යෙදුමෙන් කියවන්න

පුත‍්තසුත‍්තං

3. 3. 5.

3. 3. 5.

[පුත‍්තසුත‍්තං]

[පුත්‍ර සූත්‍රය]

74. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

74. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:

1. තයො’මෙ භික‍්ඛවෙ පුත‍්තා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො? අතිජාතො අනුජාතො අවජාතො’ති.

1. මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයෝ තිදෙනෙක් ඇත්තාහු විද්‍යාමාන වන්නාහු වෙත්. කවර තිදෙනෙක් ද යත්: අතිජාතය ය, අනුජාතය ය, අවජාතය ය (යන තිදෙන යි.)

කථඤ‍්ච භික‍්ඛවෙ පුත‍්තො අතිජාතො හොති? ඉධ භික‍්ඛවෙ පුත‍්තස‍්ස මාතාපිතරො හොන‍්ති න බුද‍්ධං සරණං ගතා, න ධම‍්මං සරණං ගතා, න සඞ‍්ඝං සරණං ගතා. පාණාතිපාතා අප‍්පටිවිරතා, අදින‍්නාදානා අප‍්පටිවිරතා, කාමෙසු මිච‍්ඡාචාරා අප‍්පටිවිරතා, මුසාවාදා අප‍්පටිවිරතා, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා අප‍්පටිවිරතා, දුස‍්සීලා පාපධම‍්මා. පුත‍්තො ච නෙසං හොති, බුද‍්ධං සරණං ගතො, ධම‍්මං සරණං ගතො, සඞ‍්ඝං සරණං ගතො. පාණාතිපාතා පටිවිරතො, අදින‍්නාදානා පටිවිරතො, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො, සීලවා කල්‍යාණධම‍්මො. එවං ඛො භික‍්ඛවෙ පුත‍්තො අතිජාතො හොති.

මහණෙනි, කෙසේ නම් පුත්‍ර තෙම අතිජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ නොගියාහු, දහම් සරණ නොගියාහු, සඟුන් සරණ නොගියාහු වෙත් ද, ප්‍රාණඝාතයෙන් නොවැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් නොවැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුනාහු, බොරු කීමෙන් නොවැළකුනාහු, මදයට ප්‍රමාදයට කරුණු වු රහමෙර පානයෙන් නොවැළකුනාහු, සිල් නැත්තාහු, ලාමක ධර්‍ම ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්‍ර තෙම බුදුන් සරණ කොට ගියේ, දහම් සරණ කොට ගියේ, සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්‍ම ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්‍ර තෙම අතිජාත නම් වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පුත‍්තො අනුජාතො හොති? ඉධ භික‍්ඛවෙ පුත‍්තස‍්ස මාතාපිතරො හොන‍්ති බුද‍්ධං සරණං ගතා, ධම‍්මං සරණං ගතා, සඞ‍්ඝං සරණං ගතා. පාණාතිපාතා පටිවිරතා, අදින‍්නාදානා පටිවිරතා, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතා, සීලවන‍්තො කල්‍යාණධම‍්මා. පුත‍්තො ච නෙසං හොති බුද‍්ධං සරණං ගතො, ධම‍්මං සරණං ගතො, සඞ‍්ඝං සරණං ගතො. පාණාතිපාතා පටිවිරතො, අදින‍්නාදානා පටිවිරතො, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො, සීලවා කල්‍යාණධම‍්මො. එවං ඛො භික‍්ඛවෙ පුත‍්තො අනුජාතො හොති.

මහණෙනි, පුත්‍ර තෙම කෙසේ නම් අනුජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව්පිය දෙදෙන බුදුන් සරණ කොට ගියාහු, දහම් සරණ කොට ගියාහු, සඟුන් සරණ කොට ගියාහු , ප්‍රාණඝාතයෙන් වැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් වැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහු, බොරු කීමෙන් වැළකුනාහු, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු, කලණ දහම් ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්‍ර තෙමේ ද බුදුන් දහම් සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්‍ම ඇත්තේ (සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත) වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්‍ර තෙම අනුජාත නම් වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පුත‍්තො අවජාතො හොති? ඉධ භික‍්ඛවෙ පුත‍්තස‍්ස මාතාපිතරො හොන‍්ති බුද‍්ධං සරණං ගතා, ධම‍්මං සරණං ගතා, සඞ‍්ඝං සරණං ගතා. පාණාතිපාතා පටිවිරතා, අදින‍්නාදානා පටිවිරතා, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතා, සීලවන‍්තො කල්‍යාණධම‍්මා. පුත‍්තො ච නෙසං හොති න බුද‍්ධං සරණං ගතො, න ධම‍්මං සරණං ගතො, න සඞ‍්ඝං සරණං ගතො. පාණාතිපාතා අප‍්පටිවිරතො, අදින‍්නාදානා අප‍්පටිවිරතො, කාමෙසු මිච‍්ඡාචාරා අප‍්පටිවිරතො, මුසාවාදා අප‍්පටිවිරතො, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා අප‍්පටිවිරතො, දුස‍්සීලො පාපධම‍්මො. එවං ඛො භික‍්ඛවෙ පුත‍්තො අවජාතො හොති. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො පුත‍්තා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, කෙසේ නම් පුත්‍ර තෙමේ අවජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ ගියාහු, දහම් සරණ ගියාහු, සඟුන් සරණ ගියාහු වෙත් ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු කලණදහම් ඇත්තාහු වෙත් ද, එහෙත් ඔවුන්ගේ පුත්‍ර තෙමේ බුදුන් සරණ දහම් සරණ සඟුන් සරණ නො ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් නොවැළැකුනේ වේ ද, සිල් නැත්තේ, ලාමකධර්‍ම (හීනාචාර) ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍ර තෙමේ අවජාත නම් වේ. මහණෙනි, මේ පුත්‍රයෝ තිදෙන ලෝකයෙහි ඇත්තාහු විද්‍යාමාන වන්නාහු වෙත් යි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “අතිජාතං අනුජාතං පුත‍්තමිච‍්ඡන‍්ති පණ‍්ඩිතා, අවජාතං න ඉච‍්ඡන‍්ති යො හොති කුලගන්‍ධනො.

2. “නුවණැත්තෝ අතිජාත පුත්‍රයා ද, අනුජාත පුත්‍රයා ද කැමැති වෙත්. යම් පුත්‍රයෙක් කුලය වනසන්නේ වේ ද (ඒ) අවජාත පුත්‍රයා නො කැමැති වෙත්.

3. එතෙ ඛො පුත‍්තා ලොකස‍්මිං යෙ භවන‍්ති උපාසකා, සද‍්ධා සීලෙන සම‍්පන‍්නා වදඤ‍්ඤූ වීතමච‍්ඡරා, චන්‍දො අබ‍්භඝනා මුත‍්තො පරිසාසු විරොචරෙ”ති.

3. මොහු ම (මේ අතිජාතාදි තිදෙන) ලෝකයෙහි පුත්‍රයෝ නම් වෙති. යම් පුත්‍ර කෙනෙක් උපාසක වෙත් ද, ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් යුක්තයෝ (යාචකයන්ගේ) වදන් දන්නාහු, පහවූ මසුරුමල ඇත්තාහු වෙත් ද, (ඔවුහු ම) ඝන වලාකුළින් මිදුනු චන්‍ද්‍රයා මෙන් පිරිස් අතැරැ බබලත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.