යෙදුමෙන් කියවන්න

4. දුතියවෙදනා සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. දුතියවෙදනා සුත‍්තවණ‍්ණනා

4. දෙවෙනි වේදනා සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ දුක‍්ඛතො දට‍්ඨබ‍්බාති සුඛවෙදනා විපරිණාමදුක‍්ඛවසෙන දුක‍්ඛාති ඤාණචක‍්ඛුනා පස‍්සිතබ‍්බා. සල‍්ලතො දට‍්ඨබ‍්බාති දුන‍්නීහරණට‍්ඨෙන අන‍්තොතුදනට‍්ඨෙන පීළනට‍්ඨෙන දුක‍්ඛදුක‍්ඛභාවෙන දුක‍්ඛවෙදනා සල‍්ලන‍්ති පස‍්සිතබ‍්බා. අනිච‍්චතොති හුත්‍වා අභාවතො උදයබ‍්බයවන‍්තතො තාවකාලිකතො නිච‍්චපටිපක‍්ඛතො ච අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චාති පස‍්සිතබ‍්බා. කාමඤ‍්චෙත්‍ථ සබ‍්බාපි වෙදනා අනිච‍්චතො පස‍්සිතබ‍්බා, අනිච‍්චදස‍්සනතො පන සාතිසයං විරාගනිමිත‍්තං දුක‍්ඛදස‍්සනන‍්ති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො සත්‍ථා “සුඛා, භික‍්ඛවෙ, වෙදනා දුක‍්ඛතො දට‍්ඨබ‍්බා, දුක‍්ඛා වෙදනා සල‍්ලතො දට‍්ඨබ‍්බා”ති ආහ. අථ වා යත්‍ථ පුථුජ‍්ජනා සුඛාභිනිවෙසිනො, තත්‍ථ නිබ‍්බෙදජනනත්‍ථං තථා වුත‍්තං. තෙනස‍්සා සඞ‍්ඛාරදුක‍්ඛතාය දුක‍්ඛභාවො දස‍්සිතො. යදනිච‍්චං, තං දුක‍්ඛන‍්ති විපරිණාමදුක‍්ඛතාය “සුඛා, භික‍්ඛවෙ, වෙදනා දුක‍්ඛතො දට‍්ඨබ‍්බා”ති වත්‍වා “සුඛාපි තාව එදිසී, දුක‍්ඛා නු ඛො කීදිසී”ති චින‍්තෙන‍්තානං දුක‍්ඛදුක‍්ඛතාය “දුක‍්ඛා වෙදනා සල‍්ලතො දට‍්ඨබ‍්බා”ති ආහ, ඉතරා පන සඞ‍්ඛාරදුක‍්ඛතාය එව දුක‍්ඛාති දස‍්සෙන‍්තො “අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො දට‍්ඨබ‍්බා”ති අවොච.

සතරවන සූත්‍රයෙහි දුක්‍ඛතො දට්ඨබ්බා යනු සැප වේදනාව විපරිනාම දුක්ඛ (වෙනස්වන දුක්) වශයෙන් දුකයයි නුවණැසින් දැකිය යුතුය. සල්ලතො දට්ඨබ්බා යනු ඉවතට ගැනීමට අපහසු අර්ථයෙන් ඇතුළත අනින (විදින) අර්ථයෙන් පෙළන අර්ථයෙන් දුක් බැවින් දුක්වේදනාව ශල්‍යයක් (උලක්) යයි දැකිය යුතුය. අනිච්චතො යනු ඇති වී නැතිවන බැවින් උදයව්‍යය වන බැවින් ද තාවකාලික බැවින් ද නිත්‍යයට ප්‍රතිවිරුද්ධ බැවින් ද අදුක්ඛමසුඛ වේදනාව අනිත්‍යයයි දතයුතුය. ඒකාන්තයෙන් මෙහි සියලු වේදනා අනිත්‍ය වශයෙන් දැකිය යුතුය. අනිත්‍ය දර්ශනයෙන් වනාහි අතිශය අනිත්‍යයෙන් විරාගයට නිමිති වූ දුක දැකීම යන මේ අර්ථය දක්වමින් ශාස්තෲන් වහන්සේ ‘සුඛා භික්‍ඛවෙ වෙදනා දුක්‍ඛතො දට්ඨබ්බා, දුක්‍ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බා’යි වදාළහ. නැතහොත් පෘථග්ජනයෝ යම්තැනෙක සැපයෙහිම ඇලුණාහු ද එහි කලකිරවනු පිණිසත් එසේ කියන ලදී. එයින් මේ සංඛාර දුක්ඛතාවයෙන් දුක්ඛව දක්වන ලදී. ‘යදනිච්චං තං දුක්‍ඛං’ ‘යමක් අනිත්‍යනම් එය දුකයි’ යන විපරිනාම දුක් බව නිසා ‘සුඛා භික්‍ඛවෙ වෙදනා දුක්‍ඛතො දට්ඨබ්බා’ යනුවෙන් වදාරා මෙබඳු සැපයක් දුක ද නැතිනම් කෙබඳුදැයි සිතන්නවුන්ට දුක්ඛදුක්ඛතාවෙන් ‘දුක්‍ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බො’යි වදාළහ. අනික වනාහි සංඛාර දුක්ඛතාවෙන්ම දුකයයි දක්වමින් ‘අදුක්‍ඛමසුඛා වෙදනා අනිච්චතො දට්ඨබ්බා’යි වදාළහ.

එත්‍ථ ච “සුඛා වෙදනා දුක‍්ඛතො දට‍්ඨබ‍්බා”ති එතෙන රාගස‍්ස සමුග‍්ඝාතනූපායො දස‍්සිතො. සුඛවෙදනාය හි රාගානුසයො අනුසෙති. “දුක‍්ඛා වෙදනා සල‍්ලතො දට‍්ඨබ‍්බා”ති එතෙන දොසස‍්ස සමුග‍්ඝාතනූපායො දස‍්සිතො. දුක‍්ඛවෙදනාය හි පටිඝානුසයො අනුසෙති. “අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො දට‍්ඨබ‍්බා”ති එතෙන මොහස‍්ස සමුග‍්ඝාතනූපායො දස‍්සිතො. අදුක‍්ඛමසුඛවෙදනාය හි අවිජ‍්ජානුසයො අනුසෙති.

මෙහි ද ‘සුඛා වෙදනා දුක්‍ඛතො දට්ඨබ්බා’ ‘සැප වේදනාව දුක් වශයෙන් දතයුතුය’ යන මෙයින් රාගය සහමුලින් නසන උපාය දක්වන ලද්දේය. සැපවේදනාවෙහි වනාහි රාග අනුසය අත්නොහැර පවතී. ‘දුක්‍ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බා’ දුක්වේදනාව උලක් ලෙස දතයුතුය’ යන මෙයින් ද්වේශය සහමුලින් නසන උපාය දක්වන ලද්දේය. දුක්වේදනාවෙහි වනාහි පටිඝානුසය අතනොහැර පවතී. ‘අදුක්‍ඛමසුඛා වෙදනා අනිච්චතො දට්ඨබ්බා’ අදුක්‍ඛමසුඛ වේදනාව අනිත්‍ය වශයෙන් දතයුතුය’ යන මෙයින් මෝහය සහමුලින් නසන උපාය දක්වන ලද්දේය. අදුක්ඛමසුඛ වේදනාවෙහි වනාහි අවිද්‍යා අනුසය අතනොහැර පවතී.

තථා පඨමෙන තණ‍්හාසංකිලෙසස‍්ස පහානං දස‍්සිතං තස‍්ස සුඛස‍්සාදහෙතුකත‍්තා, දුතියෙන දුච‍්චරිතසංකිලෙසස‍්ස පහානං. යථාභූතඤ‍්හි දුක‍්ඛං අපරිජානන‍්තා තස‍්ස පරිහරණත්‍ථං දුච‍්චරිතං චරන‍්ති. තතියෙන දිට‍්ඨිසංකිලෙසස‍්ස පහානං අනිච‍්චතො පස‍්සන‍්තස‍්ස දිට‍්ඨිසංකිලෙසාභාවතො අවිජ‍්ජානිමිත‍්තත‍්තා දිට‍්ඨිසංකිලෙසස‍්ස, අවිජ‍්ජානිමිත‍්තඤ‍්ච අදුක‍්ඛමසුඛා වෙදනා. පඨමෙන වා විපරිණාමදුක‍්ඛපරිඤ‍්ඤා, දුතියෙන දුක‍්ඛදුක‍්ඛපරිඤ‍්ඤා, තතියෙන සඞ‍්ඛාරදුක‍්ඛපරිඤ‍්ඤා. පඨමෙන වා ඉට‍්ඨාරම‍්මණපරිඤ‍්ඤා, දුතියෙන අනිට‍්ඨාරම‍්මණපරිඤ‍්ඤා, තතියෙන මජ‍්ඣත‍්තාරම‍්මණපරිඤ‍්ඤා. විරත‍්තෙසු හි තදාරම‍්මණධම‍්මෙසු ආරම‍්මණානිපි විරත‍්තානෙව හොන‍්තීති. පඨමෙන වා රාගප‍්පහානපරිකිත‍්තනෙන දුක‍්ඛානුපස‍්සනාය අප‍්පණිහිතවිමොක‍්ඛො දීපිතො හොති, දුතියෙන දොසප‍්පහානපරිකිත‍්තනෙන අනිච‍්චානුපස‍්සනාය අනිමිත‍්තවිමොක‍්ඛො, තතියෙන මොහප‍්පහානපරිකිත‍්තනෙන අනත‍්තානුපස‍්සනාය සුඤ‍්ඤතවිමොක‍්ඛො දීපිතො හොතීති වෙදිතබ‍්බං.

