යෙදුමෙන් කියවන්න

1. විතක‍්කසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. විතක‍්කසුත‍්තවණ‍්ණනා

1. විතර්‍ක සූත්‍ර වර්ණනාව

චතුත්‍ථවග‍්ගස‍්ස පඨමෙ අකුසලවිතක‍්කාති අකොසල‍්ලසම‍්භූතා විතක‍්කා, මිච‍්ඡාවිතක‍්කාති අත්‍ථො. අනවඤ‍්ඤත‍්තිපටිසංයුත‍්තොති එත්‍ථ අනවඤ‍්ඤත‍්තීති අනවඤ‍්ඤා පරෙහි අත‍්තනො අහීළිතතා අපරිභූතතා, “අහො වත මං පරෙ න අවජානෙය්‍යු”න‍්ති එවං පවත‍්තො ඉච‍්ඡාචාරො, තාය අනවඤ‍්ඤත‍්තියා පටිසංයුත‍්තො සංසට‍්ඨො, තං වා ආරබ‍්භ පවත‍්තො අනවඤ‍්ඤත‍්තිපටිසංයුත‍්තො විතක‍්කො. තස‍්මා “කථං නු ඛො මං පරෙ ගහට‍්ඨා චෙව පබ‍්බජිතා ච න ඔරකතො දහෙය්‍යු”න‍්ති සම‍්භාවනකම්‍යතාය ඉච‍්ඡාචාරෙ, ඨත්‍වා පවත‍්තිතවිතක‍්කස‍්සෙතං අධිවචනං. ලාභසක‍්කාරසිලොකපටිසංයුත‍්තොති චීවරාදිලාභෙන චෙව සක‍්කාරෙන ච කිත‍්තිසද‍්දෙන ච ආරම‍්මණකරණවසෙන පටිසංයුත‍්තො. පරානුද‍්දයතාපටිසංයුත‍්තොති පරෙසු අනුද‍්දයතාපතිරූපකෙන ගෙහසිතපෙමෙන පටිසංයුත‍්තො.

සතරවන වර්ගයේ පළමු සුත්‍රයෙහි අකුසලා විතක්කා යනු අදක්‍ෂ බැවින් උපන් විතර්ක, මිථ්‍යා විතර්ක යන අර්ථයි. අනවඤ්ඤත්ති පටිසංයුත්තො යන මෙහි ‘අනවඤ්ඤත්ති’ යනු අනුන්ගෙන් අවඥාවක් නැති බව තමා ගැන පිළිකුල් නොකරන බව, නින්ද නො ලබන බව, ‘අහෝ, අන් අය මට අවමන් නොකරන්නාහු නම් යනුවෙන් මෙසේ පැවති කැමැත්තෙන් යුක්ත වූ, ඒ අවඥාවක් නැති බව පිළිබඳව යෙදුනා වූ, මිශ්‍ර වූ හෝ එය නිමිති කොට පැවති විතරකය අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්කයයි. එහෙයින් අනිත් ගිහියෝ ද පැවිද්දෝ ද කෙසේ නම් මා පහත්කොට නො පිළිගන්නාහුදැයි යනුවෙන් සම්භාවනා (ගරුකිරීම) ලබාගැනීමේ කැමැත්තෙන් ආසාවෙහි පිහිටා පැවති විතර්කයට මේ වචනයකි. ලාභ-සක්කාර-සිලොක පටිසංයුත්තො යනු සිවුරු ආදිය ලැබීම ද සත්කාරය ද කීර්ති ශබ්දය ද අරමුණුකිරීම් වශයෙන් යෙදුණු පරානුද්දයතා පටිසංයුත්තො යනු අනුන් කෙරෙහි ඇති දයානුකම්පාවේ මුවාවෙන් (ප්‍රතිරූපයෙන්) උපන් ගේහසිත ප්‍රේමයෙන් යුක්තවූ.

යං සන්‍ධාය වුත‍්තං – “සංසට‍්ඨො විහරති රාජූහි රාජමහාමත‍්තෙහි බ්‍රාහ‍්මණෙහි ගහපතිකෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි සහනන්‍දී සහසොකී, සුඛිතෙසු සුඛිතො, දුක‍්ඛිතෙසු දුක‍්ඛිතො, උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු අත‍්තනාව යොගං ආපජ‍්ජතී”ති (සං· නි· 3.3; 4.241; විභ· 888).

‘සංසට්ඨො විහරති රාජූහි රාජමහා මච්චෙහි බ්‍රාහ්මණෙහි ගහපතිකෙහි තිත්‍ථියෙහි තිත්‍ථිය සාවකෙහි - සහනන්‍දී, සහසෝකී, සුඛිතෙසු සුඛිතො දුක්‍ඛිතෙසු දුක්‍ඛිතො, උප්පන්තෙසු කිච්චකරණීයෙසු අත්තනො වොයාගං ආපජ්ජිතා’ ‘රජවරුන් සමග, රජමහ ඇමතියන් සමග, බමුණන් සමග, ගෘහපතියන් සමග, තීර්ථකයන් සමග, තීර්ථක ශ්‍රාවකයන් සමග ඇලීගැලී වාසය කරයි. ඔවුන් සමග සතුටු වෙයි. ඔවුන් සමග ශෝක වෙයි. ප්‍රීතිමත් අවස්ථාවලදී ප්‍රීතිවෙයි. දුක් සහගත අවස්ථාවලදී දුක්වෙයි. වැඩකටයුතු ඇතිකල්හි තමා ඒවායෙහි යෙදෙයි’ යන මෙය ඒ සඳහා කියන ලදී.

ගාථාසු අනවඤ‍්ඤත‍්තියා පටිසංයුත‍්තො පුග‍්ගලො අනවඤ‍්ඤත‍්තිසංයුත‍්තො. ලාභසක‍්කාරෙ ගාරවො එතස‍්ස, න ධම‍්මෙති ලාභසක‍්කාරගාරවො. සුඛදුක‍්ඛෙසු අමා සහ භවාති අමච‍්චා, සහායසදිසා උපට‍්ඨාකා. තෙහි ගෙහසිතපෙමවසෙන සහ නන්‍දනසීලො සහනන්‍දී අමච‍්චෙහි, ඉමිනා පරානුද‍්දයතාපටිසංයුත‍්තං විතක‍්කං දස‍්සෙති. ආරා සංයොජනක‍්ඛයාති ඉමෙහි තීහි විතක‍්කෙහි අභිභූතො පුග‍්ගලො සංයොජනක‍්ඛයතො අරහත‍්තතො දූරෙ, තස‍්ස තං දුල‍්ලභන‍්ති අත්‍ථො.

