යෙදුමෙන් කියවන්න

1. මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානසුත‍්තවණ‍්ණනා

1. මිථ්‍යාදෘෂ්ටිකර්මසමාදාන සූත්‍ර වර්ණනාව

තතියවග‍්ගස‍්ස පඨමෙ දිට‍්ඨා මයාති මයා දිට‍්ඨා, මම සමන‍්තචක‍්ඛුනා දිබ‍්බචක‍්ඛුනා චාති ද‍්වීහිපි චක‍්ඛූහි දිට‍්ඨා පච‍්චක‍්ඛතො විදිතා. තෙන අනුස‍්සවාදිං පටික‍්ඛිපති, අයඤ‍්ච අත්‍ථො ඉදානෙව පාළියං ආගමිස‍්සති. කායදුච‍්චරිතෙන සමන‍්නාගතාති කායදුච‍්චරිතෙන සමඞ‍්ගීභූතා. අරියානං උපවාදකාති බුද‍්ධාදීනං අරියානං අන‍්තමසො ගිහිසොතාපන‍්නානම‍්පි ගුණපරිධංසනෙන අභූතබ‍්භක‍්ඛානෙන උපවාදකා අක‍්කොසකා ගරහකා. මිච‍්ඡාදිට‍්ඨිකාති විපරීතදස‍්සනා. මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානාති මිච‍්ඡාදස‍්සනහෙතු සමාදින‍්නනානාවිධකම‍්මා යෙ ච, මිච‍්ඡාදිට‍්ඨිමූලකෙසු කායකම‍්මාදීසු අඤ‍්ඤෙපි සමාදපෙන‍්ති. එත්‍ථ ච වචීමනොදුච‍්චරිතග‍්ගහණෙනෙව අරියූපවාදමිච‍්ඡාදිට‍්ඨීසු ගහිතාසු පුනවචනං මහාසාවජ‍්ජභාවදස‍්සනත්‍ථං නෙසං. මහාසාවජ‍්ජො හි අරියූපවාදො ආනන‍්තරියසදිසො. යථාහ –

තුන්වන වර්ගයෙහි පළමු සූත්‍රයෙහි දිට්ඨා මයා යනු ම විසින් දක්නා ලදී. මගේ සර්වඥතා ඥානයෙන් (සමන්ත චක්‍ඛුනා) ද දිවැසින් ද යන මේ දෑසින් දක්නා ලදී යන ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා ලදී. එයින් අනුන්ගෙන් අසාගෙන කීම (අනුස්සවාදිං) ප්‍රතික්‍ෂේප කරති. මේ අර්ථය (මෙතැන්හිම) දැන්මම පාළියෙහි එන්නේය. කාය දුච්චරිතෙන සමන්නාගතා යනු කාය දුශ්චරිතයෙන් යුක්ත වූ. අරියානං උපවාදකා යනු බුද්ධාදී ආර්යයන්ට යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහි අයට ද ගුණ නැසීමෙන් බොරු චෝදනා කිරීමෙන්, දොස් කියන්නා වූ ආක්‍රෝශ කරන්නා වූ ගරහන්නා වූ සත්ත්වයෝ. මිච්ඡාදිට්ඨිකා (ඇත්ත ඇති සැටියෙන් නොව) වෙනත් අයුරින් (විපරිතව) දකින්නා වූ සත්ත්වයෝ. මිච්ඡාදිට්ඨිකම්ම සමාදානා යනු මිථ්‍යා දර්ශනය හේතුවෙන් පිළිගත් නානාවිධ කර්ම ඇති සත්ත්වයෝම මිථ්‍යා දර්ශනය මුල්කොට ගත් කාය කර්මාදියෙහි අන්‍යයන්ද සමාදන් කරවත්. මෙහි වචී-මනෝ දුශ්චරිත ගැනීමෙන්ම අරියූපවාදය, මිථ්‍යා දෘෂ්ටිය ද ගත්කල්හි (එම අරියූපවාද ආදිය) නැවත කීම (ඒවා) මහාසාවද්‍ය බව දැක්වීම පිණිසය. ඒවා අතරින් ආර්ය උපවාදය මහාසාවද්‍යය ආනන්තරිය සමානය. ඒ බව -

“සෙය්‍යථාපි, සාරිපුත‍්ත, භික‍්ඛු සීලසම‍්පන‍්නො, සමාධිසම‍්පන‍්නො, පඤ‍්ඤාසම‍්පන‍්නො, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤං ආරාධෙය්‍ය; එවංසම‍්පදමිදං, සාරිපුත‍්ත, වදාමි තං වාචං අප‍්පහාය, තං චිත‍්තං අප‍්පහාය, තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ”ති (ම· නි· 1.149).

