පඨම ආසවසුත්තං
3. 1. 7.
3. 1. 7.
[පඨම ආසවසුත්තං]
[ප්‍රථම ආස්‍රව සූත්‍රය]
56. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
56. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. තයො’මෙ භික්ඛවෙ ආසවා. කතමෙ තයො? කාමාසවො භවාසවො අවිජ්ජාසවො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ආසවාති.
1. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙන වෙත්.
එතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සමාහිතො සම්පජානො සතො බුද්ධස්ස සාවකො ආසවෙ ච පජානාති ආසවානඤ්ච සම්භවං.
2. “එකඟ සිත් ඇති, යහපත් නුවණැති, සිහියෙන් යුත් බුද්ධශ්රාවක තෙමේ ආස්‍රවයන් ද, ආස්‍රවයන්ගේ සම්භවය ද (හටගැන්ම ද) මනා කොට දනී.
3. යත්ථ චෙතා නිරුජ්ඣන්ති මග්ගඤ්ච ඛයගාමිනං ආසවානං ඛයා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතො’ති.”
3. යම් තැනෙක ඒ ආස්‍රවයෝ නිරුද්ධ වෙත් නම් ඒ නිවණ ද, නිර්වාණගාමී මාර්ගය ද (දනී). ඒ මහණ තෙමේ එම ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශා රහිත වූයේ පිරිනිවියේ නම් වේ.
අයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් මෙසේ අසන ලදී.