එසේම පළමුවැන්නෙන් සුඛාස්වාදයට හේතුවන බැවින් තෘෂ්ණා සංක්ලේශයේ ප්‍රහාණය දක්වන ලදී. ඇති තතු දුක නොදන්නාහු එය පවත්වාගැනීම පිණිස දුසිරිතෙහි හැසිරෙති. (එහෙයින්) දෙවැන්නෙන් දුශ්චරිත සංක්ලේශයේ ප්‍රහාණය දක්වන ලදී. අනිත්‍ය වශයෙන් දකින්නහුගේ දෘෂ්ටි සංක්ලේශය අභාවයෙන් ද දෘෂ්ටි සංක්ලේශයට අවිද්‍යාව නිමිති වන බැවින් ද අදුක්ඛමසුඛ වේදනාව අවිද්‍යාව නිමිතිකොට ඇති බැවින් ද තෙවැන්නෙන් දෘෂ්ටි සංක්ලේශයේ ප්‍රහාණය දක්වන ලදී. පළමුවැන්නෙන් විපරිණාම දුක්ඛ පරිඤ්ඤාව හෝ චෙයි. දෙවැන්නෙන් දුක්ඛදුක්ඛ පරිඤ්ඤාව ද තෙවැන්නෙන් සංඛාර දුක්ඛ පරිඤ්ඤාව ද වෙයි. (නැතහොත්) පළමුවැන්නෙන් ඉෂ්ටාරම්මණ පරිඤ්ඤාව (පිරිසිඳ දැනීම) ද දෙවැන්නෙන් අනිෂ්ටාරම්මණ පරිඤ්ඤාව ද තෙවැන්නෙන් මධ්‍යස්ථාරම්මණ පරිඤ්ඤාව ද වෙයි. තදාරම්මණ ධර්මයන්හි නොඇලුණු කල්හි අරමුණු ද නොඇලුණේම වෙයි. නැතහොත් පළමුවැන්නෙන් රාග ප්‍රහාණය ප්‍රකාශ කිරිමෙන් දුක්ඛානුපස්සනාවෙන් අප්පණිහිත විමොක්ඛය දක්වන ලද්දේය. දෙවැන්නෙන් දෝෂ ප්‍රහාණය ප්‍රකාශ කිරීමෙන් අනිත්‍යානුපස්සනාවෙන් අනිමිත්ත විමෝක්ඛය ද තෙවැන්නෙන් මෝහ ප්‍රහාණය ප්‍රකාශ කිරීමෙන් අනත්තානුපස්සනාවෙන් සුඤ්ඤත විමොක්ඛය ද දක්වන ලද්දේ යයි දතයුතුය.

යතොති යදා, යස‍්මා වා. අරියොති කිලෙසෙහි ආරකා ඨිතො පරිසුද‍්ධො. සම‍්මද‍්දසොති සබ‍්බාසං වෙදනානං චතුන‍්නම‍්පි වා සච‍්චානං අවිපරීතදස‍්සාවී. අච‍්ඡෙච‍්ඡි තණ‍්හන‍්ති වෙදනාමූලකං තණ‍්හං අග‍්ගමග‍්ගෙන ඡින්‍දි, අනවසෙසතො සමුච‍්ඡින්‍දි. විවත‍්තයි සංයොජනන‍්ති දසවිධං සංයොජනං පරිවත‍්තයි, නිම‍්මූලමකාසි. සම‍්මාති හෙතුනා කාරණෙන. මානාභිසමයාති මානස‍්ස දස‍්සනාභිසමයා, පහානාභිසමයා වා. අරහත‍්තමග‍්ගො හි කිච‍්චවසෙන මානං පස‍්සති, අයමස‍්ස දස‍්සනාභිසමයො. තෙන දිට‍්ඨො පන සො තාවදෙව පහීයති දිට‍්ඨවිසෙන දිට‍්ඨසත‍්තානං ජීවිතං විය, අයමස‍්ස පහානාභිසමයො.

යතො යනු යම්කලෙක හෝ යම්හෙයකින් අරියො යනු කෙලෙසුන්ගෙන් දුර සිටියේ, පිරිසිදු වූයේ. සම්මද්දසො යනු සියලු වේදනාවන් හෝ චතුසත්‍යය නොවෙනස් ලෙස දකින්නා. අච්ඡෙච්ඡි තණ්හං යනු වේදනාවට මුල් වූ තණ්හාව අග්‍ර (අර්හත්) මාර්ගයෙන් සින්දේය. අනවසේස වශයෙන් සහමුලින් සින්දේය. වාවත්තයී සංයොජනං යනු දසවිධ සංයෝජන පෙරළා හැරියේය. මුල් නැති කළේය. සම්මා යනු හේතුවෙන්, කාරණයෙන්. මානාභිසමයා යනු මානයේ දර්ශන අභිසමය හෝ ප්‍රහාණ අභිසමය. අර්හත් මාර්ගය වනාහි කෘත්‍ය වශයෙන් මානය දකියි. මේ ඔහුගේ දස්සන අභිසමයයි. එයින් (අර්හත් මාර්ගයෙන්) දක්නා ලද එය (මානය) වනාහි ඍද්ධිමත් නාගයන් දැකීම නිසා ඇතිවන විස කරණකොට එම නාගයන් දක්නා ලද සත්ත්වයන්ගේ ප්‍රාණය (ජීවිතය) නිරුද්ධ වන්නාක් මෙන් (දිට්ඨි විසෙන දිට්ඨසත්තානං ජීවිතං විය) එකෙණෙහිම ප්‍රහීණ වෙයි. මෙය ඔහුගේ ප්‍රහාණ අභිසමයයි.

අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති එවං අරහත‍්තමග‍්ගෙන මානස‍්ස දිට‍්ඨත‍්තා පහීනත‍්තා ච සබ‍්බස‍්සෙව වට‍්ටදුක‍්ඛස‍්ස කොටිසඞ‍්ඛාතං අන‍්තං පරිච‍්ඡෙදං පරිවටුමං අකාසි, අන‍්තිමසමුස‍්සයමත‍්තාවසෙසං දුක‍්ඛමකාසීති වුත‍්තං හොති.

අන්තමකාසි දුක්‍ඛස්ස යනු මෙසේ අර්හත් මාර්ගයෙන් මානය දක්නා ලද බැවින් ද ප්‍රහීණ වූ බැවින් ද සියලුම සංසාර දුක්ඛයාගේ කෙළවර නම් වූ අන්තය පිරිසිඳීම වටකිරීම කළේය. දුක අන්තිම ශරීරයට පමණක් ඉතිරි කළේයයි කියන ලද්දේ වෙයි.

ගාථාසු යොති යො අරියසාවකො. අද‍්දාති අද‍්දස, සුඛවෙදනං දුක‍්ඛතො පස‍්සීති අත්‍ථො. සුඛවෙදනා හි විසමිස‍්සං විය භොජනං පරිභොගකාලෙ අස‍්සාදං දදමානා විපරිණාමකාලෙ දුක‍්ඛායෙවාති. දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතොති යථා සල‍්ලං සරීරං අනුපවිසන‍්තම‍්පි පවිට‍්ඨම‍්පි උද‍්ධරියමානම‍්පි පීළමෙව ජනෙති, එවං දුක‍්ඛවෙදනා උප‍්පජ‍්ජමානාපි ඨිතිප‍්පත‍්තාපි භිජ‍්ජමානාපි විබාධතියෙවාති තං සල‍්ලතො විපස‍්සීති වුත‍්තං. අද‍්දක‍්ඛි නං අනිච‍්චතොති සුඛදුක‍්ඛතො සන‍්තසභාවතාය සන‍්තතරජාතිකම‍්පි නං අදුක‍්ඛමසුඛං අනිච‍්චන‍්තිකතාය අනිච‍්චතො පස‍්සි.

ගාථාවන්හි - යො යනු යම් ආර්ය ශ්‍රාවකයෙක්. අද්දක්‍ඛි යනු දුටුවේය. සැප වේදනාව දුක් වශයෙන් දුටුවේය යන අර්ථයි. සැප වේදනාව වනාහි විෂ මිශ්‍ර ආහාරයක් මෙන් පරිභෝග කාලයෙහි ආශ්වාදය දෙමින් වෙනස් වූ කාලයෙහි දුකම වෙයි. දුක්‍ඛමද්දක්‍ඛි සල්ලතො යනු උලක් ශරීරයට ඇතුල්වීමත්, (සිරුරෙහි) තිබීමත්, (සිරුරෙන්) උදුරා දැමීමත් පීඩාවක්ම ඇතිකරන්නේ යම් සේ ද එසේම දුක් වේදනාව ඉපදීමද පැවතීමද බිඳීයාම ද බාධා කරන්නේමය. එය උලක් වශයෙන් දුටුවේයයි කියන ලදී. අද්දක්‍ඛි නං අනිච්චතො යනු සැප දුක් දෙකට වඩා ශාන්ත ස්වභාවය ඇති බැවින් වඩා ශාන්ත වූ ඒ අදුක්ඛමසුඛය අනිත්‍යය කෙළවර කොට ඇති බැවින් අනිත්‍ය වශයෙන් දුටුවේය.

ස වෙ සම‍්මද‍්දසොති සො එවං තිස‍්සන‍්නං වෙදනානං සම‍්මදෙව දුක‍්ඛාදිතො දස‍්සාවී. යතොති යස‍්මා. තත්‍ථාති වෙදනායං. විමුච‍්චතීති සමුච‍්ඡෙදවිමුත‍්තිවසෙන විමුච‍්චති. ඉදං වුත‍්තං හොති – යස‍්මා සුඛාදීනි දුක‍්ඛාදිතො අද‍්දස, තස‍්මා තත්‍ථ වෙදනාය තප‍්පටිබද‍්ධඡන්‍දරාගප‍්පහානෙන සමුච‍්ඡෙදවසෙන විමුච‍්චති. යංසද‍්දෙ හි වුත‍්තෙ තංසද‍්දො ආහරිත්‍වා වත‍්තබ‍්බො. අථ වා යතොති කායවාචාචිත‍්තෙහි සංයතො යතත‍්තො, යතති පදහතීති වා යතො, ආයතතීති අත්‍ථො. අභිඤ‍්ඤාවොසිතොති වෙදනාමුඛෙන චතුසච‍්චකම‍්මට‍්ඨානං භාවෙත්‍වා ඡට‍්ඨාභිඤ‍්ඤාය පරියොසිතො කතකිච‍්චො. සන‍්තොති රාගාදිකිලෙසවූපසමෙන සන‍්තො. යොගාතිගොති කාමයොගාදිං චතුබ‍්බිධම‍්පි යොගං අතික‍්කන‍්තො. උභයහිතමුනනතො මුනීති.

