3. පඨමවෙදනා සුත්තවණ්ණනා අට්ඨකථා
3. පඨමවෙදනා සුත්තවණ්ණනා
3. ප්‍රථම වේදනා සූත්‍ර වර්ණනාව
තතියෙ වෙදනාති ආරම්මණරසං වෙදියන්ති අනුභවන්තීති වෙදනා. තා විභාගතො දස්සෙතුං “සුඛා වෙදනා”තිආදි වුත්තං. තත්ථ සුඛ-සද්දො අත්ථුද්ධාරවසෙන හෙට්ඨා වුත්තොයෙව. දුක්ඛ-සද්දො පන “ජාතිපි දුක්ඛා”තිආදීසු (දී· නි· 2.387; විභ· 190) දුක්ඛවත්ථුස්මිං ආගතො. “යස්මා ච ඛො, මහාලි, රූපං දුක්ඛං දුක්ඛානුපතිතං දුක්ඛාවක්කන්ත”න්තිආදීසු (සං· නි· 3.60) දුක්ඛාරම්මණෙ. “දුක්ඛො පාපස්ස උච්චයො”තිආදීසු (ධ· ප· 117) දුක්ඛපච්චයෙ. “යාවඤ්චිදං, භික්ඛවෙ, න සුකරා අක්ඛානෙන පාපුණිතුං, යාව දුක්ඛා නිරයා”තිආදීසු (ම· නි· 3.250) දුක්ඛපච්චයට්ඨානෙ. “සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා”තිආදීසු (දී· නි· 1.232; ධ· ස· 165) දුක්ඛවෙදනායං. ඉධාපි දුක්ඛවෙදනායමෙව.
තුන්වන සූත්‍රයෙහි වෙදනා යනු අරමුණු රසය විඳිති, අනුභව කරති යන අරුතින් වේදනා නම් වේ. එය විභාග වශයෙන් (බෙදා) දක්වන්නට සුඛා වෙදනා යනාදිය කියන ලදී. එහි ‘සුඛ’ ශබ්දය වස්තු - ද්වාර වශයෙන් මුලින් කියන ලද්දේමය. ‘දුක්ඛ’ ශබ්දය වනාහි ‘ජාතිපි දුක්ඛා’ ‘ඉපදීම ද දුකය’ යනාදියෙහි දුක්ඛ වස්තුවෙහි ආයේය. ‘යස්මා ච ඛො මහාලි රූපං දුක්ඛං දුක්ඛානුපතිතං දුක්ඛාවක්කන්තං’ ‘මහාලිය, යම්හෙයකින් රූපය දුක ද දුක මත වැටුණේ ද දුකට බැස ගත්තේ ද’ යනාදියෙහි දුක්ඛ ආරම්මණයෙහි ආයේය. ‘දුක්ඛො පාපස්ස උච්චයො’ ‘පව් රැස්කිරිම දුකය’ යනාදියෙහි දුක්ඛ ප්‍රත්‍යයෙහි (දුකට හේතුවෙහි) ආයේය. ‘යාවඤ්චිදං භික්ඛවෙ න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා නිරයා’ ‘මහණෙනි, නිරයවල් මෙතෙක් දුක් ඇති ඒවා යයි කීමෙන් මුදුන් පමුණුවා කියන්නට පහසු නොවේ. යන ආදියෙහි දුකට හේතුවන ස්ථානයෙහි ආයේය. ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ සැප පහ කිරීමෙන් ද දුක පහ කිරීමෙන් ද යනාදියෙහි දුක්වේදනාවෙහි ආයේය. මේ සූත්‍රයෙහි ද දුක්වේදනාවෙහිම ආයේය.
වචනත්ථතො පන සුඛයතීති සුඛා. දුක්ඛයතීති දුක්ඛා. න දුක්ඛා න සුඛාති අදුක්ඛමසුඛා, මකාරො පදසන්ධිවසෙන වුත්තො. තාසු ඉට්ඨානුභවනලක්ඛණා සුඛා, අනිට්ඨානුභවනලක්ඛණා දුක්ඛා, උභයවිපරීතානුභවනලක්ඛණා අදුක්ඛමසුඛා. තස්මා සුඛදුක්ඛවෙදනානං උප්පත්ති පාකටා, න අදුක්ඛමසුඛාය. යදා හි සුඛං උප්පජ්ජති, සකලසරීරං භෙන්තං මද්දන්තං ඵරමානං සතධොතසප්පිං ඛාදාපෙන්තං විය, සතපාකතෙලං මක්ඛෙන්තං විය, ඝටසහස්සෙන පරිළාහං නිබ්බාපයමානං විය ච “අහො සුඛං, අහො සුඛ”න්ති වාචං නිච්ඡාරයමානමෙව උප්පජ්ජති. යදා දුක්ඛං උප්පජ්ජති, සකලසරීරං ඛොභෙන්තං මද්දන්තං ඵරමානං තත්තඵාලං පවෙසෙන්තං විය විලීනතම්බලොහං ආසිඤ්චන්තං විය ච “අහො දුක්ඛං, අහො දුක්ඛ”න්ති විප්පලාපෙන්තමෙව උප්පජ්ජති. ඉති සුඛදුක්ඛවෙදනානං උප්පත්ති පාකටා.
වචනාර්ථ වශයෙන් සැප විඳී යන අරුතින් ‘සුඛ’ නම් වේ. දුක් විඳී යන අරුතින් දුක්ඛ නම් වේ. දුක් නොවේ සැප නොවේ යන අරුතින් අදුක්ඛමසුඛ නම් වේ. ‘ම’ කාරය පද සන්ධි කිරීම් වශයෙන් කියන ලදී. ඒවා අතරින් ‘සුඛය’ ප්‍රිය දේ අනුභව කිරීම ලක්ෂණ කොට ඇත. ‘දුක්ඛය’ අප්‍රිය දේ අනුභව කිරීම ලක්‍ෂණකොට ඇත. මේ දෙකටම වෙනස් අයුරින් අනුභව කිරීම ලක්ෂණ කොට ඇත්තේ ‘අදුක්ඛමසුඛය’. එහෙයින් සුඛ-දුක්ඛ වේදනාවන්ගේ උපත ප්‍රකට ය. අදුක්ඛමසුඛ වේදනාවේ උපත අප්‍රකටය. සැපය උපදින කල්හි මුළු සිරුර කළඹන්නාක් මෙන් ද මිරිකන්නාක් මෙන් ද මුළු සිරුරෙහි පැතිරෙන්නාක් මෙන් ද සියවරක් පිරිසිදු කරන ලද ගිතෙල් කවන්නාක් මෙන් ද සියවරක් සිඳින ලද තෙලක් සිරුරෙහි ගාන්නාක් මෙන් ද කලගෙඩි දහසක ජලයෙන් දාහය නිවන්නාක් මෙන් ද අනේ සැපයි අනේ සැපයි යනුවෙන් වචන කියමින්ම උපදියි. දුක උපදින කල්හි මුළු සිරුර කළඹන්නාක් මෙන් ද මිරිකන්නාක් මෙන් ද මුළු සිරුරෙහි පැතිරෙන්නාක් මෙන් ද රත් වූ කබලක් ඇතුල් වන්නාක් මෙන් ද උණුකරන ලද තඹ ලෝහ වක් කරන්නාක් මෙන් ද අනේ දුකයි අනේ දුකයි යනුවෙන් විකාර දොඩවමින්ම උපදියි. මෙසේ සුඛදුක්ඛ වේදනාවන්ගේ උපත ප්රකටය.
අදුක්ඛමසුඛා පන දුබ්බිජානා දුද්දීපනා අන්ධකාරා අවිභූතා. සා සුඛදුක්ඛානං අපගමෙ සාතාසාතපටිපක්ඛවසෙන මජ්ඣත්තාකාරභූතා නයතො ගණ්හන්තස්සෙව පාකටා හොති. යථා කිං? යථා පුබ්බාපරං සපංසුකෙ පදෙසෙ උපචරිතමග්ගවසෙන පිට්ඨිපාසාණෙ මිගෙන ගතමග්ගො, එවං ඉට්ඨානිට්ඨාරම්මණෙසු සුඛදුක්ඛානුභවනෙනපි මජ්ඣත්තාරම්මණානුභවනභාවෙන විඤ්ඤායති. මජ්ඣත්තාරම්මණග්ගහණං පිට්ඨිපාසාණගමනං විය ඉට්ඨානිට්ඨාරම්මණග්ගහණාභාවතො. යඤ්ච තත්රානුභවනං, සා අදුක්ඛමසුඛාති.
අදුක්ඛමසුඛ වේදනාව දැනගැනීම අපහසුය, අපැහැදිලිය, අඳුරුය, අප්‍රකටය. ඒ අදුක්ඛමසුඛ වේදනාව සැප-දුක් වේදනාවන් ඉවත් වූ කල්හි මිහිරි අමිහිරි දෙක ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් මැදහත් ආකාරයෙන් යුක්ත වූයේ න්‍යාය වශයෙන් ගන්නා වූ තැනැත්තාටම ප්‍රකට වෙයි. කෙසේද? ගල්තලාවක දෙපස මුවෙකු ගමන්ගත් අඩිපාර පෙනෙන්නට ඇතත් ගල්තලාව මතින් ගමන්කළ අඩිපාර පෙනෙන්න නැත. එහෙත් දෙපස ඇති අඩිපාර අනුසාරයෙන් ගලමතින් මුවා ගිය අඩිපාර දැනගන්නාක් මෙනි. (මුල අග පස් සහිත ප්‍රදේශයක හැසිරුණු මාර්ගය අනුව ගල්තලාවක් මතින් මුවෙකු ගිය මාර්ගය දැනගන්නාක් මෙනි) මෙසේ ඉටු-අනිටු (ප්‍රිය-අප්‍රිය) අරමුණුවල සැප දුක් විඳීමෙන් මැදහත් අරමුණ විඳීම් ස්වභාවයෙන් දැනගනු ලැබේ. මැදහත් අරමුණ ගැනීම වනාහි ප්‍රිය අප්‍රිය අරමුණු ගැනීම් නැති බැවින් ගල්තලාවක් මතින් යන ගමනක් මෙනි. එහි යම් විඳීමක් (අනුභව කිරීමක්) ඇද්ද එය අදුක්ඛමසුඛය.
