2. ජීවිකාසුත්තවණ්ණනා අට්ඨකථා
2. ජීවිකාසුත්තවණ්ණනා
2. ජීවිකා සූත්‍ර වර්ණනාව
දුතියං අට්ඨුප්පත්තිවසෙන දෙසිතං. එකස්මිඤ්හි සමයෙ භගවති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ විහරන්තෙ භික්ඛූ ආගන්තුකභික්ඛූනං සෙනාසනානි පඤ්ඤාපෙන්තා පත්තචීවරානි පටිසාමෙන්තා සාමණෙරා ච ලාභභාජනීයට්ඨානෙ සම්පත්තසම්පත්තානං ලාභං ගණ්හන්තා උච්චාසද්දා මහාසද්දා අහෙසුං. තං සුත්වා භගවා භික්ඛූ පණාමෙසි. තෙ කිර සබ්බෙව නවා අධුනාගතා ඉමං ධම්මවිනයං. තං ඤත්වා මහාබ්රහ්මා ආගන්ත්වා “අභිනන්දතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝ”න්ති (ම· නි· 2.158) තෙසං පණාමිතභික්ඛූනං අනුග්ගණ්හනං යාචි. භගවා තස්ස ඔකාසං අකාසි. අථ මහාබ්රහ්මා “කතාවකාසො ඛොම්හි භගවතා”ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ භගවා “භික්ඛුසඞ්ඝො ආගච්ඡතූ”ති ආනන්දත්ථෙරස්ස ආකාරං දස්සෙසි. අථ තෙ භික්ඛූ ආනන්දත්ථෙරෙන පක්කොසිතා භගවන්තං උපසඞ්කමිත්වා සාරජ්ජමානරූපා එකමන්තං නිසීදිංසු. භගවා තෙසං සප්පායදෙසනං වීමංසන්තො “ඉමෙ ආමිසහෙතු පණාමිතා, පිණ්ඩියාලොපධම්මදෙසනා නෙසං සප්පායා”ති චින්තෙත්වා “අන්තමිදං, භික්ඛවෙ”ති ඉමං දෙසනං දෙසෙසි.
දෙවන සූත්‍රය කරුණක් ඇතිවිම් වශයෙන් දේශනා කරන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවාසය කරන කල්හි භික්ෂූහු ආගන්තුක භික්ෂූන්ට සෙනසුන් පනවමින් පාත්‍රා සිවුරු තැන්පත් කරමින් සිටින කල්හි සාමණේරයෝ ද සංඝයාගේ (සිවුරු පිරිකර ආදී) ලාභ බෙදන ස්ථානයෙහි දී පැමිණි නොපැමිණි භික්ෂූන්ගේ ලාභ ගනිමින් උස්හඬින් මහා හඬින් කථාකරන්නෝ වූහ. එය අසා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් නෙරපූහ. ඒ සියල්ලෝම මේ ධර්ම විනයට අලුත පැමිණි නවකයෝය. මහා බ්‍රහ්මයා එය දැන අවුත් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිළිගනිත්වා. ඒ නෙරපූ භික්ෂූන් සඳහා සමාව දෙන ලෙස යාඥා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අවකාශ දුන්හ. ඉක්බිති බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ විසින් මම කරන ලද අවකාශ ඇත්තේ වෙමියි සිතා භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්මුණේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ආපසු පැමිණේවායි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ බව දැක්වූහ. ඉක්බිති ඒ භික්ෂූහු ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් කැඳවන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ තැතිගත් ස්වභාවය ඇතිව එකත්පසෙක හිඳගත්හ. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලාට ගැලපෙන දේශනාවක් විමසමින් මොවුහු ආමිෂ හේතුවෙන් නෙරපූහ. පිණ්ඩියාලෝප ධර්ම දේශනාව ඔවුන්ට ගැලපේ යයි සිතා ‘අන්තමිදං භික්ඛවෙ’ යන මේ දේශනාව දේශනා කළහ.
තත්රායං අන්තසද්දො “සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො”තිආදීසු (දී· නි· 1.29) කොට්ඨාසෙ ආගතො. “අන්තමකාසි දුක්ඛස්ස, අන්තවා අයං ලොකො පරිවටුමො”තිආදීසු (දී· නි· 1.55) පරිච්ඡෙදෙ. “හරිතන්තං වා පථන්තං වා සෙලන්තං වා”තිආදීසු (ම· නි· 1.304) මරියාදායං. “අන්තං අන්තගුණ”න්තිආදීසු (දී· නි· 2.377; ඛු· පා· 3.ද්වත්තිංසාකාර) සරීරාවයවෙ “චරන්ති ලොකෙ පරිවාරඡන්නා, අන්තො අසුද්ධා බහි සොභමානා”තිආදීසු (සං· නි· 1.122; මහානි· 191) චිත්තෙ. “අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනී”තිආදීසු (දී· නි· 2.69; සං· නි· 1.172; මහාව· 9) අබ්භන්තරෙ.
එහි මේ අන්ත ශබ්දය ‘සන්ති භික්ඛවෙ එකෙ සමණ බ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො’ ‘මහණෙනි, පූර්වාන්ත කල්පික වූ (අතීත ආත්මභාව සංඛ්‍යාත ඉක්මගිය ස්කන්ධ පරම්පරා කොටස තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වරදවා ගත්) ඒ අතීත ස්කන්ධ පරම්පරා කොටස අනුව පහළ කොටගත් දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත්තාහ.’ යනාදියෙහි කොට්ඨාස අර්ථයෙහි ආයේය. ‘අන්තමකාසි දුක්ඛස්ස’ ‘දුක් කෙළවර කළේය’, ‘අන්තවා අයං ලොකො පරිවටුමො’ ‘මේ ලෝකය අන්තයක් ඇති එකකි, හාත්පසින්ම වටය’ යනාදියෙහි වෙන්කිරීම් (පරිච්ඡේද ) අර්ථයෙහි ආයේය. ‘හරිතන්තං වා පථන්තං වා සෙලන්තං වා’ ‘හරිත (වන) කෙළවර හෝ මාර්ගය කෙළවර හෝ ගල් පර්වතය කෙළවර හෝ යනාදියෙහි සීමා අර්ථයෙහි ආයේය. ‘අන්තං අන්තගුණං’ ‘බඩවැල, කුඩා බඩවැල’ යනාදියෙහි ශරීර අවයව යන අර්ථයෙහි ආයේය. ‘චරන්ති හෙකෙ පරිවාර ඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානා’ ‘ඇතැමෙක් පිරිවරින් වැසී ඇතුළතින් අපිරිසිදුව පිටතින් ශෝභමානව හැසිරෙත්’ යනාදියෙහි සිත යන අර්ථයෙහි ආයේය. ‘අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසිනී’ ‘ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ සුදුපියුම් හෝ වේද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලයෙන් උඩට නොනැගුණා වූ ජලයෙහි ගැලී පෝෂණය වන්නා වූ යනාදියෙහි අභ්‍යන්තර අර්ථයෙහි ආයේය.
“මිගානං කොට්ඨුකො අන්තො, පක්ඛීනං පන වායසො; එරණ්ඩො අන්තො රුක්ඛානං, තයො අන්තා සමාගතා”ති. (ජා· 1.3.135) –
මිගානං කොත්ථුකො අන්තො පක්ඛීනං පන වායසො එරණ්ඩො අන්තො රුක්ඛානං තයො අන්තා සමාගතා
‘සිවුපාවුන් අතරින් සිවලා ලාමකය. පක්ෂීන් අතරින් කපුටා ලාමකය. ගස් අතරින් එරඬු ගස ලාමකය. ලාමක වූ තුනක් එක්රැස් විය.’
ආදීසු ලාමකෙ. ඉධාපි ලාමකෙ එව දට්ඨබ්බො. තස්මා අන්තමිදං භික්ඛවෙ ජීවිකානන්ති භික්ඛවෙ ඉදං ජීවිකානං අන්තං පච්ඡිමං ලාමකං, සබ්බනිහීනං ජීවිතන්ති අත්ථො. යදිදං පිණ්ඩොල්යන්ති යං ඉදං පිණ්ඩපරියෙසනෙන භික්ඛාචරියාය ජීවිකං කප්පෙන්තස්ස ජීවිතං. අයං පනෙත්ථ පදත්ථො – පිණ්ඩාය උලතීති පිණ්ඩොලො, තස්ස කම්මං පිණ්ඩොල්යං, පිණ්ඩපරියෙසනෙන ජීවිකාති අත්ථො.
යනාදියෙහි ලාමක අර්ථයෙහි ආයේය. මෙහිද ලාමක අර්ථයෙහිම දතයුතුය. එහෙයින් අන්තමිදං භික්ඛවෙ ජීවිකානං යනු මහණෙනි, ජීවත්වීම සඳහා කරන ක්‍රියාවන් අතරින් මෙය (පිඩුසිඟීම) අන්තය, පශ්චිමය, ලාමකය, සියල්ලට පහත් ජීවිතය යන අර්ථයි. යදිදං පිණ්ඩොල්යං යනු යම් මේ පිණ්ඩපාතය සොයා යාමෙන් භික්ෂාව සොයා හැසිරීමෙන් ජීවිකාව කරන්නවුන්ගේ ජිවිතය. මේ වනාහි මෙහි පදාර්ථයයි: පිඬු පිණිස හැසිරෙයි යන අරුතින් පිණ්ඩොල නම් වේ. (පිණ්ඩාය උලතීති = පිණ්ඩොලො) පිඬුසිඟා යන්නහුගේ ක්‍රියාව පිණ්ඩොල නම් වේ. පිණ්ඩ පරියේෂණයෙන් කරන ජීවිකාව යන අර්ථයි.
අභිසාපොති අක්කොසො. කුපිතා හි මනුස්සා අත්තනො පච්චත්ථිකං “පිලොතිකඛණ්ඩං නිවාසෙත්වා කපාලහත්ථො පිණ්ඩං පරියෙසමානො චරෙය්යාසී”ති අක්කොසන්ති. අථ වා “කිං තුය්හං අකාතබ්බං අත්ථි, යො ත්වං එවං බලවීරියූපපන්නොපි හිරොත්තප්පං පහාය කපණො පිණ්ඩොලො විචරසි පත්තපාණී”ති එවම්පි අක්කොසන්තියෙව. තඤ්ච ඛො එතන්ති තං එතං අභිසපම්පි සමානං පිණ්ඩොල්යං. කුලපුත්තා උපෙන්ති අත්ථවසිකාති මම සාසනෙ ජාතිකුලපුත්තා ච ආචාරකුලපුත්තා ච අත්ථවසිකා කාරණවසිකා හුත්වා කාරණවසං පටිච්ච උපෙන්ති උපගච්ඡන්ති.
අභිසාපො යනු ආක්රෝශයයි. කිපුණු මිනිස්සු තමාගේ සතුරාට රෙදි කැබැල්ලක් හැඳ කබලක් ගත් අත් ඇතිව පිඬු (ආහාර) සොයමින් හැසිරෙන්නෙහි යයි ආක්‍රෝශ කරති. නැතහොත් ඔබට නොකළයුතු දෙයක් ඇද්ද? ඒ ඔබ මෙසේ බලයෙන් හා වීර්යයෙන් යුක්ත වූයේ හිරි ඔතප් දුරුකොට පාත්‍රයක් ගත් අත් ඇතිව දිළිඳු වූ (පහත් වූ) පිඬු සිඟීමෙහි හැසිරෙන්නෙහි යයි මෙසේත් ආක්‍රෝශ කරත්මය. තඤ්ච ඛො එතං යනු ඒ මේ ආක්රෝශයට සමාන පිඬුසිඟා හැසිරීම. කුලපුත්තා උපෙන්ති අත්ථවසිකා යනු මගේ ශාසනයෙහි ජාති (උපතින්) කුලපුත්‍රයෝ ද ආචාර (මනා හැසිරිමෙන්) කුලපුත්‍රයෝ ද, ‘අත්ථවසිකා’ (ලෞකික ලෝකෝත්තර අර්ථ සිද්ධිය නමැති) කාරණයට වසඟ වූ කුලපුත්‍රයෝ කරුණක් නිසා එළඹෙත්.
