යෙදුමෙන් කියවන්න

5. පුත‍්තසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

5. පුත‍්තසුත‍්තවණ‍්ණනා

5. පුත්‍ර සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ පුත‍්තාති අත්‍රජා ඔරසපුත‍්තා, දින‍්නකාදයොපි වා. සන‍්තොති භවන‍්තා සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති ඉමස‍්මිං ලොකෙ උපලබ‍්භමානා. අත්‍ථිභාවෙන සන‍්තො, පාකටභාවෙන විජ‍්ජමානා. අතිජාතොති අත‍්තනො ගුණෙහි මාතාපිතරො අතික‍්කමිත්‍වා ජාතො, තෙහි අධිකගුණොති අත්‍ථො. අනුජාතොති ගුණෙහි මාතාපිතූනං අනුරූපො හුත්‍වා ජාතො, තෙහි සමානගුණොති අත්‍ථො. අවජාතොති ගුණෙහි මාතාපිතූනං අධමො හුත්‍වා ජාතො, තෙහි හීනගුණොති අත්‍ථො. යෙහි පන ගුණෙහි යුත‍්තො මාතාපිතූනං අධිකො සමො හීනොති ච අධිප‍්පෙතො, තෙ විභජිත්‍වා දස‍්සෙතුං “කථඤ‍්ච, භික‍්ඛවෙ, පුත‍්තො අතිජාතො හොතී”ති කථෙතුකම්‍යතාය පුච‍්ඡං කත්‍වා “ඉධ, භික‍්ඛවෙ, පුත‍්තස‍්සා”තිආදිනා නිද‍්දෙසො ආරද‍්ධො.

පස්වන සූත්‍රයෙහි පුත්තා යනු තමාට උපන් එනම් ඖරස පුත්‍රයෝය. නැතහොත් හදාවඩාගත් පුතුන් ආදී අය. සන්තො යනු ඇත්තා වූ. සංවිජ්ජමානා ලොකස්මිං යනු මේ ලෝකයෙහි ලැබෙන්නා වූ. ඇති බැවින් ‘සන්තො’ ය. ප්‍රකට බැවින් ‘විජ්ජමානා’ය. අතිජාතො යනු තමාගේ ගුණවලින් මව්පියන් ඉක්මවා උපන්, මව්පියන්ට වඩා අධික ගුණ ඇත්තා වූ යන අර්ථයි. අනුජාතො යනු ගුණධර්මවලින් මව්පියන්ට අනුරූපව උපන්, ඔවුන්ට සමාන වූ ගුණ ඇත්තේ යන අර්ථයි. අවජාතො යනු ගුණධර්මවලින් මව්පියන්ට අවම ගුණ ඇත්තෙක්ව උපන්, ඔවුන්ට වඩා හීන ගුණ ඇත්තේ යන අර්ථයි. යම් ගුණධර්මවලින් යුක්ත වූ පුත්‍රයා මව්පියන්ගේ ගුණවලට අධික වූයේ ද සම වූයේ ද පහත් වූයේ ද යනුවෙන් අදහස් කරන ලදී. ඒවා බෙදා දක්වන්නට ‘කථඤ්ච භික්‍ඛවෙ පුත්තො අතිජාතො හොති’ යනුවෙන් කියනු කැමැත්තෙන් විමසීම සිදුකොට ‘ඉධ භික්‍ඛවෙ පුත්තස්ස’ යනාදී වශයෙන් නිර්දේශය (විස්තර කොට දැක්වීම) ආරම්භ කරන ලදී.

තත්‍ථ න බුද‍්ධං සරණං ගතාතිආදීසු බුද‍්ධොති සබ‍්බධම‍්මෙසු අප‍්පටිහතඤාණනිමිත‍්තානුත‍්තරවිමොක‍්ඛාධිගමපරිභාවිතං ඛන්‍ධසන‍්තානං, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණපදට‍්ඨානං වා සච‍්චාභිසම‍්බොධිං උපාදාය පඤ‍්ඤත‍්තිකො සත‍්තාතිසයො බුද‍්ධො. යථාහ –

එහි න බුද්ධං සරණං ගතා යනාදියෙහි ‘බුද්ධ’ යනු සියලු ධර්මයන්හි නොහැපුණු ඤාණ නිමිත්තෙන් අනුත්තර වූ විමෝක්‍ෂය ලබා ගැනීම පුරුදු කළ ස්කන්ධ සන්තානය ඇති සර්වඥතා ඥානයට ආසන්න කාරණය වූ සත්‍යවබෝධය හෝ හේතු කරගෙන පැනවීම් කරන සත්ත්වයන්ට උසස් වූ බුදුරදුන්ය. එය කියන ලද අයුරු මෙසේය -

“බුද‍්ධොති යො සො භගවා සයම‍්භූ අනාචරියකො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අභිසම‍්බුජ‍්ඣි, තත්‍ථ ච සබ‍්බඤ‍්ඤුතං පත‍්තො, බලෙසු ච වසීභාව”න‍්ති (චූළනි· පාරායනත්‍ථුතිගාථානිද‍්දෙස 97; පටි· ම· 1.161) –

‘බුද්ධොති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්‍ථ ච සබ්බඤ්ඤුතං පත්තො, බලෙසු ච වසීහාවං’ ‘බුද්ධ යනු යමෙක් භාග්‍යවත් වූයේ (සත්‍යයන්) අවබෝධ කළේ ගුරුවරුන් නැත්තේ පෙර නොඇසූ ධර්මයන්හි තමා සත්‍යයන් අවබෝධ කළේ ඒ සත්‍යයන්හි ද සර්වඥබවට පැමිණියේ බලධර්මයන්හි ද වශීභාවයට පැමිණියේ වේද හෙතෙමේය’

අයං තාව අත්‍ථතො බුද‍්ධවිභාවනා.

පළමුකොට මෙය අර්ථ වශයෙන් ‘බුද්ධ’ යන පදය පැහැදිලි කිරීමයි.

බ්‍යඤ‍්ජනතො පන සවාසනාය කිලෙසනිද‍්දාය අච‍්චන‍්තවිගමෙන බුද‍්ධවා පටිබුද‍්ධවාති බුද‍්ධො, බුද‍්ධියා වා විකසිතභාවෙන බුද‍්ධවා විබුද‍්ධවාති බුද‍්ධො, බුජ‍්ඣිතාති බුද‍්ධො, බොධෙතාති බුද‍්ධොති එවමාදිනා නයෙන වෙදිතබ‍්බො. යථාහ –

ව්‍යඤ්ජන (පද) වශයෙන් වනාහි සසර පුරුදු සහිත කෙලෙස් නින්දෙන් අතිශයින්ම බැහැර වූ හෙයින් බුද්ධ හෝ පටිබුද්ධ හෝ වෙතියි බුද්ධ නම් වේ. බුද්ධියේ විකසිත භාවයෙන් හෝ බුද්ධ හෝ විබුද්ධ හෝ වෙතියි බුද්ධ නම් වේ. අවබෝධ කළේය යනුවෙන් බුද්ධය. අවබෝධ කරවයි යනුවෙන් බුද්ධය. මේ ආදී ක්‍රමයෙන් දතයුතුය. එය කියන ලද අයුරු මෙසේය -

“බුජ‍්ඣිතා සච‍්චානීති බුද‍්ධො, බොධෙතා පජායාති බුද‍්ධො, සබ‍්බඤ‍්ඤුතාය බුද‍්ධො, සබ‍්බදස‍්සාවිතාය බුද‍්ධො, අනඤ‍්ඤනෙය්‍යතාය බුද‍්ධො, විසවිතාය බුද‍්ධො, ඛීණාසවසඞ‍්ඛාතෙන බුද‍්ධො, නිරුපක‍්කිලෙසසඞ‍්ඛාතෙන බුද‍්ධො, එකන‍්තවීතරාගොති බුද‍්ධො, එකන‍්තවීතදොසොති බුද‍්ධො, එකන‍්තවීතමොහොති බුද‍්ධො, එකන‍්තනික‍්කිලෙසොති බුද‍්ධො, එකායනමග‍්ගං ගතොති බුද‍්ධො, එකො අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති බුද‍්ධො, අබුද‍්ධිවිහතත‍්තා බුද‍්ධිපටිලාභාති බුද‍්ධො, බුද‍්ධොති චෙතං නාමං න මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත‍්තාමච‍්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්‍රාහ‍්මණෙහි කතං, න දෙවතාහි කතං, අථ ඛො විමොක‍්ඛන‍්තිකමෙතං බුද‍්ධානං භගවන‍්තානං බොධියා මූලෙ සහ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස පටිලාභා සච‍්ඡිකා පඤ‍්ඤත‍්ති, යදිදං බුද‍්ධො”ති (චූළනි· පාරායනත්‍ථුතිගාථානිද‍්දෙස 97; පටි· ම· 1.162).

‘සත්‍යයන් අවබෝධ කළේය යනුවෙන් බුද්ධය, ප්‍රජාවට අවබෝධ කරවයි යනුවෙන් බුද්ධය, සර්වඥ බැවින් බුද්ධිය, (සියල්ල දන්නා බැවින් බුද්ධය) සියල්ල දක්නා බැවින් බුද්ධිය, අනුන් විසින් අවබෝධ නොකරවිය යුතු බැවින්, තමාම අවබෝධ කළ බැවින් බුද්ධය, නොයෙක් ගුණ ගලන හෙයින් බුද්ධය = (පියුමක් මෙන් පිපෙන හෙයින් බුද්ධය), ක්‍ෂීණාශ්‍රව නාමයෙන් බුද්ධය, උපක්ලේශ නැත, නාමයෙන් බුද්ධය, ඒකාන්තයෙන් වීතරාග (පහකළ රාගය ඇති) හෙයින් බුද්ධය, ඒකාන්තයෙන් වීතදෝස (පහකළ ද්වේෂය ඇති) හෙයින් බුද්ධය, ඒකාන්තයෙන් වීතමෝහ (පහකළ මෝහය ඇති) හෙයින් බුද්ධය, ඒකාන්තයෙන් කෙලෙස් නැති බැවින් බුද්ධය, ඒකායන මාර්ගයට ගිය හෙයින් බුද්ධය, තනිව අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ හෙයින් බුද්ධය, අබුද්ධිය නැසූ හෙයින් බුද්ධිය ලැබූ හෙයින් බුද්ධය, බුද්ධ යන ඒ නම මව විසින් නොකරන ලදී, පියා විසින් නොකරන ලදී, සොහොයුරා විසින් නොකරන ලදී, සොහොයුරිය විසින් නොකරන ලදී, මිතුරන් මෙහෙකරුවන් විසින් නොකරන ලදී, මව්-පිය දෙපසට අයත් ලේ නෑයන් විසින් නොකරන ලදී, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නොකරන ලදී, දෙවියන් විසින් නොකරන ලදී, බුද්ධ යන නම අර්හත්ඵලය නම් වූ විමෝක්‍ෂ අන්තයෙහි භාග්‍යවත් වූ බුදුවරුන්ට සර්වඥතාඥානය ලැබීමත් සමග අර්හත්ථලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් පැණවීමකි.

හිංසතීති සරණං, සබ‍්බං අනත්‍ථං අපායදුක‍්ඛං සබ‍්බං සංසාරදුක‍්ඛං හිංසති විනාසෙති විද‍්ධංසෙතීති අත්‍ථො. සරණං ගතාති “බුද‍්ධො භගවා අම‍්හාකං සරණං ගති පරායණං පටිසරණං අඝස‍්ස හන‍්තා හිතස‍්ස විධාතා”ති ඉමිනා අධිප‍්පායෙන බුද‍්ධං භගවන‍්තං ගච‍්ඡාම භජාම සෙවාම පයිරුපාසාම. එවං වා ජානාම බුජ‍්ඣාමාති එවං ගතා උපගතා බුද‍්ධං සරණං ගතා. තප‍්පටික‍්ඛෙපෙන න බුද‍්ධං සරණං ගතා.

හිංසාකරන හෙයින් (හිංසතීති) සරණ නම් වේ. සියලු අයහපත, අපාය දුක සියලු සසර දුක හිංසා කරයි විනාශ කරයි යන අර්ථයි. සරණං ගතා යනු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපගේ පිහිටය, පරායනය, පිළිසරණය, විපත නසන තැනැත්තෝය, යහපත සිදුකරන තැනැත්තෝය යන මේ අදහසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙතට යමු, උන්වහන්සේ භජනය කරමු, සේවනය කරමු, පයිරුපාසනය කරමු මෙසේද දනිමු, අවබෝධ කරමුයි (සිත) මෙසේ ගිය අය එළඹි අය බුදුන් සරණ ගිය අය වෙති. එය ප්‍රතික්‍ෂේප කිරීමෙන් බුදුන් සරණ ගියාහු නො වෙති.

ධම‍්මං සරණං ගතාති අධිගතමග‍්ගෙ සච‍්ඡිකතනිරොධෙ යථානුසිට‍්ඨං පටිපජ‍්ජමානෙ චතූසු අපායෙසු අපතමානෙ කත්‍වා ධාරෙතීති ධම‍්මො. සො අත්‍ථතො අරියමග‍්ගො චෙව නිබ‍්බානඤ‍්ච. වුත‍්තඤ‍්හෙතං –

ධම්මං සරණං ගතා යනු අවබෝධ කරන ලද මාර්ගය ඇති, ප්‍රත්‍යක්ෂ කරන ලද නිවන ඇති, අනුශාසනා කළ අයුරින් පිළිපැදීම් ඇති අය සතර අපායෙහි නොවැටෙන්නවුන් කොට දරයි යන අරුතින් ධම්ම නම් වෙයි. එය අර්ථ වශයෙන් ආර්ය මාර්ගයත් නිවනත් වෙයි. මේ කාරණය මෙසේ කියන ලදී -

“යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො තෙසං අග‍්ගමක‍්ඛායතී”ති විත්‍ථාරො (අ· නි· 4.34).

‘යාවතා භික්‍ඛවෙ ධම්මා සංඛතා අරියො අට්ඨංගිකො මග්ගො තෙසං අග්ගමක්‍ඛායති’ ‘මහණෙනි, යම්තාක් සංබත ධර්ම ඇද්ද අරිඅටඟි මග ඒවාට අග්‍රයයි කියනු ලැබේ’ යනු විස්තරයයි.

න කෙවලඤ‍්ච අරියමග‍්ගනිබ‍්බානානි එව, අපිච ඛො අරියඵලෙහි සද‍්ධිං පරියත‍්තිධම‍්මො ච. වුත‍්තඤ‍්හෙතං ඡත‍්තමාණවකවිමානෙ –

හුදෙක් ආර්යමාර්ගය හා නිවන පමණක්ම නොවේ. තවදුරටත් ආර්යඵලයන් සමග පර්යාප්ති ධර්මය ද ධර්මය වෙයි. ඡත්තමාණවක විමාන වස්තුවෙහි මෙය මෙසේ කියන ලදී :

“රාගවිරාගමනෙජමසොකං, ධම‍්මමසඞ‍්ඛතමප‍්පටිකූලං; මධුරමිමං පගුණං සුවිභත‍්තං, ධම‍්මමිමං සරණත්‍ථමුපෙහී”ති. (වි· ව· 887);

රාගවිරාගමනෙජමසොකං - ධම්මමසංඛතමප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං - ධම්මමිමං සරණත්‍ථමුපෙහි

රාගය දුරුකරන්නා වූ තෘෂ්ණා රහිත වූ ශෝක රහිත වූ මේ මාර්ගඵල නිර්වාණ ධර්මය ද (සියලු කල්හි) පිළිකුල් නොවූ මිහිරි වූ ප්‍රගුණ වූ මැනවින් බෙදන ලද මේ පර්යාප්ති ධර්මය ද පිහිට පිණිස එළඹෙන්න.

තත්‍ථ හි රාගවිරාගොති මග‍්ගො කථිතො, අනෙජමසොකන‍්ති ඵලං, ධම‍්මසඞ‍්ඛතන‍්ති නිබ‍්බානං, අප‍්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත‍්තන‍්ති පිටකත‍්තයෙන විභත‍්තා සබ‍්බධම‍්මක‍්ඛන්‍ධා කථිතා. තං ධම‍්මං වුත‍්තනයෙන සරණන‍්ති ගතා ධම‍්මං සරණං ගතා. තප‍්පටික‍්ඛෙපෙන න ධම‍්මං සරණං ගතා.

එහි ‘රාගවිරාගො’ යනුවෙන් (ආර්ය) මාර්ගය කියන ලදී. ‘අනෙජමසොකං’ යනුවෙන් ඵලය කියන ලදී. ‘ධම්මමසංඛතං’ යනුවෙන් නිවන කියන ලදී. ‘අප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං’ යනුවෙන් පිටක තුනෙන් බෙදා දක්වන ලද සියලු ධර්මස්කන්ධය කියන ලදී. ඒ ධර්මය කියන ලද ආකාරයෙන් පිහිට කොට ගියාහු දහම් සරණ ගියාහු වෙති. එයට විරුද්ධ ආකාරයෙන් දහම් සරණ නොගියාහු වෙති.