සවෙ සම්මදසො යනු හෙතෙම මෙසේ ත්‍රිවිධ වේදනාවන් මනාව දුක් ආදී වශයෙන් දකින්නේ. යතො යනු යම්හෙයකින්. තත්‍ථ යනු වේදනාවෙහි. විමුච්චති යනු සමුච්ඡේද විමුක්ති වශයෙන් මිදෙයි. යම්හෙයකින් සැප ආදිය දුක් ආදී වශයෙන් දුටුවේ ද එහෙයින් ඒ වේදනාව හා බැඳුණු ඡන්‍දරාග ප්‍රහාණයෙන් සමුච්ඡේද වශයෙන් ඒ වේදනාවෙන් මිදෙයි යන්න කියන ලදී. ‘යං’ ශබ්දය කී කල්හි ‘තං’ ශබ්දය ගෙනවුත් කිවයුතුය. නැතහොත් ‘යතො’ යනු කයින්-වචනයෙන්-සිතින් සංයත වූයේ හික්මුණේ. උත්සාහ කරයි, බලවත් ලෙස උත්සාහ කරයි යන අරුතින් යත නම් වේ. උත්සාහ කෙරෙයි යන අර්ථයයි. අභිඤ්ඤා වොසිතො යනු වේදනා මුඛයෙන් චතුසත්‍ය කර්මස්ථානය වඩා ෂට් අභිඥාවෙන් නිමවන ලද කෘත්‍ය ඇති. සන්තො යනු රාගාදී කෙලෙස් සන්සිඳුවීමෙන් ශාන්ත වූ. යොගාතිගො යනු කාමයෝගාදී සතර වැදෑරුම් යෝගය ඉක්මවූ. (ලෞකික ලෝකෝත්තර වූ) උභය යහපත අවබෝධ කිරීමෙන් මුනි නම් වේ.

චතුත්‍ථසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිවුවන සූත්‍රයයි.

5. පඨමඑසනාසුත‍්තවණ‍්ණනා

5. ප්‍රථම එෂණා සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ එසනාති ගවෙසනා පරියෙසනා මග‍්ගනා. තා විභාගතො දස‍්සෙතුං “කාමෙසනා”තිආදි වුත‍්තං. තත්‍ථ කාමෙසනාති කාමානං එසනා, කාමසඞ‍්ඛාතා වා එසනා කාමෙසනා. වුත‍්තඤ‍්හෙතං –

පස්වන සූත්‍රයෙහි එසනා යනු ගවේෂණයයි. පර්යේෂණයයි. සෙවීමයි. එය විභාග වශයෙන් දක්වන්නට ‘කාමෙසනා’ යනාදිය කියන ලදී. එහි කාමෙසනා යනු කාමයන් සෙවීම හෝ කාම කොටස් සෙවීම හෝ කාමෙසනාව ය. මේ කාරණය මෙසේ කියන ලදී :

“තත්‍ථ කතමා කාමෙසනා? යො කාමෙසු කාමච‍්ඡන්‍දො, කාමරාගො, කාමනන්‍දී, කාමස‍්නෙහො, කාමපිපාසා, කාමමුච‍්ඡා, කාමජ‍්ඣොසානං, අයං වුච‍්චති කාමෙසනා”ති (විභ· 919).

‘තත්‍ථ කතමා කාමෙසනා? යො කාමෙසු කාමච්ඡන්‍දො කාමරාගො කාම නන්‍දි කාම සිනෙහො කාම පිපාසා කාම මුච්ඡා කාමජ්ඣොසානං අයං වුච්චති කාමෙසනා’ ‘එහි කාමේසනාව යනු කුමක් ද? කාමයන්හි යම් කාමච්ඡන්‍දයක් වේද කාමරාගයක් වේද කාම නදියක් වේද කාම ස්නේහයක් වේද කාම පිපාසයක් වේද කාම මූර්ඡාවක් වේද කාමජ්ඣොසානයක් (කාමයට බලවත් ඇල්මක්) වේද මෙය කාමේසනාව යයි කියනු ලැබේ.’

තස‍්මා කාමරාගො කාමෙසනාති වෙදිතබ‍්බො. භවෙසනායපි එසෙව නයො. වුත‍්තම‍්පි චෙතං –

එහෙයින් කාමරාගය කාමේසනාව යයි දතයුතුය. භවේසනාවෙහි ද මේ ක්‍රමයම ය. මේ කාරණය ද මෙසේ කියන ලදී -

“තත්‍ථ කතමා භවෙසනා? යො භවෙසු භවච‍්ඡන්‍දො…පෙ… භවජ‍්ඣොසානං, අයං වුච‍්චති භවෙසනා”ති (විභ· 919).

‘තත්‍ථ කතමා භවෙසනා? සො භවෙසු භවච්ඡන්‍දො -පෙ භවජ්ඣොසානං අයං වුච්චති භවෙසනා’ ‘එහි භවේසනාව යනු කුමක් ද? භවයන්හි යම් භවච්ඡන්‍දයක් වේද - පෙ- භවජ්ඣොසානයක් වේද මෙය භවේසනාව යයි කියනු ලැබේ.’

තස‍්මා භවෙසනරාගො රූපාරූපභවපත්‍ථනා භවෙසනාති වෙදිතබ‍්බා. බ්‍රහ‍්මචරියස‍්ස එසනා බ්‍රහ‍්මචරියෙසනා. යථාහ –

එහෙයින් භවය සොයන රාගය රූප අරූප භව පැතීම භවේසනාව යයි දතයුතුය. බ්‍රහ්මචරිය පිළිබඳ සෙවීම බ්‍රහ්මචරියෙසනා නම් වේ.

“තත්‍ථ කතමා බ්‍රහ‍්මචරියෙසනා? සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා, අන‍්තවා ලොකොති වා, අනන‍්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා, හොති තථාගතො පරං මරණාති වා, න හොති තථාගතො පරං මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරං මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරං මරණාති වා, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසග‍්ගාහො, අයං වුච‍්චති බ්‍රහ‍්මචරියෙසනා”ති (විභ· 919).

‘එහි බ්‍රහ්මචරිය පිළිබඳ සෙවීම යනු කුමක් ද? ලෝකය ශාස්වතය කියා හෝ ලෝකය අශාස්වතය කියා හෝ ලෝකය අන්තවත්ය කියා හෝ ලෝකය අනන්තවත්ය කියා හෝ ආත්මයත් ශරීරයත් එකකැයි කියා හෝ ආත්මය අනිකකි, ශරීරය අනිකකි කියා හෝ සත්ත්වයා මරණින් පසු වෙයි කියා හෝ සත්ත්වයා මරණින් පසු නොවෙයි කියා හෝ සත්ත්වයා මරණින් පසු වෙයි ද නොවෙයි ද කියා හෝ සත්ත්වයා මරණින් පසු නොවෙයි, නොවන්නේ නොවෙයි කියා හෝ මෙබඳු වූ යම් (අසත්‍ය ලෙස දැකීම් අරුතින්) දෘෂ්ටියක්, (දෙසැටක් දෘෂ්ටිවලට) ඇතුළත් හෙයින්) දෘෂ්ටිගතයක් (වනගහනයක් මෙන් ඉක්මවීමට අපහසු හෙයින්) දෘෂ්ටි ගහනයක්, (සොරුන් ඇති, ජලය නැති කාන්තාරයක මෙන් සැක බිය ඇති හෙයින්) දෘෂ්ටි කාන්තාරයක්, (සම්මා දිට්ඨියෙන් විනිවිද දැකීමට විරුද්ධ අර්ථයෙන්) දෘෂ්ටි විසූකයක්, (දෘෂ්ටියෙන් විරූප ලෙස සෙලවුණු හෙයින්) දෘෂ්ටි විස්ඵන්දිතයක්, (අනිත්‍ය දේ නිත්‍යය ආදී වශයෙන් දැඩි ලෙස ගැනීම වූ) දෘෂ්ටි අභිනිවේශයක්, (අනිත්‍ය දේ නිත්‍යය ආදී වශයෙන් ගැනීම වූ) පරාමාසයක්, (වැරදි මගට බැසගත් හෙයින්) කුම්මග්ගයක්, (වැරදි මාර්ගයක් හෙයින්) මිච්ඡාපථයක්, (බොරු බවක් හෙයින්) මිච්ඡත්තයක්, (දෘෂ්ටි උපදින තැනක් හෙයින්) තිත්‍ථායතනයක්, (වැරදි ලෙස ගැනීමක් හෙයින්) විපරියෙසගාහයක් වේද බ්‍රහ්මචරියෙසනාව යයි කියනු ලැබේ.

තස‍්මා දිට‍්ඨිගතසම‍්මතස‍්ස බ්‍රහ‍්මචරියස‍්ස එසනා දිට‍්ඨිබ්‍රහ‍්මචරියෙසනාති වෙදිතබ‍්බාති. එත‍්තාවතා රාගදිට‍්ඨියො එසනාති දස‍්සිතා හොන‍්ති. න කෙවලඤ‍්ච රාගදිට‍්ඨියොව එසනා, තදෙකට‍්ඨං කම‍්මම‍්පි. වුත‍්තම‍්පි චෙතං –

එහෙයින් දෘෂ්ටිගත සම්මතය ඇති බ්‍රහ්මචරිය පිළිබඳ සෙවීම දිට්ඨි බ්‍රහ්මචරියේසනාව යයි දතයුතුය. මෙපමණකින් රාග දෘෂ්ටීහු ඒසනාව යයි දක්වන ලද්දාහු වෙති. හුදෙක් රාග දෘෂ්ටීම ඒසනාව නොවේ. එය හා එක්ව සිටි කර්මය ද ඒසනා නම්වේ. මේ කාරණය මෙසේ කියන ලදී -

“තත්‍ථ කතමා කාමෙසනා? කාමරාගො තදෙකට‍්ඨං අකුසලං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, අයං වුච‍්චති කාමෙසනා. තත්‍ථ කතමා භවෙසනා? භවරාගො තදෙකට‍්ඨං අකුසලං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, අයං වුච‍්චති භවෙසනා. තත්‍ථ කතමා බ්‍රහ‍්මචරියෙසනා? අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි තදෙකට‍්ඨං අකුසලං කායකම‍්මං, වචීකම‍්මං, මනොකම‍්මං, අයං වුච‍්චති බ්‍රහ‍්මචරියෙසනා”ති (විභ· 919) –

‘තත්‍ථකතමා කාමෙසනා? කාමරාගො තදෙකට්ඨං අකුසලං කායකම්මං වචීකම්මං මනොකම්මං අයං වුච්චති කාමෙසනා’ ‘එහි කාමේසනාව කුමක්ද? කාමරාගය ද එය හා එක්ව සිටි අකුශල කාය කර්මය වචී කර්මය මනෝ කර්මය යන මෙය කාමේසනාව යයි කියනු ලැබේ. ‘තත්‍ථ කතමා භවෙසනා? භවරාගො තදෙකට්ඨං අකුසලං කායකම්මං වචීකම්මං මනොකම්මං අයං වුච්චති භවෙසනා’ ‘එහි භවේසනාව කුමක්ද? භවරාගය ද එය හා එක්ව සිටි අකුසල කාය කර්මය වචී කර්මය මනෝ කර්මය යන මෙය භවේසනාව යයි. කියනු ලැබේ.’ ‘තත්‍ථ කතමා බ්‍රහ්මචරියෙසනා? අන්තග්ගාහිකා දිට්ඨි තදෙකට්ඨං අකුසලං කායකම්මං වචීකම්මං මනොකම්මං අයං වුච්චති බ්‍රහ්මචරියෙසනා?’ ‘එහි බ්‍රහ්මචරියේසනාව කුමක් ද? අන්තග්ගාහික දෘෂ්ටිය ද එය හා එක්ව සිටි අකුශල කාය කර්මය වචී කර්මය මනෝ කර්මය යන මෙය බ්‍රහ්මචරියේසනාවයයි කියනු ලැබේ’

එවමෙතා තිස‍්සො එසනා වෙදිතබ‍්බා.

යනුවෙන් මෙසේ මේ ඒසනා තුන දතයුතුය.

ගාථාසු සම‍්භවන‍්ති එත්‍ථ එසනානං උප‍්පත‍්තිහෙතුභූතා අවිජ‍්ජාදයො තණ‍්හා චාති සම‍්භවො, සමුදයොති අත්‍ථො. යත්‍ථ චෙතා නිරුජ‍්ඣන‍්තීති බ්‍රහ‍්මචරියෙසනා පඨමමග‍්ගෙන නිරුජ‍්ඣති, කාමෙසනා අනාගාමිමග‍්ගෙන, භවෙසනා අරහත‍්තමග‍්ගෙන නිරුජ‍්ඣතීති වෙදිතබ‍්බං. සෙසං වුත‍්තනයමෙව.

ගාථාවන්හි - සම්භවං යන මෙහි ඒසනාවන්ගේ උත්පත්තියට හේතු වූ අවිද්‍යාදිය හෝ තණ්හාව හෝ සම්භවයයි. සමුදය හටගැනීම) යන අර්ථයි. යත්‍ථ චෙතා නිරුජ්ඣන්ති යනු බ්‍රහ්මචරිය ඒසනාව ප්‍රථම මාර්ග ඥානයෙන් (සෝවාන් මාර්ග ඥානයෙන්) නිරුද්ධ වෙයි. කාමේසනාව අනාගාමි මාර්ග ඥානයෙන් නිරුද්ධ වෙයි. භවේසනාව අර්හත් මාර්ගයෙන් නිරුද්ධ වෙයි යනුවෙන් දතයුතුය. ඉතිරිය කියන ලද ආකාරයෙන්මය.

පඤ‍්චමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන සූත්‍රයයි.

6. දුතියඑසනාසුත‍්තවණ‍්ණනා

6. දෙවෙනි එෂණා සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ බ්‍රහ‍්මචරියෙසනා සහාති බ්‍රහ‍්මචරියෙසනාය සද‍්ධිං. විභත‍්තිලොපෙන හි අයං නිද‍්දෙසො, කරණත්‍ථෙ වා එතං පච‍්චත‍්තවචනං. ඉදං වුත‍්තං හොති “බ්‍රහ‍්මචරියෙසනාය සද‍්ධිං කාමෙසනා, භවෙසනාති තිස‍්සො එසනා”ති. තාසු බ්‍රහ‍්මචරියෙසනං සරූපතො දස‍්සෙතුං “ඉතිසච‍්චපරාමාසො, දිට‍්ඨිට‍්ඨානා සමුස‍්සයා”ති වුත‍්තං. තස‍්සත්‍ථො – ඉති එවං සච‍්චන‍්ති පරාමාසො ඉතිසච‍්චපරාමාසො. ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤන‍්ති දිට‍්ඨියා පවත‍්තිආකාරං දස‍්සෙති. දිට‍්ඨියො එව සබ‍්බානත්‍ථහෙතුභාවතො දිට‍්ඨිට‍්ඨානා. වුත‍්තඤ‍්හෙතං – “මිච‍්ඡාදිට‍්ඨිපරමාහං, භික‍්ඛවෙ, වජ‍්ජං වදාමී”ති (අ· නි· 1.310). තා එව ච උපරූපරි වඩ‍්ඪමානා ලොභාදිකිලෙසසමුස‍්සයෙන ච සමුස‍්සයා, “ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ”න‍්ති මිච‍්ඡාභිනිවිසමානා සබ‍්බානත්‍ථහෙතුභූතා කිලෙසදුක‍්ඛූපචයහෙතුභූතා ච දිට‍්ඨියො බ්‍රහ‍්මචරියෙසනාති වුත‍්තං හොති. එතෙන පවත‍්තිආකාරතො නිබ‍්බත‍්තිතො ච බ්‍රහ‍්මචරියෙසනා දස‍්සිතාති වෙදිතබ‍්බා.

සයවැනි සූත්‍රයෙහි බ්‍රහ්මචරියෙසනා සහ යනු බ්‍රහ්මචරියෙසනාය සද්ධිං, විභක්ති ලෝපයෙන් මෙය දක්වා ඇත. මෙය කරණ අර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනය හෝ වෙයි. බ්‍රහ්මචරියේසනාව සමග කාමේසනාව භවේසනාවදැයි ඒසනා තුනකි යන මෙය කියන ලද්දේ වෙයි. ඒවා අතරින් බ්‍රහ්මචරියේසනාව ස්වරූප වශයෙන් දක්වන්නට ඉති සච්චපරාමාසො දිට්ඨිට්ඨානා සමුස්සයා යනුවෙන් කියන ලදී. එහි අර්ථය ඉති එවං සච්චන්ති පරාමාසො = ඉතිසච්ච පරාමාසො. මෙයම සත්‍යය, අනිත්වා අසත්‍යයයි දෘෂ්ටිය පැවති ආකාරය දක්වයි. දෘෂ්ටීහුම සියලු අනර්ථයනට හේතුවන බැවින් දිට්ඨිට්ඨාන නම් වෙති. ‘මිච්ඡාදිට්ඨි පරමාහං භික්‍ඛවෙ වජ්ජං වදාමි’ ‘මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය ඉහළම වරදයයි මම කියමි’ යනුවෙන් ඒ කාරණය කියන ලදී. ඒ මිථ්‍යාදෘෂ්ටියම මතු මත්තෙහි වැඩෙමින් ලෝභාදී කෙලෙස් සමූහ වශයෙන් උපදවන්නා වූ මෙම සත්‍යයය අනිත්වා අසත්‍යයයි මිථ්‍යාවට බැසගන්නා වූ සියලු අනර්ථයන්ට හේතු වූ කෙලෙස් දුක් ඉපදවීමට හේතු වූ දෘෂ්ටීහු බ්‍රහ්මචරියේසනාව යයි කියන ලද්දේ වෙයි. මෙයින් පවතින ආකාර වශයෙන් ද ඉපදීම් වශයෙන් ද බ්‍රහ්මචරියේසනාව දක්වන ලදැයි දතයුතුය.

සබ‍්බරාගවිරත‍්තස‍්සාති සබ‍්බෙහි කාමරාගභවරාගෙහි විරත‍්තස‍්ස. තතො එව තණ‍්හක‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ විමුත‍්තත‍්තා තණ‍්හක‍්ඛයවිමුත‍්තිනො අරහතො. එසනා පටිනිස‍්සට‍්ඨාති කාමෙසනා, භවෙසනා ච සබ‍්බසො නිස‍්සට‍්ඨා පහීනා. දිට‍්ඨිට‍්ඨානා සමූහතාති බ්‍රහ‍්මචරියෙසනාසඞ‍්ඛාතා දිට‍්ඨිට‍්ඨානා ච පඨමමග‍්ගෙනෙව සමුග‍්ඝාතිතා. එසනානං ඛයාති එවමෙතාසං තිස‍්සන‍්නං එසනානං ඛයා අනුප‍්පාදනිරොධා භින‍්නකිලෙසත‍්තා. භික‍්ඛූති ච සබ‍්බසො ආසාභා වා. නිරාසොති ච දිට‍්ඨෙකට‍්ඨස‍්ස විචිකිච‍්ඡාකථංකථාසල‍්ලස‍්ස පහීනත‍්තා අකථංකථීති ච වුච‍්චතීති.

සබ්බරාග විරත්තස්ස යනු සියලුම කාමරාග භවරාගයන්හි නොඇලුණු එහෙයින්ම තෘෂ්ණාව ක්‍ෂය කිරීම නම් වූ නිවනෙහි (නිවන අරමුණු කොට) කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් තණ්හක්‍ඛය විමුත්තිනො තණ්හක්‍ඛය විමුත්ති නම් වූ රහතන් වහන්සේ විසින්. එසනා පටිනිස්සට්ඨා යනු කාමේසනාව ද භවේසනාව ද සියලු ආකාරයෙන් අත්හරින ලදී. පහකරන ලදී. දිට්ඨිට්ඨානා සමූහතා යනු බ්‍රහ්මචරිය ඒසනාව නම් වූ දෘෂ්ටි ද ප්‍රථම (සෝවාන්) මාර්ගයෙන්ම නසන ලදී. එසනානං ඛයා යනු මෙසේ මේ ඒසනා තුන ක්‍ෂය කිරිමෙන්, නැවත නූපදින ලෙස නිරෝධයට පත්කිරීමෙන්. බිඳුණු කෙලෙස් ඇති බැවින් භික්‍ඛු භික්‍ෂුව යයි ද සියලු ආකාරයෙන් ආශාවන් නැති බැවින් නිරාසො ආශා නැත්තෙක් යයි ද (සක්කාය) සමග යෙදුණු කෙසේද කෙසේදැයි යනුවෙන් පැවති සැකය ද කෙසේද යන (සැකය නම් වූ සිතෙහි ඇනුණු) උල ද පහ වූ බැවින් අකථංකථි යයි ද කියනු ලැබේ.

ඡට‍්ඨසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවැනි සූත්‍රයයි.

