යෙදුමෙන් කියවන්න

37-38. වඞ‍්ගීසත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

37-38. වඞ‍්ගීසත්‍ථෙරවත්‍ථු

37-38. වංගීස තෙරුන් පිළිබඳ කථා පුවත

චුතිං යො වෙදීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො වඞ‍්ගීසත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“චුති යො වෙදෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩසිටිය දී වංගීස තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

රාජගහෙ කිරෙකො බ්‍රාහ‍්මණො වඞ‍්ගීසො නාම මතමනුස‍්සානං සීසං ආකොටෙත්‍වා “ඉදං නිරයෙ නිබ‍්බත‍්තස‍්ස සීසං, ඉදං තිරච‍්ඡානයොනියං, ඉදං පෙත‍්තිවිසයෙ, ඉදං මනුස‍්සලොකෙ, ඉදං දෙවලොකෙ නිබ‍්බත‍්තස‍්ස සීස”න‍්ති ජානාති. බ්‍රාහ‍්මණා “සක‍්කා ඉමං නිස‍්සාය ලොකං ඛාදිතු”න‍්ති චින‍්තෙත්‍වා තං ද‍්වෙ රත‍්තවත්‍ථානි පරිදහාපෙත්‍වා ආදාය ජනපදං චරන‍්තා මනුස‍්සෙ වදන‍්ති “එසො වඞ‍්ගීසො නාම බ්‍රාහ‍්මණො මතමනුස‍්සානං සීසං ආකොටෙත්‍වා නිබ‍්බත‍්තට‍්ඨානං ජානාති, අත‍්තනො ඤාතකානං නිබ‍්බත‍්තට‍්ඨානං පුච‍්ඡථා”ති. මනුස‍්සා යථාබලං දසපි කහාපණෙ වීසතිපි සතම‍්පි දත්‍වා ඤාතකානං නිබ‍්බත‍්තට‍්ඨානං පුච‍්ඡන‍්ති. තෙ අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා ජෙතවනස‍්ස අවිදූරෙ නිවාසං ගණ‍්හිංසු. තෙ භුත‍්තපාතරාසා මහාජනං ගන්‍ධමාලාදිහත්‍ථං ධම‍්මස‍්සවනාය ගච‍්ඡන‍්තං දිස‍්වා “කහං ගච‍්ඡථා”ති පුච‍්ඡිත්‍වා “විහාරං ධම‍්මස‍්සවනායා”ති වුත‍්තෙ “තත්‍ථ ගන‍්ත්‍වා කිං කරිස‍්සථ, අම‍්හාකං වඞ‍්ගීසබ්‍රාහ‍්මණෙන සදිසො නාම නත්‍ථි, මතමනුස‍්සානං සීසං ආකොටෙත්‍වා නිබ‍්බත‍්තට‍්ඨානං ජානාති, ඤාතකානං නිබ‍්බත‍්තට‍්ඨානං පුච‍්ඡථා”ති ආහංසු. තෙ “වඞ‍්ගීසො කිං ජානාති, අම‍්හාකං සත්‍ථාරා සදිසො නාම නත්‍ථී”ති වත්‍වා ඉතරෙහිපි “වඞ‍්ගීසසදිසො නත්‍ථී”ති වුත‍්තෙ කථං වඩ‍්ඪෙත්‍වා “එථ, දානි වො වඞ‍්ගීසස‍්ස වා අම‍්හාකං වා සත්‍ථු ජානනභාවං ජානිස‍්සාමා”ති තෙ ආදාය විහාරං අගමංසු. සත්‍ථා තෙසං ආගමනභාවං ඤත්‍වා නිරයෙ තිරච‍්ඡානයොනියං මනුස‍්සලොකෙ දෙවලොකෙති චතූසු ඨානෙසු නිබ‍්බත‍්තානං චත‍්තාරි සීසානි, ඛීණාසවසීසඤ‍්චාති පඤ‍්ච සීසානි ආහරාපෙත්‍වා පටිපාටියා ඨපෙත්‍වා ආගතකාලෙ වඞ‍්ගීසං පුච‍්ඡි – “ත්‍වං කිර සීසං ආකොටෙත්‍වා මතකානං නිබ‍්බත‍්තට‍්ඨානං ජානාසී”ති? “ආම, ජානාමී”ති. “ඉදං කස‍්ස සීස”න‍්ති? සො තං ආකොටෙත්‍වා “නිරයෙ නිබ‍්බත‍්තස‍්සා”ති ආහ. අථස‍්ස සත්‍ථා “සාධු සාධූ”ති සාධුකාරං දත්‍වා ඉතරානිපි තීණි සීසානි පුච‍්ඡිත්‍වා තෙන අවිරජ‍්ඣිත්‍වා වුත‍්තවුත‍්තක‍්ඛණෙ තථෙව තස‍්ස සාධුකාරං දත්‍වා පඤ‍්චමං සීසං දස‍්සෙත්‍වා “ඉදං කස‍්ස සීස”න‍්ති පුච‍්ඡි, සො තම‍්පි ආකොටෙත්‍වා නිබ‍්බත‍්තට‍්ඨානං න ජානාති.

