යෙදුමෙන් කියවන්න

තණ‍්හාසුත‍්තං

3. 1. 9.

3. 1. 9.

[තණ‍්හාසුත‍්තං]

[තෘෂ්ණා සූත්‍රය]

58. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං.

58. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. තිස‍්සො ඉමා භික‍්ඛවෙ තණ‍්හා. කතමා තිස‍්සො? කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා. ඉමා ඛො භික‍්ඛවෙ තිස‍්සො තණ‍්හා’ති.

1. මහණෙනි, මේ තෘෂ්ණාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමතෘෂ්ණාය (පඤ්චකාමයෙහි ඇල්මය), (ශාශ්වතදෘෂ්ටිසහගත භවයෙහි ඇල්ම නම් වූ) භවතෘෂ්ණාය, (උච්ඡේදදෘෂ්ටිසහගත ඇල්ම නම් වූ) විභවතෘෂ්ණාය. මහණෙනි, මේ තෘෂ්ණාවෝ තිදෙන වෙත්:

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “තණ‍්හායොගෙන සංයුත‍්තා රත‍්තචිත‍්තා භවාභවෙ තෙ යොගයුත‍්තා මාරස‍්ස අයොගක‍්ඛෙමිනො ජනා සත‍්තා ගච‍්ඡන‍්ති සංසාරං, ජාතිමරණගාමිනො.

2. “යම් කෙනෙක් තෘෂ්ණායෝගයෙන් සංයුක්ත වූවාහු, කුදු මහත් භවයෙහි ඇලුණු සිත් ඇත්තාහු වෙද්ද, ඒ සංසාරගත සත්ත්‍වයෝ මාරපාශ සඞ්ඛ්‍යාත යෝගයෙන් බැඳුනාහු වෙත්: සත්ත්‍වයෝ (නැවත නැවත උත්පත්ති වශයෙන්) සසරට යෙත්. (එ හෙයින්) නැවත ජාති මරණ දුක්වලට පැමිණෙන සුලු වූවාහු වෙත්.

3. යෙ ච තණ‍්හං පහත්‍වාන වීතතණ‍්හා භවාභවෙ. තෙ වෙ පාරංගතා ලොකෙ යෙ පත‍්තා ආසවක‍්ඛය”න‍්ති.

3. යම් සත්ත්‍ව කෙනෙක් තෘෂ්ණාව දුරු කොට කුදු මහත් භවයෙහි ආශා රහිත වූවාහු ද, යම් කෙනෙකුත් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවණ පැමිණියාහු ද ඔවුහු ලෙව්හි පරතෙරට ගියාහු නම් වෙත්.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.