7. පඨම ආසවසුත‍්තවණ‍්ණනා

7. ප්‍රථම ආස්‍රව සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ කාමාසවොති කාමෙසු ආසවො, කාමසඞ‍්ඛාතො වා ආසවො කාමාසවො, අත්‍ථතො පන කාමරාගො රූපාදිඅභිරති ච කාමාසවො. රූපාරූපභවෙසු ඡන්‍දරාගො ඣානනිකන‍්ති සස‍්සතදිට‍්ඨිසහගතො රාගො භවපත්‍ථනා ච භවාසවො. අවිජ‍්ජාව අවිජ‍්ජාසවො.

සත්වන සූත්‍රයෙහි කාමාසවො යනු කාමයන්හි ආසවයයි. නැතහොත් කාම නම් වූ ආසවය = කාමාසවයයි. අර්ථ වශයෙන් වනාහි කාමරාගය ද රූපාදියෙහි ඇල්ම ද කාමාසවය යි. රූප අරූප භවයන්හි ඡන්‍දරාගය ද ධ්‍යානයට ඇති ආශාව ද ශාස්වත දෘෂ්ටි සහගත රාගය ද භව ප්‍රාර්ථනාව ද භවාසවො භවාසවයයි. අවිද්‍යාවම අවිජ්ජාසවො අවිද්‍යාසවයයි.

ආසවානඤ‍්ච සම‍්භවන‍්ති එත්‍ථ අයොනිසොමනසිකාරො අවිජ‍්ජාදයො ච කිලෙසා ආසවානං සම‍්භවො. වුත‍්තඤ‍්හෙතං –

ආසවානඤ්ච සම්භවං යන මෙහි අයොනිසො මනසිකාරයද (අනුවණින් මෙනෙහි කිරීම) අවිද්‍යාදී කෙලෙස් ද ආසවයන්ගේ හටගැනීමයි. මේ කාරණය මෙසේ කියන ලදී -

“අයොනිසො, භික‍්ඛවෙ, මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව ආසවා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච ආසවා පවඩ‍්ඪන‍්තී”ති (ම· නි· 1.15).

‘අයොනිසො භික්‍ඛවෙ මනසිකරොතො අනුප්පන්නා, චෙව ආසවා උප්පජ්ජන්ති උප්පන්නාච ආසවා පවඩ්ඪන්ත’ ‘මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නාගේ නූපන් ආසව ද උපදී. උපන් ආසව ද වැඩෙයි.

“අවිජ‍්ජා, භික‍්ඛවෙ, පුබ‍්බඞ‍්ගමා අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා අන්‍වදෙව අහිරිකං අනොත‍්තප‍්ප”න‍්ති (ඉතිවු· 40) ච.

‘අවිජ්ජා භික්‍ඛවෙ පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තියා අන්‍වදෙව අහිරිකං අනොත්තප්පං’ ‘මහණෙනි, අවිද්‍යාව අකුශල ධර්මයන්ගේ පැමිණීමට පෙරටු වෙයි. අහිරික අනොත්තප්පයට ද පෙරටු වෙයි.

මග‍්ගඤ‍්ච ඛයගාමිනන‍්ති ආසවානං ඛයගාමිනං අරියමග‍්ගඤ‍්ච. තත්‍ථ කාමාසවො අනාගාමිමග‍්ගෙන පහීයති, භවාසවො අවිජ‍්ජාසවො ච අරහත‍්තමග‍්ගෙන. කාමුපාදානං විය කාමාසවොපි අග‍්ගමග‍්ගවජ‍්ඣොති ච වදන‍්ති. සෙසං වුත‍්තනයමෙව.

මග්ගඤ්ච ඛයගාමිනං යනු ආශ්‍රවයන් ක්‍ෂය කරන්නා වූ ආර්ය මාර්ගය ද, එහි කාමාසවය අනාගාමි මාර්ගයෙන් පහවෙයි. භවාසවය ද අවිද්‍යාසවය ද අර්හත් මාර්ගයෙන් පහවෙයි. කාම උපාදානය මෙන් කාමාසවය ද අග්‍ර (අර්හත්) මාර්ගයෙන් විනාශ කළයුතු යයි ද කියති. ඉතිරිය කියන ලද අයුරින්ම ය.

සත‍්තමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වන සූත්‍රයයි.

8. දුතිය ආසවසුත‍්තවණ‍්ණනා

8. ද්විතීය ආස්‍රව සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අපුබ‍්බං නත්‍ථි.

අටවන සූත්‍රයෙහි පෙර නො කියන ලද්දක් නැත.

9. තණ‍්හාසුත‍්තවණ‍්ණනා

9. තෘෂ්ණා සූත්‍ර වර්ණනාව

නවමෙ තණ‍්හායනට‍්ඨෙන තණ‍්හා, රූපාදිවිසයං තසතීති වා තණ‍්හා. ඉදානි තං විභජිත්‍වා දස‍්සෙතුං “කාමතණ‍්හා”තිආදි වුත‍්තං. තත්‍ථ පඤ‍්චකාමගුණිකො රාගො කාමතණ‍්හා. රූපාරූපභවෙසු ඡන්‍දරාගො ඣානනිකන‍්ති සස‍්සතදිට‍්ඨිසහගතො රාගො භවවසෙන පත්‍ථනා ච භවතණ‍්හා. උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො විභවතණ‍්හා. අපිච පච‍්ඡිමතණ‍්හාද‍්වයං ඨපෙත්‍වා සෙසා සබ‍්බාපි තණ‍්හා කාමතණ‍්හා එව. යථාහ –

නවවන සූත්‍රයෙහි - තෘෂ්ණා කිරීම් අර්ථයෙන් = තණ්හා නමි. රුපාදි අරමුණට ආශාකරයි යන අරුතින් හෝ තණ්හා නමි. දැන් එය බෙදා දක්වන්නට ‘කාම තණ්හා’ යනාදිය කියන ලදී. එහි පංචකාම ගුණයට අයත් රාගය කාමතණ්හා නමි. රූප අරූප භවයන්හි ඡන්‍දරාගය, ධ්‍යානයට ඇති ආශාව ද ශාශ්වත දෘෂ්ටි සහගත රාගය ද භව වශයෙන් පැතීම ද භවතණ්හා නමි. උච්ඡේද දෘෂ්ටි සහගත රාගය විභව තණ්හා නමි. තවද අවසන් තණ්හා දෙක හැර සෙසු සියලුම තණ්හා කාම තණ්හාමය. එය මෙසේ වදාළහ -

“තත්‍ථ කතමා භවතණ‍්හා? සස‍්සතදිට‍්ඨිසහගතො රාගො සාරාගො චිත‍්තස‍්ස සාරාගො – අයං වුච‍්චති භවතණ‍්හා. තත්‍ථ කතමා විභවතණ‍්හා? උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො සාරාගො චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති විභවතණ‍්හා. අවසෙසා තණ‍්හා කාමතණ‍්හා”ති (විභ· 916).

‘එහි භව තණ්හාව යනු කුමක්ද? ශාස්වත දෘෂ්ටි සහගත රාගයක් බලවත් රාගයක්, සිතේ බලවත් රාගයක් වේද මේ භව තණ්හාව යයි කියනු ලැබේ. එහි විභව තණ්හාව යනු කුමක්ද? උච්ඡේද දෘෂ්ටි සහගත රාගයක් බලවත් රාගයක් සිතේ බලවත් රාගයක් වේද, මේ විභව තණ්හාව යයි කියනු ලැබේ. (එයින්) අවශේෂ වූ තණ්හාව කාම තණ්හාවය.

ඉමා ච තිස‍්සො තණ‍්හා රූපතණ‍්හා…පෙ… ධම‍්මතණ‍්හාති විසයභෙදතො පච‍්චෙකං ඡබ‍්බිධාති කත්‍වා අට‍්ඨාරස හොන‍්ති. තා අජ‍්ඣත‍්තරූපාදීසු අට‍්ඨාරස, බහිද‍්ධාරූපාදීසු අට‍්ඨාරසාති ඡත‍්තිංස, ඉති අතීතා ඡත‍්තිංස, අනාගතා ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නා ඡත‍්තිංසාති විභාගතො අට‍්ඨසතං හොන‍්ති. පුන සඞ‍්ගහෙ කරියමානෙ කාලභෙදං අනාමසිත්‍වා ගය‍්හමානා ඡත‍්තිංසෙව හොන‍්ති, රූපාදීනං අජ‍්ඣත‍්තිකබාහිරවිභාගෙ අකරියමානෙ අට‍්ඨාරසෙව, රූපාදිආරම‍්මණවිභාගමත‍්තෙ ගය‍්හමානෙ ඡළෙව, ආරම‍්මණවිභාගම‍්පි අකත්‍වා ගය‍්හමානා තිස‍්සොයෙව හොන‍්තීති.

මේ තෘෂ්ණා තුන ද රූප තණ්හා -පෙ- ධම්ම තණ්හා යන අරමුණු භේදයෙන් වෙන් වෙන්ව සයවැදෑරුම් කොට දහඅටක් වෙයි. ඒවා ආධ්‍යාත්මික රූපාදියෙහි දහඅටක් ද බාහිර රූපාදියෙහි දහඅටක්දැයි තිස්හයක් වෙයි. මෙසේ අතීතයට තිස්හයක් ද අනාගතයට තිස්හයක් ද වර්තමානයට තිස්හයක්දැයි විභාග වශයෙන් එකසිය අටක් වෙයි. නැවත (ආපසු) සංග්‍රහ කිරීමේදී කාලභේදය නො සිතා ගන්නා වූ තණ්හාව තිස්හයක් වෙයි. රූපාදිය ආධ්‍යාත්මික බාහිර බෙදීම නොකර ගන්නා වූ තණ්හාව දහඅටක් වෙයි. රූපාදී අරමුණු බෙදීම් මාත්‍රයෙන් ගනු ලබන කල්හි හයක්ම වෙයි. අරමුණු බෙදීම ද නොකොට ගන්නා වූ තණ්හාව තුනක්ම වෙයි.