රජගහ නුවර වංගීස නමින් එක් බ්‍රාහ්මණයෙක් වූයේය. ඔහු මියගිය මිනිසුන්ගේ හිසට තට්ටු කර මොහු නිරයේ ඉපදුණි. මොහු තිරිසන් යෝනියේ ඉපදුණි. මොහු ප්‍රේත ලෝකයේ ඉපදුණි. මොහු මිනිස් ලොව ඉපදුණි මොහු දෙලොව උපන්නේ යයි දන්නේ ය. බමුණෝ මොහු නිසා මුළුලොව රවටා අපේ බඩ වඩා ගත හැකියයි සිතා ඔහු රතු වස්ත්‍ර දෙකක් අන්දවා ජනපදවලට ගෙනගොස් හැසිරෙමින් මිනිසුන්ට කියති. මේ වංගිස නම් බ්‍රාහ්මණ යයි මළ මිනිසුන්ගේ හිස් කබලට තට්ටුකර උපන් තැන දනී. තමන්ගේ මළ ගිය ඥාතීන්ගේ උපන් තැන විමසන්න. පවසයි. මිනිස්සු තමගේ ශක්තිපමණ කහවණු දහසක් කහවණු විස්සක් කහවණු සියයක් දී තම ඥාතීන් උපන් තැන් විමසති. ඔවුන් පිළිවෙළින් සැවැත් නුවරට පැමිණ ජේතවනයට නොදුරේ නවාතැන් ගත්හ. උදේ ආහාර ගෙන මහජනයා ගඳමල් ගත් අත් ඇතිව බණ ඇසීමට යනු දැක කොහේ යන්නේදැයි විමසා බණ ඇසීමට විහාරයට යන්නෙමුයි කීවිට එහි ගොස් කුමක් කරවුද, අපේ වංගිස බ්‍රාහ්මණයා හා සමාන නැත. ඔහු මියගිය මිනිසුන්ගේ හිස් කබලට තට්ටු කර මියගිය අය උපන් තැන කියයි. ඔබගේ මළ ඥාතීන් උපන් තැන් විමසා දනිමු. යයි පැවසුහ. ඔවුහු වංගීස කුමක් දනිද අපේ ශාස්තෘවරයා සමාන නැතැයි කියා විවාදකර අපි මෙය දැන ගනිමුයි ඔවුහුත් රැගෙන විහාරයට ගියාහුය. බුදුහු ඔවුන් ආබව දැනගෙන නිරයේ තිරිසන් යෝනියේ, මිනිස් ලොවේ දෙලොවේ සිව් ස්ථානයක උපන් අයගේ හිස් කබල් ද රහතන් වහන්සේ නමකගේ හිස් කබලක්ද තබා වංගීස විමසා පළමු හිස් කබල ඇති තැනැත්තා නිරයේ උපන් බව පැවසීය. බුදුහු සාධුකාර දී අනුමත කළහ. අනෙක් හිස් කබල් තුන අයිති අය නොවරදවා කී හෙයින් සාධුකාර දී අනුමත කර පස්වැනි හිස පෙන්වා මෙය කාගේදැයි විමසුවේය. ඔහුට පැවසීමට නොහැකිවිය.

අථ නං සත්‍ථා “කිං, වඞ‍්ගීස, න ජානාසී”ති වත්‍වා, “ආම, න ජානාමී”ති වුත‍්තෙ “අහං ජානාමී”ති ආහ. අථ නං වඞ‍්ගීසො යාචි “දෙථ මෙ ඉමං මන‍්ත”න‍්ති. න සක‍්කා අපබ‍්බජිතස‍්ස දාතුන‍්ති. සො “ඉමස‍්මිං මන‍්තෙ ගහිතෙ සකලජම‍්බුදීපෙ අහං ජෙට‍්ඨකො භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තෙ බ්‍රාහ‍්මණෙ “තුම‍්හෙ තත්‍ථෙව කතිපාහං වසථ, අහං පබ‍්බජිස‍්සාමී”ති උය්‍යොජෙත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදො වඞ‍්ගීසත්‍ථෙරො නාම අහොසි. අථස‍්ස සත්‍ථා ද‍්වත‍්තිංසාකාරකම‍්මට‍්ඨානං දත්‍වා “මන‍්තස‍්ස පරිකම‍්මං සජ‍්ඣායාහී”ති ආහ. සො තං සජ‍්ඣායන‍්තො අන‍්තරන‍්තරා බ්‍රාහ‍්මණෙහි “ගහිතො තෙ මන‍්තො”ති පුච‍්ඡියමානො “ආගමෙථ තාව, ගණ‍්හාමී”ති වත්‍වා කතිපාහෙනෙව අරහත‍්තං පත්‍වා පුන බ්‍රාහ‍්මණෙහි පුට‍්ඨො “අභබ‍්බො දානාහං, ආවුසො, ගන‍්තු”න‍්ති ආහ. තං සුත්‍වා භික‍්ඛූ “අයං, භන‍්තෙ, අභූතෙන අඤ‍්ඤං බ්‍යාකරොතී”ති සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා “මා, භික‍්ඛවෙ, එවං අවචුත්‍ථ, ඉදානි, භික‍්ඛවෙ, මම පුත‍්තො චුතිපටිසන්‍ධිකුසලො ජාතො”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

