6. වුට්ඨිසුත්තවණ්ණනා අට්ඨකථා
6. වුට්ඨිසුත්තවණ්ණනා
6. වෘෂ්ටි සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අවුට්ඨිකසමොති අවුට්ඨිකමෙඝසමො. එකච්චො හි මෙඝො සතපටලසහස්සපටලො හුත්වා උට්ඨහිත්වා ථනන්තො ගජ්ජන්තො විජ්ජොතන්තො එකං උදකබින්දුම්පි අපාතෙත්වා විගච්ඡති, තථූපමො එකච්චො පුග්ගලොති දස්සෙන්තො ආහ “අවුට්ඨිකසමො”ති. පදෙසවස්සීති එකදෙසවස්සිමෙඝසමො. පදෙසවස්සී වියාති හි පදෙසවස්සී. එකච්චො එකස්මිංයෙව ඨානෙ ඨිතෙසු මනුස්සෙසු යථා එකච්චෙ තෙමෙන්ති, එකච්චෙ න තෙමෙන්ති, එවං මන්දං වස්සති, තථූපමං එකච්චං පුග්ගලං දස්සෙති “පදෙසවස්සී”ති. සබ්බත්ථාභිවස්සීති සබ්බස්මිං පථවීපබ්බතසමුද්දාදිකෙ ජගතිප්පදෙසෙ අභිවස්සිමෙඝසමො. එකච්චො හි සකලචක්කවාළගබ්භං පත්ථරිත්වා සබ්බත්ථකමෙව අභිවස්සති, තං චාතුද්දීපිකමහාමෙඝං එකච්චස්ස පුග්ගලස්ස උපමං කත්වා වුත්තං “සබ්බත්ථාභිවස්සී”ති.
හයවන සූත්‍රයෙහි අවුට්ඨිකසමො යනු නොවසින වැහිවලාවක් වැනි, ඇතැම් වැහිවලාවක් වලාපටල සියයක් වලාපටල දහසක් වී නැගී නාදකරමින් ගොරවමින් විදුලි කොටමින් එක් දියබිඳක්වත් නොහෙළා බැහැර වෙයි. එයට උපමා වූ එක් පුද්ගලයෙක් දක්වමින් ‘අවුට්ඨික සමො’යි වදාළහ. පදෙසවස්සී යනු එක් පෙදෙසකට වසින වැහිවලාවක් වැනි, එක් පෙදෙසකට වසින වැස්සක් වැනියයි යන අරුතින් ‘පදෙසවස්සී’ය. එකම තැන සිටින මිනිසුන් අතරින් ඇතැමෙකු තෙමෙන ලෙස ඇතැමෙකු නොතෙමෙන ලෙස එක් වැසිවලාවක් මඳ වශයෙන් වසියි. එම වැස්සට උපමාකොට ‘පදෙස වස්සී’ යනුවෙන් එක් පුද්ගලයකු දක්වති. සබ්බත්ථාභිවස්සී යනු පෘථිවි පර්වත සමුද්‍ර ආදී වූ මුලු පොලෝතලයෙහි මහවැසි වසින වැහිවලාවක් වැනි. ඇතැම් වැහිවලාවක් මුලු සක්වල ගැබ පැතිරී හැමතන්හිම මහවැසි වසී. (දඹදිව ආදී) සිවුමහ දිවයින්වලට වසින ඒ මහවැහිවලාව එක්පුද්ගලයෙකුට උපමාකොට ‘සබ්බත්ථාභිවස්සී’ යනුවෙන් කියන ලදී.
සබ්බෙසානන්ති සබ්බෙසං, අයමෙව වා පාඨො. න දාතා හොතීති අදානසීලො හොති, ථද්ධමච්ඡරිතාය න කස්සචි කිඤ්චි දෙතීති අත්ථො. ඉදානි දානස්ස ඛෙත්තං දෙය්යධම්මඤ්ච විභාගෙන දස්සෙතුං “සමණබ්රාහ්මණා”තිආදිමාහ. තත්ථ සමිතපාපසමණා චෙව පබ්බජ්ජමත්තසමණා ච බාහිතපාපබ්රාහ්මණා චෙව ජාතිමත්තබ්රාහ්මණා ච ඉධ “සමණබ්රාහ්මණා”ති අධිප්පෙතා. කපණා නාම දුග්ගතා දලිද්දමනුස්සා. අද්ධිකා නාම පථාවිනො පරිබ්බයවිහීනා. වනිබ්බකා නාම යෙ “ඉට්ඨං දෙථ කන්තං මනාපං කාලෙන අනවජ්ජං උදග්ගචිත්තා පසන්නචිත්තා, එවං දෙන්තා ගච්ඡථ සුගතිං, ගච්ඡථ බ්‍රහ්මලොක”න්තිආදිනා නයෙන දානෙ නියොජෙන්තා දානස්ස වණ්ණං ථොමෙන්තා විචරන්ති. යාචකා නාම යෙ කෙවලං “මුට්ඨිමත්තං දෙථ, පසතමත්තං දෙථ, සරාවමත්තං දෙථා”ති අප්පකම්පි යාචමානා විචරන්ති. තත්ථ සමණබ්රාහ්මණග්ගහණෙන ගුණඛෙත්තං උපකාරිඛෙත්තඤ්ච දස්සෙති, කපණාදිග්ගහණෙන කරුණාඛෙත්තං. අන්නන්ති යංකිඤ්චි ඛාදනීයං භොජනීයං. පානන්ති අම්බපානාදිපානකං. වත්ථන්ති නිවාසනපාරුපනාදිඅච්ඡාදනං. යානන්ති රථවය්හාදි අන්තමසො උපාහනං උපාදාය ගමනසාධනං. මාලාති ගන්ථිතාගන්ථිතභෙදං සබ්බං පුප්ඵං. ගන්ධන්ති යංකිඤ්චි ගන්ධජාතං පිසිතං අපිසිතං ගන්ධූපකරණඤ්ච. විලෙපනන්ති ඡවිරාගකරණං. සෙය්යාති මඤ්චපීඨාදි චෙව පාවාරකොජවාදි ච සයිතබ්බවත්ථු. සෙය්යග්ගහණෙන චෙත්ථ ආසනම්පි ගහිතන්ති දට්ඨබ්බං. ආවසථන්ති වාතාතපාදිපරිස්සයවිනොදනං පතිස්සයං. පදීපෙය්යන්ති දීපකපල්ලිකාදිපදීපූපකරණං.
සබ්බෙසානං යනු ‘සබ්බ්සං’ සියල්ලන්ට. මේ ‘සබ්බෙසං’ යන පාඨයම හෝ නියම වචනයයි. න දාතා හොති නො දෙන ස්වභාවය ඇත්තේ වෙයි. තද මසුරු බැවින් කිසිවකුට කිසිවක් නොදෙයි යන අර්ථයි. දැන් දානයේ කෙත (දන් පිළිගැනීමට සුදුසු අය) ද දෙය්ය ධර්මය (දිය යුතු දෙය) ද බෙදා දක්වන්නට ‘සමණ බ්රාහ්මණා’ යනාදිය කීහ. සන්සිඳුවන ලද පව් ඇති ශ්‍රමණයෝ ද පැවිදි වූ පමණින් ශ්‍රමණයෝ ද බහා තබන ලද පව් ඇති බ්‍රාහ්මණයෝ ද (බමුණු ජාතියෙහි) ඉපදීම් පමණින් බ්‍රාහ්මණයෝ ද මෙහි දී සමණ බ්රාහ්මණා යනුවෙන් අදහස් කරන ලදී. කපණා නම් දුප්පත් දිළිඳු මිනිස්සු. අද්ධිකා නම් වියහියදම් නැති මගියෝ. වණිබ්බකා නම් යහපත් වූ ප්‍රියමනාප වූ නිවැරදි වූ දෙයක් සුදුසු කාලයෙහි සතුටු සිත් ඇතිව පැහැදුනු සිත් ඇතිව දෙන්න, මෙසේ දන්දෙන්නා වූ අය සුගතියට යති, බඹලොවට යති ආදී ක්‍රමයෙන් දානයෙහි යොදවමින් දානයේ ගුණයට ස්තුති කරමින් හැසිරෙන අයයි. යාචකා නම් මිටක් විතර (යමක්) දෙන්න, අල්ලට ගතහැකි යමක් දෙන්න, සරාවක් (කුඩා භාජනයක්) පමණ දෙන්න යනුවෙන් ස්වල්ප දෙයක් පවා ඉල්ලමින් හැසිරෙන අය. එහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැනීමෙන් ගුණ ක්ෂේත්රය ද උපකාරි ක්ෂේත්රය ද දක්වති. කපණ ආදී අය ගැනීමෙන් කරුණා ක්ෂේත්රය දක්වති. අන්නං යනු කෑ යුතු අනුභව කළයුතු යමක්. පානං යනු අඹපැන් ආදී පානයක්. වත්ථං යනු හඳින පොරවන ආදී ඇඳුමක්. යානං යනු යටත් පිරිසෙයින් ගමන සිදුකරදෙන පාවහනක් ද ගෙන රථ, දෝලා ආදිය. මාලා යනු (මල්මාලා වශයෙන්) ගෙතූ නොගෙතූ වශයෙන් භේද ඇති සියලු මල්. ගන්ධං ඇඹරූ හෝ නො ඇඹරු හෝ යම්කිසි සුවඳ ජාතියක් ද සුවඳ උපකරණ ද. විලෙපනං යනු සම පැහැගන්වන දෙයක්. සෙය්යා යනු ඇඳ පුටු ද උතුරුසළුවක් පලසක් ආදී නිදාගැනීමට සුදුසු වස්තුවක්. සෙය්යා යන්න ගැනීමෙන් මෙහි ආසනය ද ගන්නා ලදැයි දතයුතුය. ආවසථං යනු වාතය අව්ව ආදී හිරිහැර දුරුකරන නිවහනක්, පදීපෙය්‍ය යනු (තෙල් දමා පහන් දැල්වීමට සුදුසු) පහන් තැටි ආදී පහන් උපකරණ.
එවං ඛො, භික්ඛවෙති විජ්ජමානෙපි දෙය්යධම්මෙ පටිග්ගාහකානං එවං දාතබ්බවත්ථුං සබ්බෙන සබ්බං අදෙන්තො පුග්ගලො අවස්සිකමෙඝසදිසො හොති. ඉදං වුත්තං හොති – භික්ඛවෙ, යථා සො මෙඝො සතපටලසහස්සපටලො හුත්වා උට්ඨහිත්වා න කිඤ්චි වස්සි විගච්ඡති, එවමෙව යො උළාරං විපුලඤ්ච භොගං සංහරිත්වා ගෙහං ආවසන්තො කස්සචි කටච්ඡුමත්තං භික්ඛං වා උළුඞ්කමත්තං යාගුං වා අදත්වා විගච්ඡති, විවසො මච්චුවසං ගච්ඡති, සො අවුට්ඨිකසමො නාම හොතීති. ඉමිනා නයෙන සෙසෙසුපි නිගමනං වෙදිතබ්බං. ඉමෙසු ච තීසු පුග්ගලෙසු පඨමො එකංසෙනෙව ගරහිතබ්බො, දුතියො පසංසනීයො, තතියො, පසංසනීයතරො. පඨමො වා එකන්තෙනෙව සබ්බනිහීනො, දුතියො මජ්ඣිමො, තතියො උත්තමොති වෙදිතබ්බො.