ගාථාසු තණ‍්හායොගෙනාති තණ‍්හාසඞ‍්ඛාතෙන යොගෙන, කාමයොගෙන, භවයොගෙන ච. සංයුත‍්තාති සම‍්බන්‍ධා, භවාදීසු සංයොජිතා වා. තෙනෙවාහ “රත‍්තචිත‍්තා භවාභවෙ”ති. ඛුද‍්දකෙ චෙව මහන‍්තෙ ච භවෙ ලග‍්ගචිත‍්තාති අත්‍ථො. අථ වා භවොති සස‍්සතදිට‍්ඨි, අභවොති උච‍්ඡෙදදිට‍්ඨි. තස‍්මා භවාභවෙ සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨීසු සත‍්තවිසත‍්තචිත‍්තාති. එතෙන භවතණ‍්හා, විභවතණ‍්හා ච දස‍්සිතා. ඉමස‍්මිං පක‍්ඛෙ “තණ‍්හායොගෙනා”ති ඉමිනා කාමතණ‍්හාව දස‍්සිතාති වෙදිතබ‍්බා. තෙ යොගයුත‍්තා මාරස‍්සාති තෙ එවංභූතා පුග‍්ගලා මාරස‍්ස පාසසඞ‍්ඛාතෙන යොගෙන යුත‍්තා බද‍්ධා. රාගො හි මාරයොගො මාරපාසොති වුච‍්චති. යථාහ –

ගාථාවන්හි - තණ්හායොගෙන යනු තණ්හාව නම් වූ යෝගයෙන්, කාමයෝගයෙන් ද භව යෝගයෙන් ද සංයුත්තා යනු සම්බන්ධ වූ නැතහොත් භව ආදියෙහි මනාව යොදන ලද්දා වූ, එහෙයින්ම රත්තචිත්තා භවාභවෙ යනුවෙන් කීහ. කුඩා වූ ද මහත් වූ ද භවයෙහි ලැග ගත් සිත් ඇති යන අර්ථයි. නැතහොත් ‘භවො’ යනු ශාස්වත දෘෂ්ටියයි. ‘අභවො’ යනු උච්ඡේද දෘෂ්ටියයි. එහෙයින් භවාභවෙ ශාස්වත උච්ඡේද දෘෂ්ටිවල ඇලුණු සිත්. මෙයින් භව තණ්හාව ද විභව තණ්හාව ද දක්වන ලදී. මේ කොටස්සෙහි තණ්හා යොගෙන යන මෙයින් කාමතණ්හාව දක්වන ලදැයි දතයුතුය. තෙ යොගයුත්තා මාරස්ස යනු ඒ මෙසේ වූ පුද්ගලයෝ මාරයාගේ පාස (තොණ්ඩුව) නම් වූ යෝගයෙන් යුක්ත වූවාහු බැඳුණාහ. රාගය වනාහි මාරයෝගය, මාරපාස යයි කියනු ලැබේ. එය මෙසේ කියන ලදී.

“අන‍්තලික‍්ඛචරො පාසො, ය‍්වායං චරති මානසො; තෙන තං බාධයිස‍්සාමි, න මෙ සමණ මොක‍්ඛසී”ති. (සං· නි· 1.151; මහාව· 33);

අන්තලික්‍ඛචරො පාසො ය්වායං චරති මානසො තෙන තං බාධයිස්සාමි න මෙ සමණ මොක්‍ඛසි

අහසෙහි හැසිරෙන අය පවා බැඳගන්නා වූ සිතෙහි හටගත්තා වූ යම් මේ රාග නමැති පාශයක් හැසිරේ ද, එයින් ඔබ පෙළන්නෙමි. මහණ, මාගේ විෂයෙන් නොමිදෙන්නෙහිය.

චතූහි යොගෙහි අනුපද‍්දුතත‍්තා යොගක‍්ඛෙමං, නිබ‍්බානං අරහත‍්තඤ‍්ච, තස‍්ස අනධිගමෙන අයොගක‍්ඛෙමිනො. උපරූපරි කිලෙසාභිසඞ‍්ඛාරානං ජනනතො ජනා, පාණිනො. රූපාදීසු සත‍්තා විසත‍්තාති සත‍්තා.

යෝග සතරෙන් උවදුරට පත් නොවූ බැවින් යොගක්‍ඛෙමං, (එනම්) නිවන ද අර්හත්වය ද වෙයි. එය අවබෝධ නොකිරීමෙන් අයොගක්‍ඛෙමිනො වෙයි. මතු මත්තෙහි කෙලෙස් අභිසංස්කාරයන් උපදවන හෙයින් = ජනා ප්‍රාණීහු. රූපාදියෙහි ඇලුණු යන අරුතින් සත්තා නම් වෙයි.

“ඛන්‍ධානඤ‍්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ‍්බොච‍්ඡින‍්නං වත‍්තමානා, සංසාරොති පවුච‍්චතී”ති. –

ඛන්‍ධානං පටිපාටි ධාතු ආයතනාන ච අබ්බොච්ඡින්නං වත්තමානා සංසාරොති පවුච්චති

ස්කන්ධ ධාතු - ආයතන යන මේවායේ පිළිවෙළ නොසිඳී පැවැත්ම සංසාරයයි කියනු ලැබේ.

එවං වුත‍්තං ඛන්‍ධාදීනං අපරාපරුප‍්පත‍්තිසඞ‍්ඛාතං සංසාරං ගච‍්ඡන‍්ති, තතො න මුච‍්චන‍්ති. කස‍්මා? තණ‍්හායොගයුත‍්තත‍්තා. ජාතිමරණගාමිනො පුනප‍්පුනං ජනනමරණස‍්සෙව උපගමනසීලාති. එත‍්තාවතා වට‍්ටං දස‍්සෙත්‍වා ඉදානි විවට‍්ටං දස‍්සෙතුං “යෙ ච තණ‍්හං පහන‍්ත්‍වානා”ති ගාථමාහ. සා හෙට‍්ඨා වුත‍්තනයත‍්තා සුවිඤ‍්ඤෙය්‍යාව.

මෙසේ කියන ලද ස්කන්ධාදීන්ගේ භවයෙන් භවයට යන උත්පත්ති නම් වූ සංසාරං සසරට යති. එයින් නො මිදෙති. කුමක් නිසාද? තණ්හා යෝගයෙන් යුක්ත බැවිනි. ජාති මරණ ගාමිනො නැවත නැවත ඉපදීමටත් මරණයටත් යන සුලු වූ. මෙපමණකින් සසර දක්වා දැන් නිවන දැක්වීමට ‘යෙ ච තණ්හං පහනත්‍වාන’ යන ගාථාව කීහ. ඒ ගාථාව මුලින් කියන ලද ක්‍රමය ඇති බැවින් මැනවින් දත හැක්කේමය.

නවමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවන සූත්‍රයයි.

10. මාරධෙය්‍යසුත‍්තවණ‍්ණනා

10. මාරධෙය්‍ය සූත්‍ර වර්ණනාව

දසමස‍්ස කා උප‍්පත‍්ති? එකදිවසං කිර සත්‍ථා සෙක‍්ඛබහුලාය පරිසාය පරිවුතො නිසින‍්නො තෙසං අජ‍්ඣාසයං ඔලොකෙත්‍වා උපරි විසෙසාධිගමාය උස‍්සාහං ජනෙතුං අසෙක‍්ඛභූමිං ථොමෙන‍්තො ඉදං සුත‍්තං අභාසි. තත්‍ථ අතික‍්කම‍්මාතිආදීසු අයං සඞ‍්ඛෙපත්‍ථො – අතික‍්කම‍්ම අතික‍්කමිත්‍වා අභිභවිත්‍වා. මාරධෙය්‍යං මාරස‍්ස විසයං ඉස‍්සරියට‍්ඨානං. ආදිච‍්චොව යථා ආදිච‍්චො අබ‍්භාදිඋපක‍්කිලෙසවිමුත‍්තො අත‍්තනො ඉද‍්ධියා ආනුභාවෙන තෙජසාති තීහි ගුණෙහි සමන‍්නාගතො නභං අබ‍්භුස‍්සක‍්කමානො සබ‍්බං ආකාසගතං තමං අතික‍්කම‍්ම අතික‍්කමිත්‍වා අභිභවිත්‍වා විධමිත්‍වා විරොචති, ඔභාසති, තපති; එවමෙව ඛීණාසවො භික‍්ඛු තීහි ධම‍්මෙහි සමන‍්නාගතො සබ‍්බුපක‍්කිලෙසවිමුත‍්තො මාරධෙය්‍යසඞ‍්ඛාතං තෙභූමකධම‍්මප‍්පවත‍්තං අභිභවිත්‍වා විරොචතීති.

දසවන සූත්‍රයෙහි උපත කුමක්ද? එක්දිනක් ශාස්තෲන් වහන්සේ ශෛක්‍ෂ පුද්ගලයන්ගෙන් බහුල වූ පිරිසෙන් පිරිවරන ලදුව වැඩහිඳිමින් ඔවුන්ගේ අදහස බලා මත්තෙහි විශේෂ අවබෝධයට උත්සාහය ඇතිකරවන්නට අශෛක්‍ෂ භූමිය පසසමින් මේ සූත්‍රය දේශනා කළහ. එහි ‘අතික්කම්ම’ යනාදියෙහි මේ කෙටි අර්ථය යි. අතික්කම්ම ඉක්මවා මැඩපවත්වා. මාරධෙය්‍යං මාරයාට ආධාරවන තැන, අධිපති තැන. ආදිච්චොව සූර්යයා යම්සේ වලාකුළු ආදී බාධාවන්ගෙන් මිදුණේ තමාගේ ඍද්ධියෙන්, ආනුභාවයෙන්, තේජසින් යන ගුණ තුනෙන් යුක්ත වූයේ අහසට නැගෙමින් මුළු අහසෙහි ඇති අඳුර ඉක්මවා මැඩපවත්වා විනාශ කොට විරොචති බබළයි ද ආලෝකය පතුරුවයි ද මෙසේම ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව ධර්ම තුනකින් යුක්ත වූයේ සියලු බාධාවන්ගෙන් (උපක්ලේශවලින්) මිදුනේ මාරධෙය්‍ය නම් වූ (කාම-රූප-අරූප යන) භූමි තුනට අයත් ධර්මයන්ගේ පැවැත්ම මැඩගෙන බබළයි.