එවමෙත්ථ සුඛදුක්ඛඅදුක්ඛමසුඛභාවෙන තිධා වුත්තාපි කත්ථචි සුඛදුක්ඛභාවෙන ද්විධා වුත්තා. යථාහ – “ද්වෙපි මයා, ආනන්ද, වෙදනා වුත්තා, පරියායෙන සුඛා වෙදනා, දුක්ඛා වෙදනා”ති (ම· නි· 2.89). කත්ථචි තිස්සොපි විසුං විසුං සුඛදුක්ඛඅදුක්ඛමසුඛභාවෙන “සුඛා වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක්ඛා, දුක්ඛා වෙදනා ඨිතිදුක්ඛා විපරිණාමසුඛා, අදුක්ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ්ඤාණදුක්ඛා”ති (ම· නි· 1.465). කත්ථචි සබ්බාපි දුක්ඛභාවෙන. වුත්තඤ්හෙතං “යං කිඤ්චි වෙදයිතං, සබ්බං තං දුක්ඛස්මින්ති වදාමී”ති (සං· නි· 4.259).
මෙසේ මෙහි සුඛ- දුක්ඛ-අදුක්ඛමසුඛ ස්වභාවයෙන් තුන් ආකාරකොට කියනු ලැබුවද ඇතැම් තැනක සුඛ-දුක්ඛ ස්වභාවයෙන් දෙයාකාරයකින් කියන ලදී. ඒ බව මෙසේ වදාළහ. ‘ද්වෙපි මයා ආනන්ද වෙදනා වුත්තා පරියායෙන සුඛා වෙදනා දුක්ඛා වෙදනා’ ‘ආනන්ද, මා විසින් සුබ වේදනා දුක්ඛ වේදනා යනුවෙන් වේදනාව පරියාය වශයෙන් දෙයාකාර කොට දේශනා කරන ලදී’ ඇතැම් තැනක සුඛ-දුක්ඛ-අදුක්ඛමසුඛ වශයෙන් වේදනා තුනක් මෙසේ දේශනා කරන ලදී. ‘සුඛා වෙදනා ඨිති සුඛා විපරිනාම දුක්ඛා, දුක්ඛා වෙදනා ඨිති දුක්ඛා විපරිනාම සුඛා, අදුක්ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ්ඤාණ දුක්ඛා ‘සුඛ වේදනාව වනාහි පැවැත්ම සැපය වෙනස්වීම දුකය, දුක් වේදනාව වනාහි පැවැත්ම දුකය වෙනස්වීම සැපය, අදුක්ඛමසුඛ වේදනාව දැනීම සැපය, නොදැනීම දුකය. ඇතැම් තැනක ‘යං කිඤ්චි වෙදයිතං සබ්බන්තං දුක්ඛසමින්ති වදාමි’ ‘විඳින යමක් ඇද්ද ඒ සියල්ල දුකෙහි ඇතුළත්යයි කියමි’ යනුවෙන් සියල්ල දුක් ස්වභාවයෙන් කියන ලදී.
තත්ථ සියා – යදි තිස්සො වෙදනා යථා ඉධ වුත්තා, අඤ්ඤෙසු ච එදිසෙසු සුත්තෙසු අභිධම්මෙ ච එවං අවත්වා කස්මා එවං වුත්තං “යං කිඤ්චි වෙදයිතං, සබ්බං තං දුක්ඛස්මින්ති වදාමී”ති, “ද්වෙපි මයා, ආනන්ද, වෙදනා වුත්තා”ති ච? සන්ධායභාසිතමෙතං, තස්මා සා පරියායදෙසනා. වුත්තඤ්හෙතං භගවතා –
එහිදී මේ කාරණය මතු වන්නේය. මෙහි කියන ලද අයුරින් වේදනා තුනක් ඇත්නම් මෙබඳු අනිත් සූත්‍රවලදී ද අභිධර්මයෙහි ද මෙසේ නොකියා කුමක් නිසා ‘යං කිඤ්චි වෙදයිතං සම්බන්තං දුක්ඛසමින්ති වදාමි’ යනුවෙන් මෙසේ කියන ලද ද?’ ‘ද්වෙපි මයා ආනන්ද වෙදනා වුත්තා’ යන්න සඳහා මෙය කියන ලදී. එහෙයින් එය පරියාය දේශනාවකි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් -
“සඞ්ඛාරානිච්චතං, ආනන්ද, මයා සන්ධාය භාසිතං සඞ්ඛාරවිපරිණාමතං, ‘යං කිඤ්චි වෙදයිතං, සබ්බං තං දුක්ඛස්මි’”න්ති (සං· නි· 4.259).
‘සංඛාරානිච්චතං ආනන්ද මයා සන්ධාය භාසිතං සංඛාර විපරිනාමතං යං කිඤ්චි වෙදයිතං සබ්බන්තං දුක්ඛස්මිං ‘ආනන්ද, සංස්කාරවල අනිත්‍ය බව නිසා සංස්කාරවල වෙනස් වන බව නිසා විඳින යමක් ඇද්ද ඒ සියල්ල දුකෙහි ඇතුළත්ය’යි මා විසින් කියන ලදී.
“ද්වෙපි මයා, ආනන්ද, වෙදනා වුත්තා පරියායෙනා”ති ච (සං· නි· 4.259).
‘ද්වෙපි මයා ආනන්ද වෙදනා වුත්ත පරියායෙන’ ‘ආනන්ද, මා විසින් පර්යාය වශයෙන් (එක් ක්‍රමයකින්, අප්‍රධාන වශයෙන්) වේදනා දෙකක් කියන ලදී’ යනුවෙන් මේ කාරණය කියන ලදී.
එත්ථ හි සුඛා අදුක්ඛමසුඛාති ඉමාසං ද්වින්නං වෙදනානං නිප්පරියායෙන දුක්ඛභාවො නත්ථි, වෙනෙය්යජ්ඣාසයෙන පන තත්ථ නිච්ඡන්දදස්සනත්ථං පරියායෙන දුක්ඛභාවො වුත්තොති සා තාදිසී පරියායදෙසනා. අයං පන වෙදනත්තයදෙසනා සභාවකථාති කත්වා නිප්පරියායදෙසනාති අයමෙත්ථ ආචරියානං සමානකථා.
මෙහි සුඛ, අදුක්ඛමසුඛ යන මේ වේදනා දෙකේ නිෂ්පර්යාය වශයෙන් දුක් බවක් නැත. හික්මවීමට සුදුසු අයගේ අදහස් (වලට ගැලපීම්) වශයෙන් එහි (සුඛ-අදුක්ඛමසුඛ දෙකෙහි) ඡන්දය නැති බව (තණ්හාව දුරුකිරීම) දැක්වීම පිණිස පර්යාය වශයෙන් දුක් බව දෙසන ලදී. ඒ පර්යාය දේශනාව එබඳුය. මේ වේදනා තුනකැයි කරන ලද දේශනාව ස්වභාව කථායයි නම්කොට නිෂ්පරියාය දේශනාවය. මේ මෙහිලා ආචාර්යවරුන්ගේ සමාන අර්ථ කථාවය.
විතණ්ඩවාදී පනාහ “දුක්ඛතාද්වයවචනතො පරියායදෙසනාව වෙදනත්තයදෙසනා”ති. සො “මා හෙව”න්තිස්ස වචනීයො, යස්මා භගවතා සබ්බාසං වෙදනානං දුක්ඛභාවො අධිප්පායවසෙන වුත්තො “සඞ්ඛාරානිච්චතං, ආනන්ද, මයා සන්ධාය භාසිතං සඞ්ඛාරවිපරිණාමතං ‘යං කිඤ්චි වෙදයිතං, සබ්බං තං දුක්ඛස්මි’”න්ති. යදි පනෙත්ථ වෙදනත්තයදෙසනා පරියායදෙසනා සියා, “ඉදං මයා සන්ධාය භාසිතං තිස්සො වෙදනා”ති වත්තබ්බං සියා, න පනෙතං වුත්තං.
දුක පිළිබඳ යුගල වචනයෙන් වේදනා තුන පිළිබඳ දේශනාව පරියාය දේශනාවමය යනුවෙන් විතණ්ඩවාදියා කීය. එසේ නොකියන්නැයි ඔහුට කිවයුතුය. ‘සංඛාරා නිච්චතං ආනන්ද මයා සන්ධාය භාසිතං සංඛාර විපරිනාමතං යං කිඤ්චි වෙදයිතං සබ්බන්තං දුක්ඛස්මිං’ ‘ආනන්ද, මා විසින් විඳින සියල්ල දුකෙහි ඇතුළත්යයි කියන ලද්දේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව, සංස්කාරයන්ගේ විපරිනාමය නිසාය’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු වේදනාවන්ගේ දුක් බව අදහස් කිරීම් වශයෙන් දෙසන ලදද එහෙයිනි. ඉදින් වනාහි මෙහි වේදනාත්‍රය දේශනාව පරියාය දේශනාවක් වන්නේ නම් ‘ඉදං මයා සන්ධාය භාසිතං තිස්සො වෙදනා’ ‘මා විසින් මේ සඳහා වේදනා තුන කියන ලදී’ යනුවෙන් කිවයුතු වන්නේය.
