දුතියවග්ගො අට්ඨකථා
දුතිය වර්ගය
1. පුඤ්ඤකිරියවත්ථු සුත්තවණ්ණනා
1. පුණ්‍යක්‍රියාවස්තු සූත්‍ර වර්ණනාව
දුතියවග්ගස්ස පඨමෙ පුඤ්ඤකිරියවත්ථූනීති පුජ්ජභවඵලං නිබ්බත්තෙන්ති, අත්තනො සන්තානං පුනන්තීති වා පුඤ්ඤානි, පුඤ්ඤානි ච තානි හෙතුපච්චයෙහි කත්තබ්බතො කිරියා චාති පුඤ්ඤකිරියා. තා එව ච තෙසං තෙසං ආනිසංසානං වත්ථුභාවතො පුඤ්ඤකිරියවත්ථූනි. දානමයන්ති අනුපච්ඡින්නභවමූලස්ස අනුග්ගහවසෙන පූජාවසෙන වා අත්තනො දෙය්යධම්මස්ස පරෙසං පරිච්චාගචෙතනා දීයති එතායාති දානං, දානමෙව දානමයං. චීවරාදීසු හි චතූසු පච්චයෙසු අන්නාදීසු වා දසසු දානවත්ථූසු රූපාදීසු වා ඡසු ආරම්මණෙසු තං තං දෙන්තස්ස තෙසං උප්පාදනතො පට්ඨාය පුබ්බභාගෙ පරිච්චාගකාලෙ පච්ඡා සොමනස්සචිත්තෙන අනුස්සරණෙ චාති තීසු කාලෙසු වුත්තනයෙන පවත්තචෙතනා දානමයං පුඤ්ඤකිරියවත්ථු නාම.
දෙවන වර්ගයෙහි පළමු සූත්‍රයෙහි - පුඤ්ඤකිරිය වත්ථූනි යනු පිදිය යුතු බව නමැති ඵලය උපදවයි හෝ තමාගේ සිත පිරිසිදු කරයි යන අරුතින් පුඤ්ඤානි නම් වේ. ‘පින්’ යනු ද ඒවාය. හේතු ප්රත්යවලින් කළයුතු හෙයින් ‘ක්‍රියා’ ද ඒවාය යන අරුතින් පුඤ්ඤකිරිය නම් වේ. ඒවාම ඒ ඒ අනුසස්වලට කරුණුවීම් වශයෙන් පුඤ්ඤකිරියවත්ථු නම් වේ දානමයං යනු අනුග්‍රහ (උපකාර) වශයෙන් හෝ පූජා වශයෙන් හෝ නොසිඳින ලද භව මූලය (තණ්හාව) ඇති තමාගේ දාන වස්තුව අනුන්ට පරිත්‍යාග කිරීමේ චේතනාව - මෙය කරණකොට දෙනු ලැබේ යන අරුතින් ‘දාන’ නමි. දානයම ‘දානමය’ නම්. සිවුරු ආදී සිවුපසය අතරින් හෝ ආහාර ආදී දසදාන වස්තු අතරින් හෝ රූපාදී අරමුණු හය අතරින් හෝ ඒ ඒ දෙය දෙන තැනැත්තාගේ, ඒවා සකස්කිරීමේ පටන් මුල් අවස්ථාවෙහි ද පරිත්‍යාග කරන කාලයෙහි ද දීමෙන් පසුව ද සොම්නස් සිතින් සිහිකරන කාලයෙහිදැයි යන කාල තුනෙහි කියන ලද අයුරින්ම පැවති චේතනාව දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව වෙයි.
සීලමයන්ති නිච්චසීලඋපොසථනියමාදිවසෙන පඤ්ච, අට්ඨ, දස වා සීලානි සමාදියන්තස්ස සීලපූරණත්ථං පබ්බජිස්සාමීති විහාරං ගච්ඡන්තස්ස පබ්බජන්තස්ස මනොරථං මත්ථකං පාපෙත්වා “පබ්බජිතො වතම්හි සාධු සුට්ඨූ”ති ආවජ්ජෙන්තස්ස සද්ධාය පාතිමොක්ඛං පරිපූරෙන්තස්ස පඤ්ඤාය චීවරාදිකෙ පච්චවෙක්ඛන්තස්ස සතියා ආපාථගතෙසු රූපාදීසු චක්ඛුද්වාරාදීනි සංවරන්තස්ස වීරියෙන ආජීවං සොධෙන්තස්ස ච පවත්තා චෙතනා සීලතීති සීලමයං පුඤ්ඤකිරියවත්ථු නාම.
සීලමයං යනු නිත්‍යශීල වශයෙන් හෝ උපෝසථ නියමාදී වශයෙන් හෝ පන්සිල් හෝ අටසිල් හෝ දසසිල් හෝ සමාදන් වන්නහුට ද සිල්පිරීම සඳහා පැවිදි වන්නෙමියි සිතා විහාරයට යන්නහුට ද පැවිදි වන්නහුට ද බලාපොරොත්තුව මුදුන් පමුණුවාගෙන මම ඒකාන්තයෙන් පැවිදි වූයෙමි, අනේ එය යහපතැයි සිහිකරන්නහුට ද ශ්‍රද්ධාවෙන් ප්රාතිමෝක්ෂ ශීලය පුරන්නහුට ද ප්‍රඥාවෙන් සිවුරු ආදිය ප්රත්යවේක්ෂා කරන්නහුට ද (ඇස ආදී ඉන්ද්රියයන්) හමුවට පැමිණි රූපාදී අරමුණු කෙරෙහි චක්ඛුද්වාරාදිය සිහියෙන් යුතුව සංවර කරගන්නහුට ද වීර්යයෙන් යුතුව ආජීවය (ජීවිකාව) පිරිසිදු කරන්නහුට ද පැවති කුශල චේතනාව (තුන්දොර) හික්මවන හෙයින් සීලමය පුණ්‍යක්‍රියා වස්තු නම් වේ.
තථා පටිසම්භිදායං (පටි· ම· 1.48) වුත්තෙන විපස්සනාමග්ගෙන චක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්තස්ස සොතං, ඝානං, ජිව්හං, කායං, මනං. රූපෙ…පෙ… ධම්මෙ, චක්ඛුවිඤ්ඤාණං…පෙ… මනොවිඤ්ඤාණං. චක්ඛුසම්ඵස්සං…පෙ… මනොසම්ඵස්සං, චක්ඛුසම්ඵස්සජං වෙදනං…පෙ… මනොසම්ඵස්සජං වෙදනං. රූපසඤ්ඤං…පෙ… ධම්මසඤ්ඤං. ජරාමරණං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්තස්ස යා චෙතනා, යා ච පථවීකසිණාදීසු අට්ඨතිංසාය ආරම්මණෙසු පවත්තා ඣානචෙතනා, යා ච අනවජ්ජෙසු කම්මායතනසිප්පායතනවිජ්ජාට්ඨානෙසු පරිචයමනසිකාරාදිවසෙන පවත්තා චෙතනා, සබ්බා භාවෙති එතායාති භාවනාමයං වුත්තනයෙන පුඤ්ඤකිරියවත්ථු චාති.
එසේම පටිසම්භිදාවෙහි කියන ලද අයුරින් විදර්ශනා මාර්ගයෙන් ඇස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නහුට ද කන නාසය - දිව - කය - මනස ද රූප -පෙ- ධර්ම (යන අරමුණු හය) ද චක්ඛු විඤ්ඤාණය - මනෝ විඤ්ඤාණය (යන විඤ්ඤාණ හය) ද චක්ඛු ස්පර්ශය - මනෝ ස්පර්ශය (යන ස්පර්ශ හය) ද චක්ඛු ස්පර්ශයෙන් උපන් වේදනාව මනස ස්පර්ශයෙන් උපන් වේදනාව (යන වේදනා හය) ද රූපසඤ්ඤාව ධම්ම සඤ්ඤාව (යන සඤ්ඤා හය) ද ජරාව මරණය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නහුට ද ඇතිවන යම් චේතනාවක් වෙයි නම් එය ද පඨවි කසිණ ආදී තිස්අටක් වූ අරමුණු කෙරෙහි පැවති යම් ධ්‍යාන චේතනාවක් වෙයි නම් එය ද නිවැරදි වූ කර්මාන්ත, ශිල්ප, විද්‍යාවන් පුරුදු කිරීම් මෙනෙහි කිරීම් වශයෙන් පැවති යම් චේතනාවක් වෙයි නම් එය ද යන මේ සියල්ල මේ චේතනාව කරණකොට වඩයි යන අරුතින් භාවනාමය ද, කියන ලද ක්‍රමයෙන් පුණ්‍යක්‍රියා වස්තු ද වෙයි.
එකමෙකඤ්චෙත්ථ යථාරහං පුබ්බභාගතො පට්ඨාය කායෙන කරොන්තස්ස කායකම්මං හොති, තදත්ථං වාචං නිච්ඡාරෙන්තස්ස වචීකම්මං, කායඞ්ගං වාචඞ්ගඤ්ච අචොපෙත්වා මනසා චින්තෙන්තස්ස මනොකම්මං. අන්නාදීනි දෙන්තස්ස චාපි “අන්නදානාදීනි දෙමී”ති වා දානපාරමිං ආවජ්ජෙත්වා වා දානකාලෙ දානමයං පුඤ්ඤකිරියවත්ථු හොති. වත්තසීසෙ ඨත්වා දදතො සීලමයං, ඛයතො වයතො කම්මතො සම්මසනං පට්ඨපෙත්වා දදතො භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු හොති.
මෙහි (කියන ලද) එක එකක් වුව ද සුදුසු පරිදි මුලපටන් කයින් කරන්නහුට කාය කර්මය වෙයි. ඒ සඳහා වචන පිට කරන්නහුට වචී කර්මය ද කායික අවයවයක් හෝ වචනයක් හෝ නොසොල්වා සිතින් සිතන්නහුට මනෝ කර්මය වෙයි. ආහාර ආදිය දෙන්නහුට ද ආහාර ආදිය දෙමියි සිතා හෝ දාන පාරමිතාව සිහිකොට හෝ දෙන කාලයෙහි දානමය පුණ්‍යක්‍රියා වස්තුව වෙයි. වත් ශීර්ෂයෙහි සිට (දන්දීම චාරිත්‍රයක් යයි සලකාගෙන) දන්දෙන තැනැත්තාට ද ශීලමය පුණ්‍යක්‍රියා වස්තුව වෙයි. (දෙන සියල්ල) ක්ෂය වීම් වශයෙන් වැයවීම් වශයෙන් කර්ම වශයෙන් නුවණින් සලකා බලා දන් දෙන්නහුට ද භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව වෙයි.
අපරානිපි සත්ත පුඤ්ඤකිරියවත්ථූනි – අපචිතිසහගතං පුඤ්ඤකිරියවත්ථු වෙය්යාවච්චසහගතං පත්තිඅනුප්පදානං අබ්භනුමොදනං දෙසනාමයං සවනමයං දිට්ඨිජුගතං පුඤ්ඤකිරියවත්ථූති. සරණගමනම්පි හි දිට්ඨිජුගතෙනෙව සඞ්ගය්හති. යං පනෙත්ථ වත්තබ්බං, තං පරතො ආවි භවිස්සති.
තවත් පුණ්‍යක්‍රියා වස්තු හතක් ඇත. (ගුණවතුන්ට) පිදීම සමග යෙදුණු පුණ්‍යක්‍රියා වස්තුව, වතාවත් කිරිම සමග යෙදුණු පුණ්‍යක්‍රියා වස්තුව, පින්දීම, පින් අනුමෝදන් වීම, බණකීම, බණ ඇසීම, දෘෂ්ටිය නිවැරදි කරගැනීම යන පුණ්‍ය ක්‍රියා වස්තුය. සරණ ගමනයත් දෘෂ්ටිය නිවැරදි කරගැනීමෙහිම ඇතුළත් වේ. මෙහි කියයුතු දෙය අන් අයුරකින් ප්‍රකට වන්නේය. (ඒ මෙසේය.)
තත්ථ වුඩ්ඪතරං දිස්වා පච්චුග්ගමනපත්තචීවරපටිග්ගහණාභිවාදනමග්ගසම්පදානාදිවසෙන අපචායනසහගතං වෙදිතබ්බං. වුඩ්ඪතරානං වත්තපටිපත්තිකරණවසෙන, ගාමං පිණ්ඩාය පවිට්ඨං භික්ඛුං දිස්වා පත්තං ගහෙත්වා ගාමෙ භික්ඛං සම්පාදෙත්වා උපසංහරණවසෙන “ගච්ඡ භික්ඛූනං පත්තං ආහරා”ති සුත්වා වෙගෙන ගන්ත්වා පත්තාහරණාදිවසෙන ච වෙය්යාවච්චසහගතං වෙදිතබ්බං. චත්තාරො පච්චයෙ දත්වා පුප්ඵගන්ධාදීහි රතනත්තයස්ස පූජං කත්වා අඤ්ඤං වා තාදිසං පුඤ්ඤං කත්වා “සබ්බසත්තානං පත්ති හොතූ”ති පරිණාමවසෙන පත්තිඅනුප්පදානං වෙදිතබ්බං. තථා පරෙහි දින්නාය පත්තියා කෙවලං වා පරෙහි කතං පුඤ්ඤං “සාධු, සුට්ඨූ”ති අනුමොදනවසෙන අබ්භනුමොදනං වෙදිතබ්බං. අත්තනො පගුණධම්මං අපච්චාසීසන්තො හිතජ්ඣාසයෙන පරෙසං දෙසෙති – ඉදං දෙසනාමයං පුඤ්ඤකිරියවත්ථු නාම. යං පන එකො “එවං මං ධම්මකථිකොති ජානිස්සන්තී”ති ඉච්ඡාය ඨත්වා ලාභසක්කාරසිලොකසන්නිස්සිතො ධම්මං දෙසෙති, තං න මහප්ඵලං හොති. “අද්ධා අයං අත්තහිතපරහිතානං පටිපජ්ජනූපායො”ති යොනිසොමනසිකාරපුරෙචාරිකහිතඵරණෙන මුදුචිත්තෙන ධම්මං සුණාති, ඉදං සවනමයං පුඤ්ඤකිරියවත්ථු හොති. යං පනෙකො “ඉති මං සද්ධොති ජානිස්සන්තී”ති සුණාති, තං න මහප්ඵලං හොති. දිට්ඨියා උජුගමනං දිට්ඨිජුගතං, “අත්ථි දින්න”න්තිආදිනයප්පවත්තස්ස සම්මාදස්සනස්ස එතං අධිවචනං. ඉදඤ්හි පුබ්බභාගෙ වා පච්ඡාභාගෙ වා ඤාණවිප්පයුත්තම්පි උජුකරණකාලෙ ඤාණසම්පයුත්තමෙව හොති. අපරෙ පනාහු “විජානනපජානනවසෙන දස්සනං දිට්ඨි කුසලඤ්ච විඤ්ඤාණං කම්මස්සකතාඤාණාදි ච සම්මාදස්සන”න්ති. තත්ථ කුසලෙන විඤ්ඤාණෙන ඤාණස්ස අනුප්පාදෙපි අත්තනා කතපුඤ්ඤානුස්සරණවණ්ණාරහවණ්ණනාදීනං සඞ්ගහො, කම්මස්සකතාඤාණෙන කම්මපථසම්මාදිට්ඨියා. ඉතරං පන දිට්ඨිජුගතං සබ්බෙසං නියමලක්ඛණං. යඤ්හි කිඤ්චි පුඤ්ඤං කරොන්තස්ස දිට්ඨියා උජුභාවෙනෙව තං මහප්ඵලං හොති.
වැඩිහිටියකු දැක පෙරගමන් කිරීම, පාත්‍ර සිවුරු පිළිගැනීම - වැඳීම - මාර්ගය ඉඩදීම (මග්ග සම්පදාන) ආදී වශයෙන් පිදීම සමග යෙදීම (අපචායන සහගත බව) දතයුතුය. වැඩිහිටියන්ගේ වත්පිළිවෙත් කිරීම් වශයෙන්, ගමට පිඬු පිණිස වැඩිය භික්ෂුවක් දැක පාත්‍රය ඉල්ලාගෙන ගමේ ගෙවල්වලින් දානය ලබාගෙන ගෙනත්දීම් වශයෙන්, යන්න භික්ෂූන්ගේ පාත්‍රය ගේන්නැයි කියන වචනය අසා වේගයෙන් ගොස් පාත්‍රය ගෙන ඒම් වශයෙන් ද වතාවත් කිරීම සමග යෙදීම (වෙය්‍යාවච්ච සහගත බව) දතයුතුය. සිවුපසය දී මල් හා සුවඳ වර්ගවලින් තුණුරුවන්ට පූජාකොට එබඳු අනිකුත් පින්කම් ද සිදුකොට සියලු සත්ත්වයන්ට (මේ) පින වේවායි පිරිනැමීම් වශයෙන් පිදීම (පත්ති අනුප්පදාන) දතයුතුය. එසේ අනුන් විසින් දෙන ලද පින හෝ හුදෙක් අනුන් විසින් කරන ලද පින හොඳයි මැනවැයි කියා අනුමෝදන් වීම් වශයෙන් පින් අනුමෝදන් වීම (අබ්භානුමෝදනාව) දතයුතුය. තමා පුරුදු පුහුණු කළ ධර්මයක් යම් වස්තුවක් (පිරිකරක්) බලාපොරොත්තු නොතබා යහපත කැමැත්තෙන් අනුන්ට දේශනා කිරීම යන මෙය දේශනාමය පුණ්‍යක්‍රියා වස්තුව වෙයි. කෙනෙක් මෙසේ (දහම් දෙසීමෙන්) මා ධර්මකථිකයෙක් යනුවෙන් අන්‍යයෝ දැනගන්නාහුය යන කැමැත්තෙහි සිට ලාභසත්කාර කීර්ති ප්‍රශංසාදිය සලකා ගෙන ධර්මය දේශනා කරයි නම් ඒ ධර්ම දේශනාව මහත්ඵල නොවේ. ඒකාන්තයෙන් මෙය තමාටත් අනුන්ටත් යහපත පිණිස පිළිපදින උපායවේ යයි නුවණින් මෙනෙහි කිරිම පෙරදැරිකොට යහපත පැතිරීම් වශයෙන් මොළොක් සිතින් ධර්මය අසයි ද මෙය ශ්‍රවණමය පුණ්‍යක්‍රියා වස්තුවයි. මෙසේ මා සැදැහැත්තෙකැයි (අන් අය) දැනගන්නාහු යයි සිතා යම් බණ ඇසීමක් වේ නම් ඒ බණ ඇසීම මහත්ඵල නොවේ. දෘෂ්ටියෙහි ඍජුගමන දෘෂ්ටිය නිවැරදි කර ගැනීමයි. දන් දීමෙහි විපාක ඇත ආදී ක්‍රමයෙන් පැවති නිවැරදි දැකීමට මෙය වචනයකි. (දෘෂ්ටිය ඍජුකිරීම නම් වූ) මෙය වනාහි (දෘෂ්ටිය සෘජු කිරීමට) පෙර අවස්ථාවෙහි හෝ පසු අවස්ථාවෙහි හෝ ඤාණයෙන් තොර (ඤාණ විප්පයුත්ත) වුවද දෘෂ්ටිය ඍජුකරන කාලයෙහි ඤාණයෙන් යුක්ත (ඤාණ සම්පයුත්ත) වූයේම වෙයි. ඇතැම් කෙනෙක් වනාහි විජානන පජානන වශයෙන් දකින දෘෂ්ටියෙහි දක්ෂ වූ සිත (දිට්ඨිකුසල විඤ්ඤාණය) ද කම්මස්සකත ඤාණය ආදිය ද සම්‍යක් දර්ශනයයි (මනා දැකීම යයි) කීවාහුය. එහි දක්ෂ වූ සිතෙන් (කුසලෙන විඤ්ඤාණෙන) නුවණ නූපන් කල්හි ද තමා විසින් කරන ලද පින් සිහිකිරිම, වර්ණනා කළ යුතු අයගේ ගුණ වර්ණනා කිරීම ආදිය ද ඇතුළත් කරන ලදී. කම්මස්සකත ඤාණයෙන් කම්මපථ සම්මා දිට්ඨියේ ඇතළත් කිරිම වෙයි. අනිත් දිට්ඨිජ්ජුගතය සියල්ලටම නියම ලක්ෂණයයි. යම්කිසි පිනක් කරන තැනැත්තාගේ දෘෂ්ටියෙන් සෘජුභාවයෙන්ම එය මහත්ඵල වෙයි.
ඉමෙසං පන සත්තන්නං පුඤ්ඤකිරියවත්ථූනං පුරිමෙහි තීහි දානමයාදීහි පුඤ්ඤකිරියවත්ථූහි සඞ්ගහො. තත්ථ හි අපචායනවෙය්යාවච්චානි සීලමයෙ, පත්තිඅනුප්පදානඅබ්භනුමොදනානි දානමයෙ, ධම්මදෙසනාසවනානි භාවනාමයෙ, දිට්ඨිජුගතං තීසුපි. තෙනාහ භගවා –
මුලින් කී දානමය ආදී පුණ්‍යක්‍රියා වස්තු තුනෙහි මේ පුණ්‍යක්‍රියා වස්තු හත ඇතුළත් කරන ලදී. එහි අපචායන - වෙය්‍යාවච්ච දෙක සීලමය පුණ්‍යක්‍රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. පත්ති අනුප්පදාන - අබ්භනුමෝදනා (පින් දීම - පින් අනුමෝදන් වීම) යන දෙක දානමය පුණ්‍යක්‍රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. ධර්මදේශනා කිරීම - ධර්මශ්රවණය කිරීම, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. දෘෂ්ටිය ඍජුකිරිම වනාහි (දාන-සීල-භාවනා) යන මේ පුණ්‍ය ක්‍රියා වස්තු තුනෙහිම ඇතුළත් කරන ලදී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
“තීණිමානි, භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි. කතමානි තීණි? දානමයං…පෙ… භාවනාමයං පුඤ්ඤකිරියවත්ථූ”ති (අ· නි· 8.36).
‘තීනිමානි භික්ඛවෙ පුඤ්ඤකිරියවත්ථූනි. කතමානි තීනි? දානමයං -පෙ භාවනාමයං පුඤ්ඤකිරිය වත්ථු’ යනුවෙන් වදාළහ.
එත්ථ ච අට්ඨන්නං කාමාවචරකුසලචෙතනානං වසෙන තිණ්ණම්පි පුඤ්ඤකිරියවත්ථූනං පවත්ති හොති. යථා හි පගුණං ධම්මං පරිවත්තෙන්තස්ස එකච්චෙ අනුසන්ධිං අසල්ලක්ඛෙන්තස්සෙව ගච්ඡන්ති, එවං පගුණං සමථවිපස්සනාභාවනං අනුයුඤ්ජන්තස්ස අන්තරන්තරා ඤාණවිප්පයුත්තචිත්තෙනාපි මනසිකාරො පවත්තති. සබ්බං තං පන මහග්ගතකුසලචෙතනානං වසෙන භාවනාමයමෙව පුඤ්ඤකිරියවත්ථු හොති, න ඉතරානි. ගාථාය අත්ථො හෙට්ඨා වුත්තොයෙව.
මෙහි ද අටක් වූ කාමාවචර කුසල චේතනා වශයෙන් තුන් පුණ්‍ය ක්‍රියා වස්තූන්ගේ පැවැත්ම වෙයි. ප්‍රගුණ වූ ධර්මයක් කියන තැනැත්තාට ඇතැම් අනුසන්ධි සැලකීමට හසුනොවීම ඒ කීම සිදුවෙමින් යන්නා සේ ප්‍රගුණ වූ සමථ විදර්ශනා භාවනාවක යෙදෙන තැනැත්තාට අතරින් පතර ඤාණවිප්පයුත්ත සිතෙන් ද මෙනෙහි කිරීම පවතී. මෙසේ ඒ සියල්ල මහග්ගත කුසල චේතනාවන්ගේ වශයෙන් භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුවම වෙයි. අනිත් දෙක නොවෙයි. ගාථාවෙහි අර්ථය මුලදී කියන ලද්දේමය.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පළමු සූත්‍රයයි.
2. චක්ඛුසුත්තවණ්ණනා
2. චක්ෂූස් සූත්‍ර වර්ණනාව
දුතියෙ චක්ඛූනීති චක්ඛන්තීති චක්ඛූනි, සමවිසමං ආචික්ඛන්තානි විය පවත්තන්තීති අත්ථො. අථ වා චක්ඛනට්ඨෙන චක්ඛූනි. කිමිදං චක්ඛනං නාම? අස්සාදනං, තථා හි වදන්ති “මධුං චක්ඛති බ්යඤ්ජනං චක්ඛතී”ති ඉමානි ච ආරම්මණරසං අනුභවන්තානි අස්සාදෙන්තානි විය හොන්තීති චක්ඛනට්ඨෙන චක්ඛූනි. තානි පන සඞ්ඛෙපතො ද්වෙ චක්ඛූනි – ඤාණචක්ඛු, මංසචක්ඛු චාති. තෙසු මංසචක්ඛු හෙට්ඨා වුත්තමෙව. ඤාණචක්ඛු දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛූති ඉධ ද්විධා කත්වා වුත්තං.
දෙවන සූත්‍රයෙහි චක්ඛූනි යනු චක්ඛන්තීති = චක්ඛූනි, සම විසම තැන් ප්‍රකාශ කරන්නාක් මෙන් පවතී යන අර්ථයි. නැතහොත් චක්ඛනට්ඨෙන = චක්ඛූනි (චක්ඛන අර්ථයෙන් චක්ඛු) නම් වේ. මේ චක්ඛනය නම් කුමක් ද? රසවිඳීමයි. (අස්සාදනයයි). ඒ බව ‘මධුං චක්ඛති බ්යඤ්ජනං චක්ඛති’ (මීපැණි රසවිඳියි. ව්‍යඤ්ජන රසවිඳියි) යනුවෙන් කියති. මේවා අරමුණු රසය අනුභව කරන්නාක් මෙන් රසවිඳින්නාක් මෙන් වෙයි. මෙසේ චක්ඛන අර්ථයෙන් චක්ඛු නම් වේ. ඒවා කැටිකොට ගත් කල්හි ඤාණචක්ඛු, මංස චක්ඛු යනුවෙන් දෙකකි. ඒවා අතරින් මාංශ චක්ෂුව මුලදී කියන ලද්දේමය. මෙහි ඤාණ චක්ඛුව (නුවණැස) වනාහි දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛු යනුවෙන් දෙයාකාර කොට කියන ලදී.
තත්ථ දිබ්බචක්ඛූති දිබ්බසදිසත්තා දිබ්බං. දෙවතානඤ්හි සුචරිතකම්මනිබ්බත්තං පිත්තසෙම්හරුහිරාදීහි අපලිබුද්ධං උපක්කිලෙසවිමුත්තතාය දූරෙපි ආරම්මණග්ගහණසමත්ථං දිබ්බං පසාදචක්ඛු හොති. ඉදඤ්චාපි වීරියභාවනාබලනිබ්බත්තං ඤාණචක්ඛු තාදිසමෙවාති දිබ්බසදිසත්තා දිබ්බං, දිබ්බවිහාරවසෙන පටිලද්ධත්තා අත්තනො ච දිබ්බවිහාරසන්නිස්සිතත්තා ආලොකපරිග්ගහෙන මහාජුතිකත්තා. තිරොකුට්ටාදිගතරූපදස්සනෙන මහාගතිකත්තාපි දිබ්බං. තං සබ්බං සද්දසත්ථානුසාරෙන වෙදිතබ්බං. දස්සනට්ඨෙන චක්ඛුකිච්චකරණෙන චක්ඛුමිවාතිපි චක්ඛු, දිබ්බඤ්ච තං චක්ඛු චාති දිබ්බචක්ඛු.
