යෙදුමෙන් කියවන්න

39. ධම‍්මදින‍්නත්‍ථෙරීවත්‍ථු අට‍්ඨකථා

39. ධම‍්මදින‍්නත්‍ථෙරීවත්‍ථු

39. ධම්ම දින්නා තෙරණියගේ කථා පුවත

යස‍්සාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො ධම‍්මදින‍්නං නාම භික‍්ඛුනිං ආරබ‍්භ කථෙසි.

“යස්සාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටිය දී ධම්ම දින්නා භික්ෂුණීය නිමිති කරගෙන දේශනාකළහ.

එකදිවසඤ‍්හි තස‍්සා ගිහිකාලෙ සාමිකො විසාඛො උපාසකො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා අනාගාමිඵලං පත්‍වා චින‍්තෙසි – “මයා සබ‍්බං සාපතෙය්‍යං ධම‍්මදින‍්නං පටිච‍්ඡාපෙතුං වට‍්ටතී”ති. සො තතො පුබ‍්බෙ ආගච‍්ඡන‍්තො ධම‍්මදින‍්නං වාතපානෙන ඔලොකෙන‍්තිං දිස‍්වා සිතං කරොති. තං දිවසං පන වාතපානෙන ඨිතං අනොලොකෙන‍්තොව අගමාසි. සා “කිං නු ඛො ඉද”න‍්ති චින‍්තෙත්‍වා “හොතු, භොජනකාලෙ ජානිස‍්සාමී”ති භොජනවෙලාය භත‍්තං උපනාමෙසි. සො අඤ‍්ඤෙසු දිවසෙසු “එහි, එකතො භුඤ‍්ජාමා”ති වදති, තං දිවසං පන තුණ‍්හීභූතොව භුඤ‍්ජි. සා “කෙනචිදෙව කාරණෙන කුපිතො භවිස‍්සතී”ති චින‍්තෙසි. අථ නං විසාඛො සුඛනිසින‍්නවෙලාය තං පක‍්කොසිත්‍වා “ධම‍්මදින‍්නෙ ඉමස‍්මිං ගෙහෙ සබ‍්බං සාපතෙය්‍යං පටිච‍්ඡාහී”ති ආහ. සා “කුද‍්ධා නාම සාපතෙය්‍යං න පටිච‍්ඡාපෙන‍්ති, කිං නු ඛො එත”න‍්ති චින‍්තෙත්‍වා “තුම‍්හෙ පන, සාමී”ති ආහ. අහං ඉතො පට‍්ඨාය න කිඤ‍්චි විචාරෙමීති. තුම‍්හෙහි ඡඩ‍්ඩිතං ඛෙළං කො පටිච‍්ඡිස‍්සති, එවං සන‍්තෙ මම පබ‍්බජ‍්ජං අනුජානාථාති. සො “සාධු, භද‍්දෙ”ති සම‍්පටිච‍්ඡිත්‍වා මහන‍්තෙන සක‍්කාරෙන තං භික‍්ඛුනීඋපස‍්සයං නෙත්‍වා පබ‍්බාජෙසි. සා ලද‍්ධූපසම‍්පදා ධම‍්මදින‍්නත්‍ථෙරී නාම අහොසි.

එක් දිනක් ධම්ම දින්නා භික්ෂුණීයගේ ගිහිකල ස්වාමීයා වූ විසාඛ උපාසකයා බුදුගෙන් බණ අසා අනාගාමී ඵලයට පත්වී මෙසේ සිතුවේය. මවිසින් සියළු ධනය ධම්ම දින්නාට පැවරිය යුතුය. එතුමා පෙරාතුව එනවිට ජනේලයෙන් බලාසිටින ධම්ම දින්නා සිනා පහළ කරයි. එනමුත් එදින ඔහු ජනේලයෙන් බලාසිටින ඇය දෙස නොබැලුවේය. මේ කුමක් වීදැයි සිතා හොඳයි කෑම ගන්නා විට දැනගතිමියි කෑම අවස්ථාවේදී බත් බෙදුවාය. ඔහු අනෙක් දිනවල එන්න එකට කෑම ගනිමුයි කථාකරයි. මෙදින නිහඩවම කෑම ගත්තේය. ඇය කිසියම් කරුණකට කෝප වී ඇතැයි සිතුවාය. අනතුරුව විසාඛ පහසුවෙන් සිටින විට ධම්ම දින්නා කථාකොට මේ ගෙයි සියළු සම්පත් ඔබම බාර ගන්නැයි පැවසුවේය. ඇය තරහ වී නම් මෙසේ සම්පත් පවරා නොදෙයි මේ කුමක්දැයි විමසා ස්වාමීනි ඔබ මම මෙයින් පසු කිසිවක් නො විමසන්නේද ඔබ විසින් විසිකරන ලද කෙල මෙන් ඇතිකල මගේ පැවිද්ද අනුමත කරන්න. ඔහු ද මැනවැයි පිළිගෙන මහත් සත්කාරයෙන් භික්ෂුණී ආරාමයට ගෙන ගොස් පැවිදි කළේය. ඇය උපසම්පදාව ලබා ධම්ම දින්නා ථෙරි නම් වූවාය

සා පවිවෙකකාමතාය භික‍්ඛුනීහි සද‍්ධිං ජනපදං ගන‍්ත්‍වා තත්‍ථ විහරන‍්තී න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා “ඉදානි මං නිස‍්සාය ඤාතිජනා පුඤ‍්ඤානි කරිස‍්සන‍්තී”ති පුනදෙව රාජගහං පච‍්චාගඤ‍්ඡි. උපාසකො තස‍්සා ආගතභාවං සුත්‍වා “කෙන නු ඛො කාරණෙන ආගතා”ති භික‍්ඛුනීඋපස‍්සයං ගන‍්ත්‍වා ථෙරිං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො “උක‍්කණ‍්ඨිතා නු ඛොසි, අය්‍යෙති වත‍්තුං අප‍්පතිරූපං, පඤ‍්හමෙකං නං පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා සොතාපත‍්තිමග‍්ගෙ පඤ‍්හං පුච‍්ඡි, සා තං විස‍්සජ‍්ජෙසි. උපාසකො තෙනෙව උපායෙන සෙසමග‍්ගෙසුපි පඤ‍්හං පුච‍්ඡිත්‍වා අතික‍්කම‍්ම පඤ‍්හස‍්ස පුට‍්ඨකාලෙ තාය “අච‍්චයාසි, ආවුසො, විසාඛා”ති වත්‍වා “ආකඞ‍්ඛමානො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ඉමං පඤ‍්හං පුච‍්ඡෙය්‍යාසී”ති වුත‍්තෙ ථෙරිං වන්‍දිත්‍වා උට‍්ඨායාසනා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තං කථාසල‍්ලාපං සබ‍්බං භගවතො ආරොචෙසි. සත්‍ථා “සුකථිතං මම ධීතාය ධම‍්මදින‍්නාය, අහම‍්පෙතං පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො එවමෙව විස‍්සජ‍්ජෙය්‍ය”න‍්ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඇය විවේකය කැමතිව භික්ෂුණීන් සමග ජනපදයට ගොස් එහි වාසය කරන්නී නොබෝ දිනකින් සිවුපිළිසිඹියා රහත් බවට පත්වූවාය. නැවත ඇය මා නිසා ඥාතීන් පින් කරන්නේයයි නැවත ද රජගහ නුවරට ආපසු ගියාය. උපාසක ඇය පැමිණි බව අසා කුමක් නිසා ආවේදැයි භික්ෂුනී ආරාමයට ගොස් තෙරණියට වැද එකත් පසෙක සිට ආර්යාවනි ඇසීමට නුසුදුසු ප්‍රශ්නයක් මම අසමි. ඔබ කළකිරීමට පත්වූයේද? යනුවෙන් ඇසීමට ගොස් සෝවාන් මාර්ගය පිළිබඳව ප්‍රශ්න කළේය ඇය එම ප්‍රශ්න විසඳුවේය. උපාසක ඒ පිළිවෙලට අනෙක් මාර්ග පිළිබඳවද ප්‍රශ්න අසා ඉක්ම ගිය ප්‍රශ්න විමසූවිට ඉක්මවා ගියේයයි ඇවැත්නි විසාඛ බුදුන්ගෙන් මේ ප්‍රශ්න අසන්නැයි කී විට තෙරණිය වැඳ නැගිට බුදුන් වෙත ගොස් ඒ කථා සල්ලාපය සියල්ල බුදුන්ට දැනුම් දුන්හ. බුදුහු මැනවින් ඇය කියා තිබේ මගේ දියණිය ධම්ම දින්නා මගෙන් ප්‍රශ්න ඇසුවිටද පිළිතුරු දෙන ආකාරයටම ඇය ප්‍රශ්න විසඳා තිබේ. යයි පවසමින් මේ ගාථාව පැවසුහ.

“යස‍්ස පුරෙ ච පච‍්ඡා ච, මජ‍්ඣෙ ච නත්‍ථි කිඤ‍්චනං; අකිඤ‍්චනං අනාදානං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

පෙර පසුද මැද යන තුන් තන්හි පස් කඳ ගැන ආසා කිසිත් නැති රාග තන් හා සිතින් දුරුකළ හැඟුම නැති මම මගේ උතුමෝ බමුණු වේ මැයි.

යමෙකුට අතීතයේ ස්ඛන්ධ පිළිබඳව ද අනාගත ස්ඛන්ධයන්හි ද වර්තමාන ස්ඛන්ධයන්හි ද කරදර පළිබෝධයක් නැත්ද රාගාදි කිඤ්චන නැති තෘෂ්ණාදි වශයෙන් ග්‍රහණයක් නැති ඔහු බ්‍රාහ්මණ යයි මම කියමි.

තත්‍ථ පුරෙති අතීතෙසු ඛන්‍ධෙසු. පච‍්ඡාති අනාගතෙසු ඛන්‍ධෙසු. මජ‍්ඣෙති පච‍්චුප‍්පන‍්නෙසු ඛන්‍ධෙසු. නත්‍ථි කිඤ‍්චනන‍්ති යස‍්සෙතෙසු ඨානෙසු තණ‍්හාගාහසඞ‍්ඛාතං කිඤ‍්චනං නත්‍ථි, තමහං රාගකිඤ‍්චනාදීහි අකිඤ‍්චනං කස‍්සචි ගහණස‍්ස අභාවෙන අනාදානං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි පුරෙ අතීත ස්ඛන්ධ පිළිබඳව ද. පචඡා අනාගත ස්ඛන්ධ පිළිබඳව ද, මජෙඣ වර්තමාන ස්ඛන්ධ පිළිබදව ද, කිඤචනං - යමෙකුට ඒ ඒ තන්හි තණ්හා සංඛ්‍යාත වූ කිසිවක්, නත්ථි රාගාදී කිසිත් නැත්ද. අකිඤචනං - කිසිදු ග්‍රහණයක් නැත්තේ ද, අනාදානං, බ්‍රාහමණං - බ්‍රාහ්මණයෙකැයි කියමි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝ දෙන මාර්ග ඵලවලට පැමිණියාහුය.

ධම‍්මදින‍්නත්‍ථෙරීවත්‍ථු අට‍්ඨතිංසතිමං.