අපිචායමෙව වත්තබ්බො “කො, පනාවුසො, වෙදනත්තයදෙසනාය අධිප්පායො”ති? සචෙ වදෙය්ය “මුදුකා දුක්ඛා වෙදනා සුඛා, අධිමත්තා දුක්ඛා, මජ්ඣිමා අදුක්ඛමසුඛාති වෙනෙය්යජ්ඣාසයෙන වුත්තා. තාසු හි න සත්තානං සුඛාදිවඩ්ඪී”ති. සො වත්තබ්බො – කො පනාවුසො දුක්ඛවෙදනාය සභාවො, යෙන “සබ්බා වෙදනා දුක්ඛා”ති වුච්චෙය්යුං? යදි යාය උප්පන්නාය සත්තා වියොගමෙව ඉච්ඡන්ති, සො දුක්ඛවෙදනාය සභාවො. යාය ච පන උප්පන්නාය සත්තා අවියොගමෙව ඉච්ඡන්ති, යාය න උභයං ඉච්ඡන්ති, සා කථං දුක්ඛවෙදනා සියා? අථ යා අත්තනො නිස්සයස්ස උපඝාතකාරී, සා දුක්ඛා. යා අනුග්ගහකාරී, සා කථං දුක්ඛා සියා. අථ පන යදරියා දුක්ඛතො පස්සන්ති, සො දුක්ඛවෙදනාය සභාවො, සඞ්ඛාරදුක්ඛතාය වෙදනං අරියා දුක්ඛතො පස්සන්ති, සා ච අභිණ්හසභාවාති කථං තාසං වෙදනානං මුදුමජ්ඣිමාධිමත්තදුක්ඛභාවො සියා? යදි ච සඞ්ඛාරදුක්ඛතාය එව වෙදනානං දුක්ඛභාවො සියා, “තිස්සො ඉමා, භික්ඛවෙ, දුක්ඛතායො දුක්ඛදුක්ඛතා, විපරිණාමදුක්ඛතා, සඞ්ඛාරදුක්ඛතා”ති (දී· නි· 3.305) අයං දුක්ඛතානං විභාගදෙසනා නිප්පයොජනා සියා. තථා ච සති සුත්තමෙව පටිබාහිතං සියා, පුරිමෙසු ච තීසු රූපාවචරජ්ඣානෙසු මුදුකා දුක්ඛා වෙදනාති ආපජ්ජති සුඛවෙදනාවචනතො. චතුත්ථජ්ඣානෙ අරූපජ්ඣානෙසු ච මජ්ඣිමා, අදුක්ඛමසුඛවෙදනාවචනතො. එවං සන්තෙ පුරිමා තිස්සො රූපාවචරසමාපත්තියො චතුත්ථජ්ඣානසමාපත්තියා අරූපසමාපත්තීහි ච සන්තතරාති ආපජ්ජති. කථං වා සන්තතරප්පණීතතරාසු සමාපත්තීසු දුක්ඛවෙදනාය අධිකභාවො යුජ්ජති? තස්මා වෙදනත්තයදෙසනාය පරියායදෙසනාභාවො න යුත්තොති.
තවද ඇවැත්නි, වේදනාත්‍රය දේශනාවේ අදහස කුමක්දැයි යන මෙයම කිවයුතුය. (ඇසිය යුතුය.) මෘදු වූ දුක් වේදනාව සැපය, අධිමාත්‍ර වූ දුක්වේදනාව දුකය, මධ්‍යම වූ දුක්වේදනාව අදුක්ඛමසුඛයයි හික්මවීමට සුදුසු අයගේ අදහස් වශයෙන් කියන ලදී. ඒවායෙහි සත්ත්වයන්ගේ සැප ආදිය වැඩීමක් නැතැයි ඉදින් කියන්නේ නම් ඔහුට මෙසේ කිවයුතුය. ඇවැත්නි, යම් කරුණකින් සියලු වේදනාවෝ දුක්යයි කියන්නාහු නම් දුක් වේදනාවේ ස්වභාවය කුමක් ද? ඉදින් යම් කාරණයකින් උපන්නා වූ සත්ත්වයෝ වියෝගයම කැමති වෙත් ද එය දුක් වේදනාවේ ස්වභාවයයි (කියයි නම්) යම් කරුණකින් උපන්නා වූ සත්ත්වයෝ අවියෝගයම (වෙන් නොවීමම) කැමති වෙත් ද යම් කරුණකින් උපන්නා වූ සත්වයෝ මේ දෙකම කැමති නොවෙත් ද එය දුක්වේදනා වන්නේ කෙසේදැයි (ඇසිය යුතුය.) එවිට තමා ඇසුරු කරන්නාගේ යම් විනාශ කිරීමක් වේද එය දුකයයි (කියයි නම්) තමා ඇසුරු කරන්නාට යම් අනුග්‍රහ කිරීමක් වේද එය දුක්වන්නේ කෙසේදැයි (ඇසිය යුතුය). එවිට ආර්යයෝ යමක් දුක් වශයෙන් දකිත් ද එය දුක් වේදනාවේ ස්වභාවයයි. ආර්යයෝ සංඛාරයින්ගේ දුක් බව නිසා වේදනාව දුක් වශයෙන් දකිති. එය ද නිතර පවතින ස්වභාවයයි කියයි. ඒ වේදනාවන්ගේ මෘදු -මධ්‍යම-අධිමාත්‍ර දුක් බව වන්නේ කෙසේද? ඉදින් සංඛාරයන්ගේ දුක් බව නිසාම වේදනාවන්ගේ දුක්බව වන්නේ නම් ‘තිස්සො ඉමා භික්ඛවෙ දුක්ඛතා : දුක්ඛ දුක්ඛතා, විපරිනාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා’ යන දුක් පිළිබඳ මේ විභාග දේශනාව නිෂ්ප්රයෝජන වන්නේය. එසේ ඇති කල්හි සූත්‍රයම වළක්වන ලද්දේ වන්නේය. පළමු රූපාවචර ධ්‍යාන තුනෙහි ඇති සුඛ වේදනා යන වචනයෙන් මෘදු වූ දුක් වේදනාව පැමිණෙයි. චතුර්ථ ධ්‍යානයෙහි ද අරූප ධ්‍යානවලද ඇති අදුක්ඛමසුඛ වේදනා යන වචනයෙන් මධ්‍යම දුක් වේදනාව පැමිණෙයි. මෙසේ ඇතිකල්හි පළමු රූපාවචර සමාපත්ති තුන චතුර්ථ ධ්‍යාන සමාපත්තියට ද අරූප සමාපත්තිවලට ද වඩා ශාන්ත බවට පැමිණෙයි. වඩා ශාන්ත වඩා ප්‍රණීත සමාපත්තිවල දුක් වේදනාවේ අධික බව කෙසේ යෙදේ ද? එහෙයින් වේදනාත්‍රය දේශනාවේ පර්යාය දේශනා බව යුතු (සුදුසු) නැත.
යං පන වුත්තං “දුක්ඛෙ සුඛන්ති සඤ්ඤාවිපල්ලාසො”ති (අ· නි· 4.49; පටි· ම· 1.236), තං කථන්ති? විපරිණාමදුක්ඛතාය සඞ්ඛාරදුක්ඛතාය ච යථාභූතානවබොධෙන යා එකන්තතො සුඛසඤ්ඤා, යා ච දුක්ඛනිමිත්තෙ සුඛනිමිත්තසඤ්ඤා, තං සන්ධාය වුත්තං. එවම්පි “සුඛා, භික්ඛවෙ, වෙදනා දුක්ඛතො දට්ඨබ්බා”ති (ඉතිවු· 53) ඉදං පන කථන්ති? ඉදං පන විපරිණාමදස්සනෙ සන්නියොජනත්ථං වුත්තං තස්ස තත්ථ විරාගුප්පත්තියා උපායභාවතො සුඛවෙදනාය බහුදුක්ඛානුගතභාවතො ච. තථා හි දුක්ඛස්ස හෙතුභාවතො අනෙකෙහි දුක්ඛධම්මෙහි අනුබද්ධත්තා ච පණ්ඩිතා සුඛම්පි දුක්ඛමිච්චෙව පටිපන්නා.
පළමු (රූපාවචර ධ්‍යාන) තුනෙහිදී දුකෙහි සැපයයි යමක් කියන ලද ද, (එය) සංඥා විපර්යාසයයි. එය කෙසේද? විපරිනාම දුක්ඛතාවෙන් ද සංඛාර දුක්ඛතාවෙන් යථාභූත අනවබෝධයෙන් ඒකාන්ත වශයෙන් යම් සුඛ සඤ්ඤාවක් වේද දුක් නිමිත්තෙහි යම් සුඛ නිමිත්ත සඤ්ඤාවක් වේද ඒ සඳහා එවම්පි සුඛා භික්ඛවෙ වෙදනා දුක්ඛතො දට්ඨබ්බා’ ‘මහණෙනි, මෙසේ ද සුඛ වේදනාව දුක් වශයෙන් දතයුතුය’යි කියන ලදී. මෙය වනාහි කෙසේද? මෙය වනාහි එහි ඒ විරාග උත්පත්තියේ උපාය භාවයෙන් ද සුඛවේදනාවේ බොහෝ දුක් අනුගත භාවයෙන් ද විපරිනාම දර්ශනයෙහි යෙදවීම පිණිස කියන ලදී. එසේම දුකට හේතු බැවින් ද නොයෙක් දුක්ඛ ධර්මයන් සමග අනුබද්ධ බැවින් ද පණ්ඩිතයෝ සැපය ද දුකය යන අදහසට බැසගත්හ.
