යෙදුමෙන් කියවන්න

ජීවිකාසුත‍්තං

3. 5. 2.

3. 5. 2.

[ජීවිකාසුත‍්තං]

[ජීවිකා සූත්‍රය]

91. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

91. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. අන‍්තමිදං භික‍්ඛවෙ ජීවිකානං යදිදං පිණ‍්ඩොල්‍යං, අභිසාපො’යං භික‍්ඛවෙ ලොකස‍්මිං පිණ‍්ඩොලො විචරසි පත‍්තපාණීති. තඤ‍්ච ඛො එතං භික‍්ඛවෙ කුලපුත‍්තා උපෙන‍්ති අත්‍ථවසිකා අත්‍ථවසං පටිච‍්ච, නෙව රාජාභිනීතා න චොරාභිනීතා න ඉණට‍්ටා න භයට‍්ටා න ආජීවිකාපකතා. අපි ච ඛො ඔතිණ‍්ණම‍්හා ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි දුක‍්ඛාභිකිණ‍්ණා දුක‍්ඛපරෙතා අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථාති.

1. මහණෙනි, යම් මේ පිඬු සිඟීමෙන් ජීවත්වීමෙක් වේ ද, මේ ජීවිතය ජීවිතයන් අතුරෙන් ලාමක ය. මහණෙනි, “කබලක් ගත් ඇති ව පිඬු සෙවීම ඇසුරු කරන්නෙක් ව හැසිරෙහි” යනු ලෝකයෙහි මේ ආක්‍රෝශ කිරීමෙක් වේ. මහණෙනි, ඒ (මෙබඳු) ආක්‍රෝශ ඇති, පිඬු සිඟීමෙන් කරණ ජීවිකාවට අර්‍ත්‍ථවශික (කාරණයට වසඟ) වූ කුලපුත්‍රයෝ කරුණක් නිසා එළඹෙත්. (ඔවුහු) රජුන් විසින් එළවන ලද්දාහු නො වෙත්. සොරුන් විසින් නෙරපන ලද්දාහු නො වෙත්. නය දී ගත නොහැකිව පෙළුනාහු ද නො වෙත්. බියෙන් පෙළුනාහු ද නො වෙත්. ජීවිකාව ස්වභාව කොට ඇත්තාහු ද නො වෙත්. යළිදු, ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුකින් ද, දොම්නසින් ද, දැඩි වෙහෙසින් ද, ගැවැසී ගත්තෝ වමු. දුකිට බැස ගත්තෝ වමු. දුකින් පෙළන ලද්දෝ වමු. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පැණේ නම් නම් ඉතා යෙහෙක කියා යි.

එවං පබ‍්බජිතො චායං භික‍්ඛවෙ කුලපුත‍්තො හොති අභිජ‍්ඣාලු කාමෙසු තිබ‍්බසාරාගො බ්‍යාපන‍්නචිත‍්තො පදුට‍්ඨමනසඞ‍්කප‍්පො, මුට‍්ඨස‍්සති අසම‍්පජානො අසමාහිතො විබ‍්භන‍්තචිත‍්තො පාකතින්‍ද්‍රියො.

මහණෙනි, මෙසේ පැවිදි වූ ද ඒ කුලපුත්‍ර තෙමේ අධික ලෝභී වූයේ වස්තුකාම ක්ලේශකාමයන්හි තියුණු ආශාව ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත සිත් ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා රහිත වූයේ, එකඟ නොවූ සිත් ඇත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, ප්‍රකෘති ඉඳුරන් ඇත්තේ (අසංවර වූයේ) වේ ද,

සෙය්‍යථාපි භික‍්ඛවෙ ඡවාලාතං උභතො පදිත‍්තං මජ‍්ඣෙගූථගතං නෙව ගාමෙ කට‍්ඨත්‍ථං ඵරති න අරඤ‍්ඤෙ, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි ගිහිභොගා ච පරිහීනො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච න පරිපූරෙතී’ති.

මහණෙනි, යම්සේ දෙපසින් ගිනි ඇවිළ ගත්තාවූ, මැද අසූචි තැවරුණු සොහොන් පෙණෙල්ලක් ගමෙහි (කැණිමඬුලු ආදී) දැවකිස සිදු නො කෙරේ ද, වනයෙහිත් (ඛෙත්තකුටිපාදාදි) දැවකිසක් සිදු නො කෙරේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එසේ (සොහොන් පෙණෙල්ලට) උපමා කොට කියමි. (හෙතෙම) ගිහිසැපතින් පිරිහුනේ අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද, සම්පූර්‍ණ නොකෙරේ යැ යි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවත්හු මේ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.

2. “ගිහිභොගා ච පරිහීනො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච දුබ‍්භගො, පරිධංසමානො පකිරෙති ඡවාලාතං ව නස‍්සති.

2. “ගිහීන් විසින් පරිභෝග කටයුතු කාම සැපතින් ද පිරිහුනා වූ, අර්‍හත්ත්‍වඵලසඞ්ඛ්‍යාත ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද සම්පූර්‍ණ නොකරන්නාවූ නිඃශ්‍රික (කාලකණ්ණි) පුද්ගල තෙමේ දෙපසින් ම පරිබාහිර වූයේ (ශීලාදි ගුණවිශේෂයන්) ඉක්මෙයි. සොහොන් පෙණෙල්ලක් මෙන් (ශීලාදි ගුණනාශයෙන්) නැසෙයි.

3. කාසාවකණ‍්ඨා බහවො පාපධම‍්මා අසඤ‍්ඤතා, පාපා පාපෙහි කම‍්මෙහි නිරයං තෙ උපපජ‍්ජරෙ.

3. කහවත් ගෙල ලාගත් පවිටු ගති ඇති කායවාක් සංයමයක් (හොඳ හැසුරුමක්) නැති පවිටු පුද්ගලයෝ බොහෝ වෙත්. ඔහු තමන් කළ පව් හේතුවෙන් නරකයෙහි උපදිත්.

4. සෙය්‍යො අයොගුළො භුත‍්තො තත‍්තො අග‍්ගිසිඛූපමො, යඤ‍්චෙ භුඤ‍්ජෙය්‍ය දුස‍්සීලො රට‍්ඨපිණ‍්ඩං අසඤ‍්ඤතො”ති.

4. ඉදින් සංවර රහිත වූ දුසිල් මහණ තෙමේ රට වැසියා විසින් දෙන ලද යම් ආහාරයක් වළඳන්නේ නම් (එයට වඩා) රත් වූ ගිනිසිළක් හා සමාන වූ ලෝ ගුළියක් අනුභව කෙළේ නම් උතුමි”.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙකරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.