අසෙක‍්ඛෙනාති එත්‍ථ සික‍්ඛාසු ජාතාති සෙක‍්ඛා, සත‍්තන‍්නං සෙක‍්ඛානං එතෙති වා සෙක‍්ඛා, අපරියොසිතසික‍්ඛත‍්තා සයමෙව සික‍්ඛන‍්තීති වා සෙක‍්ඛා මග‍්ගධම‍්මා හෙට‍්ඨිමඵලත‍්තයධම‍්මා ච. අග‍්ගඵලධම‍්මා පන උපරි සික‍්ඛිතබ‍්බාභාවෙන න සෙක‍්ඛාති අසෙක‍්ඛා. යත්‍ථ හි සෙක‍්ඛභාවාසඞ‍්කා අත්‍ථි, තත්‍ථායං පටිසෙධොති ලොකියධම‍්මෙසු නිබ‍්බානෙ ච අසෙක‍්ඛභාවානාපත‍්ති දට‍්ඨබ‍්බා. සීලසමාධිපඤ‍්ඤාසඞ‍්ඛාතා හි සික‍්ඛා අත‍්තනො පටිපක‍්ඛකිලෙසෙහි විප‍්පයුත‍්තා පරිසුද‍්ධා උපක‍්කිලෙසානං ආරම‍්මණභාවම‍්පි අනුපගමනතො සාතිසයං සික‍්ඛාති වත‍්තුං යුත‍්තා, අට‍්ඨසුපි මග‍්ගඵලෙසු විජ‍්ජන‍්ති; තස‍්මා චතුමග‍්ගහෙට‍්ඨිමඵලත‍්තයධම‍්මා විය අරහත‍්තඵලධම‍්මාපි “තාසු සික‍්ඛාසු ජාතා”ති ච, තංසික‍්ඛාසමඞ‍්ගිනො අරහතො ඉතරෙසං විය සෙක‍්ඛත‍්තෙ සති “සෙක‍්ඛස‍්ස එතෙ”ති ච “සික‍්ඛා සීලං එතෙස”න‍්ති ච සෙක‍්ඛාති ආසඞ‍්කා සියුන‍්ති තදාසඞ‍්කානිවත‍්තනත්‍ථං අසෙක‍්ඛාති යථාවුත‍්තසෙක‍්ඛභාවප‍්පටිසෙධං කත්‍වා වුත‍්තං.

අසෙක්‍ඛෙන යන මෙහි ශික්‍ෂාවන්හි උපන් හෙයින් ශෛක්‍ෂ නමි. නැතහොත් ඒ ශික්‍ෂා ශෛක්‍ෂයන් සත්දෙනාගේය යන අරුතින් ද ශෛක්‍ෂ නමි. අවසන් නොකළ ශික්‍ෂා (හික්මීම්) ඇති බැවින් තුමූ ම හික්මෙත් යන අරුතින් ශෛක්‍ෂ නම් වේ. එනම් (සෝවාන් ආදී) මාර්ග ධර්ම (සතර) හා මුලින් ඇති ඵලධර්ම තුනය. අග්‍රඵල ධර්ම (අර්හත්ඵල) වනාහි ඉන් මත්තෙහි හික්මීමක් නැති බැවින් ශෛක්‍ෂ නොවේ යන අරුතින් අශෛක්‍ෂ නම් වේ. යම්තැනක ශෛක්‍ෂභාවය ගැන සැකයක් ඇත්නම් මේ එහි ප්‍රතිශේධයයි ලෞකික ධර්මයන්හි ද නිවනෙහි ද අශෛක්‍ෂ බව තොපැමිණිම දතයුතුය. ශීල-සමාධි-ප්‍රඥා සංඛ්‍යාත ශික්‍ෂා තමන්ට ප්‍රතිවිරුද්ධ කෙලෙස්වලින් තොර වූයේ පිරිසිදු වූයේ උපක්ලේශවල අරමුණු බවටවත් නොඑළඹීමෙන් ඉතා උසස් ශික්‍ෂා යයි කියන්නට සුදුසු වූයේ මාර්ගඵල අටෙහිම විද්‍යාමාන වෙයි. එහෙයින් සතර මාර්ගධර්ම හා මුලින් ඇති තුන් ඵලධර්ම මෙන් අර්හත් ඵලධර්ම ද ඒ ශික්‍ෂාවන්හි උපන්නේ යයි ද ඒ ශික්‍ෂාවෙන් යුක්ත වූ රහතන් වහන්සේට අන් අයට මෙන් ශෛක්‍ෂභාවය ඇතිකල්හි මේ ධර්ම ශෛක්‍ෂයන්ට ඇතැයි ද හික්මෙන ස්වභාවය මොවුන්ට ඇත්තේය යනුවෙන් ද ශෛක්‍ෂය යනුවෙන් සැකයක් ඇතිවූයේ නම් ඒ සැකය නැවැත්වීම පිණිස කියන ලද ශෛක්‍ෂභාවය ප්‍රතික්‍ෂෙප කොට අශෛක්‍ෂ යයි කියන ලදී.

අරහත‍්තඵලෙ පවත‍්තමානා හි සික‍්ඛා පරිනිට‍්ඨිතකිච‍්චත‍්තා න සික‍්ඛාකිච‍්චං කරොන‍්ති, කෙවලං සික‍්ඛාඵලභාවෙන පවත‍්තන‍්ති. තස‍්මා තා න සික‍්ඛාවචනං අරහන‍්ති, නාපි තංසමඞ‍්ගිනො සෙක‍්ඛවචනං, න ච තංසම‍්පයුත‍්තධම‍්මා සික‍්ඛනසීලා. “සික‍්ඛාසු ජාතා”ති එවමාදිඅත්‍ථෙහි අග‍්ගඵලධම‍්මා සෙක‍්ඛා න හොන‍්ති. හෙට‍්ඨිමඵලෙසු පන සික‍්ඛා සකදාගාමිමග‍්ගවිපස‍්සනාදීනං උපනිස‍්සයභාවතො සික‍්ඛාකිච‍්චං කරොන‍්තීති සික‍්ඛාවචනං අරහන‍්ති, තංසමඞ‍්ගිනො ච සෙක‍්ඛවචනං, තංසම‍්පයුත‍්තා ධම‍්මා ච සික‍්ඛනසීලා. සෙක‍්ඛධම‍්මා යථාවුත‍්තෙහි අත්‍ථෙහි සෙක‍්ඛා හොන‍්තියෙව.

අර්හත් ඵලයෙහි පවතින ශික්‍ෂාව වනාහි සම්පූර්ණයෙන් නිම වූ ශික්‍ෂා කෘත්‍යය ඇති බැවින් ශික්‍ෂා කෘත්‍යය නො කරයි. හුදෙක් ශික්‍ෂාඵල භාවයෙන් පවතී. එහෙයින් ඒවා ශික්‍ෂා යන වචනයට නුසුදුසුය. එයින් යුක්ත වූ තැනැත්තාට ශෛක්‍ෂ යන වචනය ද සුදුසු නොවේ. එය හා යෙදුණු ධර්ම හික්මෙන ස්වභාවයෙන් යුක්ත නොවේ. ශික්‍ෂාවන්හි උපන්නේ ද නොවේ යන මේ ආදී අර්ථවලින් අග්‍රඵල ධර්මයෝ ශෛක්‍ෂ නොවෙති. මුලින් ඇති ඵලයන්හි වූ ශික්‍ෂාවෝ සකදාගාමි මාර්ග විදර්ශනාදියට උපනිශ්‍රය (හේතු) භාවයෙන් ශික්‍ෂා කෘත්‍යය කරති යන අර්ථයෙන් ශික්‍ෂා යන වචනයට සුදුසුය. එයින් යුක්ත වූ තැනැත්තාට ද ශෛක්‍ෂ යන වචනය සුදුසුය. එය හා යෙදුණු ධර්ම ද ශෛක්‍ෂ යන වචනයට සුදුසුය. හික්මෙන භාවය ඇත්තේය යනුවෙන් ශෛක්‍ෂ ධර්මයෝ කියන ලද අර්ථවලින් ශෛක්‍ෂයෝ වෙත්මය.

අථ වා සෙක‍්ඛාති අපරියොසිතසික‍්ඛානං වචනන‍්ති, අසෙක‍්ඛාති පදං පරියොසිතසික‍්ඛානං දස‍්සනන‍්ති න ලොකියධම‍්මනිබ‍්බානානං අසෙක‍්ඛභාවාපත‍්ති. වුඩ‍්ඪිප‍්පත‍්තා සෙක‍්ඛා අසෙක‍්ඛා ච සෙක‍්ඛධම‍්මෙසු එව කෙසඤ‍්චි වුඩ‍්ඪිප‍්පත‍්තානං අසෙක‍්ඛතා ආපජ‍්ජතීති අරහත‍්තමග‍්ගධම‍්මා වුඩ‍්ඪිප‍්පත‍්තා. යථාවුත‍්තෙහි ච අත්‍ථෙහි සෙක‍්ඛාති කත්‍වා අසෙක‍්ඛා ආපන‍්නාති චෙ? තං න, සදිසෙසු තබ‍්බොහාරතො. අරහත‍්තමග‍්ගතො හි නින‍්නානාකරණං අරහත‍්තඵලං ඨපෙත්‍වා පරිඤ‍්ඤාදිකිච‍්චකරණං විපාකභාවඤ‍්ච, තස‍්මා තෙ එව සෙක‍්ඛා ධම‍්මා අරහත‍්තඵලභාවං ආපන‍්නාති සක‍්කා වත‍්තුං. කුසලසුඛතො ච විපාකසුඛං සන‍්තතරතාය පණීතතරන‍්ති වුඩ‍්ඪිප‍්පත‍්තාව තෙ ධම‍්මා හොන‍්තීති “අසෙක‍්ඛා”ති වුච‍්චන‍්ති.

නැතහොත් සෙක්‍ඛා (ශෛක්‍ෂ) යනු නො නිමි ශික්‍ෂාවන්ට වචනයකි. අසෙක්‍ඛා (අශෛක්‍ෂ) යන පදය නිම කළ ශික්‍ෂාවන් දක්වයි. ලෞකික ධර්ම හා නිවන අශෛක්‍ෂභාවයට පත් නොවේ. ශෛක්‍ෂයෝ ද අශෛක්‍ෂයෝ ද වෘද්ධියට (වැඩීමට) පත්වූවාහු වෙති. ශෛක්‍ෂ ධර්මයන්හි වෘද්ධියට පත් කිසිවකුගේ අශෛක්‍ෂ බවට පැමිණීම සිදුවෙයි යන අරුතින් වෘද්ධියට පත් අර්හත් මාර්ග ධර්මයෝ කියන ලද අර්ථවලින් ශෛක්‍ෂ කර අශෛක්‍ෂ බවට පැමිණියාහු වේද? සමාන දේ තුළ එම ව්‍යවහාරය ඇති බැවින් එය (එසේ) නොවේ. අර්හත් මාර්ගයෙන් පරිඥා ආදී කෘත්‍යාකරණය ද විපාක බව ද හැර අර්හත්ඵලය නොයෙක් ආකාර නොවේ. එහෙයින් ඒ ශෛක්‍ෂ ධර්මයෝම අර්හත් ඵලභාවයට පැමිණියාහු යයි කීමට හැකිය. කුසල සැපයෙන් විපාක සැපය වඩාත් ශාන්ත බැවින් වඩා ප්‍රණීතය යන අරුතින් වෘද්ධියට පත් ඒ ධර්මයෝම අශෛක්‍ෂ යයි කියනු ලැබෙත්.