දිට‍්ඨිසීලසඞ‍්ඝාතෙන සංහතොති සඞ‍්ඝො. සො අත්‍ථතො අට‍්ඨඅරියපුග‍්ගලසමූහො. වුත‍්තඤ‍්හෙතං තස‍්මිං එව විමානෙ –

දෘෂ්ටි ශීල සමූහයෙන් ස්ථිර වූයේ යන අරුතින් සංඝ නම් වේ. ඒ සංඝයා අර්ථ වශයෙන් ආර්ය පුද්ගලයන් අටදෙනාගේ සමූහයයි. ඒ කාරණය ඒ ඡත්තමානවක විමාන කථාවෙහිම (මෙසේ) කියන ලදී :

“යත්‍ථ ච දින‍්න මහප‍්ඵලමාහු, චතූසු සුචීසු පුරිසයුගෙසු; අට‍්ඨ ච පුග‍්ගල ධම‍්මදසා තෙ, සඞ‍්ඝමිමං සරණත්‍ථමුපෙහී”ති. (වි· ව· 888);

යත්‍ථ ච දින්න මහප්ඵලමාහු - චතුසු සුචීසු පුරිසයුගෙසු අට්ඨ ච පුග්ගල ධම්මදසාතෙ - සංඝමිමං සරණත්‍ථමුපෙහී

යම් ආර්ය සංඝරත්තයක් කෙරෙහි දෙන ලද්දේ මහත්ඵලයයි කීවාහුද පිරිසිදු පුරුෂ යුග සතරෙක්හි වූ සිවුසස් හා නිවන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්වා වූ ඒ පුද්ගලයෝ අටදෙනෙකි. මේ සංඝයා පිහිට පිණිස එළඹෙන්න.

තං සඞ‍්ඝං වුත‍්තනයෙන සරණන‍්ති ගතා සඞ‍්ඝං සරණං ගතා. තප‍්පටික‍්ඛෙපෙන න සඞ‍්ඝං සරණං ගතාති.

ඒ සංඝයා කියන ලද ආකාරයෙන් පිහිටකොට ගියාහු සඟ සරණ ගියාහු වෙති. එයට විරුද්ධ ආකාරයෙන් සඟ සරණ නො ගියාහු වෙති.

එත්‍ථ ච සරණගමනකොසල‍්ලත්‍ථං සරණං සරණගමනං, යො ච සරණං ගච‍්ඡති සරණගමනප‍්පභෙදො, ඵලං, සංකිලෙසො, භෙදො, වොදානන‍්ති අයං විධි වෙදිතබ‍්බො.

මෙහි සරණ ගමනයේ දක්ෂ බව පිණිස සරණය, සරණගමනය, සරණ යන තැනැත්තා ද සරණගමනයෙහි ප්‍රභේදය, ඵලය, කෙලෙසීම, බිඳීම, පිරිසිදුවීම යන මේ ආකාරය දතයුතුය.

තත්‍ථ පදත්‍ථතො තාව හිංසතීති සරණං, සරණගතානං තෙනෙව සරණගමනෙන භයං සන‍්තාසං දුක‍්ඛං දුග‍්ගතිං පරිකිලෙසං හනති විනාසෙතීති අත්‍ථො, රතනත‍්තයස‍්සෙතං අධිවචනං. අථ වා හිතෙ පවත‍්තනෙන අහිතා නිවත‍්තනෙන ච සත‍්තානං භයං හිංසතීති බුද‍්ධො සරණං, භවකන‍්තාරතො උත‍්තාරණෙන අස‍්සාසදානෙන ච ධම‍්මො, අප‍්පකානම‍්පි කාරානං විපුලඵලපටිලාභකරණෙන සඞ‍්ඝො. තස‍්මා ඉමිනාපි පරියායෙන රතනත‍්තයං සරණං. තප‍්පසාදතග‍්ගරුතාහි විහතකිලෙසො තප‍්පරායණතාකාරප‍්පවත‍්තො චිත‍්තුප‍්පාදො සරණගමනං. තංසමඞ‍්ගිසත‍්තො සරණං ගච‍්ඡති, වුත‍්තප‍්පකාරෙන චිත‍්තුප‍්පාදෙන “එතානි මෙ තීණි රතනානි සරණං, එතානි පරායණ”න‍්ති එවං උපෙතීති අත්‍ථො. එවං තාව සරණං සරණගමනං, යො ච සරණං ගච‍්ඡතීති ඉදං තයං වෙදිතබ‍්බං.

පළමු කොට එහි පදාර්ථ වශයෙන් හිංසාකරන හෙයින් සරණ නම් වේ. ඒ සරණ යාමෙන්ම සරණ යන අයගේ භය, තැතිගැනීම, දුක්, දුගති, කෙලෙස් විනාශ කරයි යන අර්ථයි. රත්නත්‍රයට මේ නමකි. නැතහොත් යහපත් පැවැත්වීමෙන් ද අයහපත නැවැත්වීමෙන් ද සත්ත්වයන්ගේ භය විනාශ කරයි යන අරුතින් බුද්ධ නම් වෙයි. භව කතරින් එතෙර කිරිමෙන් අස්වැසීම දීමෙන් ද ධර්මය නම් වෙයි. අල්ප වශයෙන් වුවද කටයුතු කරන්නන්ට මහත්ඵල ලැබීම සිදුකිරීමෙන් සංඝයා නම් වෙයි. එහෙයින් මේ ක්‍රමයෙන් ද තෙරුවන පිහිටකි (සරණකි). එයට ඇති ප්‍රසාදයෙන් ද ගරුකිරීම් ඇති බැවින් ද පහවූ කෙලෙස් ඇති එය පිහිටකොට යන ආකාරයෙන් පැවති සිතේ ඉපදීම සරණගමනයයි. එයින් යුක්ත වූ සත්ත්වයා සරණ යයි, කියන ලද ආකාර ඇති සිත ඉපදීමෙන් ඒ තෙරුවන මට සරණය. ඒවා පරායනය යනුවෙන් මෙසේ එළඹෙයි යන අර්ථයි. මෙසේ පළමුකොට සරණය, සරණගමනය, සරණ යන තැනැත්තා යන මේ තුන දතයුතුය.

පභෙදතො පන දුවිධං සරණගමනං – ලොකියං, ලොකුත‍්තරඤ‍්ච. තත්‍ථ ලොකුත‍්තරං දිට‍්ඨසච‍්චානං මග‍්ගක‍්ඛණෙ සරණගමනුපක‍්කිලෙසසමුච‍්ඡෙදෙන ආරම‍්මණතො නිබ‍්බානාරම‍්මණං හුත්‍වා කිච‍්චතො සකලෙපි රතනත‍්තයෙ ඉජ‍්ඣති, ලොකියං පුථුජ‍්ජනානං සරණගමනුපක‍්කිලෙසවික‍්ඛම‍්භනෙන ආරම‍්මණතො බුද‍්ධාදිගුණාරම‍්මණං හුත්‍වා ඉජ‍්ඣති. තං අත්‍ථතො බුද‍්ධාදීසු වත්‍ථූසු සද‍්ධාපටිලාභො, සද‍්ධාමූලිකා ච සම‍්මාදිට‍්ඨි දසසු පුඤ‍්ඤකිරියවත්‍ථූසු දිට‍්ඨිජුකම‍්මන‍්ති වුච‍්චති.

ප්‍රභේද වශයෙන් සරණගමනය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙපරිදිය. ලෝකෝත්තර සරණගමනය දක්නා ලද සත්‍ය ඇති අයගේ මාර්ග ඥානය ඇතිවන මොහොතෙහි සරණගමනයට ඇති උපක්ලේශ සහමුලින් සිඳ දැමීමෙන් අරමුණු වශයෙන් නිවන අරමුණු වී කෘත්‍ය (කටයුතු) වශයෙන් මුළු තෙරුවනම (සරණයාම) සිදුවෙයි. පෘථග්ජනයන්ගේ ලෞකික සරණගමනයට ඇති උපක්ලේශ (බාධාවන්) මැඩපැවැත්වීමෙන් අරමුණු වශයෙන් බුද්ධාදී ගුණ අරමුණු වී (සරණ යාම) සිදුවෙයි. එය අර්ථ වශයෙන් බුද්ධාදී වස්තු (රත්න) කෙරෙහි ශ්‍රද්ධාව ලැබීමයි. ශ්‍රද්ධාව මූලික කොට ඇති සම්මා දිට්ඨිය දසපින් කිරියවත්වල ඇති දිට්ඨිජ්ජුකම්ම යයි කියනු ලැබේ.

තයිදං චතුධා පවත‍්තති – අත‍්තසන‍්නිය්‍යාතනෙන, තප‍්පරායණතාය, සිස‍්සභාවූපගමනෙන, පණිපාතෙනාති. තත්‍ථ අත‍්තසන‍්නිය්‍යාතනං නාම “අජ‍්ජ ආදිං කත්‍වා අහං අත‍්තානං බුද‍්ධස‍්ස නිය්‍යාතෙමි, ධම‍්මස‍්ස, සඞ‍්ඝස‍්සා”ති එවං බුද‍්ධාදීනං අත‍්තපරිච‍්චජනං. තප‍්පරායණං නාම “අජ‍්ජ ආදිං කත්‍වා අහං බුද‍්ධපරායණො, ධම‍්මපරායණො, සඞ‍්ඝපරායණො ඉති මං ධාරෙහී”ති එවං තප‍්පටිසරණභාවො තප‍්පරායණතා. සිස‍්සභාවූපගමනං නාම “අජ‍්ජ ආදිං කත්‍වා අහං බුද‍්ධස‍්ස අන‍්තෙවාසිකො, ධම‍්මස‍්ස, සඞ‍්ඝස‍්ස ඉති මං ධාරෙතූ”ති එවං සිස‍්සභාවස‍්ස උපගමනං. පණිපාතො නාම “අජ‍්ජ ආදිං කත්‍වා අහං අභිවාදනපච‍්චුට‍්ඨානඅඤ‍්ජලිකම‍්මසාමීචිකම‍්මං බුද‍්ධාදීනං එව තිණ‍්ණං වත්‍ථූනං කරොමි ඉති මං ධාරෙතූ”ති එවං බුද‍්ධාදීසු පරමනිපච‍්චකාරො. ඉමෙසඤ‍්හි චතුන‍්නං ආකාරානං අඤ‍්ඤතරං කරොන‍්තෙන ගහිතං එව හොති සරණගමනං.

ඒ මේ (ලෞකික) සරණගමනය ආත්ම සන්නිර්යාතන, තත්පරායණ, ශිෂ්‍යභාවූපගමන, ප්‍රණිපාත යනුවෙන් සතර ආකාරයකින් පවතී. එහි ආත්ම සන්නිර්යාතන (සරණගමන) ය නම් අද පටන් කොට මම ජීවිතය බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට භාරකරමි යනුවෙන් මෙසේ බුද්ධාදීන්ට ආත්ම පරිත්‍යාගයයි. තත්පරායණය නම් අද පටන් කොට මම බුද්ධ පරායණ කෙනෙක්මි (බුදුන් පිහිටකොට ඇත්තෙක්මි) ධර්ම පරායණ කෙනෙක්මි. සංඝපරායණ කෙනෙක්මි යනුවෙන් මා පිළිගන්නැයි මෙසේ ඒ තෙරුවන පිළිසරණ බව තත්පරායණයයි. ශිෂ්‍ය භාවූපගමන නම් අද පටන්කොට මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝයාගේ අතවැසියෙක්මි යනුවෙන් මා පිළිගන්නැයි (කියා) මෙසේ ශිෂ්‍යභාවයට එළඹීමයි. ප්‍රණිපාත නම් අද පටන්කොට මම බුද්ධාදී වස්තු තුනටම අභිවාදනය (පසඟ පිහිටුවා වැඳීම) පච්චුට්ඨානය (දැක අසුනෙන් නැගිටීම) අඤ්ජලිකම්මය (ඇඟිලි දහය එක්කොට දෑත් නළලෙහි තබා වැඳීම) සාමීචි කම්මය (ආසන පැනවීම් ආදී සුදුසු ක්‍රියා) කරමි යනුවෙන් මා පිළිගන්නැයි මෙසේ බුද්ධාදීන් කෙරෙහි ඉතාම යටහත් පහත් ලෙස ගරුකිරීමයි. මේ සතර ආකාරයෙන් එකකින් සරණ යෑම කරන තැනැත්තා විසින් සරණගමනය ගන්නා ලද්දේම වෙයි.

අපිච “භගවතො අත‍්තානං පරිච‍්චජාමි, ධම‍්මස‍්ස, සඞ‍්ඝස‍්ස අත‍්තානං පරිච‍්චජාමි, ජීවිතං පරිච‍්චජාමි, පරිච‍්චත‍්තො එව මෙ අත‍්තා ජීවිතඤ‍්ච, ජීවිතපරියන‍්තිකං බුද‍්ධං සරණං ගච‍්ඡාමි, බුද‍්ධො මෙ සරණං තාණං ලෙණ”න‍්ති එවම‍්පි අත‍්තසන‍්නිය්‍යාතනං වෙදිතබ‍්බං. “සත්‍ථාරඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං, භගවන‍්තමෙව පස‍්සෙය්‍යං; සුගතඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං, භගවන‍්තමෙව පස‍්සෙය්‍යං; සම‍්මාසම‍්බුද‍්ධඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං; භගවන‍්තමෙව පස‍්සෙය්‍ය”න‍්ති (සං· නි· 2.154) එවං මහාකස‍්සපත්‍ථෙරස‍්ස සරණගමනං විය සිස‍්සභාවූපගමනං දට‍්ඨබ‍්බං.

තව ද භාග්‍යවතුන් වහන්සේට, ධර්මයට, සංඝයාට ආත්මය පරිත්‍යාග කරමි, ජීවිතය පරිත්‍යාග කරමි, මගේ ආත්මය ද ජීවිතය ද පරිත්‍යාග කරන ලද්දේමය, ජීවිතය කෙළවරකොට බුදුන් සරණ යමි, බුදුරජාණන් වහන්සේ මට පිහිටය, ආරක්ෂවය යනුවෙන් මෙසේ ද ආත්ම සන්නිර්යාතනය දතයුතුය. ‘සත්‍ථාරඤ්ච වතාහං පස්සාමි භගවන්තමෙව පස්සාමි, සුගතඤ්ච වතාහං පස්සාමි භගවන්තමෙව පස්සාමි, සම්මා සම්බුද්ධඤ්ච වතාහං පස්සාමි භගවන්තමෙව පස්සාමි’ ඒකාන්තයෙන් මම ශාස්තෲන් වහන්සේ දකිම් ද මම භාග්‍යවතුන් වහන්සේම දකිමි, ඒකාන්තයෙන්ම මම සුගතයන් වහන්සේ දකිම්ද මම භාග්‍යවතුන් වහන්සේ දකිමි, ඒකාන්තයෙන් මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිම්ද මම භාග්‍යවතුන් වහන්සේම දකිමි’යි මෙසේ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ සරණගමනය මෙන් ශිෂ්‍යභාවූපගමනය දතයුතුය.

“සො අහං විචරිස‍්සාමි, ගාමා ගාමං පුරා පුරං; නමස‍්සමානො සම‍්බුද‍්ධං, ධම‍්මස‍්ස ච සුධම‍්මත”න‍්ති. (සං· නි· 1.246; සු· නි· 194) –

සො අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතං

‘ඒ මම සම්බුදුරජාණන් වහන්සේ නමදිමින් ධර්මයේ සුධර්මත්වය කියමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙන්නෙමි.’

එවං ආළවකාදීනං සරණගමනං විය තප‍්පරායණතා වෙදිතබ‍්බා. “අථ ඛො, බ්‍රහ‍්මායු, බ්‍රාහ‍්මණො උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම‍්බති, පාණීහි ච පරිසම‍්බාහති, නාමඤ‍්ච සාවෙති ‘බ්‍රහ‍්මායු අහං, භො ගොතම, බ්‍රාහ‍්මණො, බ්‍රහ‍්මායු අහං, භො ගොතම, බ්‍රාහ‍්මණො’”ති (ම· නි· 2.394) එවං පණිපාතො දට‍්ඨබ‍්බො.

