6. අසුභානුපස්සීසුත්තවණ්ණනා අට්ඨකථා
6. අසුභානුපස්සීසුත්තවණ්ණනා
6. අශුභානුදර්ශි සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අසුභානුපස්සීති අසුභං අනුපස්සන්තා ද්වත්තිංසාකාරවසෙන චෙව උද්ධුමාතකාදීසු ගහිතනිමිත්තස්ස උපසංහරණවසෙන ච කායස්මිං අසුභං අසුභාකාරං අනුපස්සකා හුත්වා විහරථ. ආනාපානස්සතීති ආනාපානෙ සති, තං ආරබ්භ පවත්තා සති, අස්සාසපස්සාසපරිග්ගාහිකා සතීති අත්ථො. වුත්තඤ්හෙතං “ආනන්ති අස්සාසො, නො පස්සාසො. පානන්ති පස්සාසො, නො අස්සාසො”තිආදි (පටි· ම· 1.160).
සයවන සූත්‍රයෙහි - අසුභානුපස්සී යනු අශුභයයි. ඒ අනුව බලන්නාහු, දෙතිස් ආකාර වශයෙන් ද උද්ධුමාතක ආදිය අතරින් ගන්නා ලද නිමිත්ත ළඟට පැමිණවීම් වශයෙන් ද කයෙහි අශුභය, අශුභකාරය අනුව බලනවුන් බවට පත්ව වාසය කරව්. ආනාපාන සති යනු ආනාපානයෙහි සතියයි. එය නිමිතිකොට පවත්නා සිහියයි. ආශ්වාස ප්‍රශ්වාසය අල්ලා ගන්නා වූ සතිය යන අර්ථයි. මේ කාරණය ‘ආනන්ති අස්සාසො නො පස්සාසො, ආපානන්ති පස්සාසො නො අස්සාසො’ ආන යනු ආශ්වාසයයි, ප්‍රශ්වාසය නොවේ. ආපාන යනු ප්‍රශ්වාසයයි, ආශ්වාසය නොවේ.’ යනාදියෙන් කියන ලදී.
වොති තුම්හාකං. අජ්ඣත්තන්ති ඉධ ගොචරජ්ඣත්තං අධිප්පෙතං. පරිමුඛන්ති අභිමුඛං. සූපට්ඨිතාති සුට්ඨු උපට්ඨිතා. ඉදං වුත්තං හොති – ආනාපානස්සති ච තුම්හාකං කම්මට්ඨානාභිමුඛං සුට්ඨු උපට්ඨිතා හොතූති. අථ වා පරිමුඛන්ති පරිග්ගහිතනිය්යානං. වුත්තඤ්හෙතං පටිසම්භිදායං – “පරීති පරිග්ගහට්ඨො, මුඛන්ති නිය්යානට්ඨො, සතීති උපට්ඨානට්ඨො, තෙන වුච්චති පරිමුඛං සති”න්ති (පටි· ම· 1.164). ඉමිනා චතුසතිපට්ඨානසොළසප්පභෙදා ආනාපානස්සතිකම්මට්ඨානභාවනා දස්සිතාති දට්ඨබ්බා.
වො යනු තොපගේ. අජ්ඣත්තං යන මෙහි ගෝචර අධ්‍යාත්මය (සිත) අදහස් කරන ලදී. පරිමුඛං යනු අභිමුඛව (ඉදිරියට ගෙන සූපට්ඨිතා යනු මනාව එළඹ සිටි. එයින් (මේ මතු කියන) අදහස කියන ලද්දේ වෙයි. තොපගේ ආනාපානසති කර්මස්ථානය ඉදිරියට ගෙන මනාව එළඹ සිටීවා. නැතහොත් ‘පරිමුඛං’ යනු පරිග්ගහිත නිය්‍යානයයි (අරමුණ අල්ලා ගැනීම හා එය ඉදිරියට ගෙන යාම) මේ කාරණය පටිසම්භිදාවෙහි ‘පරීති පරිග්ගහට්ඨො, මුඛන්ති නිය්යානට්ඨො, සතීති උපට්ඨානට්ඨො, තෙන වුච්චති පරිමුඛං සතිං’ ‘පරි’ යනු අල්ලාගැනීම යන අර්ථය යි. ‘මුඛං’ යනු (ඒ අල්ලාගත් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ) ඉදිරියට පවත්වාගෙන යන අර්ථය යි. ‘සති’ යනු එළඹ සිටි ළඟට පැමිණි යන අර්ථයයි, එහෙයින් පරිමුඛං සති යනුවෙන් කියන ලදී.’ ළඟට පැමිණි යන අර්ථයයි. එහෙයින් පරිමුඛං සතිං යි කියන ලදී’ යනුවෙන් කියනු ලැබේ. මෙයින් සතර සතිපට්ඨානයට අයත් දාසය ආකාර වූ ආනාපාන සති කර්මස්ථාන භාවනාව දක්වන ලදැයි දතයුතුය.
එවං සඞ්ඛෙපෙනෙව රාගචරිතවිතක්කචරිතානං සප්පායං පටිකූලමනසිකාරකායානුපස්සනාවසෙන සමථකම්මට්ඨානං විපස්සනාකම්මට්ඨානඤ්ච උපදිසිත්වා ඉදානි සුද්ධවිපස්සනාකම්මට්ඨානමෙව දස්සෙන්තො “සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සිනො විහරථා”ති ආහ. තත්ථ අනිච්චං, අනිච්චලක්ඛණං, අනිච්චානුපස්සනා, අනිච්චානුපස්සීති ඉදං චතුක්කං වෙදිතබ්බං. හුත්වා, අභාවතො, උදයබ්බයයොගතො, තාවකාලිකතො, නිච්චපටික්ඛෙපතො ච ඛන්ධපඤ්චකං අනිච්චං නාම. තස්ස යො හුත්වා අභාවාකාරො, තං අනිච්චලක්ඛණං නාම. තං ආරබ්භ පවත්තා විපස්සනා අනිච්චානුපස්සනා. තං අනිච්චන්ති විපස්සකො අනිච්චානුපස්සී. එත්ථ ච එකාදසවිධා අසුභකථා පඨමජ්ඣානං පාපෙත්වා, සොළසවත්ථුකා ච ආනාපානකථා චතුත්ථජ්ඣානං පාපෙත්වා, විපස්සනාකථා ච විත්ථාරතො වත්තබ්බා, සා පන සබ්බාකාරතො විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.737-740) කථිතාති තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බා.
මෙසේ කෙටියෙන්ම රාගචරිත-විතර්ක චරිත ඇති අයට ගැලපෙන පටිකූල මනසිකාර කායානුපස්සනා වශයෙන් සමථ කර්මස්ථානය ද විදර්ශනා කර්මස්ථානය ද නියමකොට (උගන්වා) දැන් ශුද්ධ විදර්ශනා කර්මස්ථානයම දක්වමින් සබ්බ සංඛාරෙසු අනිච්චානුපස්සී විහරථ සියලු සංස්කාරයන්හි අනිත්‍යානුපස්සීව වාසය කරව් යි කීහ. එහි අනිත්‍යය, අනිත්‍ය ලක්ෂණය, අනිත්‍ය අනුපස්සනාව, අනිත්‍ය අනුපස්සී යන මේ සතරේ සමූහය (චතුක්කය) දතයුතුය. ඇතිව නැතිවීම් වශයෙන් උදයව්‍යය (උදයබ්බය = ඇතිව නැතිවීම) යෙදීමෙන් ද තාවකාලික වශයෙන් ද නිත්‍යය ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් ද ස්කන්ධ පංචකය අනිත්‍ය නමි. ඒ ස්කන්ධ පංචකයේ ඇතිව නැතිවන ආකාරයක් වේද එය අනිත්‍ය ලක්ෂණය නමි. එය (අනිත්‍ය ලක්ෂණය) නිමිති කොට පවත්නා විදර්ශනාව අනිත්යානුපස්සනාවයි. එය අනිත්‍යය යනුවෙන් විදර්ශනා කරන තැනැත්තා අනිත්‍යානුපස්සී නමි. මෙහිද එකොළොස් ආකාර අශුභ කථාව ප්‍රථම ධ්‍යානයට පමුණුවා සොළොස් (16) ආකාර ආනාපාන කථාව චතුර්ථ ධ්‍යානයට පමුණුවා විදර්ශනා කථාව විස්තර වශයෙන් කිවයුතුය. ඒ කථාව සියලු ආකාරයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. එහි කියන ලද අයුරින්ම දතයුතුය.
ඉදානි අසුභානුපස්සනාදීහි නිප්ඵාදෙතබ්බං ඵලවිසෙසං දස්සෙතුං “අසුභානුපස්සීන”න්තිආදිමාහ. තත්ථ සුභාය ධාතුයාති සුභභාවෙ, සුභනිමිත්තෙති අත්ථො. රාගානුසයොති සුභාරම්මණෙ උප්පජ්ජනාරහො කාමරාගානුසයො. සො කෙසාදීසු උද්ධුමාතකාදීසු වා අසුභානුපස්සීනං අසුභනිමිත්තං ගහෙත්වා තත්ථ පඨමජ්ඣානං නිබ්බත්තෙත්වා තං පාදකං කත්වා විපස්සනං පට්ඨපෙත්වා අධිගතෙන අනාගාමිමග්ගෙන පහීයති, සබ්බසො සමුච්ඡින්දීයතීති අත්ථො. වුත්තඤ්හෙතං “අසුභා භාවෙතබ්බා කාමරාගස්ස පහානායා”ති (අ· නි· 9.3; උදා· 31).
දැන් අශුභානුපස්සනාදියෙන් උපදවා ගතයුතු ඵල විශේෂය දක්වන්නට ‘අසුභානු පස්සීනං’ යනාදිය කීහ. එහි සුභාය ධාතුයා යනු ශුභ භාවයෙහි, ශුභ නිමිත්තෙහි යන අර්ථයි. රාගානුසයො යනු ශුභ අරමුණෙහි ඉපදීමට සුදුසු කාමරාග අනුසයයි. සො ඒ කාමරාගානුසය කෙස් ආදිය අතුරින් හෝ උද්ධුමාතක ආදිය අතරින් හෝ අශුභානුපස්සීන්ගේ අශුභ නිමිත්ත ගෙන එහි ප්‍රථම ධ්‍යානය උපදවා එය පදනම් කොට විදර්ශනාව පටන්ගෙන අවබෝධ කරන ලද අනාගාමි මාර්ගයෙන් පහීයති සියලු ආකාරයෙන් සහමුලින් සිඳී යනු ලැබේ යන අර්ථයි. මේ කාරණය ‘අසුභා භාවෙතබ්බා කාමරාගස්ස පහානාය’ ‘කාමරාගයේ පහවීම පිණිස අශුභය වැඩිය යුතුය’ යනුවෙන් කියන ලදී.
බාහිරාති බහිද්ධාවත්ථුකත්තා අනත්ථාවහත්තා ච බාහිරා බහිභූතා. විතක්කාසයාති කාමසඞ්කප්පාදිමිච්ඡාවිතක්කා. තෙ හි අප්පහීනා ආසයානුගතා සති පච්චයසමවායෙ උප්පජ්ජනතො විතක්කාසයාති වුත්තා. කාමවිතක්කො චෙත්ථ කාමරාගග්ගහණෙන ගහිතො එවාති තදවසෙසා විතක්කා එව වුත්තාති වෙදිතබ්බා. විඝාතපක්ඛිකාති දුක්ඛභාගියා, ඉච්ඡාවිඝාතනිබ්බත්තනකා වා. තෙ න හොන්තීති තෙ පහීයන්ති. බ්යාපාදවිතක්කො, විහිංසාවිතක්කො, ඤාතිවිතක්කො, ජනපදවිතක්කො, අමරාවිතක්කො, අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො, ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො, පරානුද්දයතාපටිසංයුත්තො විතක්කොති අට්ඨ, කාමවිතක්කෙන සද්ධිං නවවිධා මහාවිතක්කා ආනාපානස්සතිසමාධිනා තන්නිස්සිතාය ච විපස්සනාය පුබ්බභාගෙ වික්ඛම්භිතා. තං පාදකං කත්වා අධිගතෙන අරියමග්ගෙන යථාරහං අනවසෙසතො පහීයන්ති. වුත්තම්පි චෙතං “ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදායා”ති (අ· නි· 9.3; උදා· 31).
බාහිරා යනු බාහිර වස්තු ඇති බැවින් ද අනර්ථය ගෙනදෙන හෙයින් ද බාහිර වූ - පිටත වූ. විතක්කාසයා යනු කාම කල්පනාදී වැරදි විතර්ක. පහනොවූ ආසය අනුව ගිය ඒවා ප්‍රත්‍ය සමවාය (එක්වීම) ඇති කල්හි ඉපදීම් වශයෙන් ‘විතක්කාසයා’යි කියන ලදී. මෙහි කාමරාගය ගැනීමෙන් කාම විතර්කයද ගන්නා ලද්දේය. මෙසේ එයට අවශේෂ වූ විතර්කම කියන ලදැයි දතයුතුය. විඝාත පක්ඛිකා යනු දුක් පැත්තෙහි වූ හෝ බලාපොරොත්තු විනාශ කිරීම ඇතිකරන. තෙ න හොන්ති යනු ඒවා පහවෙයි. ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ඤාති විතර්ක, ජනපද විතර්ක, අමරා විතර්ක, අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්ක, ලාභ සත්කාර සිලොක පටිසංයුත්ත විතර්ක, පරානුද්දයතා පටිසංයුත්ත විතර්ක යන අට කාම විතර්කය සමග නවවිධ මහා විතර්ක අනාපාන සමාධියෙන් ද එය ඇසුරු කොට ඇති විදර්ශනාවේ පූර්ව භාගයෙන් මුල් අවස්ථාවෙන්) ද විෂ්කම්භනය (යටපත් කිරීම) කරන ලදුව එය පදනම්කොට ලබාගත් ආර්ය මාර්ගයෙන් සුදුසු පරිදි ඉතිරි නොකොට ප්‍රහීණ වෙයි. මේ කාරණය ‘ආනාපාන සති භාවෙතබ්බා විතක්කූපච්ඡෙදාය’ යනුවෙන් කියන ලදී.
යා අවිජ්ජා, සා පහීයතීති යා සච්චසභාවපටිච්ඡාදිනී සබ්බානත්ථකාරී සකලස්ස වට්ටදුක්ඛස්ස මූලභූතා අවිජ්ජා, සා අනිච්චානුපස්සීනං විහරතං සමුච්ඡිජ්ජති. ඉදං කිර භගවතා අනිච්චාකාරතො වුට්ඨිතස්ස සුක්ඛවිපස්සකඛීණාසවස්ස වසෙන වුත්තං. තස්සායං සඞ්ඛෙපත්ථො – තෙභූමකෙසු සබ්බසඞ්ඛාරෙසු අනිච්චාදිතො සම්මසනං පට්ඨපෙත්වා විපස්සන්තානං යදා අනිච්චන්ති පවත්තමානා වුට්ඨානගාමිනීවිපස්සනා මග්ගෙන ඝටීයති, අනුක්කමෙන අරහත්තමග්ගො උප්පජ්ජති, තෙසං අනිච්චානුපස්සීනං විහරතං අවිජ්ජා අනවසෙසතො පහීයති, අරහත්තමග්ගවිජ්ජා උප්පජ්ජතීති. අනිච්චානුපස්සීනං විහරතන්ති ඉදං අනිච්චලක්ඛණස්ස තෙසං පාකටභාවතො ඉතරස්ස ලක්ඛණද්වයස්ස ගහණෙ උපායභාවතො වා වුත්තං, න පන එකස්සෙව ලක්ඛණස්ස අනුපස්සිතබ්බතො. වුත්තඤ්හෙතං “යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා”ති (සං· නි· 3.15). අපරම්පි වුත්තං “අනිච්චසඤ්ඤිනො හි, මෙඝිය, අනත්තසඤ්ඤා සණ්ඨාති, අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාතී”ති.
යා අවිජ්ජා සා පහීයති යනු සත්‍ය ස්වභාවය වසන්නා වූ සියලු අනර්ථකාරි සියලු සංසාර දුකට මුල් වූ යම් අවිද්‍යාවක් වේද, අනිත්යනුපස්සීව වාසය කරන්නවුන්ගේ එය සහමුලින් සිඳෙයි. මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය ආකාරයෙන් නැගී සිටි ශුෂ්ක විදර්ශක ක්ෂීණාශ්රවයන් වහන්සේගේ වශයෙන් කියන ලදී. මේ එහි කෙටි අර්ථයයි. භූමි තුනට අයත් සියලු සංස්කාරයන් අතරින් අනිත්‍යදී වශයෙන් විමසා බැලීම පටගෙන අනිත්‍යයයි පවත්නා වූ වුට්ඨානගාමිනී විදර්ශනා මාර්ගයෙන් උත්සාහ කෙරේද, අනුක්රමයෙන් අර්හත් මාර්ගය උපදී. ඒ අනිත්‍යානුපස්සීව වාසය කරනවුන්ගේ අවිද්‍යාව ඉතිරි නැතිව පහවෙයි. අර්හත් මාර්ග විද්‍යාව උපදී. ‘අනිච්චානුපස්සීනං විහරතං’ යන මෙය ඔවුන්ට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට බැවින් අනිත් ලක්ෂණ දෙක ගැනීමේ උපාය බැවින් හෝ කියන ලදී. එකම ලක්ෂණයක් අනුපස්සනා කිරිම් වශයෙන් නොවේ. මේ කාරණය ‘යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදන්නතා’ යමක් අනිත්‍ය ද එය දුකය, යමක් දුක ද එය අනාත්මය’ යනුවෙන් කියන ලදී. ‘අනිච්චසඤ්ඤිනො හි මෙඝිය අනත්තසඤ්ඤා සණඨාති, අනත්තසඤ්ඤී අස්මිමාන සමුග්ඝාතං පාපුණාති’ ‘මෙඝිය අනිත්‍ය සංඥාව ඇත්තාට අනත්තසඤ්ඤාව පිහිටයි. අනත්ත සඤ්ඤාව ඇති තැනැත්තා අස්මිමානය සහමුලින් නැසීමට පැමිණෙයි’ යනුවෙන් අනිකක් ද කියන ලදී.
ගාථාසු ආනාපානෙ පටිස්සතොති ආනාපානනිමිත්තස්මිං පටි පටි සතො, උපට්ඨිතස්සතීති අත්ථො. පස්සන්ති ආසවක්ඛයඤාණචක්ඛුනා සඞ්ඛාරූපසමං නිබ්බානං පස්සන්තො. ආතාපී සබ්බදාති අන්තරාවොසානං අනාපජ්ජිත්වා අසුභානුපස්සනාදීසු සතතං ආතාපී යුත්තප්පයුත්තො, තතො එව යතො වායමමානො, නියතො වා සම්මත්තනියාමෙන තත්ථ සබ්බසඞ්ඛාරසමථෙ නිබ්බානෙ අරහත්තඵලවිමුත්තියා විමුච්චති. සෙසං වුත්තනයමෙව.
ගාථාවන්හි ආනාපානෙ පතිස්සතො යන මෙහි ආනාපාන නිමිත්තෙහි එළඹි එළඹි සිහි ඇති, එළඹි සිහිය යන අර්ථයි. පස්සං යනු ආශ්‍රවයන් ක්ෂය කරන ඤාණ ඇසින් සංස්කාර සන්සිඳීම වූ නිවන දකින්නා වූ. ආතාපී සබ්බදා යන අතරතුර කෙළවර කිරීමකට නොපැමිණ අශුභානුපස්සනා ආදියෙහි නිතර කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සුදුසු පරිදි යෙදෙන, එහෙයින්ම යතො වෑයම් කරමින්, නැතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වෑයම් කරමින්, තත්ථ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම වූ නිවනෙහි අරහත්ඵල විමුක්තියෙන් මිදෙයි. ඉතිරිය කියන ලද ක්‍රමයමය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
හයවන සූත්‍රයයි.
7. ධම්මානුධම්මපටිපන්නසුත්තවණ්ණනා
7. ධර්මානුධර්මප්රතිපන්න සූත්‍ර වර්ණනාව
සත්තමෙ ධම්මානුධම්මපටිපන්නස්සාති එත්ථ ධම්මො නාම නවවිධො ලොකුත්තරධම්මො, තස්ස ධම්මස්ස අනුධම්මො සීලවිසුද්ධිආදි පුබ්බභාගපටිපදාධම්මො, තං ධම්මානුධම්මං පටිපන්නස්ස අධිගන්තුං පටිපජ්ජමානස්ස. අයමනුධම්මො හොතීති අයං අනුච්ඡවිකසභාවො පතිරූපසභාවො හොති. වෙය්යාකරණායාති කථනාය. ධම්මානුධම්මපටිපන්නොයන්ති යන්ති කරණත්ථෙ පච්චත්තවචනං. ඉදං වුත්තං හොති – යෙන අනුධම්මෙන තං ධම්මානුධම්මං පටිපන්නොති බ්යාකරමානො සම්මදෙව බ්යාකරොන්තො නාම සියා, න තතොනිදානං විඤ්ඤූහි ගරහිතබ්බො සියාති. යන්ති වා කිරියාපරාමසනං, තෙනෙතං දස්සෙති “යදිදං ධම්මස්සෙව භාසනං, ධම්මවිතක්කස්සෙව ච විතක්කනං තදුභයාභාවෙ ඤාණුපෙක්ඛාය, අයං ධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛුනො තථාරූපො අයන්ති කථනායානුරූපහෙතු අනුච්ඡවිකකාරණං. භාසමානො ධම්මංයෙව භාසෙය්යාති කථෙන්තො චෙ දසකථාවත්ථුධම්මංයෙව කථෙය්ය, න තප්පටිපක්ඛමහිච්ඡතාදිඅධම්මං. වුත්තඤ්හෙතං –
සත්වන සූත්‍රයෙහි - ධම්මානුධම්ම පටිපන්නස්ස යන මෙහි ධම්ම නම් නවවිධ ලෝකෝත්තර ධර්මයයි. ඒ ධර්මයේ අනුධර්මය (එනම්) ශීල විශුද්ධි ආදී පූර්වභාග ප්‍රතිපදා ධර්මයයි. ඒ ධර්මානුධර්මයට පිළිපන් ඒ ධර්මානුධර්මය ලබන්නට පිළිපදින්නා වූ (භික්ෂුවට) අයමනුධම්මො හොති යනු මේ සුදුසු ස්වභාවය, යෝග්‍ය ස්වභාවය වෙයි. වෙය්යාකරණාය යනු කීම පිණිස. ධම්මානුධම්ම පටිපන්නො යං ‘යං’ යනු කරණාර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනයයි. යම් අනුධර්මයකින් ඔහු ඒ ධර්මානුධර්මයට පිළිපන්නේ යයි කියන්නේ ද එය මනාකොට කියන්නේ නම් වෙයි. ඒ හේතුවෙන් ඔහු නුවණැත්තන් විසින් ගැරහිය යුතු නොවන්නේය යන මෙය කියන ලද්දේ වෙයි. ‘යං’ යනු ක්‍රියා පරාමර්ශනය හෝ වෙයි. එයින් මේ ධර්මයම කීම, ධර්ම විතර්කයම විතර්ක කිරිම, ඒ දෙක නැති කල්හි ඥාන උපේක්ෂාවෙන් යුක්ත වීම ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුවට මොහු මෙසේ යයි කීමට අනුරූප හේතු, සුදුසු කාරණයයි (දක්වයි). භාසමානො ධම්මංයෙව භාසෙය්ය යනු ඉදින් කථා කරන්නේ දසකථා වස්තු ධර්මයම කථා කරන්නේය. එයට ප්‍රතිවිරුද්ධ මහිච්ඡාතාදි අධර්මයක් කථා නොකරන්නේය. මේ කාරණය :
“යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. සෙය්යථිදං – අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා, එවරූපාය කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී”ති (අ· නි· 9.3; උදා· 31).
‘යම් කථාවක් කෙලෙස් කපා දැමීමට හිතද සිතේ පැහැදිලි කිරීම නම් වූ සමථ විදර්ශනාවන්ට ගැලපේද ඒකාන්තයෙන් සසරෙහි කළකිරීම පිණිස, සසරෙහි නො ඇලීම පිණිස, සසරෙහි නැවැත්ම පිණිස, සසරෙහි සංසිඳීම පිණිස, සසර ගැන විශේෂයෙන් දැනගැනීම පිණිස, කෙලෙස් නින්දෙන් තොරවීමෙන් සසරින් අවදිවීම පිණිස, නිවන පිණිස පවතී ද කෙසේද? ආසාවන් අඩු කිරීම පිළිබඳ කථා, ලද සිවුපසයෙන් සතුටුවීම පිළිබඳ කථා, කාය-චිත්ත-උපධි යන විවේක තුන පිළිබඳ කථා, දැකීම, ඇසීම, කථාකිරීම, ඇඳුම් ආදිය පරිහරණය, අත්පා ඇල්ලීම් ආදී පස්ආකාර සංසර්ගයෙන් තොරවීම පිළිබඳ කථා, වීර්යය ආරම්භ කිරීම පිළිබඳ කථා, සීලය පිළිබඳ කථා, සමාධිය පිළිබඳ කථා, ප්‍රඥාව පිළිබඳ කථා, විමුක්තිය පිළිබඳ කථා, දහනව ආකාර ප්රත්යවේක්ෂණය පිළිබඳ කථා නම් වූ විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කථා, මෙබඳු කථාවන් කැමති පරිදි ලබන්නෙක් වෙයි, පහසුවෙන් ලබන්නෙක් වෙයි. බොහෝ කොට ලබන්නෙක් වෙයි.’ යනුවෙන් කියන ලදී.
අභිසල්ලෙඛිකාය කථාය ලාභී එව හි තං භාසෙය්ය. එතෙන කල්යාණමිත්තසම්පදා දස්සිතා.
කෙලෙස් කපා හරින කථා අසන්නට ලබන තැනැත්තාම එය කියන්නේය. මෙයින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය දක්වන ලදී.
ධම්මවිතක්කන්ති නෙක්ඛම්මවිතක්කාදිං ධම්මතො අනපෙතං විතක්කයතො “සීලාදිපටිපදං පරිපූරෙස්සාමී”ති උපරූපරි උස්සාහො අභිවඩ්ඪිස්සති. සො පන විතක්කො සීලාදීනං අනුපකාරධම්මෙ වජ්ජෙත්වා උපකාරධම්මෙ අනුබ්රූහනවසෙන හානභාගියභාවං අපනෙත්වා ඨිතිභාගියභාවෙපි අට්ඨත්වා විසෙසභාගියතං නිබ්බෙධභාගියතඤ්ච පාපනවසෙන පවත්තියා අනෙකප්පභෙදො වෙදිතබ්බො. නො අධම්මවිතක්කන්ති කාමවිතක්කං නො විතක්කෙය්යාති අත්ථො. තදුභයං වා පනාති යදෙතං පරෙසං අනුග්ගහණත්ථං ධම්මභාසනං අත්තනො අනුග්ගහණත්ථං ධම්මවිතක්කනඤ්ච වුත්තං. අථ වා පන තං උභයං අභිනිවජ්ජෙත්වා අප්පටිපජ්ජිත්වා අකත්වා. උපෙක්ඛකොති තථාපටිපත්තියං උදාසීනො සමථවිපස්සනාභාවනමෙව අනුබ්රූහන්තො විහරෙය්ය, සමථපටිපත්තියං උපෙක්ඛකො හුත්වා විපස්සනායමෙව කම්මං කරොන්තො විහරෙය්ය. විපස්සනම්පි උස්සුක්කාපෙත්වා තත්ථපි සඞ්ඛාරුපෙක්ඛාඤාණවසෙන උපෙක්ඛකො යාව විපස්සනාඤාණං මග්ගෙන ඝටීයති, තාව යථා තං තික්ඛං සූරං පසන්නං හුත්වා වහති, තථා විහරෙය්ය සතො සම්පජානොති.
ධම්ම විතක්කං යනු ධර්මයෙන් ඉවත් නොවූ නෙක්ඛම්ම විතක්කාදිය කල්පනා කරමින් ශීලාදී ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නෙමියි මතු මත්තෙහි උත්සාහ කරන්නේය. ශීලාදියට උපකාර නොවන ධර්මයන් දුරුකොට උපකාරක ධර්මයන් වැඩීම් වශයෙන් ද පිරිහෙන පැත්තට අයත් බව ඉවත් කොට පවතින පැත්තට අයත් බවෙහි ද නොසිට දියුණුවන පැත්තට ද විදර්ශනාව පැත්තට ද පැමිණවීම් වශයෙන් පැවති නොයෙක් ප්‍රභේද ඇති ඒ විතර්කය දතයුතුය. නො අධම්ම විතක්කං යනු කාම විතර්කයක් කල්පනා නොකරන්නේය යන අර්ථයි. තදුභයං වා පන යනු අනුන්ට අනුග්‍රහ පිණිස යම් මේ ධර්මය කීමක් කියන ලද ද තමාට අනුග්‍රහ පිණිස ධර්මය ගැන කල්පනා කිරීමද කියන ලදී. නැතහොත් ඒ දෙකම අභිනිවජ්ජෙත්වා නොපිළිපැද, නොකොට. උපෙක්ඛකො යනු එසේ ප්රතිපත්තියෙහි උදාසීන වූයේ සමථ විදර්ශනා භාවනාවම වඩමින් වාසය කරන්නේය. සමථ ප්රතිපත්තියෙහි හෝ උපේක්ෂාවෙන් යුක්ත වූවෙක් වී විදර්ශනාවෙහිම කටයුතු කරමින් වාසය කරන්නේය. විදර්ශනාවට උත්සාහවත් කරවා එහි ද සංස්කාර උපේක්ෂා ඥාන වශයෙන් උපේක්ෂාවෙන් යුක්ත වූවෙක් වී විදර්ශනා ඥානය මාර්ගයෙන් ගැලපෙන තුරු එය බලවත්ව සූරව ප්‍රසන්නව උසුලයි ද එසේ සිහි නුවණින් වාසය කරන්නේය.
ගාථාසු සමථවිපස්සනාධම්මො ආරමිතබ්බට්ඨෙන ආරාමො එතස්සාති ධම්මාරාමො. තස්මිංයෙව ධම්මෙ රතොති ධම්මරතො. තස්සෙව ධම්මස්ස පුනප්පුනං විචින්තනතො ධම්මං අනුවිචින්තයං තං ධම්මං ආවජ්ජෙන්තො, මනසි කරොන්තොති අත්ථො. අනුස්සරන්ති තමෙව ධම්මං උපරූපරිභාවනාවසෙන අනුස්සරන්තො. අථ වා විමුත්තායතනසීසෙ ඨත්වා පරෙසං දෙසනාවසෙන සීලාදිධම්මො ආරමිතබ්බට්ඨෙන ආරාමො එතස්සාති ධම්මාරාමො. තථෙව තස්මිං ධම්මෙ රතො අභිරතොති ධම්මරතො. තෙසංයෙව සීලාදිධම්මානං ගතියො සමන්වෙසන්තො කාමවිතක්කාදීනං ඔකාසං අදත්වා නෙක්ඛම්මසඞ්කප්පාදිධම්මංයෙව අනුවිචින්තනතො ධම්මං අනුවිචින්තයං. තදුභයං වා පන ඔළාරිකතො දහන්තො අජ්ඣුපෙක්ඛිත්වා සමථවිපස්සනාධම්මමෙව උපරූපරි භාවනාවසෙන අනුස්සරන්තො අනුබ්රූහනවසෙන පවත්තෙන්තො. සද්ධම්මාති සත්තතිංසප්පභෙදා බොධිපක්ඛියධම්මා නවවිධලොකුත්තරධම්මා ච න පරිහායති, න චිරස්සෙව තං අධිගච්ඡතීති අත්ථො.
ගාථාවන්හි - මොහුට සමථ-විදර්ශනා ධර්මය සිත් ඇලවිය යුතු අර්ථයෙන් ආරාමය වේ. ඒ අරුතින් ධම්මාරාමො වෙයි. ඒ ධර්මයෙහිම ඇලුණේය යන අරුතින් ධම්මරතො වෙයි. නැවත නැවත ඒ ධර්මයම සිතන හෙයින් ධම්මං අනුවිචින්තයං වෙයි. ඒ ධර්මය ආවර්ජනය කරන්නේ මෙනෙහි කරන්නේ යන අර්ථයි. අනුස්සරං යනු ඒ ධර්මයම මතු මත්තෙහි භාවනා වශයෙන් සිහිකරන්නේ. නැතහොත් විමුත්තායතන ශීර්ෂයෙහි සිට අනුන්ට දේශනා කිරීම් වශයෙන් ශීලාදි ධර්මය සිත් ඇලවිය යුතු අර්ථයෙන් මොහුට ආරාමයයි යන අරුතින් ‘ධම්මාරාමො’ වෙයි. එසේම ඒ ධර්මයෙහි ඇලුණේය යන අරුතින් ‘ධම්මරතො’ නම් වෙයි. ඒ ශීලාදී ධර්මයන්ගේ පැවැත්ම සොයමින් කාම විතර්කාදියට අවස්ථාවක් නොදී නෙක්ඛම්ම සංකප්ප ආදී ධර්මයම සිතන හෙයින් ‘ධම්මං අනුවිචින්තයං’ වෙයි. ඒ දෙකම හෝ ඕළාරික වශයෙන් පිළිගනිමින් මධ්‍යස්ථ වී සමථ විදර්ශනා ධර්මයම මතුමත්තෙහි භාවනා වශයෙන් සිහිකරමින් - වැඩීම් වශයෙන් පවත්වමින්. සද්ධම්මා යනු ප්‍රභේද වශයෙන් තිස්හතක් වූ බෝධිපාක්ෂික ධර්මයෙන් ද නවවිධ ලෝකෝත්තර ධර්මයෙන්ද න පරිහායති නොපිරිහෙයි. නොබෝ කලකින්ම ඒ ධර්මය අවබෝධ කරයි යන අර්ථයි.
ඉදානි තස්ස අනුස්සරණවිධිං දස්සෙන්තො “චරං වා”තිආදිමාහ. තත්ථ චරං වාති භික්ඛාචාරවසෙන චඞ්කමනවසෙන ච චරන්තො වා. යදි වා තිට්ඨන්ති තිට්ඨන්තො වා නිසින්නො වා, උද වා සයන්ති සයන්තො වා. එවං චතූසුපි ඉරියාපථෙසු. අජ්ඣත්තං සමයං චිත්තන්ති යථාවුත්තෙ කම්මට්ඨානසඞ්ඛාතෙ ගොචරජ්ඣත්තෙ අත්තනො චිත්තං රාගාදිකිලෙසානං වූපසමනවසෙන පජහනවසෙන සමයං සමෙන්තො. සන්තිමෙවාධිගච්ඡතීති අච්චන්තසන්තිං නිබ්බානමෙව පාපුණාතීති.
දැන් ඒ ධර්මය සිහිකරන විධිය දක්වමින් ‘චරං වා’ යනාදිය කීහ. එහි චරං වා යනු පිඬුසිඟීම් වශයෙන් ද සක්මන් කිරීම් වශයෙන් ද හැසිරෙමින්. යදි වා තිට්ඨං යනු සිටින්නේ හෝ නිසින්නො වා හිඳින්නේ හෝ, උද වා සයං යනු නිදමින් හෝ (නිදන ඉරියව්වෙන් සිටිමින්) මෙසේ සතර ඉරියව්වෙහිම අජ්ඣත්තං සමයං චිත්තං යනු කියන ලද පරිදි කර්මස්ථාන නම් වූ ගෝචර අධ්යත්මයෙහි තමාගේ සිත රාගාදී කෙලෙසුන් සන්සිඳුවීම් වශයෙන් දුරුකිරීම් වශයෙන් සිත සන්සිඳුවමින් සන්තිමෙවාධිගච්ඡති යනු අත්‍යන්ත ශාන්තිය වූ නිවනට පැමිණෙයි.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍රයයි.
8. අන්ධකරණසුත්තවණ්ණනා
8. අන්ධකරණ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අකුසලවිතක්කාති අකොසල්ලසම්භූතා විතක්කා. අන්ධකරණාතිආදීසු යස්ස සයං උප්පජ්ජන්ති, තං යථාභූතදස්සනනිවාරණෙන අන්ධං කරොන්තීති අන්ධකරණා. න පඤ්ඤාචක්ඛුං කරොන්තීති අචක්ඛුකරණා. අඤ්ඤාණං කරොන්තීති අඤ්ඤාණකරණා. පඤ්ඤානිරොධිකාති කම්මස්සකතාපඤ්ඤා, ඣානපඤ්ඤා, විපස්සනාපඤ්ඤාති ඉමා තිස්සො පඤ්ඤා අප්පවත්තිකරණෙන නිරොධෙන්තීති පඤ්ඤානිරොධිකා. අනිට්ඨඵලදායකත්තා දුක්ඛසඞ්ඛාතස්ස විඝාතස්ස පක්ඛෙ වත්තන්තීති විඝාතපක්ඛිකා. කිලෙසනිබ්බානං න සංවත්තයන්තීති අනිබ්බානසංවත්තනිකා.
අටවන සූත්‍රයෙහි - අකුසල විතක්කා යනු අදක්ෂකමින් උපන් විතර්ක. ‘අන්ධකරණා’ යනාදියෙහි යමෙකුට (අකුසල විතර්ක) තමාම උපදීද එය ඇති සැටියෙන් දැකීම වැළැක්වීමෙන් අන්ධ කරන්නේය යන අරුතින් අන්ධකරණා නමි. නුවණ නමැති ඇස ඇති නොකරන්නේය යන අරුතින් අචක්ඛුකරණා නමි. අනුවණ ඇති කරන්නේය යන අරුතින් අඤ්ඤාණ කරණා නමි. පඤ්ඤානිරොධිකා යනු ප්‍රඥා තුන නොපැවතීම සිදුකරමින් නිරුද්ධ වේ යන අරුතින් පඤ්ඤා නිරෝධිකා නමි. අයහපත් ප්‍රතිඵල ගෙනදෙන බැවින් දුක් නම් වූ විඝාත පක්ෂයෙහි පවතී යන අරුතින් විඝාත පක්ඛිකා නමි. කෙලෙසුන්ගේ නිවීමට නො පමුණුවයි යන අරුතින් අනිබ්බාණ සංවත්තනිකා නමි.
කාමවිතක්කොති කාමපටිසංයුත්තො විතක්කො. සො හි කිලෙසකාමසහිතො හුත්වා වත්ථුකාමෙසු පවත්තති. බ්යාපාදපටිසංයුත්තො විතක්කො බ්යාපාදවිතක්කො. විහිංසාපටිසංයුත්තො විතක්කො විහිංසාවිතක්කො. ඉමෙ ද්වෙ ච සත්තෙසුපි සඞ්ඛාරෙසුපි උප්පජ්ජන්ති. කාමවිතක්කො හි පියමනාපෙ සත්තෙ වා සඞ්ඛාරෙ වා විතක්කෙන්තස්ස උප්පජ්ජති, බ්යාපාදවිතක්කො අප්පියෙ අමනාපෙ සත්තෙ වා සඞ්ඛාරෙ වා කුජ්ඣිත්වා ඔලොකනකාලතො පට්ඨාය යාව නාසනා උප්පජ්ජති, විහිංසාවිතක්කො සඞ්ඛාරෙසු න උප්පජ්ජති, සඞ්ඛාරා දුක්ඛාපෙතබ්බා නාම නත්ථි, “ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසු”න්ති චින්තනකාලෙ පන සත්තෙසු උප්පජ්ජති.
කාම විතක්කො යනු කාමය සම්බන්ධ වූ විතර්කය. එය කෙලෙස් කාම සහිතව වස්තුකාමයෙහි පවතී. ව්‍යාපාදය සම්බන්ධ වූ විතර්කය බ්යාපාද විතක්කො ව්‍යාපාද විතර්කයයි. හිංසාව සම්බන්ධ වූ විතර්කය විහිංසා විතක්කො විහිංසා විතර්කයයි. මේ දෙක සත්ත්වයන් කෙරෙහි ද සංස්කාර කෙරෙහි ද උපදී. කාම විතර්කය වනාහි ප්‍රියමනාප සත්ත්වයන් ගැන හෝ සංස්කාරයන් ගැන හෝ කල්පනා කරන්නාට උපදියි. ව්‍යාපාද විතර්කය අප්‍රිය අමනාප සත්ත්වයන් කෙරෙහි හෝ සංස්කාර කෙරෙහි හෝ කිපී බලන කාලයේ පටන් (එය) නැසෙනතුරු උපදී. විහිංසා විතර්කය සංස්කාර කෙරෙහි නූපදී. දුකට පැමිණවිය යුතු සංස්කාරයක් නම් නැත. මේ සත්ත්වයෝ නැසෙත්වා හෝ මැරෙත්වා හෝ සිඳෙත්වා හෝ විනාශ වෙත්වා හෝ නොවෙත්වා යනුවෙන් සිතන කල්හි සත්ත්වයන් කෙරෙහි උපදී.
ඉමෙයෙව පන කාමසඞ්කප්පාදයො. අත්ථතො හි කාමවිතක්කාදීනං කාමසඞ්කප්පාදීනඤ්ච නානාකරණං නත්ථි, තංසම්පයුත්තා පන සඤ්ඤාදයො කාමසඤ්ඤාදයො.
මේවාම කාම සංකල්පනාදියයි. අර්ථ වශයෙන් වනාහි කාම විතර්කාදීන්ගේ ද කාම සංකල්පනාදීන්ගේ ද වෙන් කිරීමක් නැත. එය සම්බන්ධ වූ සඤ්ඤා ආදිය කාමසඤ්ඤා ආදියයි.
කාමධාතුආදීනං පන යස්මා පාළියං – “කාමපටිසංයුත්තො තක්කො විතක්කො…පෙ… මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති කාමධාතු, සබ්බෙපි අකුසලා ධම්මා කාමධාතු. බ්යාපාදපටිසංයුත්තො තක්කො විතක්කො…පෙ… මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති බ්යාපාදධාතු. දසසු ආඝාතවත්ථූසු චිත්තස්ස ආඝාතො පටිඝාතො…පෙ… අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති බ්යාපාදධාතු. විහිංසාපටිසංයුත්තො තක්කො විතක්කො මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති විහිංසාධාතු. ඉධෙකච්චො පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා රජ්ජුයා වා අඤ්ඤතරඤ්ඤතරෙන සත්තෙ විහෙඨෙති, අයං විහිංසාධාතූ”ති (විභ· 182, 910) – ආගතත්තා විසෙසො ලබ්භති.
‘කාමය සම්බන්ධ වූ තර්කයක් විතර්කයක් මිථ්‍යා සංකල්පයක් වේද මෙය කාමධාතුවයි කියනු ලැබේ. සියලුම අකුසල ධර්ම කාමධාතුය. ව්‍යාපාදය සම්බන්ධ වූ තර්කයක් විතර්කයත් මිථ්‍යා සංකල්පයක් වේද මෙය ව්‍යාපාද ධාතුවයි කියනු ලැබේ. නව ආඝාත වස්තු කෙරෙහි සිතේ ක්‍රෝධයක් (ආඝාතයක්) හැපීමක් වේද සිතේ අසතුටු බවක් වේද මෙය ව්‍යාපාද ධාතුවයි කියනු ලැබේ. විහිංසාව සම්බන්ධ වූ තර්කයක් විතර්කයක් මිථ්‍යා සංකල්පයක් වේද මෙය විහිංසා ධාතුවයි කියනු ලැබේ. මෙලොව ඇතැම් පුද්ගලයෙක් අතින් හෝ පස් කැටයකින් හෝ දණ්ඩකින් හෝ ආයුධයකින් හෝ වැලකින් හෝ අනිත් අනිත් දෙයකින් හෝ සත්ත්වයන් වෙහෙසයි ද මෙය විහිංසා ධාතුවයි කියනු ලැබේ.’ යනුවෙන් පාළියෙහි ආ බැවින් කාමධාතු ආදීන්ගේ විශේෂයක් ලැබේ.
තත්ථ ද්වෙ කථා සබ්බසඞ්ගාහිකා ච අසම්භින්නා ච. තත්ථ කාමධාතුයා ගහිතාය ඉතරා ද්වෙපි ගහිතා නාම හොන්ති. තතො පන නීහරිත්වා අයං බ්යාපාදධාතු, අයං විහිංසාධාතූති දස්සෙතීති අයං සබ්බසඞ්ගාහිකා නාම. කාමධාතුං කථෙන්තො පන භගවා බ්යාපාදධාතුං බ්යාපාදධාතුට්ඨානෙ, විහිංසාධාතුං විහිංසාධාතුට්ඨානෙ ඨපෙත්වාව අවසෙසං කාමධාතු නාමාති කථෙසීති අයං අසම්භින්නකථා නාම.
එහි සබ්බ සංගාහික කථා, අසම්භින්න කථා යනුවෙන් කථා දෙකක් ඇත. එහි කාමධාතුව ගත්කල්හි අනිත් දෙකම ගනු ලැබුවා නම් වෙයි. එයින් වෙන්කොට මේ ව්‍යාපාද ධාතුවය මේ විහිංසා ධාතුවයයි දක්වයි. මේ සබ්බ සංගාහිකා නම් වේ. කාමධාතුව දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ ව්‍යාපාද ධාතුව ව්‍යාපාද ධාතු ස්ථානයෙහි ද විහිංසා ධාතුව විහිංසා ධාතු ස්ථානයෙහි ද තබා ඉතිරිය කාමධාතු නම් වේ යයි දෙසූහු ද මේ අසම්භින්න (අමිශ්‍ර) කථා නම් වේ.
සුක්කපක්ඛෙ වුත්තවිපරියායෙන අත්ථො වෙදිතබ්බො. නෙක්ඛම්මපටිසංයුත්තො විතක්කො නෙක්ඛම්මවිතක්කො. සො අසුභපුබ්බභාගෙ කාමාවචරො හොති, අසුභජ්ඣානෙ රූපාවචරො, තං ඣානං පාදකං කත්වා උප්පන්නමග්ගඵලකාලෙ ලොකුත්තරො. අබ්යාපාදපටිසංයුත්තො විතක්කො අබ්යාපාදවිතක්කො. සො මෙත්තාපුබ්බභාගෙ කාමාවචරො හොති, මෙත්තාඣානෙ රූපාවචරො, තං ඣානං පාදකං කත්වා උප්පන්නමග්ගඵලකාලෙ ලොකුත්තරො. අවිහිංසාපටිසංයුත්තො විතක්කො අවිහිංසාවිතක්කො. සො කරුණාපුබ්බභාගෙ කාමාවචරො, කරුණාජ්ඣානෙ රූපාවචරො, තං ඣානං පාදකං කත්වා උප්පන්නමග්ගඵලකාලෙ ලොකුත්තරො. යදා පන අලොභො සීසං හොති, තදා ඉතරෙ ද්වෙ තදන්වායිකා හොන්ති. යදා මෙත්තා සීසං හොති, තදා ඉතරෙ ද්වෙ තදන්වායිකා හොන්ති. යදා කරුණා සීසං හොති, තදා ඉතරෙ ද්වෙ තදන්වායිකා හොන්ති.
යහපත් (කුශල) පැත්තෙහිදී (අකුශල පැත්තෙහි) කියන ලද ආකාරයට විරුද්ධ අයුරින් අර්ථය දතයුතුය. නෙක්ඛම්මය සම්බන්ධ වූ විතර්කය නෙක්ඛම්ම විතක්කො නෙක්ඛම්ම විතර්කයයි. එය අශුභ භාවනාවේ මුල් අවස්ථාවේදී කාමාවචර වෙයි. අශුභ ධ්‍යානයෙහි දී රූපාවචර වෙයි. ඒ ධ්‍යානය පදනම්කොට මාර්ග ඵල උපන් කාලයෙහි ලෝකෝත්තර වෙයි. අව්‍යාපාදය සම්බන්ධ වූ විතර්කය අඛ්යාපාද විතක්කො අවවාද විතර්කයයි. එය මෛත්‍රී භාවනාවේ මුල් අවස්ථාවෙහි කාමාවචර වෙයි. මෛත්‍රී ධ්‍යානයෙහි දී රූපාවචර වෙයි. ඒ ධ්‍යානය පදනම්කොට මාර්ගඵල උපන් කාලයෙහි ලෝකෝත්තර වෙයි. අවිහිංසාව සම්බන්ධ විපාකය අවිහිංසා විතක්කො අවිහිංසා විතර්කයයි. එය කරුණා භාවනාවෙහි මුල් අවස්ථාව කාමාවචරය. කරුණා ධ්‍යානයෙහි දී රූපාවචරය. ඒ ධ්‍යානය පාදකකොට මාර්ගඵල උපන් කල්හි ලෝකෝත්තරය. අලෝභය ශීර්ෂය (ප්‍රධාන) වනවිට අනිත් දෙක ඒ අනුව යන්නේ වෙයි. මෛත්‍රිය ශීර්ෂය වනවිට අනිත් දෙක ඒ අනුව යන්නේ වෙයි. කරුණාව ශීර්ෂය වනවිට අනිත් දෙක ඒ අනුව යන්නේ වෙයි.
ඉමෙයෙව පන නෙක්ඛම්මසඞ්කප්පාදයො. අත්ථතො හි නෙක්ඛම්මවිතක්කාදීනං නෙක්ඛම්මසඞ්කප්පාදීනඤ්ච නානාකරණං නත්ථි, තංසම්පයුත්තා පන සඤ්ඤාදයො නෙක්ඛම්මසඤ්ඤාදයො.
මේවාම නෙක්ඛම්ම සංකප්පාදියයි. අර්ථ වශයෙන් නෙක්ඛම්ම විතක්කාදීන්ගේ ද නෙක්ඛම්ම සංකප්පාදීන්ගේ ද වෙන් කිරීමක් නැත. එය සම්බන්ධ වූ සඤ්ඤා ආදිය නෙක්ඛම්ම සඤ්ඤාදියයි.
නෙක්ඛම්මධාතුආදීනං පන යස්මා පාළියං – “නෙක්ඛම්මපටිසංයුත්තො තක්කො විතක්කො සඞ්කප්පො, අයං වුච්චති නෙක්ඛම්මධාතු, සබ්බෙපි කුසලා ධම්මා නෙක්ඛම්මධාතු. අබ්යාපාදපටිසංයුත්තො තක්කො විතක්කො සඞ්කප්පො, අයං වුච්චති අබ්යාපාදධාතු. යා සත්තෙසු මෙත්ති මෙත්තායනා මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති අබ්යාපාදධාතු. අවිහිංසාපටිසංයුත්තො තක්කො විතක්කො සඞ්කප්පො – අයං වුච්චති අවිහිංසාධාතු. යා සත්තෙසු කරුණා කරුණායනා කරුණාචෙතොවිමුත්ති – අයං වුච්චති අවිහිංසාධාතූ”ති. (විභ· 182) – ආගතත්තා විසෙසො ලබ්භති. ඉධාපි සබ්බසඞ්ගාහිකා, අසම්භින්නාති ද්වෙ කථා වුත්තනයෙනෙව වෙදිතබ්බා. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
‘නෙක්ඛම්මය සම්බන්ධ වූ තර්කයක් විතර්කයක් සංකල්පයක් වේද මෙය නෙක්ඛම්ම ධාතුවයි කියනු ලැබේ. සියලුම කුශලධර්ම නෙක්ඛම්ම ධාතුවය. අව්‍යාපාදය සම්බන්ධ වූ තර්කයක් විතර්කයක් සංකල්පයක් වේද මෙය අව්‍යාපාද ධාතුවය. සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියක් මෛත්‍රී කිරීමක් මෙතී චේතෝ විමුක්තියක් වේද මේ අව්‍යාපාද ධාතුවයි කියනු ලැබේ. අවිහිංසාව සම්බන්ධ තර්කයක් විතරකයක් සංකල්පයක් වේද මෙය අවිහිංසා ධාතුවයි කියනු ලැබේ. සත්ත්වයන් කෙරෙහි කරුණාවක් කරුණා කිරීමක් කරුණා චේතෝ විමුක්තියක් වේද මේ අවිහිංසා ධාතුවයි කියනු ලැබේ.’ යනුවෙන් පාළියෙහි ආ බැවින් නෙක්ඛම්ම ධාතු ආදීන්ගේ විශේෂයක් ලැබේ. මෙහි ද සබ්බ සංගාහික අසම්භින්න යන කථාදෙ කියන ලද අයුරින්ම දතයුතුය. සෙස්ස පහසුවෙන් දතහැකි වේමය.
ගාථාසු විතක්කයෙති විතක්කෙය්ය. නිරාකරෙති අත්තනො සන්තානතො නීහරෙය්ය විනොදෙය්ය, පජහෙය්යාති අත්ථො. සවෙ විතක්කානි විචාරිතානි, සමෙති වුට්ඨීව රජං සමූහතන්ති යථා නාම ගිම්හානං පච්ඡිමෙ මාසෙ පථවියං සමූහතං සමන්තතො උට්ඨිතං රජං මහතො අකාලමෙඝස්ස වස්සතො වුට්ඨි ඨානසො වූපසමෙති, එවමෙව සො යොගාවචරො විතක්කානි මිච්ඡාවිතක්කෙ ච විචාරිතානි තංසම්පයුත්තවිචාරෙ ච සමෙති වූපසමෙති සමුච්ඡින්දති. තථාභූතො ච විතක්කූපසමෙන චෙතසා සබ්බෙසං මිච්ඡාවිතක්කානං උපසමනතො විතක්කූපසමෙන අරියමග්ගචිත්තෙන. ඉධෙව දිට්ඨෙව ධම්මෙ, සන්තිපදං නිබ්බානං, සමජ්ඣගා සමධිගතො හොතීති.
ගාථාවන්හි - විතක්කයෙ යනු විතර්ක (කල්පනා) කරන්නේය. නිරාකරෙ යනු තමාගේ සිතින් ඉවත් කරන්නේය, දුරු කරන්නේය, බැහැර කරන්නේය යන අර්ථයි. සවෙ විතක්කානි විචාරීතානි සමෙති වුට්ඨීව රජං සමූහතං යනු ගිම්හාන ඍතුවෙහි අවසන් (ඇසළ) මාසයෙහි පොළොවෙහි ‘සමූහත’ හාත්පසින් නැගුණු දූවිල්ල මහත් වූ අකල් වැස්සක් ඇතිවීමෙන් එම වැස්ස ඒ දූවිල්ල සම්පූර්ණයෙන් සන්සිඳුවන්නා සේ ‘සො’ යෝගාවචරයා ‘විතක්කානි’ වැරදි කල්පනාවන් ‘විචාරිතානි’ ඒ සමග සම්බන්ධ විචාරයන් ද, ‘සමෙති’ සන්සිඳුවයි, සහමුලින් නසයි. එබඳු වූ විතක්කූපසමෙන චෙතසා සියලු වැරදි කල්පනාවන් සන්සිඳුවීමෙන් විතර්ක සන්සිඳුවන ආර්ය මාර්ග සිතින්, ඉධෙව මේ ජීවිතයෙහිදීම. සන්තිපදං නිවන, සමජ්ඣගා අවබෝධ කරන ලද්දේ වෙයි.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍රයයි.
9. අන්තරාමලසුත්තවණ්ණනා
9. අන්තරාමල සූත්‍ර වර්ණනාව
නවමෙ අන්තරාමලාති එත්ථ අන්තරාසද්දො –
නවවන සූත්‍රයෙහි - අන්තරාමලා යන මෙහි - අන්තරා ශබ්දය :
“නදීතීරෙසු සණ්ඨානෙ, සභාසු රථියාසු ච; ජනා සඞ්ගම්ම මන්තෙන්ති, මඤ්ච තඤ්ච කිමන්තර”න්ති. –
නදීතීරෙසු සණ්ඨානෙ සභාසු රථියාසු ච ජනා සංගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං’
ගංතෙරදී ද විඩා සන්සිඳුවන තැනදී ද සභාවලදී ද වීදිවලදී ද ජනතාව රැස්වී මා ගැන ද ඔබවහන්සේ ගැන ද කථා කරති. හේතුව කුමක්ද?
ආදීසු (සං· නි· 1.228) කාරණෙ ආගතො. “අද්දසා මං, භන්තෙ, අඤ්ඤතරා ඉත්ථී විජ්ජන්තරිකාය භාජනං ධොවන්තී”තිආදීසු (ම· නි· 2.149) ඛණෙ. “අපිචායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡතී”තිආදීසු (පාරා· 231) විවරෙ.
යනාදී තැන්වල කාරණයෙහි ආයේය. ‘අද්දසා මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්ත’ ‘ස්වාමීනි, භාජනයක් සෝදන එක්තරා ස්ත්‍රියක් විදුලිය කොටන මොහොතෙහි මා දුටුවාය’ යනාදියෙහි මොහොතෙහි (ක්ෂණය යන අරුතෙහි) ආයේය. ‘අපිචායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති’ තවද මේ තපෝදා නදිය මහානිරය දෙකක් අතරින් පැමිණෙයි’ යනාදියෙහි විවරය යන අර්ථයෙහි ආයේය.
“පීතවත්ථෙ පීතධජෙ, පීතාලඞ්කාරභූසිතෙ; පීතන්තරාහි වග්ගූහි, අපිළන්ධාව සොභසී”ති. –
පීතවත්ථෙ පීතධජෙ පීතාලංකාර භූසිතෙ පීතන්තරාහි වග්ගුහි අපිලන්ධාව සොභති
රන්වන් වස්ත්‍ර ඇත්තීය. රන්වන් ධජ ඇත්තීය. රන්වන් අබරණින් බබළන්නීය. තී සිත්කලු වූ මනරම් වූ රන්වන් උතුරුසළුවෙන් නොසැරසුනීම හොබනෙහිය
ආදීසු (වි· ව· 658) උත්තරිසාටකෙ. “යස්සන්තරතො න සන්ති කොපා”තිආදීසු (උදා· 20) චිත්තෙ. ඉධාපි චිත්තෙ එව දට්ඨබ්බො. තස්මා අන්තරෙ චිත්තෙ භවා අන්තරා. යස්මිං සන්තානෙ උප්පන්නා, තස්ස මලිනභාවකරණතො මලා. තත්ථ මලං නාම දුවිධං – සරීරමලං, චිත්තමලන්ති. තෙසු සරීරමලං සෙදජල්ලිකාදි සරීරෙ නිබ්බත්තං, තත්ථ ලග්ගං ආගන්තුකරජඤ්ච, තං උදකෙනපි නීහරණීයං, න තථා සංකිලෙසිකං. චිත්තමලං පන රාගාදිසංකිලෙසිකං, තං අරියමග්ගෙහෙව නීහරණීයං. වුත්තඤ්හෙතං පොරාණෙහි –
ආදියෙහි උතුරුසළුව යන අර්ථයෙහි ආයේය. ‘යස්සන්තරතො න සන්ති කොපා’ ‘යමෙකුගේ සිතෙහි කෝපය නැද්ද? යනාදී තැන්වල සිත යන අර්ථයෙහි ආයේය. මෙහිද සිත යන අර්ථයෙහිම දතයුතුය. එහෙයින් අන්තරයෙහි - සිතෙහි වීම අන්තරා නමි. යම් සිතක ඉපිද ඒ සිත කිලිටි බව ඇතිකිරිමෙන් ‘මල’ නම් වේ. එහි මලය, ශරීරමල චිත්තමල යනුවෙන් දෙපරිදිය. ඒ අතරින් සිරුරෙහි උපන් දහඩිය කුණු ආදිය ද එහි ලැගගත් ආගන්තුක (පිටින් පැමිණි) දූවිලි ද ශරිරමලය වෙයි. එය ජලයෙන් ඉවත්කළ යුතුය. රාගාදී සිත කිලිටිකරන දේ එසේ නොවේ. රාගාදී සිත කිළිටි කරන චිත්තමල ආර්ය මාර්ගවලින්ම ඉවත්කළ යුතුය. පැරැන්නන් විසින් මේ කාරණය (මෙසේ) කියන ලදී.
“රූපෙන සංකිලිට්ඨෙන, සංකිලිස්සන්ති මාණවා; රූපෙ සුද්ධෙ විසුජ්ඣන්ති, අනක්ඛාතං මහෙසිනා.
රූපෙන සංකිලිට්ඨෙන සංකිලිස්සන්ති මානවා රූපෙ සුද්ධෙ විසුජ්ඣන්ති අනක්ඛාතං මහෙසිනා
රූපය කිලිටිවීමෙන් මිනිස්සු කිළිටි වෙති’යි රූපය පිරිසිදු වූ කල්හි මිනිස්සු පිරිසිදු වෙතියි මහාර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා නොකරන ලදී.
“චිත්තෙන සංකිලිට්ඨෙන, සංකිලිස්සන්ති මාණවා; චිත්තෙ සුද්ධෙ විසුජ්ඣන්ති, ඉති වුත්තං මහෙසිනා”ති. (දී· නි· අට්ඨ· 2.373; ම· නි· අට්ඨ· 1.106);
චිත්තම්හි සංකිලිට්ඨම්හි සංකිලිස්සන්ති මානවා චිත්තෙ සුද්ධෙ විසුජ්ඣන්ති ඉතිවුත්තං මහෙසිනා
සිත කිළිටු වූ කල්හි මිනිස්සු කිළිටි වෙති’යි සිත පිරිසිදු කළ කල්හි මිනිස්සු පිරිසිදු වෙතියි මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
තෙනාහ භගවා “චිත්තසංකිලෙසා, භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති, චිත්තවොදානා විසුජ්ඣන්තී”ති (සං· නි· 3.100). තස්මා භගවා ඉධාපි චිත්තමලවිසොධනාය පටිපජ්ජිතබ්බන්ති දස්සෙන්තො “තයොමෙ, භික්ඛවෙ, අන්තරාමලා”ති ආහ.
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘චිත්ත සංකිලෙසා භික්ඛවෙ සත්තා සංකිලිස්සන්ති, චිත්තවොදානා විසුජ්ඣන්ති’ ‘මහණෙනි, සත්ත්වයෝ සිත කිළිටිවීමෙන් කිළිටි වෙති. සිත පිරිසිදු වීමෙන් පිරිසිදු වෙති’යි වදාළහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙහිදී ද චිත්තමල පිරිසිදු කිරීම පිණිස පිළිපැදිය යුතුයයි දක්වමින් ‘තයො මෙ භික්ඛවෙ අන්තරා මලා’ යනුවෙන් වදාළහ.
යථා චෙතෙ ලොභාදයො සත්තානං චිත්තෙ උප්පජ්ජිත්වා මලිනභාවකරා නානප්පකාරසංකිලෙසවිධායකාති අන්තරාමලා, එවං එකතො භුඤ්ජිත්වා, එකතො සයිත්‍වා, ඔතාරගවෙසී අමිත්තසත්තු විය චිත්තෙ එව උප්පජ්ජිත්වා සත්තානං නානාවිධඅනත්ථාවහා, නානප්පකාරදුක්ඛනිබ්බත්තකාති දස්සෙන්තො “අන්තරාඅමිත්තා”තිආදිමාහ. තත්ථ මිත්තපටිපක්ඛතො අමිත්තා, සපත්තකිච්චකරණතො සපත්තා, හිංසනතො වධකා, උජුවිපච්චනීකතො පච්චත්ථිකා.
යම්සේ මේ ලෝභාදිය සත්ත්වයන්ගේ සිතෙහි ඉපිද කිළිටි බව ඇතිකරන, නොයෙක් ආකාර කිළුටු සම්පාදක යන අරුතින් අන්තරා මල නම් වේ. මෙසේ එක්ව අනුභව කොට එක්ව නිදා වැරදි සොයන (මිතුරු වෙසින් සිටින) සතුරකු මෙන් සිතෙහිම ඉපිද සත්ත්වයන්ට නොයෙක් ආකාර අනර්ථ ගෙනදෙන නොයෙක් ආකාර දුක් උපදවන ඒවා යයි දක්වමින් ‘අන්තරා අමිත්තා’ යනාදිය කීහ. එහි මිත්‍රයාට ප්රතිපක්ෂ වශයෙන් අමිත්තා අමිත්රයෝය. සතුරු ක්‍රියා කිරීම් වශයෙන් සපත්තා සපත්තයෝය. හිංසා කිරීමෙන් වධකා වධකයෝය. කෙළින්ම (සෘජුව) විරුද්ධකම් කරන හෙයින් පච්චත්ථිකා පච්චත්ථිකයෝය.
තත්ථ ද්වීහි ආකාරෙහි ලොභාදීනං අමිත්තාදිභාවො වෙදිතබ්බො. වෙරීපුග්ගලො හි අන්තරං ලභමානො අත්තනො වෙරිස්ස සත්ථෙන වා සීසං පාතෙති, උපායෙන වා මහන්තං අනත්ථං උප්පාදෙති. ඉමෙ ච ලොභාදයො පඤ්ඤාසිරපාතනෙන යොනිසම්පටිපාදනෙන ච තාදිසං තතො බලවතරං අනත්ථං නිබ්බත්තෙන්ති. කථං? චක්ඛුද්වාරස්මිඤ්හි ඉට්ඨාදීසු ආරම්මණෙසු ආපාථගතෙසු යථාරහං තානි ආරබ්භ ලොභාදයො උප්පජ්ජන්ති, එත්තාවතාස්ස පඤ්ඤාසිරං පාතිතං නාම හොති. සොතද්වාරාදීසුපි එසෙව නයො. එවං තාව පඤ්ඤාසිරපාතනතො අමිත්තාදිසදිසතා වෙදිතබ්බා. ලොභාදයො පන කම්මනිදානා හුත්වා අණ්ඩජාදිභෙදා චතස්සො යොනියො උපනෙන්ති. තස්ස යොනිඋපගමනමූලකානි පඤ්චවීසති මහාභයානි ද්වත්තිංස කම්මකරණානි ච ආගතානෙව හොන්ති. එවං යොනිසම්පටිපාදනතොපි නෙසං අමිත්තාදිසදිසතා වෙදිතබ්බා. ඉති ලොභාදයො අමිත්තාදිසදිසතාය චිත්තසම්භූතතාය ච “අන්තරාඅමිත්තා”තිආදිනා වුත්තා. අපිච අමිත්තෙහි කාතුං අසක්කුණෙය්යං ලොභාදයො කරොන්ති, අමිත්තාදිභාවො ච ලොභාදීහි ජායතීති තෙසං අමිත්තාදිභාවො වෙදිතබ්බො. වුත්තඤ්හෙතං –
එහිදී කරුණු දෙකකින් ලෝභාදියේ අමිත්රභව ආදිය දතයුතුය. වෛරි පුද්ගලයා වනාහි ඉඩක් ලබමින් තමාගේ වෛරී පුද්ගලයාගේ හිස ආයුධයකින් හෝ හෙළයි. උපායකින් හෝ මහත් අනර්ථයක් උපදවයි. මේ ලෝභාදිය ප්‍රඥාව නමැති හිස හෙළීමෙන් (කපා දැමීමෙන්) ද (අණ්ඩජ ආදී) යෝනි ප්රතිපාදනයෙන් ද ඊට වඩා බලවත් වූ අනතුරක් උපදවයි. කෙසේද? ඇස් දොරට (චක්ඛු ද්වාරයට) ප්‍රිය (අප්‍රිය) ආදී අරමුණු හමු වූ කල්හි සුදුසු පරිදි ඒවා නිමිතිකොට (නිසා) ලෝභාදිය උපදියි. මෙපමණකින් ඔහුගේ ප්‍රඥාව නමැති හිස හෙළන ලද්දේ (කපාදමන ලද්දේ) වෙයි. සෝත ද්වාරාදියෙහි ද මේ ක්‍රමයමයි. මෙසේ නුවණ නමැති හිස වැටීමෙන් අමිතුරන් ආදීන්ට සමාන බව දතයුතුය. ලෝභාදිය වනාහි කර්මනිදාන වී අණ්ඩජ ආදී භේද ඇති යෝනි සතර ළඟට පමුණුවයි. ඔහුට යෝනි පැමිණීම (යෝනි ඇතිවීම) මුල්කොට ඇති මහා භය විසිපහත් දෙතිස්කර්ම (වධ) ත් ආයේම වෙයි. (ලෝභාදිය කර්මයන්ට මුල්වී යෝනි සතරත් එමෙන්ම භය විසිපහත්, දෙතිස්වධත් ලබාදෙයි.) මෙසේ යෝනි ප්රතිපාදනයෙන් (යෝනි සැපයීමෙන්) ද ඒවායේ අමිත්‍ර ආදීන්ට සමාන බව දතයුතුය. මෙසේ ලෝභාදිය අමිත්‍ර ආදීන්ට සමාන බැවින් ද සිතින් හටගත් බැවින් ද ‘අන්තරා අමිත්තා’ යනාදිය කියන ලදී. තවද අමිත්‍රයන් විසින් කරන්නට නොහැකි දෙය ද ලෝභාදිය කරයි. අමිත්‍ර බව ආදිය ද ලෝභාදියෙන් උපදී යන අරුතින් ඒවායේ අමිත්‍ර බව ආදිය දතයුතුය. මේ කාරණය (මෙසේ) කියන ලදී :
“දිසො දිසං යන්තං කයිරා, වෙරී වා පන වෙරිනං; මිච්ඡාපණිහිතං චිත්තං, පාපියො නං තතො කරෙ”ති. (ධ· ප· 42; උදා· 33);
දිසො දිසං යං තං කයිරා වෙරී වා පන වෙරිනං මිච්ඡා පණිහිතං චිත්තං පාපියො නං තතො කරෙ
‘සතුරෙක් සතුරෙකුට හෝ වෛරී පුද්ගලයෙක් වෛරී පුද්ගලයකුට හෝ යම් අනතුරක් කරන්නේ නම් වරදවා පිහිටුවන ලද සිත ඔහු එයටත් වඩා පාපියකු කරන්නේය.’
ගාථාසු අත්තනො පරෙසඤ්ච අනත්ථං ජනෙතීති අනත්ථජනනො. වුත්තඤ්හෙතං –
ගාථාවන්හි දී තමාගේ ද අනුන්ගේ ද අනර්ථය උපදවයි යන අරුතින් අනත්ථ ජනනො නම් වෙයි. ඒ කාරණය (මෙසේ) කියන ලදී -
“යදපි ලුද්ධො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි අකුසලං; යදපි ලුද්ධො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උප්පාදෙති වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉති, තදපි අකුසලං, ඉතිස්සමෙ ලොභජා ලොභනිදානා ලොභසමුදයා ලොභපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්තී”ති (අ· නි· 3.70).
‘ලෝභයෙන් මැඩගත් පුද්ගලයා කයින් වචනින් මනසින් යමක් රැස් කරයි ද එයද අකුසලය. ලෝභ වූයේ ලෝභයෙන් මැඩගන්නා ලද්දේ ලෝභයෙන් අල්ලාගත් සිත් ඇත්තේ ‘මම බලවත් වෙමි. මම බලයෙන් ප්‍රයෝජන ඇත්තෙක් වෙමි’ අනුන්ට මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ ගැරහීමෙන් හෝ නෙරපීමෙන් හෝ නැති දොසකින් දුක් උපදවා ද එය ද අකුශලය. මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති ලෝභය සමුදය කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති නොයෙක් පාපක අකුශල ධර්ම ඔහුට පහළ වෙයි.’
අපරම්පි වුත්තං –
අනිකක් ද කියන ලදී -
“රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙතී”තිආදි (අ· නි· 3.54).
‘බමුණ, රාගයෙන් රත් වූ (ඇලුණු) රාගයෙන් මැඩගන්නා ලද්දා වූ රාගයෙන් මැඩගන්නා ලද සිත් ඇත්තා වූ පුද්ගලයා තමාට ආබාධ පිණිස සිතයි. අනුන්ට ආබාධ පිණිස සිතයි. දෙපිරිසටම (තමාට - අනුන්ට) ආබාධ (විපත්) පිණිස සිතයි. චෛතසික දුක් දොම්නස් විඳියි’ යනුවෙනි.
චිත්තප්පකොපනොති චිත්තසඞ්ඛොභනො. ලොභො හි ලොභනීයෙ වත්ථුස්මිං උප්පජ්ජමානො චිත්තං ඛොභෙන්තො පකොපෙන්තො විපරිණාමෙන්තො විකාරං ආපාදෙන්තො උප්පජ්ජති, පසාදාදිවසෙන පවත්තිතුං න දෙති. භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣතීති තං ලොභසඞ්ඛාතං අන්තරතො අබ්භන්තරෙ අත්තනො චිත්තෙයෙව ජාතං අනත්ථජනනචිත්තප්පකොපනාදිං භයං භයහෙතුං අයං බාලමහාජනො නාවබුජ්ඣති න ජානාතීති.
චිත්තප්පකොපනො යනු සිතේ කැළඹීමයි. ලෝභය වනාහි ලෝභ කළ යුතු වස්තුවෙහි උපදිමින් සිත කළඹමින්, ප්‍රකෝප කරමින් වෙනසකට පත්කරමින් විහාරයට පමුණුවමින් උපදී. පැහැදීම් ආදී වශයෙන් පවතින්ට නොදෙයි. භයමන්තරතො ජානං තං ජනො නාවබුජ්ඣති යනු ඒ ලෝභ නම් වූ ‘අන්තරතො’ අභ්‍යන්තරයෙහි, තමාගේ සිතෙහිම උපන් අනර්ථය ඇතිකරන සිත ප්රකෝපවීම් ආදී ‘භයං’ භයට හේතුව මේ බාල මහජනයා ‘නාව බුජ්ඣති’ නොදනී.
ලුද්ධො අත්ථං න ජානාතීති අත්තත්ථපරත්ථාදිභෙදං අත්ථං හිතං ලුද්ධපුග්ගලො යථාභූතං න ජානාති. ධම්මං න පස්සතීති දසකුසලකම්මපථධම්මම්පි ලුද්ධො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො න පස්සති පච්චක්ඛතො න ජානාති, පගෙව උත්තරිමනුස්සධම්මං. වුත්තම්පි චෙතං –
ලුද්ධො අත්ථං න ජානාති යනු ආත්මාර්ථ පරාර්ථ ආදී භේද ඇති ‘අත්ථං’ හිතය (යහපත) ලෝහී පුද්ගලයා ඇති තතු නො දනී. ධම්මං න පස්සති යනු දශකුශල කර්මපථ ධර්මය ‘ලුද්ධො’ ලෝභයෙන් මැඩගන්නා ලද, ලෝභයෙන් මැඩගත් සිත් ඇති පුද්ගලයා ‘න පස්සති’ ප්රත්යක්ෂ වශයෙන් නොදකී. උත්තර මනුෂ්‍ය ධර්ම ගැන කියනුම කවරේද? (එහෙයින්) -
“රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තත්ථම්පි යථාභූතං න පජානාති, පරත්ථම්පි යථාභූතං න පජානාති, උභයත්ථම්පි යථාභූතං න පජානාතී”තිආදි (අ· නි· 3.55).
‘රත්තො ඛො බ්‍රාහ්මණ රාගෙන අභිභූතො පරියාදින්න චිත්තො අත්තත්ථම්පි යථාභූතං නප්පජානාති, පරත්ථම්පි යථාභූතං නප්පජානාති, උභයත්ථම්පි යථාභූතං නප්පජානාති’ යනාදී මෙය කියන ලදී.
අන්ධතමන්ති අන්ධභාවකරං තමං. යන්ති යත්ථ. භුම්මත්ථෙ හි එතං පච්චත්තවචනං. යස්මිං කාලෙ ලොභො සහතෙ අභිභවති නරං, අන්ධතමං තදා හොතීති. යන්ති වා කාරණවචනං. යස්මා ලොභො උප්පජ්ජමානො නරං සහතෙ අභිභවති, තස්මා අන්ධතමං තදා හොතීති යොජනා, ය-ත-සද්දානං එකන්තසම්බන්ධභාවතො. අථ වා යන්ති කිරියාපරාමසනං, “ලොභො සහතෙ”ති එත්ථ යදෙතං ලොභස්ස සහනං අභිභවනං වුත්තං. එතං අන්ධභාවකරස්ස තමස්ස ගමනං උප්පාදොති අත්ථො. අථ වා යං නරං ලොභො සහතෙ අභිභවති, තස්ස අන්ධතමං තදා හොති, තතො ච ලුද්ධො අත්ථං න ජානාති, ලුද්ධො ධම්මං න පස්සතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
අන්ධතමං යනු අන්ධ බව ඇතිකරන අඳුර. යං යනු යම්තැනක, මෙය සත්තමී අර්ථයෙහි (භූම්මත්ථෙ) ප්‍රථමා විභක්ති වචනයයි. යම්කලෙක ලෝභය ‘සහතෙ’ මිනිසා මැඩගනියිද අන්ධභාවය ඇතිකරන අඳුර තදා එකල්හි වෙයි. ‘යං’ යනු කාරණ වචනය හෝ වෙයි. යම්හෙයකින් ලෝභය උපදින්නේ මිනිසා ‘සහතෙ’ මැඩපවත්වයි ද එහෙයින් එකල්හි අන්ධභාවය ඇතිකරන අඳුර වෙයි යනුවෙන් යෙදීම සිදුවන්නේ යත ශබ්දයන්ගේ ඒකාන්ත සම්බන්ධභාවය නිසාය. නැතහොත් ‘යං’ යනු ක්‍රියා පරාමර්ශනයයි. ‘ලොභො සහතෙ’ යන මෙහි ලෝභයේ යම් මේ ‘සහනං’ මැඩගැනීමක් කියන ලද ද, අන්ධභාවය ඇතිකරන අඳුරේ මේ ගමන, උපත යන අර්ථයි. නැතහොත් ලෝභය යම් මිනිසකු ‘සහතෙ’ මැඩගනියි ද ඔහුට එකල්හි අන්ධකාරය ඇතිකරන අඳුර ඇතිවෙයි. එයින් ද ලුද්ධො අත්ථං න ජානානි ලුද්ධො ධම්මං න පස්සති යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය.
යො ච ලොභං පහන්ත්වානාති යො පුබ්බභාගෙ තදඞ්ගවසෙන වික්ඛම්භනවසෙන ච යථාරහං සමථවිපස්සනාහි ලොභං පජහිත්වා තථා පජහනහෙතු ලොභනෙය්යෙ දිබ්බෙපි රූපාදිකෙ උපට්ඨිතෙ න ලුබ්භති, බලවවිපස්සනානුභාවෙන ලොභො පහීයතෙ තම්හාති තස්මා අරියපුග්ගලා අරියමග්ගෙන ලොභො පහීයති පජහීයති, අච්චන්තමෙව පරිච්චජීයති. යථා කිං? උදබින්දූව පොක්ඛරාති පදුමිනිපණ්ණතො උදකබින්දු විය. සෙසගාථානම්පි ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො.
යො ච ලොභං පහනත්වාන යනු යම් පුද්ගලයෙක් මුල් අවස්ථාවෙහි තදංග වශයෙන් ද විෂ්කම්භන වශයෙන් ද සුදුසු පරිදි සමථ විදර්ශනාවලින් ලෝභය දුරුකොට එසේ දුරුකරන හේතුව ලොභනෙය්ය ඇලුම් කළයුතු දිව්‍ය රූපාදිය එළඹ සිටි කල්හි ද න ලුබ්භති බලවත් විදර්ශනානුභාවයෙන් ලෝභ නොකරයි. ලොභො පහීයතෙ තම්හා යනු ඒ ආර්ය පුද්ගලයා කෙරෙන් ආර්ය මාර්ගයෙන් ලෝභය දුරු වේ, අත්‍යන්තයෙන්ම හැරදමයි. කෙසේද? උදබින්දූව පොක්ඛරා පියුම් කොළයෙන් දිය බිදු පහවන්නාක් මෙනි. සෙසු ගාථාවල ද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුය.
තථා දොසස්ස –
ද්වේෂය ගැන ද එසේය -
“යදපි දුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි අකුසලං; යදපි දුට්ඨො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උප්පාදෙති වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉති, තදපි අකුසලං. ඉතිස්සමෙ දොසජා දොසනිදානා දොසසමුදයා දොසපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්තී”ති (අ· නි· 3.70).
දුෂ්ට වූයේ කයින් හෝ වචනින් හෝ මනසින් හෝ යමක් රැස්කරයි ද එයද අකුශලය. දුෂ්ට වූයේ, ද්වේෂයෙන් මැඩගන්නා ලද්දේ. ද්වේෂයෙන් අල්ලා ගත් සිත් ඇත්තේ මම බලවත් වෙමි. මම බලයෙන් ප්‍රයෝජන ඇත්තෙක් වෙමියි අනුන්ට මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ ගැරහීමෙන් හෝ නෙරපීමෙන් හෝ නැති දොසකින් දුක් උපදවයි ද එය ද අකුශලය මෙසේ ද්වේෂයෙන් හටගත් ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය සමුදය කොට ඇති ද්වේෂය ප්‍රත්‍යය කොට ඇති නොයෙක් පාපක අකුශල ධර්ම ඔහුට පහළ වෙයි.
තථා – “දුට්ඨො ඛො, බ්‍රාහ්මණ, දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙතී”ති (අ· නි· 3.55).
එසේ : බමුණ ද්වේෂයෙන් දුෂ්ට වූ ද්වේෂයෙන් මැඩගන්නා ලද්දා වූ ද්වේෂයෙන් මැඩගන්නා ලද සිත් ඇත්තා වූ පුද්ගලයා තමාට ආබාධ පිණිස සිතයි. අනුන්ට ආබාධ පිණිස සිතයි. දෙපිරිසටම ආබාධ (විපත්) පිණිස සිතයි. චෛතසික දුක් දොම්නස් විඳියි.
තථා – “දුට්ඨො ඛො, බ්‍රාහ්මණ, දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තත්ථම්පි යථාභූතං න පජානාති, පරත්ථම්පි යථාභූතං න පජානාති, උභයත්ථම්පි යථා භූතං න පජානාතී”ති (අ· නි· 3.55) –
එසේ බමුණ, ද්වේෂයෙන් දුෂ්ට වූ ද්වේෂයෙන් මැඩගන්නා ලද්දා වූ ද්වේෂයෙන් මැඩගන්නා ලද සිත් ඇත්තා වූ පුද්ගලයා ආත්මාර්ථය ද තත් වූ පරිදි නොදනී. පරාර්ථය ද තත්වූ පරිදි නොදනී. උභයාර්ථයද තත්වූ පරිදි නොදනී.
ආදිසුත්තපදානුසාරෙන අනත්ථජනනතා අත්ථහානිහෙතුතා ච වෙදිතබ්බා.
[missing trans]
තථා මොහස්ස “යදපි මූළ්හො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා”තිආදිනා (අ· නි· 3.70), “මූළ්හො ඛො, බ්‍රාහ්මණ, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙතී”තිආදිනා(අ· නි· 3.55), “අත්තත්ථම්පි යථාභූතං න පජානාතී”තිආදිනා (අ· නි· 3.55) ච ආගතසුත්තපදානුසාරෙන වෙදිතබ්බා.
මෝහය ගැන ද එසේය. ‘යදපි මූළ්හො අභිසංඛරොති කායෙන වාචාය මනසා’ ‘මුළා වූ තැනැත්තා කයින් වචනයෙන් මනසින් යමක් රැස්කරයි ද යනාදිය ද, මූළ්හො ඛො බ්‍රාහ්මණ මොහෙන අභිභූතො පරියාදින්න චිත්තො අත්තව්යාබාධායපි චෙතෙති’ ‘බමුණ, මුළා වූ තැනැත්තා මෝහයෙන් මැඩගන්නා ලද්දේ මෝහයෙන් ඇදගන්නා ලද සිත් ඇත්තේ තමාට විපත් පිණිස සිතයි ද යනාදිය ද ‘අත්තත්ථම්පි යථාභූතං නප්පජානාති’ ආත්මාර්ථය ද තත් වූ පරිදි නොදනී’ යනාදිය ද ආවා වූ සූත්‍ර පද අනුසාරයෙන් දතයුතුය.
තාලපක්කංව බන්ධනාති තාලඵලං විය උසුමුප්පාදෙන වණ්ටතො, තතියමග්ගඤාණුප්පාදෙන තස්ස චිත්තතො දොසො පහීයති, පරිච්චජීයතීති අත්ථො. මොහං විහන්ති සො සබ්බන්ති සො අරියපුග්ගලො සබ්බං අනවසෙසං මොහං චතුත්ථමග්ගෙන විහන්ති විධමති සමුච්ඡින්දති. ආදිච්චොවුදයං තමන්ති ආදිච්චො විය උදයං උග්ගච්ඡන්තො තමං අන්ධකාරං.
තාලපක්ඛංව බන්ධනා යනු උණුසුම හටගැනීමෙන් නටුවෙන් ගිලිහෙන තල්ගෙඩියක් මෙන් තුන්වන (අනාගාමි) මාර්ගඥානය ඉපදීමෙන් ඔහුගේ සිතෙන් ද්වේෂය දුරුවෙයි බැහැර වෙයි යන අර්ථයි. මොහං විහන්ති සො සබ්බං යනු ඒ ආර්ය පුද්ගලයා ඉතිරි නොකොට සියලු මෝහය සතරවන (අර්හත්) මාර්ගයෙන් ‘විහන්ති’ විනාශ කරයි - සහමුලින් සිඳියි. ආදිච්චොවුදයං තමං යනු හිරු ‘උදයං’ උදාවෙමින් ‘තමං’ අඳුර දුරුකරන්නාක් මෙනි.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍රයයි.
10. දෙවදත්තසුත්තවණ්ණනා
10. දෙවදත්ත සූත්‍ර වර්ණනාව
දසමෙ තීහි, භික්ඛවෙ, අසද්ධම්මෙහි අභිභූතොති කා උප්පත්ති? දෙවදත්තෙ හි අවීචිමහානිරයං පවිට්ඨෙ දෙවදත්තපක්ඛියා අඤ්ඤතිත්ථියා ච “සමණෙන ගොතමෙන අභිසපිතො දෙවදත්තො පථවිං පවිට්ඨො”ති අබ්භාචික්ඛිංසු. තං සුත්වා සාසනෙ අනභිප්පසන්නා මනුස්සා “සියා නු ඛො එතදෙවං, යථා ඉමෙ භණන්තී”ති ආසඞ්කං උප්පාදෙසුං. තං පවත්තිං භික්ඛූ භගවතො ආරොචෙසුං. අථ භගවා “න, භික්ඛවෙ, තථාගතා කස්සචි අභිසපං දෙන්ති, තස්මා න දෙවදත්තො මයා අභිසපිතො, අත්තනො කම්මෙනෙව නිරයං පවිට්ඨො”ති වත්වා තෙසං මිච්ඡාගාහං පටිසෙධෙන්තො ඉමාය අට්ඨුප්පත්තියා ඉදං සුත්තං අභාසි.
දසවන සූත්‍රයෙහි ‘තීහි භික්ඛවෙ අසද්ධම්මෙහි අභිභූතො’ යන මෙහි උපත කුමක් ද? දෙව්දත් අවීචි මහා නිරයට පිවිසි කල්හි දේවදත්ත පාක්ෂික අන්‍ය තීර්ථකයෝ ද ශ්‍රමණ ගෞතමයන් විසින් ශාපකරන ලද දෙව්දත් පොළොව තුළට පිවිසියේ යයි බොරුවෙන් චෝදනා කළහ. එය අසා සසුනෙහි නො පැහැදුනා වූ මිනිස්සු මොවුන් කියන පරිදි මෙසේ මේ කාරණය සිදුවීදැයි සැක ඉපිදවූවාහුය. ඒ පුවත භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, තථාගතයන් වහන්සේ කිසිවකුටත් ශාප නොදෙති. එහෙයින් දේවදත්ත මා විසින් ශාප නොකරන ලද්දේය. තමාගේ කර්මයෙන්ම නිරයට පිවිසියේ යයි වදාරා ඔවුන්ගේ වැරදි අදහස ප්‍රතික්ෂේප කරමින් මේ කාරණය මුල්කොට මේ සූත්‍රය වදාළහ.
තත්ථ අසද්ධම්මෙහීති අසතං ධම්මෙහි, අසන්තෙහි වා ධම්මෙහි. අතෙකිච්ඡොති බුද්ධෙහිපි අනිවත්තනීයත්තා අවීචිනිබ්බත්තියා තිකිච්ඡාභාවතො අතෙකිච්ඡො, අතිකිච්ඡනීයොති අත්ථො. අසන්තගුණසම්භාවනාධිප්පායෙන පවත්තා පාපා ඉච්ඡා එතස්සාති පාපිච්ඡො, තස්ස භාවො පාපිච්ඡතා, තාය. “අහං බුද්ධො භවිස්සාමි, සඞ්ඝං පරිහරිස්සාමී”ති තස්ස ඉච්ඡා උප්පන්නා. කොකාලිකාදයො පාපා ලාමකා මිත්තා එතස්සාති පාපමිත්තො, තස්ස භාවො පාපමිත්තතා, තාය. උත්තරිකරණීයෙති ඣානාභිඤ්ඤාහි උත්තරිකරණීයෙ අධිගන්තබ්බෙ මග්ගඵලෙ අනධිගතෙ සති එව, තං අනධිගන්ත්වාති අත්ථො. ඔරමත්තකෙනාති අප්පමත්තකෙන ඣානාභිඤ්ඤාමත්තෙන. විසෙසාධිගමෙනාති උත්තරිමනුස්සධම්මාධිගමෙන. අන්තරාති වෙමජ්ඣෙ. වොසානං ආපාදීති අකතකිච්චොව සමානො “කතකිච්චොම්හී”ති මඤ්ඤමානො සමණධම්මතො විගමං ආපජ්ජි. ඉති භගවා ඉමිනා සුත්තෙන විසෙසතො පුථුජ්ජනභාවෙ ආදීනවං පකාසෙසි භාරියො පුථුජ්ජනභාවො, යත්ර හි නාම ඣානාභිඤ්ඤාපරියොසානා සම්පත්තියො නිබ්බත්තෙත්වාපි අනෙකානත්ථාවහං නානාවිධං දුක්ඛහෙතුං අසන්තගුණසම්භාවනං අසප්පුරිසසංසග්ගං ආලසියානුයොගඤ්ච අවිජහන්තො අවීචිම්හි කප්පට්ඨියං අතෙකිච්ඡං කිබ්බිසං පසවිස්සතීති.
එහි අසද්ධම්මෙහි යනු අසත්පුරුෂ ධර්මවලින් හෝ ශාන්ත නොවන ධර්මවලින්. අතෙකිච්ඡො යනු බුදුරජාණන් වහන්සේලා විසින්ද අවීචියෙහි ඉපදීමෙන් නොවැළැක්විය හැකි බැවින් පිළියම් නැති හෙයින් පිළියම් නොකළ හැක්කේ වෙයි. පිළියම් කිරීමට නුසුදුසු වූයේ යන අර්ථයි. නැති ගුණ වෙනුවෙන් ගෞරව ලැබීමේ අදහසින් පැවති ලාමක (පහත්) කැමැත්ත මොහුට ඇත්තේය යන අරුතින් පාපිච්ඡො නම් වෙයි. ඒ පහත් කැමැත්ත ඇති බව පාපිච්ඡතා ය. මම බුදු වන්නෙමි, සංඝයා පරිහරණය (පාලනය) කරන්නෙමියි යනුවෙන් ඔහුට කැමැත්තක් උපන්නේය. කෝකාලික ආදී වූ පාපී ලාමක මිත්‍රයෝ මොහුට ඇත්තාහුය යන අරුතින් පාපමිත්රයාය. ඔහුගේ පාප මිත්‍රයන් ඇති බව පාපමිත්තතාය. ඒ පාපමිත්‍ර භාවයෙන්. උත්තරිං කරණීයෙ යනු ධ්‍යාන අභිඥාවන්ගෙන් මත්තෙහි කළයුතු - ලැබිය යුතු මාර්ගඵල නොලැබූ කල්හිම එය නොලැබ (අවබෝධ නොකොට) යන අර්ථයි. ඔරමත්තකෙන යනු අල්පමාත්‍ර වූ ධ්‍යාන අභිඥා මාත්‍රයෙන්. විසෙසාධිගමෙන යනු උත්තරී මනුෂ්‍ය ධර්ම ලැබීමෙන්. අන්තරා යනු මැද්දෙහි. වොසානං ආපාදි යනු (අර්හත්වය ලැබීමෙන්) කටයුතු නිම නොකළ කෙනෙක්ව සිටිමින්ම කටයුතු නිමකළ (අර්හත්වය ලැබූ) කෙනෙක් වෙමියි සිතමින් ශ්‍රමණ ධර්මයෙන් විනාශයට පැමිණියේයෙ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයෙන් විශේෂ වශයෙන් පෘථග්ජන භාවයෙහි ආදීනව (දොස්) ප්‍රකාශ කළහ. යම්හෙයකින් ධ්යනාභිඥාවන් කෙළවර කොට ඇති සම්පත් උපදවා ගෙනත් නොයෙක් අනර්ථ ගෙන දෙන නොයෙක් නොයෙක් දුකට හේතු වූ නැති ගුණ වෙනුවෙන් ගෞරව අපේක්ෂාව ද අසත්පුරුෂයන් සමග ගැවසීමද අලසකමින් යුක්ත වීමද දුරුනොකරන තැනැත්තා අවීචියෙහි කල්පයක් සිටින පිළියම් කළ නොහැකි දරුණු දුක් රැස් කරන්නේය. එහෙයින් පෘථග්ජන බව බැරෑරුම්ය.
ගාථාසු මාති පටිසෙධෙ නිපාතො. ජාතූති එකංසෙන. කොචීති සබ්බසඞ්ගාහකවචනං. ලොකස්මින්ති සත්තලොකෙ. ඉදං වුත්තං හොති “ඉමස්මිං සත්තලොකෙ කොචි පුග්ගලො එකංසෙන පාපිච්ඡො මා හොතූ”ති. තදමිනාපි ජානාථ, පාපිච්ඡානං යථා ගතීති පාපිච්ඡානං පුග්ගලානං යථා ගති යාදිසී නිප්ඵත්ති, යාදිසො අභිසම්පරායො, තං ඉමිනාපි කාරණෙන ජානාථාති දෙවදත්තං නිදස්සෙන්තො එවමාහ. පණ්ඩිතොති සමඤ්ඤාතොති පරියත්තිබාහුසච්චෙන පණ්ඩිතොති ඤාතො. භාවිතත්තොති සම්මතොති ඣානාභිඤ්ඤාහි භාවිතචිත්තොති සම්භාවිතො. තථා හි සො පුබ්බෙ “මහිද්ධිකො ගොධිපුත්තො, මහානුභාවො ගොධිපුත්තො”ති ධම්මසෙනාපතිනාපි පසංසිතො අහොසි. ජලංව යසසා අට්ඨා, දෙවදත්තොති විස්සුතොති අත්තනො කිත්තියා පරිවාරෙන ජලන්තො විය ඔභාසෙන්තො විය ඨිතො දෙවදත්තොති එවං විස්සුතො පාකටො අහොසි. “මෙ සුත්ත”න්තිපි පාඨො, මයා සුතං සුතමත්තං, කතිපාහෙනෙව අතථාභූතත්තා තස්ස තං පණ්ඩිච්චාදි සවනමත්තමෙවාති අත්ථො.
ගාථාවන්හි මා යනු ප්‍රතික්ෂේප කිරීමෙහි නිපාතයකි. ජාතු යනු ඒකාන්තයෙන්. කොචි යනු සියල්ල ඇතුළත් (සබ්බ සංගාහක) වචනයකි. ලොකස්මිං යනු සත්ත්ව ලෝකයෙහි. මේ සත්ත්ව ලෝකයෙහි කිසියම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් ලාමක (පහත්) ආසා ඇත්තෙක් (පාපිච්ඡයෙක්) නොවේවා යන මෙය කියන ලද්දේ වෙයි. තදමිනාපි ජානාථ පාපිච්ඡානං යථා ගති යනු පහත් ආසා ඇති පුද්ගලයන්ගේ ‘යථා ගති’ යම්බඳු උපතක්, යම් බඳු පරලොවක් ඇද්ද එය මේ කාරණයෙන් ද දැනගනිව් යනුවෙන් දෙව්දත් දක්වමින් මෙසේ වදාළහ. පණ්ඩිතොති සමඤ්ඤාතො යනු (බුද්ධ වචනය නම් වූ) පර්යාප්ති බහුශ්රැතභාවයෙන් පණ්ඩිතයයි දන්නා ලද. භාවිතත්තොති සම්මතො ධ්‍යාන-අභිඥාවන්ගෙන් වඩන ලද සිත් ඇති කෙනෙකැයි ගෞරවයට භාජනය වූ. එය එසේමය. ඒ දෙව්දත් තෙර පෙරදී ‘ගොධි පුත්‍රයා මහත් ඍද්ධි ඇත්තේය. ගොධිපුත්රයා (දෙව්දත්) මහත් ආනුභාව ඇත්තේය’යි ධරම සේනාපති සැරියුත් මහරහතන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද්දේ විය. ජලංව යස්සා අට්ඨා දෙවදත්තොති විස්සුතො යනු තමාගේ කීර්තියෙන් පිරිවරින් දිලිසෙන්නාක් මෙන් බබලන්නාක් මෙන් සිටියා වූ දෙව්දත් යනුවෙන් මෙසේ ‘විස්සුතො’ ප්‍රකට විය. ‘මෙ සුතන්ති’ යනුද පාඨයකි. මා විසින් අසන ලද ඇසීම් මාත්‍රයකි. දින කීපයකින්ම (දෙව්දත්) එසේ වූ බැවින් ඔහුගේ ඒ පණ්ඩිත බව ආදිය ඇසීම් මාත්‍රයක්ම විය යන අර්ථයි.
සො සමානමනුචිණ්ණො, ආසජ්ජ නං තථාගතන්ති සො එවංභූතො දෙවදත්තො “බුද්ධොපි සක්යපුත්තො, අහම්පි සක්යපුත්තො, බුද්ධොපි සමණො, අහම්පි සමණො, බුද්ධොපි ඉද්ධිමා, අහම්පි ඉද්ධිමා, බුද්ධොපි දිබ්බචක්ඛුකො, අහම්පි දිබ්බචක්ඛුකො, බුද්ධොපි දිබ්බසොතකො, අහම්පි දිබ්බසොතකො, බුද්ධොපි චෙතොපරියඤාණලාභී, අහම්පි චෙතොපරියඤාණලාභී, බුද්ධොපි අතීතානාගතපච්චුප්පන්නෙ ධම්මෙ ජානාති, අහම්පි තෙ ජානාමී”ති අත්තනො පමාණං අජානිත්වා සම්මාසම්බුද්ධං අත්තනා සමසමට්ඨපනෙන සමානං ආපජ්ජන්තො “ඉදානාහං බුද්ධො භවිස්සාමි, භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී”ති අභිමාරපයොජනා තථාගතං ආසජ්ජ ආසාදෙත්වා විහෙඨෙත්වා. “පමාදමනුජීනො”තිපි පඨන්ති. තස්සත්ථො “වුත්තනයෙන පමාදං ආපජ්ජන්තො පමාදං නිස්සාය භගවතා සද්ධිං යුගග්ගාහචිත්තුප්පාදෙන සහෙව ඣානාභිඤ්ඤාහි අනුජීනො පරිහීනො”ති. අවීචිනිරයං පත්තො, චතුද්වාරං භයානකන්ති ජාලානං තත්ථ උප්පන්නසත්තානං වා නිරන්තරතාය “අවීචී”ති ලද්ධනාමං චතූසු පස්සෙසු චතුමහාද්වාරයොගෙන චතුද්වාරං අතිභයානකං මහානිරයං පටිසන්ධිග්ගහණවසෙන පත්තො. තථා හි වුත්තං –
සො සමාන මනුචිණ්ණො ආසජ්ජං තං තථාගතං යනු මෙසේ වූ ඒ දෙව්දත් තෙමේ : බුදුරජ තෙමේ ද ශාක්‍ය පුත්‍රයෙකි, මම ද ශාක්‍ය පුත්‍රයෙක් වෙමි. බුදුරජ තෙමේ ද ශ්රමණයෙකි, මම ද ශ්‍රමණයෙක් වෙමි. බුදුරජ තෙමේ ද ඍද්ධි ඇති කෙනෙකි, මම ද ඍද්ධි ඇති කෙනෙක්මි. බුදුරජ තෙමේ ද දිවැස් ඇති කෙනෙකි, මම ද දිවැස් ඇති කෙනෙක්මි. බුදුරජ තෙමේ ද දිවකන් ඇති කෙනෙකි, මම ද දිවකන් ඇති කෙනෙක්මි. බුදුරජ තෙමේ ද පරසිත් දන්නා කෙනෙකි, මම ද පරසිත් දන්නා කෙනෙක්මි. බුදුරජ තෙමේ ද අතීත අනාගත වර්තමාන ධර්මයන් දනියි, මම ද ඒවා දනිමි යනුවෙන් තමාගේ පමණ නොදැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමාට සමතැන තැබීමෙන් සමාන බවට පැමිණෙමින් දැන් මම බුදු වන්නෙමි. භික්ෂු සංඝයා පාලනය කරන්නෙමි යන අභිමානය ප්‍රයෝජන කොට ඇත්තේ තථාගතයන් වහන්සේට ‘ආසජ්ජ’ හිරිහැර කොට, වෙහෙසා ‘පමාදමනුහීනො යනුවෙන් ද කියති. කියන ලද ආකාරයෙන් ප්‍රමාදයට පැමිණෙමින් ප්‍රමාදය නිසා භාග්‍යවතුන් වහන්සේ සමග යුගග්ග්රාහයට (සමාන බවට) සිත් ඇතිකර ගැනීමත් සමගම ධ්‍යාන අභිඥාවන්ගෙන් පිරිහුනේ වෙයි. අවීචි නිරයං පත්තො චතුද්වාරං භයානකං යන ගිනිදැල්වලින් හෝ එහි උපන් සත්ත්වයන්ගෙන් හෝ අතරක් නැති බැවින් අවීචි යනුවෙන් ලබන ලද නම් ඇති සතර පැත්තෙහි මහ දොරටු සතරක් යෙදීමෙන් දොරටු සතරක් ඇති අති භයානක මහා නිරයට පිළිසිඳ ගැනීම් ආදී වශයෙන් පැමිණියේ ය. එය එසේම කියන ලදී.
“චතුක්කණ්ණො චතුද්වාරො, විභත්තො භාගසො මිතො; අයොපාකාරපරියන්තො, අයසා පටිකුජ්ජිතො.
චතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො අයො පාකාර පරියන්තො අයසා පටිකුජ්ජිතො
“තස්ස අයොමයා භූමි, ජලිතා තෙජසා යුතා; සමන්තා යොජනසතං, ඵරිත්වා තිට්ඨති සබ්බදා”ති. (ම· නි· 3.250; අ· නි· 3.36; පෙ· ව· 693-694; ජා· 2.19.86-87);
තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා සමන්තා යොජන සතං ඵරිත්වා තිට්ඨති සබ්බදා
ඒ මහා නිරයට කොන් සතරක් ඇත. දොරටු සතරක් ඇත. වෙන වෙනම කොටස් වශයෙන් බෙදන ලද යකඩ බැම්මෙන් වටකරන ලදී. යකඩ පියනින් වසන ලදී. ඒ නරකයේ යකඩින් කළ බිම ඇත. එය ද ගින්නෙන් දිලිසෙයි. ගිනිදලු සහිතය. හැමදා අවට යොදුන් සියයක් තැන පැතිර සිටියි.
අදුට්ඨස්සාති අදුට්ඨචිත්තස්ස. දුබ්භෙති දූසෙය්ය. තමෙව පාපං ඵුසතීති තමෙව අදුට්ඨදුබ්භිං පාපපුග්ගලං පාපං නිහීනං පාපඵලං ඵුසති පාපුණාති අභිභවති. භෙස්මාති විපුලභාවෙන ගම්භීරභාවෙන ච භිංසාපෙන්තො විය, විපුලගම්භීරොති අත්ථො. වාදෙනාති දොසෙන. විහිංසතීති බාධති ආසාදෙති. වාදො තම්හි න රූහතීති තස්මිං තථාගතෙ පරෙන ආරොපියමානො දොසො න රුහති, න තිට්ඨති, විසකුම්භො විය සමුද්දස්ස, න තස්ස විකාරං ජනෙතීති අත්ථො.
අදුට්ඨස්ස යනු දූෂිත නොවූ සිත් ඇති තැනැත්තාට. දුබ්භො යනු ද්‍රෝහ කරන්නේ නම් තමෙව පාපං ඵුසති යනු දූෂිත නොවූ තැනැත්තාට ද්‍රෝහී වූ ඒ පාප පුද්ගලයා වෙත ‘පාපං’ හීන වූ පාපයේ විපාකය තෙමේ ‘ඵුසති’ පැමිණෙයි. (ඒ පාප පුද්ගලයා) මැඩගනියි. භෙස්මා යනු මහත් බැවින් ද ගැඹුරු බැවින් ද බියට පත්කරන්නාක් මෙන්, මහත් ගැඹුර යන අර්ථයි. වාදෙන යනු දොස් නැගීමෙන්. විවිංසති යනු බාධා කරයි හිරිහැර කරයි. වාදො තම්හි න රූහති යනු ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි අනුන් විසින් ආරෝපනය කරන දෝෂය ‘න රූහති’ නො සිටියි. සමුද්‍රයට විෂ කළයක් දැමීමෙන් දූෂණය කරන්නට නොහැක්කක් මෙන් උන්වහන්සේගේ විකාරයක් නූපදියි යන අර්ථයි.
එවං ඡහි ගාථාහි පාපිච්ඡතාදිසමන්නාගතස්ස නිරයූපගභාවදස්සනෙන දුක්ඛතො අපරිමුත්තතං දස්සෙත්වා ඉදානි තප්පටිපක්ඛධම්මසමන්නාගතස්ස දුක්ඛක්ඛයං දස්සෙන්තො “තාදිසං මිත්ත”න්ති ඔසානගාථමාහ. තස්සත්ථො – යස්ස සම්මා පටිපන්නස්ස මග්ගානුගො පටිපත්තිමග්ගං අනුගතො සම්මා පටිපන්නො අප්පිච්ඡතාදිගුණසමන්නාගමෙන සකලවට්ටදුක්ඛස්ස ඛයං පරියොසානං පාපුණෙය්ය. තාදිසං බුද්ධං වා බුද්ධසාවකං වා පණ්ඩිතො සප්පඤ්ඤො, අත්තනො මිත්තං කුබ්බෙථ තෙන මෙත්තිකං කරෙය්ය, තඤ්ච සෙවෙය්ය තමෙව පයිරුපාසෙය්යාති.
මෙසේ ගාථා හයකින් පාපිච්ඡතා ආදියෙන් යුක්ත පුද්ගලයාගේ නිරයට පැමිණෙන බව දැක්වීමෙන් දුකින් නොමිදුණු බව දක්වා දැන් එයට ප්රතිපක්ෂ වූ ධර්මයෙන් යුක්ත වූ තැනැත්තාගේ දුක් ක්ෂය වීම දක්වමින් ‘තාදිසං මිත්තං’ යන අවසාන ගාථාව වදාළහ. එහි අර්ථය යස්ස මනාව පිළිපැදීමෙන් යුක්ත වූ තැනැත්තාගේ මග්ගානුගො ප්‍රතිපත්ති මාර්ගය අනුව ගිය මනාව පිළිපන් තැනැත්තා. අල්පේච්ඡාතාදී ගුණයෙන් යුක්ත වූ හෙයින් සියලු සංසාර දුක්ඛස්ස ඛයො දුකේ ක්ෂයවීමට අවසානයට පැමිණෙන්නේය. එබඳු බුදු කෙනෙකුන් හෝ බුදුසව්වකු හෝ පණ්ඩිතො ප්‍රඥාව ඇති තැනැත්තා තමාගේ, මිත්තං කුබ්බෙථ ඔහු සමග මිතුරුබව කරන්නේය, ඔහු සේවනය කරන්නේය, ඔහුම ඇසුරු කරන්නේය.
ඉති ඉමස්මිං වග්ගෙ ඡට්ඨසත්තමසුත්තෙසු විවට්ටං කථිතං, ඉතරෙසු වට්ටවිවට්ටං කථිතං.
මෙසේ මේ වර්ගයෙහි හයවන සත්වන සූත්‍රවල නිවන (විවට්ට) කියන ලදී. අනිත් සූත්‍රවල සසර හා නිවන (වට්ට විවට්ට) කියන ලදී.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍රයයි.
චතුත්ථවග්ගවණ්ණනා නිට්ඨිතා.
සතරවන වර්ග වර්ණනාව නිමියේය.