යෙදුමෙන් කියවන්න

භිදුරසුත‍්තං

3. 3. 8.

3. 3. 8.

[භිදුරසුත‍්තං]

[භිදුර සූත්‍රය]

77. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

77. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. භිදුරායං භික‍්ඛවෙ කායො විඤ‍්ඤාණං විරාගධම‍්මං සබ‍්බෙ උපධී අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා’ති.

1. මහණෙනි, මේ සිරුර බිඳෙන සුලු ය. විඤ්ඤාණය (ත්‍රෛභූමකකුශලාදි චිත්තය) නැසෙන සුලු ය. සියලු උපධීහු අනිත්‍යයහ. දුඃඛයහ පෙරළෙන ස්වභාව ඇත්තාහු ය.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “කායං ච භිදුරං ඤත්‍වා විඤ‍්ඤාණං ච පභඞ‍්ගුරං උපධීසු භයං දිස‍්වා ජාතිමරණමච‍්චගා සම‍්පත්‍වා පරමං සන‍්තිං කාලං කඞ‍්ඛති භාවිතත‍්තො’ති.”

2. “සිරුර බිඳෙන සුලු ය යි ද, සිතත් බිඳෙන සුලු ය යි ද දැන උපධීන්හි බිය දැක ඉපදීම හා මරණය ඉක්මියේ ය. (රහත්වූයේ ය.) උතුම්වූ ශාන්තියට (නිර්‍වාණයට) පැමිණ භාවනා වශයෙන් වඩනා ලද අත්බව් (ශීලසමාධිප්‍රඥා) ඇත්තේ තමාගේ පරිනිර්‍වාණ කාලය බලාපොරොත්තු වෙයි.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.