යෙදුමෙන් කියවන්න

පඨමරාගසුත‍්තං

3. 2. 9.

3. 2. 9.

[පඨමරාගසුත‍්තං]

[ප්‍රථම රාග සූත්‍රය]

68. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

68. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ රාගො අප‍්පහීනො, දොසො අප‍්පහීනො මොහො අප‍්පහීනො, අයං වුච‍්චති භික‍්ඛවෙ බද‍්ධො මාරස‍්ස, පමුක‍්කස‍්ස මාරපාසො යථාකාමකරණීයො ච පාපිමතො.

1. මහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්‍රහීණ නොවී ද, ද්වේෂය ප්‍රහීණ නො වී ද, මෝහය ප්‍රහීණ නො වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් බඳනා ලද්දේ යැ යි මොහු විසින් මාරපාසය (සිත් සතන්හි) ලා ගන්නා ලද්දේ වන්නේ යැ යි පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් ද වේ යැ යි කියනු ලැබේ.

යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ රාගො පහීනො දොසො පහීනො මොහො පහීනො, අයං වුච‍්චති භික‍්ඛවෙ අබද‍්ධො මාරස‍්ස ඔමුක‍්කස‍්ස මාරපාසො. න යථාකාමකරණීයො පාපිමතො’ති.

මහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්‍රහීණ වී ද, ද්වේෂය ප්‍රහීණ වී ද, මෝහය ප්‍රහීණ වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් නොබඳනා ලද්දේ ය. මොහු විසින් මාරපාසය ඉවත් කරණ ලද්දේ ය, පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් වේ යැ යි කියනු ලැබේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති.

භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “යස‍්ස රාගො ච දොසො ච අවිජ‍්ජා ච විරාජිතා: තං භාවිතත‍්තඤ‍්ඤතරං බ්‍රහ‍්මභූතං තථාගතං බුද‍්ධං වෙරභයාතීතං ආහු සබ‍්බප‍්පහායින”න‍්ති.

2. “යමකු විසින් රාගයත් ද්වේෂයත් මෝහයත් නිරුද්ධ කරණ ලද්දාහු ද, භාවිතාත්මයන් (රහතුන්) අතුරෙන් එක්තරා කෙනෙක් වූ, බ්‍රහ්මභූතවූ (ශ්‍රේෂ්ඨ රහත් ඵලයට පැමිණි), තථාගත (අන් රහතුන් සේ පිළිපන්නා) වූ, බුදු වු (සිවුසස් පිළිවිදි) වෛරය ද භය ද ඉක්මැවූ ඒ පුද්ගලයා සියල්ල දුරු කළ කෙනෙකුන් කොට (බුද්ධාදි) ආර්‍ය්‍යයෝ කියත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදී.