යෙදුමෙන් කියවන්න

උපපරික‍්ඛසුත‍්තං

3. 5. 5.

3. 5. 5.

[උපපරික‍්ඛසුත‍්තං]

[උපපරීක්‍ෂා සූත්‍රය]

94. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

94. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. තථා තථා භික‍්ඛවෙ භික‍්ඛු උපපරික‍්ඛෙය්‍ය යථා යථාස‍්ස උපපරික‍්ඛතො බහිද‍්ධා චස‍්ස විඤ‍්ඤාණං අවික‍්ඛිත‍්තං හොති අවිසටං, අජ‍්ඣත‍්තං අසණ‍්ඨිතං අනුපාදාය න පරිතස‍්සෙය්‍ය. බහිද‍්ධා චස‍්ස භික‍්ඛවෙ විඤ‍්ඤාණෙ අවික‍්ඛිත‍්තෙ අවිසටෙ සති අජ‍්ඣත‍්තං අසණ‍්ඨිතෙ අනුපාදාය අපරිතස‍්සතො ආයතිං ජාති ජරාමරණ දුක‍්ඛසමුදයසම‍්භවො න හොතී’ති.

1. මහණෙනි, යම් යම් අයුරෙකින් හණ (සංස්කාරධර්‍මයන්) විමංසනය කරත් ම ඔහුගේ විදසුන් සිත (රූපාදි) බාහිර අරමුණු විෂයයෙහි නො විසුරුණේ නොපැතුරුණේ වේ ද, අධ්‍යාත්මයෙහි (කමටහන් අරමුණෙහි) (හැකිළීම් වශයෙන්) නොපිහිටියේ දැඩි වශයෙන් නොගෙණ (එහෙයින් ම) ත්‍රස්ත නොවන්නේ ද, ඒ ඒ අයුරින් භික්‍ෂු තෙම විමසන්නේ ය. මහණෙනි, සිත බාහිර අරමුණෙහි නොවිසුරුණු කල්හි, නොපැතුරුණු කල්හි, අධ්‍යාත්මයෙහි නොපිහිටිකල්හි (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) නොගෙණ (එහෙයින් ම) ත්‍රස්ත නොවන්නාවූ මහණහට මතු ජාතිජරාමරණ දුක්ඛයන්ගේ සම්භවයෙක් නො වේ යැ යි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.

2. “සත‍්තසඞ‍්ගපහීනස‍්ස නෙත‍්තිච‍්ඡින‍්නස‍්ස භික‍්ඛුනො, වික‍්ඛීණො ජාතිසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවො”ති.

2. “තෘෂ්ණාදි සත්වැදෑරුම් සඞ්ග (ක්ලේශ) යන් ප්‍රහීණ කළ, භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිඳ දැමූ භික්‍ෂූහු පිළිබඳ උත්පත්තිසංසාරය ක්‍ෂීණ වූයේ වෙයි. (එහෙයින්) ඔහුට පුනර්‍භවයෙක් නැත්තේ ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.