කාමයොගසුත්තං
3. 5. 7.
3. 5. 7.
[කාමයොගසුත්තං]
[කාමයෝග සූත්‍රය]
96. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
96. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. කාමයොගයුත්තො භික්ඛවෙ භවයොගයුත්තො ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං.
1. මහණෙනි, පඤ්චකාමගුණික රාග සඞ්ඛ්‍යාත කාමයොගයෙන් යුක්ත වූ ද, රූපාරූපභවයන්හි ඡන්දරාගසඞ්ඛ්යාත භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට (පිළිසිඳ ගැණීම් වශයෙන්) එන්නේ අගාමී වෙයි.
කාමයොගවිසඤ්ඤුත්තො භික්ඛවෙ භවයොගයුත්තො අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං.
මහණෙනි, කාමයොගයෙන් වෙන් වූ භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට නොඑන්නේ අනාගාමී වෙයි.
කාමයොගවිසඤ්ඤුත්තො භික්ඛවෙ භවයොගවිසඤ්ඤුත්තො අරහං හොති ඛීණාසවො’ති.
මහණෙනි, කාමයොගයෙන් වෙන් වූ ද, භවයොගයෙන් වෙන් වූ ද පුද්ගල තෙමේ රහත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් වෙයි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කාමයොගෙන සංයුත්තා භවයොගෙන චූභයං, සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරණගාමිනො.
2. “කාමයොගයෙන් ද භවයොගයෙන් ද යන දෙපරිද්දෙන් ම යුක්ත වූ සත්ත්වයෝ ජාතිමරණගාමීහු වූවෝ සසර සරත්.
3. යෙ ච කාමෙ පහත්වාන අප්පත්තා ආසවක්ඛයං, භවයොගෙන සංයුත්තා ‘අනාගාමී’ති වුච්චරෙ.
3. යම් කෙනෙක් කාමයන් පහ කොට, ආස්රවක්ෂයට නොපැමිණ භවයොගයෙන් යුක්ත වූවාහු ද (ඔහු) අනාගාමීහු යි කියනු ලැබෙත්.
4. යෙ ච ඛො ඡින්නසංසයා ඛීණමානපුනබ්භවා, තෙ වෙ පාරං ගතා ලොකෙ යෙ පත්තා ආසවක්ඛය”න්ති.
4. යම් කෙනෙක් මුලුසුන් කරණ ලද සැක ඇත්තාහු ක්ෂය කරණ ලද (නවවිධ) මානය හා පුනර්භවය ඇත්තාහු ද, යමෙකුත් ආස්රවක්ෂයට පැමිණියාහු ද, (ඔහු) ඒකාන්තයෙන් ලොව්හි පරතෙරට ගියෝ නම් වෙත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
තතියභාණවාරං.
තුන්වන බණවරයි.