යෙදුමෙන් කියවන්න

අග‍්ගිසුත‍්තං

3. 5. 4.

3. 5. 4.

[අග‍්ගිසුත‍්තං]

[අග්නි සූත්‍රය]

93. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

93. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. තයො’මෙ භික‍්ඛවෙ අග‍්ගී. කතමෙ තයො? රාගග‍්ගි දොසග‍්ගි මොහග‍්ගි. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො අග‍්ගීති.

1. මහණෙනි, මේ ගිනි තුණෙකි. කවර තුණෙක් ද යත්: රාග නැමැති ගින්න, ද්වේෂ නැමැති ගින්න, මෝහ නැමැති ගින්න, යන මේ යි. මහණෙනි, මේ ගිනි තුණ යැ යි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “රාගග‍්ගි දහති මච‍්චෙ රත‍්තෙ කාමෙසු මුච‍්ඡිතෙ, දොසග‍්ගි පන බ්‍යාපන‍්නෙ නරෙ පාණාතිපාතිනො.

2. “රාගාග්නි තෙම රාගයෙන් රත් වූ කාමයන්හි මුළා වූ මිනිසුන් දවයි. ද්වේෂාග්නි තෙම ව්‍යාපාද වශයෙන් පෙරැළුණු සිත් ඇති, ප්‍රාණඝාතය කරණ මිනිසුන් දවයි.

3. මොහග‍්ගි පන සම‍්මූළ‍්හෙ අරියධම‍්මෙ අකොවිදෙ, එතෙ අග‍්ගී අජානන‍්තී සක‍්කායාභිරතා පජා.

3. මෝහාග්නි තෙම ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ වූ වෙසෙසින් මුළා වූ මිනිසුන් (දවයි.) සත්කායයෙහි (ස්කන්‍ධ පංචකයෙහි) ඇලුනාවු ඒ සත්ත්‍වයෝ මේ රාගාදි අග්නීන් නොදන්නාහු වෙත්.

4. තෙ වඩ‍්ඪයන‍්ති නිරයං තිරච‍්ඡානඤ‍්ච යොනියො, අසුරං පෙත‍්තිවිසයං අමුත‍්තා මාරබන්‍ධනා.

4. ඒ මාරබන්‍ධනයෙන් නොමිදුනාවූ (ඔහු) නිරය ද, තිරච්ඡානයෝනිය ද, අසුරනිකාය ද, ප්‍රේතවිෂයය ද, (එහි ඉපදීම් වශයෙන්) වඩන්නෝ වෙත්.

5. යෙ ච රත‍්තින්‍දිවා යුත‍්තා සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ, තෙ නිබ‍්බාපෙන‍්ති රාගග‍්ගිං නිච‍්චං අසුභසඤ‍්ඤිනො.

5. යම් කෙනෙක් රෑ දාවල් දෙක්හි සම්‍යක් සම්බුද්ධශාසනයෙහි (භාවනා වශයෙන්) යෙදුනාහු වෙත් ද, නිතර අශුභ සංඥා ඇති ඔහු රාගාග්නිය නිවත්.

6. දොසග‍්ගිං පන මෙත‍්තාය නිබ‍්බාපෙන‍්ති නරුත‍්තමා, මොහග‍්ගිං පන පඤ‍්ඤාය යායං නිබ‍්බෙධගාමිනී.

6. ඒ නරෝත්තමයෝ මෛත්‍රීභාවනායෙන් ද්වේෂාග්නිය ද, යම් මේ කෙලෙස් කඳු විඳින ප්‍රඥාවෙක් වේ නම් ඒ ප්‍රඥායෙන් මොහාග්නිය ද නිවත්.

7. තෙ නිබ‍්බාපෙත්‍වා නිපකා රත‍්තින්‍දිවමතන්‍දිතා, අසෙසං පරිනිබ‍්බන‍්ති අසෙසං දුක‍්ඛමච‍්චගුං.

7. ප්‍රඥායෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි නොමැලි වූ (ඔහු) රාගාදි ගිනි නිවා (අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන්) පිරිනිවෙත්. සියලු සසර දුක් ඉක්මෙත්.

8. අරියද‍්දසා වෙදගුනො සම‍්මදඤ‍්ඤාය පණ‍්ඩිතා, ජාතික‍්ඛයමභිඤ‍්ඤාය නාගච‍්ඡන‍්ති පුනබ‍්භවන‍්ති”.

8. ආර්‍ය්‍ය වූ (නිර්‍වාණය) දුටුවාවූ වේද සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (සසර කෙළවරට) ගියා වූ නුවණැති ඔහු (ස්කන්‍ධාදිය) මොනොවට දැන නිර්‍වාණාවබෝධය කොට නැවැත ඉපැදීමට නො පැමිණෙත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.