ගාථාවන්හි - අනුන්ගෙන් අවඥා නොලබනු කැමති බවෙන් යුක්ත වූ පුද්ගලයා අනවඤ්ඤත්ති සංයුත්තො නම් වෙයි. මොහුගේ ගෞරවය ලාභසත්කාර කෙරෙහිය ධර්මය කෙරෙහි නොවේ යන අරුතින් ලාභසක්කාර ගාරවො නම් වෙයි. සැපදුක් දෙකෙහි දී (තමා) සමග වන්නාහු යන අරුතින් අමච්චා නම් වෙයි. මිතුරන් සමාන උපස්ථායකයෝ, ගෙහසිත ප්‍රේම වශයෙන් ඔවුන් සමග සතුටුවන ස්වභාවය ඇත්තේ සහනන්‍දී අමච්චෙහි නම් වෙයි. මෙයින් අනුන් කෙරෙහි ඇති දයානුකම්පාවේ මුවාවෙන් උපන් ගේහසිත ප්‍රේමයෙන් යුක්ත වූ විතර්කය දක්වයි. ආරා සංයොජනක්‍ඛයා යනු මේ විතර්ක තුනෙන් මැඩගත්තා වූ පුද්ගලයා සංයෝජනයන් දුරුකිරීම වූ අර්හත්වයෙන් දුරෙහිය. ඔහුට ඒ අර්හත්වය දුලභය යන අර්ථයි.

පුත‍්තපසුන‍්ති පුත‍්තෙ ච පසවො ච. පුත‍්තසද‍්දෙන චෙත්‍ථ දාරාදයො; පසුසද‍්දෙන අස‍්සමහිංසඛෙත‍්තවත්‍ථාදයො ච සඞ‍්ගහිතා. විවාහෙති විවාහකාරාපනෙ. ඉමිනා ආවාහොපි සඞ‍්ගහිතො. සංහරානීති පරිග‍්ගහානි, පරික‍්ඛාරසඞ‍්ගහානීති අත්‍ථො. “සන්‍ථවානී”ති ච පඨන‍්ති, මිත‍්තසන්‍ථවානීති අත්‍ථො. සබ‍්බත්‍ථ හිත්‍වාති සම‍්බන්‍ධො. භබ‍්බො සො තාදිසො භික‍්ඛූති සො යථාවුත‍්තං සබ‍්බං පපඤ‍්චං පරිච‍්චජිත්‍වා යථා සත්‍ථාරා වුත‍්තාය සම‍්මාපටිපත‍්තියා, තථා පස‍්සිතබ‍්බතො තාදිසො සංසාරෙ භයං ඉක‍්ඛතීති භික‍්ඛු උත‍්තමං සම‍්බොධිං අරහත‍්තං පත‍්තුං අරහති.

පුත්තපසුං යනු පුතුන් ද සිවුපාවුන් ද, මෙහි ‘පුත්ත’ ශබ්දයෙන් බිරිඳ ආදියත් ‘පසු’ ශබ්දයෙන් අශ්වයන්-ගවයන් කෙත්-වතු ආදියත් ඇතුළත් කරන ලදී. විවාහෙ යනු විවාහ කරවීමෙහි, මෙයින් ආවාහයත් ගන්නා ලදී. සංගහානි යනු ලබාගැනීමයි. පිරිකර ලබාගැනීම යන අර්ථයයි. සන්‍ථවාදී යනුවෙන් ද කියති. මිතුරන් ඇසුරුකිරීම යන අර්ථයයි. හැමතන්හි ‘හිත්‍වා’ යනු සම්බන්ධයි. භබ්බො සො තාදිසො භික්‍ඛූ යනු ඒ භික්‍ෂුව කියන ලද සියලු කෙලෙස් දුරුකොට ශාස්තෲන් වහන්සේ දේශනා කරන ලද යහපත් ප්‍රතිපත්තියෙන් දැකිය යුතු බැවින් එබඳු වූ, සසර භය දකින්නේය යන අරුතින් භික්ඛු නම් වේ. උත්තමං සම්බොධිං අර්හත්වයට පත්වන්නට සුදුසුය.

පඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු සූත්‍රයයි.

2. සක‍්කාරසුත‍්තවණ‍්ණනා

2. සත්කාර සූත්‍ර වර්ණනාව

දුතියෙ සක‍්කාරෙනාති සක‍්කාරෙන හෙතුභූතෙන, අථ වා සක‍්කාරෙනාති සක‍්කාරහෙතුනා, සක‍්කාරහෙතුකෙන වා. සක‍්කාරඤ‍්හි නිස‍්සාය ඉධෙකච‍්චෙ පුග‍්ගලා පාපිච‍්ඡා ඉච‍්ඡාපකතා ඉච‍්ඡාචාරෙ ඨත්‍වා “සක‍්කාරං නිබ‍්බත‍්තෙස‍්සාමා”ති අනෙකවිහිතං අනෙසනං අප‍්පතිරූපං ආපජ‍්ජිත්‍වා ඉතො චුතා අපායෙසු නිබ‍්බත‍්තන‍්ති, අපරෙ යථාසක‍්කාරං ලභිත්‍වා තන‍්නිමිත‍්තං මානමදමච‍්ඡරියාදිවසෙන පමාදං ආපජ‍්ජිත්‍වා ඉතො චුතා අපායෙසු නිබ‍්බත‍්තන‍්ති. යං සන්‍ධාය වුත‍්තං – “සක‍්කාරෙන අභිභූතා පරියාදින‍්නචිත‍්තා”ති. තත්‍ථ අභිභූතාති අජ‍්ඣොත්‍ථටා. පරියාදින‍්නචිත‍්තාති ඛෙපිතචිත‍්තා, ඉච‍්ඡාචාරෙන මානමදාදිනා ච ඛයං පාපිතකුසලචිත‍්තා. අථ වා පරියාදින‍්නචිත‍්තාති පරිතො ආදින‍්නචිත‍්තා, වුත‍්තප‍්පකාරෙන අකුසලකොට‍්ඨාසෙන යථා කුසලචිත‍්තස‍්ස උප‍්පත‍්තිවාරො න හොති, එවං සමන‍්තතො ගහිතචිත‍්තසන‍්තානාති අත්‍ථො. අසක‍්කාරෙනාති හීළෙත්‍වා පරිභවිත්‍වා පරෙහි අත‍්තනි පවත‍්තිතෙන අසක‍්කාරෙන හෙතුනා, අසක‍්කාරහෙතුකෙන වා මානාදිනා. සක‍්කාරෙන ච අසක‍්කාරෙන චාති කෙහිචි පවත‍්තිතෙන සක‍්කාරෙන කෙහිචි පවත‍්තිතෙන අසක‍්කාරෙන ච. යෙ හි කෙහිචි පඨමං සක‍්කතා හුත්‍වා තෙහියෙව අසාරභාවං ඤත්‍වා පච‍්ඡා අසක‍්කතා හොන‍්ති, තාදිසෙ සන්‍ධාය වුත‍්තං “සක‍්කාරෙන ච අසක‍්කාරෙන චා”ති.