‘සෙය්‍යථාපි සාරිපුත්ත හික්‍ඛු සීල සම්පන්නො සමාධි සම්පන්නො පඤ්ඤා සම්පන්නො දිට්ඨෙව ධම්මෙ අසඤ්ඤං ආරාධෙය්‍ය එවං සම්පදමිදං සාරිපුත්ත තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨි අප්පටිනිස්සජ්ජිත්‍වා යථාභූතං නික්‍ඛිත්තො එවං නිරයෙ’ ‘සාරිපුත්ත, යම්සේ භික්ෂුව ශීල සම්පන්න වූයේ සමාධි සම්පන්න වූයේ ප්‍රඥා සම්පන්න වූයේ මේ ජීවිතයේදීම නිවන ලබාගනීද සාරිපුත්ත, මේ කාරණයද මෙසේයයි කියමි. ඒ කීම අතනොහැර ඒ සිත අතනොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් නරකයෙහි උපදින්නේ වෙයි’ යනුවෙන් මෙසේ වදාළහ.

මිච‍්ඡාදිට‍්ඨිතො ච මහාසාවජ‍්ජතරං නාම අඤ‍්ඤං නත්‍ථි. යථාහ –

මිථ්‍යා දෘෂ්ටියට වඩා මහාසාවද්‍ය වූ අනිකක් නම් නැත. ඒ බව -

“නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යං එවං මහාසාවජ‍්ජතරං යථයිදං, භික‍්ඛවෙ, මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨිපරමානි, භික‍්ඛවෙ, වජ‍්ජානී”ති (අ· නි· 1.310).

‘නාහං භික්‍ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහා සාවජ්ජ (තරං) යථයිදං භික්‍ඛවෙ මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි පරමානි භික්‍ඛවෙ වජ්ජානි’ ‘මහණෙනි, යමක් මෙසේ මහාසාවද්‍ය වේද, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම්බඳු ද එබඳු එක් ධර්මයක්වත් මම නො දකිමි. මහණෙනි, වැරදි දේවල් මිථ්‍යාදෘෂ්ටිය පරමකොට ඇත්තේය’ යනුවෙන් වදාළහ.

තං ඛො පනාතිආදි යථාවුත‍්තස‍්ස අත්‍ථස‍්ස අත‍්තපච‍්චක‍්ඛභාවං දළ‍්හතරං කත්‍වා දස‍්සෙතුං ආරද‍්ධං. තම‍්පි සුවිඤ‍්ඤෙය්‍යමෙව.

තං ඛො පන යනාදිය කියන ලද අර්ථයේ තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද බව වඩා දැඩිකොට දක්වන්නට අරඹන ලදී. එය මැනවින් දැනගත හැක්කේමය.

ගාථාසු මිච‍්ඡා මනං පණිධායාති අභිජ‍්ඣාදීනං වසෙන චිත‍්තං අයොනිසො ඨපෙත්‍වා. මිච‍්ඡා වාචඤ‍්ච භාසියාති මිච‍්ඡා මුසාවාදාදිවසෙන වාචං භාසිත්‍වා. මිච‍්ඡා කම‍්මානි කත්‍වානාති පාණාතිපාතාදිවසෙන කායකම‍්මානි කත්‍වා. අථ වා මිච‍්ඡා මනං පණිධායාති මිච‍්ඡාදිට‍්ඨිවසෙන චිත‍්තං විපරීතං ඨපෙත්‍වා. සෙසපදද‍්වයෙපි එසෙව නයො. ඉදානිස‍්ස තථා දුච‍්චරිතචරණෙ කාරණං දස‍්සෙති අප‍්පස‍්සුතොති, අත‍්තනො පරෙසඤ‍්ච හිතාවහෙන සුතෙන විරහිතොති අත්‍ථො. අපුඤ‍්ඤකරොති තතො එව අරියධම‍්මස‍්ස අකොවිදතාය කිබ‍්බිසකාරී පාපධම‍්මො. අප‍්පස‍්මිං ඉධ ජීවිතෙති ඉධ මනුස‍්සලොකෙ ජීවිතෙ අතිපරිත‍්තෙ. තථා චාහ “යො චිරං ජීවති, සො වස‍්සසතං අප‍්පං වා භිය්‍යො”ති (දී· නි· 2.93; සං· නි· 1.145), “අප‍්පමායු මනුස‍්සාන”න‍්ති (සං· නි· 1.145; මහානි· 10) ච. තස‍්මා බහුස‍්සුතො සප‍්පඤ‍්ඤො සීඝං පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගූපගො නිබ‍්බානපතිට‍්ඨො වා හොති. යො පන අප‍්පස‍්සුතො අපුඤ‍්ඤකරො, කායස‍්ස භෙදා දුප‍්පඤ‍්ඤො නිරයං සො උපපජ‍්ජතීති.

ගාථාවන්හි - මිච්ඡා මනං පණිධාය යනු අභිධ්‍යදීන්ගේ වශයෙන් සිත අනුවණින් තබා. මිච්ඡාවාචං අභාසිය යනු වැරදි වූ මුසාවාද ආදී වශයෙන් වචන කතාකොට. මිච්ඡාකම්මානි කත්‍වාන යනු ප්‍රාණඝාත ආදී වශයෙන් කායකර්ම කොට. නැතහොත් ‘මිච්ඡා මනං පණිධාය’ යනු මිථ්‍යාදෘෂ්ටි වශයෙන් සිත වැරදි (විපරීත) ලෙස පිහිටුවා (පබා). සෙසු පද දෙකෙහි ද මේ ක්‍රමයමයි. දැන් ඔහුගේ දුසිරිතෙහි හැසිරීමේ කාරණය තත් වූ පරිදි දක්වයි. අප්පස්සුතො යනු තමාගේ ද අනුන්ගේ ද යහපත ගෙන දෙන (දහම්) ඇසීමෙන් තොර වූයේ යන අර්ථයි. අපුඤ්ඤකරො යනු එහෙයින්ම ආර්ය ධර්මය පිළිබඳ අදක්ෂ බැවින් දරුණු ක්‍රියා කරන්නා වූ පාපධර්ම ඇත්තේ. අප්පස්මිං ඉධ ජීවිතෙ යනු ‘ඉධ’ මිනිස් ලොවෙහි ජීවත්වන ඉතා සුළු කාලය තුළ. ඒ බව ‘යො චිරං ජීවති සො වස්සසතං අප්පං වා භීයො’ ‘යමෙක් බොහෝ කලක් ජීවත් වේද, හෙතෙම වසර සියයක් හෝ ඊට ස්වල්පයක් අඩුවෙන් හෝ වැඩියෙන් ජීවත් වෙයි.’ යනුවෙන් ද ‘අප්පමායු මනුස්සානං’ ‘මිනිසුන්ගේ ආයුෂය අල්පය’ යනුවෙන් ද වදාළහ. එහෙයින් බහුශ්‍රැත වූ ප්‍රඥාව ඇති තැනැත්තා වහ වහා පින්කොට ස්වර්ගයට එළඹියේ හෝ නිවනින් කෙළවර වූයේ හෝ වෙයි. යමෙක් වනාහි අල්පශ්‍රැත ද පව්කරන්නේ ද ඒ අනුවණයා කය බිඳීමෙන් (මරණින් පසු) නිරයට එළඹෙයි.

පඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු සූත්‍රයයි.

2. සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදාන සුත‍්තවණ‍්ණනා

2. සම්‍යග්දෘෂ්ටි කර්මසමාදාන සූත්‍ර වර්ණනාව

දුතියෙ පඨමසුත‍්තෙ වුත‍්තවිපරියායෙන අත්‍ථො වෙදිතබ‍්බො.

දෙවන සූත්‍රයෙහි - පළමු සූත්‍රයෙහි කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් අර්ථය දතයුතුය.

දුතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන සූත්‍රයයි.

3. නිස‍්සරණීය සුත‍්තවණ‍්ණනා

3. නිඃශරණිය සූත්‍ර වර්ණනාව

තතියෙ නිස‍්සරණියාති නිස‍්සරණපටිසංයුත‍්තා. ධාතුයොති සත‍්තසුඤ‍්ඤසභාවා. කාමානන‍්ති කිලෙසකාමානඤ‍්චෙව වත්‍ථුකාමානඤ‍්ච. අථ වා කාමානන‍්ති කිලෙසකාමානං. කිලෙසකාමතො හි නිස‍්සරණා වත්‍ථුකාමෙහිපි නිස‍්සරණංයෙව හොති, න අඤ‍්ඤථා. වුත‍්තඤ‍්හෙතං –

තුන්වන සූත්‍රයෙහි නිස්සරණීයා ඉවත්වීම හා බැඳුණු. ධාතුයො යනු සත්ත්ව වශයෙන් ශුන්‍ය භාව. කාමානං යනු කෙලෙස් කාමයන්ගේද වස්තු කාමයන්ගේ ද නැතහොත් ‘කාමානං’ යනු කෙලෙස් කාමයන්ගේ, කෙලෙස් කාමයෙන් ඉවත්වීම වස්තුකාමයෙන් ඉවත්වීමම වෙයි. අන් අයුරකින් නොවේ. මේ කාරණය,

“න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො; තිට‍්ඨන‍්ති චිත්‍රානි තථෙව ලොකෙ, අථෙත්‍ථ ධීරා විනයන‍්ති ඡන්‍ද”න‍්ති. (අ· නි· 6.63);

න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ සංකප්පරාගො පුරිසස්ස කාමො තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ අථෙත්‍ථ ධීරා විනයන්ති ඡන්‍දං’

ලෝකයෙහි විසිතුරු වූ රූපාදී අරමුණු ඇද්ද ඒවා ‘කාම’ නොවේ. පුරුෂයාගේ අදහස් කරන ලද රාගය කාමයයි. ලෝකයෙහි විසිතුරු වූ රූපාදී අරමුණු එසේම සිටී. එහෙයින් පණ්ඩිතයෝ මේ අරමුණුවල ඡන්‍දරාගය දුරුකරති.

නිස‍්සරණන‍්ති අපගමො. නෙක‍්ඛම‍්මන‍්ති පඨමජ‍්ඣානං, විසෙසතො තං අසුභාරම‍්මණං දට‍්ඨබ‍්බං. යො පන තං ඣානං පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා තතියමග‍්ගං පත්‍වා අනාගාමිමග‍්ගෙන නිබ‍්බානං සච‍්ඡිකරොති, තස‍්ස චිත‍්තං අච‍්චන‍්තමෙව කාමෙහි නිස‍්සටන‍්ති ඉදං උක‍්කට‍්ඨතො කාමානං නිස‍්සරණං වෙදිතබ‍්බං. රූපානන‍්ති රූපධම‍්මානං, විසෙසෙන සද‍්ධිං ආරම‍්මණෙහි කුසලවිපාකකිරියාභෙදතො සබ‍්බෙසං රූපාවචරධම‍්මානං. ආරුප‍්පන‍්ති අරූපාවචරජ‍්ඣානං. කෙචි පන “කාමාන”න‍්ති පදස‍්ස “සබ‍්බෙසං කාමාවචරධම‍්මාන”න‍්ති අත්‍ථං වදන‍්ති. “නෙක‍්ඛම‍්ම”න‍්ති ච “පඤ‍්ච රූපාවචරජ‍්ඣානානී”ති. තං අට‍්ඨකථාසු නත්‍ථි, න යුජ‍්ජති ච. භූතන‍්ති ජාතං. සඞ‍්ඛතන‍්ති සමෙච‍්ච සම‍්භුය්‍ය පච‍්චයෙහි කතං. පටිච‍්චසමුප‍්පන‍්නන‍්ති කාරණතො නිබ‍්බත‍්තං. තීහිපි පදෙහි තෙභූමකෙ ධම‍්මෙ අනවසෙසතො පරියාදියති. නිරොධොති නිබ‍්බානං. එත්‍ථ ච පඨමාය ධාතුයා කාමපරිඤ‍්ඤා වුත‍්තා, දුතියාය රූපපරිඤ‍්ඤා, තතියාය සබ‍්බසඞ‍්ඛතපරිඤ‍්ඤා සබ‍්බභවසමතික‍්කමො වුත‍්තො.