එවම්පි නත්ථෙව සුඛා වෙදනා, සුඛහෙතූනං නියමාභාවතො. යෙ හි සුඛවෙදනාය හෙතුසම්මතා ඝාසච්ඡාදනාදයො, තෙ එව අධිමත්තං අකාලෙ ච පටිසෙවියමානා දුක්ඛවෙදනාය හෙතුභාවමාපජ්ජන්ති. න ච යෙනෙව හෙතුනා සුඛං, තෙනෙව දුක්ඛන්ති යුත්තං වත්තුං. තස්මා න තෙ සුඛහෙතූ, දුක්ඛන්තරාපගමෙ පන අවිඤ්ඤූනං සුඛසඤ්ඤා යථා චිරතරං ඨානාදිඉරියාපථසමඞ්ගී හුත්වා තදඤ්ඤඉරියාපථසමායොගෙ මහන්තඤ්ච භාරං වහතො භාරනික්ඛෙපෙ චෙව වූපසමෙ ච, තස්මා නත්ථෙව සුඛන්ති? තයිදං සම්මදෙව සුඛහෙතුං අපරිඤ්ඤාය තස්ස නියමාභාවපරිකප්පනං. ආරම්මණමත්තමෙව හි කෙවලං සුඛහෙතුං මනසිකත්වා එවං වුත්තං, අජ්ඣත්තිකසරීරස්ස අවත්ථාවිසෙසං සමුදිතං පන එකජ්ඣං තදුභයං සුඛාදිහෙතූති වෙදිතබ්බං. යාදිසඤ්ච තදුභයං සුඛවෙදනාය හෙතු, තාදිසං න කදාචිපි දුක්ඛවෙදනාය හෙතු හොතීති වවත්ථිතා එව සුඛාදිහෙතු. යථා නාම තෙජොධාතු සාලියවඩාකසස්සාදීනං යාදිසමවත්ථන්තරං පත්වා සාතමධුරභාවහෙතු හොති, න තාදිසමෙව පත්වා කදාචිපි අසාතඅමධුරභාවහෙතු හොති, එවංසම්පදමිදං දට්ඨබ්බං.
මෙසේද සැප හේතූන්ට නියමයක් නැති බැවින් සුඛ වේදනාව නැත්තේමය. යම් කරුණුවලින් සැපවේදනාවට කෑම-ඇඳීම ආදිය හේතු වශයෙන් සම්මත ද වැඩියෙන් ද අකාලයෙහි ද පරිහරණය කරන්නා වූ ඒ කෑම ඇඳීම ආදියම දුක් වේදනාවේ හේතු බවට පැමිණේ. යම් හේතුවකින් සැපයක් ඇද්ද ඒ හේතුවෙන්ම දුකයයි කියන්නට යුතු නැත. එහෙයින් ඒවා සැප හේතු නොවේ. දුක ඉවත්වීමෙහිදී බාලයන්ට සුඛ සඤ්ඤාව (සැප හැඟීම) ඇතිවෙයි. බොහෝ වේලාවක් සිටීම් ආදී ඉරියව්වලින් යුක්තව සිට එයින් වෙනත් ඉරියව්වකට මාරුවීමෙහිදී ද මහත් වූ බරක් උසුලන්නා වූ තැනැත්තාට ඒ බර බහා තැබීමෙහිදී ද (මුලින් ඇති වූ දුක) සන්සිඳීමෙහිදී යම්සේ සුඛ සංඥාවක් ඇතිවේද එමෙනි. එහෙයින් සැපයක් නැත්තේමය. ඒ මේ සැපයට හේතුව මනාකොට පිරිසිඳ නොදැන ඒසැප හේතුවෙහි නියමයක් නැති බව පරිකල්පනය (අදහස් කිරීම) වූ අරමුණු මාත්‍රයම හුදෙක් සැපයට හේතුවයයි මෙනෙහිකොට මෙසේ කියන ලදී. ආධ්‍යාත්මික ශරීරයේ හටගත් අවස්ථා විශේෂය එක්වී ඒ දෙක සැපයට මුල් හේතුවයයි දතයුතුය. යම් ලෙසකින් ඒ දෙක සැප වේදනාවට හේතු වේ ද එලෙසින් කිසි කලෙකත් දුක් වේදනාවට හේතු නොවේයයි සැපයට මුල් හේතුව තීරණය කරන ලද්දේම ය. යම්සේ තේජෝ ධාතුව සහල්, යව, පලාකොල, ධාන්‍ය වර්ගවල යම්බඳු වූ අවස්ථාන්තරයකට (කිසියම් අවස්ථාවකට) පැමිණ මිහිරි බවට හේතුවක් වේද එබඳු අවස්ථාන්තරයකට පැමිණ කිසිකලෙකත් අමිහිරි බවකට හේතුවක් නොවේ. මෙය ද එසේය යි දතයුතුය.
දුක්ඛාපගමෙව කදාචි සුඛවෙදනන්තරං උපලබ්භති. තත්ථ සුඛෙයෙව සුඛසඤ්ඤා, න දුක්ඛාපගමමත්තෙ යථා අද්ධානගමනපරිස්සමකිලන්තස්ස සම්බාහනෙ ඉරියාපථපරිවත්තනෙ ච, අඤ්ඤථා කාලන්තරෙපි පරිස්සමාපගමෙ තාදිසී සුඛසඤ්ඤා සියා. දුක්ඛාපගමමත්තෙ පන සුඛන්ති පරිකප්පනා වෙදනාවිසෙසස්ස අනුපලබ්භමානත්තා. එකන්තෙනෙව චෙතං එවං සම්පටිච්ඡිතබ්බං, යතො පණීතප්පණීතානියෙව ආරම්මණානි මහතා ආයාසෙන සත්තා අභිපත්ථයන්ති, න ච නෙසං යෙන කෙනචි යථාලද්ධමත්තෙන පච්චයෙන පතිකාරං කාතුං සක්කා තණ්හුප්පාදෙනාති. වෙදනාපච්චයා හි තණ්හාඋපාදි, තථාභාවෙ ච සුගන්ධමධුරසුඛසම්ඵස්සාදිවත්ථූනං ඉතරීතරභාවෙන සුඛවිසෙසසඤ්ඤා ජායමානා කතමස්ස දුක්ඛවිසෙසස්ස අපගමනෙ ඝානජිව්හාකායද්වාරෙසු, සොතද්වාරෙ ච දිබ්බසඞ්ගීතසදිසපඤ්චඞ්ගිකතූරියසද්දාවධාරණෙ. තස්මා න දුක්ඛවෙදනායමෙව දුක්ඛන්තරාපගමෙ සුඛසඤ්ඤා, නාපි කෙවලෙ දුක්ඛාපගමමත්තෙති ආගමතො යුත්තිතොපි වවත්ථිතා තිස්සො වෙදනාති භගවතො වෙදනත්තයදෙසනා නීතත්ථායෙව, න නෙය්යත්ථාති සඤ්ඤාපෙතබ්බං. එවඤ්චෙතං උපෙති, ඉච්චෙතං කුසලං, නො චෙ, කම්මං කත්වා උය්‍යොජෙතබ්බො “ගච්ඡ යථාසුඛ”න්ති.
කිසිවිටක දුක ඉවත්වීමෙහිදීම සැපයට හේතුවක් ලැබේ. එහි දී සැපයෙහිම සැප හැඟීම වෙයි. දුක ඉවත්වීම් මාත්‍රයෙහි නොවේ. දුරගමන් වෙහෙසින් ක්ලාන්ත වූ තැනැත්තාට සම්බාහනය කිරීමෙහිදී ද ඉරියව් මාරු කිරිමෙහිදී ද යම්සේ සැප හැඟීමක් වේ ද එමෙනි. අන් අයුරකින් වෙනත් කලකදී ද වෙහෙස ඉවත්වීමෙහිදී ද එබඳු සැප සංඥාවක් ඇති වන්නේය. දුක ඉවත්වීම් මාත්‍රයෙහි ද (දුක ඉවත්වන විට ම) සැපය යන පරිකල්පනාව ඇති වන්නේ වේදනා විශේෂයක් නොලැබෙන බැවිනි. ඒකාන්තයෙන්ම මෙය මෙසේ සිදුවිය යුතුය. යම්හෙයකින් සත්ත්වයෝ මහත් ආයාසයෙන් ප්‍රණීත වූ ම අරමුණු පතත් ද තණ්හාව ඉපදීම නිසා ප්‍රත්‍යයන් ලබන ලද තරමින් ඔවුන්ට ප්‍රතිකාර කරන්නට නොහැකිය. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව උපදී. එසේ ඇති කල්හි සුවඳ - මිහිරි - සුඛ ස්පර්ශ ආදී වස්තූන් අතරින් යමක් ඇතිවීමෙන් සුඛ විශේෂ සංඥාවක් උපදින්නේ කවර දුක් විශේෂයක් ඉවත්වීමෙන් ඝාණ - ජීව්හා - කාය ද්වාරයන්හි ද දිව්‍ය සංගීතය හා සමාන පසඟතුරු හඬ අවධාරණයෙහි දී සෝත ද්වාරයෙහි ද සුඛ විශේෂ සංඥාවන් උපදී ද? එහෙයින් දුක් වේදනාවෙහි ඇත්තා වූ ම දුකට හේතුව ඉවත්වීමෙහි සුඛ සංඥාව ඇති නොවෙයි. හුදෙක් දුක ඉවත්වීම් මාත්‍රයෙහි ද සුඛ සංඥාව ඇති නොවෙයි යනුවෙන් ආගම වශයෙන් ද යුක්ත වශයෙන් ද තීරණය කරන ලද්දේය. ‘තිස්සො වෙදනා’ යන භාග්‍යවතුන් වහන්ගේ වේදනා තුන පිළිබඳ දේශනාව නීතත්ථ (පමුණුවන ලද අර්ථ ඇති) දේශනාවකි. නෙය්යත්ථ (පමුණුවාගත යුතු අර්ථ ඇති) දේශනාවක් නොවේ යනුවෙන් හැඟවිය යුතුය. මෙසේ (විතණ්ඩවාදියා) මේ කාරණයට එළඹෙයි නම් මැනවි. නො එසේ නම් යම් ක්‍රියාවක් කොට සැපසේ යන්නැයි පිටත් කරවිය යුතුය.