දෙවන සූත්‍රයෙහි - සක්කාරෙන යනු සත්කාරයට හේතු වූ දෙයින්. නැතහොත් ‘සක්කාරෙන’ යනු සත්කාර හේතුවෙන් හෝ සත්කාරයට හේතු වූ මුල් කාරණයෙන්. සත්කාරය නිසා මෙලොව ඇතැම් පුද්ගලයෝ ලාමක අදහස් ඇත්තාහු, ආසාවෙන් යුක්ත වූවාහු කැමති හැසිරීමෙහි සිට සත්කාර උපදවන්නෙමුයි නොයෙක් ආකාර නුසුදුසු වැරදි සෙවීම්වලට පැමිණ මෙලොවින් චුත වූවාහු අපායවල උපදිති. අන් අය කැමති පරිදි සත්කාර ලබා එය නිමිතිකොට මානයට - මදයට මසුරුකමට ආදී වශයෙන් ප්‍රමාදයට පැමිණ මෙලොවින් චුත වූවාහු අපායවල උපදිති. ‘සක්කාරෙන අභිභූතා පරියාදින්න චිත්තා’ යන්න ඒ සඳහා කියන ලදී. එහි අභිභූතා යනු මැඩගත්. පරියාදින්නචිත්තා යනු ක්‍ෂය කර ගන්නා ලද සිත් ඇති, කැමති හැසිරීමෙන් ද මාන-මද ආදියෙන් ද ක්‍ෂයවීමට පත්කරන ලද කුසල සිත් ඇති. නැතහොත් ‘පරියාදින්නචිත්තා’ යනු හාත්පසින් ඇදගන්නා ලද සිත් ඇති, කියන ලද ආකාර ඇති අකුසල කොටසින් කුසල සිතේ හටගැනීම නොවේ ද එසේ හාත්පසින් ගන්නා ලද චිත්ත සන්තාන ඇති යන අර්ථයි. අසක්කාරෙන යනු තමා කෙරෙහි පවතින අසත්කාර හේතුවෙන් හෝ අසත්කාරයට හේතුවන මුල් කාරණය වන මාන ආදියෙන් අනුන් විසින් පිළිකුල් කොට පරිභවකොට සක්කාරෙන අසක්කාරෙන ච යනු යම්කිසි පුද්ගලයන් විසින් පවත්වන ලද සත්කාරයෙන් ද යම්කිසි පුද්ගලයන් විසින් පවත්වන ලද අසත්කාරයෙන් ද, යම්කිසි පුද්ගලයන් විසින් පළමුව සත්කාර කරන ලද්දාහු වී ඔවුන් විසින්ම ශ්‍රද්ධාව නැති බව ආදිය දැන පසුව සත්කාර නොකරන ලද්දාහු වෙති. එබඳු අය සඳහා ‘සක්කාරෙන ච අසක්කාරෙන ච’ යනුවෙන් කියන ලදී.

එත්‍ථ සක‍්කාරෙන අභිභූතා දෙවදත‍්තාදයො නිදස‍්සෙතබ‍්බා. වුත‍්තම‍්පි චෙතං –

එහි සත්කාරයෙන් මැඩගත් දෙව්දත් ආදී අය නිදසුන් ලෙස දැක්විය යුතුය. මේ කාරණය

“ඵලං වෙ කදලිං හන‍්ති, ඵලං වෙළුං ඵලං නළං; සක‍්කාරො කාපුරිසං හන‍්ති, ගබ‍්භො අස‍්සතරිං යථා”ති. (සං· නි· 1.183; අ· නි· 4.68; චූළව· 335);

ඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං සක්කාරො කාපුරිසං හන්ති ගබ්හො අස්සතරිං යථා

‘යම්සේ (කෙසෙල් කැන නම් වූ) ඵලය කෙසෙල්ගස නසයි ද ඵලය උණගස නසයි ද ඵලය බටගස නසයි ද (වෙළඹගේ) ගබ වෙළඹ නසයි ද එම සත්කාරය නරක පුරුෂයා නසයි.’

සාධූනං උපරි කතෙන අසක‍්කාරෙන අභිභූතා දණ‍්ඩකීරාජකාලිඞ‍්ගරාජමජ‍්ඣරාජාදයො නිදස‍්සෙතබ‍්බා. වුත‍්තම‍්පි චෙතං –

සත්පුරුෂයන් කෙරෙහි කරන ලද අසත්කාරයෙන් මැඩගත් දණ්ඩකී රජ කාලිංග රජ, මෙජ්ඣ රජ ආදීහු නිදසුන් ලෙස දැක්විය යුතුය. මේ කාරණය (මෙසේ) කියන ලද්දේය -

“කිසඤ‍්හි වච‍්ඡං අවකිරිය දණ‍්ඩකී, උච‍්ඡින‍්නමූලො සජනො සරට‍්ඨො; කුක‍්කුළනාමෙ නිරයම‍්හි පච‍්චති, තස‍්ස ඵුලිඞ‍්ගානි පතන‍්ති කායෙ.