රාජාභිනීතාතිආදීසු යෙ රඤ්ඤො සන්තකං ඛාදිත්වා රඤ්ඤා බන්ධනාගාරෙ බන්ධාපිතා පලායිත්වා පබ්බජන්ති, තෙ රඤ්ඤා බන්ධනං අභිනීතත්තා රාජාභිනීතා නාම. යෙ පන චොරෙහි අටවියං ගහෙත්වා එකච්චෙසු මාරියමානෙසු එකච්චෙ “මයං සාමි තුම්හෙහි විස්සට්ඨා ගෙහං අනජ්ඣාවසිත්වා පබ්බජිස්සාම, තත්ථ තත්ථ යං යං බුද්ධපූජාදිපුඤ්ඤං කරිස්සාම, තතො තතො තුම්හාකං පත්තිං දස්සාමා”ති තෙහි විස්සට්ඨා පබ්බජන්ති, තෙ චොරාභිනීතා නාම චොරෙහි මාරෙතබ්බතං අභිනීතත්තා. යෙ පන ඉණං ගහෙත්වා පටිදාතුං අසක්කොන්තා පලායිත්වා පබ්බජන්ති, තෙ ඉණට්ටා නාම. තඤ්ච ඛො එතං පිණ්ඩොල්යං කුලපුත්තා මම සාසනෙ නෙව රාජාභිනීතා…පෙ… න ආජීවිකාපකතා උපෙන්ති, අපිච ඛො “ඔතිණ්ණම්හා ජාතියා…පෙ… පඤ්ඤායෙථා”ති උපෙන්තීති පදසම්බන්ධො.
‘රාජාභිනීතා’ යනාදියෙහි රජු සන්තක දේ අනුභවකොට රජු විසින් බන්ධනාගාර ගතකරවන ලද යමෙක් (ඉන්) පලාගොස් පැවිදි වෙත් ද ඔවුහු රජු විසින් බන්ධනාගාරයට පමුණුවන ලද්දෝ රාජාභිනීතා නම් වෙති. යමෙක් වනාහි සොරුන් විසින් වනයෙහි දී අල්ලාගෙන ඔවුන් අතරින් ඇතැමෙකු මරනු ලබන කල්හි ඇතැමෙක් ස්වාමීනි, අපි ඔබලා විසින් මුදාහරින ලදුව ගෘහවාසය නොකොට (ගිහි ජීවිතය ගත නොකොට) පැවිදි වන්නෙමු. ඒ ඒ තැනදී යම් යම් බුද්ධපූජාදී පිනක් කරන්නෙමු ද ඒ ඒ තැන සිට ඔබලාට පින් අනුමෝදන් කරන්නෙමුයි කියා සොරුන් විසින් මුදාහරින ලද්දාහු පැවිදි වෙති. ඔවුහු චොරාභිනීතා නම් වෙති. සොරුන් විසින් මැරිය යුතු තැනැත්තා නෙරපා හැරිය බැවිනි. යමෙක් වනාහි ණය ගෙන ආපසු දීමට නොහැකි වන්නාහු පලාගොස් පැවිදි වෙති. ඔවුහු ඉණට්ඨා නම් වෙති. ‘තඤ්ච ඛො එතං පිණ්ඩොල්යං කුලපුත්තා මම සාසනෙ නෙව රාජාභිනීතා -පෙ- න ආජීවපකතා උපෙන්ති, අපි ච ඛො ඔතිණ්ණමහා ජාතියා -පෙ පඤ්ඤායෙථා ති උපෙන්ති’ යනු පද සම්බන්ධයයි.
තත්ථ ඔතිණ්ණම්හාති ඔතිණ්ණා අම්හා. ජාතියාතිආදීසු තම්හි තම්හි සත්තනිකායෙ ඛන්ධානං පඨමාභිනිබ්බත්ති ජාති, පරිපාකො ජරා, භෙදො මරණං. ඤාතිරොගභොගසීලදිට්ඨිබ්යසනෙහි ඵුට්ඨස්ස සන්තාපො අන්තො නිජ්ඣානං සොකො, තෙහි ඵුට්ඨස්ස වචීවිප්පලාපො පරිදෙවො. අනිට්ඨඵොට්ඨබ්බපටිහතකායස්ස කායපීළනං දුක්ඛං, ආඝාතවත්ථූසු උපහතචිත්තස්ස චෙතොපීළනං දොමනස්සං. ඤාතිබ්යසනාදීහි එව ඵුට්ඨස්ස පරිදෙවෙනපි අධිවාසෙතුං අසමත්ථස්ස චිත්තසන්තාපසමුට්ඨිතො භුසො ආයාසො උපායාසො. එතෙහි ජාතිආදීහි ඔතිණ්ණා දුක්ඛොතිණ්ණා, තෙහි ජාතිආදිදුක්ඛෙහි අන්තො අනුපවිට්ඨා. දුක්ඛපරෙතාති තෙහි දුක්ඛදුක්ඛවත්ථූහි අභිභූතා. ජාතිආදයො හි දුක්ඛස්ස වත්ථුභාවතො දුක්ඛා, දුක්ඛභාවතො ච සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා දුක්ඛාති. අප්පෙව නාම…පෙ… පඤ්ඤායෙථාති ඉමස්ස සකලස්ස වට්ටදුක්ඛරාසිස්ස පරිච්ඡෙදකරණං ඔසානකිරියා අපි නාම පඤ්ඤායෙය්ය.
එහි ඔතිණ්ණමහා යනු ඔතිණ්ණා අම්හා, බැස ගත්තෝ වෙමු. ‘ජාතියා’ යනාදියෙහි ඒ ඒ සත්ත්ව නිකායෙහි ස්කන්ධයන්ගේ පළමු ඉපදීම ජාති ජාතියයි. මේරීම ජරා ජරාවයි. භේදය මරණං මරණයයි. ඤාති-රෝග-භෝග-සීල-දිට්ඨි යන විපත්වලින් ස්පර්ශ කරන ලද තැනැත්තාගේ තැවීම ඇතුලත පසුතැවිල්ල සොකො සෝකයයි. ඒවායින් ස්පර්ශ කරන ලද තැනැත්තාගේ විලාපය පරිදෙවො පරිදේවයයි. අප්‍රිය ස්පර්ශයෙන් හැපුණු කයේ කායපීඩාව දුක්ඛං දුකය. ක්‍රෝධයට හේතු කරුණු කෙරෙහි ගැටුණු සිතේ චිත්තපීඩාව දොමනස්සං දොම්නසය. ඤාති විපත් ආදියෙන්ම ස්පර්ශ කළ තැනැත්තාගේ විලාපයෙන් ද ඉවසීමට අසමත් තැනැත්තාගේ සිතේ තැවීමෙන් හටගත් බොහෝ වූ වෙහෙස උපායාසො උපායාසයයි. ඒ ජාති ආදියෙන් බැසගත්තාහු දුක්ඛො තිණ්ණා නමි. ඒ ජාති ආදී දුක්වලින් ඇතුළට වැදුණාහු. දුක්ඛපරෙතා යනු ඒ දුක්වලින් දුකට හේතු වූ කරුණුවලින් මැඩගත්තාහු. ජාති ආදිය වනාහි දුකට වස්තු බැවින් දුක්ය. දුක් බැවින් ද සෝක - පරිදේව - දුක්ඛ දෝමනස්ස උපායාස දුක්ය. අප්පෙවනාම -පෙ- පඤ්ඤායෙථ යනු මේ සියලු සසර දුක් රාශියේ වෙන්කිරීමක් අවසාන කිරීමක් පෙන්නේ නම් ඉතා මැනවි.
සො ච හොති අභිජ්ඣාලූති ඉදං යො කුලපුත්තො “දුක්ඛස්සන්තං කරිස්සාමී”ති පුබ්බෙ චිත්තං උප්පාදෙත්වා පබ්බජිතො අපරභාගෙ තං පබ්බජ්ජං තථාරූපං කාතුං න සක්කොති, තං දස්සෙතුං වුත්තං. තත්ථ අභිජ්ඣාලූති පරභණ්ඩානං අභිජ්ඣායිතා. තිබ්බසාරාගොති බලවරාගො. බ්යාපන්නචිත්තොති බ්යාපාදෙන පූතිභූතත්තා විපන්නචිත්තො. පදුට්ඨමනසඞ්කප්පොති තිඛිණසිඞ්ගො විය චණ්ඩගොණො පරෙසං උපඝාතවසෙන දුට්ඨචිත්තො. මුට්ඨස්සතීති භත්තනික්ඛිත්තකාකො විය, මංසනික්ඛිත්තසුනඛො විය ච නට්ඨස්සති, ඉධ කතං එත්ථ න සරති. අසම්පජානොති නිප්පඤ්ඤො ඛන්ධාදිපරිච්ඡෙදරහිතො. අසමාහිතොති චණ්ඩසොතෙ බද්ධනාවා විය අසණ්ඨිතො. විබ්භන්තචිත්තොති පන්ථාරුළ්හමිගො විය භන්තමනො. පාකතින්ද්රියොති යථා ගිහී සංවරාභාවෙන පරිග්ගහපරිජනෙ ඔලොකෙන්ති අසංවුතින්ද්රියා, එවං අසංවුතින්ද්රියො හොති.
‘සො ච හොති අභිජ්ඣාලූ’ යන මෙය යම් කුලපුත්‍රයෙක් දුක් කෙළවර කරන්නෙමියි කලින් සිත් උපදවාගෙන පැවිදි වූයේ පසුකලෙක ඒ පැවිද්ද ඒ ආකාරයට කරන්නට නොහැකි වෙයි. එය දක්වන්නට දේශනා කරන ලදී. එහි අභිජ්ඣාලූ යනු අනුන්ගේ භාණ්ඩවලට අධික ලෝභ ඇත්තේ. තිබ්බසාරාගො යනු බහුල රාග ඇත්තේ. ඛ්යාපන්න චිත්තො යනු ව්‍යාපාදයෙන් කුණු වූ බැවින් පෙරළුණු සිත් ඇත්තේ. පදුට්ඨමන සංකප්පො යනු තියුණු අං ඇති චණ්ඩ ගොනෙකු මෙන් නැසීම් වශයෙන් අනුන් ගැන දූෂිත සිත් ඇත්තේ. මුට්ඨස්සති යනු බත් සඟවන ලද කාක්කෙකු මෙන් ද මස් සැඟ වූ බල්ලකු මෙන් ද මුළා වූ සිහි ඇත්තේ. මෙතැනදී කරන ලද දෙය එතැන දී සිහි නොකරයි. අසම්පජානො යනු ප්‍රඥාව නැති - ස්කන්ධාදී වෙන්කිරීම් නැති. අසමාහිතො යනු සැඩ දිය පහරෙහි බඳිනා ලද නැවක් මෙන් නොපිහිටි. විබ්භන්තචිත්තො යනු මාර්ගයට පිවිසි මුවෙකු මෙන් තැතිගත් සිත් ඇත්තේ. පාකතින්ද්රියො යනු අසංවර ඉඳුරන් ඇති ගිහියෝ අසංවර බැවින් තම සේවක පිරිස් දෙස යම් සේ බලත්ද එසේ අසංවර ඉඳුරන් ඇත්තේ වෙයි.
ඡවාලාතන්ති ඡවානං දඩ්ඪට්ඨානෙ අලාතං. උභතොපදිත්තං මජ්ඣෙ ගූථගතන්ති පමාණෙන අට්ඨඞ්ගුලමත්තං උභතො ද්වීසු කොටීසු ආදිත්තං මජ්ඣෙ ගූථමක්ඛිතං. නෙව ගාමෙති සචෙ හි තං යුගනඞ්ගලගොපානසිපක්ඛපාසකාදීනං අත්ථාය උපනෙතුං සක්කා අස්ස ගාමෙ කට්ඨත්ථං ඵරෙය්ය. සචෙ ඛෙත්තකුටියා කට්ඨත්ථරමඤ්චකාදීනං අත්ථාය උපනෙතුං සක්කා අස්ස, අරඤ්ඤෙ කට්ඨත්ථං ඵරෙය්ය. යස්මා පන උභයත්ථාපි න සක්කා, තස්මා එවං වුත්තං. තථූපමාහන්ති තථූපමං ඡවාලාතසදිසං අහං ඉමං යථාවුත්තපුග්ගලං වදාමි. ගිහිභොගා ච පරිහීනොති යො අගාරෙ වසන්තෙහි ගිහීහි දායජ්ජෙ භාජියමානෙ අඤ්ඤථා ච භොගො ලද්ධබ්බො අස්ස, තතො ච පරිහීනො. සාමඤ්ඤත්ථඤ්චාති ආචරියුපජ්ඣායානං ඔවාදෙ ඨත්වා පරියත්තිපටිවෙධවසෙන පත්තබ්බං සාමඤ්ඤත්ථඤ්ච න පරිපූරෙති. ඉමං පන උපමං සත්ථා න දුස්සීලස්ස වසෙන ආහරි, පරිසුද්ධසීලස්ස පන අලසස්ස අභිජ්ඣාදීහි දොසෙහි දූසිතචිත්තස්ස පුග්ගලස්ස වසෙන ආහරීති වෙදිතබ්බං.
