පුබ‍්බනිමිත‍්තසුත‍්තං
3. 4. 4.
3. 4. 4.
[පුබ‍්බනිමිත‍්තසුත‍්තං]
[පූර්‍වනිමිත්ත සූත්‍රය]
83. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:
83. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. යදා භික‍්ඛවෙ දෙවො දෙවකායා චවනධම‍්මො හොති, පඤ‍්චස‍්ස පුබ‍්බනිමිත‍්තානි පාතුභවන‍්ති: මාලා මිලායන‍්ති, වත්‍ථානි කිලිස‍්සන‍්ති, කච‍්ඡෙහි සෙදා මුච‍්චන‍්ති, කායෙ දුබ‍්බණ‍්ණියං ඔක‍්කමති, සකෙ දෙවො දෙවාසනෙ නාභිරමතී’ති.
1. මහණෙනි, යම් කලෙක දෙවියෙක් දෙව්ලොවින් චුතවන ස්වභාව ඇත්තේ (එළැඹ සිටි මරණය ඇත්තේ) වේ ද, ඔහුට පෙරනිමිති පසෙක් පහළ වෙයි. එනම්: පැළැඳි මල් මැලැවෙයි. හැඳි වත් කිලිටි වෙයි. කිසිලි වලින් දහඩිය වැගිරෙයි. සිරුරෙහි දුර්වර්‍ණ බව ඇති වෙයි. ඒ දෙවි තෙම ස්වකීය දිව්‍යාසනයෙහි නො ඇලෙයි. (යන මේ පස යි.)
තමෙනං භික‍්ඛවෙ දෙවා ‘චවනධම‍්මො අයං දෙවපුත‍්තො’ති ඉති විදිත්‍වා තීහි වාචාහි අනුමොදන‍්ති: “ඉතො භො සුගතිං ගච‍්ඡ. සුගතිං ගන‍්ත්‍වා සුලද‍්ධලාභං ලභ. සුලද‍්ධලාභං ලභිත්‍වා සුප‍්පතිට‍්ඨිතො භවාහීති”.
මහණෙනි, දෙවියෝ “මේ දෙව්පුත් තෙම එළඹ සිටි මරණය ඇත්තේ යැ”යි මෙසේ දැන වචන තුණෙකින් ඒ දෙව්පුත් අස්වසත්: “පින්වත, මේ දෙව්ලොවින් චුත ව සුගතියට යව. සුගතියට ගොස් මනාගොට ලැබූ ලාභය ලබව. සුලද්ධලාභය ලැබ සුප්පතිට්ඨිත වව” (යන මේ තුන් වචනයෙනි).
එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “කින‍්නු ඛො භන‍්තෙ දෙවානං සුගතිගමනසඞ‍්ඛාතං, කිඤ‍්ච භන‍්තෙ දෙවානං සුලද‍්ධලාභසඞ‍්ඛාතං, කිම‍්පන භන‍්තෙ දෙවානං සුප‍්පතිට‍්ඨිතසඞ‍්ඛාතන‍්ති?”
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, දෙවියන්ගේ සුගතිගමනය යි කියන ලද්දේ කුමක් ද? ස්වාමීනි, දෙවියන්ගේ සුලද්ධලාභය නම් කිමෙක් ද? ස්වාමීනි, දෙවියන්ගේ මනාකොට පිහිටීම යැ යි කියන ලද්දේ කුමක් දැ? යි” මෙ බස් කීය.
“මනුස‍්සත‍්තං ඛො භික‍්ඛු දෙවානං සුගතිගමනසඞ‍්ඛාතං. යං මනුස‍්සභූතො සමානො තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ සද‍්ධං පටිලභති, ඉදං ඛො පන භික‍්ඛවෙ දෙවානං සුලද‍්ධලාභසඞ‍්ඛාතං. සා ඛො පනස‍්ස සද‍්ධා නිවිට‍්ඨා හොති මූලජාතා පතිට‍්ඨිතා දළ‍්හා අසංහාරියා සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මිං. ඉදං ඛො භික‍්ඛවෙ දෙවානං සුප‍්පතිට‍්ඨිතසඞ‍්ඛාතන‍්ති”.
