යෙදුමෙන් කියවන්න

අසුභානුපස‍්සීසුත‍්තං

3. 4. 6.

3. 4. 6.

[අසුභානුපස‍්සීසුත‍්තං]

[අශුභානුදර්ශි සූත්‍රය]

85. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

85. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. අසුභානුපස‍්සී භික‍්ඛවෙ කායස‍්මිං විහරථ. ආනාපානසති ච වො අජ‍්ඣත‍්තං පරිමුඛං සූපට‍්ඨිතා හොතු. සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සිනො විහරථ. අසුභානුපස‍්සීනං භික‍්ඛවෙ කායස‍්මිං විහරතං යො සුභාය ධාතුයා රාගානුසයො සො පහීයති ආනාපානසතියා අජ‍්ඣත‍්තං පරිමුඛං සූපට‍්ඨිතාය යෙ බාහිරා විතක‍්කාසයා විඝාතපක‍්ඛිකා තෙ න හොන‍්ති. සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සීනං විහරතං යා අවිජ‍්ජා සා පහීයති, යා විජ‍්ජා සා උප‍්පජ‍්ජතී’ති.

1. මහණෙනි, කයෙහි අශුභාකාරය අනුව දක්නෝ ව වසවු. ආනාපානසතිය ද තොපගේ ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ කොට මොනොවට එළැඹ සිටියේ වේවා. සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ වසවු. මහණෙනි, කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ වසන්නහුට ශුභ අරමුණෙහි යම් කාමරාගානුශයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි. ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ ව (ආධ්‍යාත්ම අරමුණට යොමු වැ) ආනාපානසතිය මොනොවට එළැඹැ සිටි කල්හි දුඃඛපක්‍ෂයෙහි වූ යම් බාහිර විතර්‍කාශය (අප්‍රහීණ වූ ආශයානුගත වූ කාමවිතර්‍කාදි) කෙනෙක් වෙත් නම්, ඔහු නො වෙත්. සියලු සංස්කාරයන්හි අනිස් ලකුණ අනුව දක්නා සුලු ව වසන්නවුන්හට යම් අවිද්‍යාවෙක් වේ ද, එය පහ වෙයි. යම් විද්‍යාවෙක් (රහත්මඟනුවණෙක්) වේ ද, එය උපදී.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “අසුභානුපස‍්සී කායස‍්මිං ආනාපානෙ පතිස‍්සතො, සබ‍්බසඞ‍්ඛාරසමථං පස‍්සං ආතාපි සබ‍්බදා

2. “කයෙහි අශුභය අනුව දක්නා සුලු වූ, ආනාපානනිමිත්තෙහි එළැඹැ සිටි සිහි ඇති, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (නිවණ) දක්නා, හැම කල්හි අසුභානුපස්සනාදීන්හි යුක්තප්‍රයුක්ත (වෑයම් කරන්නා) වූ,

3. ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු යතො තත්‍ථ විමුච‍්චති, අභිඤ‍්ඤාවොසිතො සන‍්තො ස වෙ යොගාතිගො මුනී”ති.

3. දුක් ඈ විසින් දහමුත් ඇති සැටියෙන් දක්නා ඒ මහණ තෙම ඒකාන්තයෙන් ඒ නිවන් අරමුණෙහි රහත්පල විමුක්තියෙන් ඒකාන්තයෙන් මිදෙයි. (ආස්‍රවක්‍ෂයකරඥාන සඞ්ඛ්‍යාත) අභිඥායෙන් අවසන් කළ (සත්‍යප්‍රතිවේධය සම්බන්‍ධ) කෘත්‍ය ඇති, ඒ මුනි තෙමේ ඒකාන්තයෙන් (කාමයොගාදි සියලු) යෝගයන් ඉක්මවූයේ වේ.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති. ඡට‍්ඨං.

මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.