එහි දිබ්බචක්ඛු යනු දිබ්බසදිසත්තා = දිබ්බං, දේවතාවන්ට වනාහි සුචරිත කර්මයෙන් උපන්, පිත් සෙම් ලේ ආදියෙන් කරදරයක් නොවූ (එහෙයින්) උපක්ලේශයන්ගෙන් මිදුණු බැවින් දුර ඇති අරමුණු ගැනීමෙහි ද සමත් වූ දිව්‍ය ප්‍රසාද චක්ෂුවක් වෙයි. වීර්ය භාවනා බලයෙන් උපන් නුවණැස යම් බඳු ද මේ දිවැස ද එබඳුමය. මෙසේ දිව්‍යසමාන බැවින් දිව්‍ය නම් වෙයි. දිව්‍යවිහාර වශයෙන් ලබන ලද බැවින් ද තමා දිව්‍යවිහාර ඇසුරුකොට ඇති බැවින් ද ආලෝකයෙන් මහත් බැබලීම් ඇති බැවින් ද බිත්තියෙන් එහා පැත්තෙහි වූ රූප දැකීමෙන් මහා පැවැත්මක් ඇති හෙයින් ද දිව්‍යා (දිබ්බ) නම් වේ. ඒ සියල්ල ශබ්ද ශාස්ත්‍ර අනුසාරයෙන් දතයුතුය. දැකීම් අර්ථයෙන් ‘චක්ඛු’ ය. කටයුතු කිරිමෙන් ඇස වැනි යයි මෙසේ ද ‘චක්ඛු’ය. දිව්‍ය වූයේත් ඇස වූයේත් එයමයි යනුවෙන් දිබ්බචක්ඛු නම් වේ.
පජානාතීති පඤ්ඤා. කිං පජානාති? චත්තාරි අරියසච්චානි “ඉදං දුක්ඛ”න්තිආදිනා. වුත්තඤ්හෙතං –
දනී යනුවෙන් පඤ්ඤා නමි. (පජානාතීති පඤ්ඤා) කුමක් දනී ද? මේ දුකය යනාදී වශයෙන් චතුරාර්ය සත්‍යය දනී. මේ කාරණය කියන ලදී -
“පජානාතීති ඛො, ආවුසො, තස්මා පඤ්ඤාති වුච්චති. කිඤ්ච පජානාති? ඉදං දුක්ඛ”න්තිආදි (ම· නි· 1.449).
‘පජානාතීති ඛො ආවුසො තස්මා පඤ්ඤාති වුච්චති, කිඤ්ච පජානාති? ඉදං දුක්ඛං’ යනාදී වශයෙන්.
අට්ඨකථායං පන “පඤ්ඤාපනවසෙන පඤ්ඤා. කින්ති පඤ්ඤාපෙති? අනිච්චන්ති පඤ්ඤාපෙති, දුක්ඛන්ති පඤ්ඤාපෙති, අනත්තාති පඤ්ඤාපෙතී”ති වුත්තං. සා පනායං ලක්ඛණාදිතො යථාසභාවපටිවෙධලක්ඛණා, අක්ඛලිතපටිවෙධලක්ඛණා වා කුසලිස්සාසඛිත්තඋසුපටිවෙධො විය, විසයොභාසනරසා පදීපො විය, අසම්මොහපච්චුපට්ඨානා අරඤ්ඤගතසුදෙසකො විය. විසෙසතො පනෙත්ථ ආසවක්ඛයඤාණසඞ්ඛාතා පඤ්ඤා චතුසච්චදස්සනට්ඨෙන පඤ්ඤාචක්ඛූති අධිප්පෙතා. යං සන්ධාය වුත්තං “චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදී”ති (සං· නි· 5.1081; මහාව· 15).
අට්ඨකථාවෙහි වනාහි ‘පඤ්ඤාපනවසෙන පඤ්ඤා, කින්ති පඤ්ඤාපෙති? අනිච්ති පඤ්ඤාපෙති දුක්ඛන්ති පඤ්ඤාපෙති අනත්තාති පඤ්ඤාපෙති’ ‘පැණවීම් වශයෙන් ප්‍රඥා නමි. කුමක් පනවයි ද? අනිත්‍යයයි පණවයි. දුකයයි පණවයි. අනාත්මයයි පණවයි’ යනුවෙන් කියන ලදී. ඒ මේ ප්‍රඥාව වනාහි ලක්‍ෂණාදී වශයෙන් ඇති තතු අවබෝධය ලක්ෂණ කොට ඇත. නැතහොත් නොපැකිළුණු අවබෝධය ලක්‍ෂණකොට ඇත. අවබෝධය (වනාහි) දක්ෂයකු විසින් විදින ලද ඊතලයක් මෙනි. විෂය බැබලවීම රසයයි, පහනක් මෙනි. නොමුළාවීම වැටහෙන ආකාරයයි, අරණ්‍යගත වූ දක්ෂ මාර්ගෝපදේශකයකු මෙනි. විශේෂ වශයෙන් වනාහි මෙහි ආසවක්ඛය ඤාණය නම් වූ ප්‍රඥාව චතුස්සත්‍ය දැකීම් අර්ථයෙන් පඤ්ඤාචක්ඛු යනුවෙන් අදහස් කරන ලදී. ‘චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදි’ ‘ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය’ යන මෙය ඒ සඳහා කියන ලදී.
එතෙසු ච මංසචක්ඛු පරිත්තං, දිබ්බචක්ඛු මහග්ගතං, ඉතරං අප්පමාණං. මංසචක්ඛු රූපං, ඉතරානි අරූපානි. මංසචක්ඛු දිබ්බචක්ඛු ච ලොකියානි සාසවානි රූපවිසයානි, ඉතරං ලොකුත්තරං අනාසවං චතුසච්චවිසයං. මංසචක්ඛු අබ්යාකතං, දිබ්බචක්ඛු සියා කුසලං සියා අබ්යාකතං, තථා පඤ්ඤාචක්ඛු. මංසචක්ඛු කාමාවචරං, දිබ්බචක්ඛු රූපාවචරං, ඉතරං ලොකුත්තරන්ති එවමාදි විභාගා වෙදිතබ්බා.
ඒවා අතරින් මසැස (මංසචක්ඛු) ස්වල්පය. දිවැස (දිබ්බචක්ඛු) විශාලය. අනික (පඤ්ඤා චක්ඛු) අප්‍රමාණය. මසැස රූප ය. අනිත් දෙක අරූපය. මසැස ද දිවැස ද ලෞකිකය. (ලෝකයට අයත්ය.) ආසව සහිතය. රූප අරමුණුකොට ඇත. අනික ලෝකෝත්තරය. ආසව රහිතය. චතුස්සත්‍ය අරමුණු කොට ඇත. මසැස අව්යාකතය, දිවැස කුසල ද වන්නේය. අව්යාකතද වන්නේය. පැනැස (පඤ්ඤාචක්ඛු) ද එසේය. මසැස කාමාවචරය. දිවැස රූපාවචරය. අනික (පැනැස) ලෝකෝත්තර යයි ආදී වශයෙන් බෙදීම දතයුතුය.
ගාථාසු අනුත්තරන්ති පඤ්ඤාචක්ඛුං සන්ධාය වුත්තං. තඤ්හි ආසවක්ඛයඤාණභාවතො අනුත්තරං. අක්ඛාසි පුරිසුත්තමොති පුරිසානං උත්තමො අග්ගො සම්මාසම්බුද්ධො දෙසෙසි. උප්පාදොති මංසචක්ඛුස්ස පවත්ති. මග්ගොති උපායො, දිබ්බචක්ඛුස්ස කාරණං. පකතිචක්ඛුමතො එව හි දිබ්බචක්ඛු උප්පජ්ජති, යස්මා කසිණාලොකං වඩ්ඪෙත්වා දිබ්බචක්ඛුඤාණස්ස උප්පාදනං, සො ච කසිණමණ්ඩලෙ උග්ගහනිමිත්තෙන විනා නත්ථීති. යතොති යදා. ඤාණන්ති ආසවක්ඛයඤාණං. තෙනෙවාහ “පඤ්ඤාචක්ඛු අනුත්තර”න්ති. යස්ස චක්ඛුස්ස පටිලාභාති යස්ස අරියස්ස පඤ්ඤාචක්ඛුස්ස උප්පත්තියා භාවනාය සබ්බස්මා වට්ටදුක්ඛතො පමුච්චති පරිමුච්චතීති.
ගාථාවන්හි අනුත්තරං යන්න පැනැස සඳහා කියන ලදී. එය ආසවක්ඛය ඤාණය වීම් වශයෙන් අනුත්තරය. අක්ඛාසි පුරිසුත්තමො යනු පුරුෂයන්ට උතුම් වූ අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූහ. උප්පාදො යනු මසැසේ පැවැත්මයි. මග්ගො යනු උපායයි. දිවැසට කාරණයයි. ස්වභාවයෙන්ම මසැස ඇති තැනැත්තාටම දිවැස උපදී. කසිණාලෝකය වඩා දිබ්බචක්ඛු ඤාණය උපදින හෙයිනි. එය ද කසිණ මණ්ඩලයෙහි උග්ගහ නිමිත්තෙන් තොරව නැත. යතො යනු යම්කලෙක. ඤාණං යනු ආසවක්ඛය ඤාණයයි. එහෙයින් ම ‘පඤ්ඤාචක්ඛං අනුත්තරං’ යනුවෙන් වදාළහ. තස්ස චක්ඛුස පටිලාභා යනු ඒ ආර්ය වූ ප්‍රඥා චක්ෂුසයේ පහළවීමෙන් වැඩීමෙන් සියලු සසර දුකින් පමුච්චති මිදෙයි.
දුතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවන සූත්‍රයයි.
3. ඉන්ද්රියසුත්තවණ්ණනා
3. ඉන්ද්රිය සූත්‍ර වර්ණනාව
තතියෙ ඉන්ද්රියානීති අධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියානි. යානි හි සහජාතධම්මෙසු ඉස්සරා විය හුත්වා තෙහි අනුවත්තිතබ්බානි, තානි ඉන්ද්රියානි නාම. අපිච ඉන්දො භගවා ධම්මිස්සරො පරමෙන චිත්තිස්සරියෙන සමන්නාගතො. තෙන ඉන්දෙන සබ්බපඨමං දිට්ඨත්තා අධිගතත්තා පරෙසඤ්ච දිට්ඨත්තා දෙසිතත්තා විහිතත්තා ගොචරභාවනාසෙවනාහි දිට්ඨත්තා ච ඉන්ද්රියානි. ඉන්දං වා මග්ගාධිගමස්ස උපනිස්සයභූතං පුඤ්ඤකම්මං, තස්ස ලිඞ්ගානීතිපි ඉන්ද්රියානි.
තුන්වන සූත්‍රයෙහි ඉන්ද්රියානි යනු අධිපති බව යන අර්ථයෙන් ඉන්ද්රිය නම් වේ. එකට උපන් ධර්ම කෙරෙහි අධිපතියන් බවට පත්වූවාක් මෙන් ඒ එකට උපන් ධර්ම විසින් අනුව පැවතිය යුතු යම් දෙයක් ඇත්නම් ඒවා ඉන්ද්රිය නම් වේ. තවද භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රය, ධම්මිස්සරය (ධර්මයට අධිපතිය), උසස් වූ චිත්ත අධිපති බවෙන් යුක්ත වූහ. ඒ ඉන්ද්‍රයන් වහන්සේ විසින් සියල්ලට පළමුව දුටු බැවින් අවබෝධ කළ බැවින් අනුන් විසිනුත් දක්නා ලද බැවින් දේශනා කරන ලද බැවින් පුරුදු කරන ලද බැවින් අරමුණ වැඩීමෙන් සේවනය කිරීමෙන් දක්නා ලද බැවින් ද ඉන්ද්රිය වේ. මාර්ගාවබෝධයට හේතු වූ පුණ්‍යකර්මය හෝ ඉන්ද්‍රය. එහි ලිංග ද ඉන්ද්රිය වේ.
අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති “අනමතග්ගෙ සංසාරෙ අනඤ්ඤාතං අනධිගතං අමතපදං චතුසච්චධම්මමෙව වා ජානිස්සාමී”ති පටිපන්නස්ස ඉමිනා පුබ්බභාගෙන උප්පන්නං ඉන්ද්රියං, සොතාපත්තිමග්ගපඤ්ඤායෙතං අධිවචනං. අඤ්ඤින්ද්රියන්ති ආජානනඉන්ද්රියං. තත්රායං වචනත්ථො – ආජානාති පඨමමග්ගඤාණෙන දිට්ඨමරියාදං අනතික්කමිත්වාව ජානාතීති අඤ්ඤා. යථෙව හි පඨමමග්ගපඤ්ඤා දුක්ඛාදීසු පරිඤ්ඤාභිසමයාදිවසෙන පවත්තති, තථෙව අයම්පි පවත්තතීති අඤ්ඤා ච සා යථාවුත්තෙනට්ඨෙන ඉන්ද්රියං චාති අඤ්ඤින්ද්රියං. ආජානනට්ඨෙනෙව අඤ්ඤස්ස වා අරියපුග්ගලස්ස ඉන්ද්රියන්ති අඤ්ඤින්ද්රියං, සොතාපත්තිඵලතො පට්ඨාය ඡසු ඨානෙසු ඤාණස්සෙතං අධිවචනං. අඤ්ඤාතාවින්ද්රියන්ති අඤ්ඤාතාවිනො චතූසු සච්චෙසු නිට්ඨිතඤාණකිච්චස්ස ඛීණාසවස්ස උප්පජ්ජනතො ඉන්ද්රියට්ඨසම්භවතො ච අඤ්ඤාතාවින්ද්රියං. එත්ථ ච පඨමපච්ඡිමානි පඨමමග්ගචතුත්ථඵලවසෙන එකට්ඨානිකානි, ඉතරං ඉතරමග්ගඵලවසෙන ඡට්ඨානිකන්ති වෙදිතබ්බං.
අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියං යනු මුලක් නොපෙනෙන (අනමතග්ග) සසරෙහි නොදන්නා ලද අවබෝධ නොකරන ලද නිවන නොහොත් චතුස්සත්‍ය ධර්මය දැනගන්නෙමියි කියා පිළිපදින තැනැත්තාට මෙයින් මුල් අවස්ථාවෙහි උපන් ඉන්ද්රිය, සෝතාපත්ති මාර්ග ප්‍රඥාවට මේ වචනයකි. අඤ්ඤින්ද්රියං යනු ආජානන ඉන්ද්‍රියයි. මේ එහි වචනාර්ථයයි: ‘ආජානාති’ (යනු) ප්‍රථම මාර්ග ඥානයෙන් දක්නා ලද සීමාව නොඉක්මවාම දැනගනියි යන අරුතින් අඤ්ඤා නම් වේ. යම්සේ ප්‍රථම මාර්ග ප්‍රඥාව දුක් ආදියෙහි පිරිසිඳ අවබෝධ කිරීම් ආදී වශයෙන් පවතී එසේම මෙය ද පවතී. මෙසේ ‘අඤ්ඤා’ වූයේ ද එයමය. කියන ලද අර්ථයෙන් ඉන්ද්රිය වූයේ ද එයමය යනුවෙන් අඤ්ඤින්‍ද්‍රිය නම් වේ. දැනගන්නා අර්ථයෙන්ම දැනගත් ආර්ය පුද්ගලයාගේ ඉන්ද්රියය යන අරුතින් හෝ අඤ්ඤින්‍ද්‍රිය නම් වේ. සෝතාපත්ති ඵලයෙහි පටන් (රහත් මාර්ගය තෙක් ඇති) ස්ථාන හයෙහි පවතින ඤාණයට මෙය නමකි. අඤ්ඤාතාවින්ද්රියං යනු චතුස්සත්‍ය විෂයෙහි නිම වූ ඥාන කෘත්‍යය ඇති සම්පූර්ණයෙන් දැනගන්නා ලද ක්ෂීණාශ්රවයන් වහන්සේට ඉපදීම් වශයෙන් ද ඉන්ද්රිය අර්ථය හටගැනීම් වශයෙන් ද ‘අඤ්ඤාතාවින්‍ද්‍රිය’ නම් වේ. මෙහි ද පළමු හා අවසාන (පළමු හා තෙවන) ඉන්ද්රියයන් ප්‍රථම මාර්ගය (සෝවාන් මාර්ගය) වශයෙන් එක් ස්ථානයකට ද සතරවන ඵලය (අර්හත් ඵලය) වශයෙන් එක් ස්ථානයකට ද සම්බන්ධය. අනික (දෙවන ඉන්ද්රියය) අනිත් මාර්ගඵල වශයෙන් ස්ථාන හයකට සම්බන්ධ යයි. දතයුතුය.
ගාථාසු සික්ඛමානස්සාති අධිසීලසික්ඛාදයො සික්ඛමානස්ස භාවෙන්තස්ස. උජුමග්ගානුසාරිනොති උජුමග්ගො වුච්චති අරියමග්ගො, අන්තද්වයවිවජ්ජිතත්තා තස්ස අනුස්සරණතො උජුමග්ගානුසාරිනො, පටිපාටියා මග්ගෙ උප්පාදෙන්තස්සාති අත්ථො. ඛයස්මින්ති අනවසෙසකිලෙසානං ඛෙපනතො ඛයසඞ්ඛාතෙ අග්ගමග්ගෙ ඤාණං පඨමං පුරෙයෙව උප්පජ්ජති. තතො අඤ්ඤා අනන්තරාති තතො මග්ගඤාණතො අනන්තරා අරහත්තං උප්පජ්ජති. අථ වා උජුමග්ගානුසාරිනොති ලීනුද්ධච්චපතිට්ඨානායූහනාදිකෙ වජ්ජෙත්වා සමථවිපස්සනං යුගනද්ධං කත්වා භාවනාවසෙන පවත්තං පුබ්බභාගමග්ගං අනුස්සරන්තස්ස අනුගච්ඡන්තස්ස පටිපජ්ජන්තස්ස ගොත්රභුඤාණානන්තරං දිට්ඨෙකට්ඨානං කිලෙසානං ඛෙපනතො ඛයස්මිං සොතාපත්තිමග්ගෙ පඨමං ඤාණං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං උප්පජ්ජති. තතො අඤ්ඤා අනන්තරාති තතො පඨමඤාණතො අනන්තරා අනන්තරතො පට්ඨාය යාව අග්ගමග්ගා අඤ්ඤා අඤ්ඤින්ද්රියං උප්පජ්ජති.
ගාථාවන්හි - සික්ඛමානස්ස යනු අධිශීල ශික්ෂා ආදියෙහි හික්මෙන්නා වූ ඒවා වඩන්නා වූ. උජුමග්ගානුසාරිනො යනු අන්ත දෙක දුරුකළ බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සෘජු මාර්ගයයි කියනු ලැබේ. ඒ ආර්ය මාර්ගය සිහිකිරීම් සිහි කිරීම් වශයෙන් (එහි ගමන කිරීම් වශයෙන්) ‘උජුමග්ගානුසාරිනො’ වෙයි. පිළිවෙළින් (සෝවාන් ආදී) මාර්ග උපදවන්නා වූ තැනැත්තාට යන අර්ථයි. ඛයස්මිං යනු ඉතිරි නොකොට කෙලෙස් දුරුකිරීම් වශයෙන් ඛය නම් වූ අග්‍ර (අර්හත්) මාර්ගයෙහි ඤාණය පඨමං පළමුවම උපදී. තතො අඤ්ඤා අන්නතරා යනු ඒ මාර්ග ඥානයෙන් අනතුරුව (අතරක් නැතිව) අර්හත්ඵලය (අරහත්තං) උපදී. නැතහොත් උජුමග්ගානුසාරිනො යනු ලීන (නම් වූ සිතෙහි මැලිබව), උද්ධච්ච (නම් වූ සිතේ නොසන්සුන් බව), පතිට්ඨාන (නම් වූ සසර සයුරෙහි පිහිටා සිටීම) ආයූහන (නම් වූ කර්ම රැස්කිරීම) ආදිය දුරුකොට සමථ- විදර්ශනා දෙක (සෝවාන් මාර්ගයට පත්වීමට මුලින් කරන භාවනාවක් නිසා සමථ විදර්ශනා දෙක එක්වර නොව එකක් වඩා අනික වැඩීම් වශයෙන්) යුගනද්ධ කොට වැඩීම් වශයෙන් පැවති පූර්වභාග මාර්ගය සිහිකරන, අනුව යන, පිළිපදින තැනැත්තාගේ ගෝත්‍රභූ ඤාණයට අනතුරුව (සක්කාය) දිට්ඨිය සමග යෙදෙන කෙලෙසුන් ගෙවාදැමීම් වශයෙන් ඛයස්මිං සෝතාපත්ති මාර්ගයෙහි පඨමං ඤාණං (පළමු ඤාණය වන) අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය උපදී.
තතො අඤ්ඤා විමුත්තස්සාති තතො අඤ්ඤා අඤ්ඤින්ද්රියතො පච්ඡා අරහත්තමග්ගඤාණානන්තරා අරහත්තඵලෙන පඤ්ඤාවිමුත්තියා අඤ්ඤාතාවින්ද්රියෙන විමුත්තස්ස. ඤාණං වෙ හොති තාදිනොති අරහත්තඵලුප්පත්තිතො උත්තරකාලෙ ඉට්ඨානිට්ඨාදීසු තාදිලක්ඛණප්පත්තස්ස ඛීණාසවස්ස පච්චවෙක්ඛණඤාණං උප්පජ්ජති. කථං උප්පජ්ජතීති ආහ “අකුප්පා මෙ විමුත්තී”ති. තස්ස අකුප්පභාවස්ස කාරණං දස්සෙති “භවසංයොජනක්ඛයා”ති.
තතො අඤ්ඤා අනන්තරා යනු ‘තතො’ පළමු ඤාණයෙන් ‘අනන්තරා’ - අනතුරුව පටන්ගෙන අග්‍ර මාර්ගය (අර්හත් මාර්ගය) තෙක් ‘අඤ්ඤා’ - අඤ්ඤින්‍ද්‍රිය උපදී. තතො අඤ්ඤා විමුත්තස්ස යනු ‘තතො අඤ්ඤා’ - අඤ්ඤින්ද්රියෙන් පසු අර්හත් මාර්ග ඥානයට අනතුරුව අර්හත්ඵල නම් වූ ප්‍රඥා විමුක්තියෙන් හෙවත් අඤ්ඤාතාවින්ද්රියෙන් ‘විමුත්තස්ස’ මිදුණා වූ. ඤාණං වෙ හොති තාදිනො යනු අර්හත් ඵලයට පත්වීමෙන් පසු කාලයෙහි ඉටු අනිටු ආදී අරමුණුවල නොවෙනස් වූ ක්ෂීණාශ්රවයන් වහන්සේට ප්රත්යවේක්ෂණ ඥානය උපදී. කෙසේ උපදී ද? අකුප්පා මෙ විමුත්තීති මගේ අර්හත්ඵල විමුක්තිය වෙනස් නොවෙයි. (එසේ වෙනස් නොවන අයුරින් උපදින බව) කීහ. භවසඤ්ඤො ජනක්ඛයා යනුවෙන් ඒ වෙනස් නොවන බවට කාරණය දක්වයි.
ඉදානි තාදිසං ඛීණාසවං ථොමෙන්තො “ස වෙ ඉන්ද්රියසම්පන්නො”ති තතියං ගාථමාහ. තත්ථ ඉන්ද්රියසම්පන්නොති යථාවුත්තෙහි තීහි ලොකුත්තරින්ද්රියෙහි සමන්නාගතො, සුද්ධෙහිපි වා පටිප්පස්සද්ධිලද්ධෙහි සද්ධාදීහි ඉන්ද්රියෙහි සමන්නාගතො පරිපුණ්ණො, තතො එව චක්ඛාදීහි සුට්ඨු වූපසන්තෙහි නිබ්බිසෙවනෙහි ඉන්ද්රියෙහි සමන්නාගතො. තෙනාහ “සන්තො”ති, සබ්බකිලෙසපරිළාහවූපසමෙන උපසන්තොති අත්ථො. සන්තිපදෙ රතොති නිබ්බානෙ අභිරතො අධිමුත්තො. එත්ථ ච “ඉන්ද්රියසම්පන්නො”ති එතෙන භාවිතමග්ගතා, පරිඤ්ඤාතක්ඛන්ධතා චස්ස දස්සිතා. “සන්තො”ති එතෙන පහීනකිලෙසතා, “සන්තිපදෙ රතො”ති එතෙන සච්ඡිකතනිරොධතාති. සෙසං වුත්තනයමෙව.
දැන් එබඳු වූ ක්ෂීණාශ්රවයන් වහන්සේට ස්තුති කරමින් (ප්‍රශංසා කරමින්) ‘සවෙ ඉන්ද්රිය සම්පන්නො’ යනුවෙන් තෙවන ගාථාව වදාළහ. එහි ඉන්ද්රිය සම්පන්නො යනු කියන ලද පරිදි ලෝකෝත්තර ඉන්ද්රිය තුනෙන් යුක්ත වූ, එහෙයින් පිරිසිදු වූ සන්සිඳීම ලබන ලද ශ්‍රද්ධාදී ඉඳුරන්ගෙන් යුක්තවූ පරිපූර්ණ වූ. එහෙයින්ම මනාව සන්සිඳුනා වූ (කෙලෙස් වශයෙන්) ඇසුරු නොකරන. චක්ඛු (ඇස) ආදී ඉඳුරන්ගෙන් යුක්ත වූ. එහෙයින් සන්තො යනුවෙන් කීහ. සියලු කෙලෙස් දාහයන් සන්සිඳීමෙන් උපශාන්ත වූ යන අර්ථයි. සන්තිපදෙ රතො යනු නිවනෙහි ඇලුණා වූ. මෙහි ද ‘ඉන්ද්රිය සම්පන්නො’ යන මෙයින් ඔහුගේ භාවිත කරන ලද මාර්ගය ඇති බව ද පිරිසිඳ දැනගන්නා ලද ස්කන්ධ ඇති බවද දක්වන ලදී. ‘සන්තො’ යන මෙයින් පහවූ කෙලෙස් ඇති බව ද ‘සන්තිපදෙ රතො’ යන මෙයින් ප්රත්යක්ෂ කරන ලද නිරෝධය (නිවන) ඇති බව ද දක්වන ලදී. සෙස්ස කියන ලද ක්‍රමයෙන් ම දතයුතුය.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවන සූත්‍රයයි
4. අද්ධාසුත්තවණ්ණනා
4. අධ්ව සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අද්ධාති කාලා. අතීතො අද්ධාතිආදීසු ද්වෙ පරියායා – සුත්තන්තපරියායො, අභිධම්මපරියායො ච. තත්ථ සුත්තන්තපරියායෙන පටිසන්ධිතො පුබ්බෙ අතීතො අද්ධා නාම, චුතිතො පච්ඡා අනාගතො අද්ධා නාම, සහ චුතිපටිසන්ධීහි තදනන්තරං පච්චුප්පන්නො අද්ධා නාම. අභිධම්මපරියායෙන උප්පාදො, ඨිති, භඞ්ගොති ඉමෙ තයො ඛණෙ පත්වා නිරුද්ධධම්මා අතීතො අද්ධා නාම, තයොපි ඛණෙ අසම්පත්තා අනාගතො අද්ධා නාම, ඛණත්තයසමඞ්ගිනො පච්චුප්පන්නො අද්ධා නාම.
සතරවන සූත්‍රයෙහි අද්ධා යනු කාලයයි. ‘අතීතො අද්ධා’ යනාදියෙහි සූත්‍රාන්ත පරියාය අභිධර්ම පර්යාය යනුවෙන් පර්යාය දෙකකි. එහි සූත්‍රාන්ත පර්යායයෙන් ප්රතිසන්ධියෙන් පෙර අවස්ථාව අතීත අද්ධය නම් වේ. චුතියෙන් පසුව අනාගත අද්ධය නම් වෙයි. චුති පටිසන්ධි දෙක සමග ඉන් අනතුරුව වර්තමාන අද්ධය නම් වෙයි. අභිධර්ම පර්යායයෙන් උත්පාද - ඨිති - භංග (ඉපදීම - පැවැන්ත - නැතිවීම) යන මේ ක්ෂණ තුනට පැමිණ නිරුද්ධ වූ ධර්ම අතීත අද්ධය (අතීත කාලය) නමි. ක්ෂණ තුනට නොපැමිණි ධර්ම අනාගත අද්ධය තමි. ක්ෂණ තුනෙන් යුක්ත වූයේ වර්තමාන අද්ධය නමි.