නොදන්නා බව පැවසුවේය. බුදුරජාණන් වහන්සේ දන්නා බව පැවසුහ. එම මන්ත්‍රය ඉල්ලා සිටිවිට පැවිදි නොවූවන්ට නොදෙන බව පැවසුහ. මෙම මන්ත්‍රය ගත්විට මම මුළු දඹදිවම අග්‍ර වෙමියි සිතා පැමිණ බ්‍රාහ්මණයන්ට සිටින්නැයි කියා බුදුන් වෙත පැවිදි වී උපසම්පදාවද ලබා වංගීස තෙර නම් විය. අනතුරුව ඔහුට ද්වතිංසාකාර දෙතිස් කුණප කර්මස්ථානය දුන්නේය. මන්ත්‍රයට පරිකර්ම වන භාවනාව වඩන ලෙසට පැවසුවේය. බමුණන් පැමිණ වරින් වර මන්ත්‍රය ගත්තේ දැයි විමසුහ. පසුව ගනිමියි ඔවුන්ට පවසා පිටත් කළේය. දින කීපයකින් රහතන් බවට පත්විය මිත්‍ර බමුණා විමසුවිට දැන්මට අවශ්‍ය නැතැයි පවසා ඔවුන්ට යන ලෙසට පැවසුවේය. මෙය අසා භික්ෂූන් වංගීස බොරුවක් කියතැයි බුදුන්ට දන්වා සිටියේය. පසුව එසේ නොකියන ලෙසටත් දැන් මගේ පුතු චුති පටිසන්ධි දැක්මේ දක්ෂයෙක් බවත් පැවසුහ.

“චුතිං යො වෙදි සත‍්තානං, උපපත‍්තිඤ‍්ච සබ‍්බසො; අසත‍්තං සුගතං බුද‍්ධං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.

යම් කෙනෙක් සත්ත්වයන්ගේ චුතිය උත්පත්තියද හැම ලෙසින් දනීද. කිසිවෙක නො ඇලුණා වු සිත් ඇති මහා ගති ඇති. චතුර් විධසත්‍යය අවබෝධ කළ ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

“යස‍්ස ගතිං න ජානන‍්ති, දෙවා ගන්‍ධබ‍්බමානුසා; ඛීණාසවං අරහන‍්තං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

යමෙකුගේ ගතිය දෙවියෝ හා මිනිස්සු නොදනිත් ද. සිඳුණු ආශ්‍රව ඇති පිදුමට සුදුසු වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

තත්‍ථ යො වෙදීති යො සත‍්තානං සබ‍්බාකාරෙන චුතිඤ‍්ච පටිසන්‍ධිඤ‍්ච පාකටං කත්‍වා ජානාති, තමහං අලග‍්ගතාය අසත‍්තං, පටිපත‍්තියා සුට‍්ඨු ගතත‍්තා සුගතං, චතුන‍්නං සච‍්චානං බුද‍්ධතාය බුද‍්ධං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො. යස‍්සාති යස‍්සෙතෙ දෙවාදයො ගතිං න ජානන‍්ති, තමහං ආසවානං ඛීණතාය ඛීණාසවං, කිලෙසෙහි ආරකත‍්තා අරහන‍්තං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි යො වෙදි - යමෙක් සත්තානං - සත්ත්වයන්ගේ සියලු ආකාර චුතිං චුතියද පිළිසිදීමද ප්‍රකටව දනීද, තමහං නොලැගේද, අසත්තං ප්‍රතිපත්තියෙහි මනාව පිහිටියේද. සුගතං සිව්සස්හි අවබෝධය ඇත්තේද බුද්ධං බ්‍රාහ්මණයයි කියමි යන අර්ථයි. යම් මේ දේවාදීහු. ගති න ජානන්ති ජාති ස්වභාවය නො දන්නේද, ආශ්‍රවයන් ප්‍රචාරය කළ බැවින්. ඛීණසවං කෙලෙසුන්ගෙන් වෙන්වූයේ අරහන්තං බ්‍රාහ්මණ බ්‍රාහ්මණය කියයි. යන අර්ථයි

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ග ඵලවල පිහිටියාහුය.

වඞ‍්ගීසත්‍ථෙරවත්‍ථු සත‍්තතිංසතිමං.