එවං ඛො භික්ඛවෙ යනු දිය යුතු දාන වස්තුව ඇති කල්හිත් ප්‍රතිග්‍රාහකයන්ට මෙසේ දියයුතු වස්තුව සම්පූර්ණයෙන් නොදෙන්නා වූ පුද්ගලයා වැසි නොවසින වැහිවලාවක් සමාන වෙයි. මේ කාරණය කියන ලද්දේ වෙයි. මහණෙනි, වැහිවලාව පටල සියයක් පටල දහසක් ඇතිව නැගී කිසි වැස්සක් නැතිව ඉවත්ව යයි. මෙසේම උසස් වූ මහත් වූ භෝග එක්රැස්කොට නිවසෙහි වාසය කරමින් කිසිවකුට බත් හැන්දක් පමණ හෝ කැඳ කෝප්පයක් පමණ හෝ නොදී ඉවත්ව යයි, අවසඟව මාර මුඛයට යයි. ඔහු නොවසින වැස්ස වැනි වෙයි. මේ ක්‍රමයෙන් ඉතිරි ඒවායෙහි ද නිගමනය දතයුතුයි. මේ පුද්ගලයන් තිදෙනා අතරින් පළමුවැන්නා ඒකාන්තයෙන්ම ගැරහිය යුතුය. දෙවැන්නා ප්‍රශංසා කිරීමට සුදුසුය. තෙවැන්නා වඩාත් ප්‍රශංසා කිරීමට සුදුසුය. පළමුවැන්නා ඒකාන්තයෙන්ම සියල්ලන්ටම පහත්ය. දෙවැන්නා මධ්‍යමය. තෙවැන්නා උතුම්යයි දතයුතුය.
ගාථාසු සමණෙති උපයොගවසෙන බහුවචනං තථා සෙසෙසුපි. ලද්ධානාති ලභිත්වා, සමණෙ දක්ඛිණෙය්යෙ පවාරෙත්වා පුට්ඨො න සංවිභජති. අන්නං පානඤ්ච භොජනන්ති අන්නං වා පානං වා අඤ්ඤං වා භුඤ්ජිතබ්බයුත්තකං භොජනං, තං න සංවිභජති. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – යො අත්ථිකභාවෙන උපගතෙ සම්පටිග්ගාහකෙ ලභිත්වා අන්නාදිනා සංවිභාගමත්තම්පි න කරොති, කිං සො අඤ්ඤං දානං දස්සති, තං එවරූපං ථද්ධමච්ඡරියං පුරිසාධමං නිහීනපුග්ගලං පණ්ඩිතා අවුට්ඨිකසමොති ආහු කථයන්තීති.
ගාථාවන්හි සමණෙ යනු කර්ම විභක්ති (උපයෝග) බහුවචනයයි. ඉතිරි පදවලද එසේය. ලද්ධා යනු ලැබ, දක්ෂිණාවට සුදුසු ශ්‍රමණයන්ට (දානයෙන්) පවරා (ඒ ගැන) විමසන ලද්දේ න සංවිභජති අන්නං පානඤ්ච භොජනං යනු ආහාරයක් හෝ පානයක් හෝ අනුභව කළ යුතු අනිත් භෝජනයක් හෝ වේද එය නො බෙදයි. මේ මෙහි කෙටි අර්ථයයි: යමක් අවශ්‍ය බැවින් තමන් වෙත පැමිණි ශ්‍රමණ ප්‍රතිග්‍රාහකයන් ලැබූ යමෙක් ආහාර ආදියෙන් බෙදීම් මාත්‍රයක්වත් නොකරයි නම් ඔහු වෙනත් දානයක් දෙයිද? තං මෙබඳු වූ තදමසුරු පුරිසාධමං නිහීන පුද්ගලයා පණ්ඩිතයෝ අවුට්ඨිකසමොති ආහු නොවසින වැහිවලාවක් වැනි යයි කියති.
එකච්චානං න දදාතීති විජ්ජමානෙපි මහති දාතබ්බධම්මෙ එකෙසං සත්තානං තෙසු කොධවසෙන වා, දෙය්යධම්මෙ ලොභවසෙන වා න දදාති. එකච්චානං පවෙච්ඡතීති එකෙසංයෙව පන දදාති. මෙධාවිනොති පඤ්ඤවන්තො පණ්ඩිතා ජනා.
එකච්චානං න දදාති දිය යුතු දේ විශාල ලෙස ඇති කල්හිත් ඇතැම් සත්ත්වයන්ට (අයට) ඔවුන් කෙරෙහි ක්‍රෝධ වශයෙන් හෝ දාන වස්තුවෙහි ලෝභ වශයෙන් හෝ නොදෙයි. එකච්චානං පවෙච්ඡති යනු ඇතැම් අයට පමණක්ම දෙයි. මෙධාවිනො නුවණැති පණ්ඩිත ජනයා.
සුභික්ඛවාචොති යො උපගතානං යාචකානං “අන්නං දෙථ, පානං දෙථා”තිආදිනා තං තං දාපෙති, සො සුලභභික්ඛතාය සුභික්ඛා වාචා එතස්සාති සුභික්ඛවාචො. “සුභික්ඛවස්සී”තිපි පඨන්ති. යථා ලොකො සුභික්ඛො හොති, එවං සබ්බත්ථාභිවස්සිතමහාමෙඝො සුභික්ඛවස්සී නාම හොති. එවමයම්පි මහාදානෙහි සබ්බත්ථාභිවස්සී සුභික්ඛවස්සීති. ආමොදමානො පකිරෙතීති තුට්ඨහට්ඨමානසො සහත්ථෙන දානං දෙන්තො පටිග්ගාහකඛෙත්තෙ දෙය්යධම්මං පකිරෙන්තො විය හොති, වාචායපි “දෙථ දෙථා”ති භාසති.
සුභික්ඛවාචො යනු යමෙක් (තමන් වෙත) පැමිණි යාචකයන්ට ආහාර දෙන්න පාන වර්ගයක් දෙන්න යනාදී වශයෙන් ඒ ඒ දෙය දෙවයි. හෙතෙම සුලභ ආහාර ඇති බැවින් මොහුට සුභික්ෂ වචන ඇත්තේය යන අරුතින් සුභික්ෂ වචන ඇත්තේ නම් වෙයි. ‘සුභික්ඛ වස්සී’ යනුවෙන් ද කියති. යම්සේ ලෝවැසියා සුභික්ෂ (මැනවින් ආහාරපාන ඇත්තේ) වෙයි ද මෙසේ හැමතැන මහවැසි වසින මහ වැසිවලාව ‘සුභික්ඛවස්සී’ නම් වෙයි. මෙසේ මොහු ද මහදන් දීමෙන් හැමතැන මහවැසි වසින සුභික්ෂ වැස්සකි. ආමෝදමානො පකිරෙති යනු තුටු පහටු සිත් ඇති තැනැත්තා සියතින් දන් දෙමින් ප්‍රතිග්‍රාහක ක්ෂේත්රයෙහි (කෙතෙහි) දාන වස්තුව විසුරුවන්නෙකු මෙන් වෙයි. වචනයෙන් ද දෙථ දෙථ දෙන්න දෙන්න යයි කියයි.
ඉදානි නං සුභික්ඛවස්සිතභාවං දස්සෙතුං “යථාපි මෙඝො”තිආදි වුත්තං. තත්රායං සඞ්ඛෙපත්ථො – යථා මහාමෙඝො පඨමං මන්දනිග්ඝොසෙන ථනයිත්වා පුන සකලනදීකන්දරානි එකනින්නාදං කරොන්තො ගජ්ජයිත්වා පවස්සති, සබ්බත්ථකමෙව වාරිනා උදකෙන ථලං නින්නඤ්ච අභිසන්දන්තො පූරෙති එකොඝං කරොති, එවමෙව ඉධ ඉමස්මිං සත්තලොකෙ එකච්චො උළාරපුග්ගලො සබ්බසමතාය සො මහාමෙඝො විය වස්සිතබ්බත්තා තාදිසො යථා ධනං උට්ඨානාධිගතං අත්තනො උට්ඨානවීරියාභිනිබ්බත්තං හොති, එවං අනලසො හුත්වා තඤ්ච ධම්මෙන ඤායෙන සංහරිත්වා තන්නිබ්බත්තෙන අන්නෙන පානෙන අඤ්ඤෙන ච දෙය්යධම්මෙන පත්තෙ සම්පත්තෙ වනිබ්බකෙ සම්මා සම්මදෙව දෙසකාලානුරූපඤ්චෙව ඉච්ඡානුරූපඤ්ච තප්පෙති සම්පවාරෙතීති.
දැන් ඔහු මනාව වසින ලද වැස්සක් (සුභික්ඛු වස්සිත) බව දක්වන්නට යථාපි මෙඝො යනාදිය කියන ලදී. මේ එහි කෙටි අර්ථයයි: යම්සේ මහවැස්සක් පළමුව මඳ හඬින් ථනයිත්වා නාදකොට නැවත මහහඬ නගමින් සියලු නදී - කඳුරු වෙත ගජ්ජයිත්වා පවස්සති හැමතැනම ජලයෙන් ගොඩබිම්ද පහත්බිම් ද වෙත ගලායමින් පුරවයි, එකම දියකඳක් කරයි. එවමෙව ඉධ මෙසේ මේ සත්ත්ව ලෝකයෙහි එකච්චො ඇතැම් උසස් පුග්ගලො පුද්ගලයෙක් සියල්ලන්ට සමබැවින් ඒ මහවැහිවලාව මෙන් වැසි ලැබිය යුතු හෙයින් තාදිසො එබඳුය. යම්සේ ධනං උට්ඨානාධිගතං තමාගේ නැගී සිටි වීර්යයෙන් උපන් ධනයක් වේද එසේ අලස නොවී එය ද ධම්මෙන පිළිවෙළින් දැහැමින් එක්රැස්කොට ඒ උපන් ආහාර පානයෙන් ද අනිත් දියයුතු දෙයින් ද පත්තෙ පැමිණි වණිබ්බකෙ සම්මා වණිබ්බකයන් මනාව දේශයට කාලයට අනුරූපව ද කැමැත්තට අනුරූපව ද තෘප්තියට පමුණුවයි. හොඳින් (ආහාරපාන පිළිගන්වයි) පවරයි.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
හයවන සූත්‍රයයි.
