1. අග්ගප්පසාදසුත්තවණ්ණනා අට්ඨකථා
1. අග්ගප්පසාදසුත්තවණ්ණනා
1. අග්‍රප්‍රසාද සූත්‍ර වර්ණනාව
පඤ්චමවග්ගස්ස පඨමෙ අග්ගප්පසාදාති එත්ථ අයං අග්ගසද්දො ආදිකොටිකොට්ඨාසසෙට්ඨෙසු දිස්සති. තථා හෙස “අජ්ජතග්ගෙ, සම්ම දොවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං (ම· නි· 2.70). අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති (දී· නි· 1.250; පාරා· 15) ච ආදීසු ආදිම්හි දිස්සති. “තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය (කථා· 441). උච්ඡග්ගං වෙළග්ග”න්ති ච ආදීසු කොටියං. “අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා (සං· නි· 5.374). අනුජානාමි, භික්ඛවෙ, විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතු”න්ති (චූළව· 318) ච ආදීසු කොට්ඨාසෙ. “අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච උත්තමො ච පවරො ච (අ· නි· 4.95). අග්ගොහමස්මි ලොකස්සා”ති ච ආදීසු (දී· නි· 2.31; ම· නි· 3.207) සෙට්ඨෙ. ස්වායමිධාපි සෙට්ඨෙයෙව දට්ඨබ්බො. තස්මා අග්ගෙසු සෙට්ඨෙසු පසාදා, අග්ගභූතා සෙට්ඨභූතා වා පසාදා අග්ගප්පසාදාති අත්ථො.
පස්වන වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අග්ගප්පසාදා යන මෙහි මේ අග ශබ්දය ආදි (මුල), කෝටි (කෙළවර අග), කොට්ඨාස (කොටස) සෙට්ඨ (ශ්‍රේෂ්ඨ) යන අර්ථවල දක්නා ලැබේ. එය එසේමය. ‘අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨිනං’ ‘යහළු දොරටුපාලය, අද සිට (අද මුල්කොට) නිගණ්ඨයන්ටත් නිගණ්ඨීයන්ටත් දොර වසමි’ ‘අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං’ ‘අද සිට දිවිහිම්කොට සරණ ගිය’ ආදියෙහි මුල යන අර්ථයෙහි දක්නා ලැබේ. ‘තෙනෙව අංගුලග්ගෙන තං අංගුලග්ගං පරාමසෙය්ය’ ‘ඒ ඇඟිලි අගින්ම ඒ ඇඟිලි අග ස්පර්ශ කරන්නේ ද ‘උච්ඡගං වෙලග්ගං’ උක්ගස් කෙළවර, උණගස් කෙළවර ආදියෙහි කෙළවර යන අර්ථයෙහි දක්නා ලැබේ. ‘අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා අනුජානාමි භික්ඛවෙ විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතුං’ ‘මහණෙනි, ඇඹුල් කොටස හෝ මිහිරි කොටස හෝ තිත්ත කොටස හෝ විහාර ගණනින් හෝ පිරිවෙන් ගණනින් බෙදන්නට අනුදනිමි යනාදියෙහි කොටස යන අර්ථයෙහි ද ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච උත්තමො ච පවරො ච’ පුද්ගලයන් සතරදෙනා අතරින් මොහු අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද උතුම් ද ප්‍රවර ද ‘අග්ගොහමස්මි ලොකස්ස’ ‘මම ලෝකයට අග්‍ර වෙමි’ යනාදියෙහි ශ්‍රේෂ්ඨ යන අර්ථයෙහි ද දක්නා ලැබේ. මෙහි ද ඒ මේ අග්ග ශබ්දය ශ්‍රේෂ්ඨ අර්ථයෙහිම යයි දතයුතුය. අග්‍ර වූ දේවල් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ දේවල් කෙරෙහි ප්‍රසාදයෝ හෝ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ප්‍රසාදයෝ = අග්ගප්පසාදා යන අර්ථයි.
පුරිමස්මිඤ්ච අත්ථෙ අග්ගසද්දෙන බුද්ධාදිරතනත්තයං වුච්චති. තෙසු භගවා තාව අසදිසට්ඨෙන, ගුණවිසිට්ඨට්ඨෙන, අසමසමට්ඨෙන ච අග්ගො. සො හි මහාභිනීහාරං දසන්නං පාරමීනං පවිචයඤ්ච ආදිං කත්වා තෙහි බොධිසම්භාරගුණෙහි චෙව බුද්ධගුණෙහි ච සෙසජනෙහි අසදිසොති අසදිසට්ඨෙන අග්ගො. යෙ චස්ස ගුණා මහාකරුණාදයො, තෙ සෙසසත්තානං ගුණෙහි විසිට්ඨාති ගුණවිසිට්ඨට්ඨෙනපි සබ්බසත්තුත්තමතාය අග්ගො. යෙ පන පුරිමකා සම්මාසම්බුද්ධා සබ්බසත්තෙහි අසමා, තෙහි සද්ධිං අයමෙව රූපකායගුණෙහි චෙව ධම්මකායගුණෙහි ච සමොති අසමසමට්ඨෙනපි අග්ගො. තථා දුල්ලභපාතුභාවතො අච්ඡරියමනුස්සභාවතො බහුජනහිතසුඛාවහතො අදුතියඅසහායාදිභාවතො ච භගවා ලොකෙ අග්ගොති වුච්චති. යථාහ –
(අග්‍ර වූ දේවල් කෙරෙහි යන) මුල් අර්ථයෙහිද අග්ග ශබ්දයෙන් බුද්ධාදී රත්නත්‍රය කියනු ලැබේ. ඒවා අතරින් පළමු කොට භාග්‍යවතුන් වහන්සේ අසමාන අර්ථයෙන්ද ගුණ විශිෂ්ට අර්ථයෙන් ද අසමසම අර්ථයෙන් ද අග්‍රයහ. උන්වහන්සේ මහාභිනීහාරය (බුදුබව පැතීම) ද දසපාරමිතාවන් පිරිමද මුල්කොට ඒ බෝධිසම්භාර ගුණවලින් මෙන්ම බුදුගුණවලින්ද සෙසු ජනයන් සමග අසමාන වූවාහුයි අසමාන අර්ථයෙන් අග්‍රයහ. මහාකරුණාදී යම් ගුණධර්ම ඇද්ද ඒවා සෙසු සත්ත්වයන්ගේ ගුණයන්ට වඩා විශිෂ්ටයයි ගුණවිශිෂ්ට අර්ථයෙන් ද සියලු සත්ත්වයන්ට උතුම් බැවින් අග්‍රයහ. කලින් වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සියලු සත්ත්වයන් සමග අසමානයහ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමග මේ (ගෞතම) සම්මා සම්බුදුරජාණන් වහන්සේම රූපකාය ගුණවලින් මෙන්ම ධර්මකාය ගුණවලින් ද සමාන වෙතියි අසමසම අර්ථයෙන් ද අග්‍රයහ. එසේම දුර්ලභ වශයෙන් පහළවන බැවින් ද අසිරිමත් මිනිස්බවක් ඇති බැවින් ද බොහෝ ජනයාට හිතසුව ගෙන දෙන හෙයින්ද දෙවැන්නෙක් නැති සහායකයෙක් නැති (අදුතිය - අසහාය) බැවින් ද භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි අග්‍රයහයි කියනු ලැබේ. ඒ බව මෙසේ වදාළහ.
“එකපුග්ගලස්ස, භික්ඛවෙ, පාතුභාවො දුල්ලභො ලොකස්මිං, කතමස්ස එකපුග්ගලස්ස? තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස.
‘මහණෙනි, එක් පුද්ගලයෙකුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභය. කවර එක් පුද්ගලයෙකුගේ ද? තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේය.
“එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අච්ඡරියමනුස්සො.
“මහණෙනි, ලෝකයෙහි එක් පුද්ගලයෙක් ඉපදීමට සමත් වූයේ ආශ්චර්යමත් මනුෂ්‍යයෙක්ව උපන්නේ වෙයි. (ලෝකයෙහි එක් අසිරිමත් පුද්ගලයෙක් උපන්නේය.)
“එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන…පෙ… සම්මාසම්බුද්ධො.
‘මහණෙනි, එක් පුද්ගලයෙක් ලෝකයෙහි ඉපදීමට සමත් වූයේ බොහෝ දෙනාට -පෙ- උපන්නේ වෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේය.
“එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති, අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො”ති (අ· නි· 1.170-172, 174).
‘මහණෙනි, එක් පුද්ගලයෙක් ලෝකයෙහි ඉපදීමට සමත් වූයේ (වෙනත් සර්වඥ බුදු කෙනෙකුගේ ඉපදීමක් නැති හෙයින්) අද්විතීයව (බුදු සිරුරට හෝ අවබෝධ කළ ධර්මයට හෝ සමාන වූවක් නැති හෙයින්) අසහායව (බුදු සිරුරට සමාන වෙනත් ප්‍රතිමාවක් නැති හෙයින්) අප්රතිමාව (බුදුසිරුරට සමාන බාහිර කිසිවෙක් නැති හෙයින්) අප්රතිසමව (බුද්ධ දේශිත ධර්මය වෙනත් අයුරකින් දේශනා කිරීමට සමත් වූවෙක් නැති හෙයින්) අප්රතිභාගව (මම බුදුකෙනෙක් වෙමියි කීමට සමත් අනිකකු නැති හෙයින්) අප්‍රති පුද්ගලව, (අන් කිසිවෙකුටත් සමාන නැති හෙයින්) අසමව, (පැරණි බුදුවරුන් හා සමාන හෙයින්) අසමසමව දෙපා ඇති අයට අග්‍රව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක් ද? තථාගත අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේය.
ධම්මසඞ්ඝාපි අඤ්ඤධම්මසඞ්ඝෙහි අසදිසට්ඨෙන විසිට්ඨගුණතාය දුල්ලභපාතුභාවාදිනා ච අග්ගා. තථා හි තෙසං ස්වාක්ඛාතතාදිසුප්පටිපන්නතාදිගුණවිසෙසෙහි අඤ්ඤධම්මසඞ්ඝා සදිසා අප්පතරනිහීනා වා නත්ථි, කුතො සෙට්ඨා. සයමෙව ච පන තෙහි විසිට්ඨගුණතාය සෙට්ඨා. තථා දුල්ලභුප්පාදඅච්ඡරියභාවබහුජනහිතසුඛාවහා අදුතියඅසහායාදිසභාවා ච තෙ. යදග්ගෙන හි භගවා දුල්ලභපාතුභාවො, තදග්ගෙන ධම්මසඞ්ඝාපීති. අච්ඡරියාදිභාවෙපි එසෙව නයො. එවං අග්ගෙසු සෙට්ඨෙසු උත්තමෙසු පවරෙසු ගුණවිසිට්ඨෙසු පසාදාති අග්ගප්පසාදා.
ධර්මය ද සංඝයා ද අනිත් ධර්ම හා සංඝයා සමග අසමාන අර්ථයෙන් ද විශිෂ්ට ගුණ ඇති බැවින් ද දුර්ලභ පහළවීම් ආදියෙන් ද අග්‍රය. එය එසේය. ඒ බුද්ධ දේශනාවේ ස්වාක්ඛාතාදී ගුණ විශේෂයන්ට බුද්ධශ්රාවක සංඝයාගේ සුපටිපන්නතාදී ගුණ විශේෂයන්ට සමාන වූ හෝ ස්වල්පයක් පහත් වූ හෝ අනිත් ධර්මයක්, සංඝයා කෙනෙක් නැත්තේය. ඊට වඩා ශ්‍රේෂ්ඨ වූවක් කොයින්ද? තෙමේම අනිත් ගුණයන්ට වඩා විශිෂ්ට ගුණ ඇති බැවින් ශ්‍රේෂ්ඨය. එසේම ඒවා දුර්ලභ ඉපදීම, අසිරිමත් බව, බොහෝ ජනයාට හිතසැප ගෙනදීම, අද්විතීය, අසහාය ආදී ස්වභාවයෙන් ද ශ්‍රේෂ්ඨය. යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ දුර්ලභව පහළවන සේක් ද ඒ කරුණෙන් ධර්මය ද සංඝයා ද දුර්ලභව පහළ වෙයි. අසිරිමත් බව ආදියෙහි ද මේ ක්‍රමයමයි. මෙසේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ ප්‍රවර වූ ගුණ විශිෂ්ට වූ රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයෝ = අග්ගප්පසාදා අග්‍ර ප්රසාදයෝයි.
දුතියස්මිං පන අත්ථෙ යථාවුත්තෙසු අග්ගෙසු බුද්ධාදීසු උප්පත්තියා අග්ගභූතා පසාදා අග්ගප්පසාදා. යෙ පන අරියමග්ගෙන ආගතා අවෙච්චප්පසාදා, තෙ එකන්තෙනෙව අග්ගභූතා පසාදාති අග්ගප්පසාදා. යථාහ “ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොතී”තිආදි (සං· නි· 5.1027). අග්ගවිපාකත්තාපි චෙතෙ අග්ගප්පසාදා. වුත්තඤ්හි “අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො”ති.
දෙවන අර්ථයෙහි වනාහි කියන ලද ආකාර ඇති අග්‍ර වූ බුද්ධාදිය කෙරෙහි උපන් අග්‍ර වූ ප්‍රසාදයෝ අග්‍ර ප්රසාදයෝයි. ආර්යමාර්ගයෙන් ආවා වූ යම් නොසෙල්වෙන ප්‍රසාද කෙනෙක් ඇද්ද ඒකාන්තයෙන් ඒ ප්‍රසාදයෝ අග්‍ර වූ ප්‍රසාදයෝ යන අරුතින් අග්‍රප්‍රසාද නම් වෙති. ඒ බව ‘ඉධ භික්ඛවෙ අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති’ ‘මහණෙනි, මේ සසුනෙහි ආර්යශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි’ යනාදිය මෙසේ වදාළහ. අග්‍ර වූ විපාක ඇති බැවින් ද ඒවා අග්‍රප්‍රසාද නම් වේ. ‘අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො’ යනුවෙන් එය දේශනා කරන ලදී.
යාවතාති යත්තකා. සත්තාති පාණිනො. අපදාති අපාදකා. ද්විපදාති ද්විපාදකා. සෙසපදද්වයෙපි එසෙව නයො. වා-සද්දො සමුච්චයත්ථො, න විකප්පත්ථො. යථා “අනුප්පන්නො වා කාමාසවො උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පවඩ්ඪතී”ති (ම· නි· 1.17) එත්ථ අනුප්පන්නො ච උප්පන්නො චාති අත්ථො. යථා ච “භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහායා”ති (ම· නි· 1.402; සං· නි· 2.12) එත්ථ භූතානඤ්ච සම්භවෙසීනඤ්චාති අත්ථො. යථා ච “අග්ගිතො වා උදකතො වා මිථුභෙදතො වා”ති (දී· නි· 2.152; උදා· 76; මහාව· 286) එත්ථ අග්ගිතො ච උදකතො ච මිථුභෙදතො චාති අත්ථො, එවං “අපදා වා…පෙ… අග්ගමක්ඛායතී”ති එත්ථාපි අපදා ච ද්විපදා චාති සම්පිණ්ඩනවසෙන අත්ථො දට්ඨබ්බො. තෙන වුත්තං “වා-සද්දො සමුච්චයත්ථො, න විකප්පත්ථො”ති.
යාවතා යනු යම්තාක්. සත්තා යනු ප්‍රාණීහු. අපදා යනු පා නැති. ද්විපදා යනු දෙපා ඇති. ඉතිරි පද දෙකෙහි ද මේ ක්‍රමයමයි. වා ශබ්දය සමුච්චය (එක්කිරීම්) අර්ථ ඇත්තේ වෙයි. විකල්ප (සියල්ල ඇතුළත් නැති) අර්ථ ඇත්තේ නොවෙයි. ‘අනුප්පන්නො වූ කාමාසවො උප්පජ්ජති උප්පන්නො වා කාමාසවො පවඩ්ඪති’ යන්න මෙනි. මෙහි අනුප්පන්නො ච උප්පන්නො ච (නූපන්නා වූ ද උපන්නා වූ ද) යන අර්ථ ඇත්තේය. ‘භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය’ යන්න මෙනි. මෙහි භූතානං ච සම්භවෙසීනං ච (ඉපදීම අවසන් කළ සත්ත්වයෝද මතු ඉපදීම සොයන සත්ත්වයෝ ද) යන අර්ථ ඇත්තේය. ‘අග්ගිතො වා උදකතො වා මිථුභෙදතො වා’ යන්න මෙනි. මෙහි අග්ගිතො ව උදකතො ච මිථුභෙදතො ච (ගින්නෙන් ද ජලයෙන් ද මිත්රභේදයෙන් ද) යන අර්ථ ඇත්තේය. මෙසේ අපදා වා -පෙ- අග්ග මක්ඛායති යන මෙහි ද අපදා ච ද්විපදා ච යනුවෙන් සම්පිණ්ඩන වශයෙන් අර්ථය දතයුතුයි. එහෙයින් ‘සමුච්චයත්ථො වා සද්දො න විකප්පත්ථො’යි කියන ලදී.
රූපිනොති රූපවන්තො. න රූපිනොති අරූපිනො. සඤ්ඤිනොති සඤ්ඤාවන්තො. න සඤ්ඤිනොති අසඤ්ඤිනො. නෙවසඤ්ඤිනාසඤ්ඤිනො නාම භවග්ගපරියාපන්නා. එත්තාවතා ච කාමභවො, රූපභවො, අරූපභවො, එකවොකාරභවො, චතුවොකාරභවො, පඤ්චවොකාරභවො, සඤ්ඤීභවො, අසඤ්ඤීභවො, නෙවසඤ්ඤීනාසඤ්ඤීභවොති නවවිධෙපි භවෙ සත්තෙ අනවසෙසතො පරියාදියිත්වා දස්සෙසි ධම්මරාජා. එත්ථ හි රූපිග්ගහණෙන කාමභවො රූපභවො පඤ්චවොකාරභවො එකවොකාරභවො ච දස්සිතො, අරූපිග්ගහණෙන අරූපභවො චතුවොකාරභවො ච දස්සිතො. සඤ්ඤීභවාදයො පන සරූපෙනෙව දස්සිතා. අපදාදිග්ගහණෙන කාමභවපඤ්චවොකාරභවසඤ්ඤීභවානං එකදෙසො දස්සිතොති.
රූපිනො යනු රූපය ඇත්තා වූ. රූපය නැත්තා වූ යන අරුතින් අරූපිනො වෙයි. සඤ්ඤිනො යනු සඤ්ඤාව ඇත්තා වූ. සඤ්ඤාව නැත්තා වූ යන අරුතින් අසඤ්ඤිනො වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤිනො නම් භවාග්‍රයට ඇතුළත් වූ. මෙපමණකින් ධර්මරාජයන් වූ බුදුරජාණන් වහන්සේ කාමභවය, රූපභවය, අරූපභවය, ඒකවෝකාරභවය, චතුවෝකාර භවය, පංචවොකාර භවය, සඤ්ඤීභවය, අසඤ්ඤීහවය, නෙවසඤ්ඤී නාසඤ්ඤී භවය යන නව ආකාර භවයෙහි සත්ත්වයන් ඉතිරි නොකොට ගෙන දැක්වූහ. මෙහි රූපය ගැනීමෙන් කාමභවය ද රූප භවය ද පංචවෝකාර භවය ද ඒකවෝකාර භවය ද දක්වන ලදී. අරූපය ගැනීමෙන් අරූපභවය ද චතුවෝකාර භවය ද දක්වන ලදී. සඤ්ඤීභව ආදිය වනාහි ස්වරූප වශයෙන්ම දක්වන ලදී. අපදා (පා නැති) ආදිය ගැනීමෙන් කාමභව පංචවොකාර භව සඤ්ඤීභවයන්ගේ එක් කොටසක් දක්වන ලදී.
කස්මා පනෙත්ථ යථා අදුතියසුත්තෙ “ද්විපදානං අග්ගො”ති ද්විපදානං ගහණමෙව අකත්වා අපදාදිග්ගහණං කතන්ති? වුච්චතෙ – අදුතියසුත්තෙ තාව සෙට්ඨතරවසෙන ද්විපදග්ගහණමෙව කතං. ඉමස්මිඤ්හි ලොකෙ සෙට්ඨො නාම උප්පජ්ජමානො අපදචතුප්පදබහුප්පදෙසු න උප්පජ්ජති, ද්විපදෙසුයෙව උප්පජ්ජති. කතරෙසු ද්විපදෙසු? මනුස්සෙසු චෙව දෙවෙසු ච. මනුස්සෙසු උප්පජ්ජමානො සකලලොකං වසෙ වත්තෙතුං සමත්ථො බුද්ධො හුත්වා උප්පජ්ජති. අඞ්ගුත්තරට්ඨකථායං පන “තිසහස්සිමහාසහස්සිලොකධාතුං වසෙ වත්තෙතුං සමත්ථො”ති (අ· නි· අට්ඨ· 1.1.174) වුත්තං. දෙවෙසු උප්පජ්ජමානො දසසහස්සිලොකධාතුං වසෙ වත්තනකො මහාබ්රහ්මා හුත්වා උප්පජ්ජති, සො තස්ස කප්පියකාරකො වා ආරාමිකො වා සම්පජ්ජති. ඉති තතොපි සෙට්ඨතරවසෙනෙස “ද්විපදානං අග්ගො”ති තත්ථ වුත්තො, ඉධ පන අනවසෙසපරියාදානවසෙන එවං වුත්තං. යාවත්තකා හි සත්තා අත්තභාවපරියාපන්නා අපදා වා…පෙ… නෙවසඤ්ඤීනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායතීති. නිද්ධාරණෙ චෙතං සාමිවචනං, මකාරො පදසන්ධිකරො. අග්ගො අක්ඛායතීති පදවිභාගො.
කුමක්නිසා වනාහි මෙහි දෙවන සූත්‍රයෙහි මෙන් ‘දිපදානං අග්ගො’ යනුවෙන් දෙපා ඇත්තවුන්ගේ ගැනීම නොකොට අපදා ආදිය ගැනීම කරන ලද ද? (එයට පිළිතුරු මෙසේ) කියනු ලැබේ. දෙවන සූත්‍රයෙහි වඩා ශ්‍රේෂ්ඨ වශයෙන් දිපද (දෙපා ඇත්තවුන්ගේ) ගැනීමම කරන ලදී. මේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෙක් උපදින්නේ නම් පා නැති සිවු පා ඇති බොහෝ පා ඇති සතුන් අතර නූපදී. දෙපා ඇත්තවුන් අතුරෙහිම උපදියි. කවර දෙපා ඇති සතුන් අතුරෙහි ද? මිනිසුන් අතුරෙහි ද දෙවියන් අතුරෙහි ද උපදියි. මිනිසුන් අතර උපදින්නේ සියලු ලෝකය වසඟයෙහි පවත්වන්නට සමත් බුදුකෙනෙක් වී උපදී. අංගුත්තර අට්ඨකථාවෙහි වනාහි තිසහස්සී මහාසහස්සී ලෝකධාතුව වසඟයෙහි පවත්වන්නට සමත්යයි කියන ලදී. දෙවියන් අතර උපදින්නේ දසසහශ්‍රී ලෝකධාතුව වසඟයෙහි පවත්වන්නා වූ මහාබ්‍රහ්මයා වී උපදී. ඔහු බුදුරජාණන් වහන්සේගේ කැපකරුවෙකු බවට හෝ ආරාමිකයකු බවට පැමිණේ. මෙසේ එයටත් වඩා ශ්‍රේෂ්ඨ වශයෙන්ම දෙපා ඇත්තවුන් අතුරින් අග්‍රයයි. එහිදී කියන ලදී. මෙහි වනාහි ඉතිරි නොකොට ගැනීම් වශයෙන් ‘යාවතා හි සත්තා අත්තභාව පරියාපන්නා අපදා වා -පෙ- නෙවසඤ්ඤී නාසඤ්ඤිනො වා තථාගතො තෙසං අග්ගමක්ඛායති’ යනුවෙන් මෙසේ කියන ලදී. මෙය නිද්ධාරණයෙහි (සමූහයකින් එකක් වෙන්කොට ගැනීමෙහි) සාමි (ඡට්ඨි) වචනයකි. ම කාරය පද සන්ධි කරන්නේ වෙයි. අග්ගො අක්ඛායති යනු පද විභාගයයි.
අග්ගො විපාකො හොතීති අග්ගෙ සම්මාසම්බුද්ධෙ පසන්නානං යො පසාදො, සො අග්ගො සෙට්ඨො උත්තමො කොටිභූතො වා, තස්මා තස්ස විපාකොපි අග්ගො සෙට්ඨො උත්තමො කොටිභූතො උළාරතමො පණීතතමො හොති. සො පන පසාදො දුවිධො ලොකියලොකුත්තරභෙදතො. තෙසු ලොකියස්ස තාව –
අග්ගො විපාකො හොති යනු අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනවුන්ගේ යම් ප්‍රසාදයක් වේද එය අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද උත්තම වූයේ ද (සියල්ලට) මත්තෙහි පිහිටියේ ද වෙයි. එහෙයින් එහි විපාකය ද අග්‍ර වූයේ ශ්‍රේෂ්ඨ වූයේ උත්තම වූයේ (සියල්ලට) මත්තෙහි පිහිටියේ වඩා උදාර වූයේ වඩා ප්‍රණීත වූයේ ද වෙයි. ඒ ප්‍රසාදය ලෞකික ලෝකෝත්තර භේදයෙන් දෙපරිදිය. ඒවා අතුරෙන් පළමුව ලෞකික ප්‍රසාදය පිළිබඳව
“යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස්සන්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස්සන්ති. (දී· නි· 2.332; සං· නි· 1.37);
යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ න තෙ ගමිස්සන්ති අපායං පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්ති
යමෙක් බුදුන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයති. මිනිස් කය අතහැර දිව්‍ය කය සම්පූර්ණ කරති. (දෙවියන් අතර උපදිති)
“බුද්ධොති කිත්තයන්තස්ස, කායෙ භවති යා පීති; වරමෙව හි සා පීති, කසිණෙනපි ජම්බුදීපස්ස.
බුද්ධොති කිත්තයන්තස්ස යස්ස කායෙ භවති පීති වරමෙව හි සා පීත කසිණෙනපි ජම්බුදීපස්ස
බුද්ධ යනුවෙන් කියන්නා වූ යමෙකුගේ කයෙහි යම් ප්‍රීතියක් වේද ඒ ප්‍රීතිය දඹදිව තරම් විශාල කසිණයකින් උපදින ප්‍රීතියට වඩා උතුම්ය.
“සතං හත්ථී සතං අස්සා, සතං අස්සතරී රථා; සතං කඤ්ඤාසහස්සානි, ආමුක්කමණිකුණ්ඩලා; එකස්ස පදවීතිහාරස්ස, කලං නාග්ඝන්ති සොළසිං”. (සං· නි· 1.242; චූළව· 305);
සතං හත්ථි සතං අස්සා - සතං අස්සතරී රථා සතං කඤ්ඤා සහස්සානි - ආමුත්තමණිකුණ්ඩලා එකස්ස පදවීතිහාරස්ස - කලං නාග්ඝන්ති සොළසිං
ලක්ෂයක් ඇත්තු ද ලක්ෂයක් අශ්වයෝ ද ලක්ෂයක් අශ්වතරියෝ ද (එනම් කොටළුවාට දාව වෙළඹට උපන් වෙළඹුන්) ලක්ෂයක් වාහන (රිය) ද මිණිකොඬොල් ආභරණවලින් සරසන ලද ලක්ෂයක් කන්‍යාවෝද (යන ලාභ ලැබුනත් ඒවා බුදුන් දකින්නට යන තැනැත්තාගේ) එක් පියවරක් දහසයකට බෙදා ඒ එක් කොටසක් නැවත දහසයකට බෙදාගත් විට ලැබෙන කොටසක් තරම්වත් නොවටී.
“සාධු ඛො, දෙවානමින්ද, බුද්ධං සරණගමනං හොති, බුද්ධං සරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති – දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහී”ති (සං· නි· 4.341) –
දෙවියන්ට අධිපති ශක්‍රය, බුදුන් සරණ යාම යහපත් වෙයි. බුදුන් සරණ යාම හේතුවෙන් ශක්‍රය, මෙලොව ඇතැම් සත්ත්ව කෙනෙක් කය බිඳීමෙන් මරණින් පසු සුගති නම් වූ ස්වර්ග ලෝකයට පැමිණෙති. ඔවුහු දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින් (පරිවාර සම්පත්තියෙන්) දිව්‍ය අධිපතිබවෙන්, දිව්‍ය රූපවලින්, දිව්‍ය ශබ්දවලින් දිව්‍ය ගන්ධවලින්, දිව්‍ය රසවලින්, දිව්‍ය පොට්ඨබ්බවලින් යන කරුණු දහයෙන් අනිත් දෙවිවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙති
එවමාදීනං සුත්තපදානං වසෙන පසාදස්ස ඵලවිසෙසයොගො වෙදිතබ්බො. තස්මා සො අපායදුක්ඛවිනිවත්තනෙන සද්ධිං සම්පත්තිභවෙසු සුඛවිපාකදායකොති දට්ඨබ්බො. ලොකුත්තරො පන සාමඤ්ඤඵලවිපාකදායකො වට්ටදුක්ඛවිනිවත්තකො ච. සබ්බොපි චායං පසාදො පරම්පරාය වට්ටදුක්ඛං විනිවත්තෙතියෙව. වුත්තඤ්හෙතං –
යන මේ ආදී සූත්‍ර පදයන්ගේ වශයෙන් ප්‍රසාදය පිළිබඳ ඵල විශේෂ යෙදීම දතයුතුය. එහෙයින් ඒ ලෞකික ප්‍රසාදය අපාය දුක් ඉවතට දැමීම සමග සම්පත්ති භවයන්හි සැපවිපාක දායකයෙකැයි දතයුතුය. ලෝකෝත්තර ප්‍රසාදය වනාහි ශ්රමණකමෙහි ඵලවිපාක දෙන්නෙකැයි ද සසරදුක් ඉවතට දමන්නෙකැයි ද දතයුතුය. මේ සියලු ප්‍රසාදය පිළිවෙළින් සසර දුක ඉවත දමන්නේමය. ඒ කාරණය -
“යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො අත්තනො සද්ධං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති. උජුගතචිත්තස්ස පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති…පෙ… නාපරං ඉත්ථත්තායාති පජානාතී”ති (අ· නි· 6.10; 26).
‘මහණෙනි, යම්කලෙක ආර්ය ශ්රාවකයා තමාගේ ශ්‍රද්ධාව සිහි කරයි ද එසමයෙහි ඔහුට රාගයෙන් මැඩගත් සිතක් ඇති නොවේ. ද්වේෂයෙන් මැඩගත් සිතක් ඇති නොවේ. මෝහයෙන් මැඩගත් සිතක් ඇති නොවේ. එසමයෙහි ඔහුගේ සිත ඍජු වූයේම වෙයි. ඍජු වූ සිත් ඇත්තහුට ප්‍රමෝදය (බලවත් නොවූ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය (බලවත් ප්‍රීතිය) උපදී -පෙ- මේ සඳහා කළ යුතු අනිකක් නැතැයි දැනගනියි’ යනුවෙන් දේශනා කරන ලදී.
ධම්මාති සභාවධම්මා. සඞ්ඛතාති සමෙච්ච සම්භුය්ය පච්චයෙහි කතාති සඞ්ඛතා, සප්පච්චයධම්මා. හෙතූහි පච්චයෙහි ච න කෙහිචි කතාති අසඞ්ඛතා, අප්පච්චයනිබ්බානං. සඞ්ඛතානං පටියොගිභාවෙන “අසඞ්ඛතා”ති පුථුවචනං. විරාගො තෙසං අග්ගමක්ඛායතීති තෙසං සඞ්ඛතාසඞ්ඛතධම්මානං යො විරාගසඞ්ඛාතො අසඞ්ඛතධම්මො, සො සභාවෙනෙව සණ්හසුඛුමභාවතො සන්තතරපණීතතරභාවතො ගම්භීරාදිභාවතො මදනිම්මදනාදිභාවතො ච අග්ගං සෙට්ඨං උත්තමං පවරන්ති වුච්චති. යදිදන්ති නිපාතො, යො අයන්ති අත්ථො. මදනිම්මදනොතිආදීනි සබ්බානි නිබ්බානවෙවචනානියෙව. තථා හි තං ආගම්ම මානමදපුරිසමදාදිකො සබ්බො මදො නිම්මදීයති පමද්දීයති, කාමපිපාසාදිකා සබ්බා පිපාසා විනීයති, කාමාලයාදිකා සබ්බෙපි ආලයා සමුග්ඝාතීයන්ති, සබ්බෙපි කම්මවට්ටකිලෙසවට්ටවිපාකවට්ටා උපච්ඡිජ්ජන්ති, අට්ඨසතභෙදා සබ්බාපි තණ්හා ඛීයති, සබ්බෙපි කිලෙසා විරජ්ජන්ති, සබ්බං දුක්ඛං නිරුජ්ඣති, තස්මා මදනිම්මදනො…පෙ… නිරොධොති වුච්චති. යා පනෙසා තණ්හා භවෙන භවං, ඵලෙන කම්මං විනති සංසිබ්බතීති කත්වා වානන්ති වුච්චති. තං වානං එත්ථ නත්ථි, එතස්මිං වා අධිගතෙ අරියපුග්ගලස්ස න හොතීති නිබ්බානං.
ධම්මා යනු ස්වභාව ධර්මයෝය. සංඛතා යනු එකට එක්ව හටගෙන ප්රත්යවලින් කරන ලද අර්ථයෙන් සංඛතා නම් වේ. ප්‍රත්‍ය සහිත ධර්මයෝය. හේතුවලින් ද ප්රත්යවලින් ද කිසිවකු විසින් නොකරන ලද අර්ථයෙන් අසංඛතා නම් වේ. ප්‍රත්‍ය නැති නිවනය. සංඛත ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ භාවයෙන් අසංඛත යනු වෙන්වූ වචනයකි. විරාගො තෙසං අග්ගමක්ඛායති යනු ඒ සංඛත අසංඛත ධර්ම අතරින් යම් විරාග නම් වූ අසංඛත ධර්මයක් වේද එය ස්වභාවයෙන්ම මෘදු තියුණු භාවයෙන් වඩාත් ශාන්ත භාවයෙන් වඩාත් ප්‍රණීත භාවයෙන් ගැඹුරු ආදී භාවයෙන් මද මර්දනය කිරීම් ආදී භාවයෙන් ද අග්‍රයයි ද ශ්‍රේෂ්ඨ යයි ද උත්තම යයි ද ප්‍රවර යයිද කියනු ලැබේ. යදිදං යනු නිපාතයකි. යම් මේ (යො අයං) යන අර්ථයි. මදනිම්මදනො යනාදී සියල්ල නිවනට සමාන වචනමය. එය එසේමය. නිවනට පැමිණ මාන මද පුරිස මද ආදී සියලු මදය මඩිනු ලැබේ. යටත් කරනු ලැබේ. කාමපිපාසාදී සියලු පිපාස පහකරනු ලැබේ. කාම ආලය ආදී සියලු ආලය සහමුලින් නසනු ලැබේ. සියලු කර්ම වෘත්තය, ක්ලේශ වෘත්තය, විපාක වෘත්තය සිඳ දමයි. එකසිය අටවැදෑරුම් වූ සියලුම තෘෂ්ණාව නෙවෙයි. සියලු කෙලෙස් නො ඇලෙයි. සියලු දුක් නිරුද්ධ වෙයි. එහෙයින් මදනිම්මදනො -පෙ- නිරොධො යනුවෙන් කියනු ලැබේ. යම් ඒ තෘෂ්ණාවක් වේද එය භවයෙන් භවය, ඵලයෙන් කර්මය හික්මවයි, මසයි යනුවෙන් (අර්ථ ඇති) කොට වාන යයි කියනු ලැබේ. ඒ වානය මෙහි නැත. නිවන අවබෝධ කළ කල්හි ආර්ය පුද්ගලයාට එය නැත්තේය යන අරුතින් හෝ නිබ්බාණං නම් වේ.
අග්ගො විපාකො හොතීති එත්ථාපි –
අග්ගො විපාකො හොති යන මෙහි ද
“යෙ කෙචි ධම්මං සරණං ගතාසෙ…පෙ…. (දී· නි· 2.332; සං· නි· 1.37);
‘යෙ කෙචි ධම්මං සරණං ගතාසෙ -පෙ-’
“ධම්මොති කිත්තයන්තස්ස, කායෙ භවති යා පීති…පෙ….
‘ධම්මොති කිත්තයන්තස්ස යස්සකායෙ භවති පීති’
“සාධු ඛො, දෙවානමින්ද, ධම්මං සරණගමනං හොති. ධම්මං සරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ…පෙ… දිබ්බෙහි ඵොට්ඨබ්බෙහී”ති (සං· නි· 4.341) –
සාධු ඛො දෙවානමින්ද ධම්මං සරණාගමනං හොති, ධම්මං සරණාගමන හෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ -පෙ- දිබ්බෙහි පොට්ඨබ්බෙහි’
එවමාදීනං සුත්තපදානං වසෙන ධම්මෙ පසාදස්ස ඵලවිසෙසයොගො වෙදිතබ්බො. එවමෙත්ථ අසඞ්ඛතධම්මවසෙනෙව අග්ගභාවො ආගතො, සබ්බසඞ්ඛතනිස්සරණදස්සනත්ථං අරියමග්ගවසෙනපි අයමත්ථො ලබ්භතෙව. වුත්තඤ්හෙතං –
යන මේ ආදී සූත්‍ර පදයන්ගේ වශයෙන් ධර්මය කෙරෙහි ඇති ප්‍රසාදය පිළිබඳ ඵල විශේෂ යෙදීම දතයුතුය. මෙසේ මෙහි අසංඛත ධර්ම වශයෙන්ම අග්‍රභාවය ආයේ වෙයි. සියලු සංඛතයන්ගෙන් නික්මීම දැක්වීම පිණිස ආර්යමාර්ග වශයෙන් ද මේ අර්ථය ලැබෙන්නේමය. ඒ කාරණය -
“යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායතී”ති (අ· නි· 4.34).
‘යාවතා භික්ඛවෙ ධම්මා සංඛතා අරියො අට්ඨංගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති’ මහණෙනි, යම්තාක් සංඛත ධර්ම වේද ඒවා අතරින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අග්‍රයයි කියනු ලැබේ යනුවෙන් ද
“මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො”ති ච. (ධ· ප· 273).
‘මග්ගානට්ඨංගිකො සෙට්ඨො’ මාර්ග අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයයි ද දේශනා කරන ලදී.
සඞ්ඝා වා ගණා වාති ජනසමූහසඞ්ඛාතා යාවතා ලොකෙ සඞ්ඝා වා ගණා වා. තථාගතසාවකසඞ්ඝොති අට්ඨඅරියපුග්ගලසමූහසඞ්ඛාතො දිට්ඨිසීලසාමඤ්ඤෙන සංහතො තථාගතස්ස සාවකසඞ්ඝො. තෙසං අග්ගමක්ඛායතීති අත්තනො සීලසමාධිපඤ්ඤාවිමුත්තිආදිගුණවිසෙසෙන තෙසං සඞ්ඝානං අග්ගො සෙට්ඨො උත්තමො පවරොති වුච්චති. යදිදන්ති යානි ඉමානි. චත්තාරි පුරිසයුගානීති යුගළවසෙන පඨමමග්ගට්ඨො පඨමඵලට්ඨොති ඉදමෙකං යුගළං, යාව චතුත්ථමග්ගට්ඨො චතුත්ථඵලට්ඨොති ඉදමෙකං යුගළන්ති එවං චත්තාරි පුරිසයුගානි. අට්ඨ පුරිසපුග්ගලාති පුරිසපුග්ගලවසෙන එකො පඨමමග්ගට්ඨො එකො පඨමඵලට්ඨොති ඉමිනා නයෙන අට්ඨ පුරිසපුග්ගලා. එත්ථ ච පුරිසොති වා පුග්ගලොති වා එකත්ථානි එතානි පදානි, වෙනෙය්යවසෙන පනෙවං වුත්තං. එස භගවතො සාවකසඞ්ඝොති යානිමානි යුගවසෙන චත්තාරි පුරිසයුගානි, පාටෙක්කතො අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො.
සංඝා වා ගණා වා යනු ලෝකයෙහි ජනසමූහ නම් වූ යම්තාක් සංඝ වූ හෝ ගණ වූ හෝ. තථාගත සාවක සංඝො යනු ආර්ය පුද්ගලයන් අටදෙනාගේ සමූහය නම් වූ දෘෂ්ටියෙන් ද ශීලයෙන් ද යන සමාන බවෙන් ස්ථිර වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. තෙසං අග්ගමක්ඛායති යනු තමාගේ සීල-සමාධි- පඤ්ඤා-විමුත්ති ආදී ගුණ විශේෂ කරණ කොටගෙන ඒ සංඝයා අතරින් අග්‍ර වූයේ, ශ්‍රේෂ්ඨ වූයේ උත්තම වූයේ, ප්‍රවර වූයේ යයි කියනු ලැබේ. යදිදං යනු (යානි ඉමානි) යම් මේ. චත්තාරි පුරිසයුගානි යනු යුගල වශයෙන් පළමු (සෝවාන්) මාර්ගයට පත් වූ තැනැත්තා පළමු ඵලයට පත් වූ තැනැත්තා යනුවෙන් මේ එක යුගලයකි. සතරවන මාර්ගයට පත්වූ තැනැත්තා සතරවන ඵලයට පත්වූ තැනැත්තා තෙක් මේ එක් යුගලයකැයි මෙසේ පුරිසයුග සතරකි. අට්ඨපුරිස පුග්ගලා යනු පුරුෂ පුද්ගල වශයෙන් පළමු මාර්ගයට පත්වූ එක්කෙනෙක් ද පළමු ඵලයට පත්වූ එක්කෙනෙක්දැයි මේ ක්‍රමයෙන් පුරුෂ පුද්ගලයෝ අටදෙනෙක් වෙති. මෙහි පුරිස යනුවෙන් ද පුද්ගල යනුවෙන් ද එන මේ පද එක් අර්ථ ඇත්තේය. හික්මවිය යුතු පුද්ගලයන්ගේ වශයෙන් වනාහි මෙය දේශනා කරන ලදී. එස භගවතො සාවකසංඝො යනු යම් මේ යුග වශයෙන් පුරිස යුග සතරක් වේද වෙන් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවක සංඝයා පුරුෂ පුද්ගල වශයෙන් අටදෙනෙකි.
ආහුනෙය්යොතිආදීසු ආනෙත්වා හුනිතබ්බන්ති ආහුනං, දූරතොපි ආගන්ත්වා සීලවන්තෙසු දාතබ්බන්ති අත්ථො. චතුන්නං පච්චයානමෙතං අධිවචනං. මහප්ඵලභාවකරණතො තං ආහුනං පටිග්ගහෙතුං යුත්තොති ආහුනෙය්යො. අථ වා දූරතොපි ආගන්ත්වා සබ්බං සාපතෙය්යම්පි එත්ථ හුනිතබ්බං, සක්කාදීනම්පි ආහවනං අරහතීති වා ආහවනීයො. යො චායං බ්රාහ්මණානං ආහවනීයො නාම අග්ගි, යත්ථ හුතං මහප්ඵලන්ති තෙසං ලද්ධි, සො චෙ හුතස්ස මහප්ඵලතාය ආහවනීයො, සඞ්ඝොව ආහවනීයො. සඞ්ඝෙ හුතඤ්හි මහප්ඵලං හොති. යථාහ –
ආහුනෙය්යො යනාදියෙහි ගෙනවුත් පූජා කළ යුතුය යන අරුතින් ආහුන නමි. දුර සිට වුවත් අවුත් සිල්වතුන් කෙරෙහි දිය යුතුය යන අර්ථයි. මෙය සිවුපසයට වචනයකි. මහත්ඵල භාවය ඇති කිරීම් වශයෙන් ඒ ආහුනය (සිවුපසය) පිළිගැනීමට සුදුසුය යන අරුතින් ආහුනෙය්‍ය නම් වේ. නැතහොත් දුරසිට අවුත් වුවද සියලු වස්තුව පවා මෙහි පූජා කළ යුතුය, සත්කාරාදීන්ගේ පිදීමට (යාගයට) සුදුසුය යන අරුතින් ආහවනීය නම් වේ. බමුණන්ගේ යම් මේ ආහවනීය නම් ගින්නක් වේද, යම් තැනක පුදන ලද දෙය මහත් ඵලයැයි ඔවුන්ගේ විශ්වාසයක් වේද ඉදින් එය හෝමයේ මහත්ඵල බැවින් ආහවනීය (දුරසිට පිදිය යුතු) වේ. සංඝයාම පිදීමට සුදුසුය - සංඝයා කෙරෙහි පිදීම වනාහි මහප්ඵල වෙයි. ඒ බව මෙසේ වදාළහ.
“යො ච වස්සසතං ජන්තු, අග්ගිං පරිචරෙ වනෙ; එකඤ්ච භාවිතත්තානං, මුහුත්තමපි පූජයෙ; සා එව පූජනා සෙය්යො, යඤ්චෙ වස්සසතං හුත”න්ති. (ධ· ප· 107);
යො ච වස්සසතං ජන්තු අග්ගිං පරිචරෙ වනෙ එක භාවිතත්තානං මුහුත්තම්පි පූජයෙ සා යෙව පූජනා සෙය්යො යඤ්චෙ වස්සසතං හුතං
යම් පුද්ගලයෙක් වනයෙහි අවුරුදු සියයක් ගිනි පුදයි ද දමනය කළ ඉඳුරන් ඇති එක් අයෙකුට මොහොතක් වුවද පුදයි ද වසර සියයක් කරන ගිනි පිදීමට වඩා ඒ මොහොතක් කරන පූජාවම උතුම්ය.
තයිදං නිකායන්තරෙ “ආහවනීයො”ති පදං ඉධ “ආහුනෙය්යො”ති ඉමිනා පදෙන අත්ථතො එකං, බ්යඤ්ජනතො පන කිඤ්චිමත්තමෙව නානං, තස්මා එවමත්ථවණ්ණනා කතා.
ඒ මේ නිකායාන්තර ආහවනීය යන පදය මෙහි ආහුනෙය්‍ය යන මේ පදය සමග අර්ථ වශයෙන් එකකි. ව්‍යඤ්ජන වශයෙන් කිසියම් පමණකට වෙනස්ය. එහෙයින් මෙසේ අර්ථ වර්ණනාව කරන ලදී.
පාහුනෙය්යොති එත්ථ පන පාහුනං වුච්චති දිසාවිදිසතො ආගතානං පියමනාපානං ඤාතිමිත්තානං අත්ථාය සක්කාරෙන පටියත්තං ආගන්තුකදානං, තම්පි ඨපෙත්වා තෙ තථාරූපෙ පාහුනකෙ සඞ්ඝස්සෙව දාතුං යුත්තං. තථා හෙස එකබුද්ධන්තරෙපි දිස්සති අබ්බොකිණ්ණඤ්ච. අයං පනෙත්ථ පදත්ථො – “පියමනාපත්තකරෙහි ධම්මෙහි සමන්නාගතො”ති එවං පාහුනමස්ස දාතුං යුත්තං, පාහුනඤ්ච පටිග්ගහෙතුං යුත්තොති පාහුනෙය්යො. යෙසං පන පාහවනීයොති පාළි, තෙසං යස්මා සඞ්ඝො පුබ්බකාරං අරහති, තස්මා සඞ්ඝො සබ්බපඨමං ආනෙත්වා එත්ථ හුනිතබ්බන්ති පාහවනීයො, සබ්බප්පකාරෙන වා ආහවනං අරහතීති පාහවනීයො. ස්වායමිධ තෙනෙව අත්ථෙන පාහුනෙය්යොති වුච්චති.
පාහුනෙය්‍ය යන මෙහි වනාහි : දිශා අනුදිශාවලින් ආවා වූ ප්‍රියමනාප ඤාතිමිත්රයන් පිණිස සත්කාර වශයෙන් පිළියෙල කරන ලද ආගන්තුක දානයට පාහුන යයි කියනු ලැබේ. එබඳු වූ ආගන්තුකයන් හැර ඒ ආගන්තුක දානය සංඝයාටම දීමට සුදුසුය. එසේම මෙය එක් බුද්ධාන්තරයක ද දක්නා ලැබේ. හාත්පසින් ගැවසී ගත්තේ ද වේ. ප්‍රියමනාප බව ඇති කරන කරුණුවලින් යුක්ත වූ (තැනැත්තා) යන මෙය මෙහි පදාර්ථයයි. මෙසේ පාහුනය මොහුට දීමට සුදුසුය, පාහුනය පිළිගැනීමට සුදුසුය යන අර්ථයෙන් පාහුණෙය්‍ය නම් වේ. යම් කෙනෙකුට ‘පාහවනීය’ යනුවෙන් පාළිය වේද ඔවුන්ට සංඝයා පළමුකොට සැලකීමට සුදුසු හෙයින් සියලුදෙනාට පළමුව සංඝයා කැඳවා උන්වහන්සේලා කෙරෙහි පිදිය යුතුය යන අරුතින් පාහවනීය නම් වේ. සර්වප්රකාරයෙන් හෝ පූජාවට සුදුසුය යන අරුතින් පාහවනීය නම් වේ. ඒ මෙය මෙහිදී ඒ අර්ථයෙන්ම පාහුනෙය්‍ය යැයි කියනු ලැබේ.
“දක්ඛිණා”ති පරලොකං සද්දහිත්වා දාතබ්බදානං, තං දක්ඛිණං අරහති දක්ඛිණාය වා හිතො මහප්ඵලභාවකරණෙන විසොධනතොති දක්ඛිණෙය්යො. උභො හත්ථෙ සිරසි පතිට්ඨපෙත්වා සබ්බලොකෙන කරියමානං අඤ්ජලිකම්මං අරහතීති අඤ්ජලිකරණීයො. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති සබ්බලොකස්ස අසදිසං පුඤ්ඤවිරූහනට්ඨානං. යථා හි රත්තසාලීනං වා යවානං වා විරූහනට්ඨානං “රත්තසාලික්ඛෙත්තං යවක්ඛෙත්ත”න්ති වුච්චති, එවං සඞ්ඝො සදෙවකස්ස ලොකස්ස පුඤ්ඤවිරූහනට්ඨානං. සඞ්ඝං නිස්සාය හි ලොකස්ස නානප්පකාරහිතසුඛනිබ්බත්තකානි පුඤ්ඤානි විරූහන්ති, තස්මා සඞ්ඝො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. ඉධාපි –
දක්ඛිණා යනු පරලොව අදහා දියයුතු දානය, ඒ දක්ෂිණාවට සුදුසුය, දක්ෂිණාවට හිත (සුදුසු) වූයේ හෝ මහත්ඵල බව ඇතිකිරීමෙන් පිරිසිදු කරන අරුතින් දක්ඛිණෙය්යො නම් වේ. සියලු ලෝකයා විසින් දෙඅත් හිසෙහි පිහිටුවා කරනු ලබන ඇඳිලි බැඳීමට සුදුසුය යන අරුතින් අංජලිකරණීයො නම් වේ. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස යනු සියලු ලෝකයාගේ අසමාන වූ පින් වැඩෙන ස්ථානයයි. යම්සේ රත්හැල් හෝ යව වැඩෙන තැන රත්හැල් කෙත යවකෙත යයි කියනු ලැබේ ද මෙසේ සංඝයා දෙවියන් සහිත ලෝකයාගේ පින් වැඩෙන ස්ථානයයි. සංඝයා ඇසුරුකොට ලෝකයාට නොයෙක් ආකාර හිතසැප උපදවන පින් වැඩෙයි. එහෙයින් සංඝයා ලෝකයාට අනුත්තර වූ පින්කෙතය. මෙහි ද -
“යෙ කෙචි සඞ්ඝං සරණං ගතාසෙ…පෙ…. (දී· නි· 2.332; සං· නි· 1.37);
‘යෙ කෙචි සංඝ සරණ ගතාසෙ -පෙ-’
“සඞ්ඝොති කිත්තයන්තස්ස, කායෙ භවති යා පීති…පෙ…”.
‘සංඝොති කිත්තයන්තස්ස යසස්ස කායෙ භවති ජීති’
“සාධු ඛො, දෙවානමින්ද, සඞ්ඝං සරණගමනං හොති, සඞ්ඝං සරණගමනහෙතු ඛො දෙවානමින්ද…පෙ… දිබ්බෙහි ඵොට්ඨබ්බෙහී”ති (සං· නි· 4.341) –
‘සාධු දෙවානමින්ද සංඝං සරණගමනං හොති, සංඝං සරණගමනහෙතු ඛො දෙවානමින්ද -පෙ- දිබ්බෙහි පොට්ඨබ්බෙහි’
ආදීනං සුත්තපදානං වසෙන සඞ්ඝෙ පසාදස්ස ඵලවිසෙසයොගො, තෙනස්ස අග්ගතා අග්ගවිපාකතා ච වෙදිතබ්බා. තථා අනුත්තරියපටිලාභො සත්තමභවාදිතො පට්ඨාය වට්ටදුක්ඛසමුච්ඡෙදො අනුත්තරසුඛාධිගමොති එවමාදිඋළාරඵලනිප්ඵාදනවසෙන අග්ගවිපාකතා වෙදිතබ්බා.
යනාදී සූත්‍ර පදයන්ගේ වශයෙන් සංඝයා කෙරෙහි ප්‍රසාදය පිළිබඳ ඵල විශේෂ යෙදීම ද එහෙයින් සංඝයාගේ අග්‍ර බව ද අග්‍රවිපාක ඇති බවද දතයුතුය. එසේම (තෙරුවන් නමැති) අනුත්තරිය ප්‍රතිලාභයෙන් සත්වන භවය මුල්කොට ඇති සසර දුක සහමුලින් නැසීම, අනුත්තර වූ සැපය ලැබීම යන මේ ආදී උදාර ඵල නිෂ්පාදනය කිරීම් වශයෙන් අග්‍රවිපාක ඇති බව දතයුතුය.
ගාථාසු අග්ගතොති අග්ගෙ රතනත්තයෙ, අග්ගභාවතො වා පසන්නානං. අග්ගං ධම්මන්ති අග්ගසභාවං බුද්ධසුබුද්ධතං ධම්මසුධම්මතං සඞ්ඝසුප්පටිපත්තිං රතනත්තයස්ස අනඤ්ඤසාධාරණං උත්තමසභාවං, දසබලාදිස්වාක්ඛාතතාදිසුප්පටිපන්නතාදිගුණසභාවං වා විජානතං විජානන්තානං. එවං සාධාරණතො අග්ගප්පසාදවත්ථුං දස්සෙත්වා ඉදානි අසාධාරණතො තං විභාගෙන දස්සෙතුං “අග්ගෙ බුද්ධෙ”තිආදි වුත්තං. තත්ථ පසන්නානන්ති අවෙච්චප්පසාදෙන ඉතරප්පසාදෙන ච පසන්නානං අධිමුත්තානං. විරාගූපසමෙති විරාගෙ උපසමෙ ච, සබ්බස්ස රාගස්ස සබ්බෙසං කිලෙසානං අච්චන්තවිරාගහෙතුභූතෙ අච්චන්තඋපසමහෙතුභූතෙ චාති අත්ථො. සුඛෙති වට්ටදුක්ඛක්ඛයභාවෙන සඞ්ඛාරූපසමසුඛභාවෙන ච සුඛෙ.
ගාථාවන්හි අග්ගතො යනු අග්‍ර වූ රත්නත්‍රය කෙරෙහි හෝ අග්රභාවයෙන් හෝ පසන්නානං පැහැදුනා වූ අයට. අග්ගං ධම්මං යනු අග්‍ර ස්වභාවය බුද්ධ සුබුද්ධත්වය ධර්ම සුධර්මත්වය සංඝ සුප්‍රතිපත්තිය යන රත්නත්‍රය පිළිබඳ අනිකකට සාධාරණ නැති උත්තම ස්වභාවය දසබල ආදී ස්වාක්ඛාත බව ආදී සුපටිපන්න බව ආදී ගුණ ස්වභාවය හෝ විජානතං දන්නවුන්ට. මෙසේ සාධාරණ වශයෙන් අග්‍රප්‍රසාද වස්තුව දක්වා දැන් අසාධාරණ වශයෙන් එය විභාග වශයෙන් දැක්වීමට අග්ගෙ බුද්ධෙ යනාදිය දේශනා කරන ලදී. එහි පසන්නානං යනු අවෙච්ච ප්‍රසාදයෙන් (නොසෙල්වෙන ප්‍රසාදයෙන්) ද අනිත් ප්‍රසාදයෙන් ද ප්‍රසන්න වූ එහි ඇලුණවුන්ට විරාගුපසමෙ යනු විරාගයෙහි ද උපසමයෙහි ද සියලු රාගයේ ද සියලු කෙලෙසුන්ගේ ද අත්‍යන්ත විරාගයට (තණ්හාව දුරු කිරීමට) හේතු වූ ද අත්‍යන්ත උපසමයට (කෙලෙසුන් සන්සිඳුවීමට) හේතු වූ ද යන අර්ථයි. සුඛෙ යනු සසර දුක් ක්ෂය කරන බැවින් ද සංස්කාර සන්සිඳීමේ සැපය ඇති බැවින් ද සැප වූ.
අග්ගස්මිං දානං දදතන්ති අග්ගෙ රතනත්තයෙ දානං දෙන්තානං දෙය්යධම්මං පරිච්චජන්තානං. තත්ථ ධරමානං භගවන්තං චතූහි පච්චයෙහි උපට්ඨහන්තා පූජෙන්තා සක්කරොන්තා පරිනිබ්බුතඤ්ච භගවන්තං උද්දිස්ස ධාතුචෙතියාදිකෙ උපට්ඨහන්තා පූජෙන්තා සක්කරොන්තා බුද්ධෙ දානං දදන්ති නාම. “ධම්මං පූජෙස්සාමා”ති ධම්මධරෙ පුග්ගලෙ චතූහි පච්චයෙහි උපට්ඨහන්තා පූජෙන්තා සක්කරොන්තා ධම්මඤ්ච චිරට්ඨිතිකං කරොන්තා ධම්මෙ දානං දදන්ති නාම. තථා අරියසඞ්ඝං චතූහි පච්චයෙහි උපට්ඨහන්තා පූජෙන්තා සක්කරොන්තා තං උද්දිස්ස ඉතරස්මිම්පි තථා පටිපජ්ජන්තා සඞ්ඝෙ දානං දදන්ති නාම.
අග්ගස්මිං දානං දදතං යනු අග්‍ර වූ රත්නත්‍රය කෙරෙහි දන් දෙන්නවුන්ට දිය යුතු දේ දෙන්නවුන්ට. එහි ජීවමාන භාග්‍යවතුන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරන්නෝ පූජා කරන්නෝ සත්කාර කරන්නෝ පිරිනිවි භාග්‍යවතුන් වහන්සේ උදෙසා ධාතු චෛත්‍ය ආදියට උපස්ථාන කරන්නෝ පූජා කරන්නෝ සත්කාර කරන්නෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දන් දෙන්නාහු නම් වෙති. ධර්මයට පූජා කරන්නෙමුයි සිතා ධර්මධර යම් පුද්ගලයන් කෙරෙහි සිවුපසයෙන් උපස්ථාන කරන්නාහු පූජා කරන්නාහු සත්කාර කරන්නාහු ධර්මය බොහෝකල් පැවැත්මට ක්‍රියා කරන්නාහු ධර්මය කෙරෙහි දානය දෙන්නාහු නම් වෙති. එසේ ආර්ය සංඝයාට සිවුපසයෙන් උපස්ථාන කරන්නාහු පූජා කරන්නාහු සත්කාර කරන්නාහු ඒ ආර්ය සංඝයා උදෙසා අනිත් සංඝයා කෙරෙහි ද එසේ පිළිපදින්නාහු සංඝයා කෙරෙහි දානය දෙන්නාහු නම් වෙති.
අග්ගං පුඤ්ඤං පවඩ්ඪතීති එවං රතනත්තයෙ පසන්නෙන චෙතසා උළාරං පරිච්චාගං උළාරඤ්ච පූජාසක්කාරං පවත්තෙන්තානං දිවසෙ දිවසෙ අග්ගං උළාරං කුසලං උපචීයති. ඉදානි තස්ස පුඤ්ඤස්ස අග්ගවිපාකතාය අග්ගභාවං දස්සෙතුං “අග්ගං ආයූ”තිආදි වුත්තං. තත්ථ අග්ගං ආයූති දිබ්බං වා මානුසං වා අග්ගං උළාරතමං ආයු. පවඩ්ඪතීති උපරූපරි බ්රූහති. වණ්ණොති රූපසම්පදා. යසොති පරිවාරසම්පදා. කිත්තීති ථුතිඝොසො. සුඛන්ති කායිකං චෙතසිකඤ්ච සුඛං. බලන්ති කායබලං ඤාණබලඤ්ච.
අග්ගං පුඤ්ඤං පවඩ්ඪති යනු මෙසේ රත්නත්‍රය කෙරෙහි පැහැදුනු සිතින් උදාර පරිත්‍යාග ද උදාර පූජා සත්කාර ද පවත්වන්නවුන් විසින් දිනපතා අග්‍ර වූ උදාර වූ කුසල් රැස්කරනු ලැබේ. දැන් ඒ පිනේ අග්‍ර විපාක ඇති බැවින් අග්‍ර භාවය දැක්වීමට ‘අග්ගං ආයූ’ යනාදිය දේශනා කරන ලදී. එහි අග්ගං ආයු දිව්‍යමය වූ හෝ මානුෂික වූ හෝ අග්‍ර වූ වඩා උදාර ආයුෂයයි. පවඩ්ඪති යනු මතු මත්තෙහි වැඩේ. වණ්ණො යනු රූප සම්පදාවයි. යසො යනු පරිවාර සම්පත්තියයි. කිත්ති යනු ගුණ ඝෝෂාවයි. සුඛං යනු කායික වූ චෛතසික වූ ද සැපයයි. බලං යනු කාය බලය ද ඤාණ බලය ද වෙයි.
අග්ගස්ස දාතාති අග්ගස්ස රතනත්තයස්ස දාතා, අථ වා අග්ගස්ස දෙය්යධම්මස්ස දානං උළාරං කත්වා තත්ථ පුඤ්ඤං පවත්තෙතා. අග්ගධම්මසමාහිතොති අග්ගෙන පසාදධම්මෙන දානාදිධම්මෙන ච සමාහිතො සමන්නාගතො අචලප්පසාදයුත්තො, තස්ස වා විපාකභූතෙහි බහුජනස්ස පියමනාපතාදිධම්මෙහි යුත්තො. අග්ගප්පත්තො පමොදතීති යත්ථ යත්ථ සත්තනිකායෙ උප්පන්නො, තත්ථ තත්ථ අග්ගභාවං සෙට්ඨභාවං අධිගතො, අග්ගභාවං වා ලොකුත්තරමග්ගඵලං අධිගතො පමොදති අභිරමති පරිතුස්සතීති.
අග්ගස්ස දාතා යනු අග්‍ර වූ රත්නත්‍රයට පරිත්‍යාග කරන්නා වූ නැතහොත් අග්‍ර වූ දාන වස්තුව (දෙය්ය දර්මය) දීම උසස්කොට එහි පින පවත්වන්නායි. අග්ගධම්ම සමාහිතො යනු අග්‍ර වූ ප්‍රසාද ධර්මයෙන් ද දානාදී ධර්මයෙන් ද ‘සමාහිතො’ යුක්ත වූයේ අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ. ඒ පිනෙහි විපාක වූ බොහෝ ජනයාට ප්‍රියමනාප බව ආදී ධර්මවලින් යුක්ත වූයේ. අග්ගප්පත්තො පමොදති යනු යම් සත්ත්ව නිකායක උපන්නේ ඒ ඒ සත්ත්ව නිකායෙහි අග්‍රභාවයට ශ්‍රේෂ්ඨ භාවයට පැමිණියේ, අග්‍රභාවය වූ ලෝකෝත්තර මාර්ගඵලයට පැමිණියේ ‘පමොදති’ අභිරමණය කරයි. විශේෂයෙන් සතුටු වෙයි.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පළමු සූත්‍රයයි.