සඞ‍්ඝාටිකණ‍්ණසුත‍්තං
3. 5. 3.
3. 5. 3.
[සඞ‍්ඝාටිකණ‍්ණසුත‍්තං]
[සඞ්ඝාටිකර්‍ණ සූත්‍රය]
92. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:
92. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. සඞ‍්ඝාටිකණ‍්ණෙ චෙ’පි භික‍්ඛවෙ භික‍්ඛු ගහෙත්‍වා පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබද‍්ධො අස‍්ස, පාදෙ පාදං නික‍්ඛිපන‍්තො. සො ච හොති අභිජ‍්ඣාලු කාමෙසු තිබ‍්බසාරාගො බ්‍යාපන‍්නචිත‍්තො පදුට‍්ඨමනසඞ‍්කප‍්පො මුට‍්ඨස‍්සති අසම‍්පජානො අසමාහිතො විබ‍්භන‍්තචිත‍්තො පාකතින්‍ද්‍රියො. අථ ඛො සො ආරකා’ව මය‍්හං, අහං ච තස‍්ස. තං කිස‍්ස හෙතු: ධම‍්මං හි සො භික‍්ඛවෙ භික‍්ඛු න පස‍්සති ධම‍්මං අපස‍්සන‍්තො න මං පස‍්සති.
1. මහණෙනි, ඉදින් යම් මහණෙක් (මාගේ) සඟළ සිවුරු කොණ අල්ලා ගෙණ (මාගේ) පියවරෙහි පියවර තබමින් පසුපසින් ලුහුබඳනේ වේ ද, හෙ තෙමේත් අධික ලෝභී වූයේ, පස්කම් සැපයෙහි තියුණු ඇලුම් ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත චිත්තසංකල්පනා ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥා නැත්තේ, එකඟ වූ සිත් නැත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, පියෙවි ඉඳුරන් ඇත්තේ, (ඉන්‍ද්‍රියසංවර නැත්තේ) වේ ද, එසේ ඇති කල්හි ඒ මහණ තෙම මට දුරෙහි වේ. මම ද ඔහුට දුරෙහි වෙමි. එයට හේතු කිම යත්: මහණෙනි, ඒ මහණ තෙම නව ලොවුතුරාදහම් නො දකී. ධර්‍මය නොදක්නේ මා නොදක්නේ ය. (එහෙයිනි).
යොජනසතෙ චෙ’පි සො භික‍්ඛවෙ භික‍්ඛු විහරෙය්‍ය සො ච හොති අනභිජ‍්ඣාලු කාමෙසු න තිබ‍්බසාරාගො අබ්‍යාපන‍්නචිත‍්තො අප‍්පදුට‍්ඨමනසඞ‍්කප‍්පො උපට‍්ඨිතස‍්සති සම‍්පජානො සමාහිතො එකග‍්ගචිත‍්තො සංවුතින්‍ද්‍රියො. අථ ඛො සො සන‍්තිකෙව මය‍්හං, අහං ච තස‍්ස. තං කිස‍්ස හෙතු: ධම‍්මං හි සො භික‍්ඛවෙ භික‍්ඛු පස‍්සති ධම‍්මං පස‍්සන‍්තො මං පස‍්සතීති.
මහණෙනි, යම් ඒ මහණෙක් තෙමේ යොදුන් සියක් දුර වාසය කරන්නේ නමුදු හෙ තෙමේත් අධික ලෝභී නොවූයේ, පස්කම්හි තියුණු ආශා නැත්තේ, විපරීත සිත් නැත්තේ, දූෂිත චිත්තසංකල්පනා නැත්තේ, එළැඹ සිටි සිහි ඇත්තේ වේ ද, එසේ ඇති කල්හි ඒ මහණ තෙම මාගේ සමීපයෙහි වේ. මම ඔහු සමීපයෙහි වෙමි. එයට හේතු කිම යත්: මහණෙනි, ඒ මහණ තෙමේ නව ලොවුතුරා දහම් දකී. දහම් දක්නේ මා ද දකී (එහෙයිනි).
එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:
මේ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “අනුබන්‍ධො’පි චෙ අස‍්ස මහිච‍්ඡො ච විඝාතවා, එජානුගො අනෙජස‍්ස නිබ‍්බුතස‍්ස අනිබ‍්බුතො, ගිද‍්ධො සො වීතගෙධස‍්ස පස‍්ස යාවඤ‍්ච ආරකා.
2. “මහත් ආශා ඇත්තා වූ (කැමැති දෑ නොලැබීමෙන්) දුක් ඇත්තා වූ, තෘෂ්ණාව අනුව යන්නාවූ (කෙලෙස් මැඩීමෙන්) නො නිවියාවූ, (රූපාදි විෂයයන්හි) ගිජු වූ (යම් මහණෙක්) මා ලුහුබඳින්නේ නමුදු, හේ තෘෂ්ණා රහිත වූ, කෙලෙස් නිවියා වූ, පහ කල ගිජුබව් ඇති (සම්බුදු රදුන්ගෙන්) යම් තාක් දුරෙහි වේ ද, (එය) බලව.
3. සො ව ධම‍්මමභිඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය පණ‍්ඩිතො, රහදො’ව නිවාතෙ ච අනෙජො වූපසම‍්මති.
3. ඒ නුවණැති මහණ තෙම සිවුසස් දහම් දැන, ඒ දහම් මඟනුවණින් දැන, තෘෂ්ණාරහිත වූයේ, වාතය නොහමන තැනෙක දියවිලක් නොසැලෙන්නා සේ (ක්ලේශචලනය නොමැති ව) සංසිඳෙයි.
4. අනෙජො සො අනෙජස‍්සනිබ‍්බුතස‍්සචනිබ‍්බුතො, අගිද‍්ධො වීතගෙධස‍්ස පස‍්ස යාවඤ‍්ච සන‍්තිකෙ’ති”.
4. ඒ මහණ තෙමේ තෘෂ්ණාරහිත වූයේ (කෙලෙස් මැඩීමෙන්) නිවියේ, (රූපාදි විෂයයන්හි) ගිජු නො වූයේ, තෘෂ්ණාරහිත වූයේ, පිරිනිවියා වූ වීතගේධ වූ බුදුරජුනට යම් තාක් සමීපයෙහි වේ ද, (එය) බලව.”
අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.
මෙ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.