නිස්සරණං යනු ඉවත්වීම. නෙක්‍ඛම්මං යනු ප්‍රථම ධ්‍යානය, විශේෂ වශයෙන් ඒ අශුභාරම්මණය දතයුතුය. යමෙක් වනාහි ඒ ධ්‍යානය පාදකකොට සංස්කාරයන් විමසා බලා තුන්වන මාර්ගයට පත්ව අනාගාමි මාර්ගයෙන් නිවන ප්‍රත්‍යක්‍ෂ කරයි. ඔහුගේ සිත අතිශයින්ම කාමයන්ගෙන් ඉවත්කරන ලදැයි යන මෙය ඉතා උසස් මට්ටමින් කාමයන්ගේ ඉවත්වීම දතයුතුය. රූපානං යනු රූපධර්මයන්ගේ, විශේෂයෙන් අරමුණු සමග කුසල-විපාක-කිරිය භේදයෙන් සියලුම රූපාවචර ධර්මයන්ගේ, ආරුප්පං යනු අරූපාවචර ධ්‍යානය. ඇතැමෙක් වනාහි ‘කාමානං’ යන පදයට සියලුම කාමාවචර ධර්මයන්ගේ යන අර්ථය කියති. ‘නෙක්‍ඛම්මං’ යනු ද රූපාවචර ධ්‍යාන පහ යනුවෙන් කියති. එය අට්ඨ කථාවන්හි නැත. යෙදෙන්නේ ද නැත. භූතං යනු උපන්. සංඛතං යනු එක්රැස්ව ප්‍රත්‍යවලින් කරන ලද. පටිච්ච සමුප්පන්නං යනු කාරණයකින් උපන්. පද තුනෙන්ම (කාම-රූප-අරූප යන) භූමි තුනට අයත් ධර්මයන් ඉතිරි නොකර ගනියි. නිරොධො යනු නිවනයි. මෙහි ද ප්‍රථම ධාතුවෙන් කාමයන් පිළිබඳ විශේෂ දැනීම කියන ලදී. දෙවන ධාතුවෙන් රූපයන් පිළිබඳ විශේෂ දැනීම කියන ලදී. තෙවන ධාතුවෙන් සියලු සංඛත ධර්මයන් පිළිබඳ විශේෂ දැනීම සියලු භවයන්ගෙන් නික්මීම කියන ලදී.

ගාථාසු කාමනිස‍්සරණං ඤත්‍වාති “ඉදං කාමනිස‍්සරණං – එවඤ‍්ච කාමතො නිස‍්සරණ”න‍්ති ජානිත්‍වා. අතික‍්කමති එතෙනාති අතික‍්කමො, අතික‍්කමනූපායො, තං අතික‍්කමං ආරුප‍්පං ඤත්‍වා. සබ‍්බෙ සඞ‍්ඛාරා සමන‍්ති වූපසමන‍්ති එත්‍ථාති සබ‍්බසඞ‍්ඛාරසමථො, නිබ‍්බානං, තං ඵුසං ඵුසන‍්තො. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

ගාථාවන්හි - කාමනිස්සරණං ඤත්‍වා යනු ඉදං කාමනිස්සරණං කාමයෙන් වෙන්වීම මෙසේය්යි දැන, මෙය කරණකොට ඉක්මවයි යන අරුතින් ඉක්මවීම වෙයි. (එනම්) ඉක්මවන උපායයි. ඒ අතික්කමං අරූපාවචර ධ්‍යානය දැන. මෙහි දී සියලු සංස්කාර සන්සිඳෙයි යන අරුතින් සියලු සංඛාර සමථය (සබ්බ සංඛාර සමථො) එනම් නිවන ය. එය ඵුසං ස්පර්ශ කරන්නා වූ. (ලබන්නා වූ) ඉතිරිය මුලින් කියන ලද අයුරින්මය.

තතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවන සූත්‍රයයි.