මෙසේ ආලවක ආදීන්ගේ සරණගමනය මෙන් තත්පරායණය දතයුතු ය. ‘අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසංගං කරිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති පානීහි ච පරිසම්බාහති නාමංච සාවෙති බ්‍රහ්මායු අහං භො ගොතම බ්‍රාහමණො, බ්‍රහ්මායු අහං භො ගොතම බ්‍රාහ්මණො’ ‘ඉක්බිති බ්‍රහ්මායු බමුණු තෙම ආසනයෙන් නැගිට උතුරු සළුව එකාංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පා ළඟ සිරසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුහුණෙන් සිඹියි, දැතින් පිරිමදියි. පින්වත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බමුණා වෙමි, පින්වත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බමුණා වෙමියි නම ද ප්‍රකාශ කරයි’ යනුවෙන් මෙසේ ප්‍රණිපාතය දතයුතුය.

සො පනෙස ඤාතිභයාචරියදක‍්ඛිණෙය්‍යවසෙන චතුබ‍්බිධො හොති. තත්‍ථ දක‍්ඛිණෙය්‍යපණිපාතෙන සරණගමනං හොති, න ඉතරෙහි. සෙට‍්ඨවසෙනෙව හි සරණං ගය‍්හති, සෙට‍්ඨවසෙන භිජ‍්ජති. තස‍්මා යො “අයමෙව ලොකෙ සබ‍්බසත‍්තුත‍්තමො අග‍්ගදක‍්ඛිණෙය්‍යො”ති වන්‍දති, තෙනෙව සරණං ගහිතං හොති, න ඤාතිභයාචරියසඤ‍්ඤාය වන්‍දන‍්තෙන. එවං ගහිතසරණස‍්ස උපාසකස‍්ස වා උපාසිකාය වා අඤ‍්ඤතිත්‍ථියෙසු පබ‍්බජිතම‍්පි “ඤාතකො මෙ අය”න‍්ති වන්‍දතො සරණං න භිජ‍්ජති, පගෙව අපබ‍්බජිතං. තථා රාජානං භයෙන වන්‍දතො. සො හි රට‍්ඨපූජිතත‍්තා අවන්‍දියමානො අනත්‍ථම‍්පි කරෙය්‍යාති. තථා යංකිඤ‍්චි සිප‍්පං සික‍්ඛාපකං තිත්‍ථියම‍්පි “ආචරියො මෙ අය”න‍්ති වන්‍දතොපි න භිජ‍්ජති. එවං සරණගමනස‍්ස පභෙදො වෙදිතබ‍්බො.

ඒ මේ ප්‍රණිපාතය වනාහි ඤාති-භය-ආචරිය-දක්‍ඛිණෙය්‍ය වශයෙන් සිවුවැදෑරුම් වෙයි. එහි දක්ඛිණෙය්‍ය ප්‍රණිපාතයෙන් සරණගමනය සිදුවෙයි. අන් ඒවායින් සරණගමනය සිදු නොවෙයි. ශ්‍රේෂ්ඨ වශයෙන් සරණ ගනීද ශ්‍රේෂ්ඨ වශයෙන් බිඳෙයි. එහෙයින් යමෙක් ‘මොහුම ආර්යයෙකි, ලෝකයෙහි සියලු සතුන්ට උතුම්ය, අග්‍ර දක්ඛිණෙය්‍යය (දන්දීමට ඉතාම සුදුසුය) යනුවෙන් සිතා වඳියි ද ඔහු විසින්ම සරණය ගන්නා ලද්දේ වෙයි. ඤාතියෙකි යන හැඟීමෙන්, භයෙන්, ගුරුවරයාය යන හැඟීමෙන් යුතුව වඳින තැනැත්තා විසින් සරණය නොගන්නා ලද්දේ වෙයි. මෙසේ අන්‍ය තීර්ථකයන් අතර පැවිදි වූ ඤාතියකු (දැක) මොහු මගේ ඤාතියෙකි’ යනුවෙන් සිතා වඳින්නා වූ මෙසේ සරණ ගිය උපාසකයෙකුගේ හෝ උපාසිකාවකගේ සරණය නො බිඳෙයි. පැවිදි නොවූ කෙනෙකුට වැඳීම ගැන කිවයුත්තක්ම නැත. එසේම හෙතෙම රටවැසියන් විසින් පුදන ලද බැවින් ඔහුට නොවැදීමෙන් අයහපතක් කරන්නේ යයි සිතා භය නිසා රජුට වඳින තැනැත්තාගේ සරණය නොබිඳෙයි. එසේම යම්කිසි ශිල්පයක් උගන්වන තීර්ථකයෙකුට ‘මොහු මගේ ගුරුවරයාය’ යන හැඟීමෙන් යුතුව වඳින තැනැත්තාගේ සරණය නොබිඳෙයි. මෙසේ සරණගමනයේ ප්‍රභේද දතයුතුය.

එත්‍ථ ච ලොකුත‍්තරස‍්ස සරණගමනස‍්ස චත‍්තාරි සාමඤ‍්ඤඵලානි විපාකඵලං, සබ‍්බදුක‍්ඛක‍්ඛයො ආනිසංසඵලං. වුත‍්තඤ‍්හෙතං –

මෙහි ද ලෝකෝත්තර සරණගමනයේ විපාක ඵලය යනු සතර සාමඤ්ඤඵලයයි. සියලු දුක් ක්‍ෂයකිරිම ආනිසංසඵලයයි. මේ කාරණය

“යො ච බුද‍්ධඤ‍්ච ධම‍්මඤ‍්ච, සඞ‍්ඝඤ‍්ච සරණං ගතො; චත‍්තාරි අරියසච‍්චානි, සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති.

‘යමෙක් බුදුන් ද දහම් ද සඟුන් ද සරණ ගියේ නම් -පෙ- ඒ සරණයට පැමිණ සත්ත්වයා සියලු දුකින් මිදෙයි’ යනුවෙන් කියන ලදී.

“දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං, දුක‍්ඛස‍්ස ච අතික‍්කමං; අරියං චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, දුක‍්ඛූපසමගාමිනං.

“එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත‍්තමං; එතං සරණමාගම‍්ම, සබ‍්බදුක‍්ඛා පමුච‍්චතී”ති. (ධ· ප· 190-192);

අපිච නිච‍්චතො අනුපගමනාදීනිපි එතස‍්ස ආනිසංසඵලං වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං –

තවදුරටත් (සංස්කාරයන්) නිත්‍ය වශයෙන් නො පිළිගැනීම් ආදියෙහිද ලෝකෝත්තර සරණගමනයේ ආනිසංසඵලය දතයුතුය. මේ කාරණය මෙසේ කියන ලදී -

“අට‍්ඨානමෙතං, භික‍්ඛවෙ, අනවකාසො, යං දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො කඤ‍්චි සඞ‍්ඛාරං නිච‍්චතො උපගච‍්ඡෙය්‍ය, සුඛතො උපගච‍්ඡෙය්‍ය, කඤ‍්චි ධම‍්මං අත‍්තතො උපගච‍්ඡෙය්‍ය, මාතරං ජීවිතා වොරොපෙය්‍ය, පිතරං ජීවිතා වොරොපෙය්‍ය, අරහන‍්තං ජීවිතා වොරොපෙය්‍ය, දුට‍්ඨචිත‍්තො තථාගතස‍්ස ලොහිතං උප‍්පාදෙය්‍ය, සඞ‍්ඝං භින්‍දෙය්‍ය, අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දිසෙය්‍ය නෙතං ඨානං විජ‍්ජතී”ති (ම· නි· 3.127-128; අ· නි· 1.268-276; විභ· 809).

‘මහණෙනි, යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් (සෝවාන්) පුද්ගල තෙමේ කිසි සංකාරයක් නිත්‍යයයි ගන්නේය, සුඛයයි ගන්නේය, කිසි ධර්මයක් ආත්මයයි ගන්නේය, මව ජීවිතයෙන් තොර කරන්නේය, පියා ජීවිතයෙන් තොර කරන්නේය, රහත් කෙනෙකු ජීවිතයෙන් තොර කරන්නේය, දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ (සිරුරෙහි) ලේ සොලවන්නේය, සංඝයා බිඳින්නේය, අන්‍ය ශාස්තෲ කෙනෙකුන් උදෙසා සිටින්නේය යන යමක් වේද, ඒ කරුණ විද්‍යාමාන නොවේ.’

ලොකියස‍්ස පන සරණගමනස‍්ස භවසම‍්පදාපි භොගසම‍්පදාපි ඵලමෙව. වුත‍්තඤ‍්හෙතං –

භව සම්පත් හා භෝග සම්පත් ලෞකික සරණගමනයේ ඵලයයි. මේ කාරණය මෙසේ කියන ලදී -

“යෙ කෙචි බුද‍්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස‍්සන‍්තී”ති. (සං· නි· 1.37);

යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ - න තෙ ගමිස්සන්ති අපායං පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති

‘යමෙක් බුදුන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයති. මිනිස් කය අතහැර දිව්‍ය කය පුරවති. (මැරෙන මිනිස්සු දෙව්ලොව උපදිති.)

අපරම‍්පි වුත‍්තං –

අනිකක් ද කියන ලදී -

“අථ ඛො සක‍්කො දෙවානමින්‍දො අසීතියා දෙවතාසහස‍්සෙහි සද‍්ධිං යෙනායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමි…පෙ… එකමන‍්තං ඨිතං ඛො සක‍්කං දෙවානමින්‍දං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච – ‘සාධු ඛො, දෙවානමින්‍ද, බුද‍්ධං සරණගමනං හොති. බුද‍්ධං සරණගමනහෙතු ඛො, දෙවානමින්‍ද, එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරං මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති. තෙ අඤ‍්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ‍්හන‍්ති – දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන, දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන, දිබ‍්බෙහි රූපෙහි, දිබ‍්බෙහි සද‍්දෙහි, දිබ‍්බෙහි ගන්‍ධෙහි, දිබ‍්බෙහි රසෙහි, දිබ‍්බෙහි ඵොට‍්ඨබ‍්බෙහි…පෙ… ධම‍්මං, සඞ‍්ඝං…පෙ… ඵොට‍්ඨබ‍්බෙහී’”ති (සං· නි· 4.341).

‘ඉක්බිති ශක්‍ර දිව්‍යරාජයා අසූදහසක් දේවතාවන් සමග ආයුෂ්මත් මහමුගලන් මහරහතන් වහන්සේ වෙත එළඹියේය. -පෙ- එකත්පසෙක සිටි ශක්‍ර දිව්‍යරාජයාට ආයුෂ්මත් මහමුගලන් මහරහතන් වහන්සේ මෙය කීහ. දිව්‍යරාජය බුදුන් සරණයාම යහපත් වෙයි. බුදුන් සරණ යාම හේතුවෙන් දිව්‍යරාජය, මෙලොව ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිති. ඔවුහු දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින් (පිරිවර) දිව්‍ය අධිපති බවෙන්, දිව්‍යරූපවලින්, දිව්‍ය ශබ්දවලින්, දිව්‍ය සුවඳින්, දිව්‍ය රසවලින්, දිව්‍ය ස්පර්ශවලින් යන කරුණු දහයෙන් අනිත් දෙවිවරුන් ඉක්මවා සිටිති. -පෙ- ධර්මය - සංඝයා -පෙ- ස්පර්ශවලින්’

වෙලාමසුත‍්තාදිවසෙනපි (අ· නි· 9.20) සරණගමනස‍්ස ඵලවිසෙසො වෙදිතබ‍්බො. එවං සරණගමනස‍්ස ඵලං වෙදිතබ‍්බං.

වේලාම සූත්‍රාදී වශයෙන් ද සරණගමනයේ ඵල විශේෂය දතයුතුය. මෙසේ සරණගමනයේ ඵලය දතයුතුය.

ලොකියසරණගමනඤ‍්චෙත්‍ථ තීසු වත්‍ථූසු අඤ‍්ඤාණසංසයමිච‍්ඡාඤාණාදීහි සංකිලිස‍්සති, න මහාජුතිකං හොති න මහාවිප‍්ඵාරං. ලොකුත‍්තරස‍්ස පන සංකිලෙසො නත්‍ථි. ලොකියස‍්ස ච සරණගමනස‍්ස දුවිධො භෙදො – සාවජ‍්ජො, අනවජ‍්ජො ච. තත්‍ථ සාවජ‍්ජො අඤ‍්ඤසත්‍ථාරාදීසු අත‍්තසන‍්නිය්‍යාතනාදීහි හොති, සො අනිට‍්ඨඵලො. අනවජ‍්ජො කාලකිරියාය, සො අවිපාකත‍්තා අඵලො. ලොකුත‍්තරස‍්ස පන නෙවත්‍ථි භෙදො. භවන‍්තරෙපි හි අරියසාවකො අඤ‍්ඤං සත්‍ථාරං න උද‍්දිසතීති එවං සරණගමනස‍්ස සංකිලෙසො ච භෙදො ච වෙදිතබ‍්බො.

මෙහි ත්‍රිවිධ වස්තු කෙරෙහි (රත්නත්‍රය කෙරෙහි) ඇති නොදැනීම, සැකය, මිථ්‍යාඥානය යනාදියෙන් ලෞකික සරණගමනය කෙලෙසෙයි. මහත් බැබලීම් ඇති නොවෙයි. මහා පැතිරීමක් නොවේ. ලෝකෝත්තර සරණගමනයේ කෙලෙසීමක් නැත. ලෞකික සරණගමනයේ වැරදි-නිවැරදි යනුවෙන් භේද (බිඳීම්) දෙකක් ඇත. එහි අනික් ශාස්තෲන් කෙරෙහි ආත්ම සන්නිර්යාතන ආදී කරුණුවලින් සරණගමනයේ වැරදි බිඳීම සිදුවෙයි. එය අනිටුඵල ඇති එකකි. කලුරිය කිරීමෙන් නිවැරදි බිඳීම සිදුවෙයි. එය විපාක නැති බැවින් ඵලයක් නැත. ලෝකෝත්තර සරණගමනයේ බිඳීමක් ඇත්තේම නැත. භවන්තරයෙහි ද (මරණින් පසු ලබන ආත්මභාවවලදී ද) ආර්ය ශ්‍රාවකයා අනිත් ශාස්තෲවරයකු උදෙසා නොසිටියි. මෙසේ සරණගමනයේ කෙලෙසීමද බිඳීම ද දතයුතුය.

වොදානම‍්පි ච ලොකියස‍්සෙව යස‍්ස හි සංකිලෙසො, තස‍්සෙව තතො වොදානෙන භවිතබ‍්බං. ලොකුත‍්තරං පන නිච‍්චවොදානමෙවාති.

පිරිසිදු කිරීම ලෞකික සරණගමනයට පමණි. කෙලෙසීම ඇත්තේ යමකද එහෙයින් එහි පිරිසිදු කිරිම සිදුවිය යුතුය. ලෝකෝත්තර සරණගමනය නිතරම පිරිසිදුය.

පාණාතිපාතාති එත්‍ථ පාණස‍්ස සරසෙනෙව පතනසභාවස‍්ස අන‍්තරා එව අතිපාතනං අතිපාතො, සණිකං පතිතුං අදත්‍වා සීඝං පාතනන‍්ති අත්‍ථො. අතික‍්කම‍්ම වා සත්‍ථාදීහි අභිභවිත්‍වා පාතනං අතිපාතො, පාණඝාතොති වුත‍්තං හොති. පාණොති චෙත්‍ථ ඛන්‍ධසන‍්තානො, යො සත‍්තොති වොහරීයති, පරමත්‍ථතො රූපාරූපජීවිතින්‍ද්‍රියං. රූපජීවිතින්‍ද්‍රියෙ හි විකොපිතෙ ඉතරම‍්පි තංසම‍්බන්‍ධතාය විනස‍්සතීති. තස‍්මිං පන පාණෙ පාණසඤ‍්ඤිනො ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදකඋපක‍්කමසමුට‍්ඨාපිකා කායවචීද‍්වාරානං අඤ‍්ඤතරද‍්වාරප‍්පවත‍්තා වධකචෙතනා පාණාතිපාතො. යාය හි චෙතනාය පවත‍්තමානස‍්ස ජීවිතින්‍ද්‍රියස‍්ස නිස‍්සයභූතෙසු උපක‍්කමකරණහෙතුකමහාභූතපච‍්චයා උප‍්පජ‍්ජනකමහාභූතා පුරිමසදිසා න උප‍්පජ‍්ජන‍්ති, විසදිසා එව උප‍්පජ‍්ජන‍්ති, සා තාදිසප‍්පයොගසමුට‍්ඨාපිකා චෙතනා පාණාතිපාතො. ලද‍්ධූපක‍්කමානි හි භූතානි පුරිමභූතානි විය න විසදානීති සමානජාතියානං කාරණානි න හොන‍්තීති. “කායවචීද‍්වාරානං අඤ‍්ඤතරද‍්වාරප‍්පවත‍්තා”ති ඉදං මනොද‍්වාරෙ පවත‍්තාය වධකචෙතනාය පාණාතිපාතතාසම‍්භවදස‍්සනං. කුලුම‍්බසුත‍්තෙපි හි “ඉධෙකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා ඉද‍්ධිමා චෙතො වසිප‍්පත‍්තො අඤ‍්ඤිස‍්සා කුච‍්ඡිගතං ගබ‍්භං පාපකෙන මනසා අනුපෙක‍්ඛිතා හොතී”ති විජ‍්ජාමයිද‍්ධි අධිප‍්පෙතා. සා ච වචීද‍්වාරං මුඤ‍්චිත්‍වා න සක‍්කා නිබ‍්බත‍්තෙතුන‍්ති වචීද‍්වාරවසෙනෙව නිප‍්පජ‍්ජති. යෙ පන “භාවනාමයිද‍්ධි තත්‍ථ අධිප‍්පෙතා”ති වදන‍්ති, තෙසං වාදො කුසලත‍්තිකවෙදනත‍්තිකවිතක‍්කත‍්තිකභූමන‍්තරෙහි විරුජ‍්ඣති.