තෙ පන අසෙක‍්ඛධම‍්මෙ ඛන්‍ධවසෙන ඉධ තිධා විභජිත්‍වා තෙහි සමන‍්නාගමෙන ඛීණාසවස‍්ස ආනුභාවං විභාවෙන‍්තො භගවා “අසෙක‍්ඛෙන සීලක‍්ඛන්‍ධෙනා”තිආදිමාහ. තත්‍ථ සීලසද‍්දස‍්ස අත්‍ථො හෙට‍්ඨා වුත‍්තො. ඛන්‍ධසද‍්දො පන රාසිම‍්හි පඤ‍්ඤත‍්තියං රුළ‍්හියං ගුණෙති බහූසු අත්‍ථෙසු දිට‍්ඨප‍්පයොගො. තථා හි “අසඞ‍්ඛෙය්‍යො අප‍්පමෙය්‍යො මහාඋදකක‍්ඛන්‍ධොත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡතී”තිආදීසු (අ· නි· 4.51; 6.37) රාසිම‍්හි ආගතො. “අද‍්දසා ඛො භගවා මහන‍්තං දාරුක‍්ඛන්‍ධං ගඞ‍්ගාය නදියා සොතෙන වුය‍්හමාන”න‍්තිආදීසු (සං· නි· 4.241) පඤ‍්ඤත‍්තියං. “චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”තිආදීසු (ධ· ස· 63, 65) රුළ‍්හියං. “න ඛො, ආවුසො විසාඛ, අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන තයො ඛන්‍ධා සඞ‍්ගහිතා, තීහි ච ඛො, ආවුසො විසාඛ, ඛන්‍ධෙහි අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ගහිතො”තිආදීසු (ම· නි· 1.462) ගුණෙ. ඉධාපි ගුණෙයෙව දට‍්ඨබ‍්බො. තස‍්මා අසෙක‍්ඛෙන සීලසඞ‍්ඛාතෙන ගුණෙනාති අත්‍ථො.

ඒ අශෛක්‍ෂ ධර්මයන් ස්කන්ධ වශයෙන් මෙහි තුන් ආකාරයකට බෙදා ඒවායින් යුක්ත වීමෙන් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේගේ ආනුභාවය පැහැදිලි කරන භාග්‍යවතුන් වහන්සේ ‘අසෙක්‍ඛෙන සීලක්‍ඛන්‍ධෙන’ යනාදිය වදාළහ. එහි ශීල ශබ්දයේ අර්ථ මුලදී කියන ලදී. ‘ඛන්‍ධ’ ශබ්දය රාශියෙහි, ප්‍රඥප්තියෙහි, රූඪියෙහි, ගුණයෙහි යන බොහෝ අර්ථවල දක්නා ලද ප්‍රයෝග ඇත්තේය (යෙදීම දක්නා ලදී). එය එසේමය. ‘අසංඛෙය්‍යො අප්පමෙය්‍යො මහා උදකක්‍ඛන්‍ධොත්‍වෙව සංඛං ගච්ඡති’ ‘සංඛ්‍යාවක් නැති ප්‍රමාණයක් නැති මහා ජලකඳක් යන ගණනට යයි’ යනාදියෙහි රාශි අර්ථයෙහි ආයේය. ‘අද්දසා ඛො භගවා මහන්තං දාරුක්‍ඛන්‍ධං ගංගාය නදියා සොතෙන වුය්හමානං’ ‘භාග්‍යවතුන් වහන්සේ ගංගා නදියෙහි සැඩපහරින් ගසාගෙන යන මහත් දැවකඳක් දුටහ’ යනාදියෙහි ප්‍රඥප්ති අර්ථයෙහි ආයේය. ‘චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො, මනායතනං විඤ්ඤාණං විඤ්ඤාණක්‍ඛන්‍ධො’ ‘සිතය, මනසය, මානසය, හෘදයය පණ්ඩරය, මනසය, මනායතනය, විඤ්ඤාණය, විඤ්ඤාණස්කන්ධයය’ යනාදියෙහි රූඪියෙහි (ආරෝපනය කරන ලද අර්ථයෙහි) ආයේය. ‘නඛො ආවුසො විසාඛ අරියෙන අට්ඨංගිකෙන මග්ගෙන තයො ඛන්‍ධා සංගහිතා, තීහි ච ඛො ආවුසො විසාඛ ඛන්‍ධෙහි අරියො අට්ඨංගිකො මග්ගො සංගහිතො’ ‘ඇවැත් විසාඛයෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් (සීල-සමාධි-ප්‍රඥා යන) ස්කන්ධ තුන සංග්‍රහ නොකරන ලදී. ඇවැත් විසාඛයෙනි, ස්කන්ධ තුනෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලදී’ යනාදියෙහි ගුණ අර්ථයෙහි ආයේය. මෙහි ද ‘ගුණ’ යන අර්ථයෙහිම ආ බව දතයුතුය. එහෙයින් අශෛක්‍ෂ වූ ශීල සංඛ්‍යාත ගුණයෙන් යන අර්ථයි.

සමන‍්නාගතොති සම‍්පයුත‍්තො සමඞ‍්ගීභූතො. සමාදහති එතෙන, සයං වා සමාදහති, සමාධානමෙව වාති සමාධි. පකාරෙහි ජානාති යථාසභාවං පටිවිජ‍්ඣතීති පඤ‍්ඤා. සීලමෙව ඛන්‍ධො සීලක‍්ඛන්‍ධො. සෙසෙසුපි එසෙව නයො.

සමන්නාගතො යනු යුක්ත වූ. මෙයින් සිත එකඟ කරයි. නැතහොත් තමා එකඟ කරයි. නැතහොත් එක්තැන් කිරීම ම ‘සමාධි’ නමි. (අනිත්‍යාදී) ආකාරවලින් දැනගනියි. යථා ස්වභාවය අවබෝධ කරයි යන අරුතින් පඤ්ඤා නමි. සීලයම ඛන්‍ධ වූයේ සීලක්‍ඛන්‍ධ තමි. ඉතිරි ඒවාහිද ඒ ක්‍රමයමයි.

තත්‍ථ අග‍්ගඵලභූතා සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො ච සභාවෙනෙව අසෙක‍්ඛො සීලක‍්ඛන්‍ධො නාම, තථා සම‍්මාසමාධි අසෙක‍්ඛො සමාධික‍්ඛන්‍ධො. තදුපකාරකතො පන සම‍්මාවායාමසම‍්මාසතියො සමාධික‍්ඛන්‍ධෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. තථා සම‍්මාදිට‍්ඨි අසෙක‍්ඛො පඤ‍්ඤාක‍්ඛන්‍ධො. තදුපකාරකතො සම‍්මාසඞ‍්කප‍්පො පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ සඞ‍්ගහං ගච‍්ඡතීති එවමෙත්‍ථ අට‍්ඨපි අරහත‍්තඵලධම‍්මා තීහි ඛන්‍ධෙහි සඞ‍්ගහෙත්‍වා දස‍්සිතාති වෙදිතබ‍්බං.

එහි අග්‍රඵලය වූ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයද ස්වභාවයෙන්ම අශෛක්‍ෂ ශීලස්කන්ධය නමි. එසේම සම්මා සමාධිය අශෛක්‍ෂ සමාධි ස්කන්ධයයි. එයට උපකාරක වශයෙන් සම්මා වායාමයද සම්මා සතිය ද සමාධි ස්කන්ධයෙහි සංග්‍රහවට යයි. එසේම සම්මා දිට්ඨිය ප්‍රඥා ස්කන්ධයයි. එයට උපකාරක වශයෙන් සම්මා සංකප්පය ප්‍රඥා ස්කන්ධයෙහි සංග්‍රහයට (එක්වීමට) යයි. මෙසේ මෙහි (අශෛක්‍ෂ සම්මා දිට්ඨි ආදී) අර්හත්ඵල ධර්ම අටම ස්කන්ධ තුනෙන් සංග්‍රහ කොට දක්වන ලදැයි දතයුතුය.

යස‍්ස එතෙ සුභාවිතාති යෙන අරහතා එතෙ සීලාදයො අසෙක‍්ඛධම‍්මක‍්ඛන්‍ධා සුභාවිතා සුට‍්ඨු වඩ‍්ඪිතා, සො ආදිච‍්චොව විරොචතීති සම‍්බන්‍ධො. “යස‍්ස චෙතෙ”තිපි පඨන‍්ති. තෙසඤ‍්ච සද‍්දො නිපාතමත‍්තං. එවමෙතස‍්මිං වග‍්ගෙ පඨමසුත‍්තෙ වට‍්ටං, පරියොසානසුත‍්තෙ විවට‍්ටං, ඉතරෙසු වට‍්ටවිවට‍්ටං කථිතං.

යස්ස එතෙ සුභාවිතා යනු යම් රහතන් වහන්සේ නමක විසින් මේ ශීලාදී අශෛක්‍ෂ ධර්ම ස්කන්ධ මනාව භාවිතා කරන ලද්දේ ද මනාව වඩන ලද්දේ ද හෙතෙම (ඒ රහතන් වහන්සේ) ‘ආදිච්චොව විරොචති’ ‘හිරු මෙන් බබලයි’ යන්න සම්බන්ධ කරගත යුතුය. ‘යස්ස චෙතෙ’ යනුවෙන් ද කියයි. ඒ පදවල ‘ච’ ශබ්දය නිපාතයක් පමණි. මෙසේ මේ වර්ගයෙහි පළමු සූත්‍රයෙන් සසර ද අවසාන සූත්‍රයෙන් නිවන ද අනිත්වායිත් (සූත්‍ර අටෙන්) සසර හා නිවනද කියන ලදී.

දසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවන සූත්‍රයයි.

පඨමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.