4. සන‍්තතර සුත‍්තවණ‍්ණනා

4. ශාන්තතර සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ රූපෙහීති රූපාවචරධම‍්මෙහි. සන‍්තතරාති අතිසයෙන සන‍්තා. රූපාවචරධම‍්මා හි කිලෙසවික‍්ඛම‍්භනතො විතක‍්කාදිඔළාරිකඞ‍්ගප‍්පහානතො සමාධිභූමිභාවතො ච සන‍්තා නාම, ආරුප‍්පා පන තෙහිපි අඞ‍්ගසන‍්තතාය චෙව ආරම‍්මණසන‍්තතාය ච අතිසයෙන සන‍්තවුත‍්තිකා, තෙන සන‍්තතරාති වුත‍්තා. නිරොධොති නිබ‍්බානං. සඞ‍්ඛාරාවසෙසසුඛුමභාවප‍්පත‍්තිතොපි හි චතුත්‍ථාරුප‍්පතො ඵලසමාපත‍්තියොව සන‍්තතරා කිලෙසදරථපටිපස‍්සද‍්ධිතො නිබ‍්බානාරම‍්මණතො ච, කිමඞ‍්ගං පන සබ‍්බසඞ‍්ඛාරසමථො නිබ‍්බානං. තෙන වුත‍්තං “ආරුප‍්පෙහි නිරොධො සන‍්තතරො”ති.

සතරවන සූත්‍රයෙහි රූපෙහි යනු රූපාවචර ධර්මයන්ට වඩා සන්තතරා අතිශයින් ශාන්තය. රූපාවචර ධර්ම වනාහි කෙලෙස් මැඩපැවැත්වීමෙන් ද ඕළාරික අංග ප්‍රහාණයෙන් ද සමාධියට භූමිය වන බැවින් ද ශාන්ත නම් වේ. ආරුප්පා අරූපාවචර ධ්‍යාන වනාහි (මුලින් කී) ඒ අංගවලින් ශාන්ත වූ බැවින් ද අරමුණු වශයෙන් ශාන්ත වූ බැවින් ද අතිශයින් ශාන්ත පැවතුම් ඇති හෙයින් රූපාවචර ධ්‍යානයට වඩා ශාන්ත යයි කියන ලදී. නිරොධො යනු නිවනය. අවශේෂ සංස්කාර සියුම් බවට පත්වීමෙන් ද කෙලෙස්දරථ (විඩාව) සන්සිඳුණු හෙයින් ද නිවන අරමුණු වීමෙන් ද සතරවන අරූපාවචර ධ්‍යානයට වඩා ඵලසමාපත්තියම ශාන්තය. සියලු සංස්කාර සන්සිඳීම නම් වූ නිවන ගැන කියනුම කිම. එහෙයින් ආරුප්පෙහි නිරොධො සන්තතරො යි කියන ලදී.

ගාථාසු රූපූපගාති රූපභවූපගා. රූපභවො හි ඉධ රූපන‍්ති වුත‍්තො, “රූපූපපත‍්තියා මග‍්ගං භාවෙතී”තිආදීසු විය. අරූපට‍්ඨායිනොති අරූපාවචරා. නිරොධං අප‍්පජානන‍්තා, ආගන‍්තාරො පුනබ‍්භවන‍්ති එතෙන රූපාරූපාවචරධම‍්මෙහි නිරොධස‍්ස සන‍්තභාවමෙව දස‍්සෙති. අරූපෙසු අසණ‍්ඨිතාති අරූපරාගෙන අරූපභවෙසු අප‍්පතිට‍්ඨහන‍්තා, තෙපි පරිජානන‍්තාති අත්‍ථො. නිරොධෙ යෙ විමුච‍්චන‍්තීති එත්‍ථ යෙති නිපාතමත‍්තං. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

ගාථාවන්හි රූපුපගා යනු රූප භවයට එළඹි, මෙහි රූප භවය රූපයයි කියන ලදී. ‘රූපුප්පත්තියා මග්ගං භාවෙති’ යනාදියෙහි මෙනි. ආරුප්පට්ඨායිනො යනු අරූපාවචර සත්ත්වයෝ. නිරොධං අප්පජානන්තා ආගන්තාරො පුනබ්භවං යන මෙයින් රූපාවචර අරූපාවචර ධර්මවලට වඩා නිරෝධයේ ශාන්තබවම දක්වයි. අරූපෙසු අසණ්ඨිතා අරූප රාගයෙන් අරූප භවයන්හි නොපිහිටියාහු, ඔවුහු ද පිරිසිඳ දන්නාහු යන අර්ථයි. නිරොධො යෙ විමුච්චන්ති යන මෙහි ‘යෙ’ යනු නිපාත මාත්‍රයකි. ඉතිරිය මුලින් කියන ලද පරිදිමය.

චතුත්‍ථසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සතරවන සූත්‍රයයි.