යෙදුමෙන් කියවන්න

දෙවසද‍්දසුත‍්තං

3. 4. 3.

3. 4. 3.

[දෙවසද‍්දසුත‍්තං]

[දේවශබ්ද සූත්‍රය]

82. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

82. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. තයො’මෙ භික‍්ඛවෙ දෙවෙසු දෙවසද‍්දා නිච‍්ඡරන‍්ති සමයා සමයං උපාදාය. කතමෙ තයො?

1. මහණෙනි, දෙවියන් අතරැ මේ දිව්‍යශබ්දයෝ තිදෙනෙක් කලින් කල ඔවුනොවුන්ගේ කථාසංලාප වශයෙන් පවතිත්. කවර තිදෙනෙක් ද යත්:

යස‍්මිං භික‍්ඛවෙ සමයෙ අරියසාවකො කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජ‍්ජාය චෙතෙති. තස‍්මිං සමයෙ දෙවෙසු දෙවසද‍්දො නිච‍්ඡරති ‘එසො අරියසාවකො මාරෙන සද‍්ධිං සඞ‍්ගාමාය චෙතෙතී’ති. අයං භික‍්ඛවෙ පඨමො දෙවෙසු දෙවසද‍්දො නිච‍්ඡරති සමයා සමයං උපාදාය.

මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ පෙරව ගිහිගෙන් නික්මැ සසුන් වදනා පිණිස සිතා ද, එකලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මරහු සමග යුද පිණිස සිතා යැ”යි දෙවියන් අතරැ දිව්‍යශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කල දෙවියන් අතරැ මේ පළමු වන දිව්‍යමය ප්‍රීතිරාවය පවතී.

පුන චපරං භික‍්ඛවෙ යස‍්මිං සමයෙ අරියසාවකො සත‍්තන‍්නං බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගමනුයුත‍්තො විහරති, තස‍්මිං භික‍්ඛවෙ සමයෙ දෙවෙසු දෙවසද‍්දො නිච‍්ඡරති ‘එසො අරියසාවකො මාරෙන සද‍්ධිං සඞ‍්ගාමෙතී’ති. අයං භික‍්ඛවෙ දුතියො දෙවෙසු දෙවසද‍්දො නිච‍්ඡරති සමයා සමයං උපාදාය.

තවද මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙම (කොටස් වශයෙන්) සතක් වූ බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනායෙහි යෙදුනේ වාසය කෙරේ ද, මහණෙනි, එ කලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මරහු හා යුද කෙරේ යැ”යි දෙවියන් අතරැ දිව්‍යමය ප්‍රීතිශබ්දයෙක් පවතී. මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ දෙවෙනි දිව්‍යශබ්දය පවතී.

පුන චපරං භික‍්ඛවෙ යස‍්මිං සමයෙ අරියසාවකො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං භික‍්ඛවෙ සමයෙ දෙවෙසු දෙවසද‍්දො නිච‍්ඡරති “එසො අරියසාවකො විජිතසඞ‍්ගාමො තමෙව සඞ‍්ගාමසීසං අභිවිජිය අජ‍්ඣාවසතී”ති. අයං භික‍්ඛවෙ තතියො දෙවෙසු දෙවසද‍්දො නිච‍්ඡරති සමයා සමයං උපාදාය.

තවද මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වු අර්‍හත්ත්‍වඵලසමාධිය හා ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, මහණෙනි, එකලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිනූ යුද ඇත්තේ එ ම සංග්‍රාමශීර්‍ෂය දිනා වෙසේ යැ”යි දෙවියන් අතර දිව්‍යමය ශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ තෙවෙනි දිව්‍යශබ්දය පවතී.

ඉමෙ ඛො භික‍්ඛවෙ තයො දෙවෙසු දෙවසද‍්දා නිච‍්ඡරන‍්ති සමයා සමයං උපාදායා’ති.

මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ දිව්‍යශබ්දයෝ තිදෙන පවත්නාහ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “දිස‍්වා විජිතසඞ‍්ගාමං සම‍්මාසම‍්බුද‍්ධසාවකං, දෙවතා’පි නමස‍්සන‍්ති මහන‍්තං වීතසාරදං.

2. “දිනන ලද සංග්‍රාම ඇති ශීලාදි ගුණමහත්ත්‍වයෙන් මහත් වූ, පහ වූ බිය ඇති සම්‍යක්සම්බුද්ධශ්‍රාවකයා දැක දෙවියෝ ද මෙසේ නමස්කාර කෙරෙත්.

3. නමො තෙ පුරිසාජඤ‍්ඤ යො ත්‍වං දුජ‍්ජයමජ‍්ඣගා, ජෙත්‍වාන මච‍්චුනො සෙනං විමොක‍්ඛෙන අනාවරං.

3. යම් බඳු නුබ වහන්සේ අන්‍යයන් විසින් වළකා ලිය නොහැක්කා වු මරසෙනඟ ආර්‍ය්‍යමාර්‍ගයෙන් දිනා, දිනීමට දුෂ්කර වූ මරසෙනග මැඩලූ සේක් ද, පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ නුබ වහන්සේට නමස්කාර වේවා.

4. ඉති හෙතං නමස‍්සන‍්ති දෙවතා පත‍්තමානසං, තඤ‍්හි තස‍්ස න පස‍්සන‍්ති යෙන මච‍්චුවසං වජෙ”ති.

4. උක්තප්‍රකාරයෙන් පැමිණි අර්‍හත්ත්‍වය ඇති මේ ක්‍ෂීණාස්‍රවයාට දේවතාවෝ නමස්කාර කෙරෙත්. යම් හෙයෙකින් හෙතෙම මරහු වසයට පැමිණිය හෙන්නේ ද, ඒ පුරුෂෝත්තමයා පිළිබඳ එබඳු කාරණයක් දෙවියෝ නො දනිත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින්මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.