යෙදුමෙන් කියවන්න

අග‍්ගප‍්පසාදසුත‍්තං

3. 5. 1.

3. 5. 1.

[අග‍්ගප‍්පසාදසුත‍්තං]

[අග්‍රප්‍රසාද සූත්‍රය]

90. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

90. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. තයො’මෙ භික‍්ඛවෙ අග‍්ගප‍්පසාදා. කතමෙ තයො?

1. මහණෙනි, මේ අග්‍ර වූ (ශ්‍රේෂ්ඨ වූ) ප්‍රසාදයෝ (පැහැදීම්) තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:

යාවතා භික‍්ඛවෙ සත‍්තා අපදා වා ද‍්විපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ‍්ඤිනො වා අසඤ‍්ඤිනො වා නෙවසඤ‍්ඤිනාසඤ‍්ඤිනො වා, තථාගතො තෙසං අග‍්ගමක‍්ඛායති යදිදං අරහං සම‍්මාසම‍්බුද‍්ධො. යෙ භික‍්ඛවෙ බුද‍්ධෙ පසන‍්නා අග‍්ගෙ තෙ පසන‍්නා. අග‍්ගෙ ඛො පන පසන‍්නානං අග‍්ගො විපාකො හොති.

මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිවුපා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපය ඇත්තා වූ හෝ රූපය නැත්තා වූ හෝ සංඥා ඇත්තා වූ හෝ සංඥා නැත්තා වූ හෝ නෛවසංඥීනාසංඥී වූ හෝ යම් පමණ සත්ත්‍වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුරජ තෙමේ අග්‍රයැ යි (ශ්‍රේෂ්ඨ යැ යි) කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුනාහු නම් ඔවුහු අග්‍ර වූ (බුද්ධරත්නයෙහි) පැහැදුනාවූ වෙත්. අග්‍ර වූ බුද්ධරත්නයෙහි පැහැදුනවුන්ට අග්‍ර (ශ්‍රේෂ්ඨ) වූ විපාකය වෙයි.

යාවතා භික‍්ඛවෙ ධම‍්මා සඞ‍්ඛතා වා අසඞ‍්ඛතා වා විරාගො තෙසං අග‍්ගමක‍්ඛායති යදිදං මදනිම‍්මදනො පිපාසවිනයො ආලයසමුග‍්ඝාතො වට‍්ටුපච‍්ඡෙදො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. යෙ භික‍්ඛවෙ විරාගෙ ධම‍්මෙ පසන‍්නා අග‍්ගෙ තෙ පසන‍්නා. අග‍්ගෙ ඛො පන පසන‍්නානං අග‍්ගො විපාකො හොති.

මහණෙනි, හේතුප්‍රත්‍යයෙන් නිපන්නාවූ හෝ හේතුප්‍රත්‍යයෙන් නොනිපන්නාවූ හෝ යම් පමණ ස්වභාවධර්‍මයෝ වෙත් නම්, ඔවුන් අතුරෙන් යම් මේ (මානාමදාදි) සියලු මද මර්දනය කරන්නාවූ (කාමාදි) පිපාසයන් පහ කරන්නාවූ (කාමාදි) ආලයයන් සහමුලින් නසන, (කම්වට කෙලෙස්වට විවාවට යන) සංසාරවෘත්තයන් සිඳින්නාවූ, තෘෂ්ණාක්‍ෂය කරන්නාවූ, රාගය දුරු කරන්නාවූ, කෙලෙස් නිරුද්ධ කරන්නාවූ නිර්‍වාණයක් වේ ද, (ඒ ධර්‍මය) ශ්‍රේෂ්ඨ යැ යි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි (නිවණෙහි) පැහැදුනාහු නම් (ඔවුහු) අග්‍ර වූ ධර්‍මරත්නයෙහි පැහැදුනාහු වෙත්. අගතන්හි පැහැදුනවුන්ට වනාහි අග්‍ර වූ විපාකය වෙයි.

යාවතා භික‍්ඛවෙ සඞ‍්ඝා වා ගණා වා තථාගතසාවකසඞ‍්ඝො තෙසං අග‍්ගමක‍්ඛායති. යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨපුරිසපුග‍්ගලා. එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. යෙ භික‍්ඛවෙ සඞ‍්ඝෙ පසන‍්නා අග‍්ගෙ තෙ පසන‍්නා. අග‍්ගෙ ඛො පන පසන‍්නානං අග‍්ගො විපාකො හොති.

මහණෙනි, සඞ්ඝ වූ හෝ ගණ වූ හෝ යම් පමණ (ජනසමූහයක්) ඇද්ද ඔවුන් අතුරෙන් යම් මේ පුරිසයුගල වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අට දෙනෙක් වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ශ්‍රේෂ්ඨ යැ යි කියනු ලැබේ. ඒ භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ දුරින් ගෙණවුත් දිය යුත්ත පිළිගැණීමට සුදුසු වේ. ආගන්තුදානය පිළිගැණීමට සුදුසු වේ. පරලොව අදහා දිය යුත්ත පිළිගැණීමට සුදුසු වේ. දොහොත් මුදුන්හි තබා නමස්කාර කිරීමට සුදුසු වේ. ලොවැස්සාගේ උතුම් වූ පින්කෙත ද වේ. මහණෙනි, යම් කෙනෙක් (මෙබඳු) සඞ්ඝයා කෙරෙහි පැහැදුනාහු නම් ඔවුහු අග්‍ර (සඞ්ඝරත්නයෙහි) පැහැදුනාහු වෙත්. අගතන්හි පැහැදුනවුනට අග්‍ර වූ විපාකය වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ තයො අග‍්ගප‍්පසාදා”ති.

මහණෙනි, මොවුහු වනාහි අග්‍රප්‍රසාදයෝ තිදෙන වෙත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.

2. “අග‍්ගතො වෙ පසන‍්නානං අග‍්ගං ධම‍්මං විජානතං, අග‍්ගෙ බුද‍්ධෙ පසන‍්නානං දක‍්ඛිණෙය්‍යෙ අනුත‍්තරෙ.

2. “ඒකාන්තයෙන් (රත්නත්‍රවිෂයයෙහි) අග්‍ර වශයෙන් පැහැදුනාවූ උත්තම ගුණස්වභාවය දන්නාවුන්ට ද දක්‍ෂිණාර්‍හ වූ නිරුත්තර අග්‍ර බුදුන් කෙරෙහි පැහැදුනවුනට ද, (අග්‍ර විපාකය වේ.)

3. අග‍්ගෙ ධම‍්මෙ පසන‍්නානං විරාගූපසමෙ සුඛෙ, අග‍්ගෙ සඞ‍්ඝෙ පසන‍්නානං පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ.

3. සියලු කෙලෙසුන්ගේ නොඇලීමට හා සංසිඳීමට හේතු වූ, සැප ඇත්තා වූ අග්‍ර වූ ධර්‍මය කෙරෙහි පැහැදුනවුන්ට ද, උසස් පින් කෙතක් වූ අග්‍ර සඞ්ඝරත්නය කෙරෙහි පැහැදුනවුන්ට ද, (අග්‍ර විපාකය වේ.)

4. අග‍්ගස‍්මිං දානං දදතං අග‍්ගං පුඤ‍්ඤං පවඩ‍්ඪති, අග‍්ගං ආයු ච වණ‍්ණො ච යසො කිත‍්ති සුඛං බලං.

4. අග්‍ර වූ රත්නත්‍රය විෂයයෙහි දන් දෙන්නවුන්ට අග්‍ර වූ පින් වැඩේ. අග්‍ර වූ ආයුෂය ද, ශරීර වර්‍ණය ද, පිරිවර සම්පත ද, කීර්තිය ද, (කායිකචෛතසික) සුවය ද, කායබල හා ඥානබලය ද වැඩෙන්නේ ය.

5. අග‍්ගස‍්ස දාතා මෙධාවී අග‍්ගධම‍්මසමාහිතො, දෙවභූතො මනුස‍්සො වා අග‍්ගප‍්පත‍්තො පමොදතී”ති.

5. අග්‍ර වූ රත්නත්‍රයට (අග්‍ර වූ දේයධර්‍මය) දෙන්නා වූ නුවණැති පුරුෂ තෙම අග්‍රප්‍රසාදධර්‍මයෙන් හා අග්‍රදානධර්‍මයෙන් යුක්ත වූයේ, දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍ර බවට පැමිණ සතුටු වෙයි.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.