කිසං හි වච්ඡං අවකිරිය දණ්ඩකී උච්ඡින්නමූලො සජනො සරට්ඨො කුක්කුලනාමෙ නිරයම්හි පච්චති තස්ස පුලිංගානි පතන්ති කායෙ

දණ්ඩකී නම් රජතෙම කිසවච්ඡ නම් තාපසයාට අවමන් කොට සපිරිවරින් රටවැසියා සහිතව සිඳින ලද මුල් ඇත්තේ (පිහිටක් නැතිව) කුක්කුල නම් නරකයෙහි පැසෙයි. ඔහුගේ සිරුරෙහි සහළඟුරු වැටේ.

“යො සඤ‍්ඤතෙ පබ‍්බජිතෙ අවඤ‍්චයි, ධම‍්මං භණන‍්තෙ සමණෙ අදූසකෙ; තං නාළිකෙරං සුනඛා පරත්‍ථ, සඞ‍්ගම‍්ම ඛාදන‍්ති විඵන්‍දමානං”. (ජා· 2.17.70-71);

යො සඤ්ඤතෙ පබ්බජිතෙ අවඤ්චයී ධම්මං භණන්තෙ සමණෙ අදූසකෙ තං නාලිකීරං සුනඛා පරත්‍ථ සංගම්ම ඛාදන්ති විඵන්‍දමානං

යම් රජෙක් කිසිවකුට දුෂ්ට චේතනා පහළ නොකළ සන්සිඳුවන ලද පව් ඇති (දශකුශල නම් වූ) බණ දේශනා කරන්නා වූ සංයත වූ නිරපරාධ වූ පැවිද්දන් වෙහෙසූයේ ද වැලපෙන්නා වූ ඒ නාලිකීර නම් රජ පරලොවෙහිදී සුනඛයෝ රැස්ව කා දමති. එසේම :

“උපහච‍්ච මනං මජ‍්ඣො, මාතඞ‍්ගස‍්මිං යසස‍්සිනෙ; සපාරිසජ‍්ජො උච‍්ඡින‍්නො, මජ‍්ඣාරඤ‍්ඤං තදා අහූ”ති. (ජා· 2.19.96);

උපහච්ච මානං මෙජ්ඣො මාතංගස්මිං යස්සසිනෙ සපාරිසජ්ජො උච්ජින්නො මෙජ්ඣරඤ්ඤං තදා අහු

යසස් ඇති මාතංග ඍෂිවරයා කෙරෙහි සිත දූෂ්‍ය කරගත් මෙධ්‍ය රජ තෙමේ පිරිස් සහිතව සිඳී ගියේය. එකල්හි මෙධ්‍යාරණ්‍යය ඇති විය.

සක‍්කාරෙන ච අසක‍්කාරෙන ච අභිභූතා අඤ‍්ඤතිත්‍ථියා නාටපුත‍්තාදයො නිදස‍්සෙතබ‍්බා.

සත්කාරයෙන් ද අසත්කාරයෙන් ද මැඩගත්තා වූ අන්‍ය තීර්ථක (නිගණ්ඨ) නාථපුත්ත ආදී අය නිදසුන් ලෙස දැක්විය යුතුය.

ගාථාසු උභයන‍්ති උභයෙන සක‍්කාරෙන ච අසක‍්කාරෙන ච. සමාධි න විකම‍්පතීති න චලති, එකග‍්ගභාවෙන තිට‍්ඨති. කස‍්ස පන න චලතීති ආහ “අප‍්පමාදවිහාරිනො”ති. යො පමාදකරධම‍්මානං රාගාදීනං සුට‍්ඨු පහීනත‍්තා අප‍්පමාදවිහාරී අරහා, තස‍්ස. සො හි ලොකධම‍්මෙහි න විකම‍්පති. සුඛුමදිට‍්ඨිවිපස‍්සකන‍්ති ඵලසමාපත‍්තිඅත්‍ථං සුඛුමාය දිට‍්ඨියා පඤ‍්ඤාය අභිණ‍්හං පවත‍්තවිපස‍්සනත‍්තා සුඛුමදිට‍්ඨිවිපස‍්සකං. උපාදානක‍්ඛයාරාමන‍්ති චතුන‍්නං උපාදානානං ඛයං පරියොසානභූතං අරහත‍්තඵලං ආරමිතබ‍්බං එතස‍්සාති උපාදානක‍්ඛයාරාමං. සෙසං වුත‍්තනයමෙව.

ගාථාවන්හි උභයං යනු සත්කාරයෙන් ද අසත්කාරයෙන් ද යන දෙකින් සමාධි න විකම්පති යනු නො සෙල්වෙයි. එකඟ බවෙන්ම සිටියි. කවරෙකුගේ (සමාධිය) නො සෙල්වෙයි ද? අප්පමාණ විහාරිනො යනු යම් කෙනෙක් ප්‍රමාණකර ධර්ම වූ රාගාදිය මනාව ප්‍රහීණ වූ බැවින් අප්‍රමාණවිහාරී වූ රහතන් වහන්සේ නමක් වෙත් ද උන්වහන්සේගේ යයි කීහ. උන්වහන්සේ (අට) ලෝදහමින් කම්පා නොවෙති. සුඛුමදිට්ඨි විපස්සකං යනු ඵලසමාපත්ති ලැබීම සඳහා සියුම්ව දකින ප්‍රඥාවෙන් නිතර පවත්වන ලද විදර්ශනාව ඇති බැවින් සුඛුමදිට්ඨි විපස්සක නම් වේ. උපාදානක්‍ඛයාරාමං යනු සතර උපාදානයන්ගේ ක්‍ෂය වීම වූ අවසානය වූ අර්හත්ඵලයට මොහුගේ ඇලීම (ආරමිතබ්බං) යන අරුතින් උපාදානක්‍ඛයාරාම නම් වේ. ඉතිරිය කියන ලද අයුරින් දත යුතුය.

දුතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන සූත්‍රයයි.