ඡවාලාතං යනු මළමිනියක් දැවූ තැන ඇති (සොහොනෙහි) ගිණිපෙනෙල්ලයි. උභතොපදිත්තං මජ්ඣෙ ගුථගතං යනු ප්‍රමාණයෙන් අඟල් අටක් පමණ වූ දෙකෙළවර ගිනිගත් මැද අශූචි තැවරුණු. නෙවගාමෙ යනු ඉදින් ඒ සොහොනෙහි ගිනි පෙණෙල්ල වියදඬු-නගුල් -ගොණැස්ස (වක්වූ යට ලී) පැලන්පෝරු ආදිය පිණිස යොදන්නට හැකිනම් ගමේ දර කැබැල්ලකින් කරන කටයුත්ත පිණිස යෙදෙන්නේය. ඉදින් කෙතෙහි ඇති කුටියෙහි ඉණිවලින් කළ ඇඳන් ආදිය පිණිස යොදන්නට හැකිනම් වනයෙහි දර කැබැල්ලකින් කරන කටයුත්ත පිණිස යොදන්නේය. යම්හෙයකින් මේ කරුණු දෙක සඳහාම සොහොනෙහි ගිණිපෙනෙල්ල යෙදිය නොහැකි වේද, එහෙයින් මෙසේ දේශනා කරන ලදී. තථූපමාහං යනු මම මේ කියන ලද ආකාර ඇති පුද්ගලයා සොහොන් ගිනිපෙණෙල්ලට සමානකොට එයට උපමාකොට කියමි. ගිහීභොගා ච පරිහීනො යනු යම් පුද්ගලයෙක් ගෘහවාසයෙහි යෙදී සිටින ගිහියන් විසින් දායාද බෙදන කල්හි අන් අයුරකින් භෝගයක් ලැබිය යුත්තෙක් වන්නේද එයින් ද පිරිහුනේ වෙයි. සාමඤ්ඤත්ථඤ්ච යනු ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාගේ අවවාදයෙහි පිහිටා සිට පර්යාප්ති ප්‍රතිවේද වශයෙන් පැමිණිය යුතු ශ්‍රමණ ඵලය ද සම්පුර්ණ නොකරයි. ශාස්තෲන් වහන්සේ මේ උපමාව වනාහි දුශ්ශීල පුද්ගලයාගේ වශයෙන් ඉදිරිපත් නොකළහ. පිරිසිදු සිල් ඇති අලස වූ අභිධ්‍යාදී දොස්වලින් දූෂිත සිත් ඇති පුද්ගලයාගේ වශයෙන් ඉදිරිපත් කළහයි දතයුතුය.
ගාථාසු ගිහිභොගාති කාමසුඛසම්භොගතො. පරිහීනොති ජීනො. සාමඤ්ඤත්ථන්ති පටිවෙධබාහුසච්චඤ්චෙව පරියත්තිබාහුසච්චඤ්ච. තාදිසො හි අසුතං සොතුං සුතං පරියොදාපෙතුං න සක්කොති අලසභාවතො. දුට්ඨු භගොති දුබ්භගො, අලක්ඛිකො කාළකණ්ණිපුරිසො. පරිධංසමානොති විනස්සමානො. පකිරෙතීති විකිරෙති විද්ධංසෙති. සබ්බමෙතං භාවිනො සාමඤ්ඤත්ථස්ස අනුප්පාදනමෙව සන්ධාය වුත්තං. ඡවාලාතංව නස්සතීති සො තාදිසො පුග්ගලො යථාවුත්තං ඡවාලාතං විය කස්සචි අනුපයුජ්ජමානො එව නස්සති උභතො පරිභට්ඨභාවතො. එවං “කායවාචාහි අකතවීතික්කමොපි චිත්තං අවිසොධෙන්තො නස්සති, පගෙව කතවීතික්කමො දුස්සීලො”ති තස්ස අපායදුක්ඛභාගිභාවදස්සනෙන දුස්සීලෙ ආදීනවං දස්සෙත්වා තතො සත්තෙ විවෙචෙතුකාමො “කාසාවකණ්ඨා”තිආදිනා ගාථාද්වයමාහ. තස්සත්ථො හෙට්ඨා වුත්තො එව.
ගාථාවන්හි - ගිහී භොගා යනු කම්සැප පාවිච්චි කිරීමෙන්. පරිහීනො යනු පිරිහුනේ. සාමඤ්ඤත්ථං යනු (ධර්මය අවබෝධ කිරීම නම් වූ) ප්‍රතිවේධ බහුශ්‍රැත බව ද (ධර්මය ඉගෙනීම නම් වූ) පර්යාප්ති බහුශ්‍රැත බව ද. එබඳු පුද්ගලයා අලස බැවින් නො ඇසූවක් අසන්නට ඇසූ දෙයක් පිරිසිදු කරගන්නට නොහැකි වෙයි. භාග්‍යය නැති බැවින් දුෂ්ට භාග්‍යය ඇත්තේ යන අරුතින් දුබ්භගො, පෙර පින් නැති කාලකණ්ණි පුරුෂයා. පරිධංසමානො යනු විනාශ වූ ගුණ ඇත්තේ. පකිරෙති යනු විසුරුවයි. විනාශ කරයි. මේ සියල්ල ඇතිවන ශ්රමණඵලයේ නූපදීම සඳහාම දේශනා කරන ලදී. ඡවාලාතංව නස්සති යනු එබඳු ඒ පුද්ගලයා කියන ලද ආකාර ඇති සොහොන් ගිණිපෙනෙල්ලක් මෙන් කිසිවකට නොයෙදෙමින්ම (කිසිදු ප්‍රයෝජනයකට නොගෙනම) නැසෙයි. දෙපැත්තෙන්ම ගිලිහී ගිය (දැවුණු) බැවින්ම කය වචන දෙකින් ශික්ෂාපද කැඩීමක් නොකරන ලද්දේම සිත පිරිසිදු නොකිරීමෙන් නැසේ. ශික්ෂාපද කැඩීමක් කරන ලද්දේ නම් කියනුම කවරේද? දුස්සීලො යනු ඔහු අපාය දුකට කොටස්කරුවෙකු බව දැක්වීමෙන් දුසිල් බවෙහි දොස් දක්වා එයින් සත්ත්වයන් වෙන්කරනු කැමැත්තේ ‘කාසාවකණ්ඨා’ යනාදී ගාථා දෙක වදාළහ. එහි අර්ථය මුලින් කියන ලද්දේමය.
දුතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවන සූත්‍රයයි.
3. සඞ්ඝාටිකණ්ණසුත්තවණ්ණනා
3. සඞ්ඝාටිකර්ණ සූත්‍ර වර්ණනාව
තතියෙ සඞ්ඝාටිකණ්ණෙති චීවරකොටියං. ගහෙත්වාති පරාමසිත්වා. අනුබන්ධො අස්සාති අනුගතො භවෙය්ය. ඉදං වුත්තං හොති – “භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු අත්තනො හත්ථෙන මයා පාරුතස්ස සුගතමහාචීවරස්ස කණ්ණෙ පරාමසන්තො විය මං අනුගච්ඡෙය්ය, එවං මය්හං ආසන්නතරො හුත්වා විහරෙය්යා”ති. පාදෙ පාදං නික්ඛිපන්තොති ගච්ඡන්තස්ස මම පාදෙ පාදං නික්ඛිත්තට්ඨානෙ පාදුද්ධාරණානන්තරං අත්තනො පාදං නික්ඛිපන්තො. උභයෙනාපි “ඨානගමනාදීසු අවිජහන්තො සබ්බකාලං මය්හං සමීපෙ එව විහරෙය්ය චෙපී”ති දස්සෙති. සො ආරකාව මය්හං, අහඤ්ච තස්සාති සො භික්ඛු මයා වුත්තං පටිපදං අපූරෙන්තො මම දූරෙයෙව, අහඤ්ච තස්ස දූරෙයෙව. එතෙන මංසචක්ඛුනා තථාගතදස්සනං රූපකායසමොධානඤ්ච අකාරණං, ඤාණචක්ඛුනාව දස්සනං ධම්මකායසමොධානමෙව ච පමාණන්ති දස්සෙති. තෙනෙවාහ “ධම්මඤ්හි සො, භික්ඛවෙ, භික්ඛු න පස්සති, ධම්මං අපස්සන්තො න මං පස්සතී”ති. තත්ථ ධම්මො නාම නවවිධො ලොකුත්තරධම්මො. සො ච අභිජ්ඣාදීහි දූසිතචිත්තෙන න සක්කා පස්සිතුං, තස්මා ධම්මස්ස අදස්සනතො ධම්මකායඤ්ච න පස්සතීති. තථා හි වුත්තං –
තුන්වන සූත්‍රයෙහි සංඝාටිකණ්ණෙ යනු සිවුරෙහි කෙළවර. ගහෙත්වා අල්ලාගෙන. අනුබන්ධො අස්ස අනුගමනය කරන්නේ වේද, මහණෙනි, මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් තමාගේ අතින් මා විසින් පොරවන ලද සුගතමහා සිවුරෙහි කෙළවර අල්ලන්නාක් මෙන් මා අනුව යන්නේ ද මෙසේ මට වඩාත් සමීපව වාසය කරන්නේය යන මෙය කියන ලදී. පාදෙ පාදං නික්ඛිපන්තො යනු යන්නා වූ මගේ පියවරෙහි පියවර තැබූ තැන (මවිසින්) පා එසවූ සැණින් තමාගේ පාදය තබමින් කරුණු දෙකින්ම සිටීම ගමන ආදියෙහි (මා) අත නොහැර හැමකල්හි මා සමීපයෙහිම වාසය කරන්නේය යන මේ අදහස් දක්වයි. සෙ ආරකාව මය්හං අහඤ්ච තස්ස යනු ඒ භික්ෂුව මා විසින් කියන ලද ප්‍රතිපදාව නොපුරන්නේ මගේ දුරෙහිම වේ. (මගෙන් ඈත් වූයේම වෙයි.) මම ද ඔහුගේ දුරෙහිම වෙමි. (මම ද ඔහුගෙන් ඈත් වූයේම වෙමි. මෙයින් මසැසින් තථාගතයන් වහන්සේ දැකීම, රූපකාය ඇතුළත් කිරීම කරුණක් නොවේ. නුවණැසින්ම දැකීම, ධර්මකාය ඇතුළත් කිරීම ප්‍රමාණයයි දක්වයි. එහෙයින් ‘ධම්මං හි සො භික්ඛවෙ භික්ඛු නපස්සති, ධම්මං අපස්සන්තො න මං පස්සති’ ‘මහණෙනි, ඒ භික්ෂුව ධර්මය නොදකී. ධර්මය නො දකින්නේ මා නොදකී’ යනුවෙන් වදාළහ. එහි ධම්මො ධර්මය නම් නවවිධ ලෝකෝත්තර ධර්මයයි. එය ද අභිධ්යාදියෙන් දූෂිත වූ සිතෙන් දක්නට නොහැකිය. එහෙයින් ධර්මය නොදැකීමෙන් ධර්මකාය නො දකී.
“කිං තෙ, වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො, වක්කලි, ධම්මං පස්සති සො මං පස්සති; යො මං පස්සති, සො ධම්මං පස්සතී”ති (සං· නි· 3.87).
එහෙයින් ‘කින්තෙ වක්කලි ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො වක්කලි ධම්මං පස්සති, සො මං පස්සති, යො මං පස්සති, සො ධම්මං පස්සති’ ‘වක්කලි, මේ කුණු කය දැකීමෙන් ඔබට කවර ප්‍රයෝජනයක් ද, වක්කලි යමෙක් ධර්මය දකී ද, ඔහු මා දකී. යමෙක් මා දකී ද, ඔහු ධර්මය දකී’ යනුවෙන්ද
“ධම්මභූතො බ්රහ්මභූතො”ති (ම· නි· 1.203; පටි· ම· 3.5) ච.
‘ධම්මභූතො බ්රහ්මභූතො’ ‘ධර්මභූත බ්‍රහ්මභූත’ යනුවෙන් ද
“ධම්මකායො ඉතිපි, බ්රහ්මකායො ඉතිපී”ති (දී· නි· 3.118) ච ආදි.
‘ධම්මකායො ඉතිපි, බ්රහ්මකායො ඉතිපි’ ධර්මකාය යි ද, බ්‍රහ්ම කාය යි ද යනාදිය කියන ලදී.
යොජනසතෙති යොජනසතෙ පදෙසෙ, යොජනසතමත්ථකෙති අත්ථො. සෙසං වුත්තවිපරියායෙන වෙදිතබ්බං. අරියමග්ගාධිගමවසෙන චස්ස අනභිජ්ඣාලුආදිභාවො දට්ඨබ්බො.
යොජන සතෙ යනු යොදුන් සියයක් පෙදෙසෙහි, යොදුන් සියයක් මත්තෙහි යන අර්ථයි. ඉතිරිය කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය. ආර්ය මාර්ගය ලැබීම් වශයෙන් ඔහුගේ අභිධ්‍යාව බහුල කොට නැති බව ආදිය දතයුතුය.