අපරො නයො – අයඤ්හි අතීතාදිවිභාගො අද්ධාසන්තතිසමයඛණවසෙන චතුධා වෙදිතබ්බො. තෙසු අද්ධාවිභාගො වුත්තො. සන්තතිවසෙන සභාගා එකඋතුසමුට්ඨානා, එකාහාරසමුට්ඨානා ච පුබ්බාපරියවසෙන වත්තමානාපි පච්චුප්පන්නා. තතො පුබ්බෙ විසභාගඋතුආහාරසමුට්ඨානා අතීතා පච්ඡා අනාගතා. චිත්තජා එකවීථිඑකජවනඑකසමාපත්තිසමුට්ඨානා පච්චුප්පන්නා නාම, තතො පුබ්බෙ අතීතා, පච්ඡා අනාගතා. කම්මසමුට්ඨානානං පාටියෙක්කං සන්තතිවසෙන අතීතාදිභෙදො නත්ථි, තෙසංයෙව පන උතුආහාරචිත්තසමුට්ඨානානං උපත්ථම්භකවසෙන තස්ස අතීතාදිභාවො වෙදිතබ්බො. සමයවසෙන එකමුහුත්තපුබ්බණ්හසායන්හරත්තිදිවාදීසු සමයෙසු සන්තානවසෙන පවත්තමානා තංතංසමයෙ පච්චුප්පන්නා නාම, තතො පුබ්බෙ අතීතා, පච්ඡා අනාගතා. අයං තාව රූපධම්මෙසු නයො.
වෙනත් ක්‍රමයක් : මේ අතීතාදී විභාගය අද්ධ - සන්තති - සමය - බණ වශයෙන් සතර ආකාරයකින් දතයුතුය. ඒවා අතරින් අද්ධ විභාගය (කාලය බෙදීම) කියන ලදී. ‘සන්තති’ වශයෙන් සමාන වූ එක් උතුසමුට්ඨානයක් (ඍතුජ රූපයක්) ද එක් ආහාර සමුට්ඨානයක් (ආහාරජ රූපයක්) ද පෙරපසු වශයෙන් පවත්නේ වර්තමානයයි. එයින් පෙර වූ අසමාන වූ උතු - ආහාර යන සමුට්ඨාන අතීතය, එයින් පසු වූ ඒවා අනාගතය. එක් චිත්ත වීථියක, එක් ජවන් වාරයක, එක් සමාපත්ති වාරයක සමුට්ඨාන වන (උපදින්නා වූ,) චිත්තජ රූප වර්තමානය, එයින් පෙර අතීත යයි ද එයින් පසු අනාගත යයි ද කියනු ලැබේ. කම්ම සමුට්ඨාන (කර්මයෙන් උපදින) රූපයන්ගේ පරම්පරා වශයෙන් වෙන් වෙන් වූ අතීතාදී භේදයක් නැත. ඒ ඍතු-ආහාර-චිත්ත යන මේවායින් උපදින රූපයන්ට උපකාර වශයෙන් ඒ කර්ම සමුට්ඨානයේ අතීතාදී බව දතයුතුය. ‘සමය’ වශයෙන් (කාල වශයෙන්) එක් මොහොතක, පෙරවරුව, සවස, රාත්‍රිය, දවල් යන කාලවල සන්තාන (පරම්පරා) වශයෙන් පවත්නාවූ රූප ධර්ම ඒ ඒ සමයෙහි වර්තමාන නමි. එයින් පෙර අතීතය, එයින් පසු අනාගතය. පළමුකොට මේ රූප ධර්මයන්හි ක්‍රමයයි.
අරූපධම්මෙසු පන ඛණවසෙන උප්පාදාදික්ඛණත්තයපරියාපන්නා පච්චුප්පන්නා, තතො පුබ්බෙ අතීතා, පච්ඡා අනාගතා. අපිච අතික්කන්තහෙතුපච්චයකිච්චා අතීතා, නිට්ඨිතහෙතුකිච්චා අනිට්ඨිතපච්චයකිච්චා පච්චුප්පන්නා, උභයකිච්චං අසම්පත්තා අනාගතා. අත්තනො වා කිච්චක්ඛණෙ පච්චුප්පන්නා, තතො පුබ්බෙ අතීතා, පච්ඡා අනාගතා. එත්ථ ච ඛණාදිකථාව නිප්පරියායා, සෙසා පරියායා. අයඤ්හි අතීතාදිභෙදො නාම ධම්මානං හොති, න කාලස්ස. අතීතාදිභෙදෙ පන ධම්මෙ උපාදාය පරමත්ථතො අවිජ්ජමානොපි කාලො ඉධ තෙනෙව වොහාරෙන අතීතොතිආදිනා වුත්තොති වෙදිතබ්බො.
අරූප ධර්මයන්හි වනාහි - ක්ෂණ වශයෙන් උත්පාද ආදී ක්ෂණ තුනට ඇතුළත් වූ අරූප ධර්ම වර්තමානය. එයින් පෙර අතීතය, එයින් පසු අනාගතය. තව ද හේතු ප්‍රත්‍යයන්ගේ කටයුතු ඉක්මවන ලද ධර්ම අතීතය, හේතූන්ගේ කටයුතු නිමවන ලද ධර්ම ද ප්‍රත්‍යයන්ගේ කටයුතු නො නිමි ධර්ම ද වර්තමානය. මේ කටයුතු දෙකටම නොපැමිණි ධර්ම අනාගතය. තමාගේ (ඒ අරූප ධර්මයන්ගේ) කටයුතු සිදුවන මොහොතෙහි වර්තමානය, එයින් පෙර අතීතය, එයින් පසු අනාගතය. මෙහි ද ක්ෂණ ආදී කථාව නිප්පරියාය (ප්‍රධාන) වෙයි. අනිත්වා පරියාය (අප්‍රධාන) වෙයි. මේ අතීත ආදී භේදය ඇත්තේ (රූප-අරූප) ධර්මවලට මිස කාලයට නොවෙයි. අතීතාදී භේද ඇති මේ ධර්ම සලකාගෙන පරමාර්ථ වශයෙන් කාලය අවිද්‍යාමාන වුවද මෙහිදී ඒ ව්‍යවහාරයෙන් අතීත ආදී වශයෙන් කියන ලදැයි දතයුතුය.
ගාථාසු අක්ඛෙය්යසඤ්ඤිනොති එත්ථ අක්ඛායති, කථීයති, පඤ්ඤාපීයතීති අක්ඛෙය්‍යං, කථාවත්ථු, අත්ථතො රූපාදයො පඤ්චක්ඛන්ධා. වුත්තඤ්හෙතං –
ගාථාවන්හි අක්ඛෙය්‍යසඤ්ඤිනො යන මෙහි කියනු ලැබේ, කතාකරනු ලැබේ, පනවනු ලැබේ යන අරුතින් ‘අක්ඛෙය්ය’ නම් වේ. කථාවස්තුය. අර්ථ වශයෙන් රූපාදී පංචස්කන්ධයයි. ඒ කාරණය මෙසේ කියන ලදී -
“අතීතං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්ය, අනාගතං වා…පෙ… පච්චුප්පන්නං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්යා”ති (දී· නි· 3.305).
‘අතීතං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්ය, අනාගතං වා - පච්චුප්පන්නං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්ය’ ‘අතීත කාලය හෝ අරබයා කතා කරන්නේය, අනාගත කාලය හෝ වර්තමාන කාලය හෝ අරබයා කතා කරන්නේය.’
“තථා යං, භික්ඛවෙ, රූපං අතීතං නිරුද්ධං විපරිණතං, ‘අහොසී’ති තස්ස සඞ්ඛා, ‘අහොසී’ති තස්ස සමඤ්ඤා, ‘අහොසී’ති තස්ස පඤ්ඤත්ති; න තස්ස සඞ්ඛා අත්ථීති, න තස්ස සඞ්ඛා භවිස්සතී”ති (සං· නි· 3.62) –
‘තථා යං භික්ඛවෙ, රූපං අතීතං නිරුද්ධං විපරිණතං, ‘අහොසී’ ති තස්ස සංඛා, ‘අහොසී’ති තස්ස සමඤ්ඤා, ‘අහොසී’ති තස්ස පඤ්ඤත්ති, න තස්ස සංඛා ‘භවිස්සතී’ති, න තස්ස සංඛා අත්ථි’ ත’ ‘මහණෙනි, යම් රූපයක් අතීත ද නිරුද්ධ ද විපරිණත ද ‘වූයේය’ යනු ඒ රූපයේ සංඛ්‍යාවයි. ‘වූයේය’’ යනු ඒ රූපයේ නමයි. ‘වූයේය’ යනු ඒ රූපයේ පැණවීමයි. ‘වන්නේය’ යනු ඒ රූපයේ සංඛ්‍යාව නොවෙයි. ‘ඇත’ යනු ඒ රූපයේ සංඛ්‍යාව (ගිණීම, ගණන් ගැනීම) නොවේ.
එවං වුත්තෙන නිරුත්තිපථසුත්තෙනපි එත්ථ අත්ථො දීපෙතබ්බො. එවං කථාවත්ථුභාවෙන අක්ඛෙය්යසඞ්ඛාතෙ ඛන්ධපඤ්චකෙ අහන්ති ච මමන්ති ච දෙවොති ච මනුස්සොති ච ඉත්ථීති ච පුරිසොති ච ආදිනා පවත්තසඤ්ඤාවසෙන අක්ඛෙය්‍යසඤ්ඤිනො, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු සත්තපුග්ගලාදිසඤ්ඤිනොති අත්ථො. අක්ඛෙය්යස්මිං තණ්හාදිට්ඨිග්ගාහවසෙන පතිට්ඨිතා, රාගාදිවසෙන වා අට්ඨහාකාරෙහි පතිට්ඨිතා. රත්තො හි රාගවසෙන පතිට්ඨිතො හොති, දුට්ඨො දොසවසෙන, මූළ්හො මොහවසෙන, පරාමට්ඨො දිට්ඨිවසෙන, ථාමගතො අනුසයවසෙන, විනිබද්ධො මානවසෙන, අනිට්ඨඞ්ගතො විචිකිච්ඡාවසෙන, වික්ඛෙපගතො උද්ධච්චවසෙන පතිට්ඨිතො හොතීති.
මෙසේ කියන ලද නිරුක්තිපථ සූත්‍රයෙන් ද මෙහි අර්ථය පැහැදිලි කරගත යුතුය. මෙසේ කථාවස්තු භාවයෙන් අක්ඛෙය්ය නම් වූ ස්කන්ධ පංචකයෙහි මම යයි ද මගේ යයි ද දෙවියා යයි ද මනුෂ්‍යයා යයි ද ස්ත්‍රිය යයි ද පුරුෂයා යයි ද ආදී ලෙස පැවති සඤ්ඤා වශයෙන් අක්ඛෙය්ය සඤ්ඤී වෙති. පංච උපාදාන ස්කන්ධයෙහි සත්ත්ව පුද්ගල ආදී සඤ්ඤා ඇත්තෝය යන අර්ථයි. අක්ඛෙය්යස්මිං පංච උපාදාන ස්කන්ධයෙහි තණ්හා දිට්ඨි ගැනීම් වශයෙන් පතිට්ඨිතා රාගාදී වශයෙන් හෝ අට ආකාරයකින් පිහිටියේය. රාගයෙන් රත් වූ තැනැත්තා රාග වශයෙන් පිහිටියේ වෙයි. ද්වේෂයෙන් දුෂ්ට වූ තැනැත්තා ද්වේෂ වශයෙන් ද මුළා වූ තැනැත්තා මෝහ වශයෙන් ද දැඩිලෙස අල්ලා ගැනීම් ඇති තැනැත්තා දෘෂ්ටි වශයෙන් ද කෙලෙස් තම සිත්හි තහවුරු කොට ඇති තැනැත්තා අනුසය වශයෙන් ද බැඳුණු තැනැත්තා මාන වශයෙන් ද ස්ථිර නිගමනයකට නොගිය තැනැත්තා විචිකිච්ඡා වශයෙන් ද කැළඹුණු සිත් ඇති තැනැත්තා උද්ධච්ච වශයෙන් ද පිහිටියේ වෙයි.
අක්ඛෙය්‍යං අපරිඤ්ඤායාති තං අක්ඛෙය්‍යං තෙභූමකධම්මෙ තීහි පරිඤ්ඤාහි අපරිජානිත්වා තස්ස අපරිජානනහෙතු. යොගමායන්ති මච්චුනොති මරණස්ස යොගං තෙන සංයොගං උපගච්ඡන්ති, න විසංයොගන්ති අත්ථො.
අක්ඛෙය්‍යං අපරිඤ්ඤාය යනු ඒ පංච උපාදාන ස්කන්ධය, (කාම-රූප-අරූප) යන ත්‍රෛභූමික ධර්ම ත්‍රිවිධ පරිඤ්ඤාවන්ගෙන් පිරිසිඳ නොදැන ඒ පිළිබඳ නොදැනීම් හේතුවයි. යොගමායන්ති මච්චුනො යනු මරණයේ යෙදීමට මරණය සමග සංයෝගයට එළඹෙත්. විසංයෝග නොවේ යන අර්ථයි.
අථ වා යොගන්ති උපායං, තෙන යොජිතං පසාරිතං මාරසෙනට්ඨානියං අනත්ථජාලං කිලෙසජාලඤ්ච උපගච්ඡන්තීති වුත්තං හොති. තථා හි වුත්තං –
නැතහොත් ‘යොගං’ යනු උපායයි. එයින් යොදන ලද අතුරන ලද මරසෙනගට සුදුසු අනර්ථ ජාලයට ක්ලේශජාලයට යති යනුවෙන් කියන ලද්දේ වෙයි.
“න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා”ති. (ම· නි· 3.272; ජා· 2.22.121; නෙත්ති· 103);
‘න හි නො සංගරං තෙන මහා සෙනෙන මච්චුනා’ ‘ඒ මහා සේනාවක් ඇති මාරයා සමග අපගේ ගනුදෙනුවක් නැත’ යනුවෙන් කියන ලදී.
එත්තාවතා වට්ටං දස්සෙත්වා ඉදානි විවට්ටං දස්සෙතුං “අක්ඛෙය්‍යඤ්ච පරිඤ්ඤායා”තිආදි වුත්තං. තත්ථ ච-සද්දො බ්යතිරෙකෙ, තෙන අක්ඛෙය්යපරිජානනෙන ලද්ධබ්බං වක්ඛමානමෙව විසෙසං ජොතෙති. පරිඤ්ඤායාති විපස්සනාසහිතාය මග්ගපඤ්ඤාය දුක්ඛන්ති පරිච්ඡිජ්ජ ජානිත්වා, තප්පටිබද්ධකිලෙසප්පහානෙන වා තං සමතික්කමිත්වා තිස්සන්නම්පි පරිඤ්ඤානං කිච්චං මත්ථකං පාපෙත්වා. අක්ඛාතාරං න මඤ්ඤතීති සබ්බසො මඤ්ඤනානං පහීනත්තා ඛීණාසවො අක්ඛාතාරං න මඤ්ඤති, කාරකාදිසභාවං කිඤ්චි අත්තානං න පච්චෙතීති අත්ථො.
මෙපමණකින් සසර දක්වා දැන් නිවන දක්වන්නට අක්ඛෙය්‍යඤ්ච පරිඤ්ඤාය යනාදිය කියන ලදී. එහි ‘ච’ ශබ්දය අතිරේක අර්ථයෙහිය. (එහි අර්ථයක් නැත). ඒ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැනීමෙන් ලැබිය යුතු දෙය කියමින්ම විශේෂය හෙළිකරයි. පරිඤ්ඤාය යනු විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවෙන් (මේ) දුකයයි පිරිසිඳ (වෙන්කොට) දැන එය හා බැඳුණු කෙලෙස් පහකිරීමෙන් හෝ එය (පිරිසිඳ දැනීම) ඉක්මවා පරිඤ්ඤාවන් තුනේම කටයුතු මුදුන් පමුණුවා. අක්ඛාතාරං න මඤ්ඤති යනු සියලු ආකාරයෙන් (සත්ත්ව පුද්ගල ආදී) හැඟීම් සංඥා පහ වූ බැවින් ක්ෂීණාශ්රවයන් වහන්සේ (තිස්ස ආදී වශයෙන්) කිවයුතු පුද්ගලයකු (ඇතැයි) නොහඟිති. කාරක (කරන්නන්) ආදි භාවයක් කිසියම් ආත්මයක් (ඇතැයි) නොපිළිගනිති යන අර්ථයි.
ඵුට්ඨො විමොක්ඛො මනසා, සන්තිපදමනුත්තරන්ති යස්මා සබ්බසඞ්ඛතවිමුත්තත්තා “විමොක්ඛො”ති සබ්බකිලෙසසන්තාපවූපසමනට්ඨානතාය “සන්තිපද”න්ති ලද්ධනාමො නිබ්බානධම්මො ඵුට්ඨො ඵුසිතො පත්තො, තස්මා අක්ඛාතාරං න මඤ්ඤතීති. අථ වා “පරිඤ්ඤායා”ති පදෙන දුක්ඛසච්චස්ස පරිඤ්ඤාභිසමයං සමුදයසච්චස්ස පහානාභිසමයඤ්ච වත්වා ඉදානි “ඵුට්ඨො විමොක්ඛො මනසා, සන්තිපදමනුත්තර”න්ති ඉමිනා මග්ගනිරොධානං භාවනාසච්ඡිකිරියාභිසමයං වදති. තස්සත්ථො – සමුච්ඡෙදවසෙන සබ්බකිලෙසෙහි විමුච්චතීති විමොක්ඛො, අරියමග්ගො. සො පනස්ස මග්ගචිත්තෙන ඵුට්ඨො ඵුසිතො භාවිතො, තෙනෙව අනුත්තරං සන්තිපදං නිබ්බානං ඵුට්ඨං ඵුසිතං සච්ඡිකතන්ති.
ඵුට්ඨො විමොක්ඛො මනසා සන්තිපදමනුත්තරං යනු යම්හෙයකින් සියලු සංඛතයන්ගෙන් මිදුණු බැවින් විමොක්ඛ යනුවෙන් ද සියලු කෙලෙස් තැවීම් සන්සිඳුවන ස්ථානය වන බැවින් සන්තිපද යනුවෙන් ද ලබන ලද නම් ඇති නිර්වාණ ධර්මය ස්පර්ශ කරන ලද්දේ ද අවබෝධ කරන ලද්දේ ද එහෙයින් කියයුතු පුද්ගලයකු (ඇතැයි) නොහඟී. නැතහොත් ‘පරිඤ්ඤාය’ යන පදයෙන් දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දැනීම ද සමුදය සත්‍යයේ දුරුකිරිම ද කියා ‘ඵුට්ඨො විමොක්ඛො මනසා සන්තිපද මනුත්තරං’ යන මෙයින් මාර්ග - නිරෝධ සත්‍යයන් භාවනාවෙන් ප්රත්යක්ෂ කිරීම ප්‍රකාශ කරයි. එහි අර්ථය : සහමුලින් නැතිකිරිම් වශයෙන් සියලු කෙලෙසුන් කෙරෙන් මිදෙයි යන අරුතින් විමොක්ඛ නමි. (එනම්) ආර්ය මාර්ගයයි. ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේ වනාහි උන්වහන්සේගේ මාර්ග සිතෙන් ස්පර්ශ කරන ලද්දේ භාවිත කරන ලද්දේ ද උන්වහන්සේ විසින්ම අනුත්තර වූ ශාන්තපදයයි කියන ලද නිවන ස්පර්ශ කරන ලදී. ප්රත්යක්ෂ කරන ලදී.
අක්ඛෙය්යසම්පන්නොති අක්ඛෙය්යනිමිත්තං විවිධාහි විපත්තීහි උපද්දුතෙ ලොකෙ පහීනවිපල්ලාසතාය තතො සුපරිමුත්තො අක්ඛෙය්යපරිඤ්ඤාභිනිබ්බත්තාහි සම්පත්තීහි සම්පන්නො සමන්නාගතො. සඞ්ඛාය සෙවීති පඤ්ඤාවෙපුල්ලප්පත්තියා චීවරාදිපච්චයෙ සඞ්ඛාය පරිතුලෙත්වාව සෙවනසීලො, සඞ්ඛාතධම්මත්තා ච ආපාථගතං සබ්බම්පි විසයං ඡළඞ්ගුපෙක්ඛාවසෙන සඞ්ඛාය සෙවනසීලො. ධම්මට්ඨොති අසෙක්ඛධම්මෙසු නිබ්බානධම්මෙ එව වා ඨිතො. වෙදගූති වෙදිතබ්බස්ස චතුසච්චස්ස පාරඞ්ගතත්තා වෙදගූ. එවංගුණො අරහා භවාදීසු කත්ථචි ආයතිං පුනබ්භවාභාවතො මනුස්සදෙවාති සඞ්ඛ්‍යං න උපෙති, අපඤ්ඤත්තිකභාවමෙව ගච්ඡතීති අනුපාදාපරිනිබ්බානෙන දෙසනං නිට්ඨාපෙසි.
අක්ඛෙය්ය සම්පන්නො යනු පංචස්කන්ධය නිමිතිකොට විවිධ විපත්තිවලින් උවදුරට පත් වූ ලෝකයෙහි පහ වූ විපර්යාස ඇති බැවින් එයින් මනාව මිදුනේ පංචස්කන්ධය පිරිසිඳ දැනීමෙන් උපන් සම්පත්වලින් සම්පන්න වූ යුක්ත වූ. සංඛාය සෙවී යනු ප්‍රඥාව විපුලත්වයට පත්වීමෙන් චීවරාදී ප්‍රත්‍යයන් නුවණින් විමසා බලාම ඇසුරුකරන ස්වභාවය ඇත්තා වූ ද පිරිසිඳ දන්නා ලද ධර්ම ඇති හෙයින් ද ඉන්ද්රියයන් හමුවට පැමිණි සියලු අරමුණු ඡලංගුපෙක්ඛා (ඉඳුරන් හයට අරමුණු හයක් ඇති හෙයින් ඒ අරමුණු හයෙහි උපේක්ෂා වීම්) වශයෙන් නුවණින් විමසා බලා ඇසුරුකරන සුලු වූ. ධම්මට්ඨො යනු අසේඛ ධර්මයන්හි හෝ නිර්වාණ ධර්මයෙහිම හෝ පිහිටි. වෙදගු යනු අවබෝධ කළ යුතු චතුස්සත්යයේ පරතෙරට ගිය බැවින් වෙදගු නම් වේ. මෙසේ ගුණ ඇත්තා වූ රහතන් වහන්සේ භවාදීන්හි කිසිතැනක මතු පුනර්භවයක් නැති බැවින් මිනිසාය දෙවියාය යන ගණනට නො පැමිණෙයි. පැණවීමක් නැති බවටම යතියි අනුපාදා පරිනිර්වාණයෙන් දේශනාව නිමකළ සේක.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සතරවන සූත්‍රයයි.
5. දුච්චරිත සුත්තවණ්ණනා
5. දුශ්චරිත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ දුට්ඨු චරිතානි, දුට්ඨානි වා චරිතානි දුච්චරිතානි. කායෙන දුච්චරිතං, කායතො වා පවත්තං දුච්චරිතං කායදුච්චරිතං. සෙසෙසුපි එසෙව නයො. ඉමානි ච දුච්චරිතානි පඤ්ඤත්තියා වා කථෙතබ්බානි කම්මපථෙහි වා. තත්ථ පඤ්ඤත්තියා තාව කායද්වාරෙ පඤ්ඤත්තසික්ඛාපදස්ස වීතික්කමො කායදුච්චරිතං, වචීද්වාරෙ පඤ්ඤත්තසික්ඛාපදස්ස වීතික්කමො වචීදුච්චරිතං, උභයත්ථ පඤ්ඤත්තස්ස වීතික්කමො මනොදුච්චරිතන්ති අයං පඤ්ඤත්තිකථා. පාණාතිපාතාදයො පන තිස්සො චෙතනා කායද්වාරෙපි, වචීද්වාරෙපි, උප්පන්නා කායදුච්චරිතං, තථා චතස්සො මුසාවාදාදිචෙතනා වචීදුච්චරිතං, අභිජ්ඣා, බ්යාපාදො, මිච්ඡාදිට්ඨීති තයො චෙතනාසම්පයුත්තධම්මා මනොදුච්චරිතන්ති අයං කම්මපථකථා.
පස්වන සූත්‍රයෙහි නපුරු චරිත හෝ දුෂ්ට චරිත = දුච්චරිතානි. කයින් කරන දුසිරිත හෝ කයින් පැවති දුසිරිත = කාය දුච්චරිතං. ඉතිරි ඒවාහි ද ඒ ක්‍රමයමයි. මේ දුසිරිත පැණවීම් වශයෙන් හෝ කර්මපථ වශයෙන් හෝ කිවයුතුය. එහි පළමුකොට පැණවීම් වශයෙන් (මෙසේය.) කායද්වාරයෙහි පණවන ලද ශික්ෂාපද ඉක්මවීම කාය දුශ්චරිතයයි. වචී ද්වාරයෙහි පනවන ලද ශික්ෂාපද ඉක්මවීම වචී දුශ්චරිතයයි. දෙකෙහිම පනවන ලද ශික්ෂාපද ඉක්මවීම මනෝ දුශ්චරිතයයි. මේ ප්රඥප්ති කථාවයි. ප්‍රාණඝාත ආදී චේතනා තුන කායද්වාරයෙහි උපන් කාය දුශ්චරිතයයි. එසේ මුසාවාද ආදී චේතනා සතර වචී දුශ්චරිතයයි. අභිධ්‍යා, ව්‍යපාද මිථ්‍යා දෘෂ්ටි යන චේතනා සමග යෙදුණු ධර්ම තුන මනෝ දුශ්චරිතය යන මෙය කර්මපථ කථාවය.
ගාථායං කම්මපථප්පත්තොයෙව පාපධම්මො කායදුච්චරිතාදිභාවෙන වුත්තොති තදඤ්ඤං පාපධම්මං සඞ්ගණ්හිතුං “යඤ්චඤ්ඤං දොසසඤ්හිත”න්ති වුත්තං. තත්ථ දොසසඤ්හිතන්ති රාගාදිකිලෙසසංහිතං. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
ගාථාවෙහි - කර්මපථ බවට පත් වූම පාප ධර්මය කාය දුශ්චරිතාදි භාවයෙන් කියන ලදී. එයින් අන්‍ය වූ පාපධර්මය ඇතුළත් කරන්නට ‘යඤ්චඤ්ඤං දොස සංහිතං’ යනුවෙන් දෙසන ලදී. එහි දොස සංහිතං යනු රාගාදී කෙලෙස් සහිත වූ. ඉතිරිය මනාව දතහැක්කේමය.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍රයයි.
6. සුචරිතසුත්තවණ්ණනා
6. සුචරිත සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ සුට්ඨු චරිතානි, සුන්දරානි වා චරිතානි සුචරිතානි. කායෙන සුචරිතං, කායතො වා පවත්තං සුචරිතං කායසුචරිතං. සෙසෙසුපි එසෙව නයො. ඉධාපි පන පඤ්ඤත්තිවසෙන, කම්මපථවසෙන චාති දුවිධා කථා. තත්ථ කායද්වාරෙ පඤ්ඤත්තසික්ඛාපදස්ස අවීතික්කමො කායසුචරිතං, වචීද්වාරෙ පඤ්ඤත්තසික්ඛාපදස්ස අවීතික්කමො වචීසුචරිතං, උභයත්ථ පඤ්ඤත්තස්ස අවීතික්කමො මනොසුචරිතන්ති අයං පඤ්ඤත්තිකථා. පාණාතිපාතාදීහි පන විරමන්තස්ස උප්පන්නා තිස්සො චෙතනාපි විරතියොපි කායසුචරිතං, මුසාවාදාදීහි විරමන්තස්ස චතස්සො චෙතනාපි විරතියොපි වචීසුචරිතං, අනභිජ්ඣා, අබ්යාපාදො, සම්මාදිට්ඨීති තයො චෙතනාසම්පයුත්තධම්මා මනොසුචරිතන්ති අයං කම්මපථකථා. සෙසං වුත්තනයමෙව.
හයවන සූත්‍රයෙහි - යහපත් චරිත හෝ සුන්දර චරිත = සුචරිතානි. කයින් කරන සුචරිතය හෝ කයින් පැවති සුචරිතය = කාය සුචරිතං. ඉතිරි ඒවාහිද ඒ ක්‍රමයමයි. මෙහි ද ප්රඥප්ති වශයෙන් ද කර්මපථ වශයෙන්දැයි කථාව දෙපරිදිය. එහි කාය ද්වාරයෙහි පණවන ලද ශික්ෂාපද නො ඉක්මවීම කාය සුචරිතං කාය සුචරිතයයි. වචීද්වාරයෙහි පනවන ලද ශික්ෂාපද නො ඉක්මවීම වචී සුචරිතං වචී සුචරිතයයි. මේ ද්වාර දෙකෙහිම පනවන ලද ශික්ෂාපද නොඉක්මවීම මනෝ සුචරිතං මනෝ සුචරිතයයි. මෙය ප්රඥප්ති කථාවයි. ප්‍රාණඝාත ආදියෙන් වෙන්වන්නහුට උපන් විරති චේතනා තුන කාය සුචරිතයයි. මුසාවාද ආදියෙන් වෙන් වන්නහුට උපන් විරති චේතනා සතර වචී සුචරිතයයි. අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨි යන චේතනා සමග යෙදුණු ධර්ම තුන මනෝ සුචරිතය යන මෙය කර්මපථ කථාවය. ඉතිරිය කියන ලද පරිදිය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
හයවන සූත්‍රයයි.
7. සොචෙය්ය සුත්තවණ්ණනා
7. සෞචෙය සූත්‍ර වර්ණනාව
සත්තමෙ සොචෙය්යානීති සුචිභාවා. කායසොචෙය්යන්ති කායසුචරිතං, වචීමනොසොචෙය්යානිපි වචීමනොසුචරිතානෙව. තථා හි වුත්තං “තත්ථ කතමං කායසොචෙය්යං? පාණාතිපාතා වෙරමණී”තිආදි (අ· නි· 3.121-122).
සත්වන සූත්‍රයෙහි සොචෙය්යානි යනු පිරිසිදුකම්ය. කායසොචෙය්යං යනු කාය සුචරිතය. වචී සොචෙය්ය යනු වචී සුචරිතයමය. මනෝ සොචෙය්ය යනු මනෝ සුචරිතයමය. එහෙයින් ‘තත්ථ කතමං කාය සොචෙය්‍යං? පාණාතිපාතා වේරමණී’ ‘එහි කයේ පිරිසිදුකම කුමක් ද? සතුන් මැරීමෙන් වැළකීම’ යනාදිය දෙසන ලදී.
ගාථායං සමුච්ඡෙදවසෙන පහීනසබ්බකායදුච්චරිතත්තා කායෙන සුචීති කායසුචි. සොචෙය්යසම්පන්නන්ති පටිප්පස්සද්ධකිලෙසත්තා සුපරිසුද්ධාය සොචෙය්යසම්පත්තියා උපෙතං. සෙසං වුත්තනයමෙව.
ගාථාවෙහි - සහමුලින් දුරු වූ සියලු ම කාය දුශ්චරිත ඇති බැවින් කයින් පිරිසිදුය යනුවෙන් කායසුචි නමි. සොචෙය්යසම්පන්නං යනු සන්සිඳුවන ලද කෙලෙස් ඇති බැවින් සුපිරිසිදු වූ පිරිසිදුකමින් යුක්ත වූ. ඉතිරිය කියන ලද ක්‍රමයෙන්ම ය.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍රයයි.
8. මොනෙය්‍ය සුත්තවණ්ණනා
8. මෞනෙය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ මොනෙය්යානීති එත්ථ ඉධලොකපරලොකං අත්තහිතපරහිතඤ්ච මුනාතීති මුනි, කල්යාණපුථුජ්ජනෙන සද්ධිං සත්ත සෙක්ඛා අරහා ච. ඉධ පන අරහාව අධිප්පෙතො. මුනිනො භාවාති මොනෙය්යානි, අරහතො කායවචීමනොසමාචාරා.
අටවන සූත්‍රයෙහි මොනෙය්යාති යන මෙහි මෙලොව ද පරලොව ද තමාගේ යහපත ද අනුන්ගේ යහපත ද දනී යන අරුතින් මුනි නම් වේ. කල්‍යාණ පෘථග්ජනයා සමග ශෛක්ෂ (හික්මෙන) පුද්ගලයන් සත්දෙනා ද රහතන් වහන්සේ ද මුනි නම් වෙයි. මෙහි වනාහි රහතන් වහන්සේ අදහස් කරන ලදී. මුනිවරයාගේ ස්වභාවය (පැවැත්ම) මුනිභාවයයි (එනම් මොනෙය්යයි). රහතන් වහන්සේගේ කාය-වවී මනෝ සමාචාරයන්ය.
අථ වා මුනිභාවකරා මොනෙය්යපටිපදාධම්මා මොනෙය්යානි. තෙසමයං විත්ථාරො –
නැතහොත් මුනිභාවය ඇතිකරන මොනෙය්‍ය ප්‍රතිපදා ධර්ම මොනෙය්‍ය නමි. මේ ඒවායේ විස්තරය යි -
“තත්ථ කතමං කායමොනෙය්යං? තිවිධකායදුච්චරිතස්ස පහානං කායමොනෙය්යං, තිවිධං කායසුචරිතං කායමොනෙය්යං, කායාරම්මණෙ ඤාණං කායමොනෙය්යං, කායපරිඤ්ඤා කායමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො කායමොනෙය්යං, කායස්මිං ඡන්දරාගප්පහානං කායමොනෙය්යං, කායසඞ්ඛාරනිරොධා චතුත්ථජ්ඣානසමාපත්ති කායමොනෙය්යං.
එහි කාය මොනෙය්‍ය යනු කුමක්ද? ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගේ ප්රහාණය කාය මොනෙය්‍යය. ත්‍රිවිධ කාය සුචරිතය කාය මොනෙය්‍යය. කය අරමුණු කොට (අනිත්‍යාදී වශයෙන්) පැවති ඤාණය කාය මොනෙය්‍යය. කය පිරිසිඳ දැනීම කාය මොනෙය්‍යය. කය පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය කාය මොනෙය්‍යය. කයෙහි ඡන්දරාගය දුරුකිරීම කාය මොනෙය්‍යය. කාය සංස්කාර (ආශ්වාස-ප්‍රශ්වාස) නිරෝධයෙන් ලබන චතුර්ථධ්යාන සමාපත්තිය කාය මොනෙය්‍යය.
“තත්ථ කතමං වචීමොනෙය්යං? චතුබ්බිධවචීදුච්චරිතස්ස පහානං වචීමොනෙය්යං, චතුබ්බිධං වචීසුචරිතං, වාචාරම්මණෙ ඤාණං, වාචාපරිඤ්ඤා, පරිඤ්ඤාසහගතො මග්ගො, වාචාය ඡන්දරාගප්පහානං, වචීසඞ්ඛාරනිරොධා දුතියජ්ඣානසමාපත්ති වචීමොනෙය්යං.
එහි වචී මොනෙය්‍ය යනු කුමක් ද? සිවු වැදෑරුම් වචී දුශ්චරිතයන්ගේ ප්රහාණය වචී මොනෙය්‍යය. සිවුවැදෑරුම් වචී සුචරිතය වචී මොනෙය්‍යය. වචනය අරමුණු කොට (අනිත්‍යාදි වශයෙන්) පැවති ඤාණය වචී මොනෙය්‍යය. වචනය පිරිසිඳ දැනීම වචී මොනෙය්‍යය. වචනය පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය වචී මොනෙය්‍යය. වචනයෙහි ඡන්දරාගය දුරුකිරීම වචී මොනෙය්‍යය. වචී සංස්කාර (විතක්ක-විචාර) නිරෝධයෙන් ලබන ද්විතීය ධ්‍යානය වවී මොනෙය්‍යය.
“තත්ථ කතමං මනොමොනෙය්යං? තිවිධමනොදුච්චරිතස්ස පහානං මනොමොනෙය්යං, තිවිධං මනොසුචරිතං, මනාරම්මණෙ ඤාණං, මනොපරිඤ්ඤා, පරිඤ්ඤාසහගතො මග්ගො, මනස්මිං ඡන්දරාගප්පහානං, චිත්තසඞ්ඛාරනිරොධා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති මනොමොනෙය්‍ය”න්ති (මහානි· 14; චූළනි· මෙත්තගූමාණවපුච්ඡානිද්දෙස 21).
මනෝ මොනෙය්‍ය යනු කුමක් ද? ත්‍රිවිධ මනෝ දුශ්චරිතයන්ගේ ප්රහාණය මනෝ මොනෙය්‍යය. ත්‍රිවිධ මනෝ සුචරිතය මනෝ මොනෙය්‍යය. මනස අරමුණුකොට (අනිත්‍යදී වශයෙන්) පැවති ඤාණය මනෝ මොනෙය්‍යය. මනස පිරිසිඳ දැනීම මනෝ මොනෙය්‍යය. මනස පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය මනෝ මොනෙය්‍යය. මනසෙහි ඡන්දරාගය දුරුකිරීම මනෝ මොනෙය්‍යය. චිත්ත සංස්කාර (සඤ්ඤා-වේදනා) නිරෝධයෙන් ලබන සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තිය මනෝ මොනෙය්‍යය.
නින්හාතපාපකන්ති අග්ගමග්ගජලෙන සුට්ඨු වික්ඛාලිතපාපමලං.
නිද්ධොත පාපකං යනු අංග අටකින් යුත් මාර්ග ඵලයෙන් මනාව සෝදාහළ පව්මල ඇති.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍රයයි.
9. පඨමරාගසුත්තවණ්ණනා
9. ප්‍රථම රාග සූත්‍ර වර්ණනාව
නවමෙ යස්ස කස්සචීති අනියමිතවචනං, තස්මා යස්ස කස්සචි පුග්ගලස්ස ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා. රාගො අප්පහීනොති රඤ්ජනට්ඨෙන රාගො සමුච්ඡෙදවසෙන න පහීනො, මග්ගෙන අනුප්පත්තිධම්මතං න ආපාදිතො. දොසමොහෙසුපි එසෙව නයො. තත්ථ අපායගමනීයා රාගදොසමොහා පඨමමග්ගෙන, ඔළාරිකා කාමරාගදොසා දුතියමග්ගෙන, තෙයෙව අනවසෙසා තතියමග්ගෙන, භවරාගො අවසිට්ඨමොහො ච චතුත්ථමග්ගෙන පහීයන්ති. එවමෙතෙසු පහීයන්තෙසු තදෙකට්ඨතො සබ්බෙපි කිලෙසා පහීයන්තෙව. එවමෙතෙ රාගාදයො යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා උපාසකස්ස වා උපාසිකාය වා මග්ගෙන අප්පහීනා. බද්ධො මාරස්සාති කිලෙසමාරෙන බද්ධොති වුච්චති. යදග්ගෙන ච කිලෙසමාරෙන බද්ධො, තදග්ගෙන අභිසඞ්ඛාරමාරාදීහිපි බද්ධොයෙව හොති. පටිමුක්කස්ස මාරපාසොති පටිමුක්කො අස්ස අනෙන අප්පහීනකිලෙසෙන පුග්ගලෙන තායෙව අප්පහීනකිලෙසතාය මාරපාසසඞ්ඛාතො කිලෙසො අත්තනො චිත්තසන්තානෙ පටිමුක්කො පවෙසිතො, තෙන සයං බන්ධාපිතොති අත්ථො. අථ වා පටිමුක්කො අස්ස භවෙය්ය මාරපාසො. සුක්කපක්ඛෙ ඔමුක්කස්සාති අවමුක්කො මොචිතො අපනීතො අස්ස. සෙසං වුත්තවිපරියායෙන වෙදිතබ්බං.
නවවන සූත්‍රයෙහි යස්ස කස්සචි යනු අනියම් වචනයකි. එහෙයින් යම්කිසි ගිහි පුද්ගලයෙකුගේ හෝ පැවිදි පුද්ගලයෙකුගේ. රාගො අප්පහීනො යනු සිත් අලවන අර්ථයෙන් රාගය සහමුලින් පහ නොවූයේ මාර්ගයෙන් නූපදින ස්වභාවයට නොපමුණුවන ලද්දේ. දෝස මෝහ දෙකෙහිද මේ ක්‍රමයමයි. එහි අපාය ගමනට සුදුසු රාග දෝස මෝහ ප්‍රථම (සෝවාන්) මාර්ගයෙන් ද ඕලාරික (ගොරෝසු) කාමරාග-දෝස දෙවන (සකෘදාගාමි) මාර්ගයෙන් ද ඒවාම ඉතිරි නොකොට තෙවන (අනාගාමි) මාර්ගයෙන්ද භවරාගයද ඉතිරි වූ මෝහය ද සිවුවන (අර්හත්) මාර්ගයෙන් ද පහවෙයි. මෙසේ මේවා පහවන කල්හි ඒ හා සමග යෙදුණු සියලුම කෙලෙස් පහවන්නේමය. මෙසේ මේ රාගාදිය යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ උපාසකයෙකුගේ හෝ උපාසිකාවකගේ හෝ මාර්ගයෙන් පහ නොවූයේ. ඛන්ධො මාරස්ස යනු කෙලෙස් මාරයා විසින් බඳින ලද්දේ යයි කියනු ලැබේ. යම් මොහොතක කෙලෙස් මාරයා විසින් බඳින ලද ද එතැන් පටන් අභිසංඛාර ආදී මාරයන් විසින් ද බඳින ලද්දේ වෙයි. පටිමුක්කස්ස මාරපාසො යනු පටිමුක්කො අස්ස, මේ පහ නොවූ කෙලෙස් ඇති පුද්ගලයා විසින් ඒ පහනොවූ කෙලෙස් ඇති බැවින්ම මාරපාසය නම් වූ ක්ලේශය තමාගේ චිත්ත සන්තානයෙහි ඇතුල් කරන ලද්දේය. ඒ ක්ලේශය විසින් තමා බන්දවන ලද්දේය යන අර්ථයි. නොහොත් මොහු විසින් මාරපාසය ඇතුල්කරන ලද්දේ වන්නේය. කුශල පක්ෂයෙහි ඔමුක්කස්ස යනු මොහු විසින් ඇතුල් නොකරන ලද්දේ මුදන ලද්දේ ඉවත්කරන ලද්දේ වෙයි. ඉතිරිය කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය.
