යෙදුමෙන් කියවන්න

මොනෙය්‍ය සුත‍්තං

3. 2. 8.

3. 2. 8.

[මොනෙය්‍ය සුත‍්තං]

[මෞනෙය සූත්‍රය]

67. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

67. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. තීණි’මානි භික‍්ඛවෙ මොනෙය්‍යානි. කතමානි තීණි? කායමොනෙය්‍යං, වචීමොනෙය්‍යං, මනොමොනෙය්‍යං. ඉමානි ඛො භික‍්ඛවෙ තීණි මොනෙය්‍යානීති.

1. මහණෙනි, මුනිභාවයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ මේ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායමෝනෙය්‍ය ය, වචීමොනෙය්‍ය ය, මනෝමෝනෙය්‍ය යි. මහණෙනි, මේ මොනෙය්‍යයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ තිදෙන වෙත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙ’තං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:

2. “කායමුනිං වාචාමුනිං, මනොමුනිමනාසවං, මුනිං මොනෙය්‍යසම‍්පන‍්නං ආහු නින‍්හාතපාපක’න‍්ති.”

2. “ආස්‍රව රහිත වූ කායමෝනෙය්‍ය ය, වචීමොනෙය්‍ය ය, මනෝමෝනෙය්‍යය යන මෞනෙයයෙන් (මුනිගුණයෙන්) සමන‍්‍විත ඒ මුනිහු සෝදාහළ පව් ඇත්තාහු කොට ආර්‍ය්‍යයෝ කියත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.