්තං පක්කොසාපෙත්වා “එහි, තාත, අහං සත්ථාරං වෙරවචනෙන අවචං, තස්මා ඉමානි පුප්ඵානි කත්වා ධාතුනිධානෙ පක්ඛිපිත්වා ඛමාපෙස්සාමි, ත්වම්පි ඛො මෙ සහායො හොහී”ති ආහ. සො “න ත්වං මයා වෙරවචනං වදාපිතො, ත්වංයෙව කරොහී”ති කාතුං න ඉච්ඡි. මජ්ඣිමපුත්තං පක්කොසිත්‍වා තථෙවාහ, සොපි තථෙව වත්වා කාතුං න ඉච්ඡි. කනිට්ඨං පක්කොසිත්‍වා තථෙවාහ, සො “පිතු උප්පන්නකිච්චං නාම පුත්තස්ස භාරො”ති වත්වා පිතුසහායො හුත්වා පුප්ඵානි අකාසි. සුවණ්ණකාරො විදත්ථිප්පමාණානං පුප්ඵානං තයො කුම්භෙ නිට්ඨාපෙත්වා ධාතුනිධානෙ පක්ඛිපිත්වා අල්ලවත්ථො අල්ලකෙසො සත්ථාරං ඛමාපෙසි. ඉති සො සත්තක්ඛත්තුං ජාතකාලෙ උදකෙ පාතනං ලභි. අයං පනස්ස කොටියං ඨිතො අත්තභාවො. ඉධාපි තස්සෙව නිස්සන්දෙන උදකෙ පාතිතො. යෙ පනස්ස ද්වෙ ජෙට්ඨභාතිකා පුත්තා සුවණ්ණපුප්ඵානං කරණකාලෙ සහායා භවිතුං න ඉච්ඡිංසු, තෙසං තෙන කාරණෙන සුවණ්ණපබ්බතො න නිබ්බත්ති, ජටිලස්ස චෙව කනිට්ඨපුත්තස්ස ච එකතො කතභාවෙන නිබ්බත්ති. ඉති සො පුත්තෙ අනුසාසිත්වා සත්ථු සන්තිකෙ පබ්බජිත්වා කතිපාහෙනෙව අරහත්තං පාපුණි. සත්ථා අපරෙන සමයෙන පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං පිණ්ඩාය චරන්තො තස්ස පුත්තානං ගෙහද්වාරං අගමාසි, තෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස අඩ්ඪමාසං භික්ඛාදානං අදංසු.
ඔහු ස්වාමීනි යහපතැයි ස්වමීනි කියා රන්මල් කරන්නේ පුතුන් තිදෙනා අතරින් ජ්‍යෙෂ්ඨ පුතු අමතා එන්න දරුව මම බුදුන්ට වෛර සහිත වචනයෙන් කථාකළෙමි. එනිසා මේ මල්කර ධාතු නිධානයේ තබා සමාව ගන්නෙමි. නුඹද මට උපකාර කරන්නැයි පැවසුවේය. පියාණනි ඔබම වෛර වචන කීවේය. එනිසා ඔබම එය කරන්නැයි කිරීමට කැමති නොවීය. මධ්‍යම පුතුටද කණිෂ්ඨ පුතුටද මෙසේ කීවේය, කණිෂ්ඨයා පියාට ඇති වූ කරුණ පුතාට ද භාරවේ. පියාගේ සහායකයා වී රන්මල් කළේය. රන්කරු වියතක් පමණ රන් මල් කර කළයක තබා ධාතු නිධානයේ තබා තෙත කෙස් හා තෙත වස්ත්‍ර ඇතිව බුදුන් ක්ෂමා කරවීය. මේ නිසා ඔහු හත්වරක් ජලයට වැටුණි මේ කරුණ නිසා කෙළවර සිටි ආත්මභාවය නිසා මෙලොව දීද නිසැකව ජලයේ වැටුණි. ජ්‍යෙෂ්ඨ පුතුන් දෙදෙනා රන් මල් කරන අවස්ථාවේදී සහාය දීමට අකමැතිවිය. එනිසා ඔවුන්ට මේ කරුණ නිසා රන් පර්වතය ඇති නොවුයේය. කණිටු පුතාව හා ජටිලට එකට එකතුවී කළ නිසා රන් පර්වතය කඩාගත හැකිවිය. මෙලෙස පුතුන්ට අවවාද දී බුදුන් වෙත පැවිදිවී දින කීපයකින්ම රහත් වීමට හැකිවිය. බුදුහු පසුකලෙක පන්සියයක් භික්ෂූන් සමග පිඬුසිඟා වඩින්නේ ඔහුගේ ගෙදරට වැඩම කළහ. ඔවුන් තිදෙනා බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට අඩමසක් භික්ෂාව පිරිනැමූහ.
භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “අජ්ජාපි තෙ, ආවුසො ජටිල, අසීතිහත්ථෙ සුවණ්ණපබ්බතෙ ච පුත්තෙසු ච තණ්හා අත්ථී”ති. “න මෙ, ආවුසො, එතෙසු තණ්හා වා මානො වා අත්ථී”ති. තෙ “අයං ජටිලත්ථෙරො අභූතං වත්වා අඤ්ඤං බ්යාකරොතී”ති වදිංසු. සත්ථා තෙසං කථං සුත්වා “න, භික්ඛවෙ, මම පුත්තස්ස තෙසු තණ්හා වා මානො වා අත්ථී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
භික්ෂූන්ද දම් සභාවේ කථාවක් ඇති කළහ. බුදුහු ඔවුන්ගේ කථා අසා මහණෙනි මගේ පුතුන්ට තෘෂ්ණාව හෝ මානය නැතැයි පවසා ධර්ම දේශනා කරන්නේ මේ ගාථාව දෙසුහ.
“යොධ තණ්හං පහන්ත්වාන, අනාගාරො පරිබ්බජෙ; තණ්හාභවපරික්ඛීණං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
තණ්හාව නැති කොට ගිහිගෙන්ද නික්මී ගොස් පැවිදි සුව විදින්නෝ බමුණෝම වේ අරහත්
මෙලොව යමෙක් කාමයන් පහකොට අනගාරීව පැවිදි වේද කර්මයන් හා භවයන් පහකරයිද ඔහු බ්‍රාහ්මණයයි මම පවසමි.
තස්සත්ථො – යො ඉධ ලොකෙ ඡද්වාරිකං තණ්හං වා මානං වා ජහිත්වා ඝරාවාසෙන අනත්ථිකො අනාගාරො හුත්වා පරිබ්බජති, තණ්හාය චෙව භවස්ස ච පරික්ඛීණත්තා තණ්හාභවපරික්ඛීණං තමහං බ්රාහ්මණං වදාමීති.
එහි අරුත - යෝ ඉධලොක සදොරින් - යමෙක් මෙලොව තණ්හාව දුරු කොට ගිහිගෙයි දිවිය අත්හැර අනාගාරෝ හුත්ථා - පැවිදිවේද තෘෂ්ණාවක් භවයක් පරික්ෂණ කළ නිසා ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසන බොහෝ දෙන මාර්ග ඵලයන්ට පත් වුහ.
ජටිලත්ථෙරවත්ථු තෙත්තිංසතිමං.
34. ජොතිකත්ථෙරවත්ථු
34. ජෝතිය තෙරුන්ගේ කථා පුවත
යොධ තණ්හන්ති පුන ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො ජොතිකත්ථෙරං ආරබ්භ කථෙසි.
“යොධ තණහං” යන මේ ධර්ම දේශනය බුදුහු වේළුවනාරාමයේ වැඩසිටියදී ජෝතිය තෙරුන් පිළිබඳව දේශනා කළහ.
අජාතසත්තුකුමාරො හි දෙවදත්තෙන සද්ධිං එකතො හුත්වා පිතරං ඝාතෙත්වා රජ්ජෙ පතිට්ඨිතො “ජොතිකසෙට්ඨිස්ස මහාපාසාදං ගණ්හිස්සාමී”ති යුද්ධසජ්ජො නික්ඛමිත්වා මණිපාකාරෙ සපරිවාරස්ස අත්තනො ඡායං දිස්වා “ගහපතිකො යුද්ධසජ්ජො හුත්වා බලං ආදාය නික්ඛන්තො”ති සල්ලක්ඛෙත්වා උපගන්තුං න විසහි. සෙට්ඨිපි තං දිවසං උපොසථිකො හුත්වා පාතොව භුත්තපාතරාසො විහාරං ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තො නිසින්නො හොති. පඨමෙ ද්වාරකොට්ඨකෙ ආරක්ඛං ගහෙත්වා ඨිතො පන යමකොළි නාම යක්ඛො තං දිස්වා “කහං ගච්ඡසී”ති සපරිවාරං විද්ධංසෙත්වා දිසාවිදිසාසු අනුබන්ධි. රාජා විහාරමෙව අගමාසි.