ගාථාසු මහිච්ඡොති කාමෙසු තිබ්බසාරාගතාය මහාඉච්ඡො. විඝාතවාති පදුට්ඨමනසඞ්කප්පතාය සත්තෙසු ආඝාතවසෙන මහිච්ඡතාය ඉච්ඡිතාලාභෙන ච විඝාතවා. එජානුගොති එජාසඞ්ඛාතාය තණ්හාය දාසො විය හුත්වා තං අනුගච්ඡන්තො. රාගාදිකිලෙසපරිළාහාභිභවෙන අනිබ්බුතො. රූපාදිවිසයානං අභිකඞ්ඛනෙන ගිද්ධො. පස්ස යාවඤ්ච ආරකාති අනෙජස්ස නිබ්බුතස්ස වීතගෙධස්ස සම්මාසම්බුද්ධස්ස ඔකාසවසෙන සමීපෙපි සමානො මහිච්ඡො විඝාතවා එජානුගො අනිබ්බුතො ගිද්ධො බාලපුථුජ්ජනො ධම්මසභාවතො යත්තකං දූරෙ, තස්ස සො දූරභාවො පස්ස, වත්තුම්පි න සුකරන්ති අත්ථො. වුත්තඤ්හෙතං –
ගාථාවන්හි මහිච්ඡො කාමයන්හි බහුල රාගය ඇති බැවින් මහත් ආසා ඇත්තේ. විඝාතවා දූෂිත වූ සිත් ඇති බැවින් සත්ත්වයන් කෙරෙහි ක්‍රෝධ වශයෙන් ද මහත් ආසා ඇති බැවින් ආසා කරන දේවල් නොලැබීමෙන් ද දූෂිත සිත් ඇත්තේ. එජානුගො යනු ඒජා නම් වූ තණ්හාවේ දාසයකු මෙන් වී එයට අනුව යන්නේ, රාගාදී කෙලෙස් දාහයෙන් මැඩගැනීමෙන් අනිබ්බුතො නො නිවුණා වූ. රූපාදී කාමයන් පිළිබඳ කැමති වීමෙන් ගිද්ධො ගිජු වූ. පස්ස යාවඤ්ච ආරකා යනු තණ්හාව නැති, නිවුණු, ආසාව නැති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවකාශ වශයෙන් සමීපයෙහි සිටිමින් මහිච්ඡ වූ විඝාත වූ ඒජානුග වූ අනිබ්බුත වූ ගිජු වූ බාල පෘථග්ජනයා ධර්ම ස්වභාව වශයෙන් යම් පමණ දුරක සිටී ද ඔහුගේ ඒ දුර බව බලන්න, කීමට ද පහසු නැත යන අර්ථයි. මේ කාරණය :
“නභඤ්ච දූරෙ පථවී ච දූරෙ, පාරං සමුද්දස්ස තථාහු දූරෙ; තතො හවෙ දූරතරං වදන්ති, සතඤ්ච ධම්මො අසතඤ්ච රාජා”ති. (අ· නි· 4.47; ජා· 2.21.414);
නභඤ්ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද්දස්ස තථාහු දූරෙ තතො හවෙ දූරතරං වදන්ති සතඤ්ච ධම්මො අසතඤ්ච රාජා
‘මහරජ, අහස ද දුර වේ. පොළොව ද දුර වේ. (අහසට පොළොව දුරය) සමුද්‍රයෙහි (මෙගොඩට) පරතෙර ද දුරෙහි පිහිටියේය. සත්පුරුෂයන්ගේ ධර්මය හා අසත්පුරුෂයන්ගේ ධර්මය අතර ඊටත් වඩා දුරයයි කියති යනුවෙන් කියන ලදී.
ධම්මමභිඤ්ඤායාති චතුසච්චධම්මං අභිඤ්ඤාය අඤ්ඤාය ඤාතතීරණපරිඤ්ඤාහි යථාරහං පුබ්බභාගෙ ජානිත්වා. ධම්මමඤ්ඤායාති තමෙව ධම්මං අපරභාගෙ මග්ගඤාණෙන පරිඤ්ඤාදිවසෙන යථාමරියාදං ජානිත්වා. පණ්ඩිතොති පටිවෙධබාහුසච්චෙන පණ්ඩිතො. රහදොව නිවාතෙ චාති නිවාතට්ඨානෙ රහදො විය අනෙජො කිලෙසචලනරහිතො උපසම්මති, යථා සො රහදො නිවාතට්ඨානෙ වාතෙන අනබ්භාහතො සන්නිසින්නොව හොති, එවං අයම්පි සබ්බථාපි පටිප්පස්සද්ධකිලෙසො කිලෙසචලනරහිතො අරහත්තඵලසමාධිනා වූපසම්මති, සබ්බකාලං උපසන්තසභාවොව හොති. අනෙජොති සො එවං අනෙජාදිසභාවො අරහා අනෙජාදිසභාවස්ස සම්මාසම්බුද්ධස්ස ඔකාසතො දූරෙපි සමානො ධම්මසභාවතො අදූරෙ සන්තිකෙ එවාති.
ධම්මම්භිඤ්ඤාය යනු චතුරාර්ය සත්‍ය ධර්මය, අභිඥාවෙන් දැන, ඥාත-තීරණ පිරිසිඳ දැනීම්වලින් සුදුසු පරිදි පූර්ව භාගයෙහි දැනගෙන. ධම්මමඤ්ඤාය යනු ඒ ධර්මයම පසුකලෙක මාර්ග ඤාණයෙන් පිරිසිඳ දැනීම් වශයෙන් සීමාවන් ඇති අයුරින් දැනගෙන. පණ්ඩිතො යනු ප්‍රතිවෙධ බහුශ්‍රැත භාවයෙන් පණ්ඩිත වූ. රහදොව නිවාතෙ ච සුළං නොහමන තැන ඇති විලක් මෙන්. අනෙජො කෙලෙස් චලන නැත්තේ සංසිඳෙයි. යම්සේ ඒ විල සුළං නැති තැන වාතයෙන් පහර නොලබන්නේ සන්සිඳුනේම වේද එසේම මොහු ද හැම ආකාරයෙන්ම සන්සිඳුනු කෙලෙස් ඇත්තේ කෙලෙස් චලන ඇත්තේ අර්හත් ඵල සමාධියෙන් වූපසම්මති හැමකල්හි උපශාන්ත ස්වභාවය ඇත්තේම වෙයි. අනෙජො යනු ඔහු මෙසේ තණ්හාව නැති ස්වභාවය ඇත්තේ රහත් වූයේ තණ්හාව නැති ස්වභාවය ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවකාශ වශයෙන් දුර සිටියත් ධර්ම ස්වභාව වශයෙන් නුදුරෙහිමය, සමීපයෙහිමය.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවන සූත්‍රයයි.
4. අග්ගිසුත්තවණ්ණනා
4. අග්නි සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අනුදහනට්ඨෙන අග්ගි, රාගො එව අග්ගි රාගග්ගි. රාගො හි උප්පජ්ජමානො සත්තෙ අනුදහති ඣාපෙති, තස්මා “අග්ගී”ති වුච්චති. ඉතරෙසුපි ද්වීසු එසෙව නයො. තත්ථ යථා අග්ගි යදෙව ඉන්ධනං නිස්සාය උප්පජ්ජති, තං නිදහති, මහාපරිළාහො ච හොති, එවමිමෙපි රාගාදයො යස්මිං සන්තානෙ සයං උප්පන්නා, තං නිදහන්ති, මහාපරිළාහා ච හොන්ති දුන්නිබ්බාපයා. තෙසු රාගපරිළාහෙන සන්තත්තහදයානං ඉච්ඡිතාලාභදුක්ඛෙන මරණප්පත්තානං සත්තානං පමාණං නත්ථි. අයං තාව රාගස්ස අනුදහනතා. දොසස්ස පන අනුදහනතාය විසෙසතො මනොපදොසිකා දෙවා, මොහස්ස අනුදහනතාය ඛිඩ්ඩාපදොසිකා දෙවා ච නිදස්සනං. මොහවසෙන හි තෙසං සතිසම්මොසො හොති, තස්මා ඛිඩ්ඩාවසෙන ආහාරවෙලං අතිවත්තෙන්තා කාලං කරොන්ති. අයං තාව රාගාදීනං දිට්ඨධම්මිකො අනුදහනභාවො. සම්පරායිකො පන නිරයාදීසු නිබ්බත්තාපනවසෙන ඝොරතරො දුරධිවාසො ච. අයඤ්ච අත්ථො ආදිත්තපරියායෙන විභාවෙතබ්බො.
සතරවන සූත්‍රයෙහි - දවන අර්ථයෙන් ගින්න (අග්ගි) නම් වේ. රාගයම ගින්න වූයේ රාගග්ගි නම් වේ. රාගය උපදිමින් සත්ත්වයන් දවයි. එහෙයින් ගින්න (අග්ගි) යි කියනු ලැබේ. අනිත් (දෝස-මෝහ) දෙකෙහි ද මේ ක්‍රමයමයි. එහි යම් සේ ගින්න යම් ඉන්ධනයක් නිසා උපදී ද ඒ ඉන්ධනය දවයි. මහත් දැවීමක් ද වෙයි. එසේම ඒ රාගාදිය ද යම් සන්තානය තමාම උපන්නේ ඒ සන්තානය දවයි. මහත් දැන්වීමක් ද වෙයි. නිවීමට අපහසු වෙයි. ඒ (රාග-දෝස-මෝහ) අතරින් රාග දාහයෙන් තැවුණු හදවත් ඇති කැමති ලාභ නොලැබීමේ දුකෙන් මරණයට පත් වූ සත්ත්වයන්ගේ ප්‍රමාණයක් නැත. පළමුව මේ රෝගය පිළිබඳ දවන බවයි. (රාගයේ දැවීමයි). දෝසය පිළිබඳ දැවීමෙන් විශේෂයෙන් මනෝපදෝසික දෙවියෝ ද මෝහය පිළිබඳ දැවීමෙන් ඛිඩ්ඩාපදෝසික දෙවිවරු ද නිදසුන්ය. මෝහ වශයෙන් වනාහි ඔවුන්ගේ සිහිමුළාවීම වෙයි. එහෙයින් ක්‍රීඩා වශයෙන් ආහාර ගන්නා වේලාව ඉක්මවන්නාහු කලුරිය කරති. පළමුව මේ රාගාදියේ මෙලොව දවන ස්වභාවයයි. පරලොව වනාහි නිරය ආදියෙහි ඉපිද තැවීම් වශයෙන් වඩාත් දරුණු වූයේ ද ඉවසීමට අපහසු වූයේ ද වෙයි. මේ අර්ථයම ආදිත්ත පරියායෙන් ද පැහැදිලි කළ යුතුය.
ගාථාසු කාමෙසු මුච්ඡිතෙති වත්ථුකාමෙසු පාතබ්යතාවසෙන මුච්ඡං බාල්යං පමාදං මිච්ඡාචාරං ආපන්නෙ. බ්යාපන්නෙති බ්යාපන්නචිත්තෙ දහතීති සම්බන්ධො. නරෙ පාණාතිපාතිනොති ඉදං දොසග්ගිස්ස. අරියධම්මෙ අකොවිදෙති යෙ ඛන්ධායතනාදීසු සබ්බෙන සබ්බං උග්ගහපරිපුච්ඡාය මනසිකාරරහිතා අරියධම්මස්ස අකුසලා, තෙ සම්මොහෙන අභිභූතා විසෙසෙන සම්මූළ්හා නාමාති වුත්තා. එතෙ අග්ගී අජානන්තාති “එතෙ රාගග්ගිආදයො ඉධ චෙව සම්පරායෙ ච අනුදහන්තී”ති අජානන්ත්තාආ පරිඤ්ඤාභිසමයවසෙන පහානාභිසමයවසෙන ච අප්පටිවිජ්ඣන්තා. සක්කායාභිරතාති සක්කායෙ උපාදානක්ඛන්ධපඤ්චකෙ තණ්හාදිට්ඨිමානනන්දනාභිරතා. වඩ්ඪයන්තීති පුනප්පුනං උප්පජ්ජනෙන වඩ්ඪයන්ති ආචිනන්ති. නිරයන්ති අට්ඨවිධං මහානිරයං, සොළසවිධං උස්සදනිරයන්ති සබ්බම්පි නිරයං. තිරච්ඡානඤ්ච යොනියොති තිරච්ඡානයොනියො ච. අසුරන්ති අසුරකායං පෙත්තිවිසයඤ්ච වඩ්ඪයන්තීති සම්බන්ධො.
