40. අඞ්ගුලිමාලත්ථෙරවත්ථු අට්ඨකථා
40. අඞ්ගුලිමාලත්ථෙරවත්ථු
40. අඞ්ගුලිමාල තෙරුන් පිළිබඳ කථා පුවත
උසභන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඞ්ගුලිමාලත්ථෙරං ආරබ්භ කථෙසි.
“උසභන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවතාරාමයේ වැඩසිටිය දී අඞ්ගුලිමාල තෙරුත් නිමිති කරගෙන දේශනා කළහ.
වත්ථු “න වෙ කදරියා දෙවලොකං වජන්තී”ති (ධ· ප· 177) ගාථාවණ්ණනාය වුත්තමෙව. වුත්තඤ්හි තත්ථ –
කථා පුවත “නවෙ කදරියා දෙවලොකං වජන්ති” යන ගාථා වර්ණනාවේ කියන ලද ආකාරයටය.
භික්ඛූ අඞ්ගුලිමාලං පුච්ඡිංසු – “කිං නු ඛො, ආවුසො අඞ්ගුලිමාල, දුට්ඨහත්ථිං ඡත්තං ධාරෙත්වා ඨිතං දිස්වා භායී”ති? “න භායිං, ආවුසො”ති. තෙ සත්ථාරං උපසඞ්කමිත්වා ආහංසු – “අඞ්ගුලිමාලො, භන්තෙ, අඤ්ඤං බ්යාකරොතී”ති. සත්ථා “න, භික්ඛවෙ, මම පුත්තො අඞ්ගුලිමාලො භායති. ඛීණාසවඋසභානඤ්හි අන්තරෙ ජෙට්ඨකඋසභා මම පුත්තසදිසා භික්ඛූ න භායන්තී”ති වත්වා ඉමං ගාථමාහ –
භික්ෂූන් වහන්සේලා අඞ්ගුලිමාල තෙරුන්ගෙන් විමසුහ. ඇවැත්නි කිම දුෂ්ට වූ හීලෑ නොවූ ඇතා කුඩය අල්ලාගෙන සිටිනවිට බියක් ඇති නොවීද? ඇවැත්නි මම බිය නොවුවෙමි. අඞ්ගුලිමාල වෙනත් දෙයක් කියන බව බුදුන්ට පැවසුවට නැත මහණෙනි මගේ පුතු අඞ්ගුලිමාල බිය නොවේ. රහත් වෘෂභයන් අතර ජ්‍යෙෂ්ඨ වෘෂභ වූ මගේ පුත් අඞ්ගුලිමාල වැනි අය බිය නොවෙති.
“උසභං පවරං වීරං, මහෙසිං විජිතාවිනං; අනෙජං න්හාතකං බුද්ධං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
තැති ගැනුම් සහ බියත් නැති කොට තුන් මරුන් දිනු දිරිය වඩමින් කෙලෙස් සේදු නැණින් සිව්සස් යුතු වූ උතුමෝ බමුණු වේමැයි.
අජානීය වෘෂභ රාජයකු සමාන උතුම් වෙර ඇති, මහත් තෙද ඇති, තණ්හා ආශා දුරු කළ. සිව්සස් දහම් මනාව දත් ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි මම කියමි.
තස්සත්ථො – අච්ඡම්භිතට්ඨෙන උසභසදිසතාය උසභං උත්තමට්ඨෙන පවරං වීරියසම්පත්තියා වීරං මහන්තානං සීලක්ඛන්ධාදීනං එසිතත්තා මහෙසිං තිණ්ණං මාරානං විජිතත්තා විජිතාවිනං න්හාතකිලෙසතාය න්හාතකං චතුසච්චබුද්ධතාය බුද්ධං තං එවරූපං අහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි අර්ථය බිය නැති බැවින් ආජානීය වෘෂභයකු සමාන, උසභං උතුම් වූ, පවරං. වීර්ය සම්පත්තියෙන් යුත්. වීරං. මහත් වූ සිල් සමුදායෙන් යුත්. මහෙසිං ත්‍රිවිධ මාරයන් දිනු බැවින් විජිතාවිනං කෙලෙස් නැති බැවින් නහාතකං චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධං තං එබඳු වූ තැනැත්තා බ්‍රාහ්මණයෙකුයි මම කියමි. යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වූහ.
අඞ්ගුලිමාලත්ථෙරවත්ථු එකූනචත්තාලීසං.