පාණාතිපාතා යන මෙහි ස්වභාවයෙන්ම ප්‍රාණය නිරුද්ධ වීමට පෙර (ජීවත්වන) අතරතුරදීම ප්‍රාණය නැසීම = අතිපාතයයි. සෙමින් නිරුද්ධ වීමට නොදී ඉක්මණින් නැසීම යන අර්ථයි. ආයුධ ආදියකින් මැඩපවත්වා නැසීම හෝ අතිපාතයයි. ප්‍රාණඝාතයයි කියන ලද්දේ වෙයි. මෙහි ‘පාණො’ යනු සත්ත්වයා යනුවෙන් ව්‍යවහාර කරනු ලබන ස්කන්ධ පරම්පරාවයි. පරමාර්ථ වශයෙන් රූප ජීවිතින්‍ද්‍රිය හා අරූප ජීවිතින්‍ද්‍රියයි. රූප ජීවිතින්‍ද්‍රිය විනාශ කළ කල්හි (එය හා පැවති) සම්බන්ධතාවෙන් ඒ අරූප ජිවිතින්‍ද්‍රිය විනාශ වෙයි. ඒ ප්‍රාණය කෙරෙහි ප්‍රාණ සංඥාව ඇති තැනැත්තාගේ, ජීවිතේන්‍ද්‍රිය සිඳ දමන උපක්‍රමයෙන් උපදවන කය වචන දොරටු අතරින් එක්තරා ද්වාරයක් පැවති වධක චේතනාව පාණාතිපාතයයි. යම් චේතනාවක පවතින ජීවිතින්‍ද්‍රියට ඇසුරු වූ උපක්‍රම කිරීමට හේතු වූ මහාභූත හේතුවෙන් උපදින මහාභූත පෙර උපන් ඒවාට සමානව නූපදියි. අසමානවම උපදී. එබඳු ප්‍රයෝග උපදවන ඒ චේතනාව පාණාතිපාතයයි. ලබන ලද උපක්‍රම ඇති (පඨවි ආදී) භූතයෝ පෙර උපන් භූත මෙන් ප්‍රකට නොවේ. මෙසේ (පෙර උපන් භූතයන් හා සමානව උපදින භූතයන්ට) සමාන ජාතීන්ට කරුණු නොවේ. ‘කය-වචන යන දොරටු අතරින් එක්තරා ද්වාරයක පැවති’ (කාය වචී ද්වාරානං අඤ්ඤතරද්වාරප්පවත්තා) යන මෙයින් මනෝද්වාරයෙහි පැවති වධක චේතනාවෙන් ප්‍රාණඝාතයක් නො සිදුවන බව දැක්වීම වෙයි. කුළුම්බ සූත්‍රයෙහි ද ‘ඉධ කච්චො සමණො වා බ්‍රාහ්මණො වා ඉද්ධිමා චෙතො වසිප්පත්තො අස්සා කුච්ඡිගතං ගබ්භං පාපකෙන මනසානුපෙක්‍ඛිතා හොති’ ‘මෙලොව ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඍද්ධිමත් වූයේ සිතෙහි වශීභාවයට පත්වූයේ මැගේ කුසෙහි ඇති ගැබ පාපී මනසින් විමසන ලද්දේ වෙයි යනුවෙන් විද්‍යාමය ඍද්ධිය අදහස් කරන ලදී. එය ද වචීද්වාරය හැර උපදවන්නට නොහැකි නිසා වචීද්වාර වශයෙන්ම උපදී. එහිදී භාවනාමය ඍද්ධිය අදහස් කරන ලදැයි කියන්නවුන්ගේ වාදය කුසලත්තිකය, වේදනත්තිකය, විතක්කත්තිකය යන වෙනස් වෙනස් භූමි සමග විරුද්ධ වෙයි, (නො ගැලපෙයි).

ස‍්වායං පාණාතිපාතො ගුණරහිතෙසු තිරච‍්ඡානගතාදීසු ඛුද‍්දකෙ පාණෙ අප‍්පසාවජ‍්ජො, මහාසරීරෙ මහාසාවජ‍්ජො. කස‍්මා? පයොගමහන‍්තතාය. පයොගසමත‍්තෙපි වත්‍ථුමහන‍්තතාදීහි මහාසාවජ‍්ජො, ගුණවන‍්තෙසු මනුස‍්සාදීසු අප‍්පගුණෙ පාණෙ අප‍්පසාවජ‍්ජො, මහාගුණෙ මහාසාවජ‍්ජො. සරීරගුණානං පන සමභාවෙ සති කිලෙසානං උපක‍්කමානඤ‍්ච මුදුතාය අප‍්පසාවජ‍්ජො, තිබ‍්බතාය මහාසාවජ‍්ජො.

ඒ මේ ප්‍රාණඝාතය ගුණ නැති තිරිසන්ගත සතුන් අතරින් කුඩා සතුන් නැසීමෙන් අල්පසාවද්‍ය වෙයි. මහ සතුන් මැරිමෙන් මහා සාවද්‍ය වෙයි. කුමක් නිසාද? ප්‍රයෝගය මහත් බැවිනි. ප්‍රයෝගය සමවූ කල්හි ශරීර විශාලවීම් ආදියෙන් මහාසාවද්‍ය වෙයි. ගුණවත් මිනිසුන් ආදීන් අතරින් අල්පගුණ ඇති ප්‍රාණීන් මැරීමෙන් අල්පසාවද්‍යය. මහාගුණ ඇති ප්‍රාණීන් මැරීමෙන් මහා සාවද්‍යය. ශරීරගුණ සම වූ කල්හි කෙලෙසුන්ගේ ද උපක්‍රමවල ද මොළොක් භාවයෙන් අල්පසාවද්‍යය, දැඩි භාවයෙන් මහා සාවද්‍යය.

එත්‍ථ ච පයොගවත්‍ථුමහන‍්තතාදීහි මහාසාවජ‍්ජතා තෙහි පච‍්චයෙහි උප‍්පජ‍්ජමානාය චෙතනාය බලවභාවතො වෙදිතබ‍්බා. යථාධිප‍්පෙතස‍්ස පයොගස‍්ස සහසා නිප‍්ඵාදනවසෙන සකිච‍්චසාධිකාය බහුක‍්ඛත‍්තුං පවත‍්තජවනෙහි ලද‍්ධාසෙවනාය ච සන‍්නිට‍්ඨාපකචෙතනාය පයොගස‍්ස මහන‍්තභාවො. සතිපි කදාචි ඛුද‍්දකෙ චෙව මහන‍්තෙ ච පාණෙ පයොගස‍්ස සමභාවෙ මහන‍්තං හනන‍්තස‍්ස චෙතනා තිබ‍්බතරා උප‍්පජ‍්ජතීති වත්‍ථුමහන‍්තතාපි චෙතනාය බලවභාවස‍්ස කාරණං. ඉති උභයම‍්පෙතං චෙතනාබලවභාවෙනෙව මහාසාවජ‍්ජතාය හෙතු හොති. තථා හන‍්තබ‍්බස‍්ස මහාගුණභාවෙ තත්‍ථ පවත‍්තඋපකාරචෙතනා විය ඛෙත‍්තවිසෙසනිප‍්ඵත‍්තියා අපකාරචෙතනාපි බලවතී තිබ‍්බතරා උප‍්පජ‍්ජතීති තස‍්ස මහාසාවජ‍්ජතා දට‍්ඨබ‍්බා. තස‍්මා පයොගවත්‍ථුආදිපච‍්චයානං අමහත‍්තෙපි ගුණමහන‍්තතාදිපච‍්චයෙහි චෙතනාය බලවභාවවසෙනෙව මහාසාවජ‍්ජතා වෙදිතබ‍්බා.

මෙහිද ප්‍රයෝගවල, ශරීරවල මහත්බව ආදියෙන් ඇතිවන මහාසාවද්‍ය බව ඒ ප්‍රත්‍ය (හේතූ) වලින් උපදින චේතනාවේ බලවත් භාවයෙන් (සිදුවන බව) දතයුතුය. අදහස් කරන ලද ප්‍රයෝගය ඉක්මණින් නිෂ්පාදනය (සිදු) වීම් වශයෙන් බොහෝ වාරයක් පැවති ජවනවලින් ලබන ලද සේවනය ද ඇති කෘත්‍යසාධක (කටයුතු සිදුකරන) නිශ්චිත චේතනාවෙන් ප්‍රයෝගයේ මහත් බව ඇති කල්හි වුව ද කිසිකලෙක කුඩා වූ ද විශාල වූ ද ප්‍රාණීන් කෙරෙහි ප්‍රයෝගය සම වූ කල්හි විශාල වූ ප්‍රාණියා නසන තැනැත්තාගේ චේතනාව වඩා බලවත් ලෙස උපදී. මෙසේ වස්තුවේ (මරණයට පත්වන සත්ත්වයන්ගේ ශරීරවල) මහත් බව ද චේතනාවේ බලවත් බවට කරුණකි. මෙසේ මේ (ප්‍රයෝග-වස්තු) දෙකම චේතනාවේ බලවත් බවෙන්ම මහා සාවද්‍ය (මහත් වූ දොස් සහිත) බවට හේතු වෙයි. එසේ නැසිය යුතු සත්ත්වයාගේ මහත් වූ ගුණ ඇති කල එහි පැවති උපකාර චේතනාව මෙන් ක්‍ෂේත්‍ර විශේෂයෙන් උපන් උපකාර චේතනාව ද බලවත්ව වඩා බලවත්ව උපදී. මෙසේ මෙහි මහාසාවද්‍ය බව දතයුතුය. එහෙයින් ප්‍රයෝගය-වස්තුව ආදී ප්‍රත්‍යයන්ගේ මහත්බව ඇති කල්හි ද ගුණ මහත් බව ආදී ප්‍රත්‍යවලින් චේතනාවේ බලවත් බව වශයෙන්ම මහාසාවද්‍ය බව දතයුතුය.

තස‍්ස පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති පඤ‍්ච සම‍්භාරා. පඤ‍්චසම‍්භාරයුත‍්තො පාණාතිපාතොති පඤ‍්චසම‍්භාරාවිනිමුත‍්තො දට‍්ඨබ‍්බො. තෙසු පාණසඤ‍්ඤිතාවධකචිත‍්තානි පුබ‍්බභාගියානිපි හොන‍්ති, උපක‍්කමො වධකචෙතනාසමුට‍්ඨාපිතො. තස‍්ස ඡ පයොගා – සාහත්‍ථිකො, ආණත‍්තිකො, නිස‍්සග‍්ගියො, ථාවරො, විජ‍්ජාමයො, ඉද‍්ධිමයොති. තෙසු සහත්‍ථෙන නිබ‍්බත‍්තො සාහත්‍ථිකො. පරෙසං ආණාපනවසෙන පවත‍්තො ආණත‍්තිකො. උසුසත‍්තිආදීනං නිස‍්සජ‍්ජනවසෙන පවත‍්තො නිස‍්සග‍්ගියො. ඔපාතඛණනාදිවසෙන පවත‍්තො ථාවරො. ආථබ‍්බණිකාදීනං විය මන‍්තපරිජප‍්පනපයොගො විජ‍්ජාමයො. දාඨාකොට‍්ටනාදීනං විය කම‍්මවිපාකජිද‍්ධිමයො.

ඒ ප්‍රාණඝාතයට ප්‍රාණියෙක් වීම, ප්‍රාණියෙක් යන හැඟීම ඇති බව වධක සිත, මරණ උපක්‍රමය. එයින් මරණය සිදුවීම යන කරුණු පහක් ඇත. ප්‍රාණඝාතය කරුණු පහකින් යුක්තය යනුවෙන් කරුණු පහකින් තොර නොවූයේ යයි දතයුතුය. ඒ කරුණු පහ අතරින් ප්‍රාණියෙක් යන හැඟීමත් වධක සිතත් ප්‍රාණඝාතයේ මුල් අවස්ථාවට අයත් වෙයි. උපක්‍රමය වධක චේතනාවෙන් උපදවන ලද්දේ වෙයි. ඒ උපක්‍රමයට සාහත්‍ථික, ආණත්තික, නිස්සග්ගිය, ථාවර, විජ්ජාමය, ඉද්ධිමය යනුවෙන් ප්‍රයෝග හයක් ඇත. ඒවා අතරින් සියතින් උපන්නේ සාහත්‍ථිකය, අනුන්ගේ අණ අනුව පැවතියේ ආණත්තිකය, ඊතල, සිරි (ආයුධයකි) ආදිය දමාගැසීම් වශයෙන් පැවතියේ නිස්සග්ගියය. බොරු වලවල් කැණීම් ආදී වශයෙන් පැවතියේ ථාවරය. හූනියම් කරන අයගේ මෙන් මන්ත්‍ර ජපකිරීම් ප්‍රයෝගය විජ්ජාමයය. දාඨා කොට්ටකයන්ගේ (දත් ඇඳි එකට තදකොට (දත්සපා) අනුන් බියගැන්වීමට හැකියාව ඇත්තන්ගේ) මෙන් කර්ම විපාකයෙන් උපන්නේ ඉද්ධිමයය.

එත්‍ථාහ – ඛණෙ ඛණෙ නිරුජ‍්ඣනසභාවෙසු සඞ‍්ඛාරෙසු, කො හන‍්තා, කො වා හඤ‍්ඤති? යදි චිත‍්තචෙතසිකසන‍්තානො, සො අරූපිතාය න ඡෙදනභෙදනාදිවසෙන විකොපනසමත්‍ථො, නාපි විකොපනීයො, අථ රූපසන‍්තානො, සො අචෙතනතාය කට‍්ඨකලිඞ‍්ගරූපමොති න තත්‍ථ ඡෙදනාදිනා පාණාතිපාතො ලබ‍්භති, යථා මතසරීරෙ. පයොගොපි පාණාතිපාතස‍්ස යථාවුත‍්තො පහරණප‍්පහාරාදිකො අතීතෙසු සඞ‍්ඛාරෙසු භවෙය්‍ය අනාගතෙසු පච‍්චුප‍්පන‍්නෙසු වා. තත්‍ථ න තාව අතීතෙසු අනාගතෙසු ච සම‍්භවති තෙසං අවිජ‍්ජමානසභාවත‍්තා, පච‍්චුප‍්පන‍්නෙසු ච සඞ‍්ඛාරානං ඛණිකත‍්තා සරසෙනෙව නිරුජ‍්ඣනසභාවතාය විනාසාභිමුඛෙසු නිප‍්පයොජනො පයොගො සියා, විනාසස‍්ස ච කාරණරහිතත‍්තා න පහරණප‍්පහාරාදිප‍්පයොගහෙතුකං මරණං, නිරීහත‍්තා ච සඞ‍්ඛාරානං කස‍්ස සො පයොගො, ඛණිකභාවෙන වධාධිප‍්පායසමකාලමෙව භිජ‍්ජනකස‍්ස යාව කිරියාපරියොසානකාලමනවට‍්ඨානතො කස‍්ස වා පාණාතිපාතො කම‍්මබන්‍ධොති?

