දුතිය ආසවසුත්තං
3. 1. 8.
3. 1. 8.
[දුතිය ආසවසුත්තං]
[ද්විතීය ආස්‍රව සූත්‍රය]
57. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
57. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. තයො’ මෙ භික්ඛවෙ ආසවා. කතමෙ තයො? කාමාසවො භවාසවො අවිජ්ජාසවො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ආසවාති.
1. මහණෙනි, ආස්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙන වෙත්.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යස්ස කාමාසවො ඛීණො අවිජ්ජා ච විරාජිතා භවාසවො පරික්ඛීණො විප්පමුත්තො නිරූපධි ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනින්ති”ති
2. “යමකු විසින් කාමාස්‍රවය ක්ෂය කරණ ලද ද, අවිද්‍යාව දුරු කරණ ලද ද, භවාස්‍රවය ක්ෂය කරණ ලද ද, කෙලෙසුන්ගෙන් මිදුනා වූ උපධි රහිත වූ, (ඒ රහත් තෙමේ) සේනාසහිත මාරයා දිනා අන්තිම වූ ශරීරය දරයි.”
අයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.