යෙදුමෙන් කියවන්න

විතක‍්කසුත‍්තං

3. 4. 1.

3. 4. 1.

[විතක‍්කසුත‍්තං]

[විතර්‍ක සූත්‍රය]

80. වුත‍්තං හෙතං භගවතා, වුත‍්තමරහතා’ති මෙ සුතං:

80. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. තයො’මෙ භික‍්ඛවෙ අකුසලවිතක‍්කා. කතමෙ තයො? අනවඤ‍්ඤත‍්තිපටිසංයුත‍්තො විතක‍්කො. ලාභසක‍්කාරසිලොකපටිසංයුත‍්තො විතක‍්කො, පරානුද‍්දයතාපටිසංයුත‍්තො විතක‍්කො. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො අකුසලවිතක‍්කා’ති .

1. මහණෙනි, මේ අකුශල විතර්‍කයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් යත්: මෙරමාගෙන් අවඥා ලබනු නොකැමැති බව හා එක්ව යෙදුනු විතර්‍කය, ලාබ සත්කාර කීර්ති යන මොවුන් අරමුණු කිරීම් වශයෙන් ඇසුරු කළ විතර්‍කය, පරානුකම්පා ස්වරූප ගෙහසිතප්‍රේමය හා එක් ව යෙදුනු විතර්‍කය යන තිදෙන යි. මහණෙනි, මේ තිදෙනා අකුශල විතර්‍කයෝ වෙත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “අනවඤ‍්ඤත‍්තිසංයුත‍්තො ලාභසක‍්කාරගාරවො, සහනන්‍දී අමච‍්චෙහි ආරා සංයොජනක‍්ඛයා.

2. “අනුන් විසින් තමහට අවඥා කිරීම නො කැමැත්තෙන් යුක්ත වූ, ලාභ සත්කාරයන් ගරු කොට ගන්නා වූ රාජාමාත්‍යාදීන් හා අනනුලෝමික ගෘහීසංසර්‍ගයෙන් සතුටු වන (පුඟුල් තෙම) සංයෝජනක්‍ෂය කෙරෙන් (හෙවත් රහත්බව කෙරෙන්) දුරෙහි වේ.

3. යො ච පුත‍්තපසුං හිත්‍වා විවාහෙ සඞ‍්ගහානි ච, භබ‍්බො සො තාදිසො භික‍්ඛු ඵුට‍්ඨුං සම‍්බොධිමුත‍්තම”න‍්ති.

3. යමෙක් වනාහි අඹුදරුවන් හා සිවුපාවන් ද ආවාහවිවාහයන් ද පරිජනසඞ්ග්‍රයන් ද හැර දමා (සිටියේ) ද එබඳු වූ ඒ මහණ තෙමේ උතුම් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට (රහත්බවට පැමිණීමට) සුදුසු ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.