මෙහිලා මොහොතක් මොහොතක් පාසා සංස්කාර නිරුද්ධ වන ස්වභාවය ඇති කල්හි මේ චිත්ත චෛතසික පරම්පරාව කවරෙක් නසයි ද කවරෙක් නසනු ලැබේ ද? ඒ චිත්ත චෛතසික පරම්පරාව අරූපී බැවින් සිඳීම් බිඳීම් ආදී වශයෙන් නැසීමට සමත් නොවේ. නැසිය යුතුද නොවේ. ඉක්බිති ඒ රූප පරම්පරාව චේතනාවක් නැති බැවින් ලී කැබැල්ලකට උපමා ඇත්තේය. මෘත ශරීරයක මෙන් ඒ රූප පරම්පරාවෙහි සිඳීමාදියෙන් ප්‍රාණඝාතයක් නො ලැබේ. කියන ලද පරිදි පහරණ ප්‍රහාරාදි ප්‍රාණඝාතයේ ප්‍රයෝගය ද අතීත සත්ත්ව සංස්කාරයන්හි වන්නේ ද, අනාගත හෝ වර්තමාන ඒවාගේ ද වන්නේ ද? එහිදී ඒවාගේ අවිද්‍යාමාන ස්වභාව ඇති බැවින් පළමුව අතීත හා අනාගත කාලවල නො හමුවෙයි. වර්තමානයේ සංස්කාරවල ද ක්‍ෂණික බව නිසා ස්වභාවයෙන්ම නැතිවන ස්වභාව ඇති බැවින් පහරදීම් ගැසීම් ආදී ප්‍රයෝග හේතු ඇති මරණයක් නොවේ. සංස්කාරයන්ගේ චලනයක් නැති බැවින් ඒ ප්‍රයෝගය කවරෙකුගේ ද? ක්‍ෂණික භාවය කරණකොට මරණ අදහසට සමාන කාලයෙහිම, (මැරිමේ) ක්‍රියාව අවසන් වනතුරු මැරෙන තැනැත්තාගේ පැවැත්මක් නොවන නිසා ප්‍රාණය නැති වන්නේ (ප්‍රාණඝාතය) කවරෙකුගේ ද? කර්මයෙන් බැඳීමක් නො වේද?

වුච‍්චතෙ – යථාවුත‍්තවධකචෙතනාසමඞ‍්ගී සඞ‍්ඛාරානං පුඤ‍්ජො සත‍්තසඞ‍්ඛාතො හන‍්තා. තෙන පවත‍්තිතවධප‍්පයොගනිමිත‍්තං අපගතුස‍්මාවිඤ‍්ඤාණජීවිතින්‍ද්‍රියො මතොති වොහාරස‍්ස වත්‍ථුභූතො යථාවුත‍්තවධප‍්පයොගාකරණෙ පුබ‍්බෙ විය උද‍්ධං පවත‍්තනාරහො රූපාරූපධම‍්මපුඤ‍්ජො හඤ‍්ඤති, චිත‍්තචෙතසිකසන‍්තානො එව වා. වධප‍්පයොගාවිසයභාවෙපි තස‍්ස පඤ‍්චවොකාරභවෙ රූපසන‍්තානාධීනවුත‍්තිතාය භූතරූපෙසු කතප‍්පයොගවසෙන ජීවිතින්‍ද්‍රියවිච‍්ඡෙදෙන සොපි විච‍්ඡිජ‍්ජතීති න පාණාතිපාතස‍්ස අසම‍්භවො, නාපි අහෙතුකො, න ච පයොගො නිප‍්පයොජනො. පච‍්චුප‍්පන‍්නෙසු සඞ‍්ඛාරෙසු කතප‍්පයොගවසෙන තදනන‍්තරං උප‍්පජ‍්ජනාරහස‍්ස සඞ‍්ඛාරකලාපස‍්ස තථා අනුප‍්පත‍්තිතො ඛණිකානඤ‍්ච සඞ‍්ඛාරානං ඛණිකමරණස‍්ස ඉධ මරණභාවෙන අනධිප‍්පෙතත‍්තා සන‍්තතිමරණස‍්ස ච යථාවුත‍්තනයෙන සහෙතුකභාවතො න අහෙතුකං මරණං, නිරීහකෙසුපි සඞ‍්ඛාරෙසු යථාපච‍්චයං උප‍්පජ‍්ජිත්‍වා අත්‍ථිභාවමත‍්තෙනෙව අත‍්තනො අත‍්තනො අනුරූපඵලුප‍්පාදනනියතානි කාරණානියෙව කරොන‍්තීති වුච‍්චති, යථා පදීපො පකාසෙතීති, තථෙව ඝාතකවොහාරො. න ච කෙවලස‍්ස වධාධිප‍්පායසහභුනො චිත‍්තචෙතසිකකලාපස‍්ස පාණාතිපාතො ඉච‍්ඡිතො, සන‍්තානවසෙන වත‍්තමානස‍්සෙව පන ඉච‍්ඡිතොති අත්‍ථෙව පාණාතිපාතෙන කම‍්මබන්‍ධො. සන‍්තානවසෙන වත‍්තමානානඤ‍්ච පදීපාදීනං අත්‍ථකිරියාසිද‍්ධි දිස‍්සතීති. අයඤ‍්ච විචාරණා අදින‍්නාදානාදීසුපි යථාසම‍්භවං විභාවෙතබ‍්බා. තස‍්මා පාණාතිපාතා. න පටිවිරතාති අප‍්පටිවිරතා.

(ඒ ගැන මෙසේ) කියනු ලැබේ. කියන ලද වධක චේතනාවෙන් යුක්ත වූ සත්ත්වයා යයි නම් ලද සංස්කාර රාශිය තෙමේ නසන්නාය. ඔහු සමග පැවති මරණ ප්‍රයෝගයට නිමිත්ත ඉවත්ව (තෙන පවත්තිතවධප්පයොග නිමිත්තං අපගම්ම) එයින් විඤ්ඤාණ ජීවිතින්‍ද්‍රිය මැරුණේය යන ව්‍යවහාරයට වස්තු වූ කියන ලද මරණ ප්‍රයෝග නොකිරීමෙහි දී, පෙර මෙන් පැවතීමට සුදුසු වූ රූප අරූප ධර්ම සමූහය හෝ චිත්ත චෛතසික පරම්පරාවම හෝ නසනු ලැබේ. මරණ ප්‍රයෝගයට ගොදුරුවන දෙයක් නැති කල්හි (අවිසය්භාවෙ) ඔහුගේ (රූප-වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන) පංචවෝකාර භවයෙහි රූප පරම්පරාවට අයත් පැවැත්ම ඇති බැවින් භූතරූපයන්හි කරන ලද ප්‍රයෝග වශයෙන් ජීවිතින්‍ද්‍රිය සිඳීමෙන් (නැසීමෙන්) එයද විනාශ වේ යනුවෙන් ප්‍රාණඝාතයේ නො හටගැන්මක් නොවේ. අහේතුක ද නොවේ. ප්‍රයෝගය නිෂ්ප්‍රයෝජන ද නොවේ. වර්තමාන (පවත්නා) සංස්කාරයන් කෙරෙහි කරන ලද ප්‍රයෝග වශයෙන් එයට අනතුරුව ඉපදීමට සුදුසු සංස්කාර කලාපය (සමූහය) එසේ නූපදීමෙන් ක්‍ෂණික සංස්කාරයන්ගේ ක්‍ෂණික මරණය මෙහි මරණය ලෙස අදහස් නොකරන ලද බැවින් කියන ලද පරිදි සන්තති (පරම්පරා) මරණයේ ද සහේතුක බව ඇති බැවින් අහේතුක මරණයක් නොවේ. සංස්කාර සිතෙන් මෙහෙයවීමක් නැතිවිට හේතු ඇති පරිදි ඉපිද ඇතැයි යන පමණින්ම තම තමන්ට ගැලපෙන ප්‍රතිඵල ඇතිකිරීමට නියත කරුණුම ඇති කෙරේයැයි කියනු ලැබෙත්. යම්සේ ප්‍රදීපය ප්‍රකට වේද එසේ ඝාතක ව්‍යවහාරයද යෙදේ. වධක චේතනාව සමග එකට හටගන්නා හුදු චිත්ත චෛතසික කලාපයේ ප්‍රාණඝාතය අදහස් නොකරන ලදී. සන්තාන වශයෙන් පවතින දෙයෙහිම ප්‍රාණඝාතය අදහස් කරන ලදී. ප්‍රාණඝාතය නිසා කර්ම බන්‍ධනයක් ඇත්තේමය. සන්තාන (පරම්පරා) වශයෙන් පවතින ප්‍රදීපයන්ගේ ප්‍රයෝජන කාර්යයක් දක්නා ලැබේ. මේ පරික්‍ෂාව අදත්තාදාන ආදියේදී ද යෙදෙන පරිදි දැක්විය යුතුය. එහෙයින් පාණාතිපාත නමි. න පටිවිරතා යනු නොවැළකුණාහු යනුයි.

අදින‍්නස‍්ස ආදානං අදින‍්නාදානං, පරස‍්ස හරණං ථෙය්‍යං චොරිකාති වුත‍්තං හොති. තත්‍ථ අදින‍්නන‍්ති පරපරිග‍්ගහිතං, යත්‍ථ පරො යථාකාමකාරිතං ආපජ‍්ජන‍්තො අදණ‍්ඩාරහො අනුපවජ‍්ජො ච හොති. තස‍්මිං පරපරිග‍්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක‍්කමසමුට‍්ඨාපිකා ථෙය්‍යචෙතනා අදින‍්නාදානං. තං හීනෙ පරසන‍්තකෙ අප‍්පසාවජ‍්ජං, පණීතෙ මහාසාවජ‍්ජං. කස‍්මා? වත්‍ථුපණීතතාය. තථා ඛුද‍්දකෙ පරසන‍්තකෙ අප‍්පසාවජ‍්ජං, මහන‍්තෙ මහාසාවජ‍්ජං. කස‍්මා? වත්‍ථුමහන‍්තතාය පයොගමහන‍්තතාය ච. වත්‍ථුසමත‍්තෙ පන සති ගුණාධිකානං සන‍්තකෙ වත්‍ථුස‍්මිං මහාසාවජ‍්ජං, තංතංගුණාධිකං උපාදාය තතො තතො හීනගුණස‍්ස සන‍්තකෙ වත්‍ථුස‍්මිං අප‍්පසාවජ‍්ජං. වත්‍ථුගුණානං පන සමභාවෙ සති කිලෙසානං පයොගස‍්ස ච මුදුභාවෙ අප‍්පසාවජ‍්ජං, තිබ‍්බභාවෙ මහාසාවජ‍්ජං.

නුදුන් දෙයක් ගැනීම අදින්නාදානයයි. අන්සතු දෙය ගැනීම, සොරකම යනුවෙන් කියන ලද්දේ වෙයි. එහි ‘අදින්නං’ යනු අනුන් විසින් අයිතිකොට ගන්නා ලද්දේය. යම්තැනක (තමාට අයත් දෙයක් පිළිබඳව) කැමති පරිදි කටයුතු කරන තැනැත්තා දඬුවමට සුදුසු නොවේ. දොස් ලැබීමට සුදුසු නොවේ. ඒ අනුන් අයත් වස්තුවෙහි අනුන් අයත්කොට ගන්නා ලදැයි යන සංඥාව ඇති තැනැත්තාගේ එය නො දෙන (තදාදායක) උපක්‍රමයෙන් හටගත් සොර චේතනාව අදින්නාදානයයි. අනුන් අයත් හීන (බාල) දෙයක් සොරකම් කිරීමෙන් අල්පසාවද්‍ය වෙයි. උසස් (වටිනා) දෙයක් සොරකම් කිරීමෙන් මහාසාවද්‍ය වෙයි. කුමක් හෙයින් ද? වස්තුවෙහි වටිනාකම නිසාය. එසේම අන් සතු කුඩා දෙයක් සොරකම් කිරීමෙන් අල්පසාවද්‍යය. මහත් දෙයක් සොරකම් කිරිමෙන් මහා සාවද්‍යය. කුමක් හෙයින් ද? වස්තුව මහත් බැවිනුත් ප්‍රයෝගය මහත් බැවිනුත්ය. වස්තුව සමාන කල්හි ගුණයෙන් වැඩි අය සතු වස්තුවක් සොරකම් කිරීමෙන් මහා සාවද්‍යය. ගුණයෙන් අධික ඒ ඒ පුද්ගලයා සලකාගෙන ඊට වඩා ඊට වඩා ගුණයෙන් හීන පුද්ගලයා සතු දෙය සොරකම් කිරීමෙන් අල්පසාවද්‍යය. වස්තූන්ගේත් ගුණයන්ගේත් සමභාවය ඇති කල්හි කෙලෙසුන්ගේත් ප්‍රයෝගයේත් මොළොක් භාවයෙන් අල්පසාවද්‍ය වෙයි. (ඒවායේ) තීව්‍රතාවයෙන් මහාසාවද්‍ය වෙයි.

තස‍්ස පඤ‍්ච සම‍්භාරා – පරපරිග‍්ගහිතං, පරපරිග‍්ගහිතසඤ‍්ඤිතා, ථෙය්‍යචිත‍්තං, උපක‍්කමො, තෙන හරණන‍්ති. ඡ පයොගා සාහත්‍ථිකාදයොව. තෙ ච ඛො යථානුරූපං ථෙය්‍යාවහාරො, පසය‍්හාවහාරො, පරිකප‍්පාවහාරො, පටිච‍්ඡන‍්නාවහාරො, කුසාවහාරොති ඉමෙසං අවහාරානං වසෙන පවත‍්තා. එත්‍ථ ච මන‍්තපරිජප‍්පනෙන පරසන‍්තකහරණං විජ‍්ජාමයො පයොගො. විනා මන‍්තෙන තාදිසෙන ඉද‍්ධානුභාවසිද‍්ධෙන කායවචීපයොගෙන පරසන‍්තකස‍්ස ආකඩ‍්ඪනං ඉද‍්ධිමයො පයොගොති වෙදිතබ‍්බො.

අදින්නාදානයට අන්සතු දෙයක් වීම, අන්සතු දෙයක් යන හැඟීම, සොරසිත, උපක්‍රමය, එයින් ගැනීම යන කරුණු පහක් ඇත. සාහත්‍ථික ආදී ප්‍රයෝග හයකි. ඒවා ද සුදුසු පරිදි ථෙය්‍යවහාර, පසය්යාවහාර, පටිච්ඡන්නාවහාර, පරිකප්පාවහාර, කුසාවහාර යන මේ සොරකම් කිරීම් වශයෙන් පවතී. මෙහි ද මන්ත්‍ර ජපකිරිමෙන් අන්සතු දේ ගැනීම විද්‍යාමය ප්‍රයෝගයයි. මන්ත්‍රවලින් තොරව ඍද්ධියේ ආනුභාවයෙන් සිදුවන කාය වවී ප්‍රයෝගයෙන් අන්සතු දේ ගැනීම ඍද්ධිමය ප්‍රයෝගයයි දතයුතුය.

කාමෙසූති මෙථුනසමාචාරෙසු. මිච‍්ඡාචාරොති එකන‍්තනින්‍දිතො ලාමකාචාරො. ලක‍්ඛණතො පන අසද‍්ධම‍්මාධිප‍්පායෙන කායද‍්වාරප‍්පවත‍්තා අගමනීයට‍්ඨානවීතික‍්කමචෙතනා කාමෙසු මිච‍්ඡාචාරො. තත්‍ථ අගමනීයට‍්ඨානං නාම පුරිසානං තාව මාතුරක‍්ඛිතාදයො දස, ධනක‍්කීතාදයො දසාති වීසති ඉත්‍ථියො, ඉත්‍ථීසු පන ද‍්වින‍්නං සාරක‍්ඛසපරිදණ‍්ඩානං, දසන‍්නඤ‍්ච ධනක‍්කීතාදීනන‍්ති ද‍්වාදසන‍්නං ඉත්‍ථීනං අඤ‍්ඤපුරිසා. ස‍්වායං මිච‍්ඡාචාරො සීලාදිගුණරහිතෙ අගමනීයට‍්ඨානෙ අප‍්පසාවජ‍්ජො, සීලාදිගුණසම‍්පන‍්නෙ මහාසාවජ‍්ජො. ගුණරහිතෙපි ච අභිභවිත්‍වා මිච‍්ඡා චරන‍්තස‍්ස මහාසාවජ‍්ජො, උභින‍්නං සමානච‍්ඡන්‍දතාය අප‍්පසාවජ‍්ජො. සමානච‍්ඡන්‍දභාවෙපි කිලෙසානං උපක‍්කමානඤ‍්ච මුදුතාය අප‍්පසාවජ‍්ජො, තිබ‍්බතාය මහාසාවජ‍්ජො. තස‍්ස චත‍්තාරො සම‍්භාරා – අගමනීයවත්‍ථු, තස‍්මිං සෙවනචිත‍්තං, සෙවනපයොගො, මග‍්ගෙනමග‍්ගප‍්පටිපත‍්තිඅධිවාසනන‍්ති. තත්‍ථ අත‍්තනො රුචියා පවත‍්තිතස‍්ස තයො, බලක‍්කාරෙන පවත‍්තිතස‍්ස තයොති අනවසෙසග‍්ගහණෙන චත‍්තාරො දට‍්ඨබ‍්බා, අත්‍ථසිද‍්ධි පන තීහෙව. එකො පයොගො සාහත්‍ථිකොව.

කාමෙසු යනු මෛථුන හැසිරීම්වල. මිච්ඡාචාරො ඒකාන්ත වශයෙන් නින්දිත වූ පහත් හැසිරීම. ලක්‍ෂණ වශයෙන් අසත්ධර්මයෙහි යෙදීමේ (මෛථුනයෙහි යෙදීමේ) අදහසින් කායද්වාරයෙහි පැවති නොයා යුතු ස්ථානය ඉක්මවා යාමේ චේතනාව කාමෙසු මිච්ඡාචාරයයි. එහි නොයා යුතු තැන නම් පළමුකොට පුරුෂයන්ට මව විසින් රකින ලද ස්ත්‍රිය ආදී දසදෙනා ද ධනක්කීත (මිලදී ගන්නා ලද) ස්ත්‍රිය ආදී ස්ත්‍රීන් දසදෙනා ද යන (විවාහක) ස්ත්‍රීන් විසිදෙනා (නොයා යුතු තැන්) වෙති. ස්ත්‍රීන් අතරින් සාරක්‍ඛා (මව්ගැබේ සිටින විටදීම යමෙකු විසින් වෙන්කරගත් ස්ත්‍රිය) සපරිදණ්ඩා (අසවල් ස්ත්‍රිය වෙතට ලිංගික ඇසුරට යන පුරුෂයාට මෙපමණ දඩයක් ගසනු ලැබේ යනුවෙන් වෙන්කරගත් ස්ත්‍රිය) යන ස්ත්‍රීන් දෙදෙනාට ද ධනක්කීතාදී ස්ත්‍රීන් දසදෙනාට ද යන දොළොස් දෙනාට අන්‍ය පුරුෂයන් නොයා යුතු ස්ථානයයි. ඒ මේ මිථ්‍යාචාරය සීලාදී ගුණ නැති නොයායුතු ස්ථානයට යාමෙහිදී අල්පසාවද්‍යය. සීලාදී ගුණ සම්පන්නයන් වෙත යාමෙහි දී මහාසාවද්‍යය. ගුණ නැති කල්හිද බලහත්කාරයෙන් වැරදි හැසිරීමෙහි යෙදෙන්නහුට මහාසාවද්‍ය වෙයි. (ස්ත්‍රී-පුරුෂ) දෙදෙනාම සමානච්ඡන්‍දයෙන් වැරදි හැසිරීමෙහි යෙදීමෙන් අල්පසාවද්‍ය - සමානච්ඡන්‍දය ඇති කල්හි ද කෙලෙසුන්ගේ ද උපක්‍රමවලද මොළොක් භාවයෙන් අල්පසාවද්‍ය වෙයි. ඒවායේ තීව්‍රභාවයෙන් මහාසාවද්‍ය වෙයි. මිථ්‍යාචාරය සිදුවීමට නොයා යුතු වස්තුවක් (ස්ත්‍රියක් හෝ පුරුෂයකු) වීම, එය සේවනය කිරීමේ සිත, සේවනය කිරීමේ ප්‍රයෝගය, (ලිංග) මාර්ගයෙන් (ලිංග) මාර්ගය ප්‍රවේශය ඉවසීම යන කරුණු සතරක් ඇත. එහිදී තමාගේ රුචියෙන් මිථ්‍යාචාරයෙහි හැසිරෙන්නහුට (සේවනය කිරීමේ ප්‍රයෝගය හැර) කරුණු තුනක් ද බලහත්කාරයෙන් මිථ්‍යාචාරයෙහි හැසිරෙන්නහුට (එසේම) කරුණු තුනක් ද ඉතිරි නොකොට ගැනීමෙන් කරුණු සතරක්දැයි දතයුතුය. (කාම මිථ්‍යාචාරය) සිදුවීම වනාහි (මාර්ග ප්‍රවේශවීම හැර) කරුණු තුනකින්ම සිදුවෙයි. සාහිත්‍ථික නම් වූ එකම ප්‍රයෝගය වෙයි.

මුසාති විසංවාදනපුරෙක‍්ඛාරස‍්ස අත්‍ථභඤ‍්ජකො කායවචීපයොගො, විසංවාදනාධිප‍්පායෙන පනස‍්ස පරවිසංවාදකකායවචීපයොගසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො. අපරො නයො මුසාති අභූතං වත්‍ථු, වාදොති තස‍්ස භූතතො තච‍්ඡතො විඤ‍්ඤාපනං. තස‍්මා අතථං වත්‍ථුං තථතො පරං විඤ‍්ඤාපෙතුකාමස‍්ස තථාවිඤ‍්ඤාපනපයොගසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො.

මුසා යනු රැවටීම පෙරටු කොටගත් තැනැත්තාගේ අර්ථය බිඳ දමන කය වචන ප්‍රයෝගය, රවටන අදහසින් ඔහුගේ අනුන් රවටන කය වඩන ප්‍රයෝගයෙන් හටගත් චේතනාව මුසාවාදයයි. වෙනත් ක්‍රමයක් ‘මුසා’ යනු නූපන්, සත්‍ය වශයෙන් නැති සිද්ධියයි. ‘වාදො’ යනු ඒ කාරණය සත්‍ය වශයෙන් හැඟවීමයි. එහෙයින් අසත්‍ය සිද්ධියක් සත්‍ය වශයෙන් අනුන්ට හඟවනු කැමති තැනැත්තාගේ එසේ හඟවන ප්‍රයෝගයෙන් හටගත් චේතනාව මුසාවාදයයි.

සො යමත්‍ථං භඤ‍්ජති, තස‍්ස අප‍්පතාය අප‍්පසාවජ‍්ජො, මහන‍්තතාය මහාසාවජ‍්ජො. අපිච ගහට‍්ඨානං අත‍්තනො සන‍්තකං අදාතුකාමතාය නත්‍ථීති ආදිනයප‍්පවත‍්තො අප‍්පසාවජ‍්ජො, සක‍්ඛිනා හුත්‍වා අත්‍ථභඤ‍්ජනවසෙන වුත‍්තො මහාසාවජ‍්ජො. පබ‍්බජිතානං අප‍්පකම‍්පි තෙලං වා සප‍්පිං වා ලභිත්‍වා හසාධිප‍්පායෙන “අජ‍්ජ ගාමෙ තෙලං නදී මඤ‍්ඤෙ සන්‍දතී”ති පූරණකථානයෙන පවත‍්තො අප‍්පසාවජ‍්ජො, අදිට‍්ඨංයෙව පන “දිට‍්ඨ”න‍්තිආදිනා නයෙන වදන‍්තානං මහාසාවජ‍්ජො. තථා යස‍්ස අත්‍ථං භඤ‍්ජති, තස‍්ස අප‍්පගුණතාය අප‍්පසාවජ‍්ජො, මහාගුණතාය මහාසාවජ‍්ජො. කිලෙසානං මුදුතිබ‍්බතාවසෙන ච අප‍්පසාවජ‍්ජමහාසාවජ‍්ජතා ලබ‍්භතෙව.

ඒ මුසාවාදය යම් අර්ථයක් (ප්‍රයෝජනයක්) විනාශ කරයි ද ඒ අර්ථයේ අල්පභාවය කරණකොටගෙන අල්පසාවද්‍ය වෙයි. මහත්බව කරණකොටගෙන මහාසාවද්‍ය වෙයි. තවද ගිහියන්ට තමා සතු දෙයක් නොදෙනු කැමතිව නැතැයි ආදී ක්‍රමයෙන් පැවති මුසාවාදය අල්ප සාවද්‍යය. සාක්ෂිකරුවෙකු වී අර්ථය විනාශ කිරීම් වශයෙන් කියන ලද මුසාවාදය මහාසාවද්‍ය වෙයි. පැවිද්දන්ට තෙල් ටිකක් හෝ ගිතෙල් ටිකක් ලැබ සිනාසෙන අදහසින් ‘අද ගමේ තෙල් ගඟක් ගලති’යි සිතමි යනුවෙන් පැරණි කථා ක්‍රමයෙන් පැවති මුසාවාදය අල්පසාවද්‍ය වෙයි. නොදුටු දෙයක් දක්නා ලදැයි ආදී ක්‍රමයෙන් කියන්නවුන්ට මහාසාවද්‍ය වෙයි. එසේම යමක අර්ථය විනාශ වෙයි ද එහි අල්පගුණ ඇති බව කරණකොටගෙන අල්පසාවද්‍ය වෙයි. මහාගුණ ඇති බව කරණකොටගෙන මහාසාවද්‍ය වෙයි. කෙලෙසුන්ගේ මෘදු බව තීව්‍ර බව වශයෙන් ද අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව ලැබෙන්නේමය.

තස‍්ස චත‍්තාරො සම‍්භාරා – අතථං වත්‍ථු, විසංවාදනචිත‍්තං, තජ‍්ජො වායාමො, පරස‍්ස තදත්‍ථවිජානනන‍්ති. විසංවාදනාධිප‍්පායෙන හි පයොගෙ කතෙපි පරෙන තස‍්මිං අත්‍ථෙ අවිඤ‍්ඤාතෙ විසංවාදනස‍්ස අසිජ‍්ඣනතො පරස‍්ස තදත්‍ථවිජානනම‍්පි එකො සම‍්භාරො වෙදිතබ‍්බො. කෙචි පන “අභූතවචනං, විසංවාදනචිත‍්තං, පරස‍්ස තදත්‍ථවිජානනන‍්ති තයො සම‍්භාරා”ති වදන‍්ති. සචෙ පන පරො දන්‍ධතාය විචාරෙත්‍වා තමත්‍ථං ජානාති, සන‍්නිට‍්ඨාපකචෙතනාය පවත‍්තත‍්තා කිරියාසමුට‍්ඨාපකචෙතනාක‍්ඛණෙයෙව මුසාවාදකම‍්මුනා බජ‍්ඣති.

ඒ මුසාවාදයට අසත්‍ය වස්තුවක් වීම, රැවටීමේ සිත, උත්සාහය, අනික් තැනැත්තා ඒ අර්ථය දැනගැනීම යනුවෙන් කරුණු සතරකි. රවටන අදහසින් ප්‍රයෝග කල කල්හි ද අනිත් තැනැත්තා විසින් එහි අර්ථය නොදත් කල්හි රැවටීම සිදුනොවන හෙයින් අනිත් තැනැත්තා ඒ අර්ථය දැනගැනීම එක් කරුණක් ලෙස දතයුතුය. ඇතැමෙක් වනාහි අසත්‍ය වචනය, රැවටීමේ සිත, අනිත් තැනැත්තා ඒ අර්ථය දැනගැනීම යනුවෙන් කරුණු තුනකැයි කියති. ඉදින් වැටහීමේ වේගය අඩු නිසා අනිත් තැනැත්තා (සන්නිට්ඨාපක) තීරණය කිරීමේ චේතනාව පැවති බැවින් විමසා බලා ඒ අර්ථය දනියි ද (කිරිය - සමුට්ඨාපක) ක්‍රියාව උපදවන චේතනාව ඇතිවන මොහොතෙහිම මුසාවාද කර්මයෙන් බැදේ.

සුරාති පිට‍්ඨසුරා, පූවසුරා, ඔදනසුරා, කිණ‍්ණපක‍්ඛිත‍්තා, සම‍්භාරසංයුත‍්තාති පඤ‍්ච සුරා. මෙරයන‍්ති පුප‍්ඵාසවො, ඵලාසවො, මධ‍්වාසවො, ගුළාසවො සම‍්භාරසංයුත‍්තොති පඤ‍්ච ආසවා. තදුභයම‍්පි මදනීයට‍්ඨෙන මජ‍්ජං. යාය චෙතනාය තං පිවති, සා පමාදකාරණත‍්තා පමාදට‍්ඨානං. ලක‍්ඛණතො පන යථාවුත‍්තස‍්ස සුරාමෙරයසඞ‍්ඛාතස‍්ස මජ‍්ජස‍්ස බීජතො පට‍්ඨාය මදවසෙන කායද‍්වාරප‍්පවත‍්තා පමාදචෙතනා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං. තස‍්ස මජ‍්ජභාවො, පාතුකම්‍යතාචිත‍්තං, තජ‍්ජො වායාමො, අජ‍්ඣොහරණන‍්ති චත‍්තාරො සම‍්භාරා. අකුසලචිත‍්තෙනෙව චස‍්ස පාතබ‍්බතො එකන‍්තෙන සාවජ‍්ජභාවො. අරියසාවකානං පන වත්‍ථුං අජානන‍්තානම‍්පි මුඛං න පවිසති, පගෙව ජානන‍්තානං. අඩ‍්ඪපසතමත‍්තස‍්ස පානං අප‍්පසාවජ‍්ජං, අද‍්ධාළ‍්හකමත‍්තස‍්ස පානං තතො මහන‍්තං මහාසාවජ‍්ජං, කායසඤ‍්චාලනසමත්‍ථං බහුං පිවිත්‍වා ගාමඝාතකාදිකම‍්මං කරොන‍්තස‍්ස මහාසාවජ‍්ජමෙව.

සුරා යනු පිට්ඨසුරා (පිටිවලින් සෑදූ සුරා), පූවසුරා (කැවුම් ආදියෙන් කළ සුරා), ඔදන සුරා (බත්වලින් කළ සුරා), කිණ්ණ පක්‍ඛිත්ත (රා මණ්ඩි දමා කළ සුරා) සම්භාර සංයුත්ත (නොයෙක් දේ දමා සකස් කළ සුරා) යනුවෙන් සුරා වර්ග පහක් ඇත. මෙරය යනු පුප්ඵාසව (කිතුල් ආදී මල් රසය එනම් තෙලිදිය පැසවා සකස් කළ ආසව), ඵලාසව (මිදි ආදී ඵල රසයෙන් කළ ආසව), මධ්වාසව (මීපැණි ආදියෙන් සකස් කළ ආසව), ගුළාසව (උක්පැණියෙන් සකස් කළ ආසව), සම්භර සංයුත්ත (නොයෙක් වර්ගවල රසයෙන් කළ ආසව) යනුවෙන් ආසව වර්ග පහක් ඇත. ඒ දෙකම මත්කරවන අර්ථයෙන් මජ්ජ මද්‍ය නම් වේ. යම් චේතනාවකින් එය පානය කරයි ද එය ප්‍රමාදයට කාරණයක් වන බැවින් පමාදට්ඨානං නම් වෙයි. ලක්‍ෂණ වශයෙන් වනාහි කියන ලද ආකාර ඇති සුරාමේරය නම් වූ මද්‍යය බීජ අවස්ථාවේ පටන් මත්වීම් වශයෙන් කාය ද්වාරයෙහි පැවති ප්‍රමාද චේතනාව සුරාමේරය මජ්ජපමාදට්ඨානයයි. ඒ සුරාමේරය පානයට මත්බව, බොනු කැමති සිත, උත්සාහය, ගිලීම යන කරුණු සතරක් ඇත. අකුසල සිතින්ම එය පානය කළයුතු බැවින් ඒකාන්තයෙන්ම සාවද්‍ය බව වෙයි. මත්පැන් බව නොදන්නා වූ ද ආර්ය ශ්‍රාවකයන්ගේ මුඛයට මත්පැන් නොපිවිසෙයි. (මත්පැනක් බව) දන්නා ආර්ය ශ්‍රාවකයන් ගැන කියනුම කවරේද? අල්ලට ගතහැකි තරම් ස්වල්පයක් පානය කිරීම අල්පසාවද්‍යය. අඩ ලාහක් පමණ පානය ද ඊට වඩා පානය කිරීමෙන් ද මහාසාවද්‍ය වෙයි. කය සොලවන්නට සමත් වන ලෙස බොහෝ සේ පානයකොට ගම්පැහැරිම ආදී කර්ම කරන්නාට මහාසාවද්‍යම වෙයි.

පාපකම‍්මඤ‍්හි පාණාතිපාතං පත්‍වා ඛීණාසවෙ මහාසාවජ‍්ජං, අදින‍්නාදානං පත්‍වා ඛීණාසවස‍්ස සන‍්තකෙ මහාසාවජ‍්ජං, මිච‍්ඡාචාරං පත්‍වා ඛීණාසවාය භික‍්ඛුනියා වීතික‍්කමෙ, මුසාවාදං පත්‍වා මුසාවාදෙන සඞ‍්ඝභෙදෙ, සුරාපානං පත්‍වා කායසඤ‍්චාලනසමත්‍ථං බහුං පිවිත්‍වා ගාමඝාතකාදිකම‍්මං මහාසාවජ‍්ජං. සබ‍්බෙහිපි චෙතෙහි මුසාවාදෙන සඞ‍්ඝභෙදොව මහාසාවජ‍්ජො. තඤ‍්හි කත්‍වා කප‍්පං නිරයෙ පච‍්චති.

පාපකර්මය වනාහි ප්‍රාණඝාතයට පැමිණ ක්‍ෂීණාශ්‍රවයන් මැරීමෙහිදී මහාසාවද්‍ය වෙයි. අදින්නාදානයට පැමිණ ක්‍ෂීණාශ්‍රවයන් සතු දේ ගැනීමෙහි දී මහාසාවද්‍ය වෙයි. මිථ්‍යාචාරයට පැමිණ ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුණිය සමග සිල්පදය ඉක්මවීමෙහිදී මහාසාවද්‍ය වෙයි. මුසාවාදයට පැමිණ මුසාවාදයෙන් සංඝභේදය කිරීමෙහිදී මහාසාවද්‍ය වෙයි. සුරාපානයට පැමිණ කය සෙලවීමට සමත් ලෙස බොහෝ පානය කොට ගම් පැහැරීම් ආදී කර්මය මහාසාවද්‍ය වෙයි. සියලුම චේතනාවලට වඩා මුසාවාදයෙන් සංඝභේදය කිරීම මහාසාවද්‍යය. එය සිදුකොට කල්පයක් නිරයෙහි පැසෙයි.

ඉදානි එතෙසු සභාවතො, ආරම‍්මණතො, වෙදනතො, මූලතො, කම‍්මතො, ඵලතොති ඡහි ආකාරෙහි විනිච‍්ඡයො වෙදිතබ‍්බො. තත්‍ථ සභාවතො පාණාතිපාතාදයො සබ‍්බෙපි චෙතනාසභාවාව. ආරම‍්මණතො පාණාතිපාතො ජීවිතින්‍ද්‍රියාරම‍්මණතො සඞ‍්ඛාරාරම‍්මණො, අදින‍්නාදානං සත‍්තාරම‍්මණං වා සඞ‍්ඛාරාරම‍්මණං වා, මිච‍්ඡාචාරො ඵොට‍්ඨබ‍්බවසෙන සඞ‍්ඛාරාරම‍්මණො, සත‍්තාරම‍්මණොති එකෙ. මුසාවාදො සත‍්තාරම‍්මණො වා සඞ‍්ඛාරාරම‍්මණො වා, සුරාපානං සඞ‍්ඛාරාරම‍්මණං. වෙදනතො පාණාතිපාතො දුක‍්ඛවෙදනො, අදින‍්නාදානං තිවෙදනං, මිච‍්ඡාචාරො සුඛමජ‍්ඣත‍්තවසෙන ද‍්විවෙදනො, තථා සුරාපානං. සන‍්නිට‍්ඨාපකචිත‍්තෙන පන උභයම‍්පි මජ‍්ඣත‍්තවෙදනං න හොති. මුසාවාදො තිවෙදනො. මූලතො පාණාතිපාතො දොසමොහවසෙන ද‍්විමූලකො, අදින‍්නාදානං මුසාවාදො ච දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා, මිච‍්ඡාචාරො සුරාපානඤ‍්ච ලොභමොහවසෙන ද‍්විමූලං. කම‍්මතො මුසාවාදොයෙවෙත්‍ථ වචීකම‍්මං, සෙසං චතුබ‍්බිධම‍්පි කායකම‍්මමෙව. ඵලතො සබ‍්බෙපි අපායූපපත‍්තිඵලා චෙව සුගතියම‍්පි අප‍්පායුකතාදිනානාවිධඅනිට‍්ඨඵලා චාති එවමෙත්‍ථ සභාවාදිතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

දැන් ඒවායෙහි ස්වභාව වශයෙන්, අරමුණු වශයෙන්, වේදනා වශයෙන්, මුල් වශයෙන්, කර්ම වශයෙන්, ඵල වශයෙන් යන හය ආකාරයෙන් විනිශ්චය දතයුතුය. එහි ස්වභාව වශයෙන් - ප්‍රාණඝාතාදී සියල්ලම චේතනා ස්භාවය වෙයි. අරමුණු වශයෙන් ප්‍රාණඝාතය ජීවිතින්‍ද්‍රිය අරමුණෙන් සංස්කාරය අරමුණු කොට ඇත්තේ වෙයි. අදින්නාදානය සත්වාරම්මණය හෝ සංස්කාර අරමුණු කොට ඇත්තේ වෙයි. මිථ්‍යාචාරය ස්පර්ශ වශයෙන් සංස්කාර අරමුණ ඇත්තේ වෙයි. සත්ත්ව අරමුණ යයි ඇතැමෙක් කියති. මුසාවාදය සත්ත්ව අරමුණු හෝ සංස්කාර අරමුණ ඇත්තේ වෙයි. සුරාපානය සංස්කාර අරමුණ ඇත්තේ වෙයි. වේදනා වශයෙන් - ප්‍රාණඝාතය දුක්වේදනා ඇත්තේ වෙයි. අදින්නාදානය වේදනා තුනම ඇත්තේ වෙයි. මිථ්‍යාචාරය සුඛ - මධ්‍යස්ථ වශයෙන් වේදනා දෙකක් ඇත්තේ වෙයි. සුරාපානය ද එසේය. නිගමනය කළ සිතින් ඒ දෙකම මධ්‍යස්ථ වේදනාව ඇත්තේ නොවෙයි. මුසාවාදය වේදනා තුනම ඇත්තේ වෙයි. මූල වශයෙන් ප්‍රාණඝාතය දෝස මෝහ වශයෙන් මුල් දෙකක් ඇත්තේ වෙයි. අදින්නාදානය ද මුසාවාදය ද දෝස මෝහ වශයෙන් හෝ ලෝභ මෝහ වශයෙන් හෝ මුල් දෙකක් ඇත්තේ වෙයි. මිථ්‍යාචාරය ද සුරාපානය ද ලෝභ මෝහ වශයෙන් මුල් දෙකක් ඇත්තේ වෙයි. කර්ම වශයෙන් මුසාවාදය පමණක් වචීකර්මය වෙයි. ඉතිරි සතර කායකර්මය වෙයි. ඵල වශයෙන් - සියල්ලම අපායෙහි ඉපදීම නම් වූ ඵලය ද සුගතියෙහි අල්පායුෂ්ක බව ආදී නොයෙක් ආකාර අයහපත් ඵලද ඇත්තේ වෙයි යනුවෙන් මෙසේ මෙහි ස්වභාවාදී වශයෙන් විනිශ්චය දතයුතුය.

අප‍්පටිවිරතාති සමාදානවිරතියා සම‍්පත‍්තවිරතියා ච අභාවෙන න පටිවිරතා. දුස‍්සීලාති තතො එව පඤ‍්චසීලමත‍්තස‍්සාපි අභාවෙන නිස‍්සීලා. පාපධම‍්මාති ලාමකධම‍්මා, හීනාචාරා. පාණාතිපාතා පටිවිරතොති සික‍්ඛාපදසමාදානෙන පාණාතිපාතතො විරතො, ආරකා ඨිතො. එස නයො සෙසෙසුපි.

අප්පටිවිරතා යනු සමාදාන විරතියේ ද සම්පත්ත විරතියේ ද අභාවයෙන් වෙන් නොවූවාහු. දුස්සීලා එහෙයින්ම පංචසීලයේ අභාවයෙන් සිල් නැත්තාහු. පාපධම්මා යනු ලාමක ධර්ම, පහත් හැසිරිම්. පාණාතිපාතා පටිවිරතො යනු ශික්‍ෂාපද සමාදානයෙන් ප්‍රාණඝාතයෙන් වැළකුනේ දුරසිටියේ. ඉතිරි ඒවාහිද මේ ක්‍රමයයි.

ඉධාපි පාණාතිපාතාවෙරමණිආදීනං සභාවතො ආරම‍්මණතො, වෙදනතො, මූලතො, කම‍්මතො, සමාදානතො, භෙදතො, ඵලතො ච විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො. තත්‍ථ සභාවතො පඤ‍්චපි චෙතනායොපි හොන‍්ති විරතියොපි, විරතිවසෙන පන දෙසනා ආගතා. යා පාණාතිපාතා විරමන‍්තස‍්ස “යා තස‍්මිං සමයෙ පාණාතිපාතා ආරති විරතී”ති එවං වුත‍්තා කුසලචිත‍්තසම‍්පයුත‍්තා විරති. සා පභෙදතො තිවිධා – සම‍්පත‍්තවිරති, සමාදානවිරති, සමුච‍්ඡෙදවිරතීති. තත්‍ථ අසමාදින‍්නසික‍්ඛාපදානං අත‍්තනො ජාතිවයබාහුසච‍්චාදීනි පච‍්චවෙක‍්ඛිත්‍වා “අයුත‍්තමෙතං අම‍්හාකං කාතු”න‍්ති සම‍්පත‍්තවත්‍ථුං අවීතික‍්කමන‍්තානං උප‍්පජ‍්ජමානා විරති සම‍්පත‍්තවිරති නාම. සමාදින‍්නසික‍්ඛාපදානං සික‍්ඛාපදසමාදානෙ තදුත‍්තරි ච අත‍්තනො ජීවිතම‍්පි පරිච‍්චජිත්‍වා වත්‍ථුං අවීතික‍්කමන‍්තානං උප‍්පජ‍්ජමානා විරති සමාදානවිරති නාම. අරියමග‍්ගසම‍්පයුත‍්තා පන විරති සමුච‍්ඡෙදවිරති නාම, යස‍්සා උප‍්පත‍්තිතො පට‍්ඨාය අරියපුග‍්ගලානං “පාණං ඝාතෙස‍්සාමා”ති චිත‍්තම‍්පි න උප‍්පජ‍්ජති. තාසු සමාදානවිරති ඉධාධිප‍්පෙතා.

මෙහි ද ප්‍රාණඝාතයෙන් වැළකීම ආදිය ස්වභාව වශයෙන් ද අරමුණු වශයෙන් ද වේදනා වශයෙන් ද මූල වශයෙන් ද කර්ම වශයෙන් ද සමාදාන වශයෙන් ද බිඳීම් වශයෙන් ද ඵල වශයෙන් ද විනිශ්චය දතයුතුය. එහි භාව වශයෙන් - චේතනා පහත් විරති පහත් වෙයි. දේශනාව විරති වශයෙන් ආයේය. ප්‍රාණඝාතයෙන් වළකින තැනැත්තාගේ ‘යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති’ යනුවෙන් මෙසේ කියන ලද කුශල චිත්තය සමග යෙදුණු යම් විරතියක් වේද ඒ විරතිය ප්‍රභේද වශයෙන් සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡේද විරති යනුවෙන් ත්‍රිවිධය. එහි වරදක් කිරිමට කරුණක් එළඹිවිට තමාගේ ජාතිය, වයස, උගත්කම ආදිය සලකා අපට මෙය සිදුකිරීම නුසුදුසුයයි සිතා වරද නොකරන්නා වූ ශික්‍ෂාපද සමාදන් නොවූ අයට උපදින විරතිය සම්පත්ත විරති නම් වෙයි. ශික්‍ෂාපද සමාදානයත් ඉන් ඔබ්බෙහි තම ජීවිත පරිත්‍යාගයත් සිදුකොට වරද නොකරන්නා වූ ශික්‍ෂාපද සමාදන් වූ අයට උපදින විරතිය සමාදාන විරති නම් වේ. යම් විරතියක් උපන් තැන් පටන් සතෙකු මරන්නෙමියි යන සිතක් ආර්ය පුද්ගලයන්ට නූපදී ද ඒ ආර්ය මාර්ගය සමග යෙදුණු විරතිය වනාහි සමුච්ඡේද විරති නම් වේ. ඒවා අතරින් සමාදාන විරතිය මෙහි අදහස් කරන ලදී.

ආරම‍්මණතො පාණාතිපාතාදීනං ආරම‍්මණානෙව එතෙසං ආරම‍්මණානි. වීතික‍්කමිතබ‍්බතොයෙව හි විරති නාම හොති. යථා පන නිබ‍්බානාරම‍්මණො අරියමග‍්ගො කිලෙසෙ පජහති, එවං ජීවිතින්‍ද්‍රියාදිආරම‍්මණායෙව එතෙ කුසලධම‍්මා පාණාතිපාතාදීනි දුස‍්සීල්‍යානි පජහන‍්ති. වෙදනතො සබ‍්බාපි සුඛවෙදනාව.

ආරම්මණ වශයෙන් - ප්‍රාණඝාත ආදියේ යෙදෙන අරමුණුම (ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී වූ) මේවායේ ද අරමුණු වෙයි. ඉක්මවිය යුතු බැවින්ම විරති නම් වේ. නිවන අරමුණු වූ ආර්ය මාර්ගය කෙලෙස් දුරුකරන්නේ යම්සේ ද එසේම ජීවිතින්‍ද්‍රිය ආදිය අරමුණු වූ ඒ කුසලධර්ම ප්‍රාණඝාත ආදී දුසිල් බව දුරු කරයි. වේදනා වශයෙන් සියල්ලම සුඛ වේදනාය.

මූලතො ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන විරමන‍්තස‍්ස අලොභඅදොසඅමොහවසෙන තිමූලා හොන‍්ති, ඤාණවිප‍්පයුත‍්තචිත‍්තෙන විරමන‍්තස‍්ස අලොභඅදොසවසෙන ද‍්විමූලා. කම‍්මතො මුසාවාදා වෙරමණි වචීකම‍්මං, සෙසා කායකම‍්මං. සමාදානතො අඤ‍්ඤස‍්ස ගරුට‍්ඨානියස‍්ස සන‍්තිකෙ තං අලභන‍්තෙන සයමෙව වා පඤ‍්ච සීලානි එකජ‍්ඣං පාටියෙක‍්කං වා සමාදියන‍්තෙන සමාදින‍්නානි හොන‍්ති. භෙදතො ගහට‍්ඨානං යං යං වීතික‍්කන‍්තං, තං තදෙව භිජ‍්ජති, ඉතරං න භිජ‍්ජති. කස‍්මා? ගහට‍්ඨා හි අනිබද‍්ධසීලා හොන‍්ති, යං යං සක‍්කොන‍්ති, තං තදෙව රක‍්ඛන‍්ති. පබ‍්බජිතානං පන එකස‍්මිං වීතික‍්කන‍්තෙ සබ‍්බානි භිජ‍්ජන‍්තීති.

මුල් වශයෙන් ඤාණ සම්ප්‍රයුක්ත (නුවන යෙදුණු) සිතෙන් යුතුව වැළකෙන්නහුට අලෝභ, අදෝස, අමෝහ වශයෙන් මුල් තුනක් ඇතිවෙයි. ඤාණ විප්‍රයුක්ත (නුවණ නොයෙදුණු) සිතෙන් යුතුව වැළකෙන්නහුට අලෝභ, අදෝස වශයෙන් මුල් දෙකක් ඇතිවෙයි. කර්ම වශයෙන් - මුසාවාදයෙන් වැළකීම වචීකර්මය. අනිත් ඒවා කාය කර්මය. සමාදාන වශයෙන් - ගරුකළයුතු අනිත් කෙනෙකුගේ සමීපයෙහිදී සීල සමාදානය නොලබන තැනැත්තා විසින් තමාම හෝ පන්සිල් (මම පන්සිල් සමාදන් වෙමි යනුවෙන් කියා) එක්වරම හෝ සිල්පද වෙන වෙනම කියා හෝ සමාදන් වීමෙන් සමාදන් වූයේ වෙයි. බිඳීම් වශයෙන් ගිහියන්ට යම් යම් ශික්‍ෂාපදයක් කඩයි නම් ඒ ඒ ශික්‍ෂාපදයම බිදෙයි. අනිත්වා නොබිඳෙයි. කුමක් නිසාද? ගිහියෝ නිරතුරුවම සිල් ඇත්තෝ නොවෙති. ඔවුහු (තමන්ට) හැකි හැකි සිකපදයක්ම රකිති. (සාමණේර) පැවිද්දන්ට වනාහි එක් සිල්පදයක් කැඩුණුවිට සියල්ල බිඳෙයි.

ඵලතොති පාණාතිපාතා වෙරමණියා චෙත්‍ථ අඞ‍්ගපච‍්චඞ‍්ගසම‍්පන‍්නතා, ආරොහපරිණාහසම‍්පත‍්ති, ජවනසම‍්පත‍්ති, සුප‍්පතිට‍්ඨිතපාදතා, චාරුතා, මුදුතා, සුචිතා, සූරතා, මහබ‍්බලතා, විස‍්සට‍්ඨවචනතා, සත‍්තානං පියමනාපතා, අභිජ‍්ජපරිසතා, අච‍්ඡම‍්භිතා, දුප‍්පධංසියතා, පරූපක‍්කමෙන අමරණතා, මහාපරිවාරතා, සුවණ‍්ණතා, සුසණ‍්ඨානතා, අප‍්පාබාධතා, අසොකතා, පියමනාපෙහි අවිප‍්පයොගො, දීඝායුකතාති එවමාදීනි ඵලානි.

