යෙදුමෙන් කියවන්න

41. දෙවහිතබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

41. දෙවහිතබ්‍රාහ‍්මණවත්‍ථු

41. දේවඞ්ගික බ්‍රාහ්මණයාගේ කථා පුවත

පුබ‍්බෙනිවාසන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දෙවහිතබ්‍රාහ‍්මණස‍්ස පඤ‍්හං ආරබ‍්භ කථෙසි.

“පුබ්බේ නිවාසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී දේවඞ්ගික බ්‍රාහ්මණයාගේ ප්‍රශ්න පිළිබඳව දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ භගවා වාතරොගෙන ආබාධිකො හුත්‍වා උපවාණත්‍ථෙරං උණ‍්හොදකත්‍ථාය දෙවහිතබ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකං පහිණි. සො ගන‍්ත්‍වා සත්‍ථු ආබාධිකභාවං ආචික‍්ඛිත්‍වා උණ‍්හොදකං යාචි, තං සුත්‍වා බ්‍රාහ‍්මණො තුට‍්ඨමානසො හුත්‍වා “ලාභා වත මෙ, යං මම සන‍්තිකං සම‍්මාසම‍්බුද‍්ධො උණ‍්හොදකස‍්සත්‍ථාය සාවකං පහිණී”ති උණ‍්හොදකස‍්ස කාජං පුරිසෙන ගාහාපෙත්‍වා ඵාණිතස‍්ස ච පුටං උපවාණත්‍ථෙරස‍්ස පාදාසි. ථෙරො තං ගාහාපෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං උණ‍්හොදකෙන න‍්හාපෙත්‍වා උණ‍්හොදකෙන ඵාණිතං ආලොළෙත්‍වා භගවතො පාදාසි, තස‍්ස තඞ‍්ඛණෙයෙව සො ආබාධො පටිපස‍්සම‍්භි. බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “කස‍්ස නු ඛො දෙය්‍යධම‍්මො දින‍්නො මහප‍්ඵලො හොති, සත්‍ථාරං පුච‍්ඡිස‍්සාමී”ති සො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං පුච‍්ඡන‍්තො ඉමං ගාථමාහ –

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වාත ආබාධයෙන් පෙළුණ බැවින්. උණු දිය ටිකක් ගෙන ඒම සඳහා උපවාන තෙරුන් දේවඞ්ගික බ්‍රාහ්මණයා වෙත යැවීය. උන් වහන්සේ බමුණා වෙතට ගොස් බුදුරදුන් ආබාධිත බව පවසා උණු වතුර ඉල්ලුවේ. එය අසා බමුණා සතුටුවූයේ මට ලාභයක් බුදුරජාණන් වහන්සේ උණු පැන් සඳහා ශ්‍රාවකයෙක් එව්වේ. උණු පැන් කදක් සාධා පුරුසයෙකු ලවා යවා උපවාන තෙරුන් අත පැණි මුලක් ද යැවීය. තෙරුන් එය ගෙන්වා ගෙන විහාරයට ගොස් බුදුන් උණු ජලයෙන් නාවා උණු ජලයෙන් පැණි දියකර බුදුන්ට පිරිනැමුහ. එකෙනෙහිම ආබාධය සංසිඳුනි. බමුණා මෙසේ සිතුවේය. කාට යමක් දීමෙන් මහත්ඵල මහානිසංස වේද? බුදුන්ගෙන් මෙය විමසමියි බුදුන්වෙත ගොස් එම කරුණ විමසන්නේ මේ ගාථාව පැවසුවේය.

“කත්‍ථ දජ‍්ජා දෙය්‍යධම‍්මං, කත්‍ථ දින‍්නං මහප‍්ඵලං; කථඤ‍්හි යජමානස‍්ස, කථං ඉජ‍්ඣති දක‍්ඛිණා”ති. (සං· නි· 1.199);

කඳ පිළිවෙළ දන්න පෙර දින තමන් විසූ දෙලොව සිටින අය ගැන දිව කණින් ඇසූ වෙසෙරද නැණින් අරහත් වී කෙලෙස් නැසූ උතුමෝ බමුණාය සිව් බඹසරින් විසූ

දෙය්‍ය ධර්ම කාටනම් දිය යුතුද කාට දීමෙන් මහත්ඵල මහානිසංස වේද? කෙසේ යාග කිරීමෙන් දක්‍ෂිණාව සමෘද්ධ වේද?

අථස‍්ස සත්‍ථා “එවරූපස‍්ස බ්‍රාහ‍්මණස‍්ස දින‍්නං මහප‍්ඵලං හොතී”ති වත්‍වා බ්‍රාහ‍්මණං පකාසෙන‍්තො ඉමං ගාථමාහ –

අනතුරුව බුදුහු මෙබදු බ්‍රාහ්මණයෙකුට දීමෙන් මහත්ඵල වේ යයි පවසමින් මේ ගාථාව පැවසුහ.

“පුබ‍්බෙනිවාසං යො වෙදි, සග‍්ගාපායඤ‍්ච පස‍්සති; අථො ජාතික‍්ඛයං පත‍්තො, අභිඤ‍්ඤාවොසිතො මුනි; (සං· නි· 1.199); සබ‍්බවොසිතවොසානං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

යමෙක් පෙර විසූ කඳ පිළිවෙල දනීද, දෙලොව. මනුලොව. බඹලොව, අපාය ආදීය දිවැසින් දකීද. තවද අර්හත් ඵලයට පැමිණියේද. විශිෂ්ට ඤාණයෙන් දැන සිවු මගින් කටයුතු නිමකළේද, සියළු කෙලෙසුන්ගෙන් අවසානයයි කියු අරහත් ඵල සංඛ්‍යාත බඹසර වැස නිම කළ ඒ රහතන් වහන්සේ එම බ්‍රාහ්මණ යයි කියමි.

තස‍්සත්‍ථො – යො පුබ‍්බෙනිවාසං පාකටං කත්‍වා ජානාති, ඡබ‍්බීසතිදෙවලොකභෙදං සග‍්ගඤ‍්ච චතුබ‍්බිධං අපායඤ‍්ච දිබ‍්බචක‍්ඛුනා පස‍්සති, අථො ජාතික‍්ඛයසඞ‍්ඛාතං අරහත‍්තං පත‍්තො, අභිඤ‍්ඤෙය්‍යං ධම‍්මං අභිජානිත්‍වා පරිඤ‍්ඤෙය්‍යං පරිජානිත්‍වා පහාතබ‍්බං පහාය සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකත්‍වා වොසිකො නිට‍්ඨානං පත‍්තො, වුසිතවොසානං වා පත‍්තො, ආසවක‍්ඛයපඤ‍්ඤාය මොනභාවං පත‍්තත‍්තා මුනි, තමහං සබ‍්බෙසං කිලෙසානං වොසානං අරහත‍්තමග‍්ගඤාණං බ්‍රහ‍්මචරියවාසං වුත්‍ථභාවෙන සබ‍්බවොසිතවොසානං බ්‍රාහ‍්මණං වදාමීති.

එහි අර්ථය - යො පුබ්බේ නිවාසං - යමෙක් පූර්වේනිවාසය ප්‍රකට කොට විසිහයක් වූ දේව ලෝකාදී සියලු ලෝකයන් දකීද? සග්ගං අපායං - සදෙව් ලොව හා අපාය. දිවැසින් දකීද. අථො ජාතික්චය ඉපැත්ම නැසුමට රහත් ඵලයට පැමිණියේද. අවබෝධ කටයුතු ධර්මය මනාව අවබෝධ කොට. දැනගතයුතු ධර්ම මනාව දැනගෙන සාක්ෂාත් කළ යුතු ධර්ම සාක්ෂාත් කොට, ප්‍රභීණ කළයුතු ධර්ම ප්‍රභීණ කොට, සියලු බඹසර වැස නිමවීම් ඇති. ආසවක්ඛය ප්‍රඥාවෙන් කෙළවරට පැමිණියා වූ, මුනි සියලු කෙලෙස් අවසන් කොට අර්හත් මාර්ග ඥානයෙන් සමන්විතව බඹසර වැසීමෙන් කෙළවරට පැමිණි බැවින් සබ්බ වොසිත වොසානං. බ්‍රාහ්මණං ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි කියමි - යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු. බ්‍රාහ‍්මණොපි පසන‍්නමානසො සරණෙසු පතිට‍්ඨාය උපාසකත‍්තං පවෙදෙසීති.

දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය. බමුණාද පැහැදුනු සිතින් යුතුව උපාසක බව පිළිගත්තේය.

දෙවහිතබ්‍රාහ‍්මණවත්‍ථු චත‍්තාලීසං.

බ්‍රාහ‍්මණවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

බ්‍රාහ්මණ වර්ගය නිමියේය.

ඡබ‍්බීසතිමො වග‍්ගො.

විසි හය වැනි වර්ගය සමාප්තයි.