අජාසත් රජු දෙව්දත් තෙරුන් සමග එකට එකතුවී පියා ඝාතනය කර රාජ්‍යයේ පිහිටියේ ජෝතිය සිටුතුමාගේ ප්‍රාසාදය ගන්නෙමියි සංග්රාම සන්නධ වූයේ නික්මී මැණික් ප්රාකාරයේ පිරිවර සහිත තම ඡායාව දැක ගෘහපති මා යුද්ධ කිරිමට සුදානම් වී බලසෙනග ගෙන නික්මී යයි සළකා ළඟට යාමට නොහැකි විය. සිටුවරයාද එදින උපෝසථ සමාදන් වී අළුයම පැහැර ගෙන විහාරයට ගොස් බුදුන්ගෙන් බණ අසමින් සිටියේය. පළමුවර කොටුව ආරක්ෂාව ගෙන සිටි යමකෝලි යක්ෂයා ඔහු දැක කොහේ යන්නේදැයි පිරිවර සහිතව විනාශ කොට දිසා විනිසාවන්හි ලුහු බැන්දේය. රජු විහාරයටම ගියේය,
අථ නං සෙට්ඨි දිස්වාව “කිං, දෙවා”ති වත්වා උට්ඨායාසනා අට්ඨාසි. ගහපති, කිං ත්වං තව පුරිසෙ “මයා සද්ධිං යුජ්ඣථා”ති ආණාපෙත්වා ඉධාගම්ම ධම්මං සුණන්තො විය නිසින්නොති. කිං පන දෙවො මම ගෙහං ගණ්හිතුං ගතොති? ආම, ගතොම්හීති. මම අනිච්ඡාය මම ගෙහං ගණ්හිතුං රාජසහස්සම්පි න සක්කොති, දෙවාති. සො “කිං පන ත්වං රාජා භවිස්සසී”ති කුජ්ඣි. නාහං රාජා, මම සන්තකං පන දසිකසුත්තම්පි මම අනිච්ඡාය රාජූහි වා චොරෙහි වා ගහෙතුං න සක්කාති. කිං පනාහං තව රුචියා ගණ්හිස්සාමීති? තෙන හි, දෙව, ඉමා මෙ දසසු අඞ්ගුලීසු වීසති මුද්දිකා, ඉමාහං තුම්හාකං න දෙමි. සචෙ සක්කොථ, ගණ්හථාති. සො පන රාජා භූමියං උක්කුටිකං නිසීදිත්වා උල්ලඞ්ඝන්තො අට්ඨාරසහත්ථං ඨානං අභිරුහති, ඨත්වා උල්ලඞ්ඝන්තො අසීතිහත්ථං ඨානං අභිරුහති. එවංමහාබලො සමානොපි ඉතො චිතො ච පරිවත්තෙන්තො එකං මුද්දිකම්පි කඩ්ඪිතුං නාසක්ඛි. අථ නං සෙට්ඨි “සාටකං පත්ථර, දෙවා”ති වත්වා අඞ්ගුලියො උජුකා අකාසි, වීසතිපි මුද්දිකා නික්ඛමිංසු. අථ නං සෙට්ඨි “එවං, දෙව, මම සන්තකං මම අනිච්ඡාය න සක්කා ගණ්හිතු”න්ති වත්වා රඤ්ඤො කිරියාය උප්පන්නසංවෙගො “පබ්බජිතුං මෙ අනුජාන, දෙවා”ති ආහ. සො “ඉමස්මිං පබ්බජිතෙ සුඛං පාසාදං ගණ්හිස්සාමී”ති චින්තෙත්වා එකවචනෙනෙව “ත්වං පබ්බජාහී”ති ආහ. සො සත්ථු සන්තිකෙ පබ්බජිත්වා න චිරස්සෙව අරහත්තං පත්වා ජොතිකත්ථෙරො නාම අහොසි. තස්ස අරහත්තං පත්තක්ඛණෙයෙව සබ්බාපි සා සම්පත්ති අන්තරධායි, තම්පිස්ස සතුලකායිං නාම භරියං දෙවතා උත්තරකුරුමෙව නයිංසු.