3. දෙවසද‍්දසුත‍්තවණ‍්ණනා

3. දෙවශබ්ද සූත්‍ර වර්ණනාව

තතියෙ දෙවෙසූති ඨපෙත්‍වා අරූපාවචරදෙවෙ චෙව අසඤ‍්ඤදෙවෙ ච තදඤ‍්ඤෙසු උපපත‍්තිදෙවෙසු. දෙවසද‍්දාති දෙවානං පීතිසමුදාහාරසද‍්දා. නිච‍්ඡරන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං ආලාපසල‍්ලාපවසෙන පවත‍්තන‍්ති. සමයා සමයං උපාදායාති සමයතො සමයං පටිච‍්ච. ඉදං වුත‍්තං හොති – යස‍්මිං කාලෙ ඨිතා තෙ දෙවා තං කාලං ආගම‍්ම නං පස‍්සිස‍්සන‍්ති, තතො තං සමයං සම‍්පත‍්තං ආගම‍්මාති. “සමයං සමයං උපාදායා”ති ච කෙචි පඨන‍්ති, තෙසං තං තං සමයං පටිච‍්චාති අත්‍ථො.

තුන්වන සූත්‍රයෙහි දෙවෙසු යනු අරූපාවචර දෙවියන් ද අසඤ්ඤ දෙවියන් ද හැර අනිත් උත්පත්ති දෙවියන් අතර. දෙවසද්දා යනු දෙවියන්ගේ ප්‍රීතිය පළකරන ශබ්ද. නිච්ඡරන්ති යනු ඔවුනොවුන් අල්ලාප සල්ලාප වශයෙන් පවත්වති. සමයාසමයං උපාදාය යනු කලින් කල සලකා බලා මේ අදහස කියන ලද්දේ වෙයි. යම්කලෙක සිටියා වූ ඒ දෙවියෝ ඒ කාලයට පැමිණ ඔහු දකින්නාහ, එතැන් පටන් ඒ සපැමිණි කාලයට අවුත්. ‘සමයං සමයං උපාදාය’ යනුවෙන් ද ඇතැමෙක් කියති. ඒ වචනවල ඇත්තේ ඒ ඒ කාලය සලකා යන අර්ථයි.

යස‍්මිං සමයෙති යදා “අට‍්ඨිකඞ‍්කලූපමා කාමා”තිආදිනා (ම· නි· 1.234; පාචි· 417), “සම‍්බාධො ඝරාවාසො”තිආදිනා (දී· නි· 1.191; සං· නි· 2.154) ච කාමෙසු ඝරාවාසෙ ච ආදීනවා, තප‍්පටිපක‍්ඛතො නෙක‍්ඛම‍්මෙ ආනිසංසා ච සුදිට‍්ඨා හොන‍්ති, තස‍්මිං සමයෙ. තදා හිස‍්ස එකන‍්තෙන පබ‍්බජ‍්ජාය චිත‍්තං නමති. අරියසාවකොති අරියස‍්ස බුද‍්ධස‍්ස භගවතො සාවකො, සාවකභාවං උපගන‍්තුකාමො, අරියසාවකො වා අවස‍්සංභාවී. අන‍්තිමභවිකං සාවකබොධිසත‍්තං සන්‍ධාය අයමාරම‍්භො. කෙසමස‍්සුං ඔහාරෙත්‍වාති කෙසෙ ච මස‍්සුඤ‍්ච ඔහාරෙත්‍වා අපනෙත්‍වා. කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වාති කසායෙන රත‍්තතාය කාසායානි බ්‍රහ‍්මචරියං චරන‍්තානං අනුච‍්ඡවිකානි වත්‍ථානි නිවාසෙත්‍වා චෙව පාරුපිත්‍වා ච. අගාරස‍්මා අනගාරියං පබ‍්බජ‍්ජාය චෙතෙතීති අගාරස‍්මා ඝරා නික‍්ඛමිත්‍වා අනගාරියං පබ‍්බජ‍්ජං පබ‍්බජෙය්‍යන‍්ති පබ‍්බජ‍්ජාය චෙතෙති පකප‍්පෙති, පබ‍්බජතීති අත්‍ථො. එත්‍ථ ච යස‍්මා අගාරස‍්ස හිතං කසිවණිජ‍්ජාදිකම‍්මං අගාරියන‍්ති වුච‍්චති, තඤ‍්ච පබ‍්බජ‍්ජාය නත්‍ථි, තස‍්මා පබ‍්බජ‍්ජා අනගාරියන‍්ති ඤාතබ‍්බා.

යස්මිං සමයෙ යනු යම්කලෙක්හි (එනම්) ‘අට්ඨිකංඛලූපමා කාමා’ ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තෝය’ යනාදියෙන් ද ‘සම්බාධො ඝරාවාසො’ ‘ගිහිගෙයි වාසය බාධා සහිතය’ යනාදියෙන් ද කාමයන්හි ද ගිහිගෙයි වාසයෙහි ද ආදීනව (දොස්) ද එයට විරුද්ධ පක්‍ෂයෙන් කාමයන්ගෙන් නික්මීමේ අනුසස් ද මැනවින් දක්නා ලද්දේ වේද ඒ කාලයෙහි. එකල්හි ඒකාන්තයෙන් පැවිද්ද පිණිස ඔහුගේ සිත නැමෙයි. අරියසාවකො යනු ආර්ය වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, ශ්‍රාවකභාවයට එළඹෙනු කැමති තැනැත්තා නැතහොත් නොවරදවාම ආර්ය ශ්‍රාවකයෙක් වන තැනැත්තා, අන්තිම භවික ශ්‍රාවක වූ බෝධිසත්ත්වයා සඳහා මේ ආරම්භයයි. කෙසමස්සුං ඔහාරෙත්‍වා යනු කෙසේද රැවුල් ද බූගා දමා, ඉවත්කොට. කාසායානි වත්‍ථානි අච්ඡාදෙත්‍වා යනු කහටින් සායම් පෙවූ බැවින් කාසායානි කසාවත්, බඹසර හැසිරෙන්නවුන්ට සුදුසු වස්ත්‍ර හැඳ පොරවා. අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය චෙතෙති යනු ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්දට පත්වන්නෙමියි පැවිද්ද පිණිස සිතයි, කල්පනා කරයි, පැවිදි වෙයි යන අර්ථයි. මෙහි ගිහිගෙට (ගිහි ජීවිතයට = අගාරයට) යහපත් වූ ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු ‘අගාරි’ යයි කියනු ලැබේ. එය ද පැවිද්දෙහි නැත. එහෙයින් පැවිද්ද ‘අනගාරිය’යි දතයුතුය.