ගාථාවන්හි කාමෙසු මුච්ඡිතෙ යනු වස්තුකාමයන්හි කාමයට වැටීම් වශයෙන් මුළාවට බාල බවට ප්‍රමාදයට වැරදි හැසිරීමට පැමිණියා වූ. ඛ්යාපන්නෙ දුෂ්ට සිත් ඇත්තේ. දහති යනුවෙන් සම්බන්ධ වේ. නරෙ පාණාතිපාතිනො යන මෙය ද්වේෂ ගින්න පිළිබඳවය. අරියධම්මෙ අකොවිදෙ යනු යමෙක් ස්කන්ධ ආයතනාදියෙහි සියලු ආකාරයෙන් ඉගෙනීමෙන් විමසීමෙන් මෙනෙහි කිරීම් රහිත ආර්ය ධර්මය පිළිබඳ අදක්ෂ වූවාහු ද ඔවුහු මුළාවෙන් මැඩගත්තාහු විශේෂයෙන් මුළාවට පත්වූවාහු නම් වෙතියි කියන ලදී. එතෙ අග්ගි අජානන්තා යනු මේ රාග ගිනි ආදිය මෙලොවෙහිදී ද පරලොවෙහිදී ද දවන්නේය යනුවෙන් නොදන්නා වූ. පිරිසිඳ අවබෝධ කිරීම් වශයෙන් ද (පරිඤ්ඤාභිසමය වශයෙන්) ප්රහාණය අවබෝධ කිරීම් වශයෙන් ද (පහාණාභිසමය වසෙන) අවබෝධ නොකරන්නා වූ. සක්කායාභිරතා යනු සක්කාය නම් වූ පංච උපාදානස්කන්ධයෙහි තණ්හා-දිට්ඨි-මාන යන සතුටට හේතුවන කරුණුවලින් ඇලුණු. වඩ්ඪයන්ති යනු නැවත නැවත ඉපදීමෙන් වඩති, රැස්කරති. නිරයං යනු අටවැදෑරුම් මහා නිරය සොළොස් (16) වැදෑරුම් උස්සද නිරය යන සියල්ලම නිරයයි. තිරච්ඡානඤ්ච යොනියො යනු තිරිසන් යෝනිය ද අසුරං යනු අසුරකය. පෙත්තිවිසයඤ්ච ප්‍රේත ලෝකය ද වඩ්ඪයන්ති යනුවෙන් සම්බන්ධ වෙයි.
එත්තාවතා රාගග්ගිආදීනං ඉධ චෙව සම්පරායෙ ච අනුදහනභාවදස්සනමුඛෙන වට්ටං දස්සෙත්වා ඉදානි නෙසං නිබ්බාපනෙන විවට්ටං දස්සෙතුං “යෙ ච රත්තින්දිවා”තිආදි වුත්තං. තත්ථ යුත්තාති භාවනානුයොගවසෙන යුත්තා. කත්ථ? සම්මාසම්බුද්ධසාසනෙ. තෙන අඤ්ඤසාසනෙ රාගග්ගිආදීනං නිබ්බාපනාභාවං දස්සෙති. තථා හි අනඤ්ඤසාධාරණං තෙසං නිබ්බාපනවිධිං අසුභකම්මට්ඨානං සඞ්ඛෙපෙනෙව දස්සෙන්තො –
මෙපමණකින් රාග ගිනි ආදියේ මෙළොව ද පරලොව ද දවන ස්වභාවය දැක්වීම් වශයෙන් සසර දක්වා ඒවා නිවීමෙන් නිවන දක්වන්නට ‘යෙ ච රත්තින්දිවා’ යනාදිය දේශනා කරන ලදී. එහි යුත්තා යනු භාවනාවෙහි යෙදීම් වශයෙන් යෙදුනාහු. කොතැන්හිද? සම්මා සම්බුද්ධසාසනෙ සම්මා සම්බුදු සසුනෙහිය. එයින් අනිත් සසුනක රාග ගිනි ආදිය නිවීම නැති බව දක්වයි. එසේ අනිකකට පොදු නොවන ඒවා නිවන ආකාරය වූ අශුභ කර්මස්ථානය කෙටියෙන් දක්වමින් -
“තෙ නිබ්බාපෙන්ති රාගග්ගිං, නිච්චං අසුභසඤ්ඤිනො; දොසග්ගිං පන මෙත්තාය, නිබ්බාපෙන්ති නරුත්තමා; මොහග්ගිං පන පඤ්ඤාය, යායං නිබ්බෙධගාමිනී”ති. –
තෙ නිබ්බාපෙන්ති රාගග්ගිං නිච්චං අසුභසඤ්ඤිනො දොසග්ගිං පන මෙත්තාය නිබ්බාපෙන්ති නරුත්තමා මොහග්ගිං පන පඤ්ඤාය යායං නිබ්බෙධගාමිනී’ති
‘නිතර අශුභ සංඥා ඇති ඔවුහු රාග ගින්න නිවති. ඒ නරෝත්තමයෝ මෛත්‍රී භාවනාවෙන් ද්වේෂ ගින්න ද යම් මේ කෙලෙස් කඳු විනිවිද යන ප්‍රඥාවක් වේ නම් ඒ ප්‍රඥාවෙන් මෝහ ගින්න ද නිවති’
ආහ. තත්ථ අසුභසඤ්ඤිනොති ද්වත්තිංසාකාරවසෙන චෙව උද්ධුමාතකාදිවසෙන ච අසුභභාවනානුයොගෙන අසුභසඤ්ඤිනො. මෙත්තායාති “සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරතී”ති (අ· නි· 3.64, 66) වුත්තාය මෙත්තාභාවනාය. එත්ථ ච අසුභජ්ඣානඤ්ච පාදකං කත්වා නිබ්බත්තිතඅනාගාමිමග්ගෙන රාගග්ගිදොසග්ගීනං නිබ්බාපනං වෙදිතබ්බං. පඤ්ඤායාති විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය. තෙනෙවාහ “යායං නිබ්බෙධගාමිනී”ති. සා හි කිලෙසක්ඛන්ධං විනිවිජ්ඣන්තී ගච්ඡති පවත්තතීති නිබ්බෙධගාමිනීති වුච්චති. අසෙසං පරිනිබ්බන්තීති අරහත්තමග්ගෙන අසෙසං රාගග්ගිආදිං නිබ්බාපෙත්වා සඋපාදිසෙසාය නිබ්බානධාතුයා ඨිතා පඤ්ඤාවෙපුල්ලප්පත්තියා නිපකා පුබ්බෙව සම්මප්පධානෙන සබ්බසො කොසජ්ජස්ස සුප්පහීනත්තා ඵලසමාපත්තිසමාපජ්ජනෙන අකිලාසුභාවෙන ච රත්තින්දිවමතන්දිතා චරිමකචිත්තනිරොධෙන අනුපාදිසෙසාය නිබ්බානධාතුයා අසෙසං පරිනිබ්බන්ති. තතො ච අසෙසං නිස්සෙසං වට්ටදුක්ඛං අච්චගුං අතික්කමංසු.
යනුවෙන් වදාළහ. එහි අසුභ සඤ්ඤිනො යනු දෙතිස් ආකාර වශයෙන් ද උද්ධුමාතක (ඉදිමුණු මළසිරුර) වශයෙන් ද අශුභ භාවනාවෙහි යෙදීමෙන් අශුභ සංඥා ඇති. මෙත්තාය යනු ‘ඔහු මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි’ යනුවෙන් කියන ලද මෛත්‍රී භාවනාවෙන්. මෙහිදී අශුභ ධ්‍යානය ද පාදකකොට උපදවන ලද අනාගාමි මාර්ගයෙන් රාග දෝස ගිනි නිවීම දතයුතුය. පඤ්ඤාය යනු විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාවෙන්. එහෙයින්ම ‘යා යං නිබ්බෙධගාමිනී’ යනුවෙන් වදාළහ. ඒ ප්‍රඥාව වනාහි කෙළෙස් කන්ද විනිවිද යයි පවතියි යන අරුතින් නිබ්බෙධගාමිනී යි කියනු ලැබේ. අසෙසං පරිනිබ්බන්ති යනු අර්හත් මාර්ගයෙන් ඉතිරි නොකොට රාග ගිනි ආදිය නිබ්බාපෙත්වා නිවා සවුපාදිසේස නිබ්බාණ ධාතුවෙහි සිටියාහු ප්‍රඥා විපුලත්වයට පැමිණීමෙන් නිපකා නිපද වූවාහු කලින්ම සම්‍යක්ප්‍රධාන වීර්යයෙන් සියලු ආකාරයෙන් කුසීතකම මනාව ප්‍රහීණ වූ බැවින් ඵලසමාපත්තියට සමවැදීමෙන් ද පසුබට නොවූ බැවින් ද රත්තින්දිව මතන්දිතා රෑ දාවල් දෙක්හි මැලි නොවූ. අවසාන සිත නිරුද්ධ වීමෙන් අනුපාදිසේස නිබ්බාණ ධාතුවෙන් අසෙසං පරිනිබ්බති ඉතිරි නොකොට පිරිනිවෙති. එයින් ද අසෙසං ඉතිරි නැතිව වට්ටදුක්ඛං අච්චගූං සසර දුක ඉක්මවූවාහුය.
එවං යෙ රාගග්ගිආදිකෙ නිබ්බාපෙන්ති, තෙසං අනුපාදිසෙසනිබ්බානෙන නිබ්බුතිං දස්සෙත්වා ඉදානි පටිවිද්ධගුණෙහි ථොමෙන්තො ඔසානගාථමාහ. තත්ථ අරියද්දසාති අරියෙහි බුද්ධාදීහි පස්සිතබ්බං කිලෙසෙහි වා ආරකත්තා අරියං නිබ්බානං, අරියං චතුසච්චමෙව වා දිට්ඨවන්තොති අරියද්දසා. වෙදස්ස මග්ගඤාණස්ස, තෙන වා වෙදෙන සංසාරස්ස පරියොසානං ගතාති වෙදගුනො. සම්මදඤ්ඤායාති සම්මදෙව සබ්බං ආජානිතබ්බං කුසලාදිං ඛන්ධාදිඤ්ච ජානිත්වා. සෙසං වුත්තනයමෙව.
මෙසේ යමෙක් රාග ගිනි ආදිය නිවත් ද ඔවුන්ගේ අනුපාදිසේස නිර්වාණයෙන් නිවීම දක්වා දැන් අවබෝධ කළ ගුණවලින් ස්තුති කරමින් අවසාන ගාථාව වදාළහ. එහි අරියද්දසා යනු ආර්ය බුද්ධාදී උතුමන් විසින් දැකිය යුතු, කෙලෙසුන් කෙරෙන් දුර බැවින් ආර්ය වූ නිවන හෝ ආර්ය වූ සත්‍ය සතරම දක්නා ලද අය හෝ යන අරුතින් අරියද්දස නම් වේ. වෙද නම් වූ මාර්ග ඥානයට, ඒ මාර්ග ඥානයෙන් සසර කෙළවරට ගියා වූ යන අරුතින් වෙදගුනො. සම්මදඤ්ඤාය යනු මනාව දතයුතු සියලු කුසලාදිය ද ස්කන්ධාදිය ද දැන. සෙස්ස කියන ලද අයුරින්මය.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිවුවන සූත්‍රයයි.
5. උපපරික්ඛසුත්තවණ්ණනා
5. උපපරීක්ෂා සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ තථා තථාති තෙන තෙන පකාරෙන. උපපරික්ඛෙය්යාති වීමංසෙය්‍ය පරිතුලෙය්ය සම්මසෙය්ය වා. යථා යථාස්ස උපපරික්ඛතොති යථා යථා අස්ස භික්ඛුනො උපපරික්ඛන්තස්ස. බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටන්ති බහිද්ධා රූපාදිආරම්මණෙ උප්පජ්ජනකවික්ඛෙපාභාවතො අවික්ඛිත්තං සමාහිතං, තතො එව අවිසටං සියා. ඉදං වුත්තං හොති – භික්ඛවෙ, යෙන යෙන පකාරෙන ඉමස්ස ආරද්ධවිපස්සකස්ස භික්ඛුනො උපපරික්ඛතො සඞ්ඛාරෙ සම්මසන්තස්ස පුබ්බෙ සමාහිතාකාරසල්ලක්ඛණවසෙන සමථනිමිත්තං ගහෙත්වා සක්කච්චං නිරන්තරං සම්මසනඤාණං පවත්තෙන්තස්ස අත්තනො විපස්සනාචිත්තං කම්මට්ඨානතො බහිද්ධා රූපාදිආරම්මණෙ උප්පජ්ජනකං න සියා, අච්චාරද්ධවීරියතාය උද්ධච්චපක්ඛියං න සියා, තෙන තෙන පකාරෙන භික්ඛු උපපරික්ඛෙය්ය පරිතුලෙය්යාති.
පස්වන සූත්‍රයෙහි තථා තථා යනු ඒ ඒ ආකාරයෙන් උප්පරික්ඛෙය්ය යනු විමසන්නේ හෝ කිරා බලන්නේය. යථා යථාස්ස උප්පරික්ඛතො යනු යම් යම් අයුරකින් විමසා බලන්නා වූ මේ භික්ෂුවගේ. බහිද්ධාචස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං යනු බාහිර රූපාදී අරමුණෙහි උපදින විසිරීම නැති බැවින් වික්ෂිප්ත නොවූ, සන්සිඳුනා වූ - එහෙයින්ම නොවිසිර පවතින්නේ වෙයි. එයින් ‘මහණෙනි, යම් යම් අයුරකින් සංස්කාර ධර්මයන් විමසා බලන්නා වූ ආරම්භ කරන ලද විදර්ශනාව ඇති මේ භික්ෂුවට මුලදී සන්සුන් වූ ආකාරය සැලකීම් වශයෙන් සමථ නිමිත්ත ගෙන, සකස්කොට නිරතුරුව විමසුම් නුවණ පවත්වන්නා වූ තමාගේ විදසුන් සිත කමටහනෙන් බාහිර රූපාදී අරමුණක ඉපදීමක් නොවන්නේද ඉතා දැඩිව ඇරඹූ වීර්යය ඇති බැවින් උද්ධච්ච (විසිරීම්) පක්ෂයෙහි නොවන්නේ ද, ඒ ඒ ආකාරයෙන් භික්ෂුව විමසා බලන්නේය, කිරා බලන්නේය’ යන මෙය කියන ලදී.
අජ්ඣත්තං අසණ්ඨිතන්ති යස්මා වීරියෙ මන්දං වහන්තෙ සමාධිස්ස බලවභාවතො කොසජ්ජාභිභවෙන අජ්ඣත්තං ගොචරජ්ඣත්තසඞ්ඛාතෙ කම්මට්ඨානාරම්මණෙ සඞ්කොචවසෙන ඨිතත්තා සණ්ඨිතං නාම හොති, වීරියසමතාය පන යොජිතාය අසණ්ඨිතං හොති වීථිං පටිපන්නං. තස්මා යථා යථාස්ස උපපරික්ඛතො විඤ්ඤාණං අජ්ඣත්තං අසණ්ඨිතං අස්ස, වීථිපටිපන්නං සියා, තථා තථා උපපරික්ඛෙය්ය. අනුපාදාය න පරිතස්සෙය්යාති යථා යථාස්ස උපපරික්ඛතො “එතං මම, එසො මෙ අත්තා”ති තණ්හාදිට්ඨිග්ගාහවසෙන රූපාදීසු කඤ්චි සඞ්ඛාරං අග්ගහෙත්වා තතො එව තණ්හාදිට්ඨිග්ගාහවසෙන න පරිතස්සෙය්ය, තථා තථා උපපරික්ඛෙය්යාති සම්බන්ධො. කථං පන උපපරික්ඛතො තිවිධම්පෙතං සියාති? උද්ධච්චපක්ඛියෙ කොසජ්ජපක්ඛියෙ ච ධම්මෙ වජ්ජෙන්තො වීරියසමතං යොජෙත්වා පුබ්බෙව විපස්සනුපක්කිලෙසෙහි චිත්තං විසොධෙත්වා යථා සම්මදෙව විපස්සනාඤාණං විපස්සනාවීථිං පටිපජ්ජති, තථා සම්මසතො.
අජඣත්තං අසණ්ඨිතං යනු යම්හෙයකින් මඳ වූ වීර්යය ඇති කල්හි සමාධිය බලවත් බැවින් කුසීතකමෙන් මැඩපැවැත්වීමෙන් ‘අජ්ඣත්තං’ ගෝචර අධ්‍යාත්මය නම් වූ කර්මස්ථාන අරමුණෙහි හැකිලීම් වශයෙන් සිටි බැවින් සිටියේ නම් වෙයි. වීර්යය සම ලෙස යෙදීමෙන් නොසිටියේ නම් වෙයි. වීථියට පිළිපන්නේ වෙයි. එහෙයින් යම් යම් අයුරකින් විමසා බලන්නා වූ ඔහුගේ සිත අධ්‍යාත්මය නම් වූ කමටහන් අරමුණෙහි නොපිහිටියේ වන්නේ ද වීථියට පිළිපන්නේ වන්නේ ද ඒ ඒ ආකාරයෙන් විමසන්නේය. අනුපාදාය න පරිතස්සෙය්ය යනු යම් යම් අයුරකින් විමසා බලන්නා වූ මේ භික්ෂුවගේ ‘මේ තෙමේ මම වෙමි. මේ තෙමේ මගේ ආත්මය වෙති’යි තෘෂ්ණා දෘෂ්ටි ගැනීම් වශයෙන් රූපාදිය අතුරෙන් කිසි සංස්කාරයක් නොගෙන එහෙයින්ම තෘෂ්ණා දෘෂ්ටි ගැනීම් වශයෙන් තැති ගැනීමක් නොවන්නේය. ඒ ඒ අයුරින් විමසන්නේය යනු සම්බන්ධයි. කෙසේ විමසන්නා වූ භික්ෂුවට මේ තුන් ආකාරය ඇතිවන්නේද? උද්ධච්ච පක්ෂයට අයත් ධර්ම ද කුසීත පක්ෂයට අයත් ධර්ම ද දුරුකරමින් වීර්යය සමව යොදා, කල් ඇතිවම විදර්ශනාවට අයත් උපක්ලේශවලින් සිත පිරිසිදුකොට, යම්සේ මැනවින් විදර්ශනා ඥානයට විදර්ශනා වීථියට බැසගනියි ද, එසේ විමසන්නා වූ භික්ෂුවට.
ඉති භගවා චතුසච්චකම්මට්ඨානිකස්ස භික්ඛුනො අනුක්කමෙන පටිපදාඤාණදස්සනවිසුද්ධියා ආරද්ධාය අච්චාරද්ධවීරියඅතිසිථිලවීරියවිපස්සනුපක්කිලෙසෙහි චිත්තස්ස විසොධනූපායං දස්සෙත්වා ඉදානි තථා විසොධිතෙ විපස්සනාඤාණෙ න චිරස්සෙව විපස්සනං මග්ගෙන ඝටෙත්වා සකලවට්ටදුක්ඛසමතික්කමාය සංවත්තන්තීති දස්සෙන්තො “බහිද්ධා, භික්ඛවෙ, විඤ්ඤාණෙ”තිආදිමාහ, තං වුත්තනයමෙව. යං පන වුත්තං – “ආයතිං ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො න හොතී”ති, තස්සත්ථො – එවං විපස්සනං මග්ගෙන ඝටෙත්වා මග්ගපටිපාටියා අග්ගමග්ගෙන අනවසෙසතො කිලෙසෙසු ඛීණෙසු ආයතිං අනාගතෙ ජාතිජරාමරණසකලවට්ටදුක්ඛසමුදයසඞ්ඛාතො සම්භවො උප්පාදො ච න හොති, ජාතිසඞ්ඛාතො වා දුක්ඛසමුදයො ජරාමරණසඞ්ඛාතො දුක්ඛසම්භවො ච න හොති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ චතුස්සත්‍ය කර්මස්ථානික භික්ෂුවගේ පිළිවෙළින් ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය පිණිස අරඹන ලද ඉතා දැඩි වීර්යය, ඉතා ලිහිල් වීර්යය යන විදර්ශනා උපක්ලේශවලින් සිත පිරිසිදු කරන උපාය දක්වා දැන් එසේ පිරිසිදු කරන ලද විදර්ශනා ඥානය ඇති කල්හි නොබෝ කලකින්ම විදර්ශනාව මාර්ගයෙන් ගළපා සියලු සසරදුක් ඉක්මවීම පිණිස පවතීයයි දක්වමින් ‘බහිද්ධා චස්ස භික්ඛවෙ විඤ්ඤාණං’ යනාදිය වදාළහ. එය කියන ලද අයුරින්මය. ‘ආයතිං ජාති ජරා-මරණ දුක්ඛ සමුදය සම්භවො න හොති’ ‘මත්තෙහි ජාති-ජරා-මරණ යන දුක් හටගැන්මක් නොවේ’ යනුවෙන් යමක් කියන ලද ද මේ එහි අර්ථයයි: මෙසේ විදර්ශනාව මාර්ගයෙන් ගළපා මාර්ග පිළිවෙළින් අග්‍ර මාර්ගයෙන් ඉතිරි නොකොට කෙලෙස් ගෙවා දැමූ කල්හි මතු අනාගතයෙහි ජාතිය ජරාව මරණය යන සියලු සසර දුක් හටගැනීම (සමුදය) නම් වූ ඉපදීම (සම්භවය) නොවෙයි. නැතහොත් ජාතිය නම් වූ දුක්ඛ සමුදය ද ජරාමරණ නම් වූ දුක්ඛ සම්භවය ද නොවෙයි.
ගාථායං සත්තසඞ්ගප්පහීනස්සාති තණ්හාසඞ්ගො, දිට්ඨිසඞ්ගො, මානසඞ්ගො, කොධසඞ්ගො, අවිජ්ජාසඞ්ගො, කිලෙසසඞ්ගො, දුච්චරිතසඞ්ගොති ඉමෙසං සත්තන්නං සඞ්ගානං පහීනත්තා සත්තසඞ්ගප්පහීනස්ස. කෙචි පන “සත්තානුසයා එව සත්ත සඞ්ගා”ති වදන්ති. නෙත්තිච්ඡින්නස්සාති ඡින්නභවනෙත්තිකස්ස. වික්ඛීණො ජාතිසංසාරොති පුනප්පුනං ජායනවසෙන පවත්තියා ජාතිහෙතුකත්තා ච ජාතිභූතො සංසාරොති ජාතිසංසාරො, සො භවනෙත්තියා ඡින්නත්තා වික්ඛීණො පරික්ඛීණො, තතො එව නත්ථි තස්ස පුනබ්භවොති.
ගාථාවෙහි සත්තසංගප්පහීනස්ස යනු තණ්හා සංග, දිට්ඨි සංග, මානසංග, කෝධ සංග, අවිජ්ජා සංග, කිලෙස සංග, දුශ්චරිත සංග යන මේ සත් සංග ප්‍රහීණ බැවින් සත්සංග ප්‍රහීණ කළා වූ. ඇතැමෙක් වනාහි ‘අනුසය හතම සංග හතය’යි කියති. නෙත්ති ඡින්නස්ස යනු සිඳ දමන ලද භව නෙත්ති (තණ්හාව) ඇති. වික්ඛීණො ජාති සංසාරො යනු නැවත නැවත ඉපදීම් වශයෙන් පැවති, ඉපදීමට හේතුව වූ බැවින් ද ඉපදීම (ජාතිය) වූ සසර යන අරුතින් ජාති සංසාරයයි. එය භව නෙත්තිය සිඳ දැමීමෙන් ක්ෂීණ වූයේ වෙයි. එහෙයින්ම ඔහුට පුනර්භවයක් නැත.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍රයයි.
6. කාමූපපත්ති සුත්තවණ්ණනා
6. කාමෝපපත්ති සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ කාමූපපත්තියොති කාමපටිලාභා කාමපටිසෙවනා වා. පච්චුපට්ඨිතකාමාති නිබද්ධකාමා නිබද්ධාරම්මණා යථා තං මනුස්සා. මනුස්සා හි නිබද්ධවත්ථුස්මිං වසං වත්තෙන්ති. යත්ථ පටිබද්ධචිත්තා හොන්ති, සතම්පි සහස්සම්පි දත්වා තමෙව මාතුගාමං ආනෙත්වා නිබද්ධභොගං භුඤ්ජන්ති. එකච්චෙ ච දෙවා. චාතුමහාරාජිකතො පට්ඨාය හි චතුදෙවලොකවාසිනො නිබද්ධවත්ථුස්මිංයෙව වසං වත්තෙන්ති. පඤ්චසිඛවත්ථු චෙත්ථ නිදස්සනං. තථා එකච්චෙ ආපායිකෙ නෙරයිකෙ ඨපෙත්වා සෙසඅපායසත්තාපි නිබද්ධවත්ථුස්මිංයෙව වසං වත්තෙන්ති. මච්ඡා හි අත්තනො මච්ඡියා, කච්ඡපො කච්ඡපියාති එවං සබ්බෙපි තිරච්ඡානා පෙතා විනිපාතිකා ච. තස්මා නෙරයිකෙ ඨපෙත්වා සෙසඅපායසත්තෙ උපාදාය යාව තුසිතකායා ඉමෙ සත්තා පච්චුපට්ඨිතකාමා නාම, නිම්මානරතිනොති සයං නිම්මිතෙ නිම්මානෙ රති එතෙසන්ති නිම්මානරතිනො. තෙ හි නීලපීතාදිවසෙන යාදිසං යාදිසං රූපං ඉච්ඡන්ති, තාදිසං තාදිසං නිම්මිනිත්වා රමන්ති ආයස්මතො අනුරුද්ධස්ස පුරතො මනාපකායිකා දෙවතා විය. පරනිම්මිතවසවත්තිනොති පරෙහි නිම්මිතෙ කාමෙ වසං වත්තෙන්තීති පරනිම්මිතවසවත්තිනො. තෙසඤ්හි මනං ඤත්වා පරෙ යථාරුචිතං කාමභොගං නිම්මිනන්ති, තෙ තත්ථ වසං වත්තෙන්ති. කථං තෙ පරස්ස මනං ජානන්තීති? පකතිසෙවනාවසෙන. යථා හි කුසලො සූදො රඤ්ඤො භුඤ්ජන්තස්ස යං යං රුච්චති, තං තං ජානාති, එවං පකතියා අභිරුචිතාරම්මණං ඤත්වා තාදිසෙයෙව නිම්මිනන්ති, තෙ තත්ථ වසං වත්තෙන්ති, මෙථුනසෙවනාදිවසෙන කාමෙ පරිභුඤ්ජන්ති. කෙචි පන “හසිතමත්තෙන ඔලොකිතමත්තෙන ආලිඞ්ගිතමත්තෙන හත්ථග්ගහණමත්තෙන ච තෙසං කාමකිච්චං ඉජ්ඣතී”ති වදන්ති, තං අට්ඨකථායං “එතං පන නත්ථී”ති පටික්ඛිත්තං. න හි කායෙන අඵුසන්තස්ස ඵොට්ඨබ්බං කාමකිච්චං සාධෙති. ඡන්නම්පි කාමාවචරදෙවානං කාමා පාකතිකා එව. වුත්තඤ්හෙතං –
සයවන සූත්‍රයෙහි කාමුප්පත්තියො යනු කාම ප්රතිලාභ හෝ කාම ප්‍රතිසේවනයෝය. පච්චුපට්ඨිතකාමා යනු නිරතුරු කාම, නිරතුරු අරමුණු - මිනිසුන් මෙනි. මිනිස්සු වනාහි තම සිත බැඳුණු වස්තුවෙහි (තමාගේ) බලය පවත්වති. යම්තැනක බැඳුණු සිත් ඇත්තාහු වෙත් ද සියයක් ද දහසක් ද දී ඒ කාන්තාවම ගෙනවුත් නිතර පරිභෝග (පරිහරණය) කරති (බැඳුණු සම්පත බුදිති.) ඇතැම් දෙවියෝ ද (එසේය). චාතුම්මහාරාජිකයේ පටන් දෙව්ලෝ සතරෙහි වාසය කරන දෙවිවරු බැඳුණු වස්තුවෙහිම බලය පවත්වති. මෙහිදී පංචසිඛ කථාවස්තුව නිදසුනකි. එසේම අපායට, නිරයට අයත් ඇතැම් සත්ත්වයින් හැර සෙසු අපාය සත්ත්වයෝ ද බැඳුණු වස්තුවෙහිම (තමාගේ) බලය පවත්වති. මාළුවා තමාගේ මාළුදෙන සමග ද කැසුබුවා තමාගේ කැසුබුදෙන සමගදැයි මෙසේ සියලු තිරිසන්නු ද ප්‍රේතයෝ ද විනිපාතිකයෝ ද එසේය. එහෙයින් නිරයට අයත් සත්ත්වයන් හැර සෙසු අපාය සත්ත්වයන් ගෙන තුසිත දෙවිවරු තෙක් මේ සත්ත්වයෝ පච්චුපට්ඨිත කාම ඇත්තෝ නම් වෙති. නිම්මාණරතිනො යනු තමන් මවාගත් නිර්මාණයෙහි ඇලීම ඔවුන්ට ඇත යනුවෙන් නිර්මාණරති නම් වෙති. ඔවුහු නිල් කහ ආදී වශයෙන් යම්බඳු රූපයකට කැමති වෙත්ද එවැන්නක් මවාගෙන ඇලෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ ඉදිරියෙහි වූ මනාපකායික දෙවිවරුන් මෙනි. පරනිම්මිතවසවත්තිනො යනු අනුන් විසින් මවන ලද කාමයන්හි බලය පවත්වති යන අරුතින් පරනිර්මිත වසවර්තීහු නම් වෙති. ඔවුන්ගේ සිත දැන අන්‍යයෝ කැමති පරිදි කාම වස්තු නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. ඔවුහු කෙසේ අනිකකුගේ සිත දනිත් ද? ඇසුරුකිරීම් වශයෙන් දනිති. යම්සේ දක්ෂ අරක්කැමියා අනුභව කරන රජුට යමක් යමක් රුචි වේද, ඒ ඒ දෙය දනියි. මෙසේ ස්වභාවයෙන් කැමති අරමුණ දැන එබන්දක්ම නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. මෛථුන සේවනාදී වශයෙන් කාමයන් අනුභව කරති. ඇතැමෙක් වනාහි ‘සිනාසීම් පමණකින් ද බැලීම් පමණකින් ද වැළඳගැනීම් පමණකින් ද අත් අල්ලාගැනීම් පමණකින් ද ඔවුන්ගේ කාම කටයුත්ත ඉටුවේය’යි කියති. එය අටුවාවෙහි ‘එය වනාහි නැතැයි’ ‘ප්‍රතික්ෂේප කරන ලදී. කයින් ස්පර්ශ නොකරන්නහුට ඵොට්ඨබ්බ කාම කටයුත්තක් සිදු නොවේ. කාමාවචර දෙව්ලෝ හයෙහි දෙවියන්ගේ කාමයෝ ප්‍රකෘති ස්වභාවයෙන්ම යුක්ත වෙති. එය -
“ඡ එතෙ කාමාවචරා, සබ්බකාමසමිද්ධිනො; සබ්බෙසං එකසඞ්ඛාතං, ආයු භවති කිත්තක”න්ති. (විභ· 1023);
ඡ එතෙ කාමාවචරා සබ්බකාම සමංගිනො සබ්බසං එකසංඛාතං ආයු භවති කිත්තක’න්ති
සියලු කාමයන්ගෙන් යුක්ත වූ ඒ කාමාවචර දෙව්ලෝ හයක් ඇත. (ප්‍රකෘති ස්වභාවයෙන් යුක්තවීම් වශයෙන්) එක් ආකාර ලෙස කියන ලද දෙව්ලෝ සියල්ලේ ආයුෂ කොපමණ වේද, යනුවෙන් කියන ලදී.
ගාථාසු යෙ චඤ්ඤෙති යෙ යථාවුත්තදෙවෙහි අඤ්ඤෙ ච කාමභොගිනො මනුස්සා චෙව එකච්චෙ අපායූපගා ච සබ්බෙ තෙ. ඉත්ථභාවඤ්ඤථාභාවන්ති ඉමං යථාපටිලද්ධත්තභාවඤ්චෙව, උපපත්තිභවන්තරසඞ්ඛාතං ඉතො අඤ්ඤථාභාවඤ්චාති ද්විප්පභෙදං සංසාරං නාතිවත්තරෙ න අතික්කමන්ති. සබ්බෙ පරිච්චජෙ කාමෙති දිබ්බාදිභෙදෙ සබ්බෙපි කාමෙ වත්ථුකාමෙ ච කිලෙසකාමෙ ච පරිච්චජෙය්ය. කිලෙසකාමෙ අනාගාමිමග්ගෙන පජහන්තොයෙව හි වත්ථුකාමෙ පරිච්චජති නාම. පියරූපසාතගධිතන්ති පියරූපෙසු රූපාදීසු සුඛවෙදනස්සාදෙන ගධිතං ගිද්ධං. ඡෙත්වා සොතං දුරච්චයන්ති අඤ්ඤෙහි දුරච්චයං දුරතික්කමං තණ්හාසොතං අරහත්තමග්ගෙන සමුච්ඡින්දිත්වා. සෙසං හෙට්ඨා වුත්තනයමෙවාති.
ගාථාවන්හි යෙ චඤ්ඤෙ යනු කියන ලද ආකාර ඇති දෙවියන් සමග අනිකුත් කාමභෝගී යම් මිනිස්සු වෙත් ද අපායට එළඹි ඇතැමෙක් වෙත්ද ඒ සියල්ලෝම. ඉත්ථභාවඤ්ඤථාභාවං ලබන ලද මේ ආත්මභාවයද උත්පත්ති භවන්තර නම් වූ මෙයින් මතු අනික් ආත්ම භාවදැයි (මේ ආත්මයත් මතු ආත්මයත්) යන දෙආකාර සංසාරය. නාතිවත්තරෙ නො ඉක්මවත්. සබ්බෙ පරිච්චජෙ කාමෙ යනු දිව්‍ය ආදි ප්‍රභේද ඇති සියලු කාමයන් වන වස්තුකාමයන් ද ක්ලේශ කාමයන් ද දුරුකරන්නේය. ක්ලේශකාමයන් අනාගාමි මාර්ගයෙන් දුරුකරමින්ම වස්තුකාමයන් දුරු කරයි. පියරූප සාතරූපගධිතං යනු ප්‍රිය වූ රූපාදිය කෙරෙහි ඇතිවන සුඛ වේදනා ආස්වාදයෙන් ගිජු වූ. ඡෙත්වා සොතං දුරච්චයං අනිත් ශ්‍රෝත (සැඩ දියපහර) වලට වඩා ඉක්මවීමට අපහසු වූ තණ්හා සැඩපහර අර්හත් මාර්ගයෙන් සහමුලින් සිඳ. ඉතිරිය මුලින් කියන ලද ක්රමයෙන්මය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
හයවන සුත්‍රයයි.
7. කාමයොගසුත්තවණ්ණනා
7. කාමයෝග සූත්‍ර වර්ණනාව
සත්තමෙ කාමයොගයුත්තොති පඤ්චකාමගුණිකො රාගො කාමයොගො, තෙන යුත්තො කාමයොගයුත්තො, අසමුච්ඡින්නකාමරාගස්සෙතං අධිවචනං. රූපාරූපභවෙසු ඡන්දරාගො භවයොගො, තථා ඣානනිකන්ති සස්සතදිට්ඨිසහගතො ච රාගො, තෙන යුත්තො භවයොගයුත්තො, අප්පහීනභවරාගොති අත්ථො. ආගාමීති බ්රහ්මලොකෙ ඨිතොපි පටිසන්ධිග්ගහණවසෙන ඉමං මනුස්සලොකං ආගමනසීලො. තෙනෙවාහ “ආගන්තා ඉත්ථත්ත”න්ති. මනුස්සත්තභාවසඞ්ඛාතං ඉත්ථභාවං ආගමනධම්මො, මනුස්සෙසු උපපජ්ජනසීලොති අත්ථො. කාමඤ්චෙත්ථ කාමයොගො ඉත්ථත්තං ආගමනස්ස කාරණං. යො පන කාමයොගයුත්තො, සො එකන්තෙන භවයොගයුත්තොපි හොතීති දස්සනත්ථං “කාමයොගයුත්තො, භික්ඛවෙ, භවයොගයුත්තො”ති උභයම්පි එකජ්ඣං කත්වා වුත්තං.
සත්වන සූත්‍රයෙහි කාමයොග යුත්තො යනු පංචකාමගුණික රාගය කාමයෝගයයි. එයින් යුක්ත වූ = (කාම යෝග යුත්ත) කාමරාගයෙන් යුක්ත වූ පුද්ගලයා. සහමුලින් සිඳ නොදැමූ කාමරාගයට මෙය වචනයකි. රූප අරූප භවයන්හි ඡන්දරාගය භවයෝගයයි. එසේම ධ්‍යානයට ඇති ආශාව ද ශාස්වත දෘෂ්ටිය සමග යෙදුණු රාගය ද වෙයි. එයින් යුක්ත වූ = භවයොගයුත්තො පහනොවූ භවරාගය ඇති පුද්ගලයා යන අර්ථයි. ආගාමී යනු බඹලොව සිටියත් පිළිසිඳ ගැනීම් වශයෙන් මේ මිනිස්ලොවට පැමිණෙන ස්වභාවය ඇත්තේ. එහෙයින්ම ආගන්තා ඉත්ථත්තං යනුවෙන් වදාළහ. මිනිසත් බව නමැති ඉත්ථභාවයට පැමිණෙන ස්වභාව ඇත්තේ, මිනිසුන් අතර උපදින ස්වභාවය ඇත්තේය යන අර්ථයි. මෙහි ඒකාන්තයෙන් කාමරාගය මිනිස්ලොවට පැමිණෙන කාරණයයි. කාමරාගයෙන් යුක්ත යමෙක් ඇද්ද ඔහු ඒකාන්තයෙන් භවරාගයෙන්ද යුක්ත වූයේ වෙයි යනුවෙන් දැක්වීම පිණිස ‘කාමයොග යුත්තො භික්ඛවෙ භවයොග යුත්තො’ යනුවෙන් දෙකම එක්කොට දේශනා කරන ලදී.