අනතුරුව සිටුවරයා දැක දේවයනු කුමක්දැයි පවසා නැගිසිටියේය. ගෘහපතිය කිම ඔබ ඔබේ පුරුෂයන් මා හා යුද්ධ කිරීමට යොදා යුද්ධ කිරීමට අණකර මෙහි අවුත් බණ අසන ලෙස සිටියි. පැවසුවේය. එවිට සිටුවරයා ඇයි දේවයෙනි. මගේ ගෙය ගැනීමට ගියේද? ඔව් ගියෙමි. මම අකමැතිව මගේ ගෙය ගැනීමට රජවරු දහයකටවත් ගත නොහැකිය. එහිදී ඇය ඔබ රජුද? කියා විමසුවේය. රජතුමනි මා සන්තක නූල්පොටක් හෝ මගේ අකමැත්තෙන් රජවරුන් විසින් හෝ තෙරුන් විසින් හෝ ගැනීමට නොහැකිය. මම ඔබේ කැමැත්තෙන් ගන්නේ කුමක්දැයි විමසුවේය. හොඳයි දේවයති මේ ඇඟිලි දහසේ මුදු විස්සක් ඇත. මේවා ඔබට නොදෙමු හැකිනම් ඔබ ගන්නැයි පැවසුවේය. එහිදී රජු දණ ගසා උක්කුටුකයෙන් සිට පනින්නේනම් රියන් දහයක් උඩට නැගී සිටගෙන පනින්නේ නම් රියන් අසූවක් උඩට යන්නේය මෙබඳු බලසම්පන්න රජු එහෙ මෙහෙ පෙරළෙමින් එක මුදුවක්ද කඩාගැනීමට නොහැකි විය. අනතුරුව සිටුතුමා දේවයෙනි සළුව අතුරන්නැයි කියා ඇගිලි ඍජු ලෙසට තැබුවේය. මුදු විස්ස නික්මී වැටුනි. අනතුරුව සිටුවරයා දේවයෙන් මා සන්තක ද මගේ අකමැත්තෙන් ගත නොහැකියයි පවසා රජුගේ ක්‍රියාදාමයෙන් කළකිරුණ සිටුවරයා මට පැවිදිවීම අවසර දෙන්නැයි පැවසුවේය. ඔහු පැවිදි වූ විට සුබ ප්‍රාසාදය ගන්නෙමියි සිතා එක වචනයෙන්ම නුඹ පැවිදිවන්නෙයි පැවසුවේය. සිටුවරයා බුදුන් වෙත පැවිදි වී නොබෝ කලකින් රහත්බවට පත්විය. ජෝතික ථේර නමින් හැදින්වුනි. ඔහු රහත් බවට පත්වූ විගස සියලුම ඒ සම්පත් අතුරුදහන් විය. සතුලකාය නම් බිරිඳ ද දෙවියන් විසින් උතුරු කුරු දේශයට ගෙන ගියහ.
අථෙකදිවසං භික්ඛූ තං ආමන්තෙත්වා, “ආවුසො ජොතික, තස්මිං පන තෙ පාසාදෙ වා ඉත්ථියා වා තණ්හා අත්ථී”ති පුච්ඡිත්වා “නත්ථාවුසො”ති වුත්තෙ සත්ථු ආරොචෙසුං – “අයං, භන්තෙ, අභූතං වත්වා අඤ්ඤං බ්යාකරොතී”ති. සත්ථා “නත්ථෙව, භික්ඛවෙ, මම පුත්තස්ස තස්මිං තණ්හා”ති වත්වා ඉමං ගාථමාහ –
පසුදිනෙක භික්ෂූන් ඔහු අමතා ඇවැත්නි ජෝතිය එම ප්‍රාසාදය හෝ ස්ත්‍රිය කෙරෙහි තෘෂ්ණාවක් ඇත්දැයි විමසුහ. ඇවැත්නි නැතැයි පැවසු විට ඒ පිළිබඳව බුදුන්ට දැනුම් දුන්හ. සිදුනොවූවක් කියන බව පැවසු විට ඒ පිළිබඳව මහණෙනි මගේ පුතුට ඒවා පිළිබඳ තණ්හාවක් නොමැති බව පැවසුහ.
“යොධ තණ්හං පහන්ත්වාන, අනාගාරො පරිබ්බජෙ; තණ්හාභවපරික්ඛීණං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
මෙලොව යමෙක් කාම තෘෂ්ණ බැහැර කොට ගිහිගෙයින් බැහැරව පැවිදිවේ ද කාමයන් හා භවයන් දුරුකළ ඔහු බ්‍රාහ්මණයයි මම පවසමි.
ඉමිස්සා ගාථායත්ථො හෙට්ඨා ජටිලත්ථෙරවත්ථුම්හි වුත්තනයෙනෙව වෙදිතබ්බො.
මෙම ගාථාවේ අර්ථය, ජටිල ථෙර වස්තුවෙහි කියන ලද අයුරින් දත යුතුය.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය.
ජොතිකත්ථෙරවත්ථු චතුතිංසතිමං.