ඉධ ගාථා සුක්කපක්ඛවසෙනෙව ආගතා. තත්රායං සඞ්ඛෙපත්ථො – යස්ස අරියපුග්ගලස්ස රාගදොසාවිජ්ජා විරාජිතා අග්ගමග්ගෙන නිරොධිතා, තං භාවිතකායසීලචිත්තපඤ්ඤතාය භාවිතත්තෙසු අරහන්තෙසු අඤ්ඤතරං අබ්භන්තරං එකං බ්රහ්මභූතං බ්රහ්මං වා සෙට්ඨං අරහත්තඵලං පත්තං. යථා අඤ්ඤෙ ඛීණාසවා පුබ්බූපනිස්සයසම්පත්තිසමන්නාගතා හුත්වා ආගතා, යථා ච තෙ අන්තද්වයරහිතාය සීලසමාධිපඤ්ඤාක්ඛන්ධසහගතාය මජ්ඣිමාය පටිපදාය නිබ්බානං ගතා අධිගතා. යථා වා තෙ ඛන්ධාදීනං තථලක්ඛණං යාථාවතො පටිවිජ්ඣිංසු, යථා ච තෙ තථධම්මෙ දුක්ඛාදයො අවිපරීතතො අබ්භඤ්ඤිංසු, රූපාදිකෙ ච විසයෙ යථා තෙ දිට්ඨමත්තාදිවසෙනෙව පස්සිංසු, යථා වා පන තෙ අට්ඨ අනරියවොහාරෙ වජ්ජෙත්වා අරියවොහාරවසෙනෙව පවත්තවාචා, වාචානුරූපඤ්ච පවත්තකායා, කායානුරූපඤ්ච පවත්තවාචා, තථා අයම්පි අරියපුග්ගලොති තථාගතං, චතුසච්චබුද්ධතාය බුද්ධං, පුග්ගලවෙරං කිලෙසවෙරං අත්තානුවාදාදිභයඤ්ච අතික්කන්තන්ති වෙරභයාතීතං. සබ්බෙසං කිලෙසාභිසඞ්ඛාරාදීනං පහීනත්තා සබ්බප්පහායිනං බුද්ධාදයො අරියා ආහු කථෙන්ති කිත්තෙන්තීති.
මෙහි ගාථා කුශල පක්ෂය වශයෙන්ම ආයේය. මේ එහි කෙටි අර්ථයයි. යස්ස යම් ආර්ය පුද්ගලයකු විසින් රාග-දෝස-අවිද්‍යා විරාජිතා ආර්ය මාර්ගයෙන් නිරුද්ධ කරන ලද්දේ තං ඔහු භාවනා වශයෙන් පුරුදු කරන ලද කර ඇති බැවින් සීලය ඇති බැවින් සිත ඇති බැවින් ප්‍රඥාව ඇති බැවින් භාවිත ආත්ම ඇති රහතන් වහන්සේලා අතරෙහි අඤ්ඤතරං ඇතුළත් වූ එක්තරා පුද්ගලයකු වූ බ්රහ්මභූතං බ්‍රහ්ම වූ හෝ ශ්‍රේෂ්ඨ වූ අර්හත්ඵලයට පැමිණි. අනිත් ක්ෂීණාශ්රවයන් වහන්සේලා පෙර උපනිශ්‍රය සම්පත්තියෙන් යුක්ත වී යම්සේ ආවාහු ද උන්වහන්සේලා අන්ත දෙකෙන් තොර සීල සමාධි ප්‍රඥා ස්කන්ධවලින් යුක්ත වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් යම්සේ නිවනට ගියාහු ද නිවන අවබෝධ කළාහු ද උන්වහන්සේලා ස්කන්ධාදීන්ගේ තථ ලක්ෂණය (නියම ලක්ෂණය) තත් වූ පරිද්දෙන් යම් සේ අවබෝධ කළාහු ද උන්වහන්සේලා දුක් ආදී තථ ධර්මයන් නොවෙනස් අයුරින් යම්සේ දැනගත්තාහු ද, උන්වහන්සේලා රූපාදී අරමුණු දැකීම් මාත්‍රාදී වශයෙන්ම යම් සේ දුටුවාහු ද උන්වහන්සේලා යම්සේ අනාර්ය ව්‍යවහාර අට දුරුකොට ආර්ය ව්‍යවහාර වශයෙන්ම පැවති වචන ඇත්තාහු ද වචනයට අනුරූපව පැවති කය ඇත්තාහු ද කයට අනුරූපව පැවති වචනය ඇත්තාහුද මේ ආර්ය පුද්ගලයා ද එසේය යනුවෙන් තථාගතං තථාගත නම් වේ. චතුස්සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධං බුද්ධ නම් වේ. පුද්ගල වෛරය, ක්ලේශ වෛරය අත්තානුවාද ආදී භය ද ඉක්මවූයේය යන අරුතින් වෙරභයාතීතං වෛර භය දුරුකළා වූ, සියලු කෙලෙස්, අභිසංස්කාර ආදිය පහකළ බැවින් සබ්බප්පහායිනං සියල්ල දුරුකළ කෙනෙකැයි බුද්ධාදී ආර්යයෝ ආහු කියති. වර්ණනා කරති.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍රයයි.
10. දුතියරාගසුත්තවණ්ණනා
10. දෙවෙනි රාග සූත්‍ර වර්ණනාව
දසමෙ අතරීති තිණ්ණො, න තිණ්ණො අතිණ්ණො. සමුද්දන්ති සංසාරසමුද්දං, චක්ඛායතනාදිසමුද්දං වා. තදුභයම්පි දුප්පූරණට්ඨෙන සමුද්දො වියාති සමුද්දං. අථ වා සමුද්දනට්ඨෙන සමුද්දං, කිලෙසවස්සනෙන සත්තසන්තානස්ස කිලෙසසදනතොති අත්ථො. සවීචින්ති කොධූපායාසවීචීහි සවීචිං. වුත්තඤ්හෙතං “වීචිභයන්ති ඛො, භික්ඛු, කොධූපායාසස්සෙතං අධිවචන”න්ති (ඉතිවු· 109; ම· නි· 2.162). සාවට්ටන්ති පඤ්චකාමගුණාවට්ටෙහි සහ ආවට්ටං. වුත්තම්පි චෙතං “ආවට්ටභයන්ති ඛො, භික්ඛු, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචන”න්ති (ඉතිවු· 109; ම· නි· 2.164; අ· නි· 4.122). සගහං සරක්ඛසන්ති අත්තනො ගොචරගතානං අනත්ථජනනතො චණ්ඩමකරමච්ඡකච්ඡපරක්ඛසසදිසෙහි විසභාගපුග්ගලෙහි සහිතං. තථා චාහ “සගහං සරක්ඛසන්ති ඛො, භික්ඛු, මාතුගාමස්සෙතං අධිවචන”න්ති (ඉතිවු· 109). අතරීති මග්ගපඤ්ඤානාවාය යථාවුත්තං සමුද්දං උත්තරි. තිණ්ණොති නිත්තිණ්ණො. පාරඞ්ගතොති තස්ස සමුද්දස්ස පාරං පරතීරං නිරොධං උපගතො. ථලෙ තිට්ඨතීති තතො එව සංසාරමහොඝං කාමාදිමහොඝඤ්ච අතික්කමිත්වා ථලෙ පරතීරෙ නිබ්බානෙ බාහිතපාපබ්රාහ්මණො තිට්ඨතීති වුච්චති.
දසවන සූත්‍රයෙහි න අතරි තරණය නොකළේය. සමුද්දං යනු සංසාර සාගරය, නැතහොත් චක්ඛායතන ආදී සාගරය. ඒ දෙකම පිරවීමට අපහසුය යන අර්ථයෙන් සමුද්‍රය වැනි හෙයින් සමුද්‍රය නම් වේ. නැතහොත් සමුද්දන අර්ථයෙන් සමුද්‍රය නම් වේ. සත්ත්ව සන්තානයේ කෙලෙස් වෑස්සීමෙන්ය, කෙලෙස් සරණින් (හැසිරිමෙන්) යන අර්ථයි. සවීචිං යනු ක්‍රෝධය හා උපායාසය (බද්ධ වෛරය) යන රළ සහිත වූයේ සවීචි නම් වේ. ඒ කාරණය ‘වීචිභයන්ති ඛො භික්ඛු කොධූපායාසස්සෙතං අධිවචනං’ ‘මහණ, වීචිභය යන මෙය ක්‍රෝධ උපායාසයට නමකි’ යනුවෙන් වදාළහ. සාවට්ටං යනු පංචකාම ගුණ නමැති සුළිවලින් සුළි සහිත වූ මේ කාරණය ‘ආවට්ටභයන්ති ඛො භික්ඛු පඤ්චන්තෙතං කාමගුණානං අධිවචනං’ ‘මහණ, ආවට්ට භය යන මෙය පස්කම් ගුණයට වචනයකි’ යනුවෙන් වදාළහ. සග්හං සරක්ඛසං යනු තමාට ගොදුරු වූවන්ට අයහපත උපදවන හෙයින් චණ්ඩ මකරුන්ට මාලුවන්ට දියරකුසන්ට සමාන වූ විසභාග (අසමාන) පුද්ගලයන් සහිත වූයේ ‘සග්හ’ නමි. ඒ බව ‘සග්හං සරක්ඛසන්ති ඛො භික්ඛු මාතුගාමස්සෙතං අධිවචනං’ ‘මහණ, සග්හ සරක්ඛස යන මෙය කාන්තාවට නමකි’ යනුවෙන් වදාළහ. අතරි යනු මාර්ගප්රඥාව නමැති නැවෙන් කියන ලද ආකාර ඇති සාගරයෙන් එතෙර වූයේය. තිණ්ණො යනු තරණය කළේය. පාරගතො යනු ඒ සාගරයේ එගොඩට පරතෙරට නිරෝධයට ගියේය. එලෙ තිට්ඨති යනු එහෙයින්ම සංසාර නමැති සැඩ දියපහර ද කාමාදී සැඩ දියපහර ද ඉක්මවා බහා තබන ලද පව් ඇති බමුණු තෙමේ එගොඩෙහි පරතෙරෙහි නිවනෙහි සිටියේ යයි කියනු ලැබේ.
ඉධාපි ගාථා සුක්කපක්ඛවසෙනෙව ආගතා. තත්ථ ඌමිභයන්ති යථාවුත්තඌමිභයං, භායිතබ්බං එතස්මාති තං ඌමි භයං. දුත්තරන්ති දුරතික්කමං. අච්චතාරීති අතික්කමි.
මෙහි ගාථා ද කුශල පක්ෂය වශයෙන්ම ආයේය. එහි උම්මිභයං (ඌමිභයං) යනු කියන ලද ආකාර ඇති උම්මිභයය. මෙයින් බියවිය යුතුය යන අරුතින් එය උම්මිභය (රළබිය) නම් වේ. දුත්තරං යනු තරණය කිරීමට දුෂ්කර වූ, අච්චතාරි යනු ඉක්මවූයේය.
සඞ්ගාතිගොති රාගාදීනං පඤ්චන්නං සඞ්ගානං අතික්කන්තත්තා පහීනත්තා සඞ්ගාතිගො. අත්ථඞ්ගතො සො න පමාණමෙතීති සො එවංභූතො අරහා රාගාදීනං පමාණකරධම්මානං අච්චන්තමෙව අත්ථං ගතත්තා අත්ථඞ්ගතො, තතො එව සීලාදිධම්මක්ඛන්ධපාරිපූරියා ච “එදිසො සීලෙන සමාධිනා පඤ්ඤායා”ති කෙනචි පමිණිතුං අසක්කුණෙය්යො පමාණං න එති, අථ වා අනුපාදිසෙසනිබ්බානසඞ්ඛාතං අත්ථං ගතො සො අරහා “ඉමාය නාම ගතියා ඨිතො, එදිසො ච නාමගොත්තෙනා”ති පමිණිතුං අසක්කුණෙය්යතාය පමාණං න එති න උපගච්ඡති. තතො එව අමොහයි මච්චුරාජං, තෙන අනුබන්ධිතුං අසක්කුණෙය්යොති වදාමීති අනුපාදිසෙසනිබ්බානධාතුයාව දෙසනං නිට්ඨාපෙසි. ඉති ඉමස්මිං වග්ගෙ පඨමපඤ්චමඡට්ඨෙසු වට්ටං කථිතං, දුතියසත්තමඅට්ඨමෙසු විවට්ටං, සෙසෙසු වට්ටවිවට්ටං කථිතන්ති වෙදිතබ්බං.
සංගාතිගො යනු රාගාදී සංග පහ ඉක්ම වූ බැවින් පහ වූ බැවින් සංගාතිග නම් වේ. අත්ථංගතො සො න පමාණමෙති යනු මෙසේ වූ ඒ රහතන් වහන්සේ රාගාදී ප්‍රමාණකර ධර්මයන් අතිශයින්ම අස්තයට දුරුකිරීමට ගිය බැවින් අත්ථංගත නම් වෙති. එහෙයින්ම සීලාදී ධර්මස්කන්ධ සම්පූර්ණ කිරීමෙන්ද යුක්ත වූ මෙබඳු පුද්ගලයා සීලයෙන් සමාධියෙන් ප්රඥාවෙන්දැයි මෙසේ කිසිවකු විසින් ප්‍රමාණ කරන්නට (මනින්නට) නොහැකි වූයේ ප්‍රමාණයකට නො එයි. නැතහොත් අනුපාදිසේස නිවන නම් වූ අයට (නිමාවට) ගියා වූ ඒ රහතන් වහන්සේ (දෙව් මිනිස් ආදී) මෙනම් ගතියෙහි සිටියාහු ද මෙබඳු වූ නාම ගෝත්‍රයෙන් සිටියාහු යනුවෙන් ද ප්‍රමාණ කරන්නට නොහැකි බැවින් ප්‍රමාණයකට නො එති. නො එළඹෙති. එහෙයින්ම අමොහයී මච්චුරාජං ඒ මාරයා විසින් ලුහුබඳින්නට නොහැකි වන්නාහුයයි කියමි. මෙසේ අනුපාදිසේස නිබ්බාණ ධාතුවෙන්ම දේශනාව නිමකළ සේක. මෙසේ මේ වර්ගයෙහි පළමු පස්වන හයවන සූත්‍රවල දී සසර කියන ලදී. දෙවන සත්වන අටවන සූත්‍රවල නිවන කියන ලදී. ඉතිරි සූත්‍රවල දී සසර හා නිවන කියන ලදැයි දතයුතුය.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සුත්‍රයයි.
දුතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
දෙවන වර්ග වර්ණනාව නිමියේය.