යෙදුමෙන් කියවන්න

සොචෙය්‍ය සුත‍්තං

3. 2. 7.

3. 2. 7.

[සොචෙය්‍ය සුත‍්තං]

[සෞචෙය සූත්‍රය]

66. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

66. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. තීණිමානි භික‍්ඛවෙ සොචෙය්‍යානි. කතමානි තීණි? කායසොචෙය්‍යං, වචීසොචෙය්‍යං, මනොසොචෙය්‍යං. ඉමානි ඛො භික‍්ඛවෙ තීණි සොචෙය්‍යානීති.

1. මහණෙනි, සුචි (පිරිසිදු) භාවයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායද්වාරයේ පිරිසිදු බව, වාග්ද්වාරයෙහි පිරිසිදු බව, මනෝද්වාරයේ පිරිසිදු බව ය. මහණෙනි, මේ පිරිසිදුබව් තිදෙන වෙත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙ’තං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “කායසුචිං වාචාසුචිං චෙතොසුචිමනාසවං, සුචිං සොචෙය්‍යසම‍්පන‍්නං ආහු සබ‍්බප‍්පහායින”න‍්ති.

2. “ආස්‍රව රහිත වූ කායසුචි, (කායසුචරිත) වාක්සුචි, මනස්සුචි යැ යි පිරිසිදුබව්හු තිදෙනෙකි. මේ පිරිසිදු බැවින් යුත් පිරිසිදු තැනැත්තහු සියලු පව් කිලිටු දුරැලන්නහු කොට ආර්‍ය්‍යෝ කියත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.