කාමයොගවිසංයුත්තොති එත්ථ අසුභජ්ඣානම්පි කාමයොගවිසංයොගො, තං පාදකං කත්වා අධිගතො අනාගාමිමග්ගො එකන්තෙනෙව කාමයොගවිසංයොගො නාම, තස්මා තතියමග්ගඵලෙ ඨිතො අරියපුග්ගලො “කාමයොගවිසංයුත්තො”ති වුත්තො. යස්මා පන රූපාරූපභවෙසු ඡන්දරාගො අනාගාමිමග්ගෙන න පහීයති, තස්මා සො අප්පහීනභවයොගත්තා “භවයොගයුත්තො”ති වුත්තො. අනාගාමීති කාමලොකං පටිසන්ධිග්ගහණවසෙන අනාගමනතො අනාගාමී. කාමයොගවිසංයොගවසෙනෙව හි සද්ධිං අනවසෙසඔරම්භාගියසංයොජනසමුග්ඝාතෙන අජ්ඣත්තසංයොජනාභාවසිද්ධිතො ඉත්ථත්තං අනාගන්ත්වා හොති, තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො. යස්ස පන අනවසෙසං භවයොගො පහීනො, තස්ස අවිජ්ජායොගාදිඅවසිට්ඨකිලෙසාපි තදෙකට්ඨභාවතො පහීනා එව හොන්තීති, සො පරික්ඛීණභවසංයොජනො “අරහං ඛීණාසවො”ති වුච්චති. තෙන වුත්තං “කාමයොගවිසංයුත්තො, භික්ඛවෙ, භවයොගවිසංයුත්තො අරහං හොති ඛීණාසවො”ති. එත්ථ ච කාමයොගවිසංයොගො අනාගාමී චතුත්ථජ්ඣානස්ස සුඛදුක්ඛසොමනස්සදොමනස්සප්පහානං විය, තතියමග්ගස්ස දිට්ඨිවිචිකිච්ඡාසීලබ්බතපරාමාසසංයොජනපරික්ඛයො විය ච චතුත්ථමග්ගස්ස වණ්ණභණනත්ථං වුත්තොති දට්ඨබ්බං. පඨමපදෙන සොතාපන්නසකදාගාමීහි සද්ධිං සබ්බො පුථුජ්ජනො ගහිතො, දුතියපදෙන පන සබ්බො අනාගාමී, තතියපදෙන අරහාති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
කාමයොග විසංයුත්තො යන මෙහි අශුභ ධ්‍යානය ද කාමරාගයෙන් වෙන්වීමය. එය පාදකකොට ලබන ලද අනාගාමි මාර්ගය ඒකාන්තයෙන්ම කාමරාගයෙන් වෙන්වීම නම් වෙයි. එහෙයින් තුන්වන මාර්ග ඵලයෙහි සිටියා වූ ආර්ය පුද්ගලයා කාමයෝග විසංයුත්තෝ යනුවෙන් කියන ලදී. යම්හෙයකින් වනාහි රූප අරූප භවයන්හි ඡන්දරාගය අනාගාමි මාර්ගයෙන් පහනොවේද එහෙයින් හෙතෙම පහ නො වූ භවයෝග ඇති බැවින් භව යොග යුත්තො යනුවෙන් කියන ලදී. අනාගාමි යනු පිළිසිඳ ගැනීම් වශයෙන් කාමලෝකයට නොපැමිණෙන්නාය. කාමරාගයෙන් වෙන්වීම් වශයෙන්ම ඉතිරි නොකොට ඔරම්භගිය සංයෝජන මුලිනුපුටා දැමීමත් සමග අධ්‍යාත්ම සංයෝජන ඇති බව සිද්ධවීමෙන් මිනිස්ලොවට නො පැමිණෙන්නේ වෙයි. ආපසු නොඑන ස්වභාව ඇත්තේ එහිදී පිරිනිවෙයි. ඉතිරි නැතිවම යමෙකුගේ භවරාගය පහවූයේ වේද ඔහුගේ අවිද්‍යා යෝග ආදී ඉතිරි කෙලෙස් ද ඒ හා එක්ව ඇති බැවින් පහවූයේම වෙයි. ඒ සම්පූර්ණයෙන් ගෙවීගිය භවසංයෝජන ඇති තැනැත්තා අරහං ඛීණාසවො අරහත් යයි ද ක්ෂීණාශ්රව යයි ද කියනු ලැබේ. එහෙයින් ‘කාමයොග විසංයුත්තො භික්ඛවෙ භවයොග විසංයුත්තො අරහං හොති ඛීණාසවො ‘මහණෙනි, කාම යෝගයෙන් වෙන් වූ, භව යෝගයෙන් වෙන්වූ පුද්ගල තෙමේ අරහත් වූ ක්ෂීණාශ්රවයෙක් වෙයි යනුවෙන් දේශනා කරන ලදී. මෙහි ද චතුර්ථ ධ්‍යානයේ සුඛ-දුක්ඛ-සෝමනස්ස-දෝමනස්ස ප්රහාණය මෙන් ද තුන්වන මාර්ගයේ දිට්ඨි-විචිකිච්ඡා-සීලබ්බත පරාමාස සංයෝජන ගෙවීයාම මෙන් ද සතරවන මාර්ගයේ ගුණ කීම පිණිස කාමරාගයෙන් වෙන්වූ ආනාගාමි පුද්ගලයා කියන ලදැයි දතයුතුය. පළමු පදයෙන් සෝවාන් සකදාගාමීන් සමග සියලු පෘථග්ජනයා ගන්නා ලදී. දෙවන පදයෙන් වනාහි සියලු අනාගාමීහුද තෙවන පදයෙන් රහතන් වහන්සේදැයි රහත්බව කුළුගැන්වීමෙන් දේශනාව නිමකළහ.
ගාථාසු උභයන්ති උභයෙන, කාමයොගෙන, භවයොගෙන ච සංයුත්තාති අත්ථො. සත්තා ගච්ඡන්ති සංසාරන්ති පුථුජ්ජනා සොතාපන්නා සකදාගාමිනොති ඉමෙ තිවිධා සත්තා කාමයොගභවයොගානං අප්පහීනත්තා ගච්ඡන්ති සංසාරන්ති. තතො එව ජාතිමරණගාමිනො හොන්ති. එත්ථ එකබීජී, කොලංකොලො, සත්තක්ඛත්තුපරමොති තීසු සොතාපන්නෙසු සබ්බමුදු සත්තක්ඛත්තුපරමො, සො අට්ඨමං භවං න නිබ්බත්තෙති, අත්තනො පරිච්ඡින්නජාතිවසෙන පන සංසරති, තථා ඉතරෙපි. සකදාගාමීසුපි යො ඉධ සකදාගාමිමග්ගං පත්වා දෙවලොකෙ උප්පජ්ජිත්වා පුන ඉධ නිබ්බත්තති, සො අත්තනො පරිච්ඡින්නජාතිවසෙනෙව සංසරති. යෙ පන සකදාගාමිනො වොමිස්සකනයෙන විනා තත්ථ තත්ථ දෙවෙසුයෙව මනුස්සෙසුයෙව වා නිබ්බත්තන්ති, තෙ උපරිමග්ගාධිගමාය යාව ඉන්ද්රියපරිපාකා පුනප්පුනං උප්පජ්ජනතො සංසරන්තියෙව. පුථුජ්ජනෙ පන වත්තබ්බමෙව නත්ථි සබ්බභවසංයොජනානං අපරික්ඛීණත්තා. තෙන වුත්තං –
ගාථාවන්හි උභයං යනු දෙකින්ම, කාමරාගයෙන් ද, භවරාගයෙන්ද යුක්ත වූ යන අර්ථයි. සත්තා ගච්ඡන්ති සංසාරං යනු පෘථග්ජනයෝ සෝවාන් වූවෝ සකදාගාමී වූවෝ යන මේ ත්‍රිවිධ සත්ත්වයෝ කාමරාග, භවරාග පහනොකළ බැවින් සසරට යති. එහෙයින්ම ජාතිමරණ ගාමිනො ජාතියට මරණයට යන්නෝ වෙති. මෙහි ඒකබීජී, කෝලංකෝල, සත්තක්ඛත්තුපරම යන සෝවාන් වූ තිදෙනා අතරින් සත්තක්ඛත්තුපරම පුද්ගලයා සියල්ලට වඩා මෘදුය. හෙතෙම අටවන භවයක් නො උපදවයි. තමාගේ වෙන්කරන ලද ජාති වශයෙන් සැරිසරයි. අනිත් තැනැත්තා ද එසේය. සකදාගාමීන් අතරින් යම් පුද්ගලයෙක් මේ මිනිස්ලොවදී සකදාගාමි මාර්ගයට පැමිණ දෙව්ලොව ඉපිද නැවත මෙහි උපදී ද හෙතෙම වෙන්කරන ලද ජාති වශයෙන් සැරිසරයි. සකදාගාමි වූ යම් කෙනෙක් මිශ්‍ර ක්‍රමයෙන් තොරව ඒ ඒ තන්හි දෙවියන් අතරෙහිම හෝ මිනිසුන් අතරෙහිම හෝ උපදිත් ද ඔවුහු ඉහළ මාලිගය ලැබීම පිණිස (ශ්‍රද්ධාදී) ඉන්ද්රියයන් මෝරා යනතුරු නැවත නැවත ඉපදීම් වශයෙන් සැරිසරත්මය. පෘථග්ජනයන් ගැන කිවයුත්තක්ම නැත. සියලු භව සංයෝජනයන් ගෙවී නැති බැවිනි. එහෙයින් -
“කාමයොගෙන සංයුත්තා, භවයොගෙන චූභයං; සත්තා ගච්ඡන්ති සංසාරං, ජාතිමරණගාමිනො”ති.
කාමයොගෙන සංයුත්තා භවයොගෙන චූභයං සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරණගාමිනො
‘කාම යෝගයෙන් ද භවයෝගයෙන් ද යන දෙපරිද්දෙන්ම යුක්ත වූ සත්ත්වයෝ ජාතියට මරණයට යන්නාහු සසරට යති’ යනුවෙන් දේශනා කරන ලදී.
කාමෙ පහන්ත්වානාති කාමරාගසඞ්ඛාතෙ කිලෙසකාමෙ අනාගාමිමග්ගෙන පජහිත්වා. ඡින්නසංසයාති සමුච්ඡින්නකඞ්ඛා, තඤ්ච ඛො සොතාපත්තිමග්ගෙනෙව. වණ්ණභණනත්ථං පන චතුත්ථමග්ගස්ස එවං වුත්තං. අරහන්තො හි ඉධ “ඡින්නසංසයා”ති අධිප්පෙතා. තෙනෙවාහ “ඛීණමානපුනබ්භවා”ති. සබ්බසො ඛීණො නවවිධොපි මානො ආයතිං පුනබ්භවො ච එතෙසන්ති ඛීණමානපුනබ්භවා. මානග්ගහණෙන චෙත්ථ තදෙකට්ඨතාය ලක්ඛණවසෙන වා සබ්බො චතුත්ථමග්ගවජ්ඣො කිලෙසො ගහිතොති. ඛීණමානතාය ච සඋපාදිසෙසා නිබ්බානධාතු වුත්තා හොති, ඛීණපුනබ්භවතාය අනුපාදිසෙසා. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
කාමෙ පහනත්වාන යනු කාමරාග නම් වූ ක්ලේශකාමයන් අනාගාමි මාර්ගයෙන් දුරුකොට. ඡින්නසංසයා යනු මුලිනුපුටා දැමූ සැක ඇත්තාහු, එය ද සෝතාපත්ති මාර්ගයෙන්මය. සතරවන මාර්ගයේ ගුණ කීම පිණිස මෙසේ දේශනා කරන ලදී. රහතන් වහන්සේ වනාහි මෙහි ඡින්නසංසයා යනුවෙන් අදහස් කරන ලදහ. එහෙයින්ම ඛීණමානපුනබ්භවා යනුවෙන් වදාළහ. සියලු ආකාරයෙන් ගෙවුණු නවවිධ මානය ද මතු පුනර්භවය ද ඔවුන්ට ඇත්තේය යන අරුතින් ඛීණමාන පුනබ්භව නම් වෙති. මෙහි මානය ගැනීමෙන් ඒ හා එක්ව ඇති බැවින් හෝ ලක්ෂණ වශයෙන් හෝ සතරවන මාර්ගයෙන් දුරුකළ යුතු සියලු කෙලෙස් ගන්නා ලද්දේ වෙයි. ගෙවුණු මානය ඇති බැවින් ද සවුපාදිසේස නිර්වාණධාතුව කියන ලද්දේ වෙයි. ගෙවුණු පුනර්භවය ඇති බැවින් අනුපාදිසේස නිබ්බාණ ධාතුව කියන ලද්දේ වෙයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍රයයි.