අන්තරාමලසුත්තං
3. 4. 9.
3. 4. 9.
[අන්තරාමලසුත්තං]
[අන්තරාමල සූත්‍රය]
88. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
88. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. තයො’මෙ භික්ඛවෙ අන්තරාමලා අන්තරාඅමිත්තා අන්තරාසපත්තා අන්තරාවධකා අන්තරාපච්චත්ථිකා. කතමෙ තයො?
1. මහණෙනි, සිතෙහි හටගත් මලයෝ (කෙලෙස්) වූ සිතෙහි උපන් අමිත්‍රයෝ වූ සිතෙහි හටගත් සතුරෝ වූ සිතෙහි හටගත් වධකයෝ වූ සිතෙහි උපන් පසමිතුරෝ වූ මේ ධර්මයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:
ලොභො භික්ඛවෙ අන්තරාමලො අන්තරාඅමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො. දොසො භික්ඛවෙ අන්තරාමලො අන්තරාඅමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො. මොහො භික්ඛවෙ අන්තරාමලො අන්තරාඅමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො.
මහණෙනි, ලෝභය තෙම සිතෙහි හටගත් මලයෙකි. (කිලුටෙකි). සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, මෝහය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි.
ඉමෙ ඛො භික්ඛවෙ තයො අන්තරාමලා අන්තරාඅමිත්තා අන්තරාසපත්තා අන්තරාවධකා අන්තරාපච්චත්ථිකා’ති.
මහණෙනි, මේ තිදෙනා සිතෙහි හටගත් මලයෝ, සිතෙහි උපන් අමිත්‍රයෝ, සිතෙහි උපන් සතුරෝ, සිතෙහි උපන් වධකයෝ, සිතෙහි උපන් පසමිතුරෝ වෙත්.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළ සේක. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
2. “ලෝභය තෙම අවැඩ ඇති කරන්නේ ය. ලෝභය තෙම සිත ප්රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ලෝභය තෙම බියට හේතු යැයි අන්ධබාල ජන තෙමේ නො දනී.
3. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
3. ලෝභයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්ත්ථය නො දනී. ලුබ්ධ පුද්ගල තෙමේ (දශකුශලකර්මපථ) ධර්මය නො දනී. යම් කලෙක ලෝභය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්ධකාරය වෙයි.
4. යො ච ලොභං පහත්වාන ලොභනෙය්යෙ න ලුබ්භති, ලොභො පහීයතෙ තම්හා උදබින්දූව පොක්ඛරා.
4. යමෙක් තෙමේ ලෝභය නසා ලෝභයට කරුණු වන දැයෙහි ලෝභ නො කෙරේ ද, පොකුරුපතින් ජල බින්දුව මෙන් ඒ (ආර්‍ය්‍ය) පුද්ගලයා කෙරෙන් ලෝභය (ආර්ය්යමාර්ගයෙන්) ප්‍රහීණ වෙයි.
5. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
5. ද්වේෂය තෙම අවැඩ ඇති කරන්නේ ය. ද්වේෂය තෙම සිත ප්රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ද්වේෂය තෙම බියට හේතු යැයි අන්ධබාල ජන තෙමේ නො දනී.
6. දුට්ඨො අත්ථං න ජානාති දුට්ඨො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං දොසො සහතෙ නරං.
6. ද්වේෂයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්ත්ථය නො දනී. ද්විෂ්ට පුද්ගල තෙමේ (දශකුශලකර්මපථ) ධර්මය නො දනී. යම් කලෙක ද්වේෂය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්ධකාරය වෙයි.
7. යො ච දොසං පහත්වාන දොසනෙය්යෙ න දුස්සති, දොසො පහීයතෙ තම්හා තාලපක්කංව බන්ධනා.
7. යමෙක් ද්වේෂය නසා ද්වේෂයට කරුණු වන දැයෙහි ද්වේෂ නො කෙරේ ද, තල්ගෙඩිය නටුවෙන් (ගිලිහෙන්නාක්) මෙන් ඒ පුද්ගලයා කෙරෙන් ද්වේෂය (තෘතීයමාර්ගඥානය ඉපදීමෙන්) ප්‍රහීණ වෙයි.
8. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
8. මෝහය තෙම අවැඩ ඇති කරන්නේ ය. මෝහය තෙම සිත ප්රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ මෝහය තෙම බියට හේතු යැ යි අන්ධබාල ජන තෙමේ නො දනී.
9. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං මොහො සහතෙ නරං
9. මෝහයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්ත්ථය නො දනී. මුළාවූ පුද්ගල තෙමේ (දශකුශලකර්මපථ) ධර්මය නො දනී. යම් කලෙක මෝහය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්ධකාරය වෙයි.
10. යො ච මොහං පහත්වාන මොහනෙය්යෙ න මුය්හති, මොහං විහන්ති සො සබ්බං ආදිච්චොවුදයං තම”න්ති.
10. යමෙක් මෝහය නසා මුළා විය යුතු දැයෙහි මුළා නො වේ ද, ඒ පුද්ගල තෙමේ උඩට නැගෙන්නාවූ (පායන්නාවූ) හිරු අඳුර (නසන්නාක්) මෙන් සියලු මෝහය චතුර්ත්ථමාර්ගයෙන් නසයි.”
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.