මාරෙනාති කිලෙසමාරෙන. සඞ‍්ගාමාය චෙතෙතීති යුජ‍්ඣනත්‍ථාය චිත‍්තං උප‍්පාදෙති, මාරං අභිවිජෙතුං සන‍්නය‍්හති. යස‍්මා පන එවරූපස‍්ස පටිපජ‍්ජනකපුග‍්ගලස‍්ස දෙවපුත‍්තමාරොපි අන‍්තරායාය උපක‍්කමති, තස‍්මා තස‍්සපි වසෙන මාරෙනාති එත්‍ථ දෙවපුත‍්තමාරෙනාතිපි අත්‍ථො වෙදිතබ‍්බො. තස‍්සාපි අයං ඉච‍්ඡාවිඝාතං කරිස‍්සතෙවාති. යස‍්මා පන පබ‍්බජිතදිවසතො පට‍්ඨාය ඛුරග‍්ගතො වා පට‍්ඨාය සීලානි සමාදියන‍්තො පරිසොධෙන‍්තො සමථවිපස‍්සනාසු කම‍්මං කරොන‍්තො යථාරහං තදඞ‍්ගප‍්පහානවික‍්ඛම‍්භනප‍්පහානානං වසෙන කිලෙසමාරං පරිපාතෙති නාම, න යුජ‍්ඣති නාම සම‍්පහාරස‍්ස අභාවතො, තස‍්මා වුත‍්තං “මාරෙන සද‍්ධිං සඞ‍්ගාමාය චෙතෙතී”ති.

මාරෙන යනු කෙලෙස් මාරයා සමග. සංගාමාය චෙතෙති යනු යුද පිණිස සිතක් උපදවයි. මාරයා පරාජය කිරීමට යුද ඇඳුම් ඇඳගනී. යම් හෙයකින් මෙසේ පිළපදින පුද්ගලයාට දේවපුත්ත මාරයා ද අනතුරු කිරීම පිණිස උපක්‍රම කරයි. එහෙයින් ‘මාරෙන’ යන මෙහි දේවපුත්‍ර මාරයා සමග ද යන අර්ථය දතයුතුය. මේ මාරයා ඔහුගේ බලාපොරොත්තු විනාශ කරන්නේමය. යම්හෙයකින් පැවිදි වූ දිනයේ පටන් හෝ හිස රැවුල් බෑමේ පටන් හෝ සිල් සමාදන් වෙමින් පිරිසිදු කරමින් සමථ විදර්ශනාවන්හි ක්‍රියා කරමින් සුදුසු පරිදි තදංග ප්‍රහාණ, විෂ්කම්භන ප්‍රහාණයන්ගේ වශයෙන් ක්ලේශ මාරයා හෙළාදමයි. ප්‍රහාරයක් නැති බැවින් යුද්ධ කිරීමක් නම් නැත. එහෙයින් ‘මාරෙන සද්ධිං සංගාමාය චෙතෙති’ ‘මාරයා සමග යුද පිණිස සිතයි’ යනුවෙන් කියන ලදී.

සත‍්තන‍්නන‍්ති කොට‍්ඨාසතො සත‍්තන‍්නං, පභෙදතො පන තෙ සත‍්තතිංස හොන‍්ති. කථං? චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්ච බලානි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති. එවං පභෙදතො සත‍්තතිංසවිධාපි සතිපට‍්ඨානාදිකොට‍්ඨාසතො සත‍්තෙව හොන‍්තීති වුත‍්තං “සත‍්තන‍්න”න‍්ති. බොධිපක‍්ඛියානන‍්ති බුජ‍්ඣනට‍්ඨෙන බොධීති ලද‍්ධනාමස‍්ස අරියපුග‍්ගලස‍්ස මග‍්ගඤාණස‍්සෙව වා පක‍්ඛෙ භවානං බොධිපක‍්ඛියානං, බොධිකොට‍්ඨාසියානන‍්ති අත්‍ථො. “බොධිපක‍්ඛිකාන”න‍්තිපි පාඨො, බොධිපක‍්ඛවන‍්තානං, බොධිපක‍්ඛෙ වා නියුත‍්තානන‍්ති අත්‍ථො. භාවනානුයොගමනුයුත‍්තොති විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරියමග‍්ගභාවනානුයොගමනුයුත‍්තො. විපස‍්සනාක‍්ඛණෙ හි සතිපට‍්ඨානාදයො පරියායෙන බොධිපක‍්ඛියා නාම, මග‍්ගක‍්ඛණෙයෙව පන තෙ නිප‍්පරියායෙන බොධිපක‍්ඛියා නාම හොන‍්ති.

සත්තන්නං යනු කොටස් වශයෙන් සතක්. ප්‍රභේද වශයෙන් ඒවා වනාහි තිස්හතක් වෙයි. කෙසේද? ‘සතර සතිපට්ඨාන, සතර සම්‍යක්පධාන, සතර සෘද්ධිපාද, පංච ඉන්‍ද්‍රිය, පංචබල, සත්තබොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය’ යනුයි. මෙසේ ප්‍රභේද වශයෙන් තිස්හත් ආකාර ද සතිපට්ඨානාදී කොටස් වශයෙන් හතක්ම වේ යයි ‘සත්තන්නං’ යනුවෙන් කියන ලදී. බොධිපක්‍ඛියානං යනු අවබෝධ කරන අර්ථයෙන් බෝධි යනුවෙන් ලබන ලද නම් ඇති ආර්ය පුද්ගලයාගේ මාර්ගඥානයට හෝ (බෝධි) පක්‍ෂයෙහි වූයේ = බෝධිපක්‍ඛියානං, බෝධි කොටසෙහි වූ යන අර්ථයි. ‘බෝධි පක්ඛිකානං’ යනු ද පාඨයකි. බෝධි පක්‍ෂයෙහි ඇති හෝ බෝධි පක්‍ෂයෙහි යෙදුනා වූ යන අර්ථයි. භාවනානුයොග මනුයුත්තො යනු විදර්ශනාවට උත්සාහකොට ආර්යමාර්ග භාවනාවෙහි යෙදුනේ. විදර්ශනා කරන මොහොතෙහි සතිපට්ඨානාදිය පරියායෙන් (අප්‍රධාන වශයෙන්) බෝධිපක්ඛිය නමි. (සෝවාන් ආදී) මාර්ගයට පත්වන මොහොතෙහි ඒවා වනාහි නිප්පරියායෙන් (ප්‍රධාන වශයෙන්) බෝධිපක්ඛිය නම් වෙයි.

ආසවානං ඛයාති කාමාසවාදීනං සබ‍්බෙසං ආසවානං ඛයා. ආසවෙසු හි ඛීණෙසු සබ‍්බෙ කිලෙසා ඛීණායෙව හොන‍්ති. තෙන අරහත‍්තමග‍්ගො වුත‍්තො හොති. අනාසවන‍්ති ආසවවිරහිතං. චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තින‍්ති එත්‍ථ චෙතොවචනෙන අරහත‍්තඵලසමාධි, පඤ‍්ඤාවචනෙන තංසම‍්පයුත‍්තා ච පඤ‍්ඤා වුත‍්තා. තත්‍ථ සමාධි රාගතො විමුත‍්තත‍්තා චෙතොවිමුත‍්ති, පඤ‍්ඤා අවිජ‍්ජාය විමුත‍්තත‍්තා පඤ‍්ඤාවිමුත‍්තීති වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං භගවතා –

ආසවානං ඛයා යනු කාම ආසව ආදී සියලු ආශ්‍රවයන්ගේ ගෙවීයාමෙන්, ආශ්‍රවයන් ගෙවුණු කල්හි සියලු කෙලෙස් ගෙවුනේම වෙයි. එයින් අර්හත් මාර්ගය කියන ලද්දේ වෙයි. අනාසවං යනු ආශ්‍රව රහිත. චෙතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං යන මෙහි ‘චෙතො’ යන වචනයෙන් අර්හත්ඵල සමාධිය ද පඤ්ඤා යන වචනයෙන් එය (ඒ සමාධිය) සමග යෙදුණු ප්‍රඥාව ද කියන ලදී. එහි සමාධිය රාගයෙන් මිදුණු බැවින් චෙතො විමුක්ති යයි ද ප්‍රඥාව අවිද්‍යාවෙන් මිදුණු බැවින් පඤ්ඤා විමුත්ති යයි ද දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් -

“යො හිස‍්ස, භික‍්ඛවෙ, සමාධි, තදස‍්ස සමාධින්‍ද්‍රියං. යා හිස‍්ස, භික‍්ඛවෙ, පඤ‍්ඤා, තදස‍්ස පඤ‍්ඤින්‍ද්‍රියං. ඉති ඛො, භික‍්ඛවෙ, රාගවිරාගා චෙතොවිමුත‍්ති, අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්තී”ති (සං· නි· 5.516).

‘යො හිස්ස භික්‍ඛවෙ සමාධි, තදස්ස සමාධින්‍ද්‍රියං, යා හිස්ස භික්‍ඛවෙ පඤ්ඤා, තදස්ස පඤ්ඤින්‍ද්‍රියං. ඉති ඛො භික්‍ඛවෙ රාග විරාගා චෙතො විමුත්ති, අවිජ්ජා විරාගා පඤ්ඤා විමුත්ති’ ‘මහණෙනි. ඔහුගේ යම් සමාධියක් ඇද්ද එය ඔහුගේ සමාධින්‍ද්‍රියයි. මහණෙනි, ඔහුගේ යම් ප්‍රඥාවක් ඇද්ද එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රියයි. මහණෙනි, මෙසේ රාගයේ නො ඇල්මෙන් චෙතො විමුත්තිය ද අවිද්‍යාවේ නො ඇලීමෙන් පඤ්ඤා විමුත්තිය ද වේ.

අපිචෙත්‍ථ සමථඵලං චෙතොවිමුත‍්ති, විපස‍්සනාඵලං පඤ‍්ඤාවිමුත‍්තීති වෙදිතබ‍්බා. දිට‍්ඨෙව ධම‍්මෙති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ. සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වාති අත‍්තනායෙව අභිවිසිට‍්ඨාය පඤ‍්ඤාය පච‍්චක‍්ඛං කත්‍වා අපරප‍්පච‍්චයෙන ඤත්‍වා. උපසම‍්පජ‍්ජ විහරතීති පාපුණිත්‍වා සම‍්පාදෙත්‍වා විහරති. තමෙව සඞ‍්ගාමසීසං අභිවිජිය අජ‍්ඣාවසතීති මාරං අභිවිජිනිත්‍වා විජිතවිජයත‍්තා තෙන කතසඞ‍්ගාමසඞ‍්ඛාතස‍්ස අරියමග‍්ගස‍්ස සීසභූතං අරහත‍්තඵලසමාපත‍්තිඉස‍්සරියට‍්ඨානං, අභිභවන‍්තො ආවසති, සමාපජ‍්ජති ඉච‍්චෙව අත්‍ථො. ඉමෙ ච දෙවසද‍්දා දිට‍්ඨසච‍්චෙසු දෙවෙසු පවත‍්තන‍්ති, විසෙසතො සුද‍්ධාවාසදෙවෙසූති වෙදිතබ‍්බං.

එහෙත් මෙහි සමථ ඵලය චෙතො විමුත්තිය, විදර්ශනා ඵලය පඤ්ඤා විමුත්තියයි දතයුතුය. දිට්ඨෙව ධම්මෙ යනු මේ ආත්මභාවයෙහිම. සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා යනු තමා විසින්ම අති විශිෂ්ට ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කොට අනුන්ගේ කියමනක් පිළිනොගෙන දැන. උපසම්පජ්ජ විහරති යනු පැමිණ සම්පාදනය කොට වාසය කරයි. තමෙව සංගාමසීසං අභිවිජිය අජ්ඣාවසති යනු මාරයා පරාජය කොට දිනන ලද ජයග්‍රහණය ඇති බැවින් ඔහු විසින් කරන ලද සංග්‍රාමය නම් වූ ආර්ය මාර්ගයේ ශීර්ෂය වූ අර්හත්ඵල සමාපත්තිය වූ ප්‍රධාන ස්ථානය මැඩගනිමින් වාසය කරයි. සමවදියි යන අර්ථයමය. මේ දේව ශබ්ද දක්නා ලද සත්‍ය ඇති දෙවියන් කෙරෙහි පවතී. විශේෂයෙන් සුද්ධාවාස දෙවියන් කෙරෙහි යයි දතයුතුය.

ගාථාසු මහන‍්තන‍්ති සීලාදිගුණමහත‍්තෙන මහන‍්තං. වීතසාරදන‍්ති සාරජ‍්ජකරානං කිලෙසානං අභාවෙන විගතසාරජ‍්ජං අපගතමඞ‍්කුභාවං. පුරිසාජඤ‍්ඤාති අස‍්සාදීසු අස‍්සාජානීයාදයො විය පුරිසෙසු ආජානීයභූතා උත‍්තමපුරිසා. දුජ‍්ජයමජ‍්ඣභූති පචුරජනෙහි ජෙතුං අසක‍්කුණෙය්‍යං කිලෙසවාහිනිං අභිභවි අජ‍්ඣොත්‍ථරි. “අජ‍්ජයී”තිපි පඨන‍්ති, අජිනීති අත්‍ථො. ජෙත්‍වාන මච‍්චුනො සෙනං, විමොක‍්ඛෙන අනාවරන‍්ති ලොකත‍්තයාභිබ්‍යාපනතො දියඩ‍්ඪසහස‍්සාදිවිභාගතො ච විපුලත‍්තා අඤ‍්ඤෙහි ආවරිතුං පටිසෙධෙතුං අසක‍්කුණෙය්‍යත‍්තා ච අනාවරං, මච‍්චුනො මාරස‍්ස සෙනං විමොක‍්ඛෙන අරියමග‍්ගෙන ජෙත්‍වා යො ත්‍වං දුජ‍්ජයං අජයි, තස‍්ස නමො, තෙ පුරිසාජඤ‍්ඤාති සම‍්බන්‍ධො.

ගාථාවන්හි - මහන්තං යනු ශීලාදී ගුණ මහත් බැවින් මහත් වූ වීතසාරදං යනු ඇලීම ඇතිකරන කෙලෙසුන්ගේ අභාවයෙන් පහ වූ ඇල්ම ඇති, පහවූ මකු බව ඇති (පහවූ අසතුටු සිත් ඇති) පුරිසාජඤ්ඤ යනු අශ්ව ආදීන් කෙරෙහි අශ්ව ආජානීය සතුන් මෙන් පුරුෂයන් අතර ආජානීය වූ උත්තම පුරුෂයන් වහන්ස, දුජ්ජය මජ්ජගු බොහෝ ජනයා විසින් දිනන්නට නොහැකි වූ ක්ලේශ වාහිනිය අභිභවනය කළහ. මැඩගත්හ. ‘අජ්ජයී’ යනුවෙන් ද කියති. දිනුවේය යන අර්ථයි. ජෙත්‍වාන මච්චුනො සෙනං විමොක්‍ඛෙන අනාවරං යනු තුන් ලෝකයෙහි පැතිරීම් වශයෙන් ද (කෙලෙස්) එක්දහස් පන්සියයක් ආදිය විභාග (බෙදීම්) වශයෙන්ද මහත් බැවින් අන්‍යයන් විසින් වළක්වාලීමට, ප්‍රතික්‍ෂේප කිරීමට නොහැකි බැවින් ද මාරයාගේ වැළැක්විය නොහැකි කෙලෙස් මරසෙනඟ විමෝක්‍ෂ වූ ආර්ය මාර්ගයෙන් දිනා ඔබවහන්සේ දිනීමට අපහසු වූ මරසෙනග දිනූ සේක් ද, ඒ ඔබවහන්සේට, නමො තෙ පුරිසාජඤ්ඤ ‘පුරුෂ ශ්‍රේෂ්ඨය, ඔබවහන්සේට නමස්කාර වේවා’ යනු සම්බන්ධ වෙයි.

ඉතීති වුත‍්තප‍්පකාරෙන. හි-ඉති නිපාතමත‍්තං. එතං පත‍්තමානසං අධිගතාරහත‍්තං ඛීණාසවං දෙවතා නමස‍්සන‍්තීති වුත‍්තමෙවත්‍ථං නිගමනවසෙන දස‍්සෙති. අථ වා ඉතීති ඉමිනා කාරණෙන. කිං පන එතං කාරණං? නමුචිසෙනාවිජයෙන පත‍්තමානසත‍්තං. ඉමිනා කාරණෙන තං දෙවතා නමස‍්සන‍්තීති අත්‍ථො. ඉදානි තං කාරණං ඵලතො දස‍්සෙතුං “තඤ‍්හි තස‍්ස න පස‍්සන‍්ති, යෙන මච‍්චුවසං වජෙ”ති වුත‍්තං. තස‍්සත්‍ථො – යස‍්මා තස‍්ස පුරිසාජඤ‍්ඤස‍්ස පණිධාය ගවෙසන‍්තාපි දෙවා අණුමත‍්තම‍්පි තං කාරණං න පස‍්සන‍්ති, යෙන සො මච‍්චුනො මරණස‍්ස වසං වජෙ උපගච‍්ඡෙය්‍ය. තස‍්මා තං විසුද‍්ධිදෙවා නමස‍්සන‍්තීති.

ඉති යනු කියන ලද ආකාරයෙන්. හි යනු නිපාත මාත්‍රයකි. එතං පත්තමානසං අවබෝධ කරන ලද අර්හත්වය ඇති ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේට දෙවතා නමස්සන්ති මෙසේ කියන ලද අර්ථයම නිගමන වශයෙන් දක්වයි. නැතහොත් ‘ඉති’ යනු මේ කාරණයෙන්, ඒ කාරණය නම් කුමක් ද? මාරසේනාව (පරාජය කිරීමෙන් ලත්) ජයග්‍රහණයෙන් පැමිණි අර්හත්වය ඇති. මේ කාරණයෙන් මෙසේ දෙවිවරු නමස්කාර කරති යන අර්ථයි. දැන් ඒ කාරණය ඵල වශයෙන් දක්වන්නට තං හි තස්ස න පස්සන්ති යෙන මච්චුවසං වජෙ යනුවෙන් කියන ලදී. එහි අර්ථය යම්හෙයකින් ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයා පිළිබඳව සොයන දෙවිවරු යම් කරුණක් කරණකොට උන්වහන්සේ මාරයාගේ වසඟයට යත්ද එබඳු අනුමත වූ කරුණක් නො දකිත් ද එහෙයින් විශුද්ධි දෙවිවරු නුඹවහන්සේට නමස්කාර කරති.

තතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තුන්වන සූත්‍රයයි.