යෙදුමෙන් කියවන්න

දෙවදත‍්තසුත‍්තං

3. 4. 10.

3. 4. 10.

[දෙවදත‍්තසුත‍්තං]

[දේවදත්ත සූත්‍රය]

89. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

89. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. තීහි භික‍්ඛවෙ අසද‍්ධම‍්මෙහි අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො. කතමෙහි තීහි?

1. මහණෙනි, අසත්පුරුෂ ධර්‍ම තුණෙකික් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. කවර තුණෙකින් ද යත්:

පාපිච‍්ඡතාය භික‍්ඛවෙ අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො. පාපමිත‍්තතාය භික‍්ඛවෙ අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො. සති ඛො පන උත‍්තරිකරණීයෙ ඔරමත‍්තකෙන විසෙසාධිගමෙන අන‍්තරා වොසානං ආපාදීති.

මහණෙනි, ලාමක ඊප්සාවෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳ ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නො කළ හැක්කේ වෙයි: මහණෙනි, පාපමිත්‍රභාවයෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළද ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. මහණෙනි, ධ්‍යානාභිඥාවන්ගෙන් මත්තෙහි කළ යුතු මාර්‍ගඵලාධිගමයන් ඇති කල්හිත් ස්වල්පමාත්‍ර වූ උතුරුමිනිස් දහම් ලැබීමෙන් අතරතුර (නොකළ කිස ඇතියේ ම) කළ කිස ඇතියෙමි යි හඟනේ හේ නිශ්චයට පැමිණියේ ය.

ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි අසද‍්ධම‍්මෙහි අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡොති.

මහණෙනි, මේ අසත්පුරුෂ ධර්‍මතුණෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳ ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නො කළ හැක්කේ වෙයි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “මා ජාතු කොචි ලොකස‍්මිං පාපිච‍්ඡො උදපජ‍්ජතු, තදමිනාපි ජානාථ පාපිච‍්ඡානං යථා ගති.

2. “මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් ඒකාන්තයෙන් ලාමක ආශා ඇත්තේ නොවේවා. පාපේච්ඡපුද්ගලයන්ගේ යම් බඳු ගතියෙක් වේ ද, එය මේ (දේවදත්තයා පිළිබඳ) කාරණයෙන් ද දනිවු.

3. පණ‍්ඩිතො’ති සමඤ‍්ඤාතො භාවිතත‍්තො’ති සම‍්මතො, ජලං’ව යසසා අට‍්ඨා දෙවදත‍්තො’ති විස‍්සුතො.

3. දේවදත්ත යැ යි ප්‍රකට පුද්ගල තෙමේ පණ්ඩිත යැ යි ප්‍රසිද්ධ වූයේ ධ්‍යානාභිඥාවන්ගෙන් වඩන ලද සිත් ඇත්තේ යැ යි සම්භාවනා කරණ ලද්දේ කීර්තියෙන් දිලියෙමින් මෙන් සිටියේ ය.

4. සො පමාණමනුචිණ‍්ණො ආසජ‍්ජ නං තථාගතං, අවීචිනිරයං පත‍්තො චතුද‍්වාරං භයානකං.

4. හෙ තෙම (මම් මහණ ගොයුම් හා සමයෙමියි සිතමින්) තමා ප්‍රමාණ කෙළේ ඒ තථාගතයන් වහන්සේ වෙහෙසා දොරටු සතරක් ඇත්තා වූ භයජනක වූ අවීචිමහානරකයට පැමිණියේ ය.

5. අදුට‍්ඨස‍්ස හි යො දුබ‍්භෙ පාපකම‍්මං අකුබ‍්බතො, තමෙව පාපං ඵුසති දුට‍්ඨචිත‍්තං අනාදරං.

5. යමෙක් වනාහි පව් නොකරන්නා වූ අදූෂිත සිත් ඇත්තහුට ද්‍රෝහ කරන්නේ වේ ද, ඒ පාපකර්‍මය තෙම සිත් ඇති ආදර රහිත වූ ඒ පුද්ගලයා ම ස්පර්‍ශ කරයි. (ඔහු කරා ම විපාක වශයෙන් පැමිණෙයි)

6. සමුද‍්දං විසකුම‍්භෙන යො මඤ‍්ඤෙය්‍ය පදූසිතුං, න සො තෙන පදූසෙය්‍ය යස‍්මා හි උද‍්ධී මහා.

6. යමෙක් තෙමේ විෂ කළයකින් මහමුහුද දූෂණය කරන්නට සිතන්නේ ද, හෙ තෙම එයින් (මුහුද) දූෂණය නොකරන්නේ ය. යම් හෙයකින් මුහුද විශාල ද එහෙයිනි.

7. එවමෙව තථාගතං යො වාදෙන විහිංසති, සමග‍්ගතං සන‍්තචිත‍්තං වාදො තම‍්හි න රූහති.

7. එ පරිද්දෙන් ම යමෙක් තෙම ශාන්ත සිත් ඇති තථාගතයන් වහන්සේට දොස් නැඟීමෙන් වෙහෙසන්නට තැත් කරන්නේ ද, ඔහු නඟන දෝෂය උන්වහන්සේ කෙරෙහි නො නැඟෙයි.

8. තාදිසං මිත‍්තං කුබ‍්බෙථ තඤ‍්ච සෙවෙය්‍ය පණ‍්ඩිතො, යස‍්ස මග‍්ගානුගො භික‍්ඛු ඛයං දුක‍්ඛස‍්ස පාපුණෙ’ති”.

8. යම් කෙනෙකුන් වහන්සේගේ ප්‍රතිපත්තිමාර්‍ගය අනුව ගියාවූ මහණ තෙම සංසාරදුඃඛයාගේ ක්‍ෂයට පැමිණෙන්නේ ද, නුවණැත්තේ එබඳු තැනැත්තකු තම මිතුරා කැරැ ගන්නේ ය. එබඳු තැනැත්තකු ම සේවනය කරන්නේ ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.

චතුත්‍ථො වග‍්ගො.

සිවු වන වගයි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

විතක‍්කා සක‍්කාර සද‍්ද චවමාන ලොකෙ, අසුභ ධම‍්ම අන්‍ධකාර මලං, දෙවදත‍්තො’ති තෙ දසා’ති.

විතක්ක, සක්කාර, දේවසද්ද, දෙවාවචන, (පුබ්බනිමිත්ත), තථාගතලෝකුප්පත්ති (බහුජනහිත), අසුභානුපස්සී, ධම්මානුධම්මපටිපන්න, අන්‍ධකරණ, මල, දේවදත්ත සූත්‍රය යි ඔහු දසදෙනෙකි.