සුඛපත්ථනාසුත්තං
3. 3. 7.
3. 3. 7.
[සුඛපත්ථනාසුත්තං]
[සුඛප්රාර්ත්ථනා සූත්‍රය]
76. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
76. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. තීණිමානි භික්ඛවෙ සුඛානි පත්ථයමානො සීලං රක්ඛෙය්ය පණ්ඩිතො. කතමානි තීණි? ‘පසංසා මෙ ආගච්ඡතූ’ති සීලං රක්ඛෙය්ය පණ්ඩිතො, භොගා මෙ උප්පජ්ජන්තූ’ති සීලං රක්ඛෙය්ය පණ්ඩිතො, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති සීලං රක්ඛෙය්ය පණ්ඩිතො. ඉමානි ඛො භික්ඛවෙ තීණි සුඛානි පත්ථයමානො සීලං රක්ඛෙය්ය පණ්ඩිතො’ති.
1. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැති පුරුෂ තෙමේ සිල් රක්නේ ය. කවර කරුණු තුණක් ද යත්: මට ප්‍රශංසාව ලැබේවා යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘මට වස්තූහු උපදිත්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිම්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැත්තේ සිල් රක්නේ ය.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සීලං රක්ඛෙය්ය මෙධාවී පත්ථයානො තයො සුඛෙ, පසංසං විත්තලාභඤ්ච පෙච්ච සග්ගෙ පමොදනං.
2. “නුවණැත්තේ ප්‍රශංසාව ද, වස්තුලාභය ද, පරලොවැ ස්වර්ගයෙහි සතුටු වීම ද (යන) සැප තුණ පතමින් සිල් රක්නේ ය.
3. අකරොන්තො’පි චෙ පාපං කරොන්තමුපසෙවති, සඞ්කියො හොති පාපස්මිං අවණ්ණො චස්ස රූහති.
3. ඉදින් හේ පව් නො කරන්නේ නුමුදු පව් කරන්නකු සෙව්නේ නම්, (සෙස්සන් විසින්) හේ පාපයෙහි සැක කටයුත්තේ වෙයි. ඔහුට අගුණ ද නැගෙයි. (පැතිරේ.)
4. යාදිසං කුරුතෙ මිත්තං යාදිසං චූපසෙවති, ස වෙ තාදිසකො හොති සහවාසො’පි තාදිසො.
4. යමෙක් යම් බඳු පුද්ගලයෙකු මිත්‍රයකු කෙරේ ද, යමකුත් සෙව්නේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් එබඳු ම වේ. ඔහු හා සහවාසය ද එබඳු ම වේ.
5. සෙවමානො සෙවමාන, සම්ඵුට්ඨො සම්ඵුසං පරං, සරො දිද්ධො කලාපං’ව, අලිත්තමුපලිම්පති, උපලෙපභයා ධීරො නෙව පාපසඛා සියා.
5. (කලින් කල තමන්) සේවනය කරණ (පියෙවින් පිරිසිදු) පුද්ගලයෙකු සේවනය කරණ (පාප) පුද්ගල තෙමේ ( ඒ පිරිසිදු පුද්ගලයා විසින් සංසර්ගවශයෙන්) නිති පහස්නා ලද්දේ, (තෙමේ ද) අන්‍යයා (ඒ පිරිසිදු පුද්ගලයා එසේම) නිති පහස්නේ විෂ පොවන ලද හීය (විෂ නොපෙවූ සෙසු) හී සමූහය (විෂයෙන්) ආලිප්ත කරන්නාක් මෙන් ඒ පිරිසිදු පුද්ගලයා පාපයෙන් තවරයි. (එ හෙයින්) නුවණැත්තේ පවින් තැවැරෙණුවට බියෙන් පාපමිත්‍රයන් ඇත්තේ නොවන්නේ ය.
6. පූතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති, කුසා’පි පූතී වායන්ති එවං බාලූපසෙවනා.
6. යම් පුරුෂයෙක් කුණු මස් කුස තණයෙන් වෙළා ද (ඔතා ද), ඒ කුසතෘණයෝ ද දුගඳ විහිදුවත්. බාලජන සේවනය මෙ බඳු ය.
7. තගරඤ්ච පලාසෙන යො නරො උපනය්හති, පත්තා’පි සුරභි වායන්ති එවං ධීරූපසෙවනා.
7. යම් මිනිසෙක් තුවරලා නම් සුගන්ධ ද්‍රව්‍යය කොළයෙකින් වෙළා ද, ඒ කොළ ද සුවඳ විහිදුවයි. පණ්ඩිතජන සේවනය ද එබඳු ය.
8. තස්මා පත්තපුටස්සෙව ඤත්වා සම්පාකමත්තනො, අසන්තෙ නොපසෙවෙය්ය සන්තෙ සෙවෙය්ය පණ්ඩිතො, අසන්තො නිරයං නෙන්ති සන්තො පාපෙන්ති සුග්ගති”න්ති.
8. එ හෙයින් නුවණැත්තේ පත්රපුටයාගේ (දුර්ගන්ධ-සුගන්ධභාවයෙන්) තමා පිළිබඳ (අසත්පුරුෂ-සත්පුරුෂ සංසර්ග) ඵලය දැන අසත්පුරුෂ සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන්ම සේවනය කරන්නේ ය. අසත්පුරුෂයෝ නිරයට පමුණුවත්. සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.