මහණ, “මිනිසත්බව වනාහි දෙවියන්ගේ සුගතිගමනයැ යි කියන ලදී. මිනිසෙක් වූයේ ම බුදුන් විසින් වදාළ ධර්‍මවිනයෙහි යම් සැදැහැයෙක් ලබා ද, මහණෙනි, මෙය වනාහි දෙවියන්ගේ සුලද්ධලාභ ය යි කියන ලදී. එම සැදැහැය වූ කලී මොහුගේ සිත තුළට පිවිසියේ හටගත් මුල් ඇත්තේ පිහිටියේ ස්ථිර වූයේ, ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයෙහි අන් කිසිවකු විසින් හෝ ඉවත ලිය නොහැක්කේ වෙයි. මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ සුප්පට්ඨිත”යැ යි වදාරණ ලදී.
එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යදා දෙවො දෙවකායා චවති ආයුසඞ‍්ඛයා, තයො සද‍්දා නිච‍්ඡරන‍්ති දෙවානං අනුමොදතං:
2. “දෙවියෙක් තෙම ආයු ගෙවී යෑමෙන් යම් කලෙක දෙව්ලොවින් චුත වේ ද, එකල ඔහු අස්වසන දෙවියන්ගේ ශබ්දයෝ තිදෙනෙක් නික්මෙත්:
3. ‘ඉතො භො සුගතිං ගච‍්ඡ මනුස‍්සානං සහව්‍යතං, මනුස‍්සභූතො සද‍්ධම‍්මෙ ලභ සද‍්ධං අනුත‍්තරං.
3. ‘පින්වත, මේ දෙව්ලොවින් චුතව මනුෂ්‍යයන්ගේ සහභාවය වූ සුගතියට යව. මිනිස් වූයේ සද්ධර්‍මයෙහි නිරුත්තර වූ ශ්‍රද්ධාව ලබව.
4. සා තෙ සද‍්ධා නිවිට‍්ඨස‍්ස මූලජාතා පතිට‍්ඨිතා, යාවජීවං අසංහීරා සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ.
4. මොනොවට ප්‍රකාශ කරණ ලද සද්ධර්‍මයෙහි නුඹගේ ඒ සැදැහැය සිතට ඇතුළු වූයේ හටගත් මුල් ඇත්තේ පිහිටියේ, දිවි ඇතිතෙක් කිසිවෙකු විසිනුත් බැහැර ලිය නොහැකි ද වෙයි.
5. කායදුච‍්චරිතං හිත්‍වා වචීදුච‍්චරිතානි ච, මනොදුච‍්චරිතං හිත්‍වා යඤ‍්චඤ‍්ඤං දොසසඤ‍්හිතං.
5. කායදුශ්චරිතය ද වාග්දුශ්චරිතය ද මනෝදුශ්චරිතය ද හැරලා දෝෂසංහිත වූ වෙනත් අකුසල් ද හැරලා,
6. කායෙන කුසලං කත්‍වා වාචාය කුසලං බහුං, මනසා කුසලං කත්‍වා අප‍්පමාණං නිරූපධිං.
6. කයින් අප්‍රමාණ වූ උපධිරහිත වූ නොහොත් නිර්‍මල වූ කුසල් කොට වචනයෙන් බොහෝ කුසල් කොට සිතින් කුසල් කොට,
7. තතො ඔපධිකං පුඤ‍්ඤං කත්‍වා දානෙන තං බහුං, අඤ‍්ඤෙ’පි මච‍්චෙ සද‍්ධම‍්මෙ බ්‍රහ‍්මචරියෙ නිවෙසය.
7. ඉක්බිති දානයෙන් උපධිසම්පත් ඇති කරන්නා වූ ඒ ඒ පින් බහුල වශයෙන් කොට අන්‍ය වූ ද මිනිසුන් ධර්‍මයෙහි ද බඹසරෙහි ද පිහිටු වව.’
8. ඉමාය අනුකම‍්පාය දෙවා දෙවං යදා විදූ, චවන‍්තං අනුමොදන‍්ති එහි දෙව පුනප‍්පුනන‍්ති.”
8. දෙවියෝ යම් කලෙක චුතවන්නාවූ දෙවියකු දකිත් නම් එකලැ මෙම අනුකම්පාවෙන් කියන ලද පරිදි දුක් පහකරණු කැමැත්තෙන් ‘දෙවිය’ නැවැත නැවැත මෙහි එව”යි සතුටු කරවත්”.
අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.