එවමෙතා අඤ්ඤමඤ්ඤපටිපක්ඛසභාවවවත්ථිතලක්ඛණා එව තිස්සො වෙදනා භගවතා දෙසිතා. තඤ්ච ඛො විපස්සනාකම්මිකානං යොගාවචරානං වෙදනාමුඛෙන අරූපකම්මට්ඨානදස්සනත්ථං. දුවිධඤ්හි කම්මට්ඨානං රූපකම්මට්ඨානං, අරූපකම්මට්ඨානන්ති. තත්ථ භගවා රූපකම්මට්ඨානං කථෙන්තො සඞ්ඛෙපමනසිකාරවසෙන වා විත්ථාරමනසිකාරවසෙන වා චතුධාතුවවත්ථානාදිවසෙන වා කථෙති. අරූපකම්මට්ඨානං පන කථෙන්තො ඵස්සවසෙන වා වෙදනාවසෙන වා චිත්තවසෙන වා කථෙති. එකච්චස්ස හි ආපාථගතෙ ආරම්මණෙ ආවජ්ජතො තත්ථ චිත්තචෙතසිකානං පඨමාභිනිපාතො ඵස්සො තං ආරම්මණං ඵුසන්තො උප්පජ්ජමානො පාකටො හොති, එකච්චස්ස තං ආරම්මණං අනුභවන්තී උප්පජ්ජමානා වෙදනා පාකටා හොති, එකච්චස්ස තං ආරම්මණං විජානන්තං උප්පජ්ජමානං විඤ්ඤාණං පාකටං හොති. ඉති තෙසං තෙසං පුග්ගලානං අජ්ඣාසයෙන යථාපාකටං ඵස්සාදිමුඛෙන තිධා අරූපකම්මට්ඨානං කථෙති.
මෙසේ මේ එකිනෙකට ප්රතිපක්ෂ භාව නියමකරන ලක්ෂණ ඇත්තා වූම වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එය ද විදර්ශනා කර්මස්ථානය වඩන යෝගාවචරයන්ට වේදනා මුඛයෙන් අරූප කර්මස්ථානය දැක්වීම පිණිසය. කර්මස්ථානය වනාහි රූපකර්මස්ථානය, අරූප කර්මස්ථානයයි. දෙවැදෑරුම්ය. භාග්‍යවතුන් වහන්සේ එහිදී රූප කර්මස්ථානය කියමින් ඵස්ස වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ චිත්ත වශයෙන් හෝ කියති. ඇතැමෙකුට (ඉඳුරන්) හමුවට පැමිණි අරමුණු ආවර්ජනා කිරීමෙන් (සිතා බැලීමෙන්) එහි චිත්ත චෛතසික අතරින් පළමුව ඉදිරියට පත් ස්පර්ශය, ඒ අරමුණ ස්පර්ශ කරමින් උපදින්නේ ප්‍රකට වෙයි. ඇතැමෙකුට ඒ අරමුණ අනුභව කරමින් උපදින්නා වූ වේදනාව ප්‍රකට වෙයි. ඇතැමෙකුට ඒ අරමුණ දැනගනිමින් උපදින්නා වූ විඤ්ඤාණය ප්‍රකට වෙයි. මෙසේ ඒ ඒ පුද්ගලයන්ගේ අදහසින් ඵස්සාදී මුඛයෙන් ප්‍රකටවන ලෙසින් අරූප කර්මස්ථානය තෙවැදෑරුම්කොට කියති.
තත්ථ යස්ස ඵස්සො පාකටො හොති, සොපි “න කෙවලං ඵස්සොව උප්පජ්ජති, තෙන සද්ධිං තදෙව ආරම්මණං අනුභවමානා වෙදනාපි උප්පජ්ජති, සඤ්ජානමානා සඤ්ඤාපි, චෙතයමානා චෙතනාපි, විජානමානං විඤ්ඤාණම්පි උප්පජ්ජතී”ති ඵස්සපඤ්චමකෙයෙව පරිග්ගණ්හාති. යස්ස වෙදනා පාකටා හොති, සොපි “න කෙවලං වෙදනාව උප්පජ්ජති, තාය සද්ධිං ඵුසමානො ඵස්සොපි උප්පජ්ජති, සඤ්ජානමානා සඤ්ඤාපි, චෙතයමානා චෙතනාපි, විජානමානං විඤ්ඤාණම්පි උප්පජ්ජතී”ති ඵස්සපඤ්චමකෙයෙව පරිග්ගණ්හාති. යස්ස විඤ්ඤාණං පාකටං හොති, සොපි “න කෙවලං විඤ්ඤාණමෙව උප්පජ්ජති, තෙන සද්ධිං තදෙවාරම්මණං ඵුසමානො ඵස්සොපි උප්පජ්ජති, අනුභවමානා වෙදනාපි, සඤ්ජානමානා සඤ්ඤාපි, චෙතයමානා චෙතනාපි උප්පජ්ජතී”ති ඵස්සපඤ්චමකෙයෙව පරිග්ගණ්හාති.
එහිදී යමෙකුට ඵස්සය ප්‍රකට වේද, හුදෙක් ඵස්සය පමණක්ම නූපදී. ඒ සමග ඒ අරමුණම අනුභව කරන වේදනාව ද උපදී. හැඳින ගනිමින් සඤ්ඤාව ද උපදී. සිතමින් චේතනාව ද උපදී. දැනගනිමින් වික්ඤාණය ද උපදියි. මෙසේ ස්පර්ශය පස්වෙනිකොට ඇති ධර්මයන්ම ගනියි. යමෙකුට වේදනාව ප්‍රකට වේද හුදෙක් වේදනාව පමණක්ම නූපදී. එය සමග ස්පර්ශ කරමින් ඵස්සය ද උපදී. හැඳිනගනිමින් සඤ්ඤාවද උපදී. සිතමින් චේතනාව ද උපදී. දැනගනිමින් විඤ්ඤාණය ද උපදී. මෙසේ ස්පර්ශය පස්වෙනි කොට ඇති ධර්මයන්ම ගනියි. යමෙකුට විඤ්ඤාණය ප්‍රකට වේ හුදෙක් විඤ්ඤාණය පමණක් ම නූපදී. එය සමග ඒ අරමුණම ස්පර්ශ කරමින් ස්පර්ශය උපදී. අනුභව කරමින් වේදනාව ද උපදී. හැඳිනගනිමින් සඤ්ඤාව ද උපදී. සිතමින් චේතනාවද උපදී. මෙසේ ස්පර්ශය පස්වෙනිකොට ඇති ධර්මයන්ම ගනියි.
