වුට්ඨිසුත්තං
3. 3. 6.
3. 3. 6.
[වුට්ඨිසුත්තං]
[වෘෂ්ටි සූත්‍රය]
75. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
75. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? අවුට්ඨිකසමො පදෙසවස්සී සබ්බත්ථාභිවස්සී.
1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලෝකයෙහි ඇත්තාහ විද්‍යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාවක් වැනි) පුද්ගලයා ද, ප්රදේශවර්ෂී (පෙදෙසකට වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද, සර්වත්රවර්ෂී (හැමතැන්හි වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද යන තිදෙන යි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො අවුට්ඨිකසමො හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සබ්බෙසඤ්ඤෙව න දාතා හොති, සමණබ්රාහ්මණකපණද්ධික වණිබ්බක යාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අවුට්ඨිකසමො හොති.
මහණෙනි, කෙසේ නම පුද්ගල තෙමේ අවුට්ඨිකසම වේ ද? මහණෙනි, මේ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන (වණිබ්බක) යදි යන මේ සියල්ලන්ට ම ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් වසන ප්‍රදීප උපකරණ (යන මේ කිසිවක්) නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි අවුට්ඨිකසම වෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො පදෙසවස්සී හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො එකච්චානං දාතා හොති, එකච්චානං න දාතා හොති සමණබ්රාහ්මණකපණද්ධික වණිබ්බක යාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පදෙසවස්සී හොති.
මහණෙනි, පුද්ගල තෙමේ කෙසේ නම් ප්රදේශවර්ෂී වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන මොවුන් අතුරෙන් ඇතැම් කෙනෙකුන්හට ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් ආවාස ප්‍රදීපෝපකරණ යන මේ දෑ දෙන්නේ වේ ද, ඇතැම් කෙනකුන්හට නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ප්රදේශවර්ෂී නම් වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සබ්බත්ථාභිවස්සී හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සබ්බෙසඤ්ච දෙති සමණබ්‍රාහ්මණ කපණද්ධිකවණිබ්බක යාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සබ්බත්ථාභිවස්සී හොති. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙමේ සර්වත්රවර්ෂී වේ ද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන සියල්ලන්ට ම ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සයනාසන ආවාස ප්‍රදීපෝපකරණ යන සියල්ල දෙයි ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි සර්වත්රවර්ෂී නම් වේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි ඇත්තාහ. විද්‍යාමානයහ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙසේ මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “න සමණෙ න බ්රාහ්මණෙ න කපණද්ධිකවණිබ්බකෙ, ලද්ධාන සංවිභජති අන්නං පානඤ්ච භොජනං තං වෙ අවුට්ඨිකසමො’ති, ආහු නං පුරිසාධමං.
2. “(යම් පුද්ගලයෙක්) මහණ බමුණු දුගී මගී පුලනු යදි (යන මොවුන්) ලැබ ආහාරපානභෝජනයන් මනා කොට බෙදා නො දෙයි ද, (ඒ තද මසුරු) නිහීන පුද්ගලයා ඒකාන්තයෙන් අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාව වැනි) යයි (පණ්ඩිතයෝ) කියත්.
3. එකච්චානං න දදාති එකච්චානං පවෙච්ඡති, තං වෙ පදෙසවස්සීති ආහු මෙධාවිනො ජනා.
3. ඇතැම් කෙනකුන්හට නො දේ ද, ඇතැම් කෙනකුන්හට දේ ද, ඔහු ඒකාන්තයෙන් ප්රදේශවර්ෂී යයි නුවණැත්තෝ කියත්.
4. සුභික්ඛවාචො පුරිසො සබ්බභූතානුකම්පකො, ආමොදමානො පකිරෙති දෙථ දෙථාති භාසති.
4. (සුලභ ආහාර ඇති බැවින්) සුභික්ෂ වචන ඇති, සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති, පුද්ගල තෙමේ තුටුපහටු සිත් ඇත්තේ (ප්රතිගාහක ක්ෂේත්රයෙහි) (දේයධර්‍මය) වගුරුවා ද, ‘දෙවු දෙවූ’ යැ යි කියා ද,
5. යථාපි මෙඝො ථනයිත්වා ගජ්ජයිත්වා පවස්සති, ථලං නින්නඤ්ච පූරෙති අභිසන්දන්තො’ව වාරිනා.
5. යම්සේ වනාහි මේඝය කුදු මහත් ගර්ජනා කොට වසී ද, ජලගැල්මෙන් උස්පහත් තැන් පුරවා ද,
6. එවමෙව ඉධෙකච්චො පුග්ගලො හොති තාදිසො ධම්මෙන සංහරිත්වාන උට්ඨානාධිගතං ධනං තප්පෙති අන්නපානෙන සම්මා පත්තෙ වණිබ්බකෙති.”
6. එ පරිද්දෙන් මේ ලොව්හි එබඳුවූ ඇතැම් පුද්ගලයෙක් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද ධනය දහමින් රැස් කොට ගෙණ තමා වෙත පැමිණි යාචකයන් සතප්වයි.”
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.