කාමූපපත්ති සුත්තං
3. 5. 6.
3. 5. 6.
[කාමූපපත්ති සුත්තං]
[කාමෝපපත්ති සූත්‍රය]
95. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
95. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. තිස්සො ඉමා භික්ඛවෙ කාමූපපත්තියො. කතමා තිස්සො? පච්චුපට්ඨිතකාමා, නිම්මානරතිනො, පරනිම්මිතවසවත්තිනො. ඉමා ඛො භික්ඛවෙ තිස්සො කාමූපපත්තියො”ති.
1. මහණෙනි, කාමලාභයෝ (නොහොත්) කාමසේවනයෝ මේ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: නිබද්ධකාම ලාභය ද, නිම්මානරති කාම ලාභය ද, පරනිම්මිතවසවත්ති කාමලාභය ද යන තිදෙන වෙති.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පච්චුපට්ඨිතකාමා ච යෙ දෙවා වසවත්තිනො, නිම්මානරතිනො දෙවා යෙ චඤ්ඤෙ කාමභොගිනො.
2. “පරනිම්මිත වසවත්ති නම් වූ යම් දෙවි කෙනෙක් වෙත් ද, නිම්මානරතී නම් වූ දෙවි කෙනෙක් වෙත් ද, නිබද්ධකාමලාභී වූ සෙසු කාමභොගීහු වෙත් ද,
3. ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තරෙ, එතමාදීනවං ඤත්වා කාමභොගෙසු පණ්ඩිතො, සබ්බෙ පරිච්චජෙ කාමෙ යෙ දිබ්බා යෙ ච මානුසා.
3. (ඔහු) මේ අත්බව හා උත්පත්තිභව සඞ්ඛ්‍යාත මතු අතින් අත්බව ද යන දෙවැදෑරුම් සසර නො ඉක්මෙත්. නුවණැති පුද්ගල තෙමේ මෙම ආදීනවය දැන කාමභෝග විෂයයෙහි දිව්‍යමය වූ ද මානුෂක වූ ද යම් කාමයෝ වෙත් නම්, ඒ සියලු කාමයන් දුරු කරන්නේ ය.
4. පියරූපසාතගධිතං ඡෙත්වා සොතං දුරච්චයං, අසෙසං පරිනිබ්බන්ති අසෙසං දුක්ඛමච්චගුං.
4. (යම් ආර්‍ය්‍ය කෙනෙක්) ප්‍රියරූප සුඛාදියෙහි ගිජු වූ, ඉක්මීමට දුෂ්කර වූ තෘෂ්ණා ස්‍රොතස (රහත්මග නුවණින්) සිඳ දමා නිරවශේෂ ව පිරිනිවෙත් ද, නිරවශේෂ කොට (සසරදුක්) ඉක්මෙත් ද,
5. අරියද්දසා වෙදගුනො සම්මදඤ්ඤාය පණ්ඩිතා, ජාතික්ඛයමභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භව”න්ති.
5. නිර්වාණය දුටුවාවූ, වේද සංඛ්‍යාත මාර්ගඥානයෙන් (සසර කෙළවරට) ගියා වූ නුවණැති ඔහු (ස්කන්ධාදිය) මොනොවට දැන, නිර්වාණාවබෝධය කොට නැවැත ඉපදීමට නො පැමිණෙත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.