යෙදුමෙන් කියවන්න

බහුජනහිතසුත‍්තං

3. 4. 5.

3. 4. 5.

[බහුජනහිතසුත‍්තං]

[බහුජනහිත සූත්‍රය]

84. වුත‍්තං හෙතං භගවතා, වුත‍්තමරහතා’ති මෙ සුතං:

84. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. තයො’මෙ (භික‍්ඛවෙ) පුග‍්ගලා ලොකෙ උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමෙ තයො?

1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලොවැ උපදනාහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදිත්. කවර තිදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං යඤ‍්ජනං, කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. අයං භික‍්ඛවෙ පඨමො පුග‍්ගලො ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

මහණෙනි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ (සුන්‍දරස්ථානයට පැමිණි හෙයින්) සුගත වූ ලෝකයන් දන්නා සුලු වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වූ චතුස්සත්‍යාවබෝධය කළා වූ භාග්‍යවත් වූ තථාගත තෙමේ මේ ලෝකයෙහි උපදී. උන්වහන්සේ මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරණ සේක. මහණෙනි, මේ පළමුවන පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.

පුන චපර, භික‍්ඛවෙ තස‍්සෙව සත්‍ථුසාවකො අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. අයං භික‍්ඛවෙ දුතියො පුග‍්ගලො ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

තව ද, මහණෙනි, ඒ ශාස්තෲන් වහන්සේගේ ම ශ්‍රාවක තෙමේ ක්‍ෂය කරණලද ආස්‍රව ඇත්තේ, වැස නිමවූ මගබඹසර ඇත්තේ, කොට නිමවන ලද සිවුමග කිස ඇත්තේ, බහා තබනලද කෙලෙස්බර ඇත්තේ, පැමිණි අර්‍හත්‍වය ඇත්තේ, ප්‍රහීණ වූ භවසංයෝජන ඇත්තේ, මනා කොට විශිෂ්ටඥානයෙන් දැන මිදුනේ රහත් වේ ද, හෙ තෙමේ ද මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරණ සේක. මහණෙනි, මේ දෙවෙනි පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.

පුන චපරං භික‍්ඛවෙ තස‍්සෙව සත්‍ථුසාවකො සෙඛො හොති පටිපදො බහුස‍්සුතො සීලවතූපපන‍්නො. සො’පි ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. අයං භික‍්ඛවෙ තතියො පුග‍්ගලො ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

තව ද මහණෙනි, ඒ ශාස්තෲන් වහන්සේගේ ම ශ්‍රාවක තෙමේ ශෛක්‍ෂප්‍රතිපත්ති ඇත්තේ බහුශ්‍රුත වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරාදි ශීලයෙන් හා ආරඤ්ඤිකාදි ධූතාඞ්ගයන්ගෙන් යුක්ත වූයේ ශෛක්‍ෂ පුද්ගලයෙක් වේ ද, හෙ තෙමේත් මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරයි. මහණෙනි, මේ තෙවෙනි පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “සත්‍ථා හි ලොකෙ පඨමො මහෙසි තස‍්සන්‍වයො සාවකො භාවිතත‍්තො, අථාපරො පාටිපදො’පි සෙඛො බහුස‍්සුතො සීලවතූපපන‍්නො.

2. “ලෝකයෙහි මහර්ෂි වූ ශාස්තෲන් වහන්සේ (ප්‍රථම පුද්ගලයා යි) උන්වහන්සේගේ අනුජාත වූ වඩනා ලද ශීල සමාධි ප්‍රඥා ඇති ශ්‍රාවකයා රහත් පුගුලා (දෙවෙනි පුද්ගලයා) යි. නැවත අන්‍ය වු නොනිමි පිළිවෙත් කිස ඇති බහුශ්‍රුත වූ ශීලයෙන් හා ධූතාඞ්ගයන්ගෙන් යුක්ත වූ ශෛක්‍ෂපුද්ගල තෙමේ (තෙවැන්නා) යි.

3. එතෙ තයො දෙවමනුස‍්සසෙට‍්ඨා පභඞ‍්කරා ධම‍්මමුදීරයන‍්තා, අපාපුරන‍්ති අමතස‍්ස ද‍්වාරං යොගා පමොචෙන‍්ති බහුජ‍්ජනෙ තෙ.

3. මේ තිදෙනා දෙවිමිනිසුන් අතරැ ශ්‍රේෂ්ඨයහ. ධර්‍මලෝකය කරණ හෙයින් ප්‍රභාකරයහ. සිවුසස් දම් දෙසන හෙයින් ධර්‍මදේශකයහ. ඔවුහු නිවන්දොර (ආර්‍ය්‍යමාර්‍ගය) විවෘත කරත්. කාමාදි චතුර්යෝගයෙන් බොහෝ ජනයා මුදත්.

4. යෙ සත්‍ථවාහෙන අනුත‍්තරෙන සුදෙසිතං මග‍්ගමනුක‍්කමන‍්ති, ඉධෙව දුක‍්ඛස‍්ස කරොන‍්ති අන‍්තං, යෙ අප‍්පමත‍්තා සුගතස‍්ස සාසනෙ”ති.

4. යම් කෙනෙක් තුමූ නිරුත්තර වූ සාර්‍ත්‍ථවාහකයාණන් (බුදුරදුන්) විසින් මොනොවට දෙසන ලද ආර්‍ය්‍යමාර්‍ගය අනුව යෙත් ද, යම් කෙනෙක් තුමූ බුදුසසුන්හි අප්‍රමාද වූවාහු ද (ඔවුහු) මේ අත්බව්හි ම දුක් කෙළවර කරත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.