සො “ඉමෙ ඵස්සපඤ්චමකා ධම්මා කිංනිස්සිතා”ති උපධාරෙන්තො “වත්ථුනිස්සිතා”ති පජානාති. වත්ථු නාම කරජකායො. යං සන්ධාය වුත්තං “ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්ථසිතං එත්ථපටිබද්ධ”න්ති (දී· නි· 1.235; ම· නි· 2.252). සො අත්ථතො භූතා චෙව උපාදාරූපානි ච, එවමෙත්ථ වත්ථු රූපං, ඵස්සපඤ්චමකා නාමන්ති නාමරූපමත්තමෙව පස්සති. රූපඤ්චෙත්ථ රූපක්ඛන්ධො, නාමං චත්තාරො අරූපිනො ඛන්ධාති පඤ්චක්ඛන්ධමත්තං හොති. නාමරූපවිනිමුත්තා හි පඤ්චක්ඛන්ධා, පඤ්චක්ඛන්ධවිනිමුත්තං වා නාමරූපං නත්ථි. සො “ඉමෙ පඤ්චක්ඛන්ධා කිංහෙතුකා”ති උපපරික්ඛන්තො “අවිජ්ජාදිහෙතුකා”ති, තතො “පච්චයො චෙව පච්චයුප්පන්නඤ්ච ඉදං, අඤ්ඤො සත්තො වා පුග්ගලො වා නත්ථි, සුද්ධසඞ්ඛාරපුඤ්ජමත්තමෙවා”ති සප්පච්චයනාමරූපවසෙන තිලක්ඛණං ආරොපෙත්වා විපස්සනාපටිපාටියා “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසන්තො විචරති. සො “අජ්ජ අජ්ජා”ති පටිවෙධං ආකඞ්ඛමානො තථාරූපෙ සමයෙ උතුසප්පායං, පුග්ගලසප්පායං, භොජනසප්පායං, ධම්මස්සවනසප්පායං වා ලභිත්වා එකපල්ලඞ්කෙන නිසින්නොව විපස්සනං මත්ථකං පාපෙත්වා අරහත්තෙ පතිට්ඨාති. එවං ඉමෙසං තිණ්ණං ජනානං යාව අරහත්තා කම්මට්ඨානං වෙදිතබ්බං. ඉධ පන භගවා වෙදනාවසෙන බුජ්ඣනකානං අජ්ඣාසයෙන අරූපකම්මට්ඨානං කථෙන්තො වෙදනාවසෙන කථෙසි. තත්ථ –
හෙතෙම මේ (ඵස්ස-වේදනා-සඤ්ඤා-චේතනා- විඤ්ඤාණ යන) ඵස්ස පංචමක ධර්ම කුමක් ඇසුරුකොට ඇත්දැයි සලකා බලමින් වස්තුව ඇසුරුකොට ඇතැයි දැනගනියි. වස්තුව නම් ශරීරයයි. ‘ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධං’ ‘මගේ මේ විඤ්ඤාණය ද මෙහි (මේ ශරීරයෙහි) සිටියේය. මෙහි බැඳුනේය’ යන මෙය ඒ සඳහා කියන ලදී. එය අර්ථ වශයෙන් භූත රූප ද උපාදා රූප ද වෙයි. මෙසේ මෙහි වස්තුව රූපය යි. ඵස්ස පංචමක ධර්ම නාමයයි නාම රූප මාත්‍රයම දකියි. මෙහි රූපය රූපස්කන්ධයයි, නාමය සතර අරූප ස්කන්ධයයි, මෙසේ පංචස්කන්ධ මාත්‍රය වෙයි. නාමරූපයෙන් තොර වූ පංචස්කන්ධයක් ද පංචස්කන්ධයෙන් තොර වූ නාමරූපයන් ද නැත. හෙතෙම මේ පංචස්කන්ධ කුමක් හේතුකොට ඇත්දැයි සලකා බලන්නේ අවිද්‍යාදිය හේතුයයි දකියි. එහෙයින් මෙය ප්‍රත්‍යයයි ද ප්‍රත්‍යයෙන් උපන්නේ යයි ද අනික් සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත. පිරිසිදු සංඛාර ගොඩක් පමණකැයි ප්‍රත්‍ය සහිතව නාමරූප වශයෙන් ත්රිලක්ෂණයට නංවා විදර්ශනා පිළිවෙළින් අනිත්‍යය දුක්ඛය අනාත්ම යයි නුවණින් සලකා බලමින් හැසිරෙයි. හෙතෙම අද අදම ප්‍රතිවේධය කැමැත්තෙන් එබඳු කාලයෙහි ඍතු සප්පාය (සුදුසු ඍතුව) හෝ පුද්ගල සප්පාය (සුදුසු පුද්ගලයන්) හෝ භෝජන සප්පාය (සුදුසු ආහාර) හෝ ධම්මසවණ සප්පාය (සුදුසු ධර්ම ශ්‍රවණය) හෝ ලැබ එක පර්යංකයකින් හුන්නේම විදර්ශනාව මුදුන්පමුණුවා රහත් බවෙහි පිහිටයි. මෙසේ මේ තුන්දෙනාගේ රහත්බව තෙක් කමටහන දතයුතුය. මෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ වේදනා වශයෙන් අවබෝධ කරන්නවුන්ගේ අදහසින් අරූප කර්මස්ථානය කියමින් වේදනා වශයෙන් දෙසූහ. එහි -
“ලක්ඛණඤ්ච අධිට්ඨානං, උප්පත්ති අනුසයො තථා; ඨානං පවත්තිකාලො ච, ඉන්ද්රියඤ්ච ද්විධාදිතා”ති. –
ලක්ඛණඤ්ච අධිට්ඨානං උප්පත්ති අනුසයො තථා ඨානං පවත්ති කාලො ච ඉන්ද්රියඤ්ච ද්විධාදිතා
ලක්ෂණය ද අධිෂ්ඨානය ද උත්පත්තිය ද අනුසය ද එසේ ම ස්ථානය ද, පවතින කාලය ද ඉන්ද්රිය ද ද්විධාදිතා (දෙයාකාර ආදිය) ද යන
ඉදං පකිණ්ණකං වෙදිතබ්බං –
මේ ප්රකීර්ණකය දතයුතුය.
තත්ථ ලක්ඛණං හෙට්ඨා වුත්තමෙව.
1. එහි ලක්ඛණං - ලක්ෂණය මුලදී කියන ලද්දේමය.
අධිට්ඨානන්ති ඵස්සො. “ඵස්සපච්චයා වෙදනා”ති හි වචනතො ඵස්සො වෙදනාය අධිට්ඨානං. තථා හි සො වෙදනාධිට්ඨානභාවතො නිච්චම්මගාවීඋපමාය උපමිතො. තත්ථ සුඛවෙදනීයො ඵස්සො සුඛාය වෙදනාය අධිට්ඨානං, දුක්ඛවෙදනීයො ඵස්සො දුක්ඛාය වෙදනාය, අදුක්ඛමසුඛවෙදනීයො ඵස්සො අදුක්ඛමසුඛාය වෙදනාය අධිට්ඨානං, ආසන්නකාරණන්ති අත්ථො. වෙදනා කස්ස පදට්ඨානං? “වෙදනාපච්චයා තණ්හා”ති වචනතො තණ්හාය පදට්ඨානං අභිපත්ථනීයභාවතො. සුඛා වෙදනා තාව තණ්හාය පදට්ඨානං හොතු, ඉතරා පන කථන්ති? වුච්චතෙ සුඛසමඞ්ගීපි තාව තංසදිසං තතො වා උත්තරිතරං සුඛං අභිපත්ථෙති, කිමඞ්ග පන දුක්ඛසමඞ්ගීභූතො. අදුක්ඛමසුඛා ච සන්තභාවෙන සුඛමිච්චෙව වුච්චතීති තිස්සොපි වෙදනා තණ්හාය පදට්ඨානං.
2. අධිට්ඨානං = අධිෂ්ඨානය යනු ඵස්සය යි. ඵස්ස පච්චයා වේදනා යන වචනයෙන් ස්පර්ශය වේදනාවට අධිෂ්ඨානය යි. ඒ මෙසේය. වේදනාවට අධිෂ්ඨාන භාවයෙන් සම නැති එළදෙනගේ උපමාවට එය සමාන කරන ලදී. එහි සුඛ වේදනාව වින්ද යුතු (සුඛවේදනීය) ස්පර්ශය සුඛවේදනාවට අධිෂ්ඨානයයි. දුක් වේදනාව වින්ද යුතු ස්පර්ශය දුක්වේදනාවට අධිෂ්ඨානයයි. අදුක්ඛමසුඛ වේදනාව වින්දයුතු ස්පර්ශය අදුක්ඛමසුඛ වේදනාවට අධිෂ්ඨානයයි. ආසන්න කාරණය යන අර්ථයයි. වේදනාව කුමකට පදට්ඨානය (ආසන්න කාරණය) වේද, ‘වේදනා පච්චයා තණ්හා’ යන වචනයෙන් තණ්හාවට ආසන්න කාරණය වෙයි. පැතීමට සුදුසු බැවින් සැප වේදනාව පළමුව තණ්හාවට ආසන්න කාරණය වේ. අනිත්වා (දුක ආදිය) කෙසේ ද? (මෙසේ පිළිතුරු) කියනු ලැබේ. සැපයෙන් යුක්ත පුද්ගලයා ද එයට සමාන වූ හෝ ඊට වඩා උසස් වූ හෝ සැපය ප්‍රාර්ථනා කරයි. දුකෙන් මැඩගත් පුද්ගලයා ගැන කියනුම කවරේද? අදුක්ඛමසුඛ වේදනාව ද ශාන්තභාවයෙන් සැපයයි කියනු ලැබේ. මෙසේ වේදනා තුනම තණ්හාවට ආසන්න කාරණයයි.
උප්පත්තීති උප්පත්තිකාරණං. ඉට්ඨාරම්මණභූතා හි සත්තසඞ්ඛාරා සුඛවෙදනාය උප්පත්තිකාරණං, තෙ එව අනිට්ඨාරම්මණභූතා දුක්ඛවෙදනාය, මජ්ඣත්තාරම්මණභූතා අදුක්ඛමසුඛාය. විපාකතො තදාකාරග්ගහණතො චෙත්ථ ඉට්ඨානිට්ඨතා වෙදිතබ්බා.
3. උප්පත්ති යනු උත්පත්ති කාරණයයි. ඉෂ්ටාරම්මණ වූ සත්ත්ව - සංඛාර සැප වේදනාවට උත්පත්ති කාරණයයි. අනිෂ්ටාරම්මණ වූ ඒවාම (සත්ත්වයන් හා සංස්කාරයන්) දුක්වේදනාවට උත්පත්ති කාරණයයි. මධ්‍යස්ථාරම්මණ වූ ඒවාම අදුක්ඛමසුඛ වේදනාවට උත්පත්ති කාරණයයි. මෙහි විපාක වශයෙන් ද ඒ ආකාර ගැනීමෙන් ද ඉටු අනිටු බව දතයුතුය.
අනුසයොති ඉමාසු තීසු වෙදනාසු සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො, අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙති. වුත්තඤ්හෙතං –
4. අනුසය යනු මේ වේදනා තුන අතුරෙන් සුබ වේදනාවෙහි රාග අනුසය අතනොහැර පවතී. දුර්වේදනාවෙහි පටිඝ අනුසය අතනොහැර පවතී. අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිද්‍යා අනුසය අතනොහැර පවතී. මෙය කියන ලදී -
“සුඛාය ඛො, ආවුසො විසාඛ, වෙදනාය රාගානුසයො අනුසෙතී”තිආදි (ම· නි· 1.465).
‘සුඛාය ඛො ආවුසො විසාඛ වෙදනාය රාගානුසයො අනුසෙති’ ‘ඇවැත් විසාඛයෙනි, සුඛ වේදනාවෙහි රාගානුසය අතනොහැර පවතී’ යනාදී වශයෙන්.
දිට්ඨිමානානුසයා චෙත්ථ රාගපක්ඛියා කාතබ්බා. සුඛාභිනන්දනෙන හි දිට්ඨිගතිකා “සස්සත”න්තිආදිනා සක්කායෙ අභිනිවිසන්ති, මානජාතිකා ච මානං ජප්පෙන්ති “සෙය්යොහමස්මී”තිආදිනා. විචිකිච්ඡානුසයො පන අවිජ්ජාපක්ඛිකො කාතබ්බො. තථා හි වුත්තං පටිච්චසමුප්පාදවිභඞ්ගෙ (විභ· 288-289) “වෙදනාපච්චයා විචිකිච්ඡා”ති. අනුසයානඤ්ච තත්ථ තත්ථ සන්තානෙ අප්පහීනභාවෙන ථාමගමනං. තස්මා “සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙතී”ති මග්ගෙන අප්පහීනත්තා අනුරූපකාරණලාභෙ උප්පජ්ජනාරහො රාගො, තත්ථ සයිතො විය හොතීති අත්ථො. එස නයො සෙසෙසුපි.
දිට්ඨි-මාන අනුසය ද මෙහි රාග පක්ෂයෙහි ඇතුළත් කළයුතුය. සැපයට සතුටුවීමෙන් (සුඛාභිනන්දනයෙන්) දෘෂ්ටි ගතිකයෝ ශාස්වතය යනාදියෙන් සක්කායෙහි බැසගනිති. මානයෙන් යුක්ත වූවෝ මම උසස් වෙමි ආදියෙන් මානය කියති. විචිකිච්ඡා අනුසය වනාහි අවිද්‍යා පක්ෂයෙහි ඇතුළත් කළ යුතුය. ඒ බව පටිච්ච සමුප්පාද විභංගයෙහි ‘වෙදනා පච්චයා විචිකිච්ඡා’ යනුවෙන් කියන ලදී. ඒ ඒ සිතෙහි අනුසය අප්රහීණභාවයෙන් ශක්තිමත් බවට යයි. එහෙයින් මාර්ගයෙන් ප්‍රහීණ නොවූ බැවින් සුබ වේදනාවෙහි රාගානුසය අතනොහැර පවතී. අනුරූප වූ කරුණු ලැබීමෙහි දී ඉපදීමට සුදුසු වූ රාගය එහි නිදාගත්තාක් මෙන් වේ යන අර්ථයි. සෙස්සෙහි ද මේ ක්‍රමයයි.
ඨානන්ති කායො චිත්තඤ්ච වෙදනාය ඨානං. වුත්තඤ්හෙතං – “යං තස්මිං සමයෙ කායිකං සුඛං කායසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං (ධ· ස· 449). යං තස්මිං සමයෙ චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිත”න්ති (ධ· ස· 471) ච.
5. ඨානං යනු කය ද සිත ද වේදනාවට තැනයි. ‘යං තස්මිං සමයෙ කායිකං සුඛං කාය සම්ඵස්සජං, සාතං සුඛං වෙදයිතං, යං තස්මිං සමයෙ චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං’ ‘එසමයෙහි යම් කායික සැපයක් කාය ස්පර්ශයෙන් උපන් මිහිරි වූ විඳින සැපයක් ඇද්ද එසමයෙහි යම් චෛතසික සැපයක් චෛතසික ස්පර්ශයෙන් උපන් මිහිරි වූ විඳින සැපයක් ඇද්ද’ යන මෙය කියන ලදී.
පවත්තිකාලොති පවත්තික්ඛණො, පවත්තනාකලනඤ්ච. පවත්තික්ඛණෙන හි සුඛදුක්ඛවෙදනානං සුඛදුක්ඛභාවො වවත්ථිතො. යථාහ –
6. පවත්තිකාලො යනු පවතින මොහොත ද පැවැත්මෙහි දැනීම ද යනුයි. පවතින මොහොතෙහි වනාහි සැපදුක් වේදනාවන්ගේ සැප දුක් බව නියම කරන ලද්දේ වෙයි.
“සුඛා ඛො, ආවුසො විසාඛ, වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක්ඛා, දුක්ඛා ඛො, ආවුසො විසාඛ, වෙදනා ඨිතිදුක්ඛා විපරිණාමසුඛා”ති (ම· නි· 1.465).
‘සුඛා ඛො ආවුසො විසාඛ වේදනා ඨිතිසුඛා, විපරිනාම දුක්ඛා, දුක්ඛා ඛො ආවුසො විසාඛ වෙදනා ඨිති දුක්ඛා විපරිනාම සුඛා’ ‘ඇවැත් විසාඛයෙනි, සුඛ වේදනාව පැවතීම සැපය. පෙරළීම දුකය. ඇවැත් විසාඛයෙනි, දුක්ඛ වේදනාව පැවතීම දුකය. පෙරළීම සැපය’යි කීයේ එසේය.
සුඛාය වෙදනාය අත්ථිභාවො සුඛං, නත්ථිභාවො දුක්ඛං. දුක්ඛාය වෙදනාය අත්ථිභාවො දුක්ඛං, නත්ථිභාවො සුඛන්ති අත්ථො. අදුක්ඛමසුඛාය වෙදනාය පවත්තනාකලනං පවත්තියා ආකලනං අනාකලනඤ්ච ජානනං අජානනඤ්ච සුඛදුක්ඛභාවවවත්ථානං. වුත්තම්පි චෙතං –
සැපවේදනාවේ ඇති බව සැපය. නැති බව දුකය. දුක්වේදනාවේ ඇති බව දුකය. නැති බව සැපය යන අර්ථයි. අදුක්ඛමසුඛ වේදනාවේ (පවත්තනාකලනං පවත්තියා ආකලනං අනාකලනං =) පැවැත්මෙහි දැනීම ද නොදැනීම ද සැප දුක් බව නියම කිරීම කරයි.
“අදුක්ඛමසුඛා ඛො, ආවුසො විසාඛ, වෙදනා ඤාණසුඛා අඤ්ඤාණදුක්ඛා”ති.
‘අදුක්ඛමසුඛා ඛො ආවුසො වෙදනා ඤාණ සුඛා අඤ්ඤාණ දුක්ඛා’ ‘ඇවැත්නි, අදුක්ඛමසුඛ වේදනාව දැනීම සැපය නොදැනීම දුකය’යි මෙය කියන ලදී.
ඉන්ද්රියන්ති එතා හි සුඛාදයො තිස්සො වෙදනා සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියන්ති අධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියතො පඤ්චධා විභත්තා. කායිකඤ්හි සාතං සුඛින්ද්රියන්ති වුත්තං, අසාතං දුක්ඛින්ද්රියන්ති. මානසං පන සාතං සොමනස්සින්ද්රියන්ති වුත්තං, අසාතං දොමනස්සින්ද්රියන්ති. දුවිධම්පි නෙව සාතං නාසාතං උපෙක්ඛින්ද්රියන්ති. කිං පනෙත්ථ කාරණං – යථා කායිකචෙතසිකා සුඛදුක්ඛවෙදනා “සුඛින්ද්රියං සොමනස්සින්ද්රියං, දුක්ඛින්ද්රියං දොමනස්සින්ද්රිය”න්ති විභජිත්වා වුත්තා, න එවං අදුක්ඛමසුඛාති? භෙදාභාවතො. යථෙව හි අනුග්ගහසභාවා බාධකසභාවා ච සුඛදුක්ඛවෙදනා අඤ්ඤථා කායස්ස අනුග්ගහං බාධකඤ්ච කරොන්ති, චිත්තස්ස ච අඤ්ඤථා, න එවං අදුක්ඛමසුඛා, තස්මා භෙදාභාවතො විභජිත්වා න වුත්තා.
7. ඉන්ද්රිය යනු මේ සැප ආදී වේදනා තුන සුඛ ඉන්ද්රිය දුක්ඛ ඉන්ද්රිය, සෝමනස්ස ඉන්ද්රිය, දෝමනස්ස ඉන්ද්රිය, උපෙක්ඛා ඉන්ද්රිය යනුවෙන් අධිපති අර්ථයෙන් ඉන්ද්රිය වශයෙන් පස්වැදෑරුම්කොට බෙදන ලදී. කායික සැපය වනාහි සුඛ ඉන්ද්‍රියයි කියන ලදී. කායික දුක දුක්ඛ ඉන්ද්රිය යයි කියන ලදී. මානසික සැපය සෝමනස්ස ඉන්ද්රිය යයි කියන ලදී. මානසික දුක දෝමනස්ස ඉන්ද්රිය යයි කියන ලදී. සැපත් නොවන දුකත් නොවන දෙයාකාරයම උපෙක්ඛා ඉන්ද්‍රියයි කියන ලදී. කායික චෛතසික සුඛ - දුක්ඛ වේදනා සුඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දුක්ඛින්ද්රිය, දෝමනස්සින්‍ද්‍රිය යනුවෙන් බෙදා කියන ලදී. අදුක්ඛමසුඛ වේදනාව එසේ නොකියන ලදී. මෙහිලා කාරණය කුමක් ද? භේදයක් නැති බැවිනි. සැපදුක් වේදනාවෝ අනුග්‍රහ ස්වභාවයෙන් ද පැසවන (බාධක) ස්වභාවයෙන් ද කයට අනුග්‍රහයත් පැසවීමත් (බාධාවත්) වෙනත් අයුරකින් කරති. සිතට වෙනත් අයුරකිනි. අදුක්ඛමසුඛ වේදනාව එසේ නොවේ. එහෙයින් භේදයක් නැති බැවින් බෙදා නොකියන ලදී.
ද්විධාදිතාති සබ්බාපි හි වෙදනා වෙදයිතට්ඨෙන එකවිධාපි නිස්සයභෙදෙන දුවිධා – කායිකා චෙතසිකාති, සුඛා, දුක්ඛා, අදුක්ඛමසුඛාති තිවිධා, චතුයොනිවසෙන චතුබ්බිධා, ඉන්ද්රියවසෙන, ගතිවසෙන ච පඤ්චවිධා, ද්වාරවසෙන ච ආරම්මණවසෙන ච ඡබ්බිධා, සත්තවිඤ්ඤාණධාතුයොගෙන සත්තවිධා, අට්ඨලොකධම්මපච්චයතාය අට්ඨවිධා, සුඛාදීනං පච්චෙකං අතීතාදිවිභාගෙන නවවිධා, තා එව අජ්ඣත්තබහිද්ධාභෙදෙන අට්ඨාරසවිධා, තථා රූපාදීසු ඡසු ආරම්මණෙසු එකෙකස්මිං සුඛාදිවසෙන තිස්සො තිස්සො කත්වා. රූපාරම්මණස්මිඤ්හි සුඛාපි උප්පජ්ජති, දුක්ඛාපි, අදුක්ඛමසුඛාපි, එවං ඉතරෙසුපි. අථ වා අට්ඨාරසමනොපවිචාරවසෙන අට්ඨාරස. වුත්තඤ්හි –
8. ද්විධාදිතා යනු සියලු වේදනා විඳිනු ලබන අර්ථයෙන් එක් ආකාරය. ඇසුරුකරන ආකාරයෙන් කායික, චෛතසික යනුවෙන් දෙපරිදිය. සුඛ දුක්ඛ-අදුක්ඛමසුඛ යනුවෙන් තෙපරිදිය. සතරයෝනි වශයෙන් සිවු වැදෑරුම්ය. ඉන්ද්රිය වශයෙන් ද ගති වශයෙන් ද පස්වැදෑරුම්ය. ද්වාර වශයෙන් ද අරමුණු වශයෙන් ද සයවැදෑරුම්ය. සත්තවිඤ්ඤාණ ධාතු යෝගයෙන් සත් ආකාරය. අටලෝ දහමට ප්‍රත්‍ය වන බැවින් අටවැදෑරුම්ය. සැප ආදියට වෙන්වෙන්ව අතීත ආදී බෙදීමෙන් නව වැදෑරුම්ය. ඒවාම ආධ්‍යාත්ම - බාහිර භේදයෙන් දහඅට වැදෑරුම්ය. එසේම රූපාදී අරමුණු හය අතුරින් එක එකක සැප ආදී වශයෙන් තුන තුන බැගින් යෙදීම කොට රූපාරම්මණයෙහි සැප වේදනාව ද උපදී, දුක් වේදනාවද උපදී, අදුක්ඛමසුඛ වේදනාවද උපදී. අනිත් ඒවාහිද එසේය. නැතහොත් අට්ඨාරස මනෝපවිචාර (මනෝපවිචාර දහඅට) වශයෙන් දහඅටකි.
“චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපවිචරති, දොමනස්සට්ඨානියං, උපෙක්ඛාට්ඨානියං රූපං උපවිචරති, සොතෙන සද්දං…පෙ… මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානියං ධම්මං උපවිචරති, දොමනස්සට්ඨානියං, උපෙක්ඛාට්ඨානියං ධම්මං උපවිචරතී”ති (අ· නි· 3.62).
‘සොම්නසට හේතු වූ රූපයක් ඇසින් දැක රූපය විචාරයට ලක්කරයි. දොම්නසට හේතු වූ රූපයක් - උපේක්ෂාවට හේතු වූ රූපයක් විචාරයට ලක් කරයි. කණෙන් ශබ්දයක් -පෙ- මනසින් සොම්නසට හේතු වූ ධර්මයක් දැන විචාරයට ලක් කරයි’ යනුවෙන් කියන ලදී.
එවං අට්ඨාරසවිධා හොන්ති. තථා ඡ ගෙහස්සිතානි සොමනස්සානි, ඡ ගෙහස්සිතානි දොමනස්සානි, ඡ ගෙහස්සිතා උපෙක්ඛා, තථා නෙක්ඛම්මස්සිතා සොමනස්සාදයොති එවං ඡත්තිංසවිධා. අතීතෙ ඡත්තිංස, අනාගතෙ ඡත්තිංස, පච්චුප්පන්නෙ ඡත්තිංසාති අට්ඨුත්තරසතම්පි භවන්ති. එවමෙත්ථ ද්විධාදිතා වෙදිතබ්බාති.
මෙසේ දහඅට ආකාර වෙයි. එසේම රූපාදී කාම ගුණ ඇසුරුකොට ඇති (ගේහසිත) සොම්නස් හයයි. ගේහසිත දොම්නස් හයයි. ගෙහසිත උපේක්ෂා හයයි. එසේම විදර්ශනාව ඇසුරුකොට ඇති (නෙක්ඛම්ම සිත) සොම්නස් ආදිය යනුවෙන් මෙසේ තිස්හය ආකාර වෙයි. අතීතයෙහි තිස්හයයි, අනාගතයෙහි තිස්හයයි, වර්තමානයෙහි තිස්හයයි යනුවෙන් එකසිය අටක් වෙයි. මෙසේ මෙහි දෙයාකාර ආදිය (ද්විධාදිතාව) දතයුතුය.
පකිණ්ණකකථා නිට්ඨිතා.
ප්රකීර්ණක කථාව නිමියේය.
ගාථාසු සමාහිතොති උපචාරප්පනාභෙදෙන සමාධිනා සමාහිතො. තෙන සමථභාවනානුයොගං දස්සෙති. සම්පජානොති සාත්ථකසම්පජඤ්ඤාදිනා චතුබ්බිධෙන සම්පජඤ්ඤෙන සම්පජානො. තෙන විපස්සනානුයොගං දස්සෙති. සතොති සතොකාරී. තෙන සමථවිපස්සනානයෙන ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. තෙන සමන්නාගතත්තං දස්සෙති. වෙදනා ච පජානාතීති “ඉමා වෙදනා, එත්තකා වෙදනා”ති සභාවතො විභාගතො “අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා”ති අනිච්චාදිලක්ඛණතො ච පුබ්බභාගෙ තීහි පරිඤ්ඤාහි පරිජානන්තො විපස්සනං වඩ්ඪෙත්වා අරියමග්ගෙන පරිඤ්ඤාපටිවෙධෙන පජානාති. වෙදනානඤ්ච සම්භවන්ති සමුදයසච්චං. යත්ථ චෙතා නිරුජ්ඣන්තීති එත්තාවතා වෙදනා යත්ථ නිරුජ්ඣන්ති, තං නිරොධසච්චං. ඛයගාමිනන්ති වෙදනානං ඛයගාමිනං අරියමග්ගඤ්ච පජානාතීති සම්බන්ධො. වෙදනානං ඛයාති එවං චත්තාරි සච්චානි පටිවිජ්ඣන්තෙන අරියමග්ගෙන වෙදනානං අනුප්පාදනිරොධා. නිච්ඡාතො පරිනිබ්බුතොති නිත්තණ්හො, පහීනතණ්හො, කිලෙසපරිනිබ්බානෙන, ඛන්ධපරිනිබ්බානෙන ච පරිනිබ්බුතො හොති.
ගාථාවන්හි - සමාහිතො යනු උපචාර අර්පණා භේද ඇති සමාධියෙන් සන්සුන් වූ. එයින් සමථ භාවනාවෙහි යෙදීම දක්වයි. සම්පජානො යනු සාත්ථක සම්පජඤ්ඤ ආදී වූ සිවුවැදෑරුම් සම්පජඤ්ඤයෙන් යහපත් ආකාරයෙන් අනිත්‍යාදිය දනිමින්, එයින් විදර්ශනාවෙහි යෙදීම දක්වයි. සතො යනු සිහි ඇති, එයින් සමථ විදර්ශනා ක්‍රමයෙන් ධර්ම භාවනාව පරිපූර්ණත්වයට යයි. එයින් යුක්ත බව දක්වයි. වෙදනා ච පජානාති යනු මේ වේදනා මෙපමණයයිද වේදනාදිය ස්වභාව වශයෙන් ද විභාග වශයෙන් ද අනිත්‍යය, දුක්ය, පෙරළෙන ධර්මයන්ය යනුවෙන් අනිත්‍යාදි ලක්ෂණ වශයෙන් ද පූර්වභාගයෙහි පරික්ෂා තුනෙන් දැනගනිමින් විදර්ශනා වඩා ආර්යමාර්ගයෙන් පරිඤ්ඤා ප්‍රතිවේධයෙන් දැනගනියි. වෙදනානඤ්ච සම්භවං යනු සමුදය සත්‍යයයි. යත්ථචෙතා නිරුජ්ඣන්ති යනු මෙපමණකින් වේදනාවෝ යම්තැනක නිරුද්ධ (නැති) වෙත් ද එය නිරෝධ සත්‍යයයි. ඛයගාමිනං යනු වේදනාවන් විනාශයට යාම, ආර්ය මග්ගඤ්ව මාර්ගය ද දැනගනියි යනු සම්බන්ධ වෙයි. වෙදනානං ඛයා යනු මෙසේ චතුස්සත්‍යයන් අවබෝධ කරන්නා වූ ආර්ය මාර්ගයෙන් වේදනාවන්ගේ අනුත්පාද නිරෝධයෙන් (නැවත නූපදින ලෙස නැති කිරීමෙන්). නිච්ඡාතො පරිනිබ්බුතො තෘෂ්ණාව නැත්තේ පහකළ තණ්හාව ඇත්තේ ක්ලේශ පරිනිර්වාණයෙන් ද ස්කන්ධ පරිනිර්වාණයෙන්ද පිරිනිවියේ වෙයි.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවන සුත්‍රයයි.