යෙදුමෙන් කියවන්න

සක‍්කාරසුත‍්තං

3. 4. 2.

3. 4. 2.

[සක‍්කාරසුත‍්තං]

[සත්කාර සූත්‍රය]

81. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

81. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා සක‍්කාරෙන අභිභූතා පරියාදින‍්නචිත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා අසක‍්කාරෙන අභිභූතා පරියාදින‍්නචිත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා සක‍්කාරෙන ච අසක‍්කාරෙන ච තදුභයෙන අභිභූතා පරියාදින‍්නචිත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා.

1. මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂයට පැමිණැ වූ කුසල් සිත් ඇති, ශරීර භේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයෙහි උපන්නාවූ සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂයට පැමිණැවූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන ඒ දෙකින් ම මඩනා ලද ක්‍ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ.

තං ඛො පනාහං භික‍්ඛවෙ නාඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා සුත්‍වා වදාමි. අපි ච භික‍්ඛවෙ යදෙව මෙ සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං තදෙවාහං වදාමි:

මහණෙනි, ඒ කාරණය වූ කලී මම් අන් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ අතින් අසා නො කියමි. වැළි මා විසින් යමක් ස්වයංඥාත ද (තමා විසින් දක්නා ලද ද) ස්වයංදෘෂ්ටද (තමා විසින් දක්නා ලද ද) ස්වයං විදිත ද (තමා විසින් ප්‍රකට කොට දන්නා ලද ද) එය ම මම් කියමි:

‘දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා සක‍්කාරෙන අභිභූතා පරියාදින‍්නචිත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා අසක‍්කාරෙන අභිභූතා පරියාදින‍්නචිත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා සක‍්කාරෙන ච අසක‍්කාරෙන ච තදුභයෙන අභිභූතා පරියාදින‍්නචිත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා’ති.

‘මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ල, ක්‍ෂයයට පැමිණැ වූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂේපිත කුසල් සිතැති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන එ දෙකින් ම මඩනා ලද, ක්‍ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ’ යනු යි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “යස‍්ස සක‍්කරියමානස‍්ස අසක‍්කාරෙන චූභයං, සමාධි න විකම‍්පති අප‍්පමාදවිහාරිනො.

2. “සත්කාර කරණු ලබන්නාවූ ද, අසත්කාරයෙන් නොතකා හරිනු ලබන්නා වූ ද අප්‍රමාද විහරණ ඇති යම් රහතකුගේ චිත්ත සමාධිය ඒ සත්කාර අසත්කාර දෙකින් ම නොසැලේ ද,

3. තං ඣායිනං සාතතිකං සුඛුමදිට‍්ඨිවිපස‍්සකං, උපාදානක‍්ඛයාරාමං ආහු සප‍්පුරිසො ඉතී”ති.

3. ධ්‍යාන කරණ සුලුවූ, සතතයෙන් පැවැති වීර්‍ය්‍ය ඇති, පලසමවත්හි සියුම් ප්‍රඥාවෙන් නිතර පැවැති විදසුන් ඇති, චතුරූපාදානයන්ගේ ක්‍ෂයය (අවසානය) වූ රහත්පලය ආරාම කොටැති උන්වහන්සේ සත්පුරුෂයා යැ යි කියත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් මෙසේ අසන ලදී.