7. සුඛපත්ථනාසුත්තවණ්ණනා
7. සුඛප්රාර්ථනා සූත්‍ර වර්ණනාව
සත්තමෙ සුඛානීති සුඛනිමිත්තානි. පත්ථයමානොති ඉච්ඡමානො ආකඞ්ඛමානො. සීලන්ති ගහට්ඨසීලං පබ්බජිතසීලඤ්ච. ගහට්ඨො චෙ ගහට්ඨසීලං, පබ්බජිතො චෙ චතුපාරිසුද්ධිසීලන්ති අධිප්පායො. රක්ඛෙය්යාති සමාදියිත්වා අවීතික්කමන්තො සම්මදෙව ගොපෙය්ය. පසංසා මෙ ආගච්ඡතූති “මම කල්යාණො කිත්තිසද්දො ආගච්ඡතූ”ති ඉච්ඡන්තො පණ්ඩිතො සප්පඤ්ඤො සීලං රක්ඛෙය්ය. සීලවතො හි ගහට්ඨස්ස තාව “අසුකො අසුකකුලස්ස පුත්තො සීලවා කල්යාණධම්මො සද්ධො පසන්නො දායකො කාරකො”තිආදිනා පරිසමජ්ඣෙ කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, පබ්බජිතස්ස “අසුකො නාම භික්ඛු සීලවා වත්තසම්පන්නො සොරතො සුඛසංවාසො සගාරවො සප්පතිස්සො”තිආදිනා…පෙ… අබ්භුග්ගච්ඡතීති.
සත්වන සූත්‍රයෙහි සුඛානි යනු සැපයට නිමිති. පත්ථයමානො යනු කැමති වෙමින් පතමින්. සීලං යනු ගිහි සිල් ද පැවිදි සිල් ද, ගිහියා ගිහි සීලය ද පැවිද්දා සිවු පිරිසිදු සීලය ද යන අදහසයි. රක්ඛෙය්ය යනු සමාදන්ව නො ඉක්මවමින් මනාකොට රකින්නේය. පසංසා මෙ ආගච්ඡතු යනු මට යහපත්වූ කීර්තියක් පැමිණෙවායි කැමතිවන්නා වූ පණ්ඩිත නුවණැත්තා සිල් රකින්නේය. පළමුකොට අසවලා, අසවල් කුලයෙහි පුතා, සිල්වත්ය ගුණධර්ම ඇත්තෙකි, සැදැහැවතෙකි, පැහැදුනු කෙනෙකි, දායකයෙකි, කාරකයෙකි ආදී වශයෙන් පිරිස මැද සිල්වත් වූ ගිහියා පිළිබඳ යහපත් වූ කීර්තියක් පැන නගී. අසවල් භික්ෂුව සිල්වත්ය, වත්සම්පන්නය, නො ඇලුණු කෙනෙකි, සැපසේ එක්ව වාසය කරනෙකි, ගෞරව ඇත්තෙකි ආදී වශයෙන් -පෙ- පැන නගී.
වුත්තඤ්හෙතං – “පුන චපරං, ගහපතයො, සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡතී”ති (අ· නි· 5.213; උදා· 76; මහාව· 285).
මේ කාරණය ‘පුන ච පරං ගහපතයො සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති’ ‘නැවතත් ගෘහපතිවරුනි, සිල්වත් වූ සීලසම්පන්න වූ තැනැත්තාගේ යහපත් වූ කීර්ති ශබ්දයක් පැන නගී’ යනුවෙන් ද
තථා – “ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු – ‘සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො, ගරු ච භාවනීයො චා’ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී”තිආදි (ම· නි· 1.65).
එසේම ‘ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ගරු ච භාවනීයො චාති සීලෙස්වෙවස්ස පරිපූරකාරි’ ‘මහණෙනි, ඉදින් භික්ෂුව සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය හා මනාපද වෙම්වා, ගුරුවරයෙකුට මෙන් සැලකිය යුතු කෙනෙක් වෙම්වා, සම්භාවනීය (ගෞරව ලැබිය යුතු) කෙනෙක් වෙම්වායි (සිතා එබන්දෙක් වීමට) කැමති නම් නොඅඩුව සිල් සම්පූර්ණ කරන කෙනෙක් වන්නේය’ යනුවෙන් ද කියන ලදී.
භොගා මෙ උප්පජ්ජන්තූති එත්ථ ගහට්ඨස්ස තාව සීලවතො කල්යාණධම්මස්ස යෙන යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති – යදි කසියා, යදි වණිජ්ජාය, යදි රාජපොරිසෙන, තං තං යථාකාලං යථාවිධිඤ්ච අතිවිය අප්පමත්තභාවතො අථස්ස අනුප්පන්නා චෙව භොගා උප්පජ්ජන්ති, උප්පන්නා ච භොගා ඵාතිං ගමිස්සන්ති. පබ්බජිතස්ස පන සීලාචාරසම්පන්නස්ස අප්පමාදවිහාරිස්ස සතො සීලසම්පන්නස්ස සීලසම්පදාය අප්පිච්ඡතාදිගුණෙසු ච පසන්නා මනුස්සා උළාරුළාරෙ පච්චයෙ අභිහරන්ති, එවමස්ස අනුප්පන්නා චෙව භොගා උප්පජ්ජන්ති, උප්පන්නා ච ථිරා හොන්ති. තථා හි වුත්තං –
භොගා මේ උප්පජ්ජන්ත යන මෙහි පළමුකොට සිල්වත් වූ යහපත් ගුණධර්ම ඇති ගිහියා පිළිබඳවයි. හෙතෙම ඉදින් ගොවිතැනින් හෝ වෙළඳාමෙන් හෝ රාජ්‍ය සේවකයෙකු ලෙසින් හෝ යම් යම් ශිල්පයකින් ජීවිකාව ගෙනයයි ද ඒ ඒ ශිල්ප නිසිකල නිසිපරිදි අතිශය අප්රමාදභාවයෙන් යුතුව ඉටුකරයි. ඉන්පසු ඔහුට නූපන් භෝග (ධනය හා දේපල) හටගනී. උපන් භෝග ද වැඩිදියුණු වීමට පත්වෙයි. ශීලාචාර සම්පන්න වූ අප්‍රමාදව වාසය කරන සිහි ඇති සීලයෙන් යුක්ත පැවිද්දා ශීල සම්පත්තිය කෙරෙහි ද අල්පේච්ඡතාදී ගුණ කෙරෙහි ද පැහැදුණු මිනිස්සු උසස් උසස් ප්‍රත්‍ය ගෙන එති. මෙසේ උන්වහන්සේට නූපන් භෝග (සිවුපසය) උපදී. උපන් භෝග ද ස්ථිර වෙයි. ඒ බව -
“පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡතී”ති (අ· නි· 5.213; උදා· 76; මහාව· 285).
‘පුනච පරං ගහපතයො සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති’ ‘නැවත ද ගෘහපතිවරුනි, සිල්වත් වූ සීලසම්පන්න තැනැත්තා අප්‍රමාදය නිසා මහත් වූ භෝග රාශියක් ලබයි’ යනුවෙන් ද
තථා – “ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු – ‘ලාභී අස්ස චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී”ති (ම· නි· 1.65) ච –
එසේම ‘ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛුලාහී අස්සං චීවර - පිණ්ඩපාත - සෙනාසන - භෙසජ්ජපරික්ඛාරානන්ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී’ ‘මහණෙනි, ඉදින් භික්ෂුව සිවුරු-පිඬු (ආහාර) - සෙනසුන් - බෙහෙත් ලබන කෙනෙක් වෙම්වායි කියා කැමති නම් නො අඩුව සිල් සම්පූර්ණ කරන කෙනෙක් වන්නේය’ යනුවෙන් ද දෙසන ලදී.
සෙසං වුත්තනයමෙව.
[missing trans]
ගාථාසු පත්ථයානොති පත්ථයන්තො. තයො සුඛෙති තීණි සුඛානි. විත්තලාභන්ති ධනලාභං, භොගුප්පත්තින්ති අත්ථො. විසෙසතො චෙත්ථ පසංසාය චෙතසිකසුඛං, භොගෙහි කායිකසුඛං, ඉතරෙන උපපත්තිසුඛං; තථා පඨමෙන දිට්ඨධම්මසුඛං, තතියෙන සම්පරායසුඛං, දුතියෙන උභයසුඛං ගහිතන්ති වෙදිතබ්බං.
ගාථාවන්හි - පත්ථයානො යනු පතමින්. තයො සුඛෙ යනු සැප තුන. විත්තලාභං යනු ධනලාභය, භෝග හටගැනීම යන අර්ථයි. විශේෂ වශයෙන් මෙහි ප්‍රශංසාවෙන් චෛතසික සැපය ද භෝගවලින් කායික සැපය ද ඉතිරි කරුණින් උත්පත්ති සැපය ද. එසේම පළමු වැන්නෙන් මෙලොව සැපය ද තුන්වැන්නෙන් පරලොව සැපය ද දෙවැන්නෙන් සැප දෙකම ද ගන්නා ලදැයි දතයුතුය.
ඉදානි පසංසාදිකාරණස්ස සීලස්ස විය පසංසාදීනම්පි විසෙසකාරණං පාපමිත්තපරිවජ්ජනං කල්යාණමිත්තසෙවනඤ්ච ආදීනවානිසංසෙහි සද්ධිං දස්සෙන්තො “අකරොන්තො”තිආදිමාහ. තත්ථ සඞ්කියොති පාපස්මිං පරිසඞ්කිතබ්බො “අද්ධා ඉමිනා පාපං කතං වා කරිස්සති වා, තථා හෙස පාපපුරිසෙහි සද්ධිං සඤ්චරතී”ති. අස්සාති ඉමස්ස පාපජනසෙවිනො පුග්ගලස්ස උපරි, අස්ස වා පුග්ගලස්ස අවණ්ණො අභූතොපි පාපජනසෙවිතාය රුහති විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති පත්ථරති. අස්සාති වා භුම්මත්ථෙ සාමිවචනං, තස්මිං පුග්ගලෙති අත්ථො. ස වෙ තාදිසකො හොතීති යො යාදිසං පාපමිත්තං වා කල්යාණමිත්තං වා භජති උපසෙවති ච, සො පුග්ගලො භූමිභාගවසෙන උදකං විය තාදිසොව හොති, පාපධම්මො කල්යාණධම්මො වා හොති. කස්මා? සහවාසො හි තාදිසො; යස්මා සහවාසො සංසග්ගො උපරාගො විය ඵලිකමණීසු පුරිසඋපනිස්සයභූතං පුග්ගලාකාරං ගාහාපෙති, තස්මා පාපපුග්ගලෙන සහ වාසො න කාතබ්බොති අධිප්පායො.
දැන් ප්‍රශංසාව ආදී කාරණයට ශීලය මෙන් ප්රශංසාදියේ විශේෂ කාරණා වන පාපමිත්‍රයන් වර්ජනය කිරීම, කල්‍යාණ මිත්‍ර සේවනය ද දොස් හා අනුසස් සමග දක්වමින් ‘අකරොන්තො’ යනාදිය කීහ. එහි සංකියො යනු පාපයෙහි සැකකළ යුත්තෙක් වෙයි. මොහු පාපීපුරුෂයන් සමග හැසිරන නිසා ඒකාන්තයෙන් මොහු විසින් පාපයක් කරන ලද්දේ හෝ වෙයි. කරන්නේ හෝ වෙයි. අස්ස යනු පාපී ජනතාව ඇසුරුකරන මේ පුද්ගලයාගේ (හිස) මත්තෙහි හෝ මේ පුද්ගලයාගේ අවණ්ණො හටනොගත් කරුණකින් හෝ පාපී පුරුෂයන් ඇසුරුකරන නිසා (නුගුණ) රූහති වැඩීමට මහත්බවට පැමිණෙයි. පැතිරෙයි. ‘අස්ස’ යනු සත්තමී අර්ථයෙහි ඡට්ඨි වචනය හෝ (භූම්මත්ථෙ සාමිවචනං), ඒ පුද්ගලයා කෙරෙහි යන අර්ථයි. සවෙ තාදිසකො හොති යනු යමෙක් යම්බඳු වූ පාපමිත්‍රයකු හෝ කල්‍යාණ මිත්‍රයකු හෝ භජනය කරයි ද සේවනය කරයි ද ඒ පුද්ගලයා භූමිභාග වශයෙන් ජලය මෙන් (අපිරිසිදු බිමකට හෝ පිරිසිදු බිමකට වැටෙන ජලය භූමි කොටස අනුව අපිරිසිදු හා පිරිසිදු බවට පත්වන්නාක් මෙන්) එබඳුම පුද්ගලයෙක් වෙයි. පාපධර්ම ඇත්තෙක් හෝ යහපත් ධර්ම ඇත්තෙක් වෙයි. කවර හෙයින් ද? සහවාසො හි තාදිසො යම්හෙයකින් සමග විසීම, එකට සිටීම පළිඟු මැණික් කෙරෙහි උපරාගය මෙන් පුරුෂයාගේ ඇසුරට පත් වූ පුද්ගලයාගේ ස්වභාවය ගන්වයි. එහෙයින් සමග වාසය නොකළ යුතුය යන අදහසයි.
සෙවමානො සෙවමානන්ති පරං පකතිසුද්ධං පුග්ගලං කාලෙන කාලං අත්තානං සෙවමානං සෙවමානො භජමානො පාපපුග්ගලො, තෙන වා සෙවියමානො. සම්ඵුට්ඨො සම්ඵුසන්ති තෙන පකතිසුද්ධෙන පුග්ගලෙන සහවාසෙන සංසග්ගෙන සම්ඵුට්ඨො පාපපුග්ගලො සයම්පි, තථා තං ඵුසන්තො. සරො දිද්ධො කලාපං වාති යථා නාම සරො විසෙන දිද්ධො ලිත්තො සරකලාපගතො සරසමූහසඞ්ඛාතං සරකලාපං අත්තනා ඵුට්ඨං අලිත්තම්පි උපලිම්පති, එවං පාපෙන උපලෙපභයා ධීරොති ධිතිසම්පන්නත්තා ධීරො පණ්ඩිතපුරිසො පාපසහායො න භවෙය්ය.
සෙවමානො සෙවමානං යනු ප්‍රකෘතියෙන් පිරිසිදු වූ කලින් කල තමන් ඇසුරුකරන පුද්ගලයකු සේවනය කරන භජනය කරන පාපී පුද්ගල තෙමේ, නැතහොත් (පිරිසිදු) ඔහු විසින් ඇසුරු කරන්නා වූ (පාපී) පුද්ගල තෙමේ. සම්ඵුට්ඨො සම්ඵුසං යනු ඒ ප්‍රකෘතියෙන් (ස්වභාවයෙන්) පිරිසිදු වූ පුද්ගලයා විසින් සමග වාසයෙන් එක්ව සිටීමෙන් ස්පර්ශ කරන ලද්දා වූ පාප පුද්ගලයා තමාම එසේ ඒ පිරිසිදු පුද්ගලයා ස්පර්ශ කරන්නේ. සරො දිද්ධො කලාපං වා යනු විෂ පොවන ලද විෂ තවරන ලද ඊතලය යම්සේ ඊතල සමූහයට ඇතුළු වූයේ ඊ (සර) සමූහය නම් වූ සර කලාපය තමා විසින් (ඒ විෂ ඊතලය විසින්) ස්පර්ශ කරන ලද විෂ ආලේප නොවූ ඊතලමිටිය ද (විසෙන්) ආලේප කරන්නා සේ පාපී පුද්ගලයා පාපයෙන් පිරිසිදු පුද්ගලයා ආලේප කරයි. (තවරයි) උපලෙපභයා ධීරො යනු ධිති (උත්සාහ) සම්පන්න හෙයින් ධීර වූ පණ්ඩිත පුරුෂයා (පව් තැවරෙන බියෙන්) පාපමිත්‍රයන් ඇත්තෙක් නොවන්නේය.
පූතිමච්ඡං කුසග්ගෙනාති යථා කුච්ඡිතභාවෙන පූතිභූතං මච්ඡං කුසතිණග්ගෙන යො පුරිසො උපනය්හති පුටබන්ධවසෙන බන්ධති, තස්ස තෙ කුසා අපූතිකාපි පූතිමච්ඡසම්බන්ධෙන පූති දුග්ගන්ධමෙව වායන්ති. එවං බාලූපසෙවනාති එවංසම්පදා බාලජනූපසෙවනා දට්ඨබ්බා. එවං ධීරූපසෙවනාති යථා අසුරභිනොපි පත්තා තගරසම්බන්ධෙන සුරභිං වායන්ති, එවං පණ්ඩිතූපසෙවනා පකතියා අසීලවතො සීලසමාදානාදිවසෙන සීලගන්ධවායනස්ස කාරණං හොති.
පූති මච්ඡං කුසග්ගෙන යනු යම්සේ පිළිකුල් බැවින් කුණු වූ මාලුවා කුසතණ අගින් යම් පුරුෂයෙක් උපනය්හති මාලු මුලක් ලෙසින් ඔතයි ද ඔහුගේ ඒ කුසතණ කුණු නොවුන ද කුණුමාලු සම්බන්ධයෙන් කුණු දුගඳම හමයි. එවං බාලූපසේවනා යනු බාලජනයන් ඇසුරු කිරීම මේ ආකාරයයි දතයුතුය. එවං ධීරූපසේවනා යනු යම්සේ සුවඳ නැති කොල තුවරලා සමග සම්බන්ධවීමෙන් සුවඳ හමයි ද මෙසේ පණ්ඩිතයන් ඇසුරු කිරීමෙන් ස්වභාවයෙන් සිල් නැති තැනැත්තාගේ සීල සමාදානාදී වශයෙන් සිල් සුවඳ හැමීමට කාරණයක් වෙයි.
තස්මාති යස්මා අකල්යාණමිත්තසෙවනාය කල්යාණමිත්තසෙවනාය ච අයං එදිසො ආදීනවො ආනිසංසො ච, තස්මා පත්තපුටස්සෙව පලාසපුටස්ස විය දුග්ගන්ධසුගන්ධවත්ථුසංසග්ගෙන අසාධුසාධුජනසන්නිස්සයෙන ච. ඤත්වා සම්පාකමත්තනොති අත්තනො දුක්ඛුද්රයං සුඛුද්රයඤ්ච ඵලනිප්ඵත්තිං ඤත්වා ජානිත්වා අසන්තෙ පාපමිත්තෙ න උපසෙවෙය්ය, සන්තෙ උපසන්තෙ වන්තදොසෙ පසත්ථෙ වා පණ්ඩිතෙ සෙවෙය්ය. තථා හි අසන්තො නිරයං නෙන්ති, සන්තො පාපෙන්ති සුග්ගතින්ති. ඉති භගවා පඨමගාථාය යථාවුත්තානි තීණි සුඛනිමිත්තානි දස්සෙත්වා තතො පරාහි පඤ්චහි ගාථාහි පටිපක්ඛපරිවජ්ජනෙන සද්ධිං පසංසාසුඛස්ස ආගමනං දස්සෙත්වා ඔසානගාථාය තිණ්ණම්පි සුඛානං ආගමනකාරණෙන සද්ධිං ඔසානසුඛං දස්සෙති.
තස්මා යනු යම්හෙයකින් අයහපත් මිතුරන් ඇසුරෙන් ද යහපත් මිතුරන් ඇසුරෙන් ද මෙබඳු වූ මේ ආදීනව හා ආනිසංස වෙයිද, එහෙයින් පත්තපුටස්සෙව තුවරලා (කට්ට කුමඤ්ජල්) බැඳි කොලපත් ගොටුවක් මෙන් දුගඳ හා සුවඳ වස්තු සමග එක්වීමෙන් ද අසත්පුරුෂයන් හා සත්පුරුෂයන් ඇසුරෙන් ද ඤත්වා සම්පාකමත්තනො දුක හා සැප විපාක ඉපදීම ඤත්වා දැන, අසන්තෙ පාපමිත්‍රයන් න උපසෙවෙය්ය ඇසුරු නොකරන්නේය. සන්තෙ උපශාන්ත වූ වැමෑරූ දොස් ඇති පසසන ලද පණ්ඩිතයන් ඇසුරු කරන්නේය. ඒ එසේමය. අසන්තො නිරයං නෙන්ති සන්තො පාපෙන්ති සුග්ගතිං අසත්පුරුෂයන් නිරයට පමුණුවති. සත්පුරුෂයන් සුගතියට පමුණුවති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පළමු ගාථාවෙන් කියන ලද ආකාර සැප නිමිති තුන දක්වා ඉන්පසුව එන ගාථා පහෙන් ප්‍රතිවිරුද්ධ දෙය දුරු කිරීම සමග ප්රශංසාවේ හා සැපයේ පැමිණීම දක්වා අවසාන ගාථාවෙන් සැප තුනම පැමිණෙන කාරණය සමග අවසාන සැපය දක්වයි.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍රයයි.
8. භිදුරසුත්තවණ්ණනා
8. භිදුර සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ භිදුරායන්ති භිදුරො අයං. කායොති රූපකායො. සො හි අඞ්ගපච්චඞ්ගානං කෙසාදීනඤ්ච සමූහට්ඨෙන, එවං කුච්ඡිතානං ජෙගුච්ඡානං ආයො උප්පත්තිදෙසොතිපි කායො. තත්රායං වචනත්ථො – ආයන්ති එත්ථාති ආයො. කෙ ආයන්ති? කුච්ඡිතා කෙසාදයො. ඉති කුච්ඡිතානං ආයොතිපි කායො. අත්ථතො පන චතුසන්තතිවසෙන පවත්තමානානං භූතුපාදායධම්මානං පුඤ්ජො. ඉදං වුත්තං හොති – භික්ඛවෙ, අයං චතුමහාභූතමයො රූපකායො භිදුරො භෙදනසීලො භෙදනසභාවො ඛණෙ ඛණෙ විද්ධංසනසභාවොති. “භින්දරාය”න්තිපි පාඨො, සො එවත්ථො. විඤ්ඤාණන්ති තෙභූමකං කුසලාදිචිත්තං. වචනත්ථො පන – තං තං ආරම්මණං විජානාතීති විඤ්ඤාණං. යඤ්හි සඤ්ජානනපජානනවිධුරං ආරම්මණවිජානනං උපලද්ධි, තං විඤ්ඤාණං.
අටවන සූත්‍රයෙහි භිදුරායං යනු භිදුරො අයං. බිඳීම ස්වභාවකොට ඇති මේ. කායො යනු රූප කයයි. එය වනාහි අංග ප්‍රත්‍යංගයන්ගේ හා කේසාදීන්ගේ සමූහාර්ථයෙන් ද මෙසේ පිළිකුල් වූ කෙස් ආදීන්ගේ උපදින ප්‍රදේශය යන අරුතින් ද කාය නමි. මේ එහි වචනාර්ථයයි. මෙහි උපදී යන අරුතින් ආය නමි. කුමක් උපදී ද? පිළිකුල් වූ කෙස් ආදියයි. මෙසේ පිළිකුල් දේවල ඉපදීම යන අරුතින් ද කාය නමි. අර්ථ වශයෙන් වනාහි පරම්පරා වශයෙන් පවතින්නා වූ සතර මහා භූත හා උපාදාය ධර්මයන්ගේ සමූහය, මේ අර්ථය කියන ලද්දේ වෙයි. මහණෙනි, මේ සතර මහා භූතවලින් උපන් රූපකාය බිඳෙන ස්වභාව ඇත්තේ මොහොතක් මොහොතක් පාසා නැසෙන ස්වභාව ඇත්තේය. ‘භින්දරායං’ යනු ද පාඨයකි. ඒ අර්ථයමයි. විඤ්ඤාණං යනු භූමි තුනට අයත් කුශලාදී සිතය. වචනාර්ථය වනාහි ඒ ඒ අරමුණ දැනගනියි යන අරුතින් විඤ්ඤාණ නම් වේ යනුයි. හඳුනාගැනීම් (සංජානන) දැනගැනීම් (පජානන) වල දක්ෂ වූ අරමුණ දැනගන්නා (විජානන) වූ යම් අවබෝධයක් වේ ද එය විඤ්ඤාණය යි.
විරාගධම්මන්ති විරජ්ජනධම්මං, පලුජ්ජනසභාවන්ති අත්ථො. සබ්බෙ උපධීති ඛන්ධූපධි, කිලෙසූපධි, අභිසඞ්ඛාරූපධි, පඤ්චකාමගුණූපධීති එතෙ “උපධීයති එත්ථ දුක්ඛ”න්ති උපධිසඤ්ඤිතා සබ්බෙපි උපාදානක්ඛන්ධකිලෙසාභිසඞ්ඛාරපඤ්චකාමගුණධම්මා හුත්වා අභාවට්ඨෙන අනිච්චා, උදයබ්බයප්පටිපීළනට්ඨෙන දුක්ඛා, ජරාය මරණෙන චාති ද්විධා විපරිණාමෙතබ්බසභාවතාය පකතිවිජහනට්ඨෙන විපරිණාමධම්මා. එවමෙත්ථ අනිච්චදස්සනසුඛතාය රූපධම්මෙ විඤ්ඤාණඤ්ච විසුං ගහෙත්වා පුන උපධිවිභාගෙන සබ්බෙපි තෙභූමකධම්මෙ එකජ්ඣං ගහෙත්වා අනිච්චදුක්ඛානුපස්සනාමුඛෙන තථාබුජ්ඣනකානං පුග්ගලානං අජ්ඣාසයෙන සම්මසනචාරො.කථිතො. කාමඤ්චෙත්ථ ලක්ඛණද්වයමෙව පාළියං ආගතං, “යං දුක්ඛං, තදනත්තා”ති (සං· නි· 3.15) පන වචනතො දුක්ඛලක්ඛණෙනෙව අනත්තලක්ඛණම්පි දස්සිතමෙවාති වෙදිතබ්බං.
විරාගධම්මං යනු නො ඇලෙන ධර්මය, විනාශවන ස්වභාවය ඇත්තේය යන අර්ථයි. සබ්බෙ උපධි යනු ස්කන්ධ උපධි, ක්ලෙශ උපධි, අභිසංස්කාර උපධි, පංචකාම ගුණ උපධි යන සියලුම උපාදානස්කන්ධ - ක්ලේශ - අභිසංස්කාර - පංචකාම ගුණ, ධර්ම බවට පත්ව නොවීම් (අභාව) අර්ථයෙන් අනිත්‍යය, ඇතිවීම - නැතිවීම පෙළීම යන අරුතින් දුකය. ජරාවෙන් ද මරණයෙන් ද යන දෙයාකාර වූ වෙනස්වන ස්වභාවය ඇති බැවින් ප්‍රකෘතිය දුරුකරන අරුතින් විපරිනාම ධර්ම වේ. මෙසේ මෙහි අනිත්‍ය දර්ශනයට පහසුව පිණිස රූපධර්මයන් ද විඤ්ඤාණය ද වෙනම ගෙන නැවත උපධි බෙදා දැක්වීමෙන් සියලුම ත්‍රෛභූමික ධර්මයන් එකට ගෙන අනිත්‍ය දුක්ඛ අනුපස්සනා ප්‍රධාන කොට එසේම අවබෝධ කරන පුද්ගලයන්ගේ අදහස් වශයෙන් විමසා බලන (සම්මසන) වාරය කියන ලදී. ඒකාන්තයෙන්ම මෙහි ලක්ෂණ දෙකක් පමණක්ම පාලියෙහි ආයේය. ‘යං දුක්ඛං තදනත්තා’ යන වචනයෙන් දුක්ඛ ලක්ෂණයෙන්ම අනත්ත ලක්ෂණයක් දක්වන ලද්දේම යයි දතයුතුය.
ගාථායං උපධීසු භයං දිස්වාති උපධීසු භයතුපට්ඨානඤාණවසෙන භයං දිස්වා, තෙසං භායිතබ්බතං පස්සිත්වා. ඉමිනා බලවවිපස්සනං දස්සෙති. භයතුපට්ඨානඤාණමෙව හි විභජිත්වා විසෙසවසෙන ආදීනවානුපස්සනා නිබ්බිදානුපස්සනාති ච වුච්චති. ජාතිමරණමච්චගාති එවං සම්මසන්තො විපස්සනාඤාණං මග්ගෙන ඝටෙත්වා මග්ගපරම්පරාය අරහත්තං පත්තො ජාතිමරණං අතීතො නාම හොති. කථං? සම්පත්වා පරමං සන්තින්ති පරමං උත්තමං අනුත්තරං සන්තිං සබ්බසඞ්ඛාරූපසමං නිබ්බානං අධිගන්ත්වා. එවංභූතො ච කාලං කඞ්ඛති භාවිතත්තොති චතුන්නං අරියමග්ගානං වසෙන භාවනාභිසමයනිප්ඵත්තියා භාවිතකායසීලචිත්තපඤ්ඤත්තා භාවිතත්තො මරණං ජීවිතඤ්ච අනභිනන්දන්තො කෙවලං අත්තනො ඛන්ධපරිනිබ්බානකාලං කඞ්ඛති උදික්ඛති, න තස්ස කත්ථචි පත්ථනා හොතීති. තෙනාහ –
ගාථාවල - උපධීසු භයං දිස්වා යනු උපධි තුනෙහි භයතුපට්ඨාන ඤාණ වශයෙන් බිය දැක, ඒවාට බිය වියයුතු බව දැන, මෙයින් බලවත් විදර්ශනාව දක්වයි. භයතුපට්ඨාන ඤාණයම බෙදා විශේෂ වශයෙන් ආදීනවානුපස්සනාව ද නිබ්බිදානුපස්සනාව ද කියනු ලැබේ. ජරාමරණමජ්ඣගා යනු මෙසේ විමසා බලන්නේ විදර්ශනා ඥානය මාර්ගයෙන් එකට ගටා මාර්ග පිළිවෙළින් රහත්බවට පත්වූයේ ජාතිමරණ ඉක්මවූයේ නම් වෙයි. කෙසේද? සම්පත්වා පරමං සන්තිං යනු උසස් වූ උතුම් වූ අනුත්තර වූ ශාන්ත වූ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම නම් වූ නිවනට පැමිණ. මෙසේ වූයේ ද කාලං කංඛති භාවිතත්තො යනු සතර ආර්යමාර්ග වශයෙන් භාවනා අවබෝධය සම්පූර්ණ වීමෙන් වඩන ලද කාය-සීල-චිත්ත ප්‍රකාශයට පැමිණීමෙන් භාවිත වූ ආත්මය ඇත්තේ මරණයටද ජීවිතයටද සතුටු නොවන්නේ හුදෙක් තමාගේ ස්කන්ධ පරිනිර්වාණ කාලය කැමති වෙයි. උන්වහන්සේට කිසිතැනක කිසි ප්‍රාර්ථනාවක් නැත. එහෙයින් -
“නාභිනන්දාමි මරණං, නාභිනන්දාමි ජීවිතං; කාලඤ්ච පටිකඞ්ඛාමි, නිබ්බිසං භතකො යථා”ති. (ථෙරගා· 606);
නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං කාලං ච පටිකංඛාමි නිබ්බිසං භතකො යථා
මරණයට සතුටු නොවෙමි. ජීවිතයට ද සතුටු නොවෙමි. කුලිය කැමති මෙහෙකරුවා මෙන් කාලය (පමණක්) කැමති වෙමි’යි කීහ.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍රයයි.
9. ධාතුසංසන්දන සුත්තවණ්ණනා
9. ධාතුසංස්යන්දන සූත්‍ර වර්ණනාව
නවමෙ ධාතුසොති ධාතුතො. ධාතූති ච අජ්ඣාසයධාතු අජ්ඣාසයසභාවො අධිප්පෙතො, යො අධිමුත්තීතිපි වුච්චති. සංසන්දන්තීති තාය ධාතුසභාගතාය යථාධාතු යථාඅජ්ඣාසයං අල්ලීයන්ති එකතො හොන්ති. සමෙන්තීති තාය එව සමානජ්ඣාසයතාය එකචිත්තා හුත්වා සමාගච්ඡන්ති අඤ්ඤමඤ්ඤං භජන්ති උපසඞ්කමන්ති, අත්තනො රුචිභාවඛන්තිදිට්ඨියො වා තත්ථ තත්ථ සමෙ කරොන්තා පවත්තන්ති. හීනාධිමුත්තිකාති හීනෙ කාමගුණාදිකෙ අධිමුත්ති එතෙසන්ති හීනාධිමුත්තිකා, හීනජ්ඣාසයා. කල්යාණාධිමුත්තිකාති කල්‍යාණෙ නෙක්ඛම්මාදිකෙ අධිමුත්ති එතෙසන්ති කල්යාණාධිමුත්තිකා, පණීතජ්ඣාසයා.
නවවන සූත්‍රයෙහි ධාතුසො යනු ධාතු වශයෙන්, ධාතු යනු අධ්‍යාශය ධාතු, අදහසේ ස්වභාවය අදහස් කරන ලදී. අධිමුත්ති යනුවෙන් ද කියනු ලැබේ. සංසන්දන්ති යනු ඒ ධාතු සමානතාවෙන් ධාතුව අනුව අදහස අනුව ඇලෙති, එක්වෙති. සමෙන්ති යනු ඒ සමාන අදහස් ඇති බැවින්ම එක්සිත්ව එකතු වෙති. ඔවුනොවුන් ඇසුරු කරති. ඔවුනොවුන් වෙත එළඹෙති. තමාගේ රුචිය, අදහස, ඉවසීම, දෘෂ්ටි හෝ ඒ ඒ තැනදී සම කරමින් පවත්වති. හීනාධිමුත්තිකා යනු මොවුන්ට හීන වූ කාමගුණ ආදිය කෙරෙහි අදහස් ඇත්තේය යනුවෙන් හීනාධිමුක්තිකයෝ හීන අදහස් ඇත්තෝ වෙති. කල්යාණාධිමුත්තිකා යනු මොවුන්ට යහපත් වූ නෙක්ඛම්ම ආදී අදහස් ඇත්තේය යනුවෙන් කල්‍යාණ අධිමුත්තිකයෝ, ප්‍රණීත අදහස් ඇත්තෝ වෙති.
සචෙ හි ආචරියුපජ්ඣායා න සීලවන්තො, අන්තෙවාසිකසද්ධිවිහාරිකා ච සීලවන්තො, තෙ ආචරියුපජ්ඣායෙපි න උපසඞ්කමන්ති, අත්තනො සදිසෙ සාරුප්පභික්ඛූයෙව උපසඞ්කමන්ති. සචෙ පන ආචරියුපජ්ඣායා සීලවන්තො, ඉතරෙ න සීලවන්තො, තෙපි න ආචරියුපජ්ඣායෙ උපසඞ්කමන්ති, අත්තනො සදිසෙ හීනාධිමුත්තිකෙයෙව උපසඞ්කමන්ති. එවං උපසඞ්කමනං පන න කෙවලං එතරහි එව, අථ ඛො අතීතානාගතෙපීති දස්සෙන්තො “අතීතම්පි, භික්ඛවෙ”තිආදිමාහ. සඞ්ඛෙපතො සංකිලෙසධම්මෙසු අභිනිවිට්ඨා හීනාධිමුත්තිකා, වොදානධම්මෙසු අභිනිවිට්ඨා කල්යාණාධිමුත්තිකා.
ඉදින් ආචාර්ය උපාධ්‍යායවරු සිල්වත්හු නොවෙත් ද අන්තේවාසික සද්ධිවිහාරිකයෝ සිල්වත් වෙත් ද ඔවුහු ආචාර්ය උපාධ්‍යායයන් වෙත නො එළඹෙත්. තමා හා සමාන සුදුසු භික්ෂූන් වෙතම එළඹෙත්. ඉදින් ආචාර්ය උපාධ්‍යායවරු සිල්වත් වෙත්ද අන් අය (අන්තේවාසික සද්ධිවිහාරිකයෝ) සිල්වත් නොවෙත් ද ඔවුහු ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලා වෙත නො එළඹෙත්. තමා හා සමාන පහත් (හීන) අදහස් ඇති අය වෙතම එළඹෙත්. මෙසේ එළඹීම හුදෙක් දැන් පමණක්ම නොවෙයි. අතීත-අනාගතයෙහි ද එසේයයි දක්වමින් ‘අතීතම්පි භික්ඛවෙ’ යනාදිය වදාළහ. කෙටියෙන් කිලිටි බව ඇතිකරන ධර්මයන්හි (කරුණුවල) බැසගත්තෝ හීනාධිමුක්තිකයෝය. (හීන අදහස් ඇත්තෝය) පිරිසිදු බව ඇතිකරන ධර්මයන්හි බැසගත්තෝ කල්යාණාධිමුක්තිකයෝය. (යහපත් අදහස් ඇත්තෝය.)
ඉදං පන දුස්සීලානං දුස්සීලසෙවනමෙව, සීලවන්තානං සීලවන්තසෙවනමෙව, දුප්පඤ්ඤානං දුප්පඤ්ඤසෙවනමෙව, පඤ්ඤවන්තානං පඤ්ඤවන්තසෙවනමෙව කො නියාමෙතීති? අජ්ඣාසයධාතු නියාමෙති. සම්බහුලා කිර භික්ඛූ එකස්මිං ගාමෙ භික්ඛාචාරං චරන්ති. තෙ මනුස්සා බහුං භත්තං ආහරිත්වා පත්තානි පූරෙත්වා “යථාසභාගං පරිභුඤ්ජථා”ති වත්වා උය්යොජෙසුං. භික්ඛූ ආහංසු “ආවුසො, මනුස්සා ධාතුසංයුත්තකම්මෙ පයොජෙන්තී”ති. එවං අජ්ඣාසයධාතු නියාමෙතීති. ධාතුසංයුත්තෙන අයමත්ථො දීපෙතබ්බො – ගිජ්ඣකූටපබ්බතස්මිඤ්හි ගිලානසෙය්යාය නිපන්නො භගවා ආරක්ඛත්ථාය පරිවාරෙත්වා වසන්තෙසු සාරිපුත්තමොග්ගල්ලානාදීසු එකමෙකං අත්තනො පරිසාය සද්ධිං චඞ්කමන්තං ඔලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි “පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, සාරිපුත්තං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති. එවං, භන්තෙ. සබ්බෙ ඛො එතෙ, භික්ඛවෙ, භික්ඛූ මහාපඤ්ඤා”ති (සං· නි· 2.99) සබ්බං විත්ථාරෙතබ්බං.
මේ දුස්සීලයන්ගේ දුස්සීලයන් සේවනය කිරීම සිල්වතුන්ගේ සිල්වතුන් සේවනය කිරීම, ප්‍රඥාව නැති අයගේ ප්‍රඥාව නැති අය සේවනය කිරිම, ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවන්තයන් සේවනය කිරිම නියම කරන්නේ කවුද? අධ්‍යාශය ධාතුව (අදහස) නියම කරයි. බොහෝ භික්ෂූහු එක්තරා ගමක පිඬුසිඟා වඩිති. ඒ මිනිස්සු බොහෝ බත් (දානය) ගෙනවුත් පාත්‍ර පුරවා තම තමන්ට ගැලපෙන භික්ෂූන් සමග වළඳන්නැයි කියා පාත්‍ර දී ආපසු යැවූහ. භික්ෂූහු ඇවැත්නි, මිනිසුන් අදහස් වශයෙන් ගැලපෙන ක්‍රියාවෙහි යොදවති’යි කීවාහුය. මෙසේ අදහස (තමාම) නියම කරයි. ධාතුසංයුත්තයෙන් (අදහස් එකට යෙදීමෙන්) මේ අර්ථය පැහැදිලි කළයුතුය. ගිජ්ඣකූට පර්වතයෙහිදී ගිලන් නිසා සැතපුණු භාග්‍යවතුන් වහන්සේ රැකවරණය පිණිස පිරිවරාගෙන වැඩවසන සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අතරින් තමාගේ පිරිස සමග හැසිරෙන එක එක රහතන් වහන්සේ දෙස බලා ‘මහණෙනි, බොහෝ භික්ෂූන් සමග සක්මන් කරන සැරියුත් දකිව්ද? යනුවෙන් භික්ෂූන් ඇමතූහ. එසේය ස්වාමීනි (යි භික්ෂූහු පිළිතුරු දුන්හ.) මහණෙනි, ඒ සියලු භික්ෂූහු මහා ප්‍රඥාවන්තයෝයයි සියල්ල විස්තර කළයුතුය.
ගාථාසු සංසග්ගාති සංකිලෙසතො සහවාසාදිවසෙන සමායොගතො, අථ වා දස්සනසංසග්ගො, සවනසංසග්ගො, සමුල්ලාපසංසග්ගො, සම්භොගසංසග්ගො, කායසංසග්ගොති එවං පඤ්චවිධෙ සංසග්ගෙ යතො කුතොචි සංසග්ගතො. වනථො ජාතොති කිලෙසො උප්පන්නො මග්ගෙන අසමූහතො. අසංසග්ගෙන ඡිජ්ජතීති සංසග්ගපටික්ඛෙපෙන කායවිවෙකාදිනා පුබ්බභාගෙ ඡිජ්ජිත්වා පුන අච්චන්තාසංසග්ගෙන සමුච්ඡෙදවිවෙකෙන ඡිජ්ජති පහීයති. එත්තාවතා සඞ්ඛෙපතො හීනාධිමුත්තියා සමුදයො අත්ථඞ්ගමො ච දස්සිතො හොති.
ගාථාවන්හි සංසග්ගා යනු කිලිටිවීම් වශයෙන් එකට වාසය කිරීම් වශයෙන් යෙදුනාහු. නැතහොත් දර්ශන සංසර්ගය, ශ්‍රවණ සංසර්ගය, සමුල්ලාපන සංසර්ගය, සම්භෝග සංසර්ගය, කාය සංසර්ගය (දැකීමෙන් උපන් රාගය, ඇසීමෙන් උපන් රාගය, කතාබහ කිරීමෙන් උපන් රාගය, ස්ත්‍රියකගේ භාණ්ඩයක් පුරුෂයකු ළඟ තබාගෙන පරිහරණය කිරිමාදී වශයෙන් පරිහරණය කිරීමෙන් උපන් රාගය, අත් පා ඇල්ලීම් ආදී වශයෙන් උපන් රාගය) යන පස්වැදෑරුම් සංසර්ග අතරින් යමකින් සංසර්ග වීමෙන්. වනතො ජාතො යනු (සෝවාන් ආදී) මාර්ගයෙන් විනාශ නොකළ ක්ලේශය උපන්නේ. අසංසග්ගෙන ඡිජ්ජති යනු සංසර්ගයට ප්‍රතිවිරුද්ධ වූ කාය විවේක (හුදකලා වාසය) ආදියෙන් මුල් අවස්ථාවෙහි (කෙලෙස්) සිඳ නැවත සම්පූර්ණයෙන්ම සංසර්ගයෙන් තොරවීමෙන් සමුච්ඡේද විවේකයෙන් සිඳෙයි. පහවෙයි. මෙපමණකින් කෙටියෙන් හීන අධිමුත්තියේ (පහත් අදහසේ) හටගැනීම ද නැතිවීම ද දක්වන ලද්දේ වෙයි.
යස්මා පන තෙ සංසග්ගා තෙ ච කිලෙසා කොසජ්ජවසෙන උප්පජ්ජන්ති චෙව වඩ්ඪන්ති ච, න වීරියාරම්භවසෙන, තස්මා හීනාධිමුත්තිකෙ කුසීතපුග්ගලෙ වජ්ජෙත්වා කල්යාණාධිමුත්තිකෙ ආරද්ධවීරියෙ සෙවන්තෙන අසංසග්ගෙන සංසග්ගජො වනථො ඡින්දිතබ්බොති යථාවුත්තමත්ථං විත්ථාරතො දස්සෙන්තො කුසීතසෙවනාය තාව ආදීනවං පකාසෙතුං “පරිත්තං දාරු”න්තිආදිමාහ.
එහෙයකින් ඒ සංසර්ග ද ඒ කෙලෙස් ද කුසීත බව ඇතිවීම් වශයෙන් උපදී ද එසේ වැඩේ ද වීර්යය ආරම්භ කිරීම් වශයෙන් නොවේද එහෙයින් හීන අදහස් ඇති කුසීත පුද්ගලයන් දුරුකොට යහපත් අදහස් ඇති වීර්යය ආරම්භ කළ පුද්ගලයන් ඇසුරු කිරීමෙන්, එක්ව නොවිසීමෙන් සංසර්ගයෙන් උපන් කෙලෙස් සිඳිය යුතු යයි කියන ලද අර්ථය විස්තර වශයෙන් දක්වමින් කුසීතයන් ඇසුරුකිරීමේ ආදීනව (දොස්) පළමුව ප්‍රකාශ කරන්නට ‘පරිත්තං දාරුං’ යනාදිය කීහ.
තත්ථ පරිත්තං දාරුන්ති ඛුද්දකං කට්ඨමයං කුල්ලං. යථා සීදෙ මහණ්ණවෙති යථා ඛුද්දකං කුල්ලං ආරුහිත්වා මහාසමුද්දං තරිතුකාමො තීරං අප්පත්වා සමුද්දමජ්ඣෙයෙව සීදෙය්ය, පතිත්වා මච්ඡකච්ඡපභක්ඛො භවෙය්ය. එවං කුසීතං ආගම්ම, සාධුජීවීපි සීදතීති එවමෙව කුසීතං වීරියාරම්භරහිතං කිලෙසවසිකං පුග්ගලං නිස්සාය තෙන කතසංසග්ගො සාධුජීවීපි පරිසුද්ධාජීවො පරිසුද්ධසීලොපි සමානො හීනසංසග්ගතො උප්පන්නෙහි කාමවිතක්කාදීහි ඛජ්ජමානො පාරං ගන්තුං අසමත්ථො සංසාරණ්ණවෙයෙව සීදති.
එහි පරිත්තං දාරුං යනු කුඩා ලී පහුරක්. යථා සීදෙ මහණ්ණවෙ යනු යම්සේ කුඩා පහුරකට නැගී මහ සමුදුර තරණය කරන්නට කැමැත්ත ඇති තැනැත්තා වෙරළට නොපැමිණ මුහුද මැදදීම ගිලෙන්නේය. වැටී මාලුන්ට කැස්බෑවන්ට ආහාරයක් වන්නේය. එවං කුසීතං ආගම්ම සාධුජීවීපි සීදති යනු මෙසේම කුසීත වූ ඇරඹූ වීර්යය නැති කෙලෙස් වසඟයට ගියා වූ පුද්ගලයකු නිසා ඔහු සමග කරන ලද ඇසුර ඇති යහපත් ජීවිතය ඇති, පිරිසිදු ජීවිතය ඇති පිරිසිදු සීලය ඇති තැනැත්තා පවා පහත් ඇසුරෙන් උපන්නා වූ කාම විතර්කාදීන් විසින් කනු ලබන්නේ එගොඩට යන්නට අසමත් වූයේ සසර සයුරෙහිම ගිලෙයි.
තස්මාති යස්මා එවං අනත්ථාවහො කුසීතසංසග්ගො, තස්මා තං ආගම්ම ආලසියානුයොගෙන කුච්ඡිතං සීදතීති කුසීතං. තතො එව හීනවීරියං නිබ්බීරියං අකල්යාණමිත්තං පරිවජ්ජෙය්ය. එකන්තෙනෙව පන කායවිවෙකාදීනඤ්චෙව තදඞ්ගවිවෙකාදීනඤ්ච වසෙන පවිවිත්තෙහි, තතො එව කිලෙසෙහි ආරකත්තා අරියෙහි පරිසුද්ධෙහි නිබ්බානං පටිපෙසිතත්තභාවතො පහිතත්තෙහි ආරම්මණලක්ඛණූපනිජ්ඣානානං වසෙන ඣායනතො ඣායීහි සබ්බකාලං පග්ගහිතවීරියතාය ආරද්ධවීරියෙහි පණ්ඩිතෙහි සප්පඤ්ඤෙහියෙව සහ ආවසෙය්ය සංවසෙය්යාති.
තස්මා යනු යම්හෙයකින් කුසීත පුද්ගල ඇසුර මෙසේ අයහපත ගෙන දේද එහෙයින් ඒ කුසීත පුද්ගලයා වෙත පැමිණ අලස බව අනුව කටයුතු කිරිමෙන් පිළිකුල් ලෙස ගිලෙයි යන අරුතින් කුසීතං නම් වේ. එහෙයින්ම හීන වීරියං වීර්යය නැති අයහපත් මිතුරා දුරුකරන්නේය. ඒකාන්තයෙන්ම කාය විවේකාදීන්ගේ ද තදංග විවේකාදීන්ගේ ද වශයෙන් පවිවිත්තෙහි පවිවිත්ත වූ, ඒ කෙලෙසුන්ගෙන්ම දුර වූ හෙයින් අරියෙහි පිරිසිදු වූ, නිවන දෙසට යොමු කරන ලද සිත් ඇති බැවින් පහිතත්තෙහි, පහිතත්ත වූ අරමුණු-ලකුණු නැවත නැවත සිහිකිරීම් වශයෙන් ධ්‍යාන වැඩීමෙන් ඣායීහි ඣායී වූ හැමකල්හි ඔසවා ගත් වීර්යය ඇති බැවින් ආරද්ධවිරියෙහි ඇරඹූ වීර්ය ඇති පණ්ඩිතයන් සමගම නුවණැත්තන් සමගම වාසය කරන්නේය. එක්ව වාසය කරන්නේය.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍රයයි.
10. පරිහාන සුත්තවණ්ණනා
10. පරිහාණ සූත්‍ර වර්ණනාව
දසමෙ පරිහානාය සංවත්තන්තීති අවුද්ධියා භවන්ති, මග්ගාධිගමස්ස පරිපන්ථාය හොන්ති. අධිගතස්ස පන මග්ගස්ස පරිහානි නාම නත්ථි. “තයො ධම්මා”ති ධම්මාධිට්ඨානවසෙන උද්දිට්ඨධම්මෙ පුග්ගලාධිට්ඨානාය දෙසනාය විභජන්තො “ඉධ, භික්ඛවෙ, සෙඛො භික්ඛූ”තිආදිමාහ.
දසවන සූත්‍රයෙහි - පරිහානාය සංවත්තන්ති යනු වෘද්ධිය නැතිවීම පිණිස වෙයි. මාර්ගය ලැබීමට උවදුරු පිණිස පවතී. ලැබුවා වූ (අවබෝධ කළ) මාර්ගයේ පරිහානියක් නම් නැත. තයො ධම්මා යනු ධර්මයෙහි පිහිටීම් වශයෙන් (ධම්මාධිට්ඨාන වසෙන) දක්වන ධර්ම පුද්ගලයා කෙරෙහි පිහිටි (පුග්ගලාධිට්ඨානාය) දේශනාවෙන් බෙදමින් ‘ඉධ භික්ඛවෙ සෙඛො භික්ඛු’ යනාදිය වදාළහ.
තත්ථ කම්මං ආරමිතබ්බතො ආරාමො එතස්සාති කම්මාරාමො. කම්මෙ රතොති කම්මරතො. කම්මාරාමතං කම්මාභිරතිං අනුයුත්තො පයුත්තොති කම්මාරාමතමනුයුත්තො. තත්ථ කම්මං නාම ඉතිකත්තබ්බං කම්මං, සෙය්යථිදං – චීවරවිචාරණං, චීවරකරණං, උපත්ථම්භනං, පත්තත්ථවිකං, අංසබන්ධනං, කායබන්ධනං, ධමකරණං, ආධාරකං, පාදකථලිකං, සම්මජ්ජනීති එවමාදීනං උපකරණානං කරණං, යඤ්ච විහාරෙ ඛණ්ඩඵුල්ලාදිපටිසඞ්ඛරණං. එකච්චො හි එතානි කරොන්තො සකලදිවසං එතානෙව කරොති. තං සන්ධායෙතං වුත්තං. යො පන එතෙසං කරණවෙලායමෙව එතානි කරොති, උද්දෙසවෙලායං උද්දෙසං ගණ්හාති, සජ්ඣායවෙලායං සජ්ඣායති, චෙතියඞ්ගණවත්තාදිකරණවෙලායං චෙතියඞ්ගණවත්තාදීනි කරොති, මනසිකාරවෙලායං මනසිකාරං කරොති සබ්බත්ථකකම්මට්ඨානෙ වා පාරිහාරියකම්මට්ඨානෙ වා, න සො කම්මාරාමො නාම. තස්ස තං –
එහි කටයුතු ඇරඹීම් වශයෙන් මොහුගේ ඇලීම - යන අරුතින් කම්මාරාමො කර්මාන්තයෙහි ඇලුණේ වෙයි. කටයුතුවල ඇලුණේ යන අරුතින් කම්මරතො නම් වෙයි. කටයුතුවල ඇලීමෙහි යෙදුනේ යුක්ත වූයේ යන අරුතින් කම්මාරාමතං අනුයුත්තො නම් වෙයි. එහි කටයුත්ත නම් මෙසේ කළයුතු වූ කටයුත්තය. කෙසේද? සිවුරු පිළිබඳ විමසීමට සිවුරු සකස් කිරීමට උපකාර කිරීම, පාත්‍ර පසුම්බි, අංසකඩ, පටිය, ඩබරාව (පෙරහන්කඩ විශේෂයක්), පාත්‍රය තබන දරණුව, පය තබන පුවරුව, ඉදල්-කොහු යන මේ ආදී උපකරණ සකස් කිරීම ද විහාරයෙහි කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරිම ද වෙයි. ඇතැම් පුද්ගලයෙක් මේ කටයුතු කරමින් මුලු දවසම මේවාම කරයි. ඒ සඳහා මෙය කියන ලදී. යම් පුද්ගලයෙක් මේ කටයුතු කරන වේලාවෙහිම ඒවා කරයි. උද්දේස (පාඩම් අසාගන්නා) වේලාවෙහි දී පාඩම අසා ගනී. පාඩම් කරන වේලාවේදී පාඩම් කරයි. සෑමලු (චෙත්යමලු) ඇමදීම් ආදී වත් කරන වේලාවෙහි සෑමලු ඇමදීම් ආදී වත් කරයි. හැමතන්හිම භාවිත කරන කමටහන් (සබ්බත්ථක කම්මට්ඨාන) හෝ විශේෂයෙන් භාවිතා කරන කමටහන් (පාරිහාරිය කම්මට්ඨාන) හෝ මෙනෙහි කරන වේලාවෙහි මෙනෙහි කරයි නම් එය කම්මාරාමය නොවෙයි.
“යානි ඛො පන තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො, තත්‍රුපායාය වීමංසාය සමන්නාගතො, අලං කාතුං අලං සංවිධාතු”න්ති (දී· නි· 3.345; අ· නි· 10.18) –
‘යානි ඛො පන තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො, තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං’ ‘යම් ඒ විමසා කළයුතු කටයුතු වේනම් එහි දක්ෂ වූයේ අලස නොවූයේ ඒ ඒ කරුණෙහිදී එය කළයුතු උපායමාර්ග විමසන ප්‍රඥාවෙන් යුක්ත වූයේ (එය තමන්) කිරීමට සමත් වූයේ ද අනුන් ලවා කරවීමට සමත් වූයේ ද වෙයි’
ආදිනා සත්ථාරා අනුඤ්ඤාතකරණමෙව හොති.
යනාදී වශයෙන් ඔහුගේ ඒ කටයුතු ශාස්තෲන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම වෙයි.
භස්සාරාමොති යො භගවතා පටික්ඛිත්තරාජකථාදිවසෙන රත්තින්දිවං වීතිනාමෙති, අයං භස්සෙ පරියන්තකාරී න හොතීති භස්සාරාමො නාම. යො පන රත්තිම්පි දිවාපි ධම්මං කථෙති, පඤ්හං විස්සජ්ජෙති, අයං අප්පභස්සො භස්සෙ පරියන්තකාරීයෙව. කස්මා? “සන්නිපතිතානං වො, භික්ඛවෙ, ද්වයං කරණීයං – ධම්මී වා කථා, අරියො වා තුණ්හීභාවො”ති (ම· නි· 1.273) වුත්තවිධිංයෙව පටිපන්නොති.
භස්සාරාමො යනු යම් පුද්ගලයෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද රාජකථාදී වශයෙන් දිවා රෑ කල්ගෙවයි ද මොහු කතාව කෙළවර කරන්නෙක් නොවේ. භස්සාරාම (කතාවෙහි ඇලුණු කෙනෙක්) නම් වෙයි. යමෙක් රෑ ද දවල් ද දහම් කියයි ද ප්‍රශ්න විසඳයි ද මොහු අල්ප වශයෙන් කථා කරන්නෙකි. කතාවෙහි සීමාව ඇත්තෙක්මය. කුමක් හෙයින් ද, ‘සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං - ධම්මීවා කථා අරියො වා තුණ්හී භාවො’ ‘මහණෙනි, රැස් වූ ඔබ විසින් කළයුතු කටයුතු දෙකකි. එනම් දැහැමි කතාව හෝ ආර්ය වූ නිහඬ බවයි.’ යනුවෙන් කියන ලද ආකාරයටම පිළිපදින්නේ වෙයි. (එහෙයිනි)
නිද්දාරාමොති යො යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං, පස්සසුඛං, මිද්ධසුඛං අනුයුඤ්ජති, යො ච ගච්ඡන්තොපි නිසින්නොපි ඨිතොපි ථිනමිද්ධාභිභූතො නිද්දායති, අයං නිද්දාරාමො නාම. යස්ස පන කරජකායගෙලඤ්ඤෙන චිත්තං භවඞ්ගං ඔතරති, නායං නිද්දාරාමො, තෙනෙවාහ –
නිද්දාරාමො යනු යමෙක් ඇතිතාක් කුස පුරා අනුභවකොට ඇඳ පුටු ආදියෙහි නිදීමෙහි සැපයට (සෙය්‍ය සුඛ), නිදීමේදී වමට දකුණට හැරීමෙන් ඇතිවන සැපයට (පස්ස සුඛ), නිදි සුවයට (මිද්ධසුඛ) අනුව යෙදුනේ වෙයි ද, යමෙක් යමින් ද හිඳිමින් ද සිටිමින් ද ථිනමිද්ධයෙන් මැඩුනේ නිදයි ද මොහු නිද්දාරාම (නින්දෙහි ඇලුනෙක්) නම් වෙයි. කයෙහි ගිලන්කමින් යමෙකුගේ සිත භවංගයට බැසගනීද මෙය නිද්දාරාමය නොවේ. එහෙයින්ම -
“අභිජානාමි ඛො පනාහං, අග්ගිවෙස්සන, ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා”ති (ම· නි· 1.387).
‘අභිජානාමි ඛො පනාහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො චතුග්ගුණං සංඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා’ ‘ගිනිවෙස්න (සච්චකය) ගිම්හානයේ අවසන් මාසයෙහි දානය වැළඳීමෙන් පසුව පිණ්ඩපාතයෙන් වැලකුණේ සිවුර සතර පොටක් කොට පණවා දකුණු ඇළයෙන් සිහි ඇතිව, නුවණින් දනිමින් නින්දට බැසගත් බව දනිමි’යි වදාළහ.
එත්ථ ච පුථුජ්ජනකල්යාණකොපි සෙඛොත්වෙව වෙදිතබ්බො. තස්මා තස්ස සබ්බස්සපි විසෙසාධිගමස්ස ඉතරෙසං උපරි විසෙසාධිගමස්ස ච පරිහානාය වත්තන්තීති වෙදිතබ්බං. සුක්කපක්ඛස්ස වුත්තවිපරියායෙන අත්ථවිභාවනා වෙදිතබ්බා.
මෙහි දී කල්‍යාණ පෘථග්ජනයා ද සේඛ යයි දතයුතුය. එහෙයින් ඒ පෘථග්ජනයාට (සෝවාන් ආදී) විශේෂ අධිගම සියල්ලේ ද (සෝවාන් ආදියට පත්වූ) අන් අයට ඉහළ විශේෂ අධිගමයේද පිරිහීම පිණිස පවතීයයි දතයුතුය. කියන ලද ආකාරයට විරුද්ධ අයුරින් කුශල පක්ෂයෙහි අර්ථ පැහැදිලි කිරීම දතයුතුය.
ගාථාසු උද්ධතොති චිත්තවික්ඛෙපකරෙන උද්ධච්චෙන උද්ධතො අවූපසන්තො. අප්පකිච්චස්සාති අනුඤ්ඤාතස්සපි වුත්තප්පකාරස්ස කිච්චස්ස යුත්තප්පයුත්තකාලෙයෙව කරණතො අප්පකිච්චො අස්ස භවෙය්ය. අප්පමිද්ධොති “දිවසං චඞ්කමෙන නිසජ්ජායා”තිආදිනා වුත්තජාගරියානුයොගෙන නිද්දාරහිතො අස්ස. අනුද්ධතොති භස්සාරාමතාය උප්පජ්ජනකචිත්තවික්ඛෙපස්ස අභස්සාරාමො හුත්වා පරිවජ්ජනෙන න උද්ධතො වූපසන්තචිත්තො, සමාහිතොති අත්ථො. සෙසං පුබ්බෙ වුත්තනයත්තා සුවිඤ්ඤෙය්යමෙව. ඉති ඉමස්මිං වග්ගෙ පඨමදුතියපඤ්චමඡට්ඨසත්තමඅට්ඨමනවමෙසු සුත්තෙසු වට්ටං කථිතං, ඉතරෙසු වට්ටවිවට්ටං.
ගාථාවන්හි - උද්ධතො යනු සිත අවුල්කරන උද්ධච්චයෙන් නොසන්සුන් වූ නොසන්සිඳුනා වූ (සිත් ඇති) අප්පකිච්චස්ස යනු අනුදැන වදාළ කියන ලද ආකාර කටයුතු නිසිකල්හිම කිරීම් වශයෙන් අල්ප කටයුතු ඇත්තෙක් වන්නේය. අප්පමිද්ධො යනු ‘දිවසං චංකමෙන නිසජ්ජාය’ දවල් කාලයෙහි සක්මනෙන් ද හිඳීමෙන් ද යනාදී වශයෙන් කියන ලද ජාගරියානුයෝගයෙන් නිදි නැත්තෙක් වන්නේය. අනුද්ධතො යනු භස්සාරාමතාවෙන් කතා කිරීමට ඇති කැමැත්තෙන් භස්සාරාම නොවී සිතේ උපන් අවුල් සහගත බව දුරු කිරිමෙන් නොසන්සුන් නොවූයේ සන්සිඳුන සිත් ඇත්තේ, සමාහිත වූ යන අර්ථයි. ඉතිරියට පෙර කියන ලද ක්‍රමය ඇති බැවින් දැනගැනීම පහසුය. මෙසේ මේ වර්ගයෙහි පළමු දෙවන-සිවුවන-පස්වන-සයවන-සත්වන-අටවන-නවවන සූත්‍රවල (සූත්‍ර අටෙහි) සසර කියන ලදී. අනිත් සූත්‍ර දෙකෙහි දී සසර හා නිවන කියන ලදී.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍රයයි.
තතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
තුන්වන වර්ගයේ වර්ණනාව නිමියේය.