ඵල වශයෙන් - මෙහි සතුන් මැරීමෙන් වැළකීමෙන් 1. නො අඩුව පිහිටි අඟපසඟ ඇති බව 2. ආරෝහ පරිනාහ සම්පත් ඇති බව 3. ජව සම්පත්ති ඇති බව. 4. මනාව පොළොවෙහි පිහිටි පියවර ඇති බව. 5. මනහර (සිත් ඇදගන්නා) බව. 6. මෘදු මොළොක් බව. 7. නිර්මල, පිරිසිදු බව 8. සූරවීර ගති ඇති බව. 9. මහා බලවත් බව. 10. නොපැකිල කිවහැකි වචන ඇති බව. 11. සත්ත්වයන්ට ප්‍රියමනාප බව. 12. කේලාම් කියා බිඳවිය නොහැකි පිරිවර ඇති බව. 13. තැති නොගන්නා බව. 14. විනාශ කිරීමට අපහසු බව. 15. පර උපක්‍රමවලින් මරණයට පත්නොවන බව. 16. මහත් පිරිවර ඇති බව. 17. මුළු සිරුරම සුරූපී (වර්ණවත්) බව. 18. නිසිලෙස නිසිතැන පිහිටි අඟපසඟ ඇති බව. 19. අල්ප ආබාධ ඇති බව. 20. ශෝක නොකරන බව. 21. ප්‍රියමනාප අයගෙන් වෙන් වන්නට සිදුනොවන බව. 22. දීර්ඝායුෂ ඇති බව යන මේ ආදී ඵල ලැබේ.

අදින‍්නාදානා වෙරමණියා මහාධනධඤ‍්ඤතා, අනන‍්තභොගතා, ථිරභොගතා, ඉච‍්ඡිතානං භොගානං ඛිප‍්පං පටිලාභො, රාජාදීහි අසාධාරණභොගතා, උළාරභොගතා, තත්‍ථ තත්‍ථ ජෙට‍්ඨකභාවො, නත්‍ථිභාවස‍්ස අජානනතා, සුඛවිහාරිතාති එවමාදීනි.

සොරකම් කිරීමෙන් වැළකීමෙන් 1. මහත් වූ ධන ධාන්‍ය ඇති බව. 2. අනන්ත භෝග සම්පත් ඇති බව. 3. ඇත්තා වූ භෝග තහවුරු වන බව. 4. කැමති භෝග වහා ලැබෙන බව. 5. රජවරුන් ආදී අයට පොදු නොවූ වස්තුව ඇති බව. 6. උසස් භෝග ඇති බව. 7. ඒ ඒ තැනදී ප්‍රධාන කෙනෙකු වන බව. 8. නැත යන බවක් නොදන්නා බව. 9. සැපසේ වාසය කරන බව. මේ ආදී ඵල ලැබේ.

අබ්‍රහ‍්මචරියා වෙරමණියා විගතපච‍්චත්‍ථිකතා, සබ‍්බසත‍්තානං පියමනාපතා, අන‍්නපානවත්‍ථච‍්ඡාදනාදීනං ලාභිතා, සුඛසුපනතා, සුඛපටිබුජ‍්ඣනතා, අපායභයවිමොක‍්ඛො, ඉත්‍ථිභාවනපුංසකභාවානං අභබ‍්බතා, අක‍්කොධනතා, සච‍්චකාරිතා, අමඞ‍්කුතා, ආරාධනසුඛතා, පරිපුණ‍්ණින්‍ද්‍රියතා, පරිපුණ‍්ණලක‍්ඛණතා, නිරාසඞ‍්කතා, අප‍්පොස‍්සුක‍්කතා, සුඛවිහාරිතා, අකුතොභයතා, පියවිප‍්පයොගාභාවොති එවමාදීනි. යස‍්මා පන මිච‍්ඡාචාරාවෙරමණියා ඵලානිපි එත්‍ථෙව අන‍්තොගධානි, තස‍්මා (අබ්‍රහ‍්මචරියා වෙරමණියා).

අබ්‍රහ්මචරියාවෙන් වැළකීමෙන් 1. පහවූ සතුරන් ඇති බව. 2. සියලු සත්ත්වයන්ට ප්‍රියමනාප බව. 3. ආහාරපාන ඇඳුම් පැළඳුම් ලැබෙන බව. 4. සැපසේ නිදන බව. 5. සැපසේ පිබිදෙන බව. 6. අපාය බියෙන් මිදුනු බව. 7. ස්ත්‍රී බව, නපුංසක බව ලැබීමට නුසුදුසු බව. 8. ක්‍රෝධය අඩු බව. 9. සකස්කොට කටයුතු කරන බව. 10. (සැක බිය නිසා) බිම බලාගෙන නොසිටින බව. 11. පහසුවෙන් සිත් සතුටු කරවිය හැකි බව. 12. පිරිපුන් ඉඳුරන් ඇති බව. 13. පිරිපුන් ලක්‍ෂණ ඇති බව. 14. සැක නැති බව. 15. අඩු උනන්දුවකින් කටයුතු කරගත හැකි බව. 16. සැප විහරණ ඇති බව. 17. කිසිතැනක බිය නොවන බව. 18. ප්‍රියයන්ගෙන් වෙන් නොවන බව. මේ ආදී ඵල ලැබේ. යම්හෙයකින් (කාම) මිථ්‍යාචාරයෙන් වැළකීමේ ඵලයන් ද මෙහිම ඇතුළත් වෙයි ද එහෙයින් අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමේ (ඵලයන් මෙහි දක්වන ලදී.)

මුසාවාදා වෙරමණියා විප‍්පසන‍්නින්‍ද්‍රියතා, විස‍්සට‍්ඨමධුරභාණිතා, සමසිතසුද‍්ධදන‍්තතා, නාතිථූලතා, නාතිකිසතා, නාතිරස‍්සතා, නාතිදීඝතා, සුඛසම‍්ඵස‍්සතා, උප‍්පලගන්‍ධමුඛතා, සුස‍්සූසකපරිසතා, ආදෙය්‍යවචනතා, කමලදලසදිසමුදුලොහිතතනුජිව‍්හතා, අලීනතා, අනුද‍්ධතතාති එවමාදීනි.

බොරු කීමෙන් වැළකීමෙන් 1. අතිශයින් ප්‍රසන්න ඉඳුරන් ඇති බව. 2. මනා වූ මිහිරි කටහඬක් ඇති බව. 3. සමානව පිහිටි සුදෝසුදු දත් ඇති බව. 4. ඉතා මහත් නැති බව. 5. ඉතා කෙට්ටු නැති බව. 6. ඉතා උස නැති බව. 7. ඉතා මිටි නැති බව. 8. සැප ස්පර්ශ ඇති බව. 9. මහනෙල් මල්සුවඳ ඇති මුඛයක් ඇති බව. 10. සුවච කීකරු පිරිවර ජනයා ඇති බව. 11. විශ්වාස කළයුතු වචන ඇති බව. 12. නෙළුම් පෙත්තක් සමාන මොළොක් රත්පැහැ තුනී දිවක් ඇති බව. 13. නො සැඟවුණු බව. 14. උඩඟු නොවන බව යන ආදියයි.

සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණියා අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු අප‍්පමාදතා, ඤාණවන‍්තතා, සදා උපට‍්ඨිතස‍්සතිතා, උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු ඨානුප‍්පත‍්තිකපටිභානවන‍්තතා, අනලසතා, අජළතා, අනුම‍්මත‍්තතා, අච‍්ඡම‍්භිතා, අසාරම‍්භිතා, අනිස‍්සුකිතා, අමච‍්ඡරිතා, සච‍්චවාදිතා, අපිසුණඅඵරුසඅසම‍්ඵප‍්පලාපවාදිතා, කතඤ‍්ඤුතා, කතවෙදිතා, චාගවන‍්තතා, සීලවන‍්තතා, උජුකතා, අක‍්කොධනතා, හිරොත‍්තප‍්පසම‍්පන‍්නතා, උජුදිට‍්ඨිතා, මහන‍්තතා, පණ‍්ඩිතතා, අත්‍ථානත්‍ථකුසලතාති එවමාදීනි ඵලානි. එවමෙත්‍ථ පාණාතිපාතාවෙරමණිආදීනම‍්පි සභාවාදිතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මදයට ප්‍රමාදයට කරුණු වූ මත්පැන් පානයෙන් වැළකීමෙන් 1. අතීත අනාගත වර්තමාන කටයුතුවල අප්‍රමාද බව. 2. ඥානවන්ත බව. 3. හැමකල්හි එළඹ සිටි සිහි ඇති බව. 4. උපන් කටයුතුවලදී තැනට ගැලපෙන වැටහීම් ඇති බව. 5. අලස නැති බව. 6. (ජඩ නොවීම) නොහික්මුණු ක්‍රියා නැති බව. 7. ගොළු නැති බව. 8. තැති නොගන්නා බව. 9. එකට එක නොකරන බව. 10. ඊර්ෂ්‍යා නොකරන බව. 11. මසුරුමල නැති බව. 12. සත්‍ය වචන කතා කරන බව. 13. කේලාම්-එරුෂ -හිස්වචන කථා නොකරන බව. 14. කළගුණ දන්නා බව. 15. කළ උපකාරයට ප්‍රතිඋපකාර කරන බව. 16. භෝග ඇති බව. 17. සිල්වත් බව. 18. ඍජු ගති පැවතුම් ඇති බව. 19. ක්‍රෝධ නොකරන බව. 20. පව් කිරීමට ලජ්ජා බිය ඇති බව. 21. සෘජු අදහස් ඇති බව. 22. උසස් බව. 23. පණ්ඩිත බව. 24. යහපත්-අයහපත තේරුම් ගැනීමේ හැකියාව ඇති බව යන මේ ආදී ඵලයන්ය. මෙසේ මෙහි සතුන් මැරීමෙන් වැළකීම ආදියේ ද ස්වභාව ආදී වශයෙන් විනිශ්චය දතයුතුය.

සීලවාති යථාවුත‍්තපඤ‍්චසීලවසෙන සීලවා. කල්‍යාණධම‍්මොති සුන්‍දරධම‍්මො, සරණගමනපරිදීපිතාය දිට‍්ඨිසම‍්පත‍්තියා සම‍්පන‍්නපඤ‍්ඤොති අත්‍ථො. යො පන පුත‍්තො මාතාපිතූසු අස‍්සද‍්ධෙසු දුස‍්සීලෙසු ච සයම‍්පි තාදිසො, සොපි අවජාතොයෙවාති වෙදිතබ‍්බො. අස‍්සද‍්ධියාදයො හි ඉධ අවජාතභාවස‍්ස ලක‍්ඛණං වුත‍්තා, තෙ ච තස‍්මිං සංවිජ‍්ජන‍්ති. මාතාපිතරො පන උපාදාය පුත‍්තස‍්ස අතිජාතාදිභාවො වුච‍්චතීති.

සීලවා යනු කියන ලද පරිදි පන්සිල් වශයෙන් සිල්වත් වූ. කල්‍යාණ ධම්මො යනු සුන්දර ධර්මයයි. සරණගමනයෙන් විස්තර කළ දෘෂ්ටි සම්පත්තියෙන් යුක්ත ප්‍රඥාව ඇති යන අර්ථයි. යම් පුත්‍රයෙක් වනාහි ශ්‍රද්ධාව නැති දුශ්ශීල වූ මව්පියන් ඇති කල්හි තමා ද එබඳු නම් ඔහුද අවජාතම යයි දතයුතුය. අශ්‍රද්ධාව ආදී අවජාත භාවයේ ලක්‍ෂණය මෙහි කියන ලදී. ඒ අවජාතක දරුවා කෙරෙහි ඒ ලක්‍ෂණ ද විද්‍යමාන වෙයි. මව්පියන් උපමාකොටගෙන අතිජාත බව ආදිය කියන ලදී.

යො හොති කුලගන්‍ධනොති කුලච‍්ඡෙදකො කුලවිනාසකො. ඡෙදනත්‍ථො හි ඉධ ගන්‍ධසද‍්දො, “උප‍්පලගන්‍ධපච‍්චත්‍ථිකා”තිආදීසු (පාරා· 65) විය. කෙචි පන “කුලධංසනො”ති පඨන‍්ති, සො එවත්‍ථො.

යො හොති කුල ගන්‍ධනො යනු කුලය නසන කුලය විනාශ කරන්නාය. මෙහි ‘ගන්‍ධ’ ශබ්දය නැසීම් අර්ථයෙහිය. ‘උප්පලගන්‍ධපච්චත්‍ථිකො’ යනාදියෙහි මෙනි. ඇතැමෙක් ‘කුලධංසනො’ යනුවෙන් ද කියති. ඒ අර්ථයමයි.

එතෙ ඛො පුත‍්තා ලොකස‍්මින‍්ති එතෙ අතිජාතාදයො තයො පුත‍්තා එව ඉමස‍්මිං සත‍්තලොකෙ පුත‍්තා නාම, න ඉතො විනිමුත‍්තා අත්‍ථි. ඉමෙසු පන යෙ භවන‍්ති උපාසකා යෙ සරණගමනසම‍්පත‍්තියා උපාසකා භවන‍්ති කම‍්මස‍්සකතාඤාණෙන කම‍්මස‍්ස කොවිදා, තෙ ච පණ‍්ඩිතා පඤ‍්ඤවන‍්තො, පඤ‍්චසීලදසසීලෙන සම‍්පන‍්නා පරිපුණ‍්ණා. යාචකානං වචනං ජානන‍්ති, තෙසං මුඛාකාරදස‍්සනෙනෙව අධිප‍්පායපූරණතොති වදඤ‍්ඤූ, තෙසං වා “දෙහී”ති වචනං සුත්‍වා “ඉමෙ පුබ‍්බෙ දානං අදත්‍වා එවංභූතා, මයා පන එවං න භවිතබ‍්බ”න‍්ති තෙසං පරිච‍්චාගෙන තදත්‍ථං ජානන‍්තීති වදඤ‍්ඤූ, පණ‍්ඩිතානං වා කම‍්මස‍්සකතාදිදීපකං වචනං ජානන‍්තීති වදඤ‍්ඤූ. “පදඤ‍්ඤූ”ති ච පඨන‍්ති, පදානියා පරිච‍්චාගසීලාති අත්‍ථො. තතො එව විගතමච‍්ඡෙරමලත‍්තා වීතමච‍්ඡරා. අබ‍්භඝනාති අබ‍්භසඞ‍්ඛාතා ඝනා, ඝනමෙඝපටලා වා මුත‍්තො චන්‍දොවිය, උපාසකාදිපරිසාසු ඛත‍්තියාදිපරිසාසු ච විරොචරෙ විරොචන‍්ති, සොභන‍්තීති අත්‍ථො.

එතෙ ඛො පුත්තා ලොකස්මිං යනු මේ අතිජාත ආදී වූ පුතුන් තිදෙනාම මේ සත්ත්ව ලෝකයෙහි පුත්තු නම් වෙති. මෙයින් තොර පුතුන් නැත. මොවුන් අතරින් වනාහි යෙ භවන්ති උපාසකා යමෙක් සරණගමන සම්පත්තියෙන් උපාසකයෝ වෙත් ද, කම්මස්සකත ඤාණයෙන් (මේ කර්මය තමාගේය. මේ කර්මය තමාගේ නොවේයයි දන්නා ප්‍රඥාවෙන්) කර්මය ගැන දක්‍ෂ වූ, පණ්ඩිත වූ ප්‍රඥාවන්ත වූ ඔවුහු ද පංචසීලයෙන් දස සීලයෙන් සම්පන්තා පරිපූර්ණ වූවාහුය. යාචකයන්ගේ වචනය දනිති. ඔවුන්ගේ මුහුණෙහි ස්වභාවය දැකීමෙන්ම අදහස සම්පූර්ණවීම් වශයෙන් = වදඤ්ඤූ නම් වේ. ‘දෙන්න’ යනුවෙන් කියන ඒ යාචකයන්ගේ වචනය අසා මොවුහු පෙර දන් නොදී මෙසේ වූවාහුය. මා එසේ නොවිය යුතුයයි (සිතා) ඔවුන්ට පරිත්‍යාග කිරීමෙන් ඒ (පෙර දන් නොදුන්) අර්ථය දනිති යන අරුතින් ‘වදඤ්ඤූ’ නම් වෙති. කර්මය ස්වකීයකොට ඇති බව යනාදිය පැහැදිලි කරන පණ්ඩිතයන්ගේ වචනය දනිති යන අරුතින් ‘වදඤ්ඤූ’ නම් වෙති. ‘පදඤ්ඤූ’ යනුවෙන් ද කියති. පදානියා පරිත්‍යශීලීහු යන අර්ථයි. එහෙයින්ම පහවූ මසුරු මල ඇති බැවින් වීතමච්ඡරා නම් වෙති. අබ්භඝනා යනු අබ්භ නම් වූ මේඝයෙන් හෝ ඝන වැහිවලාවෙන් මුත්තො චන්‍දො මිදුණු සඳ මෙන් උපාසක ආදී පරියාසු පිරිස්වලදී ද ක්‍ෂත්‍රිය ආදී පිරිස්වලදී ද විරොචරෙ බබලත්, ශෝභමාන වෙති යන අර්ථයි.

පඤ‍්චමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන සූත්‍රයයි.