යෙදුමෙන් කියවන්න

පරිහාන සුත‍්තං

3. 3. 10.

3. 3. 10.

[පරිහාන සුත‍්තං]

[පරිහාණ සූත්‍රය]

79. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

79. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:

1. තයො’මෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ තයො? ඉධ භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු කම‍්මාරාමො හොති කම‍්මරතො කම‍්මාරාමතමනුයුත‍්තො, භස‍්සාරාමො හොති භස‍්සරතො භස‍්සාරාමතමනුයුත‍්තො, නිද‍්දාරාමො හොති නිද‍්දාරතො නිද‍්දාරාමතමනුයුත‍්තො. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති.

1. මහණෙනි, මේ ධර්‍මයෝ තිදෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්. කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි සේඛ මහණ තෙමේ කර්‍මාන්තයන්හි ඇලුනේ, කර්‍මාන්තයන්හි නිරත වූයේ කර්‍මාන්තාභිරතියෙහි යෙදුනේ, කථායෙහි ඇලුනේ, කථා මාර්‍ගයෙහි නිරත වූයේ කථාභිරතියෙහි යෙදුනේ, නිදීමෙහි ඇලුනේ, නිදීමෙහි නිරත වූයේ, නිද්‍රාභිරතියෙහි යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්‍මයෝ තිදෙන ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.

තයො’මෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ තයො? ඉධ භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු න කම‍්මාරාමො හොති න කම‍්මරතො න කම‍්මාරාමතමනුයුත‍්තො, න භස‍්සාරාමො හොති න භස‍්සරතො න භස‍්සාරාමතමනුයුත‍්තො න නිද‍්දාරාමො හොති න නිද‍්දාරතො න නිද‍්දාරාමතමනුයුත‍්තො. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති.

මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවත්නා මේ ධර්‍මයෝ තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ කර්‍මාන්තයන්හි නො ඇලුනේ; කර්‍මාන්තයන්හි නිරත නො වූයේ, කර්‍මාන්තාභිරතියෙහි නො යෙදුනේ, කථායෙහි නො ඇලුනේ, කථායෙහි නිරත නො වූයේ, කථාභිරතියෙහි නො යෙදුනේ, නිදීමෙහි නො ඇලුනේ, නිදීමෙහි නිරත නො වූයේ, නිද්‍රාභිරතියෙහි නො යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්‍මයෝ තුන් දෙන ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙසේ මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.

2. “කම‍්මාරාමො භස‍්සරතො නිද‍්දාරාමො ච උද‍්ධතො, අභබ‍්බො තාදිසො භික‍්ඛු ඵුට‍්ඨුං සම‍්බොධිමුත‍්තමං.

2. “කර්‍මාන්තයන්හි ඇලුනාවූ කථා මාර්‍ගයෙහි ඇලුනාවූ, නිද්‍රායෙහි ඇලුනාවූ, නොසංසුන් සිත් ඇති මෙ බඳු මහණ තෙම, උතුම් අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත සම්‍යක් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් නො වේ.

3. තස‍්මා හි අප‍්පකිච‍්චස‍්ස අප‍්පමිද‍්ධො අනුද‍්ධතො භබ‍්බො සො තාදිසො භික‍්ඛු ඵුට‍්ඨුං සම‍්බොධිමුත‍්තමන‍්ති.”

3. එහෙයින් අල්ප කෘත්‍ය ඇත්තෙක් ද, නිද්‍රා රහිතයෙක් ද, සංහුන් සිත් ඇත්තෙක් ද වන්නේ ය. එබඳු ඒ මහණ තෙමේ අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත සම්‍යක් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් වන්නේ ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.

වග‍්ගො තතියො.

තුන්වැනි වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ දිට‍්ඨී නිස‍්සරණං රූපං පුත‍්තො අවුට‍්ඨිකෙන ච සුඛා ච භින්‍දනා ධාතු පරිහානෙන තෙ දසා’ති.

දිට්ඨි දෙක, නිස්සරණ, රූප, අවුට්ඨික, සුඛ, භින්‍දන (භිදුර), ධාතුසංසන්‍දන, පරිහාණ සූත්‍